IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කාමාතුරයන් නව දෙනකුට බිලිවූ යාපනයේ සිසුවිය

fjfjfj

මාගේ දුව අද උදේ ඉස්කෝලේ ගියා. ගෙදර ආවේ නැති හින්දා හවස ඉස්කෝලෙට ගිහින් හොයා බැලූවා. ඇය ඉස්කෝලේ හිටියේ නැහැ. දන්න කියන හැමතැනම අපි හොයා බැලූවා. බැරිම තැන තමා පොලිසියට ආවේ. අනේ මගේ පොඩි කෙලීට දැනටමත් මොකක් හරි කරදරයක් වෙලාද කියන්න දන්නේ නැහැ. යැයි කයිට්ස් පොලිසියට පැමිණි ශිවලෝගනාදන් සරස්වතී (48) නමැති කාන්තාවක් ඉකිගසමින් කියා සිටියාය. සරස්වතී නැමැත්තිය මෙම පැමිණිල්ල කරනු ලැබුවේ පසුගිය 13 වැනිදා සවස්වරුවේය.

   5    


කයිට්ස් පොලිසියේ දුරකථනය එක දිගට නාද දෙන්නට පටන් ගත්තේ පසුගිය 14 වැනිදාය.


ඇමතුම ලැබී තිබුණේ පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගිනි.


පුන්කුඩතිව් ආලව වල්ලව පාරේ තල් රුප්පාවක තරුණියක් ඝාතනය කර ඇති බව පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් ලැබුණු ඒ පණිවිඩයෙන් කියවිණි.
පොලිස් කණ්ඩායමක් විසින් ඒ පණිවිඩය ලැබුණු සැනින් ක‍්‍රියාමත්මකවී ආලව වල්ලව පාරේ පිහිටි තල්ගස් රුප්පාවට ගොස් නිරුවත් තරුණියකගේ සිරුර සොයාගනු ලැබීය. තරුණිය දූෂණය කර මරා දමා ඇති බව පොලිසියට පෙනී ගියේය.


මෙසේ ඝාතනය කර තිබුණේ කයිට්ස් පුන්කුඩතිව් 10 වැනි කොටසේ පදිංචිව සිටි ශිවයෝගානන්දන් විද්‍යා නමැති 18 හැවිරිදි වියේ පමණ පසුවන පාසල් සිසුවියකි. ඇය ඉගෙනුම ලබමින් සිටියේ පුන්කුඩතිව් මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේය.

3

උද්ඝෝෂණයේ යෙදුණු පාසල් සිසුන්

 


සිසුවියගේ නිරුවත් සිරුර මත ඇය ඇද සිටි පාසල් නිල ඇඳුම දමා ගොස් තිබූ අතර යට ඇඳුම කටේ ඔබා තිබෙන අන්දමද පොලිසියට දක්නට ලැබී තිබේ. පාසල් සිසුවිය දූෂණය කර, ඝාතනය කර තිබුණේ ඉතාම කුරිරු හා අමානුෂික අන්දමිනි.


තිරිසනෙකුටවත් මේ විදිහට කෙනෙක් මරා දැමීමට නොහැකි බව පරීක්‍ෂණ පවත්වන නිලධාරීහු කියති.

6
යාපනය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ යූ. මයුරන් මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබිණි.


ඇය සමූහ දූෂණයකට ලක්වී ඇති බවත් යට කලිසම කටේ තදින් හිරකර තිබීම නිසා හුස්මගැනීමට නොහැකිවී ඇති බවත් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන්කර ඇති බව පොලිසිය කියයි.


හිස යමක වැදීම මරණයට හේතුව බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබේ. හිමිදිරියේ සුපිපි රෝස කුසුමක් බඳුවූ විද්‍යා ඒ තරමට සුන්දර යුවතියක් වූවාය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසන ආකාරයට සිසුවිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය පරීක්‍ෂණ පවත්වා පුද්ගලයන් තිදෙනෙක් මුලින්ම අල්ලා ගෙන තිබේ.

2

හර්තාලයට එක්වූ යාපනය ජනතාව

 


මේ තිදෙනා එකම පවුලේ සහෝදරයෝ වෙති.


මොවුන් තුන් දෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කයිට්ස් මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කුවින්ටස් පෙරේරා මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.


පොලිසියට  මෙම සහෝදරයන් තිදෙනා ගැන කියා ඇත්තේද විද්‍යාගේ මවය.

1


‘‘අපට වෙන කිසිම තරහකාරයෙක් නැහැ. දේපොළ කොල්ලකෑමේ නඩුවකට මම සාක්කි දෙනවා. ඒ මනුස්සයා ගැන මට සැකයි. මිනිහා කාලයක් රිමාන්ඞ් එකේ ඉඳලා ළඟදී ඇප ලබා ඇවිත් ඉන්නේ” යැයි විද්‍යාගේ මව පොලීසියට පවසා ඇත.


පොලිසිය පරීක්‍ෂණ පවත්වා ඔහු පමණක් නොව ඔහුගේ සහෝදරයන් දෙදෙනාද අත්අඩංගුවට ගත්තේය.අත්අඩංගුවට ගත් සහෝදරයන් තිදෙනාගෙන් එක් අයෙක් නිවසකට කඩාවැදී දේපොළ කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසියට කොටුවී තිබිණි.

8
විද්‍යයාගේ මව අධිකරණයේ සාක්කි දී ඇත්තේ ඔහුට එරෙහිවය. මේ ගැන විද්‍යයාගේ මව සහ උරණව සිටි බව කියන මෙම පුද්ගලයා ඔහුගේ සහෝදරයන් දෙදෙනා සමඟ එක්ව සරස්වතී නමැත්තියට මතක හිටින පාඩමක් ඉගැන්වීමට තීරණය කර ඇත.


සරස්වතීගේ දියණිය වන විද්‍යා පැහැරගෙන ගොස් ඇය ඝාතනය කිරීමට පුද්ගලයෙකුට කොන්ත‍්‍රාත්තුවක් ලබා දී ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් කරුණු කාරණා අනාවරණය වී තිබේ.


විද්‍යා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව බාරගත් පුද්ගලයා තවත් හතර දෙනෙක් සමඟ එකතුවී අහස පොළව නුහුලන මේ තිරිසන් ක‍්‍රියාව සිදුකර ඇති බව පොලිසිය කරුණු අනාවරණය කර ගත්තේය.


කයිට්ස් පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කුවින්ටස් පෙරේරා මහතා විසින් මේ අපරාධකාරයන් අල්ලා ගැනීමට පත්කර ඇත්තේ පුන්කුඩිතිවු පොලිස් මුර පොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පී.එම්. හිරාන් මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමකි.


උප පොලිස් පරීක්‍ෂක හිරාන් මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායම විසින් කරන ලද පුළුල් පරීක්‍ෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් ඒ මහා අපරාධය සිදු කළ ඔවුහු පස් දෙනාද අත්අඩංගුවට ගනු ලැබූහ.


විද්‍යා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව බාරගත් පුද්ගලයා පමණක් නොව තවත් හතර දෙනෙක්ද එකතුවී අහස පොළව නුහුලන මේ අපරාධය සිදුකර ඇති බව පොලිසිය කරුණු අනාවරණය කර ගත්තේය.


මොවුන් පස් දෙනාද අවසානයේ පොලිසියට කොටුවිය.


පාසල් සිසුවික දූෂණය කර මරා දැමීමට හවුල්වූ තවත් අයෙක් වැල්ලවත්ත ප‍්‍රදේශයේ නවාතැන්පොළක සිටියදී අත්අඩංගුවට ගත් අතර ඔහු ස්විස්ටර්ලන්තයේ හෝටලයක අරක්කැමියෙක් ලෙස සේවය කරන අයෙක් යැයි සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.


කෙටි නිවාඩුවක් ගතකිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ අරක්කැමියා මෙම අපරාධයට සම්බන්ධවී ඇතැයි කියන අතර මොහු කයිට්ස් පුන්කුඩිතිවු 10 වැනි කොටසේ පදිංචිකරුවෙකි.


මේ අපරාධය සිදුකිරීමෙන් පසු මොහු වැල්ලවත්ත ප‍්‍රදේශයට ගොස් ඇත්තේ නැවතත් ස්විස්ටර්ලන්තයට පලායාමේ අදහසිනි.


‘‘විද්‍යා ඉස්කෝලේ යන්න පොත් බෑග් එකක් කරේ දාගෙන පාපැදියෙන් යද්දී අපි රැකලා ඉඳලා ඇය අල්ලාගත්තා. ඇය එපා එපා යැයි කියා කෑගැසූ නිසා කට තදකර ගත්තා. ඇය අපෙන් බේරී යන්න ලොකු උත්සාහයක් කළා. ඒත් වැඩක් වුණේ නැහැ. තල් ගස් රුප්පාවට අරගෙන ගිහින් අපි ඇයට ලිංගික අතවර කරන්න පටන් ගත්තා. කෑගහන්න බැරිවෙන්න යට කලිසම හොඳට තද වෙන්න කටට එබුවා. එතකොට කෑගැසීම නතර වුණා” යැයි සැකකරුවෝ පොලිසියට පාපොච්චාරණය කර ඇතැයි කියති.


පොලිසිය පරීක්‍ෂණ පවත්වා හෙළිකරගෙන ඇති අන්දමට උදේ 7.45 පමණ සිට 11.00 පමණ දක්වා වරින් වර ඇයට මෙම අපාරාධය කර තිබේ. ඒ නිසාම පසුව ඇය සිහිසුන් තත්ත්වයේ සිට ඇති බවත් කියති.


සිහිසුන්ව සිටියදී පවා මේ නරුමයින් ඇයට හිරිහැර කර ඇති බව සැකකරුවන් පොලිසියට පාපොච්චාරණය කර ඇති බව දැනගැනීමට ඇත.


‘‘කෙල්ල මැරිලා කියා අපට තේරුම් ගියා. ඇඳගෙන හිටිය ඇඳුම් ඇඟ උඩින් දාලා අපි එතැනින් යන්න ගියා. මේ අපරාධය කරන්න යන්න කළින් අපි අරක්කු ගෙනත් හොඳටම බිව්වා. ඊට පස්සෙ විද්‍යා හොයන්න ගමේ අය ගියා. ඒ විතරක් නෙවේ මරණගෙදර වැඩවලට පවා අපි කට්ටිය උදව් පදව් කළා. එහෙම කළේ අපි ගැන කාටවත් සැකයක් ඇති නොවෙන්න” යැයි ද සැකකරුවෝ පොලිසියට පාපොච්චාරණය කර ඇති බව පැවසේ.


අම්මා එක්ක තියන තරහට දියණිය පැහැරගෙන ගොස් ඝාතනය කරන්න කොන්ත‍්‍රාත්තුව බාරගත් පුද්ගලයා පොලිසියට පවසා ඇතැයි කියන්නේ වැඬේ ඉවරයක් කරලා දැම්මම සල්ලි දෙන බව කොන්ත‍්‍රාත්තුව බාර දුන් පුද්ගලයා පැවසූ බවය.


එහෙත් දෙන මුදල කීයද කියා ඔහු කොන්ත‍්‍රාත්තුව බාරගත් පුද්ගලයාට පවසා නොමැත.


ලැබෙන ගාන කීයක් වුවත් කමක් නැහැ කියා මම වැඬේ බාරගත්තා. ඒත් සල්ලි ඉල්ලගන්න බැරිවුණා යැයිද සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇත.


වෘකයින් රැළකට කොටු වූ අහිංසක මුවැත්තියක් ලෙස මේ තිරිසනුන් ඉදිරියේ ඇය අසරණ වූවාය.


හැඩි දැඩි මේ තිරිසනුන් ඉදිරියේ පැය ගණනාවක් යනතෙක් මොනතරම් වේදනාවක් විඳින්නට ඇත්ද කියා දන්නේ ඇය පමණකි.


විද්‍යා පවුලේ බඩ පිස්සි වූවාය ඇයගේ අක්කා වවුනියාව මහා විද්‍යාලයේ සිසුවියක් වන අතර අයියා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යන අයෙකි. ඇයගේ පියා ආණ්ඩුවේ රස්සාවක් කර විශ‍්‍රාම ලබා සිටින රෝගී තත්ත්වයේ පෙළෙන අයෙකි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනාම විද්‍යාගේ ගමේ පදිංචිකරුවන් වෙති. ඔවුන් අතරේ විවාහකයන්ද සිටිති.


කුලී වැඩ කර ජීවිකාව ගෙනයන මොවුන් තදින්ම කසිප්පු බීමට ඇබ්බැහි වී සිටින අය බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.


මෙම සිද්ධිය ආරංචි වීමෙන් පසු කයිට්ස් ප‍්‍රදේශය පමණක් නොව මුළු යාපනය අර්ධද්වීපයම ගිනියම් වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. පාසල් සිසුවියක් සමූහ දූෂණයකට ලක්කර අවසානයේ ඇය ඝාතනය කර ඇති බව සැලවූ පිරිස ඝාතකයන්ට විරෝධය දක්වමින් හර්තාල් කිරීමට පටන්ගත්හ.


කඩ සාප්පු වසා දැමිණි. ටයර් පුළුස්සමින් වාහන ගමනා ගමනයට අවහිර කරමින් ඇතැම් පිරිස් ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නට පටන්ගත්හ.


මේ නිසා මුළු උතුරු පළාතම ගිනියම්ව ගොස් තිබිණ. නාගදීපය හා කයිට්ස් අතර එහි ප‍්‍රවාහන බෝට්ටු සේවාවද ඇන හිටියේය.  පැවතුන හර්තාලය හා උද්ඝෝෂණය නිසා සාමාන්‍ය ජනජීවිතය බොහෝ දුරට අඩාළවිය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකුගේ නිවාස ගිනි රකුසාට බිලිවිය.

23_SLMA_P6_Back

හර්තාලයෙන් පාළුවූ නගරයක්

 


විද්‍යයාගේ ඝාතනය දඩමීමා කරගෙන ඇතැම් අවස්ථාවාදීන් නීතිය අතට ගෙන හැසුරුණු බව පෙනෙන්නට තිබිණි යැයි පොලිස් නිලධාරීන් රැසක්ම පැවසූහ.
ඇතමුන් කීවේ මෙය දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව මත සිදුවන්නක් බවය. කෙසේ නමුත් එහි සත්‍ය අසත්‍යතාව කීමට අප දන්නේ නම් නැත.


සැකකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින ලෙසද නීිතිඥයන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව පොලිසියට දැනගැනීමට ලැබී තිබේ.


සැකකරුවන් අධිකරණයට ගෙන ආ ඉකුත් 20 වැනිදා යාපනය අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි.


උද්ඝෝෂණයට එක්වූවන් බොහෝ දෙනෙක් කලහකාරි ලෙස හැසිරෙමින් උසාවියට ගල් ගැසීමට පවා පටන්ගත්හ.


මෙයින් අධිකරණ සංකීර්ණයට යම් තරමක අලාභහානියක් සිදුවූ අතර කළහකාරී පිරිස විසුරුවා හැරීමට පොලිසියට කඳුළු ගෑස් පවා ගැසීමට සිදුවිණි.


උද්ඝෝෂකයන් එල්ලකළ ගල් මුල් ප‍්‍රහාරවලින් උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූහ.


යාපනය අධිකරණ සංකීර්ණයට ගල් ගසා අලාභහානි සිදුකරමින් පොලිසියටද ගල්මුල් ගසා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවසානයේ 127 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගැනිණි. පේදුරුතුඩුව ප‍්‍රදේශයේ සමහර මාර්ගවල ටයර් පුලූස්සා කලහකාරී ලෙස හැසිරුණු 18 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ පේදුරුතුඩුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නුවන් දන්තනාරායන මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.


හර්තාල් ව්‍යාපාර උද්ඝෝෂණ පැවැත්වූයේ විද්‍යා දූෂණය කර මරා දැමීමට සම්බන්ධ බව කියන ඝාතකයන් කඩිනමින් නීතියේ රැුහැනට කොටුකර තිබියදීත්ය.


නීතිය අතටගෙන ක‍්‍රියා කළ අයට වැඩ වැරදී ඇති අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතය.


මේ සටහන තබන දිනය වනවිටත් යාපනයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව නොතිබිණි. උතුරු  පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති බී.ආර්. පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ යාපනය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්‍ෂ්මන් වීරසේකර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී අජිත් සේනාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ කයිට්ස් මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කුවින්ටස් පෙරේරා සහ පුන්කුඩිතිවු පොලිස් මුර පොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පී.එම්. හිරාන් යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වා විද්‍යා ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.


පොලිස් සැරයන්වරුන් වන අමරසිංහ (29230), අබේසිරි (50154), තෙන්නකෝන් (32520), උඩගෙදර (24700) සහ කොස්තාපල් ගෝබි ක‍්‍රිෂ්ණන් (88341) යන මහත්වරුද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පරීක්‍ෂණවලට සහභාගිවී ඇත.


m



අදහස් (0)

කාමාතුරයන් නව දෙනකුට බිලිවූ යාපනයේ සිසුවිය

ලංකා Sunday, 31 May 2015 06:23 AM

මෙවැනි අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීති නිලධාරීන්ට පන්න පන්න ගහන්න ඕනි. (බ)

:       0       0

දුමින්ද Monday, 25 May 2015 10:39 AM

මේවගේ දෙයක් දකුණේ වුනානම් ප්‍රතිඵල සමානද (බ)

:       0       0

දීෂණ Monday, 25 May 2015 11:06 AM

දකුණේ වුණා නම් කීදෙනෙකුට පොලිසිය වෙඩි තියයිද ? (ම)

:       0       0

සිරිරත්න Sunday, 31 May 2015 07:46 AM

මුන්ට අරාබි කරයේ දඩුවම් දිය යුතුයි (බ)

:       0       0

සුදේශ් Monday, 25 May 2015 11:37 AM

හදිසියෙවත් පොලිසියෙන් වෙඩි තියල එක්කෙනෙක් මැරුනනම් ලොකු කලබලයක් වෙනවා. මේක පිටුපස හදිසි බලවේගයක් තියෙනවා කියල තේරෙනවා. (ස)

:       0       0

සංජය Saturday, 30 May 2015 01:08 PM

එතකොට 100 දුෂණය කරපු එවුන් පළාත් සභා වලට තෝරලා යවන දකුණේ මිනිස්සු ගැන මොනවද කියන්නේ (බ)

:       0       0

කුමාරි Monday, 25 May 2015 11:47 AM

උතුර දකුණ කියල බේදයක් නැහැ. මේ වගේ තිරිසනුන් වෙනුවෙන් මහත්මා ගුණයක් ඇති පෙරකදෝරු මහත්මයින් නම් ඉදිරි පත් වෙන් නැහැ. මෙවැනි අධමයින්ට ඇප ලබා නොදී මරණ දඩුවම ලබා දිය යුතුයි. ඒ දියණියට උතුම් මිනිස් ආත්මභාවයක්ම ලැබේවා! සසර වසනා තුරු මෙවැනි අධම ක්‍රියා කිසිම කෙනෙකුට අසන්නවත් දකින්නවත් නොලැබේවා! (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 25 May 2015 12:33 PM

මේ අය ටික මිනිස්සුනට බාර දුන්නා නම් ඉවරයි (අ)

:       0       0

ගුණරත්න Wednesday, 27 May 2015 04:54 AM

ඒ ළමයට සාධාරණය ඉෂ්ට කරන්න බලයලත් නිලධාරින්ගෙන් මම ඉල්ලනවා (බ)

:       0       0

සුගන්ධිකා Wednesday, 27 May 2015 04:57 AM

මෙය විස්තර කර ඇති ආකාරය ඉතාම හොඳයි (බ)

:       0       0

බන්දුල Saturday, 30 May 2015 01:40 AM

ඔන්න මරණ දඬුවම පටන්ගන්න හොඳම වෙලාව (නි)

:       0       0

පුබුදු Tuesday, 26 May 2015 03:54 AM

මේ වගේ අදම වැඩ කරන තිරිසනුන් හට අපේ රටේ නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි (නදී)

:       0       0

සහන් Monday, 25 May 2015 01:10 PM

පෙරකදෝරු මහත්මයින්ට ඉදිරිපත් වෙන්න නොදුන්නොත් මේගොල්ලෝ ලේසියෙන් ගැලවෙනවා අඩු දඩුවමක යටත්වෙලා හරි. (බ)

:       0       0

දිලිප් Monday, 25 May 2015 01:45 PM

දකුණේ වුණා නම් කවුරුවත් කට අරින්නේ නැහැ. එහෙම දෙයක් නොවුණා වගේ හිටී. (නි)

:       0       0

නුවන් Monday, 25 May 2015 07:58 AM

මේ සිද්ධියට යටින් වෙනත් යමක් සිදුවෙනවා වගේ මට හැ‍ඟෙනවා! (නි)

:       0       0

සුසිලා Tuesday, 26 May 2015 05:27 PM

ඇත්තටම මේ අපරාධකරුවන්ට මරණ දඩුවම දෙන්න ඕනෑ (නි)

:       0       0

ජයවි Sunday, 31 May 2015 04:02 AM

විජයකලා මන්ත්‍රීනි ගිය සුමානේ සටන වැඩසටහනට ඇවිත් කියනවා කොටි ඉන්න කාලේ මේ වගේ වුනේ නැහැ කියල. කොටි ඉන්නකොට ගෑනු අයට හොඳට ආරක්ෂාව තිබ්බලු. ඒ කියන්නේ කොටි අායිමත් ඕනේ කියන එක නෙමෙයිද? සයනයිඩ් කරල බෙල්ලේ එල්ලගෙන තියෙන්නේ ඕනේ කමින්. මට පේන විදිහට අපේ හමුදාව දෙමලුන්ට කරපු දෙයක් නැහැ. අපරාදේ අපේ කොල්ලෝ මැරුනේ.... මේ වගේ ජාතිවාදී මින්ස්සු එක්ක තවදුරටත් සිංහල බෞද්ධයෝ ඉවසන්න කියලද කියන්නේ...(බ)

:       0       0

මහේෂ් ජානක Monday, 25 May 2015 10:03 AM

අපේ රටේ නීතියක් කියල දෙයක් නෑ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4042 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 483 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1101 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 96 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 185 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 243 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site