IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


කිරිකැටියා වෙනුවට ගෙට ආ කළු යකා

දින කිහිපයක් ගිය තැන දමිත් කලූ යකා තුන් කුළුදුල් බිල්ලක් ඉල්ලමින් ඔන්න කලූ යකා මෙන්න කලූ යකා කියමින් ගේ වටේ දුවමින් ආතභූත කරන්නට විය. එක්වරක කලූ යක්‍ෂනිය දමිතා සොයා ආවාය. තවත් වරක කලූ යක්ෂයා දමිත් හැර නොගියේය. පවුලේ ළගම ඥාතීහු යද්දෙස්සන් කැදවා බලි තොවිල් නටා නූල් බැද දෙහි කපා ආතුරයන් සුවපත් කරන්නට කටයුතු කළද කලූ යකා හෝ කලූ යක්‍ෂණිය දමිත් දමිතා හැර නොගියෝය. තුන් කුළුදුල් බිල්ලට ගන්නේ පියා ඒ පවුලේ වැඩිමලා විය යුතුය. මවද ඒ පවුලේ වැඩිමලා විය යුතු අතර ඔවුන්ට දාව උපන් පුතකු හෝ දුවක වෙද්ද ඔහු හෝ ඇය තුන් කුළුදුල් බිල්ලට අගනේය. යක්‍ෂ පේ‍්‍රත කුම්භාණ්ඩයන්ට බිල්ලට දෙන්නටද නිදන් ගන්නටද බිල්ලට දිය හැක්කේ එවැනි දුවක හෝ පුතකු පමණි. ඒ නිසා ගමේ වුන් එවැනි පවුල් කිහිපයක දු දරුවන් ගමෙන් පිටමන් කරලන්නට ඒ ගම වැසියෝ කටයුතු කරන්නේ යක්‍ෂයෝ භූතයෝ කුම්භාණ්ඩයෝ පිසාචයෝ තම දුව හෝ පුතා බිල්ලට ගනී දැයි යන බිය නිසාවෙනි. දමිත් සහ දමිතා පාසල් වියේ පටන් පෙම්වතුන් වුවාය. ඇවැස්ස නෑනා මස්සිනාගේ ආදර කතාන්දරයට වැඩිහිටියෝද ආශීර්වාද කළෝය. තුරුණු වියට පැමිණි දමිත් හා දමිතා විවාහ වී දැනට සිව්වසරක් ගත වී හමාරය. මේ සොඳුරු කැදැල්ලට තවමත් පැටවුන් නොමැති කම දමිත් හා දමිතාට ප‍්‍රශ්නයක් වූහ. දෙමාපියන්ගේ ඉඩකඩම් වලින් ආදායම් සරුවට ආ නිසා දෙදෙනා වෙනත් රැකියාවක් කරන්නට තරම් අවශ්‍යතාවයක් නොවීය. යක්ගහ සොඳුරු ගමේ ඔවුන් ජීවත් වූයේ දරුවන් නොමැතිව වුවද මේ අවනඩුව විසඳන්නට දෙදෙනාම උපායක් යෙදීය. ඒ දමිත් හා දමිතා වෙන වෙනම මෙම උපාය සිදු කරන බව දෙදෙනාම දෙදෙනාටම රහසක් වශයෙන් තබා ගැනීමට ඔවුහු කටයුතු කළෝය. ගමේ ගොඬේ කාන්තාවෝ දමිත් හා දමිතාට ඇනුම්පද කියමින් වඳ මිනිහා හා වඳ ගෑනී යනුවෙන් කයිකතන්දරද ගම පුරා ලැව් ගින්නක් මෙන් පැතිරෙන්නට විය. ගමේ මිනිසුන් ගැහැනුන් ගමනක් බිමනක් යන විට වඳ නෝනා මහත්වරු ඉස්සරහට හමු වුව හොත් සුබ ගමන අසුබ වන්නේ යැයි කවුරුත් කීය. දමිත්ගේ පියා හිටි හැටියේ මිය යන්නේ වකුගඩු රෝගයකිනි. දමිත්ගේ පියා සිය පුතුට මෙන්ම දමිතාටද දැක්වූයේ නොනිමි සෙනෙහසකි. මම මැරෙන්න ඉස්සර වෙලා මුණුපුරකු දකින්න ඔහු නිතරම කියන්නට විය. මේ අතර තවත් පුදුමයක් මේ ගෙදරම සිදු වේ. ඒ දමිත්ගේ මවද මිය යාමයි. ඒ වන විට දමිතාගේ දෙමාපියෝද මිය ගොස් සිටිය නිසාවෙන් සියලූ දේපල වල අයිතිය භාරකාරත්වය දමිත්ට හා දමිතාට හිමිවිය. ගම්මුන් කොතරම් කයිකතන්දර කීවද දමිත්ලා ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. හැකි සෑම අවස්ථාවකදීම දෙදෙනා දෙදෙනාව ආරක්‍ෂා කරන්නට කතා කළේ ඒ නිසාය. දින සති ගෙවිනි. එක මාසෙපෝය දිනකදී කෑලි කපන කරුවලේ පැමිණි යක්‍ෂයෝ දමිත් හා දමිතාට වැහුණි. ඒ අනුව කලූ යකා හා කලූ යක්‍ෂණිය මේ යුවතිපතින්ට වැහුනේ දරුවන් නොමැතිව ඇති වු සිත් තැවුල නිසා වෙනි. සෙත් කවි කියූ ඔවුන් දේවාල කිහිපයකට ගොස් භාර හාර වූයේ රට යැකුම බලි තොයිල් ගුරු හරුකම් කිහිපයක්ම සිදුකළේ ඒ නිසාය. ඒ කිසිවකින් ගෙදරට දරුවෝ එන සෙයක් නොපෙනිණි. මේ අතර දමිත්ට හිටි හැටියේ වෙව්ලිල්ල කැරකිල්ල සෑදී ක්ෂණයකින් යථා තත්ත්වයට පත් විය. තවත් දිනක දමිතා වෙවුලමින් කැරකෙනවා කියමින් හිස මත දෑත් තබා ගෙන විලාප දෙන්නට වුවාය. දෙදෙනාම ගෙවන රෝහලකින් මුදල් දී රෝගය සුවපත් කරලන්නට කටයුතු කළද වෙවුලන කැරකෙන රෝගය දෙදෙනා හැර නොගියෝය. දිනක කලූ යක්‍ෂනිය මම මරන්න එනවා. මගෙන් තුන් කුළුදුල් බිල්ලක් ඉල්ලනවා. කියමින් කෑ ගසන්නට හූ කියන්නට ආවේශ වන්නට දමිතාට සිදු වුවාය. දින කිහිපයක් ගිය තැන දමිත් කලූ යකා තුන් කුළුදුල් බිල්ලක් ඉල්ලමින් ඔන්න කලූ යකා මෙන්න කලූ යකා කියමින් ගේ වටේ දුවමින් ආතභූත කරන්නට විය. එක්වරක කලූ යක්‍ෂනිය දමිතා සොයා ආවාය. තවත් වරක කලූ යක්ෂයා දමිත් හැර නොගියේය. පවුලේ ළගම ඥාතීහු යද්දෙස්සන් කැදවා බලි තොවිල් නටා නූල් බැද දෙහි කපා ආතුරයන් සුවපත් කරන්නට කටයුතු කළද කලූ යකා හෝ කලූ යක්‍ෂණිය දමිත් දමිතා හැර නොගියෝය. තුන් කුළුදුල් බිල්ලට ගන්නේ පියා ඒ පවුලේ වැඩිමලා විය යුතුය. මවද ඒ පවුලේ වැඩිමලා විය යුතු අතර ඔවුන්ට දාව උපන් පුතකු හෝ දුවක වෙද්ද ඔහු හෝ ඇය තුන් කුළුඳුල් බිල්ලට අගනේය. යක්‍ෂ පේ‍්‍රත කුම්භාණ්ඩයන්ට බිල්ලට දෙන්නටද නිදන් ගන්නටද බිල්ලට දිය හැක්කේ එවැනි දුවක හෝ පුතකු පමණි. ඒ නිසා ගමේ වුන් එවැනි පවුල් කිහිපයක දු දරුවන් ගමෙන් පිටමන් කරලන්නට ඒ ගම වැසියෝ කටයුතු කරන්නේ යක්‍ෂයෝ භූතයෝ කුම්භාණ්ඩයෝ පිසාචකයෝ තම දුව හෝ පුතා බිල්ලට ගනී දැයි යන බිය නිසාවෙනි. මේ අයුරින් දින සති ගෙවී යද්දී යක්‍ෂයෝ යක්‍ෂණියෝ තුන් කුළුඳුල් නර බිල්ලක්ම ඉල්ලමින් ආතභූත කරන්නට වූහ. ඒ නිසාවෙන් මේ අමනුෂ්‍ය බලවේග යුවතිපතියන්ගේ ආත්ම වලට ආරෝපනය  වීම නිසාවෙන් එදිනෙදා කටයුතුද ආදායම් තත්ත්වයද දමිත්ට හා දමිතාට අඩුවන සෙයක් දකින්නට ලැබිණි. දමිත් හා දමිතාගේ ඥාතීහු යක්‍ෂ යක්‍ෂණියන් එලවන්නට ගත් සියලූම උත්සහයන් අසාර්ථක වු නිසාවෙන් වෙනත් මගක් සොයා පිළිසරණක් පතන්නට තැත් කරන්නේ ඒ නිසාවෙනි. දැන් මේ කතාවේ තවත් ඉසව්වකට අප ගමන් කරමු. පී.එන්. විද්‍යාකුලපති මහතා ප‍්‍රමුඛ මනෝ චිකිත්සක  අපේ ඇත්තෝ කලූ යක්‍ෂ යක්‍ෂණියෝ එලවන්නට දමිත් හා දමිතා සොයා යක්ගහ ගමට ගියෝය. දමිත් හා දමිතා වෙන වෙනම ගෙන ඔවුනට කරුණු කියාදී සත්‍යතාවය වටහා දෙන්නට කුලපති මහතා කටයුතු කළේය. අපේ අම්මා තාත්තා මිය යාමට පෙර අපේ දරුවන් දැක බලාගන්න ආසාවෙන් හිටියා. නමුත් ඒ අවස්ථාව ඉටුකර දෙන්නට බැරි වුණා. ඒ අය මිය ගියේ අපි දෙන්නාට දැඩි ආශාවෙන්. ඒ නිසා මට තාත්තා වැහුණා දමිත් කීය. දමිතා කියන්නේ ඒ සිද්ධිය නිසාම මව තමාට වැසුණු බවයි. ඒ කලූ යකා හා යක්‍ෂණිය තම තමන්ගේ ආත්මයට පැමිණ ශරීරයට ඇවිත් තුන්කුළුඳුල් බිල්ලක් ඉල්ලන බවය. කුලපති මහතා දෙදෙනාම සුළු මෝහන නිද්‍රාවකට පත් කළේය. දමිත් කරලියට කැඳවුයේය. මම හිතුවේ තාත්තා මැරුනයින් පස්සේ අපේ දරුවෙක් වෙලා ඉපදේ කියලා. එහෙම දෙයක් සිදු වුණේ නෑ. දමිතාද කැඳවුයේ සියලූ ඥාතීහු ඉදිරියේදීය. මමත් හිතුවේ අම්මා මැරුණයින් පස්සේ අපේ දරුවෙක් වෙලා ඉපදේ කියලා. ඒ නිසා හිත හිතා දුක් වෙවී අපි දෙන්නම හිටියා අපට මොනවා වෙනවාද කියලා අපි දන්නේ නෑ. අපිට සමහර වෙලාවට අපි මොනවාද කරන්නේ කියලාවත් හිතා ගන්න බෑ. ඒ සියල්ල කරන්නේ කලූ යක්‍ෂයයි යක්‍ෂණියි කියා අපට හිතුණා. ගම්මු අපට වඳ මිනිහයි වඳ ගැණියි කියනවාට අපි කැමති නෑ. ඒ නිසා මම දමිත්ට හොරෙන් කලූ යක්‍ෂණි වැහුණා වගේ කටයුතු කළා. මමත් කලූ යක්‍ෂයා වැහුණා වගේ කටයුතු කළේ ඒ නිසයි දමිත් කීවේය. එතකොට අපිට යක්‍ෂයෝ භූතයෝ කරන ආතභූත ක‍්‍රියා නිසා සිදුවන දේ බව ගම්මු රට්ටු කියාවී. අපිව අවමානයකට පත් කරන්නේ නෑ. අපට නරක විදියට හිතන්නේ නෑ. ඒ නිසා තමයි අපි මේ විදියට යක්‍ෂයෝ භූතයෝ ආරූඩ වුණා වැහුණා කියලා ගමටම පේන්න ඇහෙන්න කටයුතු කළේ යැයි ඔවුන් මෝහනය කිරීමෙන් පසුව කියා සිටියහ. දැන් අපට සියල්ල පැහැදිලිය. යක්‍ෂයන් භූතයන් හෝ පේ‍්‍රතයන් කළ ක‍්‍රියාවක් නැත. අනුකම්පාව හා ගම්මුනගේ ඇනුම් පද වලට හිතා මතාම කළ ක‍්‍රියාකාරීත්වයක් පමණි. කරුණු කියා දීමෙන් අනතුරුව දෙදෙනා බොරුවට තිත තැබීය. සඳ පායා පොහොය දින කිහිපයක් ගත විය. දමිත් හා දමිතා ගෙදරට පැමිණි පුංචි පුතාට හඳමාමා පෙන්වමින් හදෙන් කිරිත් පැණිත් ගෙන එන්නට කියමින් ඔවුන් සිටිණු දැකිය හැකි විය. නම්ගම් සියල්ල ආසන්න වශයෙන් වෙනස්කොට ඇත. රුහුණු විශ්ව විද්‍යාලයේ නයනරංග සිසුවා ලබා දුන් සහයෝගය අගේ කොට සලකමි.

සටහන ඡායාරූප හබරාදුව නිමල් අල්ගෙවත්ත
පී.එන්. විද්‍යාකුලපති  



අදහස් (0)

කිරිකැටියා වෙනුවට ගෙට ආ කළු යකා

ලහිරු Friday, 16 December 2011 01:08 AM

අපේ ‍‍ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය විනාශ කිරීමට උත්සහ නොගනු මැනවි. යක්ෂ ප්‍රේත ආත්මවල මිනිසුන් මරණින් පසු ඉපදෙන බව උන් වහන්සේ පැහැදිලිව දේශනා කර ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 331 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 120 1

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 448 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 206 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 132 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 140 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site