IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


කරුණානිධිගේ සමුළුව සහ නව ඊළම් සැලසුම

මේ වන විට තමිල්නාඩු ඞී.එම්. කේ. පක්ෂයේ නායක කරුණානිධි මහතා ජාත්‍යන්තර ඊළාම් සමුළුවක් පැවැත්වීම සඳහා ස්ථානයක් සහ දින නියම කර ඇත. ඒ අනුව එම සමුළුව අගෝස්තු 05 වැනි දින විල්ලූපුරම්හි දී පැවැත්වෙනු ඇත. එවැනි සමුළුවක් පවත්වා ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් අරගලය ඉදිරියට ගෙන යාමට දායක වෙන බව ඔහු පැවැසුවේ තමාගේ 89 වැනි උපන් දිනය ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වන අවස්ථාවේදීය. ඔහු කීවේ ඒ අරමුණ ඉටු වූ පසුව තමා මිය යාමට කැමැති බවයි. මෙම සමුළුව පැවැත්වෙන්නේ කරුණානිධි 1985 පිහිටවූ දෙමළ ඊලාම් සහයෝගිතා කරුවන්ගේ සංවිධානය නමැති සංවිධානයක නායකත්වයෙනි. ඔහු එවැනි ඊලාම් සමුළුවක් 1986 වසරේ දීද පැවැත්වීය. නමුත් මෙවර එදාට වඩා විශාල ජාත්‍යන්තර නියෝජිතයන් පිරිසක් ඊලාම් සමුළුවට සහභාගී වන බව ඔවුන් නිවේදනය කොට ඇත. එම ජාත්‍යන්තර නියෝජිතයන් මානව හිමිකම් සහ ඊනියා යුද අපරාධ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන බව ද වාර්තා වේ. කරුණානිධි විසින් මෙම සමුළුව දෙමළ ජාතිකවාදය ඇවිස්සීමට අමතරව විශාල මුදලක් දෙමළ ඩයස්පෝරාවෙන් ලබා ගැනීම සඳහාද යොදා ගනු ඇති බවට විවිධ මත පළ වී ඇත. ඒ අනුව ඔහුගේ පෞද්ගලික ඉලක්කය 2014 ප‍්‍රාන්ත ඡුන්දය මුල් කරගෙන දෙමළ ජාතිවාදය ඇවිස්සීම හරහා බලයක් ගොඩනගා ගැනීම සහ අරමුදල් රැුස් කර ගැනීම බව පැහැදිලිය. මෙම ඊළාම් සමුළුව හරහා කරුණානිධි තමිල්නාඩුවේ කුඩා බෙදුම්වාදී පක්ෂ තමා වටා ගොනු කර ගැනීමේ උත්සාහයක් ද ගනිමින් ඇත. මේ වන විට ද්‍රවිඩ කසා-ගම් ව්‍යාපාරය සහ වී.සී.කේ. නමැති කණ්ඩායම ඔහු සමග එක් වී සමුළුව සංවිධානය කරමින් ඇත. කරුණා නිධිගේ ජාත්‍යන්තර ඊලාම් සමුළුව යනු සම්බන්ධන්ගේ දේශීය ඊලාම් සමුළුවේ තර්කානුකූල දෙවැනි අදියර බවද ඉතා පැහැදිලිය. මෙම සමුළුවේ දී පසුගිය දිනවල සම්බන්ධන්ලා සහ සුමන්තිරන්ලා මතු කිරීමට උත්සාහ කළ තවත් උපායමාර්ගික සටන් දෙකට අදාළවද කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් පළමු වැන්න ඊනියා දෙමළ ජාතීන්ගේ නිජ භූමියේ බලහත්කාරයෙන් සහ මහා පරිමානව සිංහලයා පදිංචි කිරීමට විරුද්ධ සටනයි. දෙවැන්න උතුරේ හමුදා කඳවුරු සහ අධි ආරක්ෂිත කලාප ඉවත් කොට අවතැන් වූ ජානතාවට ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලීමේ සටනයි. ඊට අමතරව එහිදී ජනමත විචාරණයක් මගින් ජාත්‍යන්තර මැදිහත්වීම් හා ඊලම සාක්ෂාත් කර ගැනීමේ උපාය මාර්ගයට අදාළ තාක්ෂණික කාරණාද කථා කිරීමට නියමිත බව වාර්තා වේ. මේ සියලූ කරුණු විමසා බැලීමේ දී කරුණානිධිලා ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් අරගලය මුදල් ඉපයීමේ මාර්ගයක් මෙන්ම පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා උපාංගයක් ලෙස භාවිත කරන බව පැහැදිලිව පෙනේ. එසේම ඔවුන් කුල පීඩනය, ඉඩම් හිමිකම් නොමැතිකම ආදී දහසකුත් එකක් සමාජ ප‍්‍රශ්නවලින් ඓතිහාසිකව පීඩා විඳින දෙමළ ජනතාව කෙරෙහි දයාවක් හෝ ආදරයක් නොදක්වන බවට ද සැකයක් නැත. ඒ ඔහු තමිල්නාඩුවේ පීඩිත දෙමළ ජනතාවට ඊට වෙනස් ආකාරයකට නොසලකන බවද ප‍්‍රකට කරුණක් බැවිනි. එහෙත් ශ්‍රී ලංකාවේ අපට වැදගත් වන්නේ මේ දුෂ්ඨ ජාතිවාදී දුෂිත දේශපාලකයන්ගේ පෞද්ගලික සහ පටු දේශපාලන අරමුණු නොවේ. ඒ නිසා අද අප ගැඹුරින් විමසා බැලිය යුත්තේ සම්බන්ධන්ලාගේ සහ කරුණානිධිලාගේ හැසිරීම් හරහා ප‍්‍රකාශයට පත් වන නව ඊලාම් න්‍යාය පත‍්‍රයේ ස්වභාවය පිළිබඳවය. ඔවුන්ගේ නව මාවත තුළ පළමු වටයේ දී ප‍්‍රබල භූමිකාවක් හිමි වන්නේ සම්බන්ධන්ලාට සහ කරුණානිධිලාටය. මේ බැටළු සම් පොරවාගත් මහලූ කොටින්ගේ භූමිකාව වන්නේ දේශීයව බලය බෙදීමේ කි‍්‍රයාවලිය ආරම්භ කරන අතර දේශීයව සහ ජාත්‍යන්තරව ඊට අවශ්‍ය මතවාදී පදනම සහ ඊලම පිළිබඳ ආශ්වාදය නැවත ඇති කිරීමයි. එහෙත් දෙවැනි වටයේ දී දැනට ඉතිරිව සිටින එල්.ටී.ටී.ඊ. රොඩු බොඩු ටිකට සහ පුනරුත්ථාපනය වී ගමට පැමිණ සිටින 11,000කට අධික හිටපු සටන්කාමීන්ට ප‍්‍රබල භූමිකාවක් හිමි වනු ඇත. මේ වන විට අලූත් ඊලමක් හෙවත් ඊනියා සාමකාමී ඊලමක් දිනා ගැනීම සඳහා නව සැලසුමක් ක‍්‍රමානුකූලව කි‍්‍රයාත්මක වන බව මේ වන විට නොතේරෙන්නේ දේශපාලනයේ අයන්නවත් නොතේරෙන මිනිසුන්ට පමණි. එදා පැරණි ඊලාම් මාර්ග සිතියම තුළ ප‍්‍රධාන උපාය මාර්ග ති‍්‍රත්වයක් බද්ධ විය. ඒ කේවල් කිරීමේ යුද්ධය. බලය බෙදීම සහ වක‍්‍ර ජාත්‍යන්තර මැදිහත්වීමයි. නව ඊලාම් න්‍යාය පත‍්‍රයේ ඒ ති‍්‍රත්වයෙන් 2ක් වෙනස් වී ඇත. ඒ අනුව යුද්ධය වෙනුවට ගාන්ධිවාදී හෙවත් ඊනියා සාමකාමී මහජන උද්ඝෝෂණ ආදේශ වෙනු ඇත. එසේම වක‍්‍ර ජාත්‍යන්තර මැදිහත්වීම වෙනුවට සෘජු ජාත්‍යන්තර මැදිහත්වීම ආදේශ වනු ඇත. ඒ සැලැස්මේ සියලූ සැතපුම් කණු ඉතා හොඳින් හඳුනා ගැනීම එම සැලැස්ම පැරදවීමේ මූලික කොන්දේසිය බව කිව යුතු නොවේ. එහිදී පළමු, දෙවැනි සහ තුන්වැනි සැතපුම් කණු දැනටමත් පසු කොට ඇති බව අප වටහාගත යුතුය. මෙම සැලසුමේ පළමු සැතපුම් කණුව වන්නේ එදා පැරණි මාර්ග සිතියම තුළ බලය බෙදීමේ ප‍්‍රධාන කේවල් කිරීමේ උපාංගය වූ යුද්ධය පරාජය වීම හා ඒ පරාජයේ සුන්බුන් නව උපාංගයක් ලෙස යොදා ගැනීමය. ජිනීවා සමුළුව හරහා ශ්‍රී ලංකා රජයට එරෙහිව යුද්ධයේ අවසාන භාගයට අදාළව මානව හිමිකම් චෝදනා සහ යුද අපරාධ චෝදනා ගෙන එන්නේ ඒ අනුවය. ඒ තුළ පළිගැනීමේ චේතනාවද ගැබ්ව තිබේ. ඒ නව උපාංග විවිධ ක‍්‍රමවේද හරහා ලබන මාර්තු මාසය දක්වා මුවහත් කෙරෙමින් ඇත. ඊට අමතරව අතුරු උපාංග ලෙස උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සහ උතුරින් හමුදා කඳවුරු ඉවත් කිරීම වැනි දේවල්ද යොදා ගනිමින් ඇත. ඒ උපාංග හරහා ක‍්‍රමයෙන් ආණඩුව බලය බෙදීමේ කතිකාව දෙසට තල්ලූ කෙරේ. එම නව ඊලාම් මාර්ග සිතියමේ දෙවැනි සැතපුම් කණුව පැරණි ඊලාම් න්‍යාය පත‍්‍රයේ බලය බෙදීමේ කථිකාව නව වටයකින් නැවත පටන් ගැනීමයි. දැන් ඒ සඳහා ආණ්ඩුව තුළ මෙන්ම විපක්ෂයේ සිටින බෙදුම්වාදී බලවේග පෙළගස්වමින් ඇත. ඒ අනුව දැන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සම්බන්දන් කැඳවා ගැනීම සඳහා ප‍්‍රබල උත්සාහයක් ගනිමින් ඇත. ඔහු තම කකුල පස්සට ඇදීමේ කි‍්‍රයාවලිය කාරක සභාවට යෑමට පෙර එකඟතාවක් ඇති කර ගැනීමේ කේවල් කිරීමේ උපාංගයක් ලෙස භාවිත කරමින් තිබිණි. මෙම කි‍්‍රයාවලිය තුළ ආණඩුව සිටින බලය ටිකක් බෙදා ඊලම වළක්වා ගනිමු කියන බැටළු සම පොරවාගත් ඊලාම් වාදීන්ද දැන් සකී‍්‍රය වෙමින් ඇත. ඒ අනුව පැරණි වාමාංශික පක්ෂ සහ රාජිත සේනාරත්න වැනි වම සහ දකුණ දෙකම නියෝජනය කරන ඇමැතිවරුන් බලය බෙදීමේ දිග පළල ගැන කතා කිරීමට පටන්ගෙන ඇත. පසුගිය දිනවල සම්බන්දන් මහතා එසේ ටිකක් බලය බෙදීමට කථා කරන අයට අතුල් පහරක් දෙමින් කියා සිටියේ ෆෙඩරල් ව්‍යුහයක් තුළ ස්වයං පාලනය ලබාදෙන ලෙසය. දැන් ඒ පිරිස්වලට සිදු වන්නේ කටුව ඇතුළටම රිංගීම හෝ සම්පූර්ණයෙන්ම කටුවෙන් එළියට පැමිණ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය සමග සිට ගැනීමටය. තුන්වැනි සැතපුම් කණුව වන්නේ බලය බෙදීමේ කේවල් කිරීමේ කි‍්‍රයාවලිය තුළ හෝ ඊට පෙර ගැටුමක් නිර්මාණය කිරීම සහ එය යොදා ගනිමින් ඊනියා සටන් විරාම සාකච්ඡාවකට ජාත්‍යන්තර මැදිහත්වීමක් සඳහා ඉඩ සලසා ගැනීමය. මඩකළපුවේ දී සම්බන්දන් විසින් අභ්‍යන්තර ස්වයං පාලනයක් නොදුන්නහොත් ජාත්‍යන්තර ප‍්‍රජාව සමග එක්ව බාහිර ස්වයං පාලනය ලබා ගන්නා බව ප‍්‍රකාශ කිරීමේ එක් අරමුණක් ඒ ගැටුම හදා ගැනීමය. එම ප‍්‍රකාශය පදනම් කරගෙන දැන් යම් බලවේග යෝජනා කරන්නේ කතෝලික පල්ලියේ ඉහළම නායකත්වයක් මැදිහත්කරුවකු ලෙස යොදා ගන්නා ලෙසය. ඒ මැදිහත්කරු මීට පෙර පැමිණි නෝර්වේ, ඉන්දියානු හෝ බි‍්‍රතාන්‍ය මැදිහත්කරුවන්ට වඩා බොහෝ බල සම්පන්න බව පැහැදිලි කරුණකි. එය සියතින් තොණ්ඩුව ගෙන ගෙලට දමා ගැනීමක් මිස අන් යමක් නොවේ. ඇත්ත වශයෙන්ම සම්බන්දන් විසින් එතෙක් පැවති බලය බෙදීමේ කථිකාවට නව මතයක් සපයනු ලබයි. ඔහු ඒ හරහා චෙල්වනායගම්ගේ ”පළමුව ටිකක් දෙවනුව ඉතිරි ටික” යන බලය ලබා ගැනීමේ සූත‍්‍රය ඉතා සූක්ෂමව දෙමළ ජනතාවට මතක් කර දෙන අතර වඩුකොඩෙයි ඊලාම් යෝජනා නැවත තහවුරු කළේය. කරුණානිධිද තම ජාත්‍යන්තර ඊලාම් සමුළුවේ දී ඒ ආකාරයට චෙල්වනායගම් ඔසවා තබන අතර වඩුකොඩෙයි යෝජනාවලට යළි පණ දීමට ද නියමිතය. නව ඊලාම් න්‍යායපත‍්‍රයේ හතර වැනි සැතපුම් කණුව ජිනීවා යෝජනා කි‍්‍රයාත්මක කිරීම, ජාත්‍යන්තර විමර්ශන යාන්ත‍්‍රණ පිහිටිවීම, උගත් පාඩම් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සහ උතුරින් හමුදා කඳවුරු ඉවත් කිරීම ආදී මෙකී නොකී සියලූ බලපෑම් මගින් රජය ව්‍යවස්ථානුකූල බලය බෙදීමකට තල්ලූ කොට කෙසේ හෝ පළාත් සභාව පිහිටුවා ගැනීමයි. එහිදී ඔවුන් 13න් එහා යන බලය බෙදීමක් පිළිබඳ කේවල් කළද අවම වශයෙන් ඔවුන්ගේ බලාපොරොත්තුව පොලිස් බලතල සහ ඉඩම් බලතල සහිතව පළාත් සභාව රැක ගැනීමය. එනම් දැනට ජනාධිපතිතුමා ප‍්‍රකාශ කර ඇති පරිදි පොලිස් සහ ඉඩම් බලතල ඉවත් කිරීම වළක්වා ගැනීමය. එම කුමන්ත‍්‍රණකාරී න්‍යාය පත‍්‍රයේ පස්වැනි සැතපුම් කණුව වන්නේ පළාත් සභාව පිහිටු වූ පසුව පොලිස් ප‍්‍රඥප්ති, ඉඩම් ප‍්‍රඥප්ති සහ හමුදා කඳවුරු ඉවත් කිරීම ආදී ගැටුම් හරහා ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය කිරීමය. ඔවුන් එම ගැටුම් අවසානයේ ගාන්ධිවාදී හෙවත් ඊනියා අහිංසාවාදී මහජන උද්ඝෝෂණ ලෙස මහ පාරට ගෙන එනු ඇත. ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට අත දැමීම සඳහා එවැනි සිවිල් යුද තත්ත්වයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ. සම්බන්දන් තම සමුළු කතාව තුළ අහිංසාවාදී නිරායුද සටන් ලෙස හැඳින්වූයේ එම තත්ත්වය බවට සැකයක් නැත. එසේම පසුගිය දිනවල සුමන්තිරන් මන්තී‍්‍රවරයා හමුදා කඳවුරු ඉවත් කිරීමේ සටන් පාඨය මුල් කරගෙන වීදි සටන් පෙර දැක්මක් කළේය. එසේම කිලිනොච්චි මන්තී‍්‍ර සිවඥානම් ශ්‍රී ධරන් ජාත්‍යන්තර මාධ්‍යවලට ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ 1990 සිට මේ දක්වා ලෝකයේ නව රටවල් 26ක් ඇති වී ඇති බැවින් ජාත්‍යන්තර මැදිහත්වීම මත 27 වැන්නා ලෙස ඊලම පිහිටවිය යුතු බවයි. මෙම කි‍්‍රයාවලියේ හයවැනි සැතපුම් කණුව සිවිල් ගැටුම් මුල් කරගෙන ජාත්‍යන්තර මැදිහත්වීම මත නීත්‍යානුකූලව රට බෙදීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමයි. ඒ සඳහා ඉතා හොඳ පෙරහුරුවක් සූඩානයේ දී පැවැත්වූ බැවින් ඔවුන්ට ඒ පිළිබඳ හොඳ අත්දැකීම් ඇත. පසුගිය දිනවල ඇමෙරිකාවේ ”ඔබාමා සඳහා දෙමළුන්” නමැති සංවිධානය නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබට්  ඕ බ්ලේක්ගෙන් එවැනි ජනමත විචාරණයක් පවත්වන්නට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කළේය. ඊට සමගාමීව කරුණානිධිද ඉන්දියානු රජයෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ජනමත විචාරණයක් පවත්වා ඊලාම් රාජ්‍යය පිහිටුවා ගැටලූව විසඳන ලෙසය. ඒ අනුව අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන කරුණානිධිගේ ඊලාම් සමුළුව මේ සමස්ත පින්තූරයේම කොටසක් මිස වෙනත් හුදකලා සිදුවීමක් නොවන බව නැවත නැවත අවධාරණය කළ යුතුය.

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර - මහලේකම් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය
 



අදහස් (0)

කරුණානිධිගේ සමුළුව සහ නව ඊළම් සැලසුම

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 117 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 213 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 147 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 37 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 223 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 646 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site