IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කුරුණෑගල ඡන්ද සටන මෙහෙමයි

 

01pg26--main-pgs 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහා මැතිවරණයට තරග කිරීම සඳහා හම්බන්තොට අත්හැර කුරුණෑගලට පැමිණීමත් සමගම මෙම මැතිවරණයේ වැඩිම අවධානය මේ වන විට කුරුණෑගල දිස්ත‍්‍රික්කයට යොමු වී තිබේ.

 


පසුගිය මැතිවරණවලදී කුරුණෑගල දිස්ත‍්‍රික්කය වඩාත් ප‍්‍රසිද්ධ වූයේ මැතිවරණ ප‍්‍රචාරය සඳහා දන්සල් දීමෙන්ය. බත් දන්සල්, මත්පැන් දන්සල් මෙන්ම විවිධ භාණ්ඩ බෙදාදීමේ දන්සල් පසුගිය මැතිවරණ කීපයකදීම යහමින් දක්නට ලැබුණ ද මෙවර කුරුණෑගල එවැනි දන්සලක් ආසාවකටවත් සොයා ගැනීමට නැත. ඇතැම් විට මෙය ඡන්දදායකයන්ට ද පාඩුවක් වී තිබේ. මේ දන්සල් අඩුව නිසාම අපේක්ෂකයන් වටා කැරකෙන ඡුන්දදායකයන් මෙවර අඩු වීම ද දක්නට ලැබෙන කරුණකි.


එසේම මැතිවරණ නීති රීති උල්ලංඝනය කෙරෙමින් ප‍්‍රදර්ශනය වූ දැවැන්ත කටවුට් සහ පෝස්ටර් ද මැතිවරණ සැරසිලි ද මෙවර දක්නට නැතිවීම විශේෂ සිද්ධියකි. මේ නිසා සැබැවින්ම මැතිවරණයක් පැවැත්වෙනවා දැයි යන හැඟීම ද ජනතාව තුළ නැත.


ඇතැමුන් පවසන්නේ ”අපි කොහොමද මේ පාර ඡන්දය දෙන කෙනාගේ අංකය දැනගන්නේ’’ යැයි කියාය. එය සැබෑවකි. ඒ තරමටම මෙම පෝස්ටර්, කටවුට් ඡන්දදායකයාට බලපෑමක් කරන බව මෙයින් පැහැදිලි වේ. මෙවර ප‍්‍රසිද්ධියේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදු කිරීම තහනම් කිරීමේ නීතිය අකුරටම ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් තමන් ඡන්දය දෙන අපේක්ෂකයාගේ අංකය සොයා ගැනීමට නොහැකි වන තරමට ඡන්දදායකයෝත් ඊට වඩා ඡුන්ද අපේක්ෂකයෝත් අසරණ වී සිටිති.

2

මෙවර මැතිවරණයට කටවුට් පෝස්ටර් නැති කුරුණෑගල නගරය

 


සැබවින්ම මෙය ඉතාම යහපත් ප‍්‍රවණතාවකි. මැතිවරණ නීති රීති ක‍්‍රියාත්මක කිරීම් අකුරටම සිද්ධ වීම හේතුවෙන් ප‍්‍රචණ්ඩක‍්‍රියා ද කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ මෙතෙක් වාර්තාවී නැත. පසුගිය මැතිවරණ හා සසඳා බැලීමේදී එය අපූරුවට වටහා ගත හැකිය.


පක්ෂ විපක්ෂ මෙන්ම එකම පක්ෂයේ අපේක්ෂකයන් අතරද ආරවුල් ඇතිවීමට බලපෑ ප‍්‍රධානම හේතුව වූයේ මනාපය දිනාගැනීමට ප‍්‍රදර්ශනය කෙරෙන පෝස්ටර් හා කටවුට් ප‍්‍රදර්ශනය කිරීමට යාමෙන්ය. මෙවැනි වාතාවරණයක් තුළ අඩුම ගානේ හිටපු ජනාධිපතිවරයා තරග කිරීමේ උණුසුම අත්විඳීමට ද කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජනතාවට තවම අවස්ථාවක් ලැබී නැත.


පසුගිය සතියේ කුරුණෑගල මාවතගමදී පැවැති එක්සත් ජාතික පෙරමුණේ ජන හමුවකදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙවර මැතිවරණය පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.


සමහරු අහනවා මේ පාර ඡන්දයක් තියෙනවාද කියලා. එහෙම අහන්නේ මේ මැතිවරණ ගැන සඳහන් කිසිම කටවුට් එකක්, පෝස්ටරයක් පාරවල්වල, තාප්පවල දකින්නට නැති නිසායි. සමහරු කියනවා මේ ඡන්දය හරියට එංගලන්තයේ පැවැත්වෙන මැතිවරණය වගෙයි කියලා. ඉතින් ඒක කොච්චර හොඳ දෙයක්ද.  ඕකට තමයි යහපාලනය කියලා කියන්නේ. මේ වගේ නිදහස්, සාමකාමී මැතිවරණයක් මේ රටේ ජනතාවට ලැබුණේ යහපාලනය නිසායි. යහපාලනයෙන් ලැබුණු මේ නිදහසම මදිද...? මේ වික‍්‍රමසිංහ මහතා දැක්වූ අදහස්ය.

fg
මේ ප‍්‍රකාශය සැබෑවක් බව පෙනෙන්නේ වෙනදා මැතිවරණ සමයට දැවැන්ත කටවුට්වලින් පිරීගොස් අවලස්සන වන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව, වටරවුම මෙවර ඉතා නිදහස්ව පැවතීමය. පසුගිය මැතිවරණවල රඟ දන්නා ජනතාවට ද මෙය අපූරුම අපූරු වෙනසක් වී තිබේ.


කුරුණෑගල දිස්ත‍්‍රික්කයට ඉදිරිපත් කළ ද්‍රවිඩ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත‍්‍රය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කුකුසක් මතුව තිබේ. ඊට හේතුව යාපනයේ සිට පැමිණි මෙවැනි පිරිසක් කුරුණෑගලට නාමයෝජනා පත‍්‍රයක් ස්වාධීන ලෙස බාරදුන්නේ ඇයි ද යන්නය. මේ නිසාම රාජ්‍ය බුද්ධි අංශවල විශේෂ අවධානයක් ද මේ නාමයෝජනා පත‍්‍රය කෙරෙහි යොමු වී ඇත.


මෙම ස්වාධීන කණ්ඩායමේ නායකයා වන සිවාජිලිංගම් නමැත්තා නාමයෝජනා බාරදීමෙන් පසුව මාධ්‍යයට පැවසුවේ මහින්ද රාජපක්ෂට ලංකාවේ  ඕනෑම තැනකින් ඡන්දය ඉල්ලන්න පුළුවන්නම් ඔහුට වගේම ලංකාවේ සෑම පුරවැසියකුටම ඒ අයිතිය තිබෙන බවය.


සිවාජිලිංගම් නමැත්තා මියගිය එල්.ටී.ටී.ඊ, නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මස්සිනා බව ද පැවසේ. ඊටත් වඩා මෙහිදී බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබූ කරුණු වූයේ මෙම කණ්ඩායමට ඇතුළත් පුද්ගලයින් තිදෙනකුම පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් වන බවය. එබැවින් මොවුන් මෙසේ කුරුණෑගලට පැමිණියේ කුමන අදහසකින්ද යන්න බුද්ධි අංශ සොයා බලමින් සිටින බවද වාර්තාවේ.


කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායමේ නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට නාමයෝජනා බාරදුන් දිනයේ සිටම ඉතාම උනන්දුවෙන් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුවන ආකාරය දැකගත හැකි විය.


මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා ඔහුට රටවටා යාමට ඇති බැවින් ඔහු වෙනුවෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී තිබේ.


මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිසාවේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ඇරැුඹුවේ දොඩම්ගස්ලන්ද ආසනයේ ශ්‍රී.ල.නි.ප. සංවිධායක ආර්.ඞී. විමලදාස මහතාගේ මොරතිහ පිහිටි නිවසෙන්ය. ඉන් පසුව ඔහු දිස්ති‍්‍රක්කය පුරාම සංවිධානය කර තිබූ සන්ධානයේ ජන හමු රාශියකට සහභාගි විය. මේ සෑම ජනහමුවකටම අති විශාල ජනකායක් සහභාගී වීමද විශේෂත්වයකි.


සන්ධානයේ මැතිවරණ සටන දෙස බැලූ විට මනාපයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුව ඊළඟ ස්ථානය දිනා ගැනීම සඳහා සන්ධානයේ අපේක්ෂකයින් අතර ඇති වී තිබෙන්නේ සීතල යුද්ධයකි. ජනතා මතයට අනුව මේ සඳහා මුල් තැන ගැනීමට අනුර ප‍්‍රියදර්ශන යාපා, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ටී.බී. ඒකනායක, දයාසිරි ජයසේකර, සාලින්ද දිසානායක මහත්වරුන් අතර තියුණු තරගයක් ඇති වී තිබේ. මෙහිදී අනුර යාපා මහතාට විශේෂ වාසියක් ලැබී තිබෙන්නේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වීම නිසාය. එසේම කවුරු චෝදනා කළ ද ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා තවමත් ජනතාව අතර ජනප‍්‍රිය චරිතයක් වී සිටියි. එසේම වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ඇති වී තිබෙන ගැටලූව වන්නේ ඔහු පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී දිනාගත් වාර්තාගත මනාප ලක්ෂ තුන රැුකගන්නේ කෙසේද කියාය. ඔහු ඉන් අර්ධයක් හෝ මෙවර ලබාගැනීමට සමත්වුවොත් එය සන්ධානයේ අනෙක් අපේක්ෂකයින්ට ද තර්ජනයක් වනු නොඅනුමානය.


එක්සත් ජාතික පක්ෂය ද මේ වන විට කුරුණෑගල දිස්ත‍්‍රික්කය ජයග‍්‍රහණය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත.


ඒ අනුව එ.ජා.ප. නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය දින කීපයේම කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ආසන ගණනාවක සංවිධානය කර තිබූ ජනහමු රැුසකට සහභාගී විය. මේ සියල්ලටම අති විශාල ජනකායක් සහභාගී වූ අතර එම ජනසහභාගීත්වයෙන්ම පැහැදිලි වූයේ ඉදිරියේදී බිහිවන රජය එ.ජා.ප. රජයක් වීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුව බවය.


මෙහිදී ජනතාව ඇමතූ රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ලැබූ පරාජයටත් වඩා අන්ත පරාජයක් ලබා අමතක නොවන පාඩමක් කුරුණෑගලින් ඉගෙන ගන්නා බවය. මෙම ජනහමුවලදී වික‍්‍රමසිංහ මහතාට ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප‍්‍රතිචාරයකි.


මෙවර මැතිවරණයේ ප‍්‍රධාන පක්ෂ දෙකේ දේශපාලන ප‍්‍රචාරණ වැඩපිළිවෙළ දෙස බැලූ විට ඉදිරියෙන් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රචාරණ වැඩපිළිවෙළය. මෙවර කෙසේ හෝ තම රජයක් බිහිකර ගැනීමේ අරමුණින් එ.ජා.ප. සංවිධායකවරුන් සේම එ.ජා.ප. පාක්ෂිකයන්ද දැඩි උනන්දුවකින් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල යෙදෙන ආකාරය මේ දිනවල දැක ගත හැකිය.


මැතිවරණ ජයග‍්‍රහණයක් බලාපොරොත්තු වන අතරේම එම ජයග‍්‍රහණයෙන් තමන්ට ද ඉහළ ස්ථානයක් දිනා ගැනීමේ තරගයක මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෝ යෙදී සිටිති.


මෙවර මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සුවිශේෂී පෙරළියක් සිදු කළ දේශපාලනඥයා එස්.බී. නාවින්න මහතාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වූ ඔහු එක්සත් ජාතික පක්ෂයට කරණමක් ගැසුවේය.


මේ දිනවල කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පැවැත්වෙන ප‍්‍රධාන පක්ෂ තුනේම මැතිවරණ ප‍්‍රචාරක ජනහමුවලට විශාල පිරිසක් සහභාගී වෙති. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව තුළ පවතින ආකර්ෂණය නොවෙනස්ව පවතින බව ඔහු සහභාගී වූ ජනහමුවලට පැමිණ සිටි විශාල ජනකායෙන් මනාවට ඔප්පු විය. ඔහු ආසන මට්ටමෙන් සහභාගී වූ සෑම ජනහමුවකටම එක හා සමාන ජනකායක් සහභාගී වූ අතර ඔවුහු ඔල්වරසන් දෙමින් රාජපක්ෂ මහතා පිළිගත්තේ රාජපක්ෂ මහතා කුරුණෑගලට පැමිණීමේ සතුට නිසා විය හැකිය.


මහින්ද රාජපක්‍ෂ මහතා කුලියාපිටියේ පැවති සන්ධානයේ ජනහමුවකට සහභාගී වෙමින් මෙසේ පැවසුවේ තමන්ද ගමේ ජනතාව සමග සිටින බව පෙන්වා දෙමින්ය.


”හැම්, බේකන්, චීස්, පුඩිං කන කොළඹ උන්දලාට ගමේ ගොඬේ අහිංසක ගොවි අම්මලාගේ, තාත්තලාගේ දුක තේරෙන්නේ නැහැ. මේ අය ඡුන්ද කාලෙට සීනිබෝල, ටොෆි, චොකලට් බෙදනවා. හැබැයි ඡුන්දෙන් පස්සෙ මෙයාලා පැත්ත පළාතේ එන්නෙ නැහැ. එතකොට ඉතින් ගමට හැමදාම කැකිරි තමයි. මේ අයගේ දේශපාලනය ඔහොම තමයි. හැබැයි අපි එහෙම කළේ නැහැ. අපි මැතිවරණයකින් දිනපුවාම ගම අමතක කළේ නැහැ. අපි මේ රටේ සෑම ගමක්ම අද දියුණු කර තිබෙනවා. ගමේ ජනතාව ඒක අමතක කරලා නැති බව අද මේ විදිහට අපි වටා රැුස්වෙන සෙනගගෙන් පේනවා” යැයිද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම ඡන්ද සටන කරට කරය. මේ නිසාම මෙවර දිස්ත‍්‍රික්කයේ ජය කාටදැයි කෙළින්ම ප‍්‍රකාශ කළ නොහැකි අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී තිබේ.


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රකාශය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ද ඔහුට අගමැතිධුරය ලැබේවි දැයි යන සැකය ද සන්ධාන පාක්ෂිකයන් තුළ පවතී. මෙය ඇතැම් විට සන්ධානයට ලැබෙන ඡුන්ද ප‍්‍රතිශතය අඩුවීමට ද බලපෑ හැකිය.


මේ සැකය ජනතාවගෙන් තුරන් කිරීම සඳහා සන්ධානයේ ප‍්‍රධාන පෙළේ නායකයන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත. ඒ බව ඔවුන් දේශපාලන වේදිකාවේ කරන කතාවලින් ද පැහැදිලිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වන අනුර ප‍්‍රියදර්ශන යාපා මැතිවරණ ප‍්‍රචාරක රැුස්වීමකදී කළ මේ කතාවෙන්ම ඒ බව මනාව පැහැදිලි වේ.


”අපිට විරුද්ධව කොයි තරම් බලවේග එක්සත් ජාතික පෙරමුණ සමග සිටියත් මේ මැතිවරණයේදී ජය අපිටයි. මොකද රනිල් වික‍්‍රමසිංහ කියන නායකයාට වඩා මහින්ද රාජපක්ෂ කියන නායකයාට මේ රටේ ජනතාව ආදරෙයි. ඒ නිසා මේ මැතිවරණය කුරුණෑගල දිස්ත‍්‍රික්කයට පමණක් නොවෙයි මුළු රටටම තීරණාත්මක මැතිවරණයක් වේවි. ඒ ජයග‍්‍රහණයෙන් පසුව අපි හදන ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ කරන්න අපි සූදානම්. අද එක්සත් ජාතික පක්ෂය පුරසාරම් දොඩවාපු දින සීයේ මල්ල හිල්වෙලා. ඒ මල්ලේ එකින් එක ගැලවී වැටෙනවා” යයි අනුර යාපා මහතා ප‍්‍රකාශ කළේය.


සන්ධානයත් එහි කණ්ඩායම් නායකයා වන මහින්ද රාජපක්ෂ දේශපාලන වේදිකාවේ පතුරු ගැසීමට ජාතික පෙරමුණ සමග ජනතා විමුක්ති පෙරමුණ ද එක්ව සිටියි. මහින්ද රාජපක්ෂ මහතාව දැඩි ලෙස විවේචනය කෙරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේය.


මේ ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගලදී පැවති එම පක්ෂයේ ජනහමුවකදී මහින්ද රාජපක්ෂ මහතාට පහර ගැසූ ආකාරයයි.
‘‘මහින්ද රාජපක්ෂට බොහෝ ගෞරවනීය විදිහට ගෙදර යන්න තිබුණා. නමුත් එයා විසින්ම ඒක නැතිකර ගත්තා. ඒ නිසා එතුමාගේ ජීවිතය ඉතාම නරක විදිහට ගෙවීගෙන යනවා. මැදමුලනට ගිහින් බණ ටිකක් අහගෙන තමන් කරපු අකුසල මතක් කරගෙන හිටියා නම් ඉවරයි නේ නේද?”


ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම්වලට ද විශාල පිරිසක් සහභාගී වෙමින් සිටීම මෙවර මැතිවරණයෙන් ඔවුන්ට පසුගිය වාරයට වඩා වැඩි ජයක් ලැබීමේ පෙර නිමිත්තක් බව ද කිව හැකිය. විශේෂයෙන්ම සන්ධානය සහ එ.ජ.පය ගැන කලකිරුණු සමස්ත ඡන්දදායකයින් සේම බුද්ධිමතුන්, උගතුන්, තරුණ තරුණියන් ජනතා විමුක්ති පෙරමුණ වටා ඒකරාශී වෙමින් සිටින බව දැකගත හැකිය. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයට දායකත්වය සැපයූ කලා ශිල්පීන් විශාල පිරිසක් ද මෙවර ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව සිටීමද විශේෂත්වයකි.

m



අදහස් (0)

කුරුණෑගල ඡන්ද සටන මෙහෙමයි

ප්‍රසාද් Friday, 07 August 2015 04:00 AM

මේ අය කියන විදිහටම වැඩ පෙන්නාවිද? (නදී)

:       0       0

මුණසිංහ Sunday, 09 August 2015 05:46 AM

මම පහුගිය දිනෙක කුරුණෑගල දිස්ත්‍රික්කය හරහා ගියා. මම දැක්කා සමහරුන්ගේ කටවුට් සමහර තැන්වල තිබෙනවා. ඒවා නීත්‍යානුකූලද කියලා සැකයක් ආවා (නි)

:       0       0

මාලිික Sunday, 09 August 2015 05:50 AM

කවුරු දිනුවත් කුරුණෑගල අය මොඩයෝ කියලා මේකෙ ලියන්න හිතාගෙන ඉන්න කෙනෙක් අහුවුණොත් මම දන්නවා කරන දේ (නි)

:       0       0

චිරංජි Friday, 07 August 2015 08:55 AM

නෝමන් ගේ කතාව හරි. 100 ට 100 ක්ම නිවැරදි මිනිසුන් මේ ලෝකේ නැති බව ඇත්ත. නමුත් තරග කරන උදවියගෙන් හොදම පිරිස පාර්ලිමේන්තු යවන්න ජනතාව බුද්ධි මත් විය යුතුයි (නදී)

:       0       0

මැක්කා Tuesday, 11 August 2015 04:47 AM

මුළු කුරුණෑගලම මහින්ද මහත්තයට (ම)

:       0       0

ජෙහාන් Thursday, 06 August 2015 03:08 PM

ඉතා හොඳයි (නි)

:       0       0

ද සිල්වා Thursday, 06 August 2015 03:53 PM

මේ පාර දයාසිරි මහින්දට වඩා වැඩි මනාප කුරුණෑගලින් ගන්නවා (නදී)

:       0       0

බණ්ඩාර Monday, 10 August 2015 05:33 AM

කුරුණෑගල බහුතර ජනතාව මහින්ද සමගයි . (නදී)

:       0       0

ගාමිණී Sunday, 09 August 2015 04:49 PM

කුරුණෑගල ඉන්නේ තණකොළ බුදින අයද, බත් කන අයද කියලා මේ දාහත් වෙනිදට බලාගන්න පුළුවන්. (නි)

:       0       0

අනුර ධර්මවන්ස Friday, 07 August 2015 06:49 AM

මොන පිස්සුද ඇවිත් බලන්නකෝ ලයිට් කණු, ටෙලිකොම් කණු වල ඉන්නේ ඇතිවෙන්න ටවුන් එකේ පේන්න නෑ ගමේ බලන්න ඕන දන්සල් බලන්න විල්ගොඩ පැත්තට යන්න ඕන (බ)..

:       0       0

විජේතුංග Thursday, 06 August 2015 10:10 PM

හොඳ හෙළිදරවුවක් (නි)

:       0       0

නෝමන් Thursday, 06 August 2015 11:26 PM

හොරුන්,ස්ත්‍රී දුෂකයන්, මාල කඩාගන්න හොරුන්,කුඩු එතනෝල් ගෙන්වන්නන්, මිනීමරුවන්, පොදු දේපල හොරාකාපු කම්බා හොරුන්,තමන් පමණක් නොව තමන්ගේ බිරිඳ,දරුවන්,සහෝදරයන් ඇතුළු පවුලේ සියලුම නෑදෑ සනුහරය සමග රටම කොල්ල කෑ හොරු රැළකට ඡන්දය දෙනවද කියා බුද්ධිමත්ව හිතන්න.තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන සිතා උගත් බුද්ධිමත් වංචා දුෂණ වලට සම්බන්ධ නැති මන්ත්‍රීවරයෙක් පත්කරගන්න ඔබගේ නියෝජිතයා වශයෙන්. මෙම මැතිවරණයෙන් අපිට දැනගන්න පුළුවන් නුගත් මිනිසුන් වැඩිපුරම ඉන්නේ කොයි පළාතේද කියලා.රට ආපසු ලෝකයෙන්ම කොන්වුණ අඳුරු යුගයට ගෙනියන්න දෙන්න එපා.හොරු පන්නා දමා රට හදන්න දායක වෙන්න.හොරුන්ව ඇල්ලීමට මහත් උත්සාහයක් ගන්නා අයට උදව් කරන්න රටවැසියන් වශයෙන්. (නි)

:       0       0

සරත් Thursday, 06 August 2015 11:36 PM

අපි බලාපොරොත්තු වූ වෙනසද මෙයමයි (නි)

:       0       0

මොරිස් Friday, 07 August 2015 12:49 AM

නෝමන්ගේ කතා වලින් නම් දෙවැනි වතාවටත් ජනතාව රැවටීම අපහසු බව තේරුම් ගැනීමට ඔහුට හැකියාවක් නැති බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

කවිඳු Friday, 07 August 2015 02:00 AM

එක දවසකට හරි බලය දුන්නොත් එදාට ඉවරෙටම ඉවරයි. (නදී)

:       0       0

අකිල Monday, 10 August 2015 12:34 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඒ.ඇම් මහරුෆ් Saturday, 08 August 2015 10:15 AM

දයාසිරි වැඩිම මනාප ගනීවි (නදී)

:       0       0

කස්තුරිආරච්චි Sunday, 09 August 2015 11:19 AM

මේ කර්ම චක්‍රය බිඳින්න තරම් ශක්තිය තියෙන හිතන්න පුළුවන් අය ජවිපෙට ඡන්දය දෙන්න. ඔවුන් මෙය වෙනස් කරනවා නියතයි (නි)

:       0       0

කැළුම් Friday, 07 August 2015 03:22 AM

නෝමන් සිංහල නම් වෙන්නම බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3525 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 405 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1034 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 93 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 182 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site