එතරම් සුවිසල් ජන ගඟක් කතරම දේවාල පුදබිමට ගැලූ දිනක් එදා මෙදා තුර කතරගම් දේවාල ඉතිහාසය පුරාම නොතිබුණේ යැයි කීවොත් එය සත්‍යයකි. ඒ ඉකුත් අඟහරුවාදාවයි. කතරගම දෙවියන් ජීවමාන තත්ත්වයෙන් හිඳිමින් එදින මිනිසුන්ගේ දුකට සවන් දෙන මිනිසුන් වෙත ආකර්ෂණය වෙන බව, පිහිට සලසන බව ජ්‍යෝතිෂවේදී මංජුල පීරිස් මහතා ප‍්‍රකාශ කිරීමත් සමග නික්ම ගිය කුජ දින කතරගම පූජා භූමියට වැඩිම ජන සන්නිපාතයක් ගලා ආ දිනය ලෙස කතරගම දේවාල ඉතිහාසයට එක්විය.
ඒ දිනය ගැන සටහන් තබන්නට පෙර කතරගම සහ කතරගම දේවාලය පිළිබඳ පුරාවත සැකෙවින් සටහන් කර තැබීම සුදුසු යැයි හැඟේ.
බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය සිදුවන සමයේ දී මහාසේන නමින් රජෙක් මේ දිවයිනෙහි සිටියේය. ඒ රජු තම ශරීර සෞම්‍යයේ හිත සුව පිණිස කීරි වනය නම් වනයට ඇවිද යාම පුරුද්දක් කරගෙන තිබුණි. එසේ ඇවිදීමට යද්දී රජු බුදුන්වහන්සේ දැක වැඳ නමස්කාර කළේය. රජුට බුදුන්වහන්සේගෙන් කේශධාතුන් වහන්සේ මිටක් ලැබුණි. කිරිවෙහෙර තැනුනේ ඒ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමෙනි.
ඉන්දියාවේ සුර-අසුර යුද්ධය ඇතිවෙද්දී මේ රජු මිය ගොසිනි. සුරයන් මේ යුද්ධයේ දී පැරදීගෙන එද්දී විෂ්ණු දෙවියන් විසින් හය දෙනකුගේ ශක්තිය ඇති දෙවි කෙනෙක් නිර්මාණය කරන ලදී. ඒ දෙවියන්ට ආත්මය දෙන්නේ මහාසේන රජු විසිනි. මේ රජු සයදෙනකුගේ ශක්තිය ඇතුව ඕපපාතිකව පහළ වූයේය. මුරුගන් ස්කන්ධ කුමාර් නම්වලින් හැඳින්වූයේ මේ දෙවියන්ය. සෙල්ල කතරගම ප‍්‍රදේශයේ වල්ලි දෙවඟන ද පහළ විය.
දිනක් භාවනානුයෝගීව වැඩ වසන තාපසවරයකුට සුමධුර ලෙස ගීතයක් ගයන වල්ලි දෙවඟනගේ ගීතවත් හඬ ඇසුණි. තවුසාගේ මතකයට පැමිණියේ ස්කන්ධ කුමාරය.
සෙල්ල කතරගම රුවැති දෙවඟනක් ඉන්නවා කුමරුනි. ඔබ අද දකින්නට යාම සුදසුයි.
|
ස්කන්ධ කුමාර ඇය බලන්නට පැමිණෙන්නේද ඒ අනුවය. කතරගම දෙවියන්ගේ පාද පරිචාරිකාව වන්නේ ඇයය.
ඒ යුගය වෙද්දී එළාර - දුටුගැමුණු යුද්ධය ඇතිව තිබුණි. වැඩිහිටි කන්දේ සිට ස්කන්ධ කුමාරය පැමිණෙමින් සිටියේය. දුටුගැමුණු රජු මේ මොහොතේ තම යුද සෙබළුන්ට ගැල් බඩු ලිහා ආහාර ගෙන සත්වයින්ට ද ආහාර දී ලෑස්ති වී සිටින මෙන් පවසයි.
මා බෝධියට බාරවී එන්නෙමි කියා අෂ්ඨඵල බෝධින් වහන්සේ නමක් රෝපණය කර තිබූ කිරිවෙහෙර වෙත යමින් සිටියේය.
ස්කන්ධ කුමරු සෙබළ සේනාව දැක මේ ගැල්වල ඇත්තේ මොනවාදැයි ඇසුවේය.
උඳු යැයි ඔවුහු පිළිතුරු දුන්හ. ඔවුන් කීවේ මුසාවකි. ඒ මේ තැනැත්තා තමන්ගෙන් ආහාර ඉල්ලා සිටී යැයි සිතූ හෙයිනි.
එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි. ලිහින ලිහින මල්ලේ ඇති සියල්ල උඳු බවට පත් වූයේය.
ඇයි ඔබලා කනගාටුව බලා සිටින්නේ.
පෙරළා පැමිණෙන දුටුගැමුණු රජු සෙබළුන්ගෙන් විමසුවේය.
අර මනුස්සයා අපෙන් ඇහුවා මේ ගැල්වල මොනවද තියෙන්නේ කියලා අපි බොරුවට උඳු කීවා. දැන් මෙහි ඇති සියල්ල උඳු බවට පත්වෙලා.
ඒ ඇසූ රජු ඒ පුද්ගලයා වෙතට දුව ගියේය. එවිට ගෙඟ් වතුර වැඩි වන්නට විය. ඒ පුද්ගලයා ජීවමාන තොටුපොළ නමින් හැඳින්වූ අද දිය කපන ස්ථානයේ සිටියේය.
|
එදින පුදබිමට ආ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් කොටසක් |
ඔබ මට ආශිර්වාද කළ මැනව... ආශිර්වාද ලබන්නට ඔබ ළඟට ඒමට දෙනු මැනව රජු ඉල්ලා සිටියේය.
රජුනි නිසි කලට වැසි ලැබෙන්න වස් දොස් දුරුවන්න යනුවෙන් ප‍්‍රාර්ථනා කර ඔබ අසිපතින් දියකඳ දෙබෑ කරන්න. ස්කන්ධ කුමාර පැවසුවේය.
ලෝකයේ මුල්ම දියකැපිල්ල සිදුවූයේ එදිනය. දිය කඳ දෙබෑවෙද්දී තැනුණු පාර දිගේ රජු ස්කන්ධ කුමාර වෙත ගොස් ආශිර්වාද ලද්දේය.
මා යුද්ධය දිනුවොත් මාලිගාවක් තනා දෙමියි රජු භාර වූයේය. යුද්ධය දිනූ රජු කතරගම දෙවියන් මුණ ගැසෙන්නට පැමිණියේය. මා දේවාලය තැනිය යුත්තේ කොතැන ද දෙවියනි රජු විමසුවේය.
වැඩිහිටි කන්දේ වැඩ සිටි දෙවිඳු ඊතලයක් විද පෙන්වූ තැන රජු දේවාලය ඉදිකර එහි පෙරහර පවත්වාගෙන යාමටත් නඩත්තුවටත් ඉඩම් හා කුඹුරු අක්කර අනූ දහසක් ද පූජා කළේය. සර්වනාමික දෙවියකු ලෙස ලොව පූජිත කතරගම දෙවියන් පිළිබඳ ඒ පුරාවත සමගින්ම ඉකුත් කුජ දින කතරගම දෙවියන් ජීවමාන තත්ත්වයේ පෙනී සිටි ආකාරය ද කතරගම හූනියම් දේවාලයේ ප‍්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන කේ.ඞී. දේවපි‍්‍රය මහතා මෙසේ පැවසුවේය.
ඕලන්ද යුගයේ දී 1617 වර්ෂයේ ඕලන්ද කාරයන්ගේ කෙනහිලිකම් නිසාම කතරගම පෙරහර පවත්වන්න නොහැකි වෙද්දී ආලෝක කදම්බයක් විහිදුවමින් පෙනී සිටි කතරගම දෙවියන් සතර දිග් භාගයෙන් ජනතාව පැමිණෙන බව කියමින් පෙරහර පැවැත්වීමට ආර්ශිවාද කර තිබෙනවා. මේ වෙද්දී වසර 2242ක් මෙම පෙරහර පවත්වා තිබෙනවා. මෙය පෙරහර ඉතිහාසයේ පැරණිම පෙරහරක්.
දෙවියන් විශේෂයෙන් මේ මහපොළොවට දිවැස් හෙළන ශුභ මුහුර්ත තිබෙනවා. අඟහරුවාදා දින කියන්නේ කතරගම දෙවියන්ගේ දවස. ජ්‍යෝතිෂවේදියකු ප‍්‍රකාශ කළා ඉකුත් කුජ දින කතරගම දෙවියන් ජීවමාන තත්ත්වයෙන් ඉන්නවා කියලා.
ඒ ජීවමාන තත්ත්වය කියන්නේ කතරගම දෙවියන් ඒ ස්වරූපයෙන් පෙනී සිටීමම නොවෙයි. වෙනත් ආකාරවලින් පෙනී සිටිමින් කතරගම දෙවියන් මිනිසුන්ට පිහිට වූ බොහෝ අවස්ථා තිබෙනවා. කැලේ අතරමං වූ අයට පාර පෙන්නා එක්වර අතුරුදන් වෙනවා. වරක් දේවාලයට ආ කෙනෙකුට අසනීපයක් නිසා දේවාල පරිශ‍්‍රයට එන්න බැරි වුණාම කෙනෙක් එයාට බෙහෙතක් දී අතුරුදන් වුණා. අන්න ඒ ආකාරවලින් තමා කතරගම දෙවියන් පෙනී ඉන්නේ.
මම වසර 44ක් කතරගම මේ දේවාල භූමියේ ඉන්නවා. ඒ ඉතිහාසයේ මේ තරම් සෙනඟක් කවදාවත් කතරගම ආවේ නෑ. ලක්‍ෂ 10ක විතර සෙනඟ ආවා. ඊට පෙර දින සිටයි ජනතාව පෝලිමේ සිටියේ. ලංකාවේ සිටින බලවත් කෝටිපතියන් එදා ආවා.
වාහල්කඩ දෙකේ දොරටු තුනම විවර කළත් ඒ මුළු ඉඩම ඇහිරුනා. පූජා වට්ටිවලට ගෙනාවේ ඉස්තරම්ම පළතුරු. කතරගම පළතුරු කඩවල සියලූ පළතුරු එදා ඉවර වුණා. බත් කඩවලට තේ කඩවලට ලොකු වෙළඳාමක් තිබුණා. පොල් ගෙඩි සියල්ල ඉවර වුණා. දුප්පත් මිනිසුන්ගේ අතමිට සරු වුණා. ප‍්‍රශ්නවලින් පීඩා විඳි ජනතාව ලොකු සහනයක් ලැබුවා. හැම කෙනකුටම දේවාල භූමියට එන්න පූජා වට්ටි තියන්න ලැබුණේ නෑ. ඒ තරම් සෙනඟක් ආවා. ඒ තමයි දෙවියන්ගේ ශක්තිය. දෙවියන් පිහිට වූ ආකාරය. දෙවියන් ජීවමාන තත්ත්වයෙන් හිඳීම.
ඒ කතරගම දේවාල පුදබිම එකම මිනිස් හිස් ගොඩකින් වැසී ගිය ඓතිහාසික දිනය පිළිබඳ දේවපි‍්‍රය කපු මහතා කළ සඳහන් කිරීමයි.
|
සටහන - සංජීවිකා සමරතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බෞද්ධයෙක් විදියට දෙයියො විශ්වාස කරනවා. මම දන්නා තරමට මේ ලෝකෙ බොහෝ මිනිසුන් එක එක දෙවියන් විශ්වාස කරනවා. තමන් අසරණ වුණහම ඒ විශ්වාසයත් වැඩිවෙනවා. හැබැයි එක එක්කෙනාගෙ දැනුම, වයස සහ මොළය පාවිච්චි කිරීම අනුව ඇදහීම සහ වත්පිළිවෙත් කරන විදිය වෙනස්. ඒ නිසා අපි ඒවා ගැරහීම නොකළ යුතුයි කියලයි මම හිතන්නේ. ඕවා බොරු කියලා අනුන්ට අපහාස කරපු ගොඩක් අය වයසට යාගෙන එනකොට අනිත් අයටත් වැඩියෙන් ඒවා අදහන උදාහරණ මම ගොඩක් දැකලා තියෙනවා. ඒ වාගේම ඒ විශ්වාස වලට පින් සිදුවෙන්න මඩිය තර කරගන්න අයත් ඉන්නවා. (නි)
වාසනා බුදුන් වහන්සේ දීසනකල දිවිය ලෝක ගැන බ්‍රක්මලෝක ගැන මම ඔබට වඩා දැනුවත් මොකද මම දහම් පාසල් දර්මචාර්ය විබගය දක්වා ඉගන ගෙන පසුව බොහෝ පොත පත ඇසුරු කරන කෙනෙක් ඒවායේ දිග පළල දුර පවා මට කියන්න පුළුවන් නමුත් සාගරය වගේ දහමින් මම දන්නේ කුඩා දිය බිදක් තරම් කුඩා ප්‍රමාණයක් පමණි ඒ ප්‍රමාණයෙන් මම පුළුවන් විදිහට ඔයාලව දැනුවත් කරන්නම් ..සිත පිළිබද කතා කිරෙමේදී ..ඕනෑම දෙයක් තදින් ඇලී සිටින පුද්ගලයෙකුට දෙවියන් දැකීමට හැකිබව සමහරු කියනවා එය තමඊ පෘතජන සොබාවය නොදියුණු සිතක සොබාවය .හෙවත් මුලාව කියන්නේ ඔය බහු බුත කිසිවක් පෙනෙන්නේ නැහැ දර්මය දැකපු කෙනෙකුට ..එන්න දර්මය දකින්න ... (දී)
දිසා, ඔබගේ පැහැදිලි කිරීම ඉතා පැහැදිලියි .එයයි සත්‍යය . (ස)
මට නම් කියන්න තියෙන්නේ " පැතුම් හොඳ නම් යනෙන ගමනේදී පැතුම් ඉටුවෙනවෝ " කියලා. විශ්වාසයක් ඇතුව කරන ඕනෙම හොඳ වැඩක් හරි යනවමයි. (ස)
දිසා තිස්තුන් කෝටියක් දෙවියන් හා බුදුදහමේ එන දෙවියන් විස්තරකරදෙන්න .බුදුන් අභිධර්මය දේශනාකළේ දෙවියන්ට නේද ?(දී)
කතරගම දෙවියන් කියන්නේ ජීවමාන දෙවි කෙනෙක්.මේක මම කියන්නේ ඉතාමත් වගකීමෙන්.කතරගම දෙවියන් කියලා මහා බලයක් තියෙනවා.මම පුද්ගලිකව අත්දැකීම් ඇති නිසා කියන්නේ.මගේ ජීවිත අත්දැකීම් හුඟක් තියෙනවා.මම විද්‍යාත්මකව මේ ගැන හුගක් විශ්ලේෂණ කරලා තියෙනවා.මේක සත්‍යයක්.කවුරුවත් විවේචනය කරන්න එපා.මේක සත්‍යයක්. (ස)
කමල් කුරුත් විවේචනය කරනවා නෙමෙයි අන්ද භක්තිකයන්ගේ මොලේ හෝදනවා යන්න මාර්ගයක් දෙශනා කරලා තියෙද්දී අන්දයෝ වගේ අත පත ගාන්න එපා (අ)
ඒ විතරක් නෙමෙයි පහන් ..බුදුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු ආරාමයේ වැඩ සිටින විට දිව්‍ය රාජයෙක් තමා මංගල කරුණු ගැන බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කර සිටියේ .ඒ වගේම ලෝ සතුන්ගේ හිත සුව පිණිස මංගල සුත්‍රය දේශනා කලේ දෙවියන්ගේ ආරාධනාවෙන් .දිව්‍ය ලෝක සහ බ්‍රහ්ම ලෝක තල ගැන මා පසුව සියලුදෙනා දැනුවත් කරන්නම්. මට කමල්ගේ අදහසුත් ඕනේ වෙනවා .මංගල කරුණු ගැන නොම දන්නේය අප සැම.... ලොව හිත සුව පිණිස ..............අපට ඒ දම් දෙසනු කුලුණින කියල තමයි අමා මෑණියන් වහන්සේට ආරාධනා කරන්නේ .ඒ නිසා දෙවියන් වැඩ වාසය කරනවා.නමුත් නම් වශයෙන් අර අහවල් කියන්න පෘතග් ජනයන්ට නුවණක් නැහැ. එයට සිත දියුණ් කල යුතුයි. ලෝකය හා දර්මය දකින්න බුදුන් වහන්සේව දැක්කා වෙනවා . අපේ හාමුදුරුවන් වහන්සේලා මේවා දැකලා ජනතාව යහමඟට ගත යුතුයි. දේසපාලන අතකොලු වෙන්නේ නැතුව .මට විතරද කැක්කුම තියෙන්නේ.... (ස)
කමල් ජීවමනයි කියන එකේ අරුත විද්‍යාත්මකව විශ්ලේෂණය කරන ඔබ වැනි අයෙක් නොදන්නවා නම් විහිළුවක්. සිත, කය, මනස ශක්තිමත් මනුස්සයන් පමණි. ඒ ගැනත් පසුව මම කියන්නම්. (ස)
දිසෝ ..!! එහෙනම් ඇයි මේ පන්සල්වල කතරගම දේවාලෙයි. විෂ්ණු දේවාලෙයි .., තව තව දේවාල තියෙන්නේ ..?නොදන්නා කමට ඇහුවේ..? ඔයාට කියන්න තව කාරණයක් තියෙනවා ඔයා ලියල තිබුනා ලංකාවට ගිහින් පවුලේ අයගේ ඔලු අතගාල අං ඇවිල්ලද බලන්න කියලා. මගේ පවුලේ මුල් පුරුක මගේ පියා අද ජිවතුන් අතර නැහැ. මගේ මවගේ අං එන්නේ නැහැ. ඇය හැම පසළොස්වකටම සිල් ගන්න හොඳ උපාසිකාවක්. මට ගොඩක් කනගාටුයි ඔයාගේ ඒ වචනෙට ''විශ්වාසය''කියන දේ තමයි ගොඩක් වටින්නේ. ඔයාට විශ්වාස නැති උනාට අපිට කතරගම දෙවියෝ විශ්වාසයි !!! අදහන කෙනෙකුට අදහන්න දෙන්න ඉස්සෙල්ලා ගිහින් පන්සල් වල තියෙන දේවාල අයින් කරන්න පස්සේ අපිට අදහන්න එපා කියන්න (ආයේ මේ ගැන විවාද ඕන නැහැ ) මගේ කැමැත්ත ඔයාගේ කැමැත්ත නොවෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ කැමැත්ත වෙන එකක් වෙන්න පුළුවන් (එහෙනම් දෙවියන්ට පින් දෙන ගාථා තියෙන්නේ මොකටද...?(දෙවියෝ නැත්නම් ) (ස)
දෙවියන් ජීවමාන උනානම් බලා ගන්න තිබුන වෙන වැඩේ. රට විනාශ කරන ශාසනය විනාශ කරන දෙවියන් බුදුන් රවටන්න හදන උන්ට , හොඳ පාඩමක් කියලා දෙන්න තිබුනා. මේ රට විනාශ කරන බිෂණය පතුරවමින්, සත්ව හිංසාව කරන ළමා අපචාර කාන්ත හිංසනය කරන, උන්ට දෙවියන් උදහසට ලක්වේවා ! දෙවියනේ මගේ මෛත්‍රිය සත්‍යක් නම් ඒ බලයෙන් තරාතිරම නොබලාම දඩුවම් පමුණවන සේක්වා ! (ස)
චන්දි, කවුද දෙවියන් නැහැ කියලා කිවුවේ? මම දැනුවත් කරලා තිබෙනවා නේද මංගල සුත්‍රය දේශනා කරන්න ආරාධනා කළේ කවුද කියලා? මගේ අදහස් කියවලා නැද්ද? (නි)
ඕනෑම දෙයක් මාස තුනක් (නොකඩවා) එක දිගට චිත්තයට ඇතුල් වුණොත් එය යටිහිතේ තැන්පත් වෙනවා. මේ සිද්ධාන්තය මුල්කරගෙන පසුගිය කාලයේ ලෙඩ සුවකිරීමට දින 90 ක් එකම වෙලාවට පැමිණ සයනයක නිදාගැනීමට සැලැස්වූ කට්ටිය මතකද ? (නි)
දෙවියන් එසේ කවදාවත් පෙන්නේ නැහැ පොඩ්ඩක් හරි දැක්කානම් දැක්කේ මතු බුදු වෙන ආනන්ද මෛත්‍රී මාමුදුරුවෝ විතරයි (දී)
දිසා සන්සුන් වන්න ,,,,,(නදී)
බුදු හාමුදුරුවෝ බොහොමයක් පිරිත් දේශනා කළේ දෙවියන්ට. ඒ බව පිරිත් වල මුලින්ම සඳහන් වෙනවා. බුදු හාමුදුරුවෝ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කිවුවෙත් ඒ නිසයි. ඒ නිසා කතරගම දෙවියෝ ජීවමානවම සිටින බව පිළිගත හැකිය. නිසි පිළිවෙත් කර දෙවියන්ට කන්නලව් කළහොත් දෙවියෝ මිනිසුන්ට උදව් කරන බව පිළිගත යුතුයි. සමහර මෝඩයෝ දෙවියෝ නැත කියලා කියන්නේ ඒ අයගේ නොදන්නාකම රටට පෙන්නන්නටය (නි)
දෙවියෝ ඉන්නේ දෙව්ලොව , මනුලොවට ඇවිල්ලා මෙහෙ බණ භාවනා කරන්නේ මොකෝ බුදු දහමේ කොතැනකවත් කතරගම දෙවි කෙනෙක් ගැන සඳහන් වෙන්නේ නැත. සමහරු කැබිලිත්ත, සමහරු කතරගම ඉන්නවා කියනවා. මිනිසුන් දෙවියන්සේ සළකන අයත් ඉන්නවා. මහසෙන් දෙවි, මින්නේරි දෙවි යනුවෙන්. නමුත් විශ්වාසයක් පමනයි. (නි)
අසරණ මිනිස්සු (දී)
මිනිස්සුන්ව මෝඩයාට අන්දන්න එපා (දී)
අපි බෞද්ධයෝ අපිව රවට්ටන්න බැහැ (දී)
මෙහෙම වෙනවා කියපු කෙනාවත් ගියාද දැක්කද එයා දෙවියන්ව (දී)
අපි හොදට හිටියොත් හැමෝගෙන්ම පිහිට තියෙනවා. (අ)
මිනිසුන් සිල්වත් ගුණවත් සත්පුරුෂයන් වූ කළ කාටත් ප්‍රිය මනාපවෙනවා. සිතන පතන දේවල් හරියනවා.එනිසා අපට සිතෙනවා මේ හැමදෙයක්ම සිදුවන්නට යම් බලවේගයක් තිබෙනවා කියලා. මිනිසුන් දෙවියන්ට පිං දෙනවා.දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා.* නමුත් ආගමක් ලෙස බෞද්ධයා දෙවියන් අදහන්නේ නැත. මන්ද, දෙවියන්ට මිනිසා සසරින් එතර කිරීමට නොහැකිය. අද මිනිසා නපුරු වී දෙවියන්ද මුදලට අලවි කරණ තැනට පත්වී සිටින නිසා දෙවියන් එන තුරු බලා සිටයත්,දැක ගන්නට නොහැකිවිය. (අ)
කතරගම දෙවිඳු සදා ජීවමානයි.(නදී)
දර්මයේ හැසිරෙන්න දර්මය විසින්ම රකිනු ලැබේ. එය රකිනු ලබන්නේ කතරගම දෙවියන්ය.(නදී)
මේ රටේ මෙහෙම දේවල් වලට අපේ මිනිස්සු කාලය සහ මුදල් වියදම් කරගෙන සහභාගී වෙන මන්ද මානසිකත්වයක් ඇති අයයි. රටේ නායකයෝද මේවාට සහභාගී වෙන විදියෙන් කියන්න පුළුවන් ඔවුන්ගේද තරම. (ස)
අහිංසක මිනිස්සු මේ වගේ දේවල් තදින් විශ්වාස කරනවා (නි)
මෙය සත්‍යක්.තවටත් අපට පිහිට වන්න කතරගම නිරිඳු ජිවමනයි. (ස)
අපිට ඒන්න බැරි වීම ගැන දුකයි (අ)
බෞද්ධ අපිට පිහිට බුදුන්, දහම්, සඟුන් පමණයි. (ස)
කතරගම දෙවිදු සැමදා ජීවමානයි (නි)
සාගත වසංගත හා එන නියග වලින් ............. සහනය පතා වනදෙවියන් ළගට කෙලින් .......... එන මේ පිරිස ගැරහීමට නුවණ මලින් ...... පෙලබෙන අයට අනුකම්පා කරමි මුලින් ....... අහිංසක බෞද්ධ ජනතාවගේ හිත සුව සදහා මගේ සටහන හේතුවක් වෙනවා. (නි)
කතරගම දෙවිදුන්ට මගේ නමස්කාරය පිරිනමන ගමන්ම, බොරුකාරයන්ට රැවටෙන්න එපා කියලත් බුද්ධියට මුල්තැන දෙන්න කියලත් මා සියලුම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (නි)
පැරදුන ඇමති කෙනෙක් රුපවාහිනී තීරයකට ගෙනල්ල ඔහුගේ පරාජය වීමට හේතු හා ඔහු 2014 දී බලයට පත්වෙනවා කීවෙත් මේවගේ ජෝතිස කාරයෙක් .හැබැයි ඇමති ගිය වසරේදී මැරුණා . කතරගම දෙවියන් ආකර්ෂණය වෙනවා කියූ ජෝතිෂ කාරයාගේ රුපවාහිනියට දුරකතනයෙන් දුන් කතාව අනුව ඔහුගේ විස්තරය කිවහැක.(අහපු කෙනෙක්ගෙන් අහල බලන්න) .
අනේ මෙහෙම මෝඩ හරක් ...............නොපෙනෙන දෙවියන් ගැන වදනොවී ගෙදර ඉන්න මව්පියන්ට වැන්දනම් නරකද?(නදී)
සමන්, එරංගි සහ මදු , ළගකදී තම තමන්ගේ හිස් මුදුන අතගාලා බැලුවේ නැද්ද අමුතු දෙයක් මතු වෙලාද කියලා (නි)
කව්ද දිනවලට ග්‍රහයන්ගේ නම් ඇතුලත් කලේ? රාහු ,කේතු ග්‍රහයන්ට දින නැත්තේ ඒවා ග්‍රහලෝක නොවන නිසාද. (අ)
ලෝකේ මේ වෙන දේවල් වලට දෙවියෝවත් මෙච්චර කල් බැලුවේ නැත්තේ ඇයි දන්නේ නැහැ. (නි)
බුදුන් ගැන විශ්වාස කරන්න කියලයි මම කියන්නේ බෞද්ධයන්ට (නි)
මේ ජෝතිෂ්‍ය කාරයා ගැන මම හොඳට දන්නවා. මිනිසුන් මුලාවෙන තරමට මේ පුද්ගලයන්ගේ මඩිය තර වෙනවා. බදුන් ,දහම් ,සගුන් සරණින් අපේ රටේ අයට නුවණ පහල වේවා මේ දේවාල වල කපුවන් දෙවැනි වන්නෙ පාතාලයට පමණයි. (ස)
මේවා කාට කියන්නද ... ලංකාවේ අඟලක් අඟලක් ගානේ දෙවිවරු. ඒ උනාට පත්තරයක් ගත්තොත් මිනි මැරුම්, ස්ත්‍රී දුෂණ, වංචා, අපරාධ වැහි වැහැලා. (ස)
එදා ඔය කියපු ආකාරයට දෙවියන් දුටු කිසිම කෙනෙක් නැහැ. හැබැයි වෙළෙන්දන්ගේ නම් මඩිය තර වුණා (නි)
'අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා' ගීතය අසන්න... (නි)
පළමුව බුදුන් මම බෞද්ධ නිසා ,දෙවනුව තවත් දාර්ශනිකයෙකු වූ ජේසුස් වහන්සේ .(නදී)
මුසා බස් වලට රැවටෙන බෞද්ධයන් පිරිසක් බිහිවී තිබෙන්නේ. අපේ ගරුතර හාමුදුරුවන් වහන්සේලා මේ පිළිබද දැනුවත් වෙලාද කියලා මම දන්නේ නැහැ. සියලු දෙනාට තෙරුවන් සරණයි (නි)
දිසා මල්ලි ., මේ හැම දේකම තියෙන්නේ විශ්වාසය .., ගෙදරක දෙන්න දෙමහල්ලෝ අතර වුනත් විශ්වාසයක් නැති වුනාම ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා., මෙතනත් එහෙමයි .., මල්ලියෝ මමත් කතරගම දෙවියන් විශ්වාස කරනවා. මොනවා හරි දෙයක් කිවම සමහර අයට තේරුම් ගන්න බැහැ. අපි අදහස් ලියන වෙලාවට සමහර දෙනා නිව්ස් එක තේරුම් අරන් නොවේ අදහස් ලියන්නේ. මං මේ ලියන දේ හොඳින් කියවා තේරුම් ගනින් මල්ලියේ .., ඔය සිද්දිය මට අපේ ගෙදරින් කිවම මං අන්තර්ජාලයෙන් බැලුවා කියන දේ හොඳින් අහගෙන හිටියා !!! මංජුල පිරිස් මහත්මා කිවේ කතරගම .., සෙල්ල කතරගම.., සහ වැඩිහිටි කන්දේ දෙවියන් ජීවමානව වැඩ ඉන්නවා නමුත් .., මේ 17 වෙනිදා (සැප්තැම්බර් )උදේ 6යෙ සිට 7 දක්වා මේ පැය ඉතාමත් වටිනා හෝරාවක් බවත් එම පැය ඇතුලත තමන්ට ප්‍රාර්ථනාවක් කරන්න හොඳ නැකතක් බවත් මම වැඩසටහනේ කොටස් දෙකක් බැලුවා කාටවත් ජීවමානව පේන්න ඉන්නවා.., පේනවා., කියලා නම් කිවේ නැහැ. හැබැයි වෙන කොටසක එහෙම කීවද නම් මම දන්නේ නැහැ. මමත් මගේ ගෙදර අයට යන්න මුදල් ඇරියා. එක එක්කෙනාගේ කැමැත්තනේ අපිට කාටවත් ඇගිල්ල දිගු කරලා කියන්න බැහැ මල්ලි .., අතේ ඇගිලි 5ම එක වගේ නැහැනේ මම වැරදි යමක් කියා ඇත්නම් සමාවෙලා පහදා දෙන්න (මේ මම කිවේ මගේ අදහසයි -ඔබේ අදහස මිට වඩා වෙනස් විය හැකියි ) (ස)
දේව ආත්මයන් ලැබූ විට තනියම පින් රැස් කිරීමට අපහසුයි. කාගේ හරි උපකාරයක් අවශ්‍යයි ...මම කතරගම දෙවියන් විවේචනය කලේ නැහැ. මම විවේචනය කලේ අන්ධ භක්තිකයන් පමණි. ඔය මහත්මයා ගැන මම දන්නවා. ඒ නිසා බුද්ධියට මුල්තැන දෙන්න කිවුවේ.මටත් පුළුවන් ඇඟේ ලේ ටික රත් කර ගන්නේ නැතුව කට පියාගෙන ඉන්න. සිහල පුතෙකුට එහෙම ඉන්න බැහැ .ඔයා විස්වාස කරන දෙවියන් ඔයාට කිසිදෙයක් ලබාදෙන්නේ නැහැ. අපිට ලැබෙන නොලැබෙන නින්දා-ප්‍රසංශා, සැප-දුක්, ලාබෝ-අලාබෝ මේ හැම දෙයක්ම ලැබෙන්නේ කර්මය අනුව ...රත්තරං දහමක් බුදුන් වහන්සේ දේශනා කර තිබියදී ...තමන් යන මාර්ගය ගැන යලි යලි සීතා සිහියට පැමිණීමට සමහර බෞද්ධ ජනතාවට නුවන ලැබේවායි මම ප්‍රර්ථනා කරමි ..මේක පලකරන්න. සංස්කාරක මඩුල්ලටත් පින්. (ස)
දෙවියන් ගැන විශ්වාස කරනවානම් දෙවියන් පේනවා තමයි (දී)
මිනිස්සුන්ට පිස්සු
චන්දි අක්කේ ඔයත් ඔයාගේ ගෙදර අයට යන්න මුදල් ඇරියද එතකොට මොකක් බලන්නද ඇරියේ ලංකාවට ගියපු ගමන් එයාලගේ ඔලු අතගාල බලන්න අන් ඇවිල්ලද කියල ඔයා ලංකාවේ නැති ටිකට (දී)