වසර 30ක කුරිරු යුද්ධය අවසන්ව බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්ගේ අමානුෂික ක්‍රියාවන්ගෙන් ලක් පොලව මත ගලා ගිය රුධිර දහාරාවන් නෑවති ඇත.
ඉංදියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රි ලංකාව ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදින්ගෙන් බේරා ගැනිමට ඇට මස් ලේ ජිවිත දන්දුන් විරෝධාර රණවිරුවනට අප සදා ණයගැතිය.
එවන් රණවිරුවන් අතර ලුතිනල් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව යනු මුළු රටක් ආදරය කළ ආදරය කරන යුද සෙන්පතියෙකි. නොපසු බසිනා යුදමය සැලසුම් සකස් කරමින් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදින්ට අමත නොවන පාඩම් කියා දුන් ඒ මහා යුද සෙන්පතියා ඈතුළු රණවිරුවන් රැසක් 1992 අගොස්තු 8 වෙනිදා දැයට අහිමි විය.
යාපනය ආරාලිතුඩුවේ බිම් බෝම්බයකට හසුව ලුතින් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඈතුළු රණවිරුවන් රැසකගේ ජිවිත රටට අහිමි වී අගොස්තු 8 වැනිදාට වසර 23ක් සපිරේ.
එවන් විටක ඔහුගැන මතකය අවදි කරන්නට ඔහුගේ බිරිය ලලි කොබ්බෑකඩුව ලංකාදීප එසෑණ සමග සම්බන්ධ විය.
‘’මට හරිම සතුටුයි ඒ වගේම මම ලංකාදීපෙට ස්තුතිවන්ත වෙනවා මතකය අවදි කරන්න ඉදිරිපත් වීම ගැන. අද යුද්ධය අවසන් වෙලා ඒක මගෙ මහත්තයාගේ තිබුණු එකම හීනය. ඒ හීනය හැබෑ කරගන්න එයා බොහෝ දේ කළා. අනාගත පරපුරට මේ යුද්ධය දායාද කරන්න හොද නැහැ කියලයි ඔහු නිතරම කිවුවේ. අවසානයේදී මගේ මහත්තයා තමන්ගේ ජිවිතයත් රට වෙනුවෙන් පරිත්‍යාග කළා. ඔහු සිංහල ,දෙමළ, මුස්ලිම් මේ සෑම ජාතියකටම ආදරය කරා. සිවිල් ජනතාවගේ ජිවිත උපරිම විදියට ආරක්ෂා කළ යුතුයි කියන තැනයි ඔහු හිටියේ. එයා තමන්ගේ සොල්දාදුවන්ට කොච්චර ආදරය කලාද කියලා දන්නේ මම විතරයි. නිවාඩු ආවාම අතේ සල්ලි තියෙන විදියට බිස්කට් එකක් හරි එයා තමන්ගේ සොල්දාදුවන්ට රැගෙන යනවා. අද ඔහු මටත් මගේ දරුවන්ටත් රටටත් අහිමි වෙලා. ඒත් ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨවෙලා. මම පිටරට ඉන්න අයගෙන් ඉල්ලන්නේ තමන්ගේ රට බේරගන්න ශරිර අවයව පරිත්‍යාග කරපු ජිවිත දන්දුන් යුද සෙබළුන්ට සලකන්න කියලයි. මටත් මට පුලුවන් විදියට අනිත් අයගෙත් උදව් ඇතිව රණ විරුවන්ට පිහිට වෙනවා. ඒ වගේ හොද ආයතන තව ගොඩාක් තියෙන්නවා. කොබ්බෑකඩුව පදනමින් රණවිරු පවුල් වලට පිහිට වෙනවා. දුෂ්කර ගම්මානවා පාසල් දරුවන්ට උදව් කරනවා. පිටරට ඉන්න කෙනෙක් කැමති නම් මේ සත් කාරයට අපි සමග එකතුවෙන්න 0094112693036ට කතා කරන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වීරයෙක් (අ)
ඔබ අමරණීයයි. ඔබ කළ සේවය විශිෂ්ටයි. (දී)
ඔබතුමා නියම විරයෙක් (දී)
මෙතුමා ලඟට මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාවත්, ජෙනරාල් ජානක පෙරේරා මහතාවත් මතක් කරමු !!(අ)
අපි ඔබලාට සදා ණය ගැතියි.(අ)
සෙන්පතියාණෙනි ඔබ අද හිටියා නම්... (දී)
සිරිලක ජීවත් වූ සැබෑ මිනිසෙකි , ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකි , නියම සෙනවියකි . එකල තිබූ අවම පහසුකම් යටතේ නොවරදින ලෙස යුධ සැලසුම් සකස් කළේය . අලිමංකඩ කඳවුර බේරා ගැනීමේ බලවේගය 1 මෙහෙයුමේදී එය්තුමගේ විස්කම් සියසින් දුටුවෙමි . එහි දී යල් පැනගිය බර ආයුධ කීපයක් හැරුණු විට තබුනේ සොල්දාදුවන් ඇත තිබූ රයිෆල් සහ මැෂින් තුවක්කු පමණි . u a v තාක්ෂනය හෝ මල්ටි බැරල් ගැන අසාවත් නොතිබුණි . ගිනි අවුවේ , වැලි ගොඩේ යුධ භූමියේ එහා මෙහා දිවගියේ තම වාහනය ගැනවත් නොතකමිනි . ඒ අතරම දිනකට වරක් වත් ආධුනික සෙබළුන් ගැන සොයා බැලුවේය , හැකි අයුරින් වචනයක් දෙකක් හෝ කතා කළේය . සැපයුම් කිරීමේ අපහසු තාවය නිසා එකල අලිමංකඩ කෑම ,බීම පවා හරි හැටි නොවීය බීමට ජලය පවා නොතිබිණි , නමුත් අප සමග ඔබ තුමා සිටි බැවින් අපට කිසිදු අඩුවක් නොදැනිණි . පසු කාලීනව අප රණවිරුවන් මානුෂීය මෙහෙයුම කරන අයුරු ත් , ඉන් ජයගත් අයුරු ත් ඔබ දෙව්ලොව සිට බලා සිටි බව රණවිරුවන්ගේ විශ්වාශයයි . ඔබතුමා නිවන් දක්නා ජාති දක්වාම අප අතරම ඉපදේවා .(අ)
යලිත් ඉපදේවා මේ ලංකාවේ (නි)
මෙතුමා වැනි වීරයන් අද හොදින් ආරක්ෂා වන්නේ පවතින නායකත්වය නිසාය. මෙතුමාගේ හා අපේ අවාසනාවට එදා අපිට මෙතුමා වැනි අයගේ වටිනාකම නොදැනුනාට ප්‍රබාකරන්ට දැනුවත්ව හෝ නොදැන කඩේ යන අය හිටියා(නි)
ඔබ අපේ රටේ වීරයෙක්, ඔබට නිවන් සුව, ප්‍රර්ථනා කරමි,,,,,,,,,,,! (අ)
රටට ණය නැති ඔබ, අපට සැබෑ ජෙනරාල් වරයෙකි.මැතිඳුනි ඔබට නිවන් සුව පතමි. (ස)
ඔබ විශිෂ්ට රණකාමියෙක්
මෙතුමා වැනි වීරයන් අද හොදින් ආරක්ෂා වන්නේ පවතින නායකත්වය නිසාය. මෙතුමාගේ හා අපේ අවාසනාවට එදා අපිට මෙතුමා වැනි අයගේ වටිනාකම නොදැනුනාට ප්‍රබාකරන්ට දැනුවත්ව හෝ නොදැන කඩේ යන අය හිටියා (නි)
ඔබයි සැබෑ වීරයා (නි)
ඔබයි සැබෑ වීරයා (නි)
කොබ්බැකඩුව මහත්තයාව විජය විමලරත්න හා සම කරන්න එපා. (නි)
ඔබ අපෙන් උදුරාගෙන අවුරුදු 21 ගෙවුනු මේ දවසේ නොව හැමදිනම ඔබ ගැන මතකය අලුත් වුනා. ඔබට සදා ජය (නි)
අර සී ඩී එස් ලබපු අයගෙන් එක ජෙනරල් කෙනෙක් මෙතුමා. ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව ජෙනරාල් ජනක පෙරේරා ජෙනරාල් සරත් ෆොන්සේකා මේ තුන්දෙනා පමණි බ්‍රිතාන්‍යයේ ආර් සී ඩී එස් ලැබුවේ. මේ තුන්දෙනාම මට නම් දක්ෂයෝ (නි)
මවුබිමට ආදරෙය කල උතුම් මිනිසෙකි. ඔබට නිවන් සුව පතමි. (දී)
උතරිතර මහත්මයෙක්, රටට වැඩක් කල මිනිසෙක්, ජාතියේ ප්‍රණාමය.(නදී)
දුප්පත් සොල්දාදුවන්ට ගෙවල් හදා ගන්නතමා වැටුපෙන් ආධාර කරල තියෙනවා (අ)
ඔබ අපට මතකයි. රණවිරුවෙකුට වඩා දෙවි කෙනෙකි.(නදී)
නිවන් සුව ලැබේවා.
ඔබ වැනි උතුම් විරුවෙකුට මුළු සිංහල ජාතියම සදා ණයගැතියි. ඔබට නිවන් සුව පතමි (නි)
ඔබ වැනි උතුම් විරුවෙකුට මුළු ශ්‍රී ලංකික ජාතියම සදා ණයගැතියි. ඔබට නිවන් සුව පතමි (අ)
මේ වගේ රත්තරන් හමුදා නිළධාරියෙක් නැවත අපි අතර ඉපදේවා! (නි)
සද ඔබ නම සැරදේවා (දී)
දෙෂත් ද්‍රෝහීන්ගේ පාවාදීමක් නිසා රටට ආදරේ කරපු අබීත සෙන්පතියෙක් අහිමි වුණා .ඔබ ලංකා මාතාවගේ හදේ රැදී රන් පුතෙකි. (අ)
මෙන්න නියම ජනරාල්වරු. මිනිස්සු කියන්නේ එක්කෝ ජනරාල් කොබ්බැකඩුව නැතිනම් කොබ්බැකඩුව මහත්තයා. මට නම් හිතන්නේ ඔබ අප අතර ඉපිද අවසන් මහා සටනේදී නැවතත් ජාතිය වෙනුවෙන් දිවිදුන් බවයි.(නදී)
නම ගැයෙන හැමවිට. නැගෙයි කදුලක් දෙනෙතට.(නදී)
සෙන්පතියානනි, ඔබ නිවාඩු ඇවිත් ආපුසු යනවිට සෙබළුන්ට කන්න කජු බටලීයෙන් මිළට ගෙන යනවලු නේද ඒ දවස්වල. ඔබ එදා සෙබලුන්ට පියෙක් වගෙයි. නැවත මේ හෙළ දෙරනේ නායකයෙක් වේවා!(නදී)
කොන්ද කෙලින් තිබු අසහාය නායකයෙක්. ඔබ තුමන්ට මුළු රටම හිස නමා ගරු කරනවා.(නදී)
ඔබට මගේ ප්‍රණාමය! ඔබ සදා අමරණීයයි (දී)
ඔබ නැති අඩුව එදාටත් වඩා අද රටට දැනේ (නි)
ඉතාම පිරිසිදු නාමයක් සහ උදාර සෙන්පතියෙක්. (නදී)
සෙබලානනේ ඔබ මැරුණා නොවේ! කුසුමක් වෙලා ඔබ පිපුනා දැයේ!! (නි)
මෙතුමන් ගැන මතකයක් මට නෑ.මම ඉපදිලා නැති නිසා.එත් මගේ මුබිම රැකගන්න පන දීපු අබීත සෙන්පතියාට මම ආචාර කරනවා.එතුමා වගේම වීර පුතුන් නිසා අද අපි නිදහස්.අපි ඒ හැමෝවම ජිවිතේ තියෙනකම් මටක තියාගන්න ඕනේ.අද අපේ උඩු ඕන ඒ වීරයන්ට අප ශක්තියක් වෙමු . (අ)
සෙබලානනේ ඔබ මැරුණා නොවේ! කුසුමක් වෙලා ඔබ පිපුනා දැයේ!! (නි)
දේශ ද්‍රෝහී දේශපාලුවන් සිටි සමයක ඔවුන්ගේ අනුග්‍රහයක් සහ කිසිම උදව්වක් නොමැතිව තනිවම තම හමුදාව එක්රැස් කොට ත්‍රස්තවාදයට එදිරිව සටන් කල එකම අභීත සෙන්පතියාට අපගේ ආචාරය සැමදා පුදකරමු. හමුදා සෙන්පතියෙකු හැටියට ඉතිහාසයට එකතු වූ එකම නාමය ඩෙන්සිල් කොබ්බැකඩුවයි!!ජාති ද්‍රෝහීන් කිහිපදෙනෙකුගේ ඕනෑකම මත ඔබ ඝාතනය නොවුනා නම් ඉතිහාසය අද වෙනස් අයුරකින් ලියවෙනවා නොඅනුමානය. (නි)
සෙන්පතියාණෙනි, ඔබට නිවන් සුව! (නි)
වීරයාණනි අපි ඔබට සදා අමරණීයී. මගේ ප්‍රණාමය ඔබටෙ.(නදී)
ඔබ අද හිටියා නම්...විරුවානෙනි, ඔබට නිවන් සුව. (නි)
දැන් ඉන්න පුහු වීරයන්ට වඩා කොබ්බෑකඩුව මහතා සැබෑ වීරයෙක් (නි)
අපේ රටේ සිටිය යුතු ජාතික සම්පතක් අහිමිවීම අපට ඉමහත් වේදනාවක්. (නි)
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රි ලංකාව ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදින්ගෙන් බේරා ගැනිමට ඇට මස් ලේ ජිවිත දන්දුන් විරෝධාර රණවිරුවනට අප සදා ණයගැතිය. එවන් රණවිරුවන් අතර ලුතිනල් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව යනු මුළු රටක් ආදරය කළ ආදරය කරන යුද සෙන්පතියෙකි. ඔබට මගේ ප්‍රණාමය! ඔබ සදා අමරණීයයි (නි)
ඔහුගේ අවසන් ඉරණම විසඳේ යැයි අපේක්ෂා කල හැක්කේද ක්‍රියා කලාපය අනුවයි. හමුදා සම්ප්‍රදායට අනුව එයත් සිදුවී තිබීම වර්තමානිකයන්ට ආදර්ශයක්. (නි)
ලුතිනල් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව යුද සෙන්පතිට අප සදා ණයගැතිය. (නි)
මෙතුමා අපිට හොඳට මතකතියෙනවා ,නමුත් කවදාවත් දැකල නම් නැහැ,ඔබ අබීත සෙන්පතියෙක් .නිවන්සුව පතමු.(අ)
මේ අපි ආදරය කරන ගරු කරන උත්තමයෙක්. මේ අය තමා නියම මහත්වරු. මේ අයගේ ගුණ සුවඳ සදාකාලිකයි.මම මගේ දෙමාපියන්ට හා සමානව මෙතුමාට ආදරෙයි (නි)
බුලත්කොහුපිටියේ ගෙදරක ආච්චි කෙනෙක් මෙතුමාගේ පොටෝ එකක් බිත්තියේ එල්ලලා හැමදාම හඳුන්කූරු පත්තුකරලා පැන් තියනවා මම දැක්කා.ඒ වෙලාවේ මට මගේ රටත් ජාතියත් ගැන අමුතු හැගීමක් ඇතිවුනේ.හරිම දුප්පත් ගෙදරක් ඒක.මතක් වෙනකොටත් හිතට සාංකාව වගේ. (නි)
මම හිතන්නේ පොඩි වැරදිමක් එතුමා ඇතුලු පිරිස මියගියේ 1992 අගෝස්තු මස 8 වන දිනයි.(නදී)
මමත් 1986 වසරේ එතුමාගේ කාලයේ හමුදාවේ හිටපු සහ එතුමා ඇසුරු කල කෙනෙක්. අපි එතුමාට සුභ උදෑසනක් සර් කියන්න කලින් එතුමා අපිට සුභ උදෑසනක් පුතා කියලා කතා කරන්නේ. එතුමා ගැන කෙටියෙන් ලියන්න බැහැ. එතුමා මනුස්සයෙක් නොව දෙවියෙක්. ඔබට නිවන් සුව උතුමාණෙනි.(නි)
දෙවිවරු නොමැරෙත්...(අ)