IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කතරගම දෙවියනුත් රවට්ටන්න එන මිනිස්සු


02

25_SLT_P_4

0කතරගම වන්දනාව භක්තිය මත පිහිටියකි. අනුරාධපුරය, දළදා මාළිගාව, පොලොන්නරුව, සෝමාවතිය වන්දනාවේ යද්දී තියෙන අරමුණට වඩා කතරගම යන අරමුණ හාත්පසින්ම වෙනස්ය. කතරගම, බුදුන් වහන්සේගේ වැඩමවීමෙන් පාරිශූද්ධ වූ බිමෙකි. කිරි වෙහෙර වටා එවැනි අගනා ඓතිහාසික කතාවක් ලියැවී තිබේ. නමුත් බෞද්ධ වටිනාකම පැත්තක තබා වැඩිදෙනා මෙහි යන්නේ දේව ආශිර්වාදය ලැබීම සඳහාය. කතරගම ගිහින් පූජා වට්ටියක් නොතබන්නකු කලාතුරකින් දැකිය හැක්කකි. ව්‍යාපාර දියුණුවට, දරුඵලවලට, පෞද්ගලික දියුණුවට, කරදර බාධකවලින් මිදීමට, රැකීරක්ෂා ඵල ලැබීමට, ලෙඩ රෝගවලින් සුවපත්වීමට ආදී විවිධ අරමුණු කතරගම එන අය ළඟ තිබේ. ගෙදරින් පිට වෙන්නේම තමන්ගේ අරමුණ කතරගම දෙවියන්ට පවසා සඵල කරගැනීමේ අදහසිනිි.

කතරගම දෙවියන් තවුතිසාවේ වසන මහේශාඛ්‍ය දෙවිකෙනෙකි. උන්වහන්සේ මහා බලැතිය. එසේම දීර්ඝ කතරගම පුරාවතෙහි ආදිතමයෙකි. තෙද බලැති කතරගම දෙවියන් යනු කවුද? රුහුණු කතරගම මහා දේවාලයේ ප‍්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක මහතාගෙන් අපි විමසීමු.

කතරගම දෙවියන් ලෙස අදහන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ කතරගම සිටි ප‍්‍රාදේශීය රජුය. ඔහු නමින් මහාසේනය. මහාසේන රජුගේ මාළිගය තිබුණේ වත්මන් කතරගම දේවාලය පිහිටි තැනය. රජුට අයත් රාජකීය උයන පිහිටියේ අද කිරිවෙහෙර පිහිටි බිමය. එදා එය කිහිරි උයනයි. මෙම උයන මැද විශාල කිහිරි ගසක් තිබී ඇත. රජු දිනපතා උදෑසන මේ කිහිරි ගස යටට ගොස් අසුන්ගතව විවේක සුව ලබා ඇත.

දිනක් මහසේන රජු උයනට එන්නට ප‍්‍රථමයෙන් බුදුන් වහන්සේ මේ කිහිරි උයනට වැඩම කළහ. එසේ වැඩමවා රජු අසුන්ගත වන තැන්හි අසුන් ගත්හ. රජු උයනට පැමිණෙන විට උයන බබළවා සවණක් ගණ බුදුරැුස් විහිදයි. මහසේන රජතුමා මහත් සතුටට පත්ව, ”තථාගතයන් බුදුන් වහන්සේ, මාගේ රාජකීය උයනට වැඩම කොට සිටියි.” පිරිවර සමග ගොස් නමස්කාර කළහ.

එදා බුදුරජාණන් වහන්සේ මහසේන රජුට ධර්මදේශනාවක් කළහ. ඒ දහම් අසා මහාසේන රජු සෝවාන් ඵලයෙහි පිහිටියේය. ධර්මාවබෝධය ලැබූ එකම දෙවියන් හැටියට බොහෝදෙනා හඳුනන්නේ සුමන සමන් දෙවියන් පමණි. එහෙත් කතරගම දෙවියන්ද බුදුන් සරණ ගිය ධර්මාවබෝධය ලැබූ දෙවිකෙනෙකි. මෙය ඇතැම් විට ඔබට නුහුරු කතාවක් වන්නට පුළුවන. කතරගම දෙවියන් තෙද බල ඇති, එසේම බෞද්ධ දෙවි කෙනෙක් හැටියට විශ්වාස තබා මෙහි පැමිණිය යුතුය. බොහෝදෙනා කතරගම එන්නේ අන්ධ බැතියෙනි. අන්ධ විශ්වාසයෙනි. කතරගම එන වැඩිදෙනාට තුණුරුවන මතක නැත. තමන් බෞද්ධයකු බව වත් මතක නැත. එකම අරමුණ දෙවියන්ට පූජා වට්ටියක් තබා තමන්ගේ අරමුණ වෙනුවෙන් කන්නලවු කිරීම පමණි. සමහරු පූජා වට්ටිය අතට දී අත් අහසට දිගුකොට, ”මට අසවල් කෙනා සමග ඉන්ට ලැබේවායි” පතති.

 

06

01

තවත් අය ”දරු සම්පතක් ලැබේවායි”ද ”මගේ ගේ දොර ආරක්ෂා කොට දේවායි”ද පතති.

මේ සියල්ල අරමුණු කර ගත්තාට තමන් බෞද්ධයකු බවත්, කතරගම දෙවියන් මාර්ගඵල ලාභී බෞද්ධයකු බවත් සිහියට ගත යුතුය.

බුදුන් දවස සෝවාන් ඵලයට පත් මහාසේන රජතුමා බුදුහිමියන්ගෙන් පූජා වස්තුවක් ඉල්ලා සිටියේය. උන්වහන්සේ තම හිස අත ගා කේශධාතු මිටක් රජු අතට දුන්හ. රජු මේ කේශ ධා රන් කරඬුවක තැන්පත් කරවා විසල් වෙහෙරක් ගොඩ නංවා එහි නිධන් කරවීය. රජුගේ මාලිගයට නුදුරින් කිහිරිය උයනෙහි තැනූ වෙහෙර වත්මන් කිරිවෙහෙර චෛත්‍යයි.

බුදුන් දැක, බුදුන් සරණ ගොස්, ධර්මාවබෝධය ලබා, වෙහෙර විහාර කරවා කලූරිය කළ මහාසේන රජතුමා ”සරවණ විල” පියුම් සයක  ඕපපාතිකව පිළිසිඳ ගත්තේය. මේ සරවණ විල ඉන්දියාවේ දඹදිව පිහිටියකි. මෙය දේවත්වයෙන් උපත ලැබුමකි. ඉන්පසු එතුමන් දුටුගැමුණු රජ සමයෙහි තම ජාත බිමෙක් වූ කතරගමට පැමිණියේය.

ජීවමාලි නම් දිය කපන තොටදී කතරගම දෙවියෝ දෘෂ්‍යමානව පැමිණ දුටුගැමුණු රජතුමා හමුවිණ.

එහිදී රජු කතරගම දෙවියන්ගෙන් එළාර සමග යුදයට ආශිර්වාද පැතීය. කතරගම දෙවියන් යුදයට ආශිර්වාද කරන බවට පොරොන්දු විය.

”තමන් යුද්ධය දිනා පැමිණි වහාම රන් උළු මාළිගයක් කරවා ඉරහඳ පවතිනා තුරුම ඔබවහන්සේට පූජා පැවැත්වීමට කටයුතු යොදන්නෙමි” යැයි දුටුගැමුණු රජතුමා පොරොන්දු විය.

රජතුමා එළාර සමග යුද්ධය දිනා යළි රුහුණට පැමිණියේය. කතරගම දෙවියන්ට වූ පොරොන්දුව ඉෂ්ඨ කරන්නට කල්පනා කළේය. වැඩිහිටි කන්දට ගොස් කතරගම දෙවියන් මුණගැසිණි.

”කතරගම දේව හාමුදුරුවන් වහන්ස... මම ඔබවහන්සේගේ ආශිර්වාද සහිතව යුද්ධය දිනීමි. දැන් පොරොන්දුව ඉටුකරනු වස් රන් උළු මාළිගය කරවමි...”

”මහරජ අනාගතයේ කලියුග කලක් එයි. එදින උපදිනා මිනිස්සු දෙවියන් බුදුන් නොඅදහති. එබැවින් රන් උළු මාළිගයක් නොකරන්න. ඔවුන් එය විනාශ කරනු නියතයි. ඒ වෙනුවට රන්කොත් මාළිගයක් කරවන්න” උපදෙස් ලැබිණි.

දේවාලය ගොඩනැංවීමට වැඩිහිටි කන්දෙහි සිට ඊයක් විදිනු ලැබිණි. ඊය වැටුණු තැන දෙවොල ඉදිකෙරිණි. ඒ සඳහා නින්දගම්, ප‍්‍රවේණිපංගු වෙන්කරවා 555 දෙනෙක් දේවාල සේවයට යොදවනු ලැබිණි.


07

04

කතරගම දෙවියන්ට වෙන්වූ විශේෂ දිනය අඟහරුවාදාය. එදිනට කතරගම දෙවියන් දෘෂ්‍යමාන වන බව ප‍්‍රධාන කපු මහතා පවසයි.

ත‍්‍රිපිටක ගත සූත‍්‍රවල බුදුන් වහන්සේ සහ දෙවියන් අතර හමුවීම් සිද්ධ වුණු ආකාරය ගැඹුරින් විස්තර කෙරේ. ඒ අනුව දෙවිවරු රාත‍්‍රී ජාමයෙහි ආලෝක විහිදුවාගෙන පැමිණි බව දැක්වේ.

කතරගම දෙවියන්ද බොහෝවිට රතු පැහැති ආලෝකයකින් දේවාලය අවට අහසෙහි දෘෂ්‍යමාන වේ. කතරගම දෙවියන්ට පිරිසුදුව පිළිවෙළට පුද පූජා කෙරෙන විට උන්වහන්සේ රතු පැහැ අලෝකයකින් රාත‍්‍රී කාලයෙහි පෙන්නුම් කෙරේ. ඇසළ උත්සව සමයේදී විශේෂයෙන් මේ ආලෝකය බොහෝදෙනාට දකින්නට ලැබේ. දෙවියන් සිටින අවස්ථාවලදී දේවාලය අවට ඉමිහිරි සුවඳකින් සුගන්ධවත් වෙයි.

වැඩිහිටි කන්දේ සිට දේවාලයට එන රතු පැහැ ආලෝකය කතරගම දෙවියන්ගේය. කතරගම දෙවියන් තවුතිසාවේ වැඩ සිටින දෙවියෙකි. කතරගම සිට පුද පූජා පවත්වන විට එතුමන් දිවැස් බලයි.

කවර දිනයක පූජා වට්ටි තබා කතරගම දෙවියන්ට පූජා පැවැත්වුවත් එම පූජාවෙහි සුවඳ තවුතිසාවේ සිටම දෙවියන් ආඝ‍්‍රාණය කරයි. තමන් වෙනුවෙන් තබන ලදැයි සන්තෝෂයට පත්වෙයි. පූජාව පිරිසුදුව තබා දෙවියන්ට භාරකළ විට උන්වහන්සේ සුවඳ ආඝ‍්‍රාණය කොට සතුටු වෙයි. පූජාව තබන්නා යම් අරමුණක් වෙනුවෙන් එය කළේද, ඔහුගේ අරමුණු අදහස්ද මුදුන් පැමිණ වේ. පිහිට, දේවාශිර්වාදය හිමි වේ.

මේ හේතුව නිසා නඩු හබයක් ළංවූ විටත්, සතුරු උපද්‍රව පැමිණි විටත්, දියුණුව, ආරක්ෂාව පතාත් බැතිමත්තු පූජා තබති.

කතරගමට එන විට මග දෙපසම පූජා වට්ටි කඩ දස දහස් ගණනකි. සමහර බැතිමත්හු නිවසේ සිට පූජා වට්ටි සඳහා පලතුරු හා කැවිලි රැුගෙන එන අතර වැඩිදෙනා කතරගමදීම පූජාවක් සූදානම් කර ගැනීමට කටයුතු කරති. ඒ අනුව කුඩා මල්වට්ටියක් තරමේ යන්තමට හැදු පූජා වට්ටිය රුපියල් 350/= ට ඉහළ බව අපි දුටිමු.

හොඳ ඇඹුල් කෙසෙල් ඇවරියක් දෙකක්, අඹ ගෙඩියක්, කොමඩු ගෙඩියක්, තැඹිලි ගෙඩියක්, දිවුල් ගෙඩියක්, අන්නාසි ගෙඩියක්, ජම්බෝල ගෙඩියක්, උක්පුරුක් කෑල්ලක්, නාරං ගෙඩියක් සමග කැවිලි 7 ක් තබා හදන පූජා වට්ටිය කතරගමදී රුපියල් 1000  - 1500 ට පවා ඉහළ යයි. මෙය එකම ව්‍යාපාරයකි.

08කහ වතුරෙන් පලතුරු සෝදන්නේ පිරිසුදු බව සඳහාය. උදේ පාන්දර හදාගන්නා කහ වතුර බේසමින් රෑ වෙනතුරු පලතුරු සෝදයි. අලූත් කර ගැනීමක් නැත. පැයක් දෙකක් යන විට පලතුරුම සෝදා කහ වතුර භාජනය කළු වී මඩ වතුරක් තරම් ජරාවට පත්ව තිබේ. පඬුරු, බුලත් පවා එම කළුපාට වතුරින්ම සෝදා පූජා තබන්නා අත තබයි.

මේ බොහෝ පලතුරු කාබයිට් ආදී වස විෂ දමා ඉදවන අතර මැළවී පරවුණු කෙසෙල්, අඹ, ජම්බල බැතිමතුන් අතට ලැබේ. කැවිලි හතෙන් එකක් වත් කට තබන්නට නොහැකි දුර්වල මට්ටමක පවතී. බැතිමතුන්ට ”අප්පිරියාව” දැනෙන අපිරිසිදු හා දුර්වල කැවිලි පලතුරුවලින් දෙවියන්ගේ පිහිටක් කොයින්ද?
පූජා වට්ටියක් හරියට තබනවා නම් එය ගෙඩි පූජාවක් ලෙස ගෙනැවිත් මාළිගාවේදී (දේවාල බිමදී) කැපීම කළ යුතුය. එවිට දෙවියන්ගේ ආඝ‍්‍රාණයට වඩා හොඳ පසුබිම සැකසේ. මෙය දන්නා එක්තරා කොටසක් මාලිගාවේදීම පලතුරු කපා එතැනම පූජාව තබති. මෙයින් දේව ආශිර්වාදය වැඩි බව දැඩි විශ්වාසයකි.

කඩපිල්වලදී මඩ වගුරුවල, කුණු කාණු උඩ දුර්වර්ණවූ අපවිත‍්‍ර ජලයෙන් පලතුරු කැපීමෙන් ඒවා දේව ආඝ‍්‍රාණයට පහසුවක් වේද? දෙවියන් පිළිගනීද? යන්න කල්පනා කළ යුතුය. වෙළෙඳසල සිට පූජා වට්ටිය රැුගෙන එන දිගටම දුෂිත වූ පරිසරයන් (කෙළ ගැසූ ඉඳුල් විසිකළ) පරිසරය පාගාගෙන ඒමට සිදුවේ.

පලතුරු කපා පූජා වට්ටිය සාදාගෙන දේවාලයට පිවිසෙන කාලය වන විට පලතුරුවල සුවඳක් නැත. දෙවියන්ට පූජාව තබන අවස්ථාව වන විට පූජාවේ පලතුරුවල ස්වභාවික සුගන්ධයක් නැත. එසේ තබන පූජාවක ප‍්‍රතිඵලය දුර්වල ය.

බැතිමතුන් පූජා තැබීමේදී එහි නියම ඵල ලැබිය හැකි පරිදිම පූජා කටයුතු සිද්ධ කළ යුතුය. කතරගම දෙවියන් මහේශාඛ්‍ය මෙන්ම දැනුමැති දෙවි කෙනෙක් බැවින් භක්තිමත්ව බැතිමතා දෙන පූජාව කවර තැනෙක කපා ගෙනාවද භාරගනී. එහෙත් බැතිමතුන් තමන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන් දෙන පූජාව කවර ලෙස තැබිය යුතුද යන්න වඩා සිහිකටයුතු ය.

 

05


මැණික් ගඟින් නා පිරිසුදුව, පුච්චන ලද දෙහි හිස ගා කතරගම දෙවියන්ගේ බිමට ප‍්‍රවිශ්ඨ වේ නම් එවැනි අයට පිරිසුදුවම දේව ආශිර්වාදය හිමි වේ.  හවස හතරට පහට කතරගමට ඇවිත් රාත‍්‍රියේ ගහක් යටට වී වැටෙන්නට මත්පැන් බී දඩමස් කා කුණුහරුප දෙසාබා උදේ පාන්දර පූජා වට්ටි රැගෙන පූජාව තියන අයට කවර පිහිටක්ද?

අද කතරගම පූජා වට්ටි තියන්නට එන සමහර අය එක්කෝ හොඳට බෝතල් තුන හතරක් හිස් කරති. නැත්නම් කුණුහරුප කියාගෙන නගරයේ හැසිරෙති. සොරකම් කරති, ගැට කපති.

මාළු මස් බැදගෙන පුච්චාගෙන කති.

ඉහේ සිට දෙපතුළ දක්වා අපිරිසුදු අයගෙන් කතරගම පිරෙන විට දේව ආශිර්වාදයට වඩා දේව ශාපයට තමන් සමීප බව කල්පනාවට ගත යුතුය.


 

03



අදහස් (0)

කතරගම දෙවියනුත් රවට්ටන්න එන මිනිස්සු

දිලිප් Saturday, 01 November 2014 02:02 AM

දෙවියන්ගේ පිහිට පතනවා සේම පන්සිල් රැකීම උතුම් දෙයක් (නි)

:       0       0

ලීනා Sunday, 09 November 2014 05:42 PM

මම පිළිගන්නවා ලිපියේ සඳහන් කරුණු සත්‍ය බව.අපිත් ලංකාවට පැමිණි විගස මුලින්ම කතරගම වඳින්න යනවා.බැතියෙන් කළයුතු කාර්යක් එය (නි)

:       1       0

ලියොන් ගුණවර්ධන Wednesday, 26 November 2014 12:49 AM

විවිධ කූට උපක්‍රම මඟින් මත්කුඩු මත්වතුර ව්‍යාපාරයෙන් අපේ දරු පරපුර ඇතුළු මුළු ලොවම වනසමින් කෝටිපතියන් වී නොමසුරුව දන්දෙමින් ජනාදරයට පත්ව මහේශාක්‍යයන් සේ වැජඹෙන දුෂ්ටයින්ටත්, අවංක මහජන සේවකයන් සේ රඟපාමින් කෝටිපතියන් වී වැජඹෙන දේශපාළුවන්ටත් කතරගම සුරිඳුන්ගේ ආශිර්වාදය නොලැඹෙනු ඇත (නි)

:       0       0

ඉෂාරා Sunday, 02 November 2014 03:45 PM

දෙවියන් සිටින්නේ මනුශ්‍ය හදවත් තුලය. සිත පිරිසුදු නම් දෙවියන් ළඟ සිටියි. පිරිසිදු හදවත් ඇත්තන්ට කතරගම දෙවි පිහිට ලැබේව. ! දෙවි පිහිටෙන් සියලු හදවත් පිරිසිදු වේවා.! (ර)

:       0       0

බණ්ඩා Friday, 31 October 2014 12:57 PM

කතරගම දෙයියෝ බලන්න යන අය අනේ මන්දා.... (අ)

:       0       0

ජනක Saturday, 01 November 2014 03:25 AM

කතරගම දෙවියන්ට අප්‍රමාණ පින් ලැබේවා! (නි)

:       0       0

වීරසිංහ Saturday, 01 November 2014 03:29 AM

කතරගම දෙවිඳුගේ පිහිට සැමටම ලැබේවා! (නි)

:       0       0

තිස්ස Tuesday, 04 November 2014 07:30 AM

අවබෝධයෙන් කටයුතු කරලා දේව ආශීර්වාදය ලබාගන්න (අ)

:       0       0

ආනන්ද Friday, 31 October 2014 04:42 PM

කතරගම දෙවියනේ, ඔබට අනන්ත අප්‍රමාණ පින් ලැබේවා! (නි)

:       0       0

චානක Saturday, 01 November 2014 08:50 PM

යමෙක් පවින් වැළකෙනවා නම් සත්තු නොමරනවා නම් දෙවියන් ඔවුන් සමඟ ඉන්නවා. පිරිසිදු සිතින් දෙවොලට ගිහිල්ලා වඳින්න.හොඳ දෙයක් ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනාව ඉටුවුණොත් සමාජයට ප්‍රයෝජනවත් දෙයක් ඉටු කරනවා කියලා බාරවෙන්න. දෙවියන් ඉන්නවා නම් ඔබ ගැන බලාවි. තමන් හොඳ දෙයක් සමාජයට කරලා ඒකේ පින් දෙවියන්ටත් අනුමෝදන් කරන්න. (නි)

:       0       0

දමයන්ති Sunday, 02 November 2014 09:31 AM

කිරි වෙහෙර අනුහස් තියන තැනක් පිරිසිදු සිතින් පිරිසිදු වතින්පින් බිමට පය තබන්න දේවාලයට යන්න දෙවියන්ට පින් අනුමෝදන් කරන්න සැමවිටම අප හැමදාටම ආරක්ෂා කරාවි කතරගම දෙවිඳු(දිල්)

:       0       0

අජිත් Thursday, 30 October 2014 02:17 PM

ඉතාමත් හොඳ ලිපියක්. අද තරුණ පරපුරට දැනගතයුතුම දෙයක් ලෙස මම සිතමි. (නි)

:       0       0

අතලේ සුමන හිමි Monday, 03 November 2014 02:52 AM

පෙරහැර, පිංකම් ඔය කොයිදේත් මුදල් හම්බකිරීමේ ව්‍යාපාර බවට පත්වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ තත්වය පෙන්වන දේ බවට පත්වෙලා තියෙන්නේ. ගමේ දුප්පත් පන්සලට සතපහක්වත් දෙන්නේ නැති අය සමහරවිට නගරයේ තියෙන ප්‍රසිද්ධ පන්සලකට ගිහින් දහස් ගණන් දීලා පින්සිද්ධ කරගන්නවා. සියල්ලම මුදල බලය සමාජ තත්වය මත තීරණය වෙන කාලේ දෙවියොත් ඒකෙම කොටසක් වෙලා. (නි)

:       0       0

සඳුනි Thursday, 30 October 2014 03:22 PM

මගේ නම් කිසිදු දේව ඇදහිල්ලක් නැත. "මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම" (ර)

:       0       2

ඩිල්ෂාන් Thursday, 30 October 2014 08:05 PM

ඒ වුණාට අන්තිමේදී රැවටෙන්නේ කවුද? (නි)

:       0       0

අසෝකා Monday, 03 November 2014 03:13 PM

මේ ලිපිය කියවූ විට මෙය ලිවිය යුතුම යයි මට සිතුනි. ඉස්සර අපි කතරගම යනවිට උම්බලකඩ කැල්ලක් හෝ මිශ්‍ර නොකිරීම වැඩිහිටියන් පුරුදු වී සිටියේ ගෟරවය හා භක්තිය නිසාය. එහෙත් මගේ මවගේ අභාවයෙන් පසු අපි මෙසේ කතරගම යන විටකදී පියාගේ මිතුරකු විසින් දේවාලයේ කපු මහතාගේ ගෙදර අපවෙනුවෙන් අහාර සුදානම් කර ඇති බවත් එහි අපට නවාතැන් සලසා ඇති බවත් දැන්වූ බැවින් අප එහි ගියෙමු. මස් මාළු සමග අහාර සකස් කර ඇති බව දුටු පියා ඒ දැක පුදුම විය. එදා සිට කතරගම ගමන ගැන එතරම් පැහැදීමක් අපතුල නොවින. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4818 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 646 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1224 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 109 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 193 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 257 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25552 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site