IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කොබ්බෑකඩුව අහිමි වී වසර 23 යි

වසර 30ක කුරිරු යුද්ධය අවසන්ව  බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්ගේ අමානුෂික ක්‍රියාවන්ගෙන් ලක් පොලව මත ගලා ගිය රුධිර දහාරාවන් නෑවති ඇත.

ඉංදියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රි ලංකාව ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදින්ගෙන් බේරා ගැනිමට ඇට මස් ලේ ජිවිත දන්දුන් විරෝධාර රණවිරුවනට අප සදා ණයගැතිය.

 

එවන් රණවිරුවන් අතර  ලුතිනල් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව යනු මුළු රටක් ආදරය කළ ආදරය කරන යුද සෙන්පතියෙකි. නොපසු බසිනා යුදමය සැලසුම් සකස් කරමින් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදින්ට අමත නොවන පාඩම් කියා දුන් ඒ මහා යුද සෙන්පතියා ඈතුළු රණවිරුවන් රැසක් 1992 අගොස්තු 8 වෙනිදා දැයට අහිමි විය.

 යාපනය ආරාලිතුඩුවේ බිම් බෝම්බයකට හසුව ලුතින් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඈතුළු රණවිරුවන් රැසකගේ ජිවිත රටට අහිමි වී අගොස්තු 8 වැනිදාට වසර 23ක් සපිරේ.

එවන් විටක ඔහුගැන මතකය අවදි කරන්නට ඔහුගේ බිරිය ලලි කොබ්බෑකඩුව ලංකාදීප එසෑණ සමග සම්බන්ධ විය.

 ‘’මට හරිම සතුටුයි ඒ වගේම මම ලංකාදීපෙට ස්තුතිවන්ත වෙනවා මතකය අවදි කරන්න ඉදිරිපත් වීම ගැන. අද යුද්ධය අවසන් වෙලා ඒක මගෙ මහත්තයාගේ තිබුණු එකම හීනය. ඒ හීනය හැබෑ කරගන්න එයා බොහෝ දේ කළා. අනාගත පරපුරට මේ යුද්ධය දායාද කරන්න හොද නැහැ කියලයි ඔහු නිතරම කිවුවේ. අවසානයේදී මගේ මහත්තයා තමන්ගේ ජිවිතයත් රට වෙනුවෙන් පරිත්‍යාග කළා. ඔහු සිංහල ,දෙමළ, මුස්ලිම් මේ සෑම ජාතියකටම ආදරය කරා. සිවිල් ජනතාවගේ ජිවිත උපරිම විදියට ආරක්ෂා කළ යුතුයි කියන තැනයි ඔහු හිටියේ. එයා  තමන්ගේ සොල්දාදුවන්ට කොච්චර ආදරය කලාද කියලා දන්නේ මම විතරයි. නිවාඩු ආවාම අතේ සල්ලි තියෙන විදියට බිස්කට් එකක් හරි එයා තමන්ගේ සොල්දාදුවන්ට රැගෙන යනවා. අද ඔහු මටත්  මගේ දරුවන්ටත් රටටත් අහිමි වෙලා. ඒත් ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨවෙලා. මම පිටරට ඉන්න අයගෙන් ඉල්ලන්නේ තමන්ගේ රට බේරගන්න ශරිර අවයව පරිත්‍යාග කරපු ජිවිත දන්දුන් යුද සෙබළුන්ට සලකන්න කියලයි. මටත් මට පුලුවන් විදියට අනිත් අයගෙත් උදව් ඇතිව රණ විරුවන්ට පිහිට වෙනවා. ඒ වගේ හොද ආයතන තව ගොඩාක් තියෙන්නවා. කොබ්බෑකඩුව පදනමින් රණවිරු පවුල් වලට පිහිට වෙනවා. දුෂ්කර ගම්මානවා පාසල් දරුවන්ට උදව් කරනවා.  පිටරට ඉන්න කෙනෙක් කැමති නම් මේ සත් කාරයට අපි සමග එකතුවෙන්න 0094112693036ට කතා කරන්න



අදහස් (0)

කොබ්බෑකඩුව අහිමි වී වසර 23 යි

සදරුවන් Wednesday, 10 July 2013 04:36 AM

බුලත්කොහුපිටියේ ගෙදරක ආච්චි කෙනෙක් මෙතුමාගේ පොටෝ එකක් බිත්තියේ එල්ලලා හැමදාම හඳුන්කූරු පත්තුකරලා පැන් තියනවා මම දැක්කා.ඒ වෙලාවේ මට මගේ රටත් ජාතියත් ගැන අමුතු හැගීමක් ඇතිවුනේ.හරිම දුප්පත් ගෙදරක් ඒක.මතක් වෙනකොටත් හිතට සාංකාව වගේ. (නි)

:       0       0

සමිත Wednesday, 10 July 2013 04:49 AM

මම හිතන්නේ පොඩි වැරදිමක් එතුමා ඇතුලු පිරිස මියගියේ 1992 අගෝස්තු මස 8 වන දිනයි.(නදී)

:       0       0

නාලක Sunday, 14 July 2013 10:22 PM

නිවන් සුව ලැබේවා.

:       0       0

නිශාන්ත Monday, 08 July 2013 05:22 PM

ඔබට මගේ ප්‍රණාමය! ඔබ සදා අමරණීයයි (දී)

:       0       0

කිරිහාමි Tuesday, 09 July 2013 01:43 PM

සෙබලානනේ ඔබ මැරුණා නොවේ! කුසුමක් වෙලා ඔබ පිපුනා දැයේ!! (නි)

:       0       0

චන්දිමා Thursday, 11 July 2013 02:39 AM

ඔබ අපේ රටේ වීරයෙක්, ඔබට නිවන් සුව, ප්‍රර්ථනා කරමි,,,,,,,,,,,! (අ)

:       0       0

ඉෂානි Tuesday, 09 July 2013 02:14 PM

මෙතුමන් ගැන මතකයක් මට නෑ.මම ඉපදිලා නැති නිසා.එත් මගේ මුබිම රැකගන්න පන දීපු අබීත සෙන්පතියාට මම ආචාර කරනවා.එතුමා වගේම වීර පුතුන් නිසා අද අපි නිදහස්.අපි ඒ හැමෝවම ජිවිතේ තියෙනකම් මටක තියාගන්න ඕනේ.අද අපේ උඩු ඕන ඒ වීරයන්ට අප ශක්තියක් වෙමු . (අ)

:       0       0

මහේෂ් Thursday, 14 November 2013 11:24 PM

සද ඔබ නම සැරදේවා (දී)

:       0       0

රෝහණ Thursday, 11 July 2013 11:11 PM

කොබ්බැකඩුව මහත්තයාව විජය විමලරත්න හා සම කරන්න එපා. (නි)

:       0       0

චාලුක Thursday, 11 July 2013 11:37 AM

ඔබ විශිෂ්ට රණකාමියෙක්

:       0       0

දීප්ත Wednesday, 10 July 2013 06:19 PM

සෙන්පතියාණෙනි ඔබ අද හිටියා නම්... (දී)

:       0       0

ආනන්ද Tuesday, 09 July 2013 08:40 AM

ඔබ නැති අඩුව එදාටත් වඩා අද රටට දැනේ (නි)

:       0       0

චන්දන Tuesday, 09 July 2013 02:38 PM

සෙබලානනේ ඔබ මැරුණා නොවේ! කුසුමක් වෙලා ඔබ පිපුනා දැයේ!! (නි)

:       0       0

ලයනල් Tuesday, 09 July 2013 02:42 PM

දේශ ද්‍රෝහී දේශපාලුවන් සිටි සමයක ඔවුන්ගේ අනුග්‍රහයක් සහ කිසිම උදව්වක් නොමැතිව තනිවම තම හමුදාව එක්රැස් කොට ත්‍රස්තවාදයට එදිරිව සටන් කල එකම අභීත සෙන්පතියාට අපගේ ආචාරය සැමදා පුදකරමු. හමුදා සෙන්පතියෙකු හැටියට ඉතිහාසයට එකතු වූ එකම නාමය ඩෙන්සිල් කොබ්බැකඩුවයි!!ජාති ද්‍රෝහීන් කිහිපදෙනෙකුගේ ඕනෑකම මත ඔබ ඝාතනය නොවුනා නම් ඉතිහාසය අද වෙනස් අයුරකින් ලියවෙනවා නොඅනුමානය. (නි)

:       0       0

රනිල් Tuesday, 09 July 2013 02:46 PM

සෙන්පතියාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

චමින්ද Friday, 12 July 2013 12:19 PM

මවුබිමට ආදරෙය කල උතුම් මිනිසෙකි. ඔබට නිවන් සුව පතමි. (දී)

:       0       0

රෝහණ Wednesday, 10 July 2013 08:41 AM

මමත් 1986 වසරේ එතුමාගේ කාලයේ හමුදාවේ හිටපු සහ එතුමා ඇසුරු කල කෙනෙක්. අපි එතුමාට සුභ උදෑසනක් සර් කියන්න කලින් එතුමා අපිට සුභ උදෑසනක් පුතා කියලා කතා කරන්නේ. එතුමා ගැන කෙටියෙන් ලියන්න බැහැ. එතුමා මනුස්සයෙක් නොව දෙවියෙක්. ඔබට නිවන් සුව උතුමාණෙනි.(නි)

:       0       0

කපිල Wednesday, 10 July 2013 01:35 PM

ඔබ අමරණීයයි. ඔබ කළ සේවය විශිෂ්ටයි. (දී)

:       0       0

මලක Tuesday, 09 July 2013 09:41 AM

ඉතාම පිරිසිදු නාමයක් සහ උදාර සෙන්පතියෙක්. (නදී)

:       0       0

හරිත Saturday, 13 July 2013 04:49 AM

උතරිතර මහත්මයෙක්, රටට වැඩක් කල මිනිසෙක්, ජාතියේ ප්‍රණාමය.(නදී)

:       0       0

නබීල් Wednesday, 10 July 2013 01:46 PM

ඔබතුමා නියම විරයෙක් (දී)

:       0       0

ගයාන් Tuesday, 09 July 2013 03:11 PM

දෙෂත් ද්‍රෝහීන්ගේ පාවාදීමක් නිසා රටට ආදරේ කරපු අබීත සෙන්පතියෙක් අහිමි වුණා .ඔබ ලංකා මාතාවගේ හදේ රැදී රන් පුතෙකි. (අ)

:       0       0

සරා Tuesday, 09 July 2013 03:19 PM

ඔබ අද හිටියා නම්...විරුවානෙනි, ඔබට නිවන් සුව. (නි)

:       0       0

පෙරේරා Tuesday, 09 July 2013 08:02 PM

මෙතුමා අපිට හොඳට මතකතියෙනවා ,නමුත් කවදාවත් දැකල නම් නැහැ,ඔබ අබීත සෙන්පතියෙක් .නිවන්සුව පතමු.(අ)

:       0       0

රංග Friday, 12 July 2013 03:41 AM

ඔබ අපෙන් උදුරාගෙන අවුරුදු 21 ගෙවුනු මේ දවසේ නොව හැමදිනම ඔබ ගැන මතකය අලුත් වුනා. ඔබට සදා ජය (නි)

:       0       0

සංජීව Tuesday, 09 July 2013 03:46 PM

දැන් ඉන්න පුහු වීරයන්ට වඩා කොබ්බෑකඩුව මහතා සැබෑ වීරයෙක් (නි)

:       0       0

දීපාල් Thursday, 11 July 2013 04:58 PM

මෙතුමා වැනි වීරයන් අද හොදින් ආරක්ෂා වන්නේ පවතින නායකත්වය නිසාය. මෙතුමාගේ හා අපේ අවාසනාවට එදා අපිට මෙතුමා වැනි අයගේ වටිනාකම නොදැනුනාට ප්‍රබාකරන්ට දැනුවත්ව හෝ නොදැන කඩේ යන අය හිටියා (නි)

:       0       0

දීපාල් Thursday, 11 July 2013 04:58 PM

ඔබයි සැබෑ වීරයා (නි)

:       0       0

දීපාල් Thursday, 11 July 2013 04:58 PM

නියම වීරයෙක් (අ)

:       0       0

සරත් කාරියවසම් Tuesday, 09 July 2013 03:55 PM

අපේ රටේ සිටිය යුතු ජාතික සම්පතක් අහිමිවීම අපට ඉමහත් වේදනාවක්. (නි)

:       0       0

ෆ්‍රීරේ Monday, 08 July 2013 03:07 PM

වීරයාණනි අපි ඔබට සදා අමරණීයී. මගේ ප්‍රණාමය ඔබටෙ.(නදී)

:       0       0

මහෙන් Thursday, 11 July 2013 09:19 AM

රටට ණය නැති ඔබ, අපට සැබෑ ජෙනරාල් වරයෙකි.මැතිඳුනි ඔබට නිවන් සුව පතමි. (ස)

:       0       0

කෙවි Wednesday, 10 July 2013 10:34 AM

දෙවිවරු නොමැරෙත්...(අ)

:       0       0

අසේල Monday, 05 August 2013 06:31 AM

මේ වගේ රත්තරන් හමුදා නිළධාරියෙක් නැවත අපි අතර ඉපදේවා! (නි)

:       0       0

ආමි ජිනේ Wednesday, 10 July 2013 03:03 PM

මෙතුමා ලඟට මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාවත්, ජෙනරාල් ජානක පෙරේරා මහතාවත් මතක් කරමු !!(අ)

:       0       0

සේන Sunday, 21 July 2013 12:10 AM

ඔබ වැනි උතුම් විරුවෙකුට මුළු ශ්‍රී ලංකික ජාතියම සදා ණයගැතියි. ඔබට නිවන් සුව පතමි (අ)

:       0       0

විමල් Wednesday, 10 July 2013 09:48 PM

සිරිලක ජීවත් වූ සැබෑ මිනිසෙකි , ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකි , නියම සෙනවියකි . එකල තිබූ අවම පහසුකම් යටතේ නොවරදින ලෙස යුධ සැලසුම් සකස් කළේය . අලිමංකඩ කඳවුර බේරා ගැනීමේ බලවේගය 1 මෙහෙයුමේදී එය්තුමගේ විස්කම් සියසින් දුටුවෙමි . එහි දී යල් පැනගිය බර ආයුධ කීපයක් හැරුණු විට තබුනේ සොල්දාදුවන් ඇත තිබූ රයිෆල් සහ මැෂින් තුවක්කු පමණි . u a v තාක්ෂනය හෝ මල්ටි බැරල් ගැන අසාවත් නොතිබුණි . ගිනි අවුවේ , වැලි ගොඩේ යුධ භූමියේ එහා මෙහා දිවගියේ තම වාහනය ගැනවත් නොතකමිනි . ඒ අතරම දිනකට වරක් වත් ආධුනික සෙබළුන් ගැන සොයා බැලුවේය , හැකි අයුරින් වචනයක් දෙකක් හෝ කතා කළේය . සැපයුම් කිරීමේ අපහසු තාවය නිසා එකල අලිමංකඩ කෑම ,බීම පවා හරි හැටි නොවීය බීමට ජලය පවා නොතිබිණි , නමුත් අප සමග ඔබ තුමා සිටි බැවින් අපට කිසිදු අඩුවක් නොදැනිණි . පසු කාලීනව අප රණවිරුවන් මානුෂීය මෙහෙයුම කරන අයුරු ත් , ඉන් ජයගත් අයුරු ත් ඔබ දෙව්ලොව සිට බලා සිටි බව රණවිරුවන්ගේ විශ්වාශයයි . ඔබතුමා නිවන් දක්නා ජාති දක්වාම අප අතරම ඉපදේවා .(අ)

:       0       0

අමරා Monday, 15 July 2013 08:44 AM

ඔබ වැනි උතුම් විරුවෙකුට මුළු සිංහල ජාතියම සදා ණයගැතියි. ඔබට නිවන් සුව පතමි (නි)

:       0       0

ශාන්ත ලාල් Saturday, 13 July 2013 07:32 PM

දුප්පත් සොල්දාදුවන්ට ගෙවල් හදා ගන්නතමා වැටුපෙන් ආධාර කරල තියෙනවා (අ)

:       0       0

සජිත් Wednesday, 10 July 2013 11:11 AM

ඔබයි සැබෑ වීරයා (නි)

:       0       0

සාගර Friday, 12 July 2013 08:43 AM

අර සී ඩී එස් ලබපු අයගෙන් එක ජෙනරල් කෙනෙක් මෙතුමා. ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව ජෙනරාල් ජනක පෙරේරා ජෙනරාල් සරත් ෆොන්සේකා මේ තුන්දෙනා පමණි බ්‍රිතාන්‍යයේ ආර් සී ඩී එස් ලැබුවේ. මේ තුන්දෙනාම මට නම් දක්ෂයෝ (නි)

:       0       0

ජනක Tuesday, 09 July 2013 04:59 PM

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රි ලංකාව ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදින්ගෙන් බේරා ගැනිමට ඇට මස් ලේ ජිවිත දන්දුන් විරෝධාර රණවිරුවනට අප සදා ණයගැතිය. එවන් රණවිරුවන් අතර ලුතිනල් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව යනු මුළු රටක් ආදරය කළ ආදරය කරන යුද සෙන්පතියෙකි. ඔබට මගේ ප්‍රණාමය! ඔබ සදා අමරණීයයි (නි)

:       0       0

ගයාන් Wednesday, 10 July 2013 10:03 PM

යලිත් ඉපදේවා මේ ලංකාවේ (නි)

:       0       0

උදය Wednesday, 10 July 2013 10:14 PM

මෙතුමා වැනි වීරයන් අද හොදින් ආරක්ෂා වන්නේ පවතින නායකත්වය නිසාය. මෙතුමාගේ හා අපේ අවාසනාවට එදා අපිට මෙතුමා වැනි අයගේ වටිනාකම නොදැනුනාට ප්‍රබාකරන්ට දැනුවත්ව හෝ නොදැන කඩේ යන අය හිටියා(නි)

:       0       0

තිසල් Tuesday, 09 July 2013 05:12 PM

ඔහුගේ අවසන් ඉරණම විසඳේ යැයි අපේක්ෂා කල හැක්කේද ක්‍රියා කලාපය අනුවයි. හමුදා සම්ප්‍රදායට අනුව එයත් සිදුවී තිබීම වර්තමානිකයන්ට ආදර්ශයක්. (නි)

:       0       0

වාසනා Saturday, 13 July 2013 08:03 PM

ඔබ අපට මතකයි. රණවිරුවෙකුට වඩා දෙවි කෙනෙකි.(නදී)

:       0       0

පහන් Monday, 08 July 2013 04:12 PM

මෙන්න නියම ජනරාල්වරු. මිනිස්සු කියන්නේ එක්කෝ ජනරාල් කොබ්බැකඩුව නැතිනම් කොබ්බැකඩුව මහත්තයා. මට නම් හිතන්නේ ඔබ අප අතර ඉපිද අවසන් මහා සටනේදී නැවතත් ජාතිය වෙනුවෙන් දිවිදුන් බවයි.(නදී)

:       0       0

කසුන් Tuesday, 09 July 2013 05:23 PM

ලුතිනල් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව යුද සෙන්පතිට අප සදා ණයගැතිය. (නි)

:       0       0

වාසල Monday, 08 July 2013 04:29 PM

නම ගැයෙන හැමවිට. නැගෙයි කදුලක් දෙනෙතට.(නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 08 July 2013 05:02 PM

සෙන්පතියානනි, ඔබ නිවාඩු ඇවිත් ආපුසු යනවිට සෙබළුන්ට කන්න කජු බටලීයෙන් මිළට ගෙන යනවලු නේද ඒ දවස්වල. ඔබ එදා සෙබලුන්ට පියෙක් වගෙයි. නැවත මේ හෙළ දෙරනේ නායකයෙක් වේවා!(නදී)

:       0       0

අචිනි Monday, 08 July 2013 05:03 PM

කොන්ද කෙලින් තිබු අසහාය නායකයෙක්. ඔබ තුමන්ට මුළු රටම හිස නමා ගරු කරනවා.(නදී)

:       0       0

රොෂාන් සංජීව Wednesday, 10 July 2013 03:18 AM

මේ අපි ආදරය කරන ගරු කරන උත්තමයෙක්. මේ අය තමා නියම මහත්වරු. මේ අයගේ ගුණ සුවඳ සදාකාලිකයි.මම මගේ දෙමාපියන්ට හා සමානව මෙතුමාට ආදරෙයි (නි)

:       0       0

ජිවන Wednesday, 10 July 2013 04:44 PM

අපි ඔබලාට සදා ණය ගැතියි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5545 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 781 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1357 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 121 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 208 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 275 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39124 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site