රාවණ කතාව වටා රොද බැඳුණු පාඨක ප‍්‍රතිචාර එමටය. රාවණ මිත්‍යාවක් හැටියට වපුරන්නට අපට වුවමනා නැත. ඉන්දියාවේ ඉතිහාසයේ රාමxරාවණ යුගය පූජනීය නම් අපට මිත්‍යාවක් වන්නේ කෙසේද? නමුත් ගැඹුරු අතීතයකි. ගැඹුරු අතීතයක් ගොඩගැනීමේදීත්, නුහුරු අතීතයක් වෙත යාමේදීත් කෙනෙක් විරුද්ධ මත දරන්නට පුළුවන. එහෙත් අප ගොඩනගන්නේ ජාතික වීරයකු මිස විජාතික වීරයකු නොවේ. ජාතික වීරයකු හැටියට ඉතිහාස කතාවලින් අතුගාදැමූ වීරයෙකි.
රාවණගේ සුවිශේෂතා මහාවංශය වැනි පොත්වල මතු නොකළේ ඇයි? මහා වංශය ලියූ මහානාම හාමුදුරුවෝ ඉන්දීය සම්භවය ඇති බව කලින් ලීවා මතක ඇත. උන්වහන්සේ රාවණගේ හැකියා සටහන් කළා නම් ”විජයට” මහාවංශයෙහි ලැබෙන තැනක් නැත. විජයට තැනදීම අරමුණු කොටගෙන උන්වහන්සේ ඉන්දියාවෙන් පැමිණි කතාවකින් මහාවංශය ආරම්භ කරන්නට ඇත. එතැනට එහා පැරැුණි සිංහල රාජ පරම්පරාව ගැන ලීවා නම් අප කාටවත් අපේ අතීතය පැටලෙන්නේ නැත.
රාවණ වැනි චරිත ඉතිහාසයේ මිහිදන් කළේ බොහෝ අරමුණු සහිතව බව අපට පෙනේ. එවැනි චරිතයක් මතු කරන මොහොතක ආදරණීයව අප දිරිමත් කරන ඔබට ස්තුතියි. අද අලූත් කතාවක්.
රාවණ යුගයේ සිටි කතළු රාක්ෂයා ලංකාවේ රත්රන් නිෂ්පාදනය කිරීමේ පළමුවැන්නාය. මේ කතළු රාක්ෂයා (කතළු කුමරු* රාවණගේ ඥාතියෙකි. මොහුට කතළුවේ තිත්තගල ප‍්‍රදේශයේ විශාල රත්රන් නිෂ්පාදනාගාරයක් තිබිණි.
රාවණ රජුගේ නාවුක හමුදාවට අයත් ප‍්‍රධාන වරායක් කතළුව ප‍්‍රදේශයේ තිබුණු බව කියැවේ. එම වරායේ රාවණට අයත් නැව් ඇතුළු මුහුදු යාත‍්‍රා සිය ගණන් නවතා තිබූ බව සඳහන්වේ. එකල රාජකීයයන් හා යක්ෂ ගෝති‍්‍රකයන් රට රටවල යාමට කතළුවේ වරායෙන් මුහුදු බට බව විශ්වාස කළ හැකිය. එහෙත් පසු කාලයක කතළුව වරාය දැවැන්ත මුහුදු ඛාදනයකට නතු වන්නට ඇතැයි සැක කෙරේ.
කතළු කුමාරයා සහ යක්ෂ ගෝති‍්‍රකයන් සබ්මැරීන නිපද වූ බව රාවණ කතා පුවතේ සඳහන් වන්නකි. විදේශයකින් දැවැන්ත සතුරු ආක‍්‍රමණයක් පැමිණියහොත් සතුරු නාවුක යාත‍්‍රා සබ්මැරීනවලින්ම ගොස් මුහුදේදී විනාශ කිරීමේ හැකියාවක් එදා පැවතිණි. නමුත් රාම රාවණා යුද්ධයේදී සබ්මැරීනවලින් යමක් කළ බව වැඩිදුර සඳහන් නොවේ.
රත්රන් නිෂ්පාදනයට දක්ෂ කතළු කුමාරයා රත්රන්වලින් අගනා සබ්මැරීනයක් නිර්මාණය කළේය. එය රාම යුද්ධයේදී කතළු වරායේ නැංගුරම්ලා තිබුණා හැර පාවිච්චියට ගත්තේ නැත. නමුත් මුහුදු ඛාදනයේදී මේ සබ්මැරීනය ගල්පර අතර සිරවිය.
රාවණ ග‍්‍රන්ථයේ සඳහන් වන පරිදි ඉහත සබ්මැරීනය නිපදවා ඇත්තේ ලංකාවේම නිෂ්පාදිත රත්රන් වලිනි. කතළු කුමාරයා විසින් සොයා ගන්නා ලද කිසියම් බෙහෙත් වට්ටෝරුවක් සංයෝගයෙන් මේ රත්රන් නිෂ්පාදනය කළ බව කියැවේ. ඒ අනුව කතළු කුමාරයා විසින් ”රන්” මහ පොළොවෙන් ගොඩ ගත්තා නොව විශේෂ ශිල්පීය ක‍්‍රමයක් ඔස්සේම ගොස් නිපදවා ගත්තකි.
ආචාර්ය මිරැුන්ඩෝ කියන පරිදි මේ රත්රන් නිෂ්පාදනයට කිරිමැටි පවා එකතුකොට තිබේ.
ලෝක ප‍්‍රකට මයික් විල්සන් මහතා ලංකාවේ දකුණු දිග මුහුදේ කරන ලද පර්යේෂණයකදී කතළුව ප‍්‍රදේශයේ මුහුද යට ගල් පරවලට සිරවූ සබ්මැරීනය දැක ඇත.
මයික් විල්සන් යනු එංගලන්ත ජාතිකයෙකි. පසුව කිමිදුම් ක්ෂේත‍්‍රයෙන් පරතෙරට ගොස් මහ සයුර යට ඉතිහාසය හා විවිධත්වය සොයා පර්යේෂණ කළ අයෙකි. ඔහු ලංකාවේ දීර්ඝ කාලයක් ගත කළෙත් මෙරට මුහුදු සීමාවේ අගනා සොයා ගැනීම් රාශියක් කරමින් පසුගිය සියවසට නව මත ඉදිරිපත් කළ විශේෂඥයෙකි.
කතළුවේ පොළොව යට ඇති සබ්මැරීනය ගැන තොරතුරු මයික් විල්සන් මහතා ආචාර්ය මිරැුන්ඩෝට පවසා ඇත්තේ 1960 මාර්තු 31 දාය. මේ සබ්මැරීනය අසළදී දැවැන්ත මකරකු ස්වරූපයේ පක්ෂියකු දුටු බව ද හෙතෙම පවසා තිබේ. රාවණා යුගයට ”මකරා” ගේ සම්බන්ධයක් ඇත්දැයි සමහරු විශ්වාස කරති.
නමුත් මකරා ලංකාවේ ඉතිහාසයට කොහෙත්ම සම්බන්ධ නැත. චීන ඉතිහාසයට සම්බන්ධ කලාත්මක සත්වයෙකි. රාවණ යුගයට අයත් යැයි මකර රූපයක් කෙනෙක් ඉදිරිපත් කරනවා නම් එක්කෝ එය රාවණගේ චීන සබඳතා වඩා ඔපවත් කරන කාරණයක් බව මිරැුන්ඩෝ ඔබේසේකර මහතා විශ්වාස කරයි. එයට හේතුව චීනයේ ”මාහෝ” කුමරු පවා ලංකාවේ සංචාරය කොට පැවැත්වූ අගනා රාජතාන්ති‍්‍රක සම්බන්ධතා නිසාවෙනි.
කෙසේ වෙතත් මයික් විල්සන් මහතා කතළුව යට දැවැන්ත මුහුදු සීමාවේ දුටුවේ රාවණගේ රත්රන් සබ්මැරීනයයි. රාවණ රජතුමා ලංකාවේ වැඩි වශයෙන් සංචාරය කරන්නේ අමාවක දා රාති‍්‍රයේය. දැනුදු එතුමා තම ජන්ම ලාභය ලැබූ දක්ෂිණ ලංකාවේ රාජ ග‍්‍රාමයේ යක්විල රෙජ්ජිපුරට පැමිණෙන්නේය. එසේ පැමිණ එදා කේෂිණීගේ මාළිගය තිබූ භූමියේ සැරිසරන්නේය.
රාවණට ප‍්‍රථමයෙන් එතුමාගේ ආරක්ෂාවට සිටින ප‍්‍රබල ආරක්ෂකයන් සත් දෙනාගේ අමනුෂ්‍ය ආත්ම එතැනට පැමිණෙයි. අදත් රෙජ්ජිපුර රාවණ පැමිණෙන මොහොතේ එහි සිටින කවරකුට වුව හදිසි අන්තරාවලට මුහුණ දීමේ ඉඩක්
තිබේ. විශේෂයෙන් රාවණගේ ආරක්ෂක අමනුෂ්‍ය ආත්ම හතෙන් එම කරදරය හිමිවන බව ආචාර්ය මිරැුන්ඩෝ කියති.
රාවණගේ පැමිණීමත් සමග රාජ ග‍්‍රාමයේ වාසය කරන තිදෙනකුට රාවණගේ ආශිර්වාදය හිමිවේ. එය හදිසි ධන ලාභයක්, වස්තු ලාභයක් වැන්නක් විය හැකිය.එතැනින් නැවත රාවණ රජතුමා සීනිගම දේවාල භූමියේ කිසියම් තැනකට යයි. එම ස්ථානය රාවණගේ මවු පාර්ශ්වයේ ආදි පුරුෂයා වන ”හේඩි” සිටි තැන ස්මාරකයයි.
මුහුදු ඛාදනය නිසා සයුරු ජලය රට අභ්‍යන්තරයට ඒම මත ”හේඩි” ස්මාරකය අද ගාලූ පාරේ සිට සැතපුම් හතක් මුහුදට වෙන්නට පිහිටා තිබේ. නමුත් මේ සැතපුම් හතම එදා ලංකාවේ ගොඩ බිම බව අමතක නොකළ යුතුය. රාවණගේ මවු පාර්ශ්ව ආදිතමයාගේ සොහොන් බිම පුරාණ යක්ෂ දේවාලයක් හැටියට සළකයි. පසුකලෙක හේතුමුණි බ‍්‍රාහ්මණ නම් වූයේ හේඩිගේ පරපුරහි කෙනෙක් බව ද රාවණ කතාවේ සඳහන්වේ.
දැනට සීනිගම දේවාලයේ පිදුමට හා පූජෝපහාරයට පාත‍්‍රවන දෙවොල් දෙවියන් ඉන්දියානුවෙක් යැයි සමහරුන් හඳුන්වනු ලැබේ. නමුත් සීනිගම දේවාලයේ වැඩ සිටින මේ දෙවොල් දෙවියන් පුරාණ යක්ෂ ගෝත‍්‍රිකයකු බව පුරාණ පුස්කොළ පොත්හි සඳහන්වේ.
මෙම දේවාලයේ ”පූනාව” සම්භාව්‍ය යක්ෂ ගෝති‍්‍රකයන්ගේ පූජා භාණ්ඩයක් බව ද අපැහැදිලි නොවන්නකි.
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩ සිටි තොටගමුව රාජමහා විහාරයද රාවණ යුගයේ ස්මරණීය තැනෙකි. එදා මෙහි යක්ෂ ගෝති‍්‍රක ප‍්‍රභූවරයකු වූ ”මහේජ” රාක්ෂයාගේ භවන පිහිටා තිබුණු තැනයි.
ඉහත කරුණු සංක්ෂිප්ත කොටගත් විට දකුණු පළාත් රාවණ අධිරාජ්‍ය ඉතා බලවත්ව පැවැති බව අවබෝධ කොටගත හැකිය. රාවණගේ ඥාති පරපුරේ විශාල පිරිසක් කතළුව, බළපිටිය, සීනිගම, රාජගාම, තොටගමුව ආදී ප‍්‍රදේශ කේන්ද්‍ර කොටගෙන සිට ඇත. ඊටත් වඩා යක්ෂ ගෝත‍්‍රයේ ප‍්‍රභූ පිරිස වන රාක්ෂයන්ගේ ඥාති පරම්පරා ජීවත්ව සිට ඇත්තේ දක්ෂිණ ලංකාවේය. එබැවින් රාවණගේ උපන් ගමද වන දකුණට අදත් රාවණ ආශිර්වාදය ඉහලින් හිමිවේ.
රාවණ දීර්ඝ නිද්‍රාවෙන් (සිහි මුර්ඡුාවෙන්) අවදිවූ පසු දක්ෂිණ ලංකාවට නිතර ගමන් කරයි. දකුණෙහි දියුණුව අපේක්ෂා කරයි. ඥාතීන් විසූ ප‍්‍රදේශවල සුඛිත මුදිත බව පතයි.
දකුණට ලැබෙන ශීඝ‍්‍ර දියුණුවට විටෙක රාවණ ආශිර්වාදය ද ඉහළින් හිමි බව විශ්වාස කළ හැකිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 5000 කට කලින් තිබුණු මිසර, මායා ශිෂ්ටාචාර වැනි ව්ශිෂ්ට, විශ්මය ජනක ගැන විස්වාස කරන ලාංකිකයෝ අවුරුදු 2500 කට පෙර ලංකාවේ විශිෂ්ට ශිෂ්ටාචාරයක් තිබුණු බව පිළිගන්න මාලි වීම කණගාටුවට කරුණක්. මේ කියන දේවල් ඔප්පු කරන්න සාධක නොමැති බව ඇත්ත. ඒවා මතුකරගන්නවත් උත්සහා කරන්නේ නැතිව අන්ධයෝ වගේ අතගාල කොකාගේ පාට හොයන්න යාම හාස්‍යජනකයි (හේ)
ඉමල්ෂා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඔබ රාවනා කතා පුවත දකින්නේ කෙසේද ? (අ)
උපාලි, වටින්නේ ලංකාදීප ලිපියට බුධිමත්ව සහ හේතු සහිතව ප්‍රතිචාර දක්වීමයි. නැතුව ඔබ කිව්වා වගේ "තමන්ගේ ඇගේ ලේ පුච්චගෙන" අනුන්ගේ අදහස් වලට බුරන එක හෝ තප්පුලන එක නෙවෙයි. එ්ක කරන්න ලංකාවේ දේශපාලඥයෝ ඉන්නවනේ.(අ)
මේක මම ලියන්නේ ඇඩ්මින් සහෝදරයට පමණයි, මොකද ඔයා මේක පල කරන්නේ නැති නිසා : අවුරුදු දස දහස් ගණනකට කලින් සියලුම තාක්ෂණය රාවනා ළඟ තිබිල තියෙනවා. විශේෂයෙන්ම වයර්ලස් තාක්ෂනය. ඒ කියන්නේ කෙලින්ම මොලෙන් මොලේට තමයි කතා කරලා තියෙන්නේ. මම එහෙම කියන්නේ අපේ ය කොච්චර හැරුවත් කිසිම වයර් කැල්ලක් හරි ෆෝන් කැල්ලක් හරි හමු වී නැති නිසයි. එකෙන්ම ඔප්පු වෙන්නේ නැද්ද ලංකාව කොයි තරම් දියුණුව සිටියද කියල. කොච්චර දියුණු වුනාද කියනවනම්, අපේ අය හැමදේම කරගෙන තියෙන්නේ ඇසට නොපෙනෙන අතට අසු නොවන තාක්ෂණයකින්. පස්සේ එක නිසාම ඔක්කොම හොඳටම කම්මලිවෙලා ගිහිල්ලා අගතියට පත් වුනාලු. ඒ පරම්පරාව එහෙමම නැති වෙලා ගිහිල්ලා ඔක්කොම විනාස වුනාලු. අපි පැවතගෙන එන්නේ ඒ විනාසයෙන් පසුව බිහිවෙච්ච කට්ටියගෙන්. අපිට ඉතින් මුල සිට පටන් ගන්න වුනා. සුද්දෝ එනකොටත් හරියට වස්තරයක්වත් නැතිව ඉන්න ගානට ගියාලු (සමහර පළාත් වල). (බ)
උපාලි, ඔයා සමහරවිට උගත් ඇති. ඒත්, ඔය පොත්වල තියනවා වගේ රාවණාට ඔලු 10 තිබුනා, හනුමා කන්දක් උස්සාගෙන ලංකාවට අහසින් ආවා කියලා විශ්වාස කරන්න මම කැමති නැහැ. ඔයා කියන විදියට අපි නූගත්. අනික අර පරණ කතාවකුත් තියනවනේ, කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. (නි)
වැළලුණු අතීතය පුදුමසහගතයි නේද? (නි)
දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ.... (නි)
අසින්ත, ඔයාගේ කතාව හරි. ඒත් රාමායණය සුක්ෂමව කියවනකොට තේරෙනවා එය සාහිත්‍යකරුවන් විසින් යොදාගත් උපමාවක් කියලා. අපි ඒ කොටස ඉවත්කරලා අනිත් ඒවා දිහා බැලුවොත් පිළිගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. යාපනය කොටු පවුර අසළ මුහුදු තීරයෙන් එක කාලයකට වැලි මාවතක් මතුවෙනවා, ඉන්දියාව දෙසට. එය බොහෝදුරට රාමායණයේ සඳහන් වන හනුමා විසින් ඉදිකළ පාලම ලෙස පිළිගන්න පුළුවන්. ලංකාවේ අපි දන්නා රාවණා කතාව මොනවිදිය වුණත් මේ පුරාවෘත තුළ සැඟවුණු සත්‍යයක් තියෙනවා (නි)
මොනවා වුණත් අපේ කෙනෙක් ලියපු මේ විස්තර අපිට වටිනවා (නි)
මෙම ලිපිය බොරු කියන අය ලාංකිකයෝ වෙන්න පුලුවන්ද ?(හේ)
වෙන්නත් පුළුවන්.(හේ)
ඕනෑම කෙනෙකුට අදහසක් විචාරයක් තියෙන්න පුළුවන් හැබැයි දෙයක් දිහා බලල කියවල විචාරය කරන්න ටිකක් හරි බුද්ධිය තියෙන්න ඕන.මැටිපහන, සුරංග,සුනිමල්,නාමල්,අසින්ත.ඔයාලට කියන්න වෙන්නේ කට වහගෙන ඉන්නකල් මෝඩයත් පණ්ඩිතයෙක් කියල.සම්පත් ඒ අතින් හොදයි මොකද එයාට විස්වාශ කරන්න බැහැ කියල කියල තියෙනවා.අනෙක් අය කට අරින්න ගිහින් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම ලෝකෙටම පෙන්නපු එක කරලා තියෙන්නේ.තව ටික කාලෙකින් කියයි මට අම්ම තාත්ත කියල කෙනෙක් නැහැ කියල.හලෝ මේ අපේ අතීතය වැරදි තැන් තියෙන්න පුළුවන්.පුලුවන්නම් හොයල බලාලා ඒවා හදනවා.තමන්ගේ ඇගේ ලේ පුච්ච ගන්නේ නැතුව.(අ)
හරිම ආශාවෙන් කියවන්න පුලුවන් මේ වගේ දේවල් (නි)
ඔබතුමාගේ මෙම පරීක්ෂණ තව තවත් ඉදිරියටම කරගෙන යන්න (නි)
මම කියන්නේ මේ පුරාවෘත ලියපු අය මේ පුරාවෘතවල එන චරිත 'සුපර් හීරෝ' අය කියලා ඔප්පු කිරන්න යොදපු සමහර බොළඳ උපමා අපේ බුද්ධියෙන් වටහා ගත යුතුය කියන එකයි.(හේ)
මේ අගනා තොරතුරුවලින් පෙනන්නේ සිංහල ජාතිය වීර විකුම් පෑ රාවනා නිරිඳුන්ගෙන් පැවත එන බවයි (නදී)
බොහොම වැදගත් සොයාගැනීමක් (නි)
සුරංග දන්නේ නැතුව ඇති හනුමා ගෙනා කන්ද නිසා ස්වභාවික වරායක් හැදුන බව. (නි)
රාමායනය ප්‍රබන්ධ කාව්‍යක්. (බ)
කන්දක් ඔසවාගෙන යන කෙනෙක් පිළිබද විස්වාශ කල නොහැකී ලෝකයේ දකින්නට තිබෙන විශ්මිත නිර්මාණ මිනිසා විසින්ම කර ඇති බව හැඟේ.(නදී)
විජයට ඉස්සර අපට දීර්ග ඉතිහාසයක් තිබුණු බව අපි පිළිගන්න ඕනේ, සමහර දේවල් විස්වාස කරන්න බැරි උනාට මේ ගැන සොයාබල මෙවෙනි ලිපි පලකරනවට මගේ ස්තූතිය. ලක් ඉතිහාසය ගැන නොදන්නා කට්ටියට දැනගන්න. (ර)
කතළුව කියල සීනිගම පින්තුර දාල. පිස්සුද මන්දා (අ)
රත්තරන් යනු තද ලෝහයක් නොව මෘදු ලෝහයකි. එම නිසා රත්තරන් සුළු ප්‍රමානයක් හෝ ඇති ලෝහ මගින් පාවිචියට සුදුසු සබ්මැරින් නිපදවිය නොහැක. අර්කෘති වැනි දෑ තැනිය හැක. ගාල්ල වැනි ස්වාභාවික වරායන් ලඟම තිබියදී කතළුව වැනි මුහුදු ඛාදනයට ගොදුරුවන ස්ථානයක් තෝරාගැනීමෙන් රාවනා දුර දක්නා නුවන නැති නමුත් හැකියාව ඇති තවත් ලංකාවේ පාලකයෙක් බවට පත්වෙනවා. එකනේ සෙල් ලිපියක්වත් නැත්තේ. (බ)
මම රස්සාව අතැරලා හෙට ඉඳල යනවා රත්තරන් සබ්මැරින් එක හොයන්න. කෑල්ලක් හම්බවුනත් පරම්පරාවම ගොඩ. වෙන එකෙක්වත් එනවා එහෙම නෙවෙයි. (හේ)
අපේ ආච්චි ඔයිට වඩා සුරංගනා කතා කියනවා.(හේ)
මෙතුමාගේ ඊලග ප්‍රශ්නය තමයි, "අන්ටක්ටිකාවේ ගිලුණු ටයිටැනික් නැව රාවණගේද? කියන එක.(හේ)
මේ කතාව විශ්වාස කරන්න බෑ.(හේ)
ඉතා හොඳ ලිපි පෙළක් (නි)
හරිම ආශාවෙන් කියවූ ලිපියක් (නි)
සුරංග ,ඔය මොනවාද දන්නේ? මේක සුරඟන කතාවක් නම් නෙමෙයි. රාවණාට නාවුක බලයක් තිබුනා. ඒවායේ ප්‍රතිඵල තමා මහා පරාක්‍රමබාහු රජු සියම මුහුදින් ගොස් ජයගත්තේ. එදත් අපි චීන රජය එක්ක සම්බන්ධකම් පැවැත්වූවා. චීනෙත් සාක්ෂි තිබෙනවා (නි)
මම හිතන්නේ නෑ.(හේ)
ඒක කියන්නත් බෑ.(හේ)
මේව දැකල මගේ අත් දෙක විතරයි මෙච්චර කල් කකියෙව්වේ කොමෙන්ට් එකක් දාන්න. දැන් නම් ලේත් රත් වෙනවා. මෙනවා කරන්නද කියල හිතාගන්න බෑ. (අ)
නාමල්, අපේ ආච්චිගේ කට ඇරුන ගමන්මයි මේ කතා අහලා. එයාට සැහෙන කේන්ති ගිහිල්ල ඉන්නේ එයාට වැඩිය කතන්දර කියන කෙනෙක් මේ ලෝකේ ඉන්න එක ගැන. (අ)
රනිල්, මගේ ප්‍රතිචාරයේ කොතනද නාවික බලයක් තිබුනේ නැහැ කියලා හෝ අන්තර්ජාතික සම්බන්ධතා තිබුනේ නැහැ කියලා තියෙන්නේ? මම දන්නා දේ හොයනවට වඩා හොඳ නැද්ද හෝඩියේ පන්තියට ගිහිල්ලා සිංහල කියවන්න ඉගෙනගත්තොත්? (නි)
සමහර මෝඩ මිනිස්සුන්ට මේවා සුරංගනා කතා.(හේ)
දැන් මේ රාවණාත් කරදරයක් වේගෙන වගෙයි එන්නේ (නි)
හොඳ ලිපි පෙළක් (නි)
මෙසේ බලනවිට අපිට සාඩම්බර ඉතිහාසයක් තිබිලා නේද? (නි)
මේ ගැන තව තවත් පර්යේෂණ කරන්න. වැදගත් යමක් සොයාගත හැකිවේවි (නි)
මම ඉතාමත් කැමැත්තෙන් අඛණ්ඩව කියවාගෙන එන ලිපි පෙළක්. (නි)