.jpg)
ලෝක කුසලාන ජයග‍්‍රහණය සමග ශ්‍රී ලංකා ක‍්‍රිකට් තරු පිරිවරට සුබ පැතීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළ ගැසී සිටිය ද, ඒ සියලූ දෙනා හට අවකාශය නොලැබුණ ද, අන්තර්ජාල ෆේස් බුක් භාවිතයේ යෙදෙන එතෙර මෙතෙර ලක්ෂ සංඛ්‍යාත මිතුරු රෑනට නම් ෆේස් බුක් මහඟු අවස්ථාවක් විණි. ඒ හරහා ලක්ෂ සංඛ්‍යාත මිතුරු කැළක් තම ආදරණීය ක‍්‍රිකට් තරු රෑන වෙත අදහස් පළ කර සිටියහ. ඔවුන්ගේ අදහස්වලට සාපේක්ෂව සමහර ක‍්‍රිකට් තරු තම අදහස් මුදා හැර තිබීම ද විශේෂත්වයකි.
මෙලෙසින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලද මේ ලෝක කුසලාන ජයග‍්‍රහණයෙන් පසුව ෆේස් බුක් මිතුරන් ක‍්‍රීඩකයන් හට මුදා හළ අදහස් බොහෝමයක් අතරින් තෝරාගත් කීපයක් අපි මෙලෙස ගෙන හැර දක්වමු.
ඔහු පාකිස්ථානු වැසියෙකි. ”ඉන්දියාව දිනුවාම, ඒ රටේ මිනිස්සු ක‍්‍රීඩකයන්ට දෙවියන්ට මෙන් සලකනවා. පැරදුණාම රටම යුද පිටියක් වගෙයි. ඒ අතින් ශ්‍රී ලංකාව මොන තරම් ශ්‍රේෂ්ඨ ද?” පාකිස්ථානු මිතුරා එසේ කියද්දී බංග්ලාදේශ මිතුරකු කියූ දේ මෙසේය.
”මතක තියා ගන්න, අපි එදා ක‍්‍රීඩාංගණයට ආවේ හදපත්ලෙන්ම ශ්‍රී ලංකාවට සුබ පතන්නයි, ධෛර්ය වඩවන්නයි, ඉතින් මේ බංග්ලාදේශ වැසියන් කවදාවත් අමතක කරන්න නම් එපා.”
ඔහු එසේ ආයාචනය කරද්දී, ඉන්දියානු ජාතික අභිෂේක් ගයිරිෂ් පළ කර තිබුණේ ”මම ඉන්දියානුවෙක් තමයි, ඒත් මම ආදරේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලටයි” යනුවෙනි.
මේ විදියට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ෆේස් බුක් පිටුවට තවත් බොහෝ අදහස් යොමු කර තිබිණි. ඊට අමතරව ක‍්‍රීඩකයන් හට ඔවුන්ගේ වෙන් වෙන් වශයෙන් ඇති ෆේස් බුක් පිටු හරහා අදහස් පළ කර තිබුණේ මෙලෙසිනි.
”සංගා ජයග‍්‍රහණය ලද වේලාවේ ඔබ සනත් ජයසූරිය බදාගෙන ඇඬුවා. ඇයි එච්චරටම හැඟීම්බර වුණේ?” මම ශ්‍රී ලාංකීය මිතුරෙක්.
”සංගා ලෝක කුසලාන අවසාන තරග හතරකටම තේරිලා අපේ ඇස්වලට උඹලා කඳුළු පිරෙව්වා. ඒත් උඹලා ඊයේ අපිව ඇත්තටම ඇඬෙව්වා. මේ සතුට කියලා නිම කරන්න බැහැ.” මම දුලාන්.
”සංගා මහේල වත්මන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මහා කුළුණු දෙක නුඹයි.” මම ෆ‍්‍රැන්සියස් සැමුවෙල්.
”ලසිත් එදාත් සූරයා අදත් වීරයා ඔබයි.”
මීට ඔබට ආදරේ අපි.
”තිසර, ඔයාට අපි කියන්නෙ අයන් මෑන් (යකඩ මිනිහා) කියලායි.” මීට තවත් ගින්දර පහරක් බලාපොරොත්තු වන අපි.
”රංගන, සත්තකින්ම නුඹ ඇදහිය නොහැකියි, හරි පුදුමයි. උඹට අපි ආදරෙයි.”
”මාලිංග සර්, මම ඉන්දියානුවෙක් බව ඇත්ත. ඒත් මගේ සුබ පැතුම් ශ්‍රී ලංකාවටයි. සංගා මහේල ශ්‍රේෂ්ඨයින් දෙපොළටත් මගේ ප‍්‍රණාමය.” ෂුභාම් පතක්.
”චන්දිමාල්, ස්තුතියි ඔබ ඔබගේ නායකත්වය පූජා කළාට.” මම යසකැළුම්
”චන්දිමාල්, ඔබ පසෙකට වී රට පෙරට තැබුවා. මෙය මුළු කණ්ඩායමම මතක තබාගත යුතුයි.” මනුජ.
”චන්දි, කියලා වැඩක් නැහැ. ඔබ ලෝකයේ හොඳම මානවයා කියලයි මට හිතෙන්නෙ”.
”තිරිමාන්න, සංගාගේ ඊළඟ දැක්ම නුඹයි.” ශ්‍රී ලංකාවේ අපි.
”ඩිල්ෂාන්, ඉදිරියට යන්න බොස්, මහා පුදුම වීරයා නුඹයි.” ඉන්දියානු මිතුරෙක්.
”කුසල් බොස් ඔයා හරියට අපේ බොලිවුඞ් නළු සුනිල් ෂෙට්ටි වගෙයි.” මුසාබ් රෂීන්.”ඒක ඇත්ත තමයි, ඒත් ඔබ ඉගෙන ගන්න සංගාගෙන්.” නේපාල මිතුරෙක්.
”සංගා මහේල අපේ දෙයියෝ දෙන්නා නුඹලායි.” මෙයට ලයික් දාහක් දාන්න” යැයි ෆේස් බුක් මිතුරකු පවසා සිටි අතර දහස ඉක්ම වූ ”කැමැත්ත” ඊට ප‍්‍රකාශ කර තිබිණි.
”කුසල්, පොඩි සනා නුඹයි, නුඹට අපේ ගෞරවය.” නුගේගොඩ.
”සනා තමයි නියම කොපිය. කාබන් කොපිය තමයි කුසල්.”
”කුලේ, ඔයා පංකාදු පහයි ඈ.” ගම්පහ අපි.
”ඒක ඇත්ත, ශ්‍රී ලංකා පිලේ නිහතමානී උල්පත නුඹයි.” නිට්ටඹුවේ මිතුරෝ
”මැතිව්ස්, ගැඹුරු ජලය නිසලව ගලා යයි, අපි උඹට ආදරෙයි.” ගාමිණී.
”සචී, ඔයා නළුවෙක් වගෙයි, ශ්‍රී ලංකාවට සම්පතක්.” යක්කල.
”ඒක ඇත්ත, සචිත‍්‍ර හදවතින්ම ලස්සන, හොඳ ගුණවත් අවංක මිතුරෙක්.” පාසල් මිතුරා.
”රංගන, ඔබ අපට ගෙන දුන් ගෞරවණීය බව අති විශිෂ්ටයි.” මිත‍්‍රයා, පොල්ගහවෙල.
”රංගන, ඇත්තටම නියම මැජික් ශූරයා නුඹයි.” මොහොමඞ්.
මෙවැනි අදහස් අතරේ සංගා කෝලි වෙත ඇඟිල්ල දිගු කරමින් සිටින ඡායාරූපය පළ කර තිබිණි. ඊට පේ‍්‍රක්ෂකයකු කියා තිබුණේ සංගා කෝලිට කිව්වෙ මෙන්න මෙයයි යනුවෙනි. එනම්,
”මම තමයි මේ පාසලේ විදුහල්පතිවරයා, මේ පාසලේ තවමත් නුඹ ඉගෙන ගන්න බව මතක තියා ගනින්.”
මේ අදහසට ලයික් කිරීම් දහස ඉක්මවා තිබිණි.
ෆේස් බුක් පිටුවේ තවත් අපූරු ඡුායාරූපයක් පළවී තිබිණි. එනම් හිටපු ටෙස්ට් ක‍්‍රීඩක රසල් ආනල්ඞ් නර්තනයක යෙදෙන අවස්ථාවකි. එදා ශ්‍රී ලංකාව ජයග‍්‍රහණය කළ මොහොතේ ඔහු සිටියේ ජාත්‍යන්තර විචාරකයකු ලෙස විස්තර කුටියේය. ඔහුගේ මෙම නර්තන ඉරියව් ඡුායාරූපය වෙත ෆේස් බුක් මිතුරකු අදහසක් පළ කර තිබුණේ මෙලෙසිනි.
”ඔබ සිංහයන්ගේ සිත් පැහැර ගත්තේ අලංකාර කථනයෙනි. ක‍්‍රීඩකයන්ගේ පවා සිත් ධෛර්යයට පත් කළ ඔබ ඉතා හොඳ මහත්මයෙකි.”
මෙවැනි සියලූ අදහස් අතරේ සංගා මහේල සහ මැතිව්ස් මෙන්ම මාලිංග තම ෆේස් බුක් පිටු හරහා ෆේස් බුක් ජාලයට අදහස් ප‍්‍රකාශ කර තිබුණේ මෙලෙසිනි.
”මේ ජයග‍්‍රහණය වෙනුවෙන් අපව ප‍්‍රාණවත් කළ සහයෝගය දුන් ඔබ සැමට ස්තුතියි. මේ ජයග‍්‍රහණය අපි හැමෝගෙමයි. ලෝකයේ හොඳම ක‍්‍රිකට් ලෝලීන් සිටින්නෙ අපටයි. අපේ නරක දවස්, ඒ වගේම හොඳ දවස් නුඹලා උපේක්ෂාවෙන් දරා ගත්තා. ජය පරාජය ඉවසා ගෙන ඉවසීමෙන් සිටියා. උද්යෝගිමත් කළා, ඉතින් මාගේ සාර්ථකත්වය පිටුපස සිටි පුහුණුකරුවන් ඇතුළු කණ්ඩායමේ සගයින්ට සහ පවුලේ අයටත් මගේ ගෞරවය පුදන්න ඕනෑ. අපි හෙට කොළඹ දී හමු වෙමු.”
කුමාර් සංගක්කාර
.jpg)
”ජය ගත්තා හෝ පරාජය වූ සෑම මොහොතකදීම අපව ධෛර්යවත් කළ ආදරණීය මිතුරනි, ඔබට ස්තුතියි. අපගේ ශ්‍රේෂ්ඨයින් දෙපොළ සංගා සහ මහේල විස්සයිx20 සමු ගන්නවා. ඔවුන් දෙදෙනාට වගේම නුඹලා සියලූ දෙනාටත් මගේ ගෞරවය හිමි විය යුතුයි.”
ලසිත් මාලිංග
”අපට ජයග‍්‍රහණය වෙනුවෙන් අප පිටුපස සිටි සියලූ ශ්‍රී ලාංකිකයින්ට මාගේ ප‍්‍රණාමය ගෞරවය. මේ වගේ මහා පුදුමාකාර මිනිස් සහයෝගයක් මගේ ජීවිතයේ මා දුටුවාමයි. එය ඇත්තටම මහා පුදුමාකාරයි.”
ඇන්ජෙලෝ මැතිව්ස්
”සියලූ දෙනා වෙතයි, ඇදහිය නොහැකි තරමේ මොන තරම් නම් හැඟීමක් ද මේ තියෙන්නෙ. මේ විජයග‍්‍රහණයේ අයිතිය මුළු මහත් ශ්‍රී ලංකාවටමයි. අවසාන මම ඔබ සියලූ දෙනාටම සුබ පතන්න කැමැතියි.”
මහේල ජයවර්ධන
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු ලිපිය.ලංකාදීපයට ස්තූතියි. (ස)
කවුද අජිත් කියන්නේ? (නදී)
ලෝක කුසලාන දෙකක් දිනා ගන්න හැටි සතුටින් වින්ද ගත්තා. සංගා, මහේල, මාලිංග, දිල්ශාන්, හේරත්, අජන්ත සියැසින් දැක ගත්තා. මීට වඩා මොන සතුටක් ද ? (ස)
ශ්රී ලාංකිකයකු විදිහට, ආඩම්බරේ කියල වැඩක් නෑ. (ස)
කසුන්, මොනවද මේ කතා? (නි)
ශ්රී ලංකාවේ ක්‍රිකට් විරුවන්ට අපගේ සුභ පැතුම්! (නි)
සැමදත් ඔබ සමගයි ... ජයවේවා (දී)
ලංකාව කියන පුංචි රට ගොඩක් ප්‍රසිද්ධ වුණේ ක්‍රිකට් නිසා. (ස)
කුමාර සංගක්කාර මහතා පවසා සිටියේ ලෝක කුසලාන ජයග්‍රහහණය ජනතා සතු කරන බවය. මීට අදාලව ලැබුන ඩොලර් මිලියන 1.5 න් මොනවද ජනතාවට දෙන්න යන්නේ කියලා අපට කියන්න. ඔබට ජය! (නි)
මේක ලබන අවුරුද්ද දක්වාවත් පවත්වාගෙන යන්න පුලුවන් නම් හොඳයි (නි)
මුළු හදවතින්ම ලාංකිකයි.ජයවේවා. (ස)
නියමයි අපි හැමදාමත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආදරෙයි සඟ මහේල ලසිත් කුසල් හමූටම ආසයි (දී)
නියමයි හරි ලස්සනයි.(නදී)
මේ ලිපිය කියවන කොට පුදුම අභිමානයක් දැනෙනවා.. ජය ජය ශ්‍රී ලංකා. (ස)
ලංකාදීපය ඔබ හැමදාමත් ශ්‍රේෂ්ටයි..... මගේ හදපතුලෙන්ම ඔබ සියලු දෙනාටම ප්‍රණාමය... හැමදාම ඔබ වැජබේවා (දී)
ලංකාවේ කොල්ලො එදත් ලෝකෙ හොල්ලපු මහ පුදුම, මහ වීර, ශ්‍රේෂ්ට ජාතියක්. අදත් එහෙමයි කියල අපේ ක්‍රිකට් කොල්ලො ටික ඔප්පු කරල පෙන්නුවා. ඉස්සරහටත් ඒක එහෙම වෙන්න ඕන. අනිත් ක්‍රීඩා වලිනුත් ඉස්සරහට යන්න ශක්තිය ලැබේවා. ජය වේවා. (ස)
ඔය පොත මම පාවිච්චි නොකලට අපේ කොල්ලෝ එක්ක අපි දුකේදීත් සැපේදීත් ඉන්නවා. ජය වේවා සොයුරනි! ඔබ සැමට තෙරුවන් සරණයි! (ත)
ඇත්තම කියන්න ඕන මේ ලිපිය කියවද්දි මට මාර හයියක්. අපේ කොල්ලන්ට ජය (ස)
නියමයි. අපේ ක්‍රිකට් විරුවන්ට ජය වේවා. (ස)
මේ වගේ ලිපි පළ කිරීම ගැන ලංකාදීපයට අපගේ හෘදයාංගම ස්තූතිය. (ස)
ඇත්තටම කියල තියෙන දේවල් නම් බොක්කටම වදිනවා. හරිම සතුටක් දැනෙන්නෙ ලංකාවේ මිනිස්සු ගැන. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ජය. අපේ තරු වලට අපි හැමදාම ආදරෙයි. (ස)
මම T20 අවසාන තරගය 20 සැරයකට වඩා නැරඹුවා.... බලන්න බලන්න ආස හිතෙනවා.. (ස)
ගොඩක් ලස්සන ලිපියක් ඔබසැමෙට ස්තූතියි ! (ස)
අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි! (නි)
අපි කවදත් ලංකා කණ්ඩායම සමඟ තමයි.ජයවේවා!!! (නි)
හොඳ ලිපියක් (නි)
මෙය පළකිරීම පිළිබඳ ස්තූතියි! (නි)
ලංකාව ගැන ලෝකෙම දන්නේ ඉස්සරනම් තේ හින්දා, දැන් ඒක වෙනස් වෙලා දැන් දන්නේ ක්‍රිකට් නිසා (දී)
මෙවන් ලිපි පළකරන ලංකාදීප පුවත්පතට අපේ ස්තූතිය! (නි)
අපි අාදරෙයි ඔබ සැමට.!! (නි)
මෙම ලිපිය පළකළ ලේඛක මහතාට මාගේ හෘදයාංගම ස්තූතිය පළකරමි (නි)
වචන වලින් කියා ගන්න නොහැකි හැඟීම් සමුදායකින් හදවත් පිරිගියා. අවස්ථා ගණනකදී අවසාන තරගයේදී අපව දුකට තල්ලු කළ ඔබ ධෛර්යයෙන් ඔසවා තබන්නට අප ගත් වෑයමේ අවසාන ප්‍රතිඵලය ... සත්තකින්ම අපි හැමෝම කදුළු සැලූ තරම් ... දුකේදිත් සැපේදිත් අපි ඔබව තනි නොකළ ආදරයට ධෛර්යයට ඔබ ගෙන දුන් දිනුම සදා අප මතකයේ රැදේවී.... (නි)