|
සුදේශ් මුතු |
ලොව සිටින දිගුම කොණ්ඩය හිමි පුද්ගලයා වන්නේ ඔහුය. එය ගිනස් වාර්තාවකි. ගිනස් වාර්තාවක් තැබූ ඔහු නමින් සුදේශ් මුතුය. කැනඩාවේ වෙසෙන මේ ශ්‍රී ලාංකිකයා එරට වඩා ප‍්‍රකට චරිතයක්ව සිටින්නේ මේ ගිනස් වාර්තාව නිසාම නොවේ. ව්‍යාපාරිකයකු ලෙස ජීවිතය ජයගත් පුද්ගලයකු මෙන්ම ශ්‍රී ලාංකීය සංගීත කලාව කැනඩාවේ ප‍්‍රචලිත කිරීමට නිබඳ අනුග‍්‍රහයක් ලබා දෙන මෙරට කලාකරුවන් හා ගහට පොත්ත මෙන් බැඳී සිටින කලාකාමියකු ලෙසය. එනයින් කටයුතු කරන පුද්ගලයකු වුවද, අද සුදේශ්ගේ වටිනාකම හඳුනාගෙන සිටින්නේ අපට වඩා කැනඩාවය. එරටට ඔහු අද සම්පතක් වී සිටී.
එය එසේ වූයේ කෙසේද? සතයක්වත් අතේ නැතිව කැනඩාවට ගිය සුදේශ් ජීවිතය ජයගත්තේ කෙසේද? අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරන ඒ මිනිසාගේ කතාව කෙටියෙන් හෝ අපි කිවයුතු වෙමු. ඔහු වෙතින් කෙරෙන සේවය ගැනද සඳහන් කළ යුතු වෙමු. එනිසාවෙන් සුදේශ් මුතු ගැන අපි මෙලෙස සටහන් කරන්නෙමු.
කොළඹ දෙමටගොඩදී ඉපිද හැදී - වැඩුණ සුදේශ් අනුව (90) දශකයේ මැද භාගයේදී නැව් නගින්නේ භද්‍ර යෞවනයකුව සිටියදීය. ඒ දෙයියා නමින් හැඳින්වූ මිනිසාගේ මග පෙන්වීම මතය. එලෙසින් නැව් නැග ගිය සුදේශ් ඉන්පසු තමාගේම සොයා යාම අනුව ජීවිතය සොයා යන්නට පටන් ගත්තේය. ඒ අනුව නැවතත් නැව් නැගි ඔහුගේ අරමුණ වූයේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරයට ගොස් රැකියාවක් සොයා ගැනීමටය. එලෙසින් සිතිවිලි ගොන්න හදපතුලේ රඳවාගෙන නැව් නැග ගිය ඔහුගේ ගමනාන්තය වූයේ කැනඩාවය. එහි කියුබෙක් වරායට සේන්දු වූ පසු තමාගේ නිව්යෝක් සිහිනය සැබෑ කර ගැනීමට එතැන වඩා පහසු යැයි විශ්වාසය තැබීය.
දළ රළ පෙළ අතරින් කියුබෙක් වෙත ඇදී ආ නෞකාවේ සිටි සුදේශ්ගේ සිතිවිලි බෙහෙවින් කැළඹී තිබිණි. ‘‘මම මොනවද කරන්නෙ? කොහේටද යන්නෙ? නවතිනවාද? ගමනේ යෙදෙනවාද?’’ යන්න ප‍්‍රශ්න ගොන්න ඔහුගේ මනසේ කැකෑරෙන්නට විය.
‘‘නැහැ... මම මෙතැන නතර වී ජීවිතය ජය ගන්නවා’’ යැයි ස්ථිර අරමුණකට එළැඹි හේ කැනඩා දේශය ස්පර්ශ කරන්නට පටන් ගත්තේය. නෑදෑයකු, හිතවතකු තියා දන්නා තරමේ මිතුරකුවත් නැති මහා දේශයක තනි වූ හේ ජීවිතය සොයා යන්නට පටන් ගත්තේය. ඇට මිදුළු පසාරු කරගෙන යන තරමට රිදුම් දෙන ශීතලද, ලැව් ගින්නක් සේ ළයට ගලා ආ කුස ගින්නද ඔහු දරා ගත්තේය. එසේ වුවද පළමු ප‍්‍රයත්නය අසාර්ථක වී තිබේ. ඒත් ප‍්‍රයත්නය අත් නොහළ හේ කැනඩාවේ නීති-රීති වලට අනුව යමින් පාසලකට ඇතුළත්ව (විදේශිකයින් උගත යුතු දේ වෙනුවෙන්) දැනුම ලබාගන්නා අතරේ අමතර කාලවේලාවේදී රැකියාවක නිරත වන්නටද පටන් ගත්තේය. එය ප්ලාස්ටික් ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කෙරෙන ආයතනයකි.
සුදේශ් තම ජීවිතයේ ස්වර්ණමය තීන්දුව ගැනීමට පෙළැඹුණේ එහි සේවය කරන අතරවාරයේදීය. එහි කෙරෙන සියල්ල ගැන නිසි අධ්‍යයනයක යෙදුණු හේ කෙදිනක හෝ තමාගේම ව්‍යාපාරයක් අරඹන බවට තමාටම ගිවිස ගත්තේය. එය අද යථාර්ථයක්ම වී තිබේ.
එය නිකම්ම සිහිනයක් දිග හැරුණාක් මෙන් වූ යථාර්ථයක් නොවේ. අප‍්‍රතිහත ධෛර්යයේ ඵලයක සාර්ථක ඵල නෙළා ගැනීමකි. ඒ යථාර්ථය ගැන අද සුදේශ් පවසන්නේ මෙලෙසිනි.
‘‘කැනඩාවට මුලින්ම එනකොට කොහෙද යන්නෙ? මොනවද කරන්නෙ? කොහෙද ඉන්නෙ? කියලා හිතාගන්න බැරිවුණා. ඒත් ජීවිතයට ඉදිරියක් මිස පස්සට යාමක් නොමැති බව විශ්වාස කළා. පාසලක ඉගෙන ගන්නා අතරේ, ප්ලාස්ටික් වැඩ පළේ රැකියාවකට ගියා. මේ වන විට මගේ බිරිඳත් හිටියෙ මා එක්කයි. ලොකු පුතා හම්බ වෙලා හිටියෙ. සමහර දවස්වලට අපට වේල පිරිමසා ගන්නවත් එදා සල්ලි තිබුණෙ නැහැ. ඒත් බිරිඳ සියල්ල දරාගෙන මට යෝධ ශක්තියක් වුණා. මම ටිකෙන් ටික එකතු කරලා මගේම ව්‍යාපාරය අරඹන්න අඩිතාලම දැම්මා. පටන් ගත්තට මොකද, එය හිතන තරම් ලෙහෙසි වුණේ නැහැ. හැම දෙයක්ම තනිවම කරන්න වුණේ මටයි. ශීත කාලය කියලා උණුසුමට ගුලිවෙලා ඉන්න ලැබුණෙ නැහැ. සමහර දිනවල නිදා ගත්තෙත් නැති තරම්.
ශීතල දරා ගන්න බැරිව මැරේවිද කියලත් හිතුණා. ඒත් උත්සාහය අත් හැරියෙ නැහැ. කොහොමින් - කොහොමහරි මේ විදියට දවස් ගෙවිලා ගියා. නැගී සිටින්නට වෙර දරන මිනිසකු හැටියට බැංකු මුදලකුත් ලැබුණා. මගේම ආයතනය දියුණු කරන්න නම් මමම කැපවෙන්න ඕනෑ කියලා හිතුවා. මට දැක්මක් තිබුණු නිසා විෂන් ප්ලාස්ටික් නමින් ආයතනය ලියාපදිංචි කළා. දහ පහළොස් දෙනෙක් කළ යුතු වැඩ කොටස තනිවම කරන්න පටන් ගත්තා. එදා විඳපු ඒ සියලූ දුෂ්කරතාවයන්හි ඵලය තමයි අද මා ලබන්නෙ. අද මම මගේ හමර් රථයේ හෝ බෙන්ස් රථයේ නැගී යන විට මට අයත් කළම්බූ ට‍්‍රකින් ප‍්‍රවාහන සේවයට (භාණ්ඩ ප‍්‍රවාහන) අයත් ට‍්‍රක් රථ වෙලාවකට මා අසලින් ගමන් ගන්නවා. ඒවා පසුකර ගෙන ගියාම තමයි මට හිතෙන්නේ ඒවා මගේ කොම්පැණියෙ වාහන නේද කියලා. ජීවිතය ගැන වෙලාවකට පුදුම හිතුණත් මම පුදුම නොවන්නෙ මිනිසකු ලෙස මට අරමුණක් - දැක්මක් තිබුණ නිසයි.’’
සුදේශ්ගේ ඒ දැක්ම අනුව බිහිවූ විෂන් ප්ලාස්ටික් ආයතනය යනු අද කැනඩා දේශයට නැතිවම බැරි තැනෙකි. ප්ලාස්ටික් යනු සුව කළ නොහැකි, වඳ කළ නොහැකි රෝගයක් තරමට මෙන් වූ දෙයක් නම්, ඊට සුදුසු ප‍්‍රතිකාරය ඇත්තේ ඔහු සතු විෂන් ප්ලාස්ටික් ආයතනය වීම ඊට හේතුවය. අද බොහෝ ආයතන සුදේශ් සොයා එන්නේ තම ආයතන සතු භාවිතයට ගත නොහැකි ප්ලාස්ටික් ද්‍රව්‍යය ලබාදීම පිණිසය. ඒ සියල්ල සුදේශ්ගේ ආයතනයට ලැබුණු පසු ප‍්‍රතිචක‍්‍රීයකරණ කටයුතු කෙරේ. ඉන්පසු නව නිපැයුම් සඳහා ඒවා වෙනත් සමාගමක් වෙත අපනයනය කරයි.
|
ප්ලාස්ටික් මළු නිපදවන යන්ත‍්‍රය |
ඊට අමතරව සුදේශ් තවත් යන්ත‍්‍රයක් ආනයනය කළේය. ඒ මගින් සිදුවන්නේ ප‍්‍රතිචක‍්‍රීකරණය කෙරෙන ප්ලාස්ටික් ද්‍රව්‍යය මගින් ඝණ ප්ලාස්ටික් තීරු නිර්මාණය කිරීමය. එනම් අඩි හතර - හය - අට - දොළහ ආදී වශයෙන් ඇති නිවාස සෑදීමට ගන්නා රීප්ප සහ පරාල මෙන් වූ දේ ඒ මගින් නිර්මාණය කිරීමය. අද ලෝකයේ බොහෝ ඉදිකිරීම් සඳහා ඒවා යොදා ගැනේ. ඒ හැරත් ඒ මගින් දැව ප‍්‍රශ්නය හෙවත් මිහිතලය සුරකින ගස් කපා දැමීම ඉතා අවම කරගත හැකිය. මෙලෙසින් පරිසරයටද සේවයක් කෙරෙන සුදේශ්ගේ විෂන් ප්ලාස්ටික් ආයතනයට ඇති ඉල්ලූමේ තරමට සේවය ලබාදීමට තරම් නොහැකි තරමට එම ආයතනය කාර්යබහුලව තිබේ. අද දින කැනඩාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනකුට සුදේශ් නිසා රැකියා පවා කිරීමට අවස්ථා හිමිව තිබේ. ඔහුගේ මාමණ්ඩියද මෙහි සේවයට එක්ව සිටී.
කැනඩාවේ ප්ලාස්ටික් තර්ජනයට සහන් එළියක් වූ සුදේශ් තමා උපන් රට වන ශ්‍රී ලංකාවට ද සේවය කිරීමේ අටියෙන් ඉහත කී යන්ත‍්‍රය මෙරට සවිකොට ලංකාවේ ඉවතලන ප්ලාස්ටික්වලට විසඳුමක් ගෙන ඒමේ අටියෙන් කටයුතු කළේය. එහෙත් මෙරට බලධාරීන්ගෙන් ඔහුට අවස්ථාවක් ලැබුණේ නැත.
‘‘ඇත්තටම මට ඕනෑ වුණේ මැෂින් එකක් දාලා සල්ලි උපයන්න නෙවෙයි. ලංකාවට සේවයක් කරන්නයි. මේ යන්ත‍්‍රය ගෙනැල්ලා මෙහේ ප‍්‍රතිචක‍්‍රීය කටයුතු කෙරෙන කර්මාන්තශාලාව පටන් ගත්තා නම්, මුළු ලංකාවම ප්ලාස්ටික් තර්ජනයෙන් ගලවා ගන්න ඉඩ තිබුණා. මම මගේ වියදමින් මේ කටයුතු ගැන දැනුමින් පොහොසත් විදේශීය විශේෂඥයකු සමඟ වරක් පැමිණ මෙහි බලධාරීන් සමඟ කතා කළා. ඒත් අපට යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. ඒ පාර වැඬේ අත්හැරලා දාලා අපි ආපහු යන්න ගියා.’’
ලංකාවට සේවය දීමට ආ සුදේශ් තමා මුහුණ දුන් දේ ගැන විටෙක ප‍්‍රකාශ කළේ එලෙසිනි. සැබැවින්ම ඔහු ලංකාවට අනර්ඝ නොවූ කැනඩාවට අනර්ඝ වූ චරිතයක් වන්නේ මෙකී හේතු නිසා බව පසක් කරගත හැකිය. ලංකාවට අගේ නැති මෙවැනි මිනිසුන් දේශ - දේශාන්තරවල තවත් සිටිනවා විය හැකිය. ඒත් දැක්මක් නොමැති දේශයකට ඔවුනගේ සේවය නොලැබී යයි.
සුදේශ් මුතු යනු සැබැවින්ම කැනඩාවට පුංචි මුතු කැටයකි. තමාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය මත අද ඉතා සුවපහසු ජීවිතයක් ගත කරන ඔහු බිරිඳ සහ පුතුන් තිදෙනාට කැනඩාවේ පුරවැසිභාවය ලැබී තිබුණද, අපේ ජාතිය අපේ ආගම ඔවුන් අමතක කර නැත. ශ්‍රී ලංකාවේ කලාකරුවන් සමඟ ගහට පොත්ත සේ බැඳී සිටින මේ පවුල කැනඩාවේ කෙරෙන ශ්‍රී ලාංකීය සංස්කෘතියට අදාළ වැඩකටයුතුවලට මුල් තැන් දී කටයුතු කරති. කොණ්ඩය වවාගත් නිකරුනේ කාලය ගත කරන තරුණයන්ට වඩා සුදේශ් අර්ථාන්විත මිනිසෙකි. දිගුම කොණ්ඩය සහිත මිනිසා ලෙස අද ගිනස් පොතට ගියද, එය ඒ සඳහාම කළ දෙයක් නොවේ. ජීවිතය ජය ගැනීම උදෙසා දියත් කළ අරමුණක ඵලයකි. ලංකාවට අගේ නැති කැනඩාවට අගේ ඇති සුදේශ් සහ බිරිඳ ඉරෝෂා මෙන්ම දරුවන්ගේ ආධ්‍යාත්මය රැඳී ඇත්තේ ලංකාවේම යැයි හේ පවසන දෙයකි.
|
සුදේශ්ගේ මන්දිරය |
ඔහු සතු විෂන් ප්ලාස්ටික් සහ කළම්බු ට‍්‍රකින් ආයතනය ගැන අදට වඩා හෙට දින ජාත්‍යන්තරව කතා බහට ලක්වන බව අපට ඉඳුරාම පැවසිය හැකි දෙයකි.
සටහන / ඡායාරූප - සඳුන් ගමගේ - (කැනඩාවේ සංචාරයකින් පසු)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිරියෙන් ජීවිතය ජය ගෙන ආදර්ශමත් දිවියක් ගෙවන සුදේශ් මුතුට ඉසුරුමත් අනාගතයක් සහ දීර්ගායුෂ පතමු! (නි)
සුභපැතුම් සුදේශ් (අ)
ජයවේවා සහෝදරයා! (නි)
සුදේශ්, ඔබ විශිෂ්ටයෙක්. ඔබගේ නම "දුක දිනා ජයගත් මිනිස්සු" පොතට ඇතුලත් විය යුතුයි. (නි)
රටට වටින්නේ නැත්නම් අවශ්‍ය තැනට වැඩකරන්න. සදා ජය! (නි)
මෙතනත් චතුල ටෙනිසොන් වගේ උදවිය කතා කරන්නේ "නෙපටිසම්" කියන අපේ සංස්කෘතියේ ඔද්දල් වෙච්ච තර්කයක්.මහත්වරුනේ, මිනිහෙක්ට දෙයක් කරන්න අහවලා හරහා ලොක්කකු හම්බවෙලා ඒ හරහා වැඩේ කරගන්න අමුතු ජාතියේ "සිස්ටම්" ඕනෑ නැහැ.ඒකට පිළිගත් ක්‍රමයක් අප්‍රිකානු රටවලත් තියනවා.ඔවැනි ක්‍රම තමා ජරාවට,ලකුණු දමාගැනීමට,වංචාවට පාර කපන්නේ. (නි)
ටෙනිසොන් මගේ පපුවට තට්ටු කලොත් කියන්නේ මෙන්න මෙහෙම දේවල්, සුරාබදු දෙපාර්තමේන්තුවේ සම්මුක පරීක්ෂණ සමත් උනත් පන්දම නොමැතිකමින් රැකියාව නොලැබීම, ඊට පසු මා කල පුද්ගලික අන්සේ රැකියා 6 ම "නෙපටිසම්"නමැති දේ හරහා පමණක්ම ලබා ගැනීම. ඒ හැර තව කියන්ට ගියොත් ගොඩයි... නිදහස් අධ්‍යාපනේ නිකන් දුන්නත් වැඩක් නැහැ එක මේ තියන සමාජ ක්‍රමේට මුක්කු ගහනවානම්.නගුටගහන්ට මිනිස්සු හදනවා නම්.අනික තමා අධ්‍යාපනේ,සෞඛ්‍ය වගේ දේවල් පුළුවන් එකාටයි බැරි එකාටයි දෙන්නටම නිකන් දිය යුතු නැහැ.නිකන් දෙන්න ඕන බැරි කෙනාට පමණයි.නිදහස් අධ්‍යාපනයක් ලංකාවේ නොතිබුනා නම් මගේ තාත්තට වත්කමක් තිබුන මට සල්ලි දීලා උගන්වන්න.දන්නේ නැති අටමගල කියවන්න එපා.ඔහෙලා ගොට්ට අල්ලනවා නම පිරිමියෙක් වගේ කියල අල්ලන්න.මේ ගහල සමාජේ අගේ කරන්න පුළුවන් කුහකයන්ට හැර අන් කවරෙක්ටද.මන් ඉපදිච්ච රටේ ඇදුරුන් කමක තිබුනත් නැතත් සුදුසුකම් ඇත්තේ නම් මට රැකියාවක් ලැබීම මානව අයිතියක්.රැකියාවක් නොලැබීමට හේතුව අදුරුම් කමක් නොමැති වීම නම් සහ ඒ සමාජේ සාමාන්‍යයයි කියල කියන්න පුළුවන් කුහකයන්ට නොවේද.ඒ අතරේම නගර සබාව,පොලිසිය,පාසල සහ අනෙකුත් ආයතන එක්ක කරන හැම ගනුදෙනුවක්ම පගාව,පන්දම,දූෂනේ නිසා එදිනෙදා ජිවිතේ අනවරත යුද්දයක් වෙලා.මොන දේසපාලන පක්ෂේ ආවත ඒටික තමා.ඔහෙලා වගේ කුහකයෝ තනන්නේ මලත් ලංකාව උතුම් කියා අත්තේ තියන්ට... එක ලේසි නෑ සහෝදරයා. ලින් මැඩියෝ ඉන්නකන් පුළුවන් වෙයි.(අ)
චතුල,හරි අගෙයි.ඔබේ අදහසට අනුව නම් ජනාදිපතිතුමාට මේ සම්බන්ධව දැනුමක් ලබාදී යහපත් වැඩකට අත හිත දීමට ඔබට හැකි බවයි පෙනෙන්නේ. එය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ඉත සිතින් පතමි (නි)
සුදේශ් මහත්මයට මගේ ගෞරවය පුද කරමි. ඔබ ලබා ගත් ඒ දියුණුව ලක්වැසියන්ට ලබා දීලා ලක්මව පීඩා විදින ප්ලස්ටික්/පොලිතින් අතවරයෙන් බේරා ගැනීමට නැවත ඉදිරිපත් වෙන්න. ඔබට මතකද අනගාරික ධර්මපාල උතුමාණන් වහන්සේගේ වදන 'සිංහලයෙනි නැගිටිව්'. ඒ අභීත නාදය වැනි වදනක් අපිට අද ඇසෙන්නේ නැහැ. නමුත් ඔබ වැනි ලක් දරුවෙක් ඉදිරිපත් වී 'ලක්වැසියන් ගිළී සිටින ප්ලාස්ටික්/පොලිතින් කුණු ගොඩින් ලක් මාතාව බේරා ගනිව්' කියා නැවත ඉදිරිපත් වෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්වා සිටිනවා. දේශපාලනයට විතරක් යන්න එපා, එය ඔබගේ පිරිහීම/නැතිවීම පිණිස හේතු වෙන්ට පුළුවන්. ජනාධිපතිතුමාගේ පුර්ණ සහය ඔබට ලැබේවා! ඔබ සමග නුවණක්කාර ලක් වැසියන් එක් වෙනු ඇත. ආත්මාර්ථකාමී සහ ඊර්ෂ්‍යාකාර පුද්ගලයන් ඔබගේ බාධක වෙනු ඇත. මට පුළුවන් තරමින් ඔබට සහය ලබා දෙමි. ඔබ ලක් මෑණියන්ගේ මුතු ඇටයක් බවට පත් වේවා. තෙරුවන් සරණයි! (නි)
ඔබ අපිට ආඩම්බරයක්. මගෙන් ඔබට හද පිරි සුබ පැතුම්! (නි)
සහෝදරයා, හරිම ආදර්ශමත්, මේ අපේ රටේ කෙනෙක්. අපිට ආඩම්බරයක්. (නි)
රජ කරන කෙනාගේ ඔෆිස් එක නම් හරියට ලංකාවේ කාර්යාලයක ලිපි කරුවෙකුගේ වගේ. ඒ වගේම මොනවද මේ රජ කරනවා කියන්නේ කිසිම විශේෂත්වයක් නැහැනේ (අ)
පාල, දිරියෙන් ජීවිතය ජයගත් සුදේශ්වයි, මේ රටේ පොදු මහජනතාවගේ දහදිය මහන්සියෙන් ඉපයූ මුදලින් රැකෙන අපේ නිදහස් අධ්‍යාපනයෙන් පිනට ඉගනගෙන ඒ උගත්කම උගසට තියලා රටට පයින් ගහලා ගිය ඔයාලයි එක බෝට්ටුවකට දාන්න අපිට පිස්සු නැහැ.නිවී හැනහිල්ලේ ඉන්න වෙලාවක (අපි දන්නවා එවන් අවස්ථා ඔයාලට නොලැබෙන තරම් බව) ඔය පපුවට ටිකක් තට්ටුවක් දාලා අහලා බලන්න ඔයාල මේ රට දාලා ගියේ ඔය කියන කුහකකම් අසාදාරනකම් වලට විරුද්ධ නිසාද අහල පහල එකා කෙරෙහි ඇතිවුන ඉරිසියාව නිසාද කියලා (නි)
කවුද මේ නීල් රානා ? කිවුවොත් කියන්නේ "කොහෙද යන්නේ මල්ලේ පොල්" කතාවක්.හැමදාම තමන්ම හරි කියන දෙය නැවත පසුවදා වැරදි කියනවා.කියන දෙයක් පැහැදිලි නැහැ.දෙකොන පටලවාගෙන. (නි)
ඔබ අපිට ආඩම්බරයක්. රටටත් ආඩම්බරයක්. තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා! ජේසු පිහිට ආශීර්වාදය ලැබේවා! (නි)
ඇත්තටම ඔබ අපිට ආඩම්බරයක්. මගෙන් ඔබට හද පිරි සුබ පැතුම්. (නි)
මෙන්න ආදර්ශයක් ජීවිතය ජය ගන්න හැටි. අනිවාර්තේ ස්ට්‍රයික් කරලා කෑ ගහන්නේ නැතුව තමන් යන ගමන යන්න. හොඳම උදාහරණයක් මුතූ (නි)
නිල රානා, මෝඩයෙක් වගේ කියවන්නේ නැතිව හරි දේ හරි කියන්න. හොද දේ හොදයි කියන්න. අපිත් කොම්පෝස්ට් පොහොර ජීව වායුව හැදුවා පොඩි කාලේ. ඒවා ඔක්කොම බදු ගහලා ගහලා අංචි ඇදලා, ඇදලා නැති කලා රටට හිතැති නායකයෝ කියන අයයි. (නදී)
බෙන්ස් දැක්කහම මිනිස්සුන්ට පිස්සු හැදෙනවා වගේ. ඒත් ලංකාවේ ගෙවල්ගානේ ගිහින් පරණ යකඩ, බැටරි, බෝතල්, පත්තර එකතු කරන්නේ ඉන්දියාවෙන් ඇවිත්. කැඩුණු ප්ලාස්ටික් පුටුවකට අලුත් බේසමක් දීලා අරගන්න ලොරි පාරක් ගානේ යනවා. ඒත් එහෙම දේශීය ව්‍යාපාරිකයින් ගැන කිසිවෙක් වචනයක්වත් කියා අගයකරන්නේ නැහැ. යුරෝපයේ බොහෝ රටවල මේ කටයුත්ත කරන්නේ ඉන්දීය සම්භවයක් ඇති අහිකුණ්ටික ජනයා පමණයි. ලෝකයේ අලුත බිහිවූ රටවලටම ආවඩමින් අපේ රටේ මිනිස්සු කරන්නේ ගෙදර කුණු ගොඩත් මහා පාරට දැමීමයි. අඩුම තරමින් මෙතන අදහස් දාපු අයවත් නිවසෙහි කොම්පෝස්ට් පොහොර හදාගන්නවාදැයි යන්න සැකසහිතයි. (නි)
සහෝදරයා ඉදිරියටම යන්න. අද ජීවිතේ ගැන ස්තිර නැහැ. ඔය රටට සේවයක් කරන්න ලංකාවේ අහිංසක ජනතාවට නැතත් ඔයාගේ ගමේ උදවියට උදව් කරන්න ඔය මහා මන්දිර සමග එන්නේ නැහැ. අපි කළ හොද පින් අපි පසුපස එනවා. (නදී)
මුතු මන් ඔයාට ආදරෙයි. (නදී)
ඔබට ඡය! (අ)
සුදේශ් මුතු කැනඩාවට පුංචි මුතු ඇටයක් බව ටොරොන්ටෝ නගරයේ සිටින මාත් දන්නවා. ලංකාවේදි විවිධ බලපෑම් වලට යටවී සිටින මෙවැනි අගනා මැණික් වැනි ලක් පුතුන්ගේ සේවය අපිට අහිමිවී ඇති බව 30 වසකට අධික කාලයක් රජයේ සේවයේ සිටි මා හොඳින් දන්නා කරුණකි (නි)
සුදේශ් ගේ දියුණුව ගැන සතුටුයි. නමුත් දියණුව පෙන්නන්නේ ගෙවල් වලින් හෝ වාහන වලින් නොවේ. කී දෙනෙකුට උපකාර කලද, තව අයට උපකාර කරන්න පුලුවන්ද යන දේවල් වලින්. ඔය වාහන ගෙවල් මෙහෙ හැම දෙනාටම තියෙනවා. සුදේශ් ගේ ව්‍යාපාරයේ නිවැරදි නම මෙහෙ ඉන්න ශ්‍රිලන්කිකයන්ටට වැදගත් වෙයි . විසිඔන් ප්ලස්තික් එම නිවැරදි නම විය නොහැකිය එහි අයිතිකරු ශ්‍රිලන්කිකයෙකු නොවේ. මෙහෙ මොන දේ කරනවා කිව්වත් ඔහේ කෙනෙකුට නිවරදි තොරතුරු හොයන්න අමරුයි නමුත් යම් යම් දේවල් ගූගල් එකෙන් බලන්න පුළුවන් (දී)
අපි එය ගැන දානවා අපිත් කැනඩාවේ තමයි ඉන්නේ . අපිනම් එයාගැන මෙහෙම ඒවා දන්නේ නැනේ. මේවා ඇත්තද කියලබල්න්න ගූග්ලේ කරන්න. (දී)
ජයෙන් ජයම ලැබේවා! ඔබ වැනි ලක් පුතුන් සැබවින්ම ආඩම්බරයකි. විදේශයක සිටින අපහටත් ඔබ සැබවින්ම මහඟු ආදර්ශයකි. (දී)
තව තවත් දියුණුවට පත්වේවා!!! බුදුසරණයි (අ)
නියමයි යාළුවා. ජයවේවා! (නි)
දේශපාලකයන්ගේ රැකවරණ ලබන ව්‍යාපාරිකයන්ට උත්සාහයෙන් ජයගත ඒමට ලංකාවේ අය යුරෝපයේද සිටිති. (අ)
කොන්ඩෙ තියෙන ෆොටෝ නැද්ද? (දී)
මෙන්න මමත් ඔලුව නමලා ආචාර කලා.(නදී)
ඔබ ලංකාවටම නම්බුවක් (දී)
අප්රතිහත ධෛර්යය සහ පෙර කුසල බලයෙන් ඔබට ජයෙන් ජය පතමු. හරි හම්බ කිරීමට නුඹ සැබෑ දක්ෂයෙකි. (දී)
මම හිතනවා අපේ රටේ රටට ආදරේ කරන රාජ්‍ය නායකයෙකු ඉන්න නිසා අපේ ජනාධිපතිතුමා මොහු විසින් ලංකාවට කරන්න හදන යහපත් ක්‍රියාවලිය පිළිබදව නෙත් යොමුකරලා ඉක්මනින් විසදුමක් ලබාදෙයි කියලා. සුදෙෂ් මහත්මයට දීර්ඝායුෂ ලැබේවා. ජය ශ්‍රී! (දී)
හිත ඇත්නම් පත කුඩාද ? දිරිය ඔබට දීර්ඝායුෂ! (නි)
ඔයා මාර පොරක්.(අ)
මෙහෙම ජීවිතේ ජය ගත්ත මිනිහෙකුටත් සමහරු ඉරිසියාවට කියන කතා බලන්න. ඕක තමා ලංකාවට වෙලා තියෙන හෙනේ. (නදී)
ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය මගින් ලංකාවේ කුණු ප්‍රශ්නය බොහෝ දුරට අඩු කරගන්න තිබුණ , දැනටමත් ප්‍රමාද නැහැ පරිසර ඇමැති තුමනි සුගත් මහතා සමග සම්බන්ධවී මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රශ්නයට විසදුමක් දෙන්න , (අ)
මාලකගේ කතාව හරි අගෙයි. මාත් පසුගිය නිවාඩුවට ලංකාවට ගිහින් ග්‍රාම සේවක පටන් මහා දිසාපතිලා දක්වා බඩගාලා බැරිම තැන වැඩේ අතහැරලා ආවා. (නි)
අපේ රටේ දරුවන්ගේ මොළ වලින් වැඩගන්න තරම් මොලයක් තියෙන දේශපාලකයන් මතු අනාගතයේදීවත් බිහි වේවා!! කියලා තමා ප්‍රාර්ථනා කරන්න ඕනෑ (නි)
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
කොණ්ඩය තියන පොටෝ ටිකක් දැම්මා නම් මරු (දී)
අපේ රටේ අයගේ නූගත්කම තමා මෙයින් තේරෙන්නේ. මේ වගේ රටේ සම්පත් රටට අහිමිවීම ඔවුන් නිසා වන්නක්.(නදී)
නයි පප්පා කෙනෙක්! බෙන්ස්, හමර්....ලොරි....නයා තව කොහෙද රිංගුවේ?(නදී)
කෝ කොන්ඩේ? දාන්නකො අපිටත් බලාගන්න.(නදී)
ඔබට ජයෙන් ජයම වේවා. ලාංකිකයෙකු හැටියට ඔබ ගැන ආඩම්බර වෙනවා. ලංකාවට වටින්නේ ඔබවැනි අය නොවේ. ඔබ මැරයෙක් උනා නම් ඔබට මල් මාලා දාල රතු පලස මතින් කැදවලා පිලිගනියි.(නදී)
අපේ පැත්තෙන් බිහිවුන සුදේශ්, ඔබ පිලිබද මම හරිම ආඩම්බර වෙමි. (දී)
දේශපාලුවෝ,කිසි කමකට නැති නිලදාරියෝ. අලුත් හොඳ දෙයක් කිරීමට යද්දී වලක්වන නරුමයන්. රටකට යනකල කුමක්ද...? (දී)
ධෛර්ය්‍යවත් මිනිසෙකු සතු බල දහමින්.. ජීවන මඟ තනා ස්වශක්තියේ මැදින්.. ලස්සන ජීවිතය ගොඩ නැඟු ලංකා පුතුන්.. යහතින් වැඡබේව ඔබ වාසනාවන් (දී)
වෙන රටවලින් ඇවිත් එහෙ රජකරනවා කියල ඉරිසියාවෙන් පාරේ පෙළපාලි යන කුහක සුද්දෝ ඔහේ නැද්ද ලංකාවේ වගේ.... (දී)
තරුණයෝ ප්‍රබාකරන් වටේ වගේම විජේවීර වටේ එකතු වුනෙත් ආර්ථික ප්‍රශ්නවලට පමණක් උත්තර හොයන්න නොවේ. නිලදාරිවාදේ, පන්තිබේදේ,අකාර්යක්ෂමතාවේ, සමාජ අසාදරණේ,වංචාව දුෂණය, මානුසවාදී සමාජයක් වගේ පුළුල් මාතෘකාවලට උත්තර හොයන්න. මේ සියල්ල මර්දනය කිරීම කල යුත්තක් වුනා වුනත් අද වෙනතුරුත් මේවා පැන නගින්න හේතුව සොයා ඒවාට උත්තර දී නැත.විප්ලවය දැන් ඇති වෙලා දැන් ඉන්න තරුණයෝ පාරුවක හරි එල්ලිලා පිට රට යනවා.බහුතර ඡන්දදායකයා අපව මේ තත්වෙට පත් කරන උදවියගේ ක්‍රියාකලාපේ කතිරේ ගසා අනුමත කරනවා.මෙහෙදී මුලික වරද කර ඇත්තේ බහුතර ඡන්දදායකයා මතම තමා.ඔවුන් එවැනි ක්‍රම අනුමත කිරීම පාලකයන්ගේ කම්මැලිකමට හේතුවකි.ග්‍රීසියේ බ්‍රසිලේ එක උද්ඝෝෂනයකින්ම ආර්ථික ප්‍රතිසංස්කරණ හදුන්වා දුන්නා.ඡන්දදායකයා මෝඩයි කියා අතපිහ දාගන්න බැහැ.මොකෝ මේ යතාර්ථය හදුනා ගන්න කැම්පස් යන්න ඕනෑ නැහැ.මුලික අධ්‍යාපනේ ඇති. (දී)
ඔබට දෙවි රැකවරනය හිමිවේවා! අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)
මෙවැනි පාපකර්ම කරන උදවිය අදත්තා දානය නමැති පාප කර්මෙට යටත්වෙනවා කියලා මම හිතන්නේ.මා වැරදිනම් නිවැරදි කරන්න. මට තියන ප්‍රශ්නේ හරක් මස් වලට විරුද්ධව පාරවල් ගානේ ජල්ලි අල්ලන්ට ඕනෑ කියලා දැනෙන වුවමනාව නිලදාරිවාදෙට,පන්ති බේදෙට විරුද්ධව නැගෙන්නේ මින් කුමන හේතුවක් නිසාද? 1 කොන්ද පන නැතිකම. 2 හරක් මස් යනු ජනප්‍රිය සංකල්පයක් වීම 3 හරක් මස් උද්ඝෝෂණ නිලදාරීවාදී විරෝදී උද්ඝෝෂණන මෙන් පාලකයන්ට පහර නොවැදීම 4 වෙනත් හේතු. (දී)
පේනවද පන්තිබෙදේ,නිලදාරී වාදේ, "නෙපටිසම්"නැති සමාජෙක උත්සාහය ඇත් නම් දියුණු විය හැකි ලක්ෂණ. ලංකාවේ වැරදි වැඩ ලංකාවේ නිසාම හොදයි කියන කුහක රැල මාත් එක්ක තරහ වෙයි එහෙම කිවුවම.මේ දේශපාලන ක්‍රමයයි, නිලදාරී ජුන්ටාවයි,මේ දෙගොල්ලටම හුලං ගහන බමුණු සමාජෙයි මේවායේ වගකීම බාර ගනිත්වා! (දී)
ආචාර්ය කුලසිංහ මහතාගෙන් වැඩ ගත්තේ සින්ගප්පුරුව, මහාචාර්ය සේනක බිබිලේගෙන් වැඩ ගත්තේ ආර්ජන්ටිනාව, ආචාර්ය සරත් ගුණපාලගෙන් ඇමරිකාව වැඩ ගත්තේ.තව තව අපි නොදන්නා අය එමටයි. මේ රට හැර යන්නන්ට විරුද්ධව අදහස් දමන කුහකයෝ ඔවුන් එසේ හැර යන තැනට පත් කරන නරුමයන්ට කතිරේ ගසති. උපහාර දක්වති, හුරේ දමති.මම අහන්නේ ඇත්තටම ඔහෙලා මොනවද බලාපොරොත්තු වෙන්නේ.... (දී)
ලංකාව ලෝකෙන් ණයට කන එක අහන්ට දෙයක්ද ඉතින්.අර පොල් කඩන මැසිමක් හැදුවා,ප්ලාස්ටික් වලින් පෙට්රෝල් ගන්ට මැසිමක් හැදුවා, ඉදිරියටත් එහෙම දෙයක් කරන දරුවෙක් වේ නම් මේ රටෙන් ඔය හැකියාවනුත් එක්කම තොලොංචි වෙලා පලයල්ලා.මේක නුබලට හොද තැනක් නොවේ. (දී)
කෝ අර ඊනියා වර්ගවාදී ආගම්වාදී ජාතිකවාදී රැල? අම්මපා පොලව පලාන යන්ට හිතෙන්නේ නැද්ද මේ රටේ පුටු රත් කරන නිලදාරිවාදී පැලැන්තිය දක්ෂ තරුණයන්ට සලකන විදිහ අහලා.මොකටද දෙයියනේ මේ රට මම ඉපදුනේ.... (දී)
ආණ්ඩුවෙන් පිනට අධ්‍යාපනේ ලබලා පිටකොටුවේ උද්ඝෝෂණේ කර කර ඉන්න උපාධිධාරියෝයි, දේශපාලකයන්ට වන්දි බට්ටකන් කරලා ආණ්ඩුවේ රස්සාවක් හොයාන අයිස් ගහන්න තනන බත්බැලයෝයි මේ තරුණයා දුන් ආදර්ශමත් පාඩම ඉගෙන ගනිත්වා.... (දී)
ඔස්ට්‍රේලියාවේදී අපේ දොස්තර කෙනෙක්ට තල්මහෙක් ගසයි නමැති පුවතට ප්‍රතිචාර දැක්වූ මොහොමඩ්, ටෙනිසන් නමැති ඉනියා ජාතිකවාදී අදහස් දරන්නන් මේ ප්‍රවෘත්තිය නැවත නැවත කියවා යතාර්ථය අවබෝද කරගනිත්වා! (දී)
ලෝකේ කොහා හිටියත් කමක් නැහැ ඔබෙන් මිහිතලයට වන සේවයට ඔබට සුබ පැතුම්! ඔබ සදහන් කරලා තිබුනා ලංකාව කුණු ප්‍රශ්නයට උදවු කරන්න. එය ඔබ කලොත් ඔබ විසින්ම ගෙල වැල ලා ගැනීමක් වගේ වේවි. (දී)
හරිම ආදර්ශමත්. ඔබට සියලුම දෙවි පිහිට පතමි! උත්සාහවන්තයා සියල්ල ජයගනී යන කියමන ඔබ ඒ අයුරින්ම ඔප්පු කර ඇත.ඔබලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! (දී)
ඉදිරියටම යන්න.(නදී)
ඇත්තටම හරිම සතුටුයි ලිපිය දැක්කම. මේ අපේ රටේ කෙනෙක් නේද කියලා හිතනකොට. ජය ! (ස)
ජය වේවා..!! (දී)
මම නම් ආයේ ලංකාවට එන්නේ නැහැ (දී)
ඇත්තටම හරිම සතුටුයි ලිපිය දැක්කම. මේ අපේ රටේ කෙනෙක් නේද කියලා හිතනකොට. ජය අපිට. ජය පතනවා බුදු සරණත් සමගම (දී)
මෙතන අදහස් දක්වන සියල්ල වෙතටයි. ඇත්තටම අපි ඉන්න රට මොකද්ද කියලා කලකිරීමක්, තරහක් ඇතිවෙන්නේ නැද්ද? මේ රටේ ඉපදුනේ පුරුවේ කරුමෙකට කියලා හිතෙන්නේ නැද්ද? මේ රට මේ තාලෙට තව කොච්චර කාලයක් දුවයිද කියලා හිතෙන්නේ නැද්ද? ජාත්‍යාලයට විචක්ෂණ බුද්ධිය,විචාර බුද්ධිය ඔබේ හිතෙන් නැති කිරීමට දෙන්න එපා. (දී)
ඔබට සුභ අනාගතයක් මුතු (නි)
කුහක කම සහ නුගත් කම නන්දන පනාගොඩ ගේ වචන වලින් පෙන්නුම් කෙරේ. ලාංකිකයෙකුගේ දියුණුවට ගරු කරන්න. සුදේශ්, ඔබට සුභ අනාගතයක් !!!(අ)
මේ මෙයා කොන්ඩේ වැවෙන්න මොනවද දන්නේ නැහැ ගාන්නේ? මම මොනවා කොන්ඩේ ගෑවත් වැවෙන්නේ නැහැනේ. (නි)
විශිෂ්ටයි !.... කැනඩාවේ අපිට ඔබ ආඩම්බරයක් (නි)
ජීවිතය ජයගත් මිනිසත්කම රැකගත් ලංකාවට අගේ නැති මුතු... ඔබට දෙවි රැකවරණ ලැබේවා! ඉදිරි ජිවිත ගමන සාර්ථක වේවා! (දී)
සුදේශ් ඔබට ජයෙන් ජය! ඉඳලා හිටලා හරි මෙහෙම දෙයක් කියවන්න ලැබෙන එකත් සතුටක්. මමත් අබාධිත සොල්දාදුවන්ට වැඩිපුර උදව් කරන්න හිතාගෙන ලංකාවේ පුණ්‍ය ආයතනයක් ලියාපදිංචි කරන්න උත්සහ කළා. නමුත් වැඩක් වුනේ නැහැ. කිසිම නිලධාරියෙක්වත් බලධාරියෙක්වත් වචනෙකින්වත් උදව් කලේ නැහැ. තුන් වතාවක් උත්සහ කරලා නිකන් හිටියා. මම පුළුවන් විදියට රණවිරුවන්ට උදව් කරගෙන යනවා.(නදී)
හරි ආසාවෙන් බැලුව ප්‍රවුර්තියක්..ඔබට සුභ අනාගතයක්! (ත)
ඔහුගේ අප්ප්‍රතිහත දහිරිය නිසා ගීවිතය ජයගත්තා. මෙය අපට ආදර්ශයක්. සිර ලංකාවේ නම බබළවන්න ඔහුටු තව ටවත් ශක්තිය ලැබේව. (අ)
නන්දන පනාගොඩ මිලානෝ - හඳ පෙන්නපුවහම ඇඟිලා දිහා බලන්නෙ නැතුව හඳ දිහා බලපන් මෝඩයා.(අ)
සුදේශ් කොලුවා දිහා මුලින්ම දෙයියනෙ බලලා තියෙන්නෙ. ඒකයි දියුණුවට හේතුව. ජය ශ්‍රී (අ)
මල්ලිලා නංගිලා මෙතන ගති වාදය ආගම්වාදය ගන්නේ මොකටද. වටිනා වැඩක් කරපු එකට අපහාස කරන්නද යන්නේ නැතිනම් ඒකෙන් තමන්ගේ පැත්තට බෙදාගන්නද යන්නේ. අපි ඔබට සුභ පතනවා පුතා. සුභ අනාගතයක්. (නදී)
නියම වැඩකාරයෙක්. ලංකාවට ආඩම්බරයක් (නි)
තමන්ගෙ මහන්සියෙන් අවංකව වැඩකරල බෙන්ස්, හමර්....ලොරි නෙමෙයි වෙන මොනව ගත්තත් ඒ ගැන කතා කරන්න ඒ මනුස්සයට අයිතියක් තියෙනවා. ඒක ඒ මනුස්සයගෙ ආත්ම අභිමානය. ඒකට නයි ඇරීම කියල කියන්න පුලුවන් තවත් කුහකයෙක්ටම විතරයි.(නදී)
ලංකාවේ අවසර ගන්න පුළුවන් කුඩු ගේන්න, චන්ඩිකම් කරන්න, ජාතිවාදය අවුස්සන්න. මිනිහෙක් හොඳ දෙයක් කරනවා නම් ඒවාට අවසර නැහැ. (නි)