ගලහිටියාව මධ්‍ය විද්‍යාලයයේ නර්ථන ආචාර්යවරියක වන නිශාන්ති හෙට්ටිආරච්චි මහත්මිය යටතේ නර්ථනය ප්‍රගුණ කළ සිසුවියන්ගේ ශීර්ෂ පළඳනා සහ කළ එළි මංගල්‍යය ගනේමුල්ල මහින්දාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
හෙට්ටිආරච්චි මහත්මිය යටතේ නර්තනය හැදැරූ සිසුවියෝ 21 දෙනෙක් දේශීය නර්තන චාරිත්‍රානුකූලව සුබ නැකතින් ශීර්ෂ පළඳනා පැළඳූහ.
ඇය නිශා රංග කලායාතනයේ අධිපති ලෙස කටයුතු කරන අතර හෙට්ටිආරච්චි මහත්මිය යටතේ සිසුවියන් දහසකට අධික ප්‍රමාණයක් නර්ථනය හදාරා ඇත.
හත් වසරක් රාජ්‍ය නර්තන කණ්ඩායම නියෝජනය කර ඇති ඇය කැලණිය විශ්ව විද්‍යාලයයේ ලලිත කලා අංශයේ ශ්‍රාස්ත්‍රවේදී සහ ශ්‍රාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇත.
සෞන්ධර්ය විශ්ව විද්‍යාලයයෙන් ප්‍රාසාංගික කලාපති විභාගයේ අවසන් වසරේ සිටින හෙට්ටිආරච්චි මහත්මිය දර්ශනපති විභාගයට ද පෙනී සිටීමට නියමිතය.
ඉන්දියාව, චීනය, තායිලන්තය සහ බුරුමය ආදී රටවල්වල පැවති නර්තන තරඟාවලියන්ට සහභාගී වූ ඇගේ සිසුවියෝ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන සිටිති.
පසුගියදා තායිලන්තයේ පැවති ජාත්‍යන්තර නර්ථන තරඟාවලියෙන් රටවල් 48ක් අභිබවා හොඳම නිර්මාණ ශීලී නර්ථනයට හිමි සම්මානය දිනාගත්තේ ද හෙට්ටිආරච්චි මහත්මියගෙන් නැටුම් හදාරන ශිෂ්‍යාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සංස්කෘතිය රැක ගන්න (දී)
සැමටම සෙනෙහ බර අපේ ගුරු මෑණියනි ඔබට සැමට ජයෙන් ජය (අ)
ගලහිටියාව මැදි විදුහල වෙනුවෙන් ඔබට මගේ උණුසුම් සුබපැතුම්!(නදී)
ඔයාල හැමෝටම අපේ මේ නර්තනය ඉදිරියටත් හොදින් රැකගන්න මම සුබ පතනවා.(නදී)
ඊළඟ පාරවත් මට දැකගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)
ඔබ දැයට මෙවන් වූ දරු දැරියන් පිරිසක් බිහි කිරීම පිලිබදව මම පුද්ගලිකව ස්තුතිවන්ත වෙමි. ඔබතුමිය ඉතාම සමාජශීලි කෙනෙකි. (නි)
ඔබට මෙවන් දේ තව තවත් කිරීමට දහිර්ය ශක්තිය ලැබේවා.(නදී)
හරිම ආඩම්බරයි ගුරුතුමියනි , ඔබතුමිය ශ්‍රී ලංකාවට ලොකු මෙහෙවරක් කරනවා. ඔබට ජය හා සතුට ලැබේවා! (නි)
මෙවන් කලා නිර්මාණ බිහිකරන දුවරුන් ගුරුවරුන් ලක්මවට ආඩම්බරයක්. (ස)
දර්ශනපති කියලා වෙනම විභාගයක් තියනවද? නැත්නම් පර්යේෂණ කරලා නිබන්ධනයක් දෙනවද? (නි)
අපේ උණුසුම් සුබ පැතුම්! අධිවේගී බටහිර නර්තනයන වේගයෙන් ඉදිරියට යන වකවානුවක ඔබේ උත්සාහය හා කැපවීම හැමෝම අගයකරනු නොඅනුමනයි. ඔබටත් සිසු දියනියන්ටත් බුදු සරණයි! (නි)
සියළු දෙනාටම අපේ සුභ පැතුම්! (නි)
උණුසුමි සුභ පැතුම් ! (ස)
සිංහල අපේ සංස්කෘතික උරුමයන් රැකගැනීමට වෙහෙසෙන ඔබ සැමදෙනාටම ජාතියේ ප්‍රණාමය ආශීර්වාදය පිරිනමමි (නි)
විද්‍යුත් නාලිකා වලින් චාරයක් නැති නැටුම් ඉදිරිපත් කරන කාලයක අපේ හෙළ නැටුම් සම්ප්‍රදාය ,සිතට මහා අස්වැසිලක් (නි)
ජවය, පන්නරය හෙළ නැටුම් සම්ප්‍රදායට නව ජීවය කවමින් ශ්‍රී ලංකීක රසවතුන්ට පිපාසය ඇති කරවීමට සමත් වූ මෙම ආචාර්යවරියටත් ,අනෙකුත් ශ්‍රී ලංකීක නර්තනාචාර්යවරුන්ටත් ජාතියේම ප්‍රණාමය පිරි නමමු (නි)
හරිම සන්තෝෂයි නිශා. ඊළඟ පාරවත් මට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ යාළුවා ගැන මම හරිම ආඩම්බරයි. (නි)
සතුටුයි.සුබ පැතුම්! (නි)
ශ්රී ලංකාවේ නර්තනය ඉදිරියට ගෙනයන දියනිවරුනි. ඔබ පිරිසට මගෙන් සුභ ප්‍රාර්ථනා! (නි)
ගතට සිතට දෙකටම සතුටක් ආවා (නි)
මට දැකගන්න නොලැබීම මට දුකක්. හරි ලස්සනට වැඩ ටික කළා. ඒකට අපට හරි ආඩම්බරයි. ලබන පාරවත් දකින්න මට වාසනාව ලැබේවා! (නි)
ඔහොම යන්, ඔහොම යන්, මගේ පින්බර දියනිවරුනේ. මගේ රටට ඔබ හරි වාසනාවන්.... (නි)
නර්ථන කලා පුහුණුව ලැබ නිසිසේම.. සතුටුයි දකින්නට මෙදසුන් සැමදාම.. නැඟුමට හෙළ නැටුම් දිරි ගෙන කැප වීම.. කොතරම් හොඳද අපෙ දස්කම් රැක දීම (නි)
කලාවට අධිපති සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)
උණුසුම් සුබ පැතුම්! (නි)