IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කැලෑවටම අතහැර දැමූ තම්බපණ්ණියේ සිංහලයෝ

     29_PAGE_04_T

 

‘තම්බපණ්ණිය’ යන නම ඇසුණු විට, එය සිංහල ජාතියේ වංශකතාවේ වැදගත් සංධිස්ථානයක් හා බැඳුණු නාමයක් බව සිහියට නොනැගෙන කෙනෙකු නොවන තරම්ය. විජය කුමරු ඇතුළු පිරිස මේ දිවයිනට සම්ප‍්‍රාප්ත වූ මොහොතේ, වැල්ලෙහි තැබූ දෑත්වල තැවරුණු තඹ පැහැය නිසා ඒ නම පටබැඳුණේ ඒ වෙරළට මතු නොව මුළු දිවයිනටමය.

 


එදා ඒ මුල් පදිංචිකරුවන් විසින් ගොඩනඟන ලද ‘තම්බපණ්ණිය’ නමින් හැඳින්වූ ඉපැරණි නගරය  අද විල්පත්තු රක්ෂිතයේ කොක්මොටේ නැමැති ස්ථානයෙහි පිහිටා තිබුණු බව පිළිගැනේ.


වයඹ දෙසින් විල්පත්තුවේ මුහුදු තීරය තඹ වැල්ලෙන් සමන්විතය. කොක්මොටේ නම් වු ප‍්‍රදේශයේ මේ වැලි තලාවේ ශේෂවූ ගල්කණු කිහිපයක් ඉතිරිව ඇත. එය කුවේණිගේ රාජධානිය නමින් හඳුන්වයි. එහි විසූ මුල් පදිංචිකරුවන්ගේ පරපුරට කුමක්වීද?


ඔවුන්ගේ පරපුර ක‍්‍රමයෙන් එම ඝන කැලෑවෙන් එළියට විත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විල්පත්තු කැලෑවට මායිම් වූ ගම්මාන කිහිපයක අදටත් දිවි ගෙවන බව, බොහෝ දෙනා නොදන්නා අපූරු කතාන්දරයකි.

 


‘සැබෑ සිංහලයෝ’
නොච්චියාගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුනුමඬලාව ග‍්‍රාම නිලධාරී වසමේ ‘ඇළපත්ගම’ එයින් එක් ගමකි. එම ගමට නුදුරින් පිහිටි වන්නිපලූගොල්ලෑව, කොක්පැටියාව, මහඊරිකෑව, තුප්පිටියාව යනාදී ගම්මානවලද එකී පරපුරට නෑකම් කියන ජනයා දිවි ගෙවති. ඇළපත්ගම වෙසෙන ඩබ්ලිව්.හේරත්බණ්ඩා (73) මහතා සිය පරපුරේ පුරාවෘත්තය අපූරුවට විස්තර කරයි.


‘‘අපි තමයි මේ රටේ සැබෑ සිංහලයෝ. අපේ මුත්තලා කියපු විදිහට තම්බපණ්ණිය කියන නගරය තිබුණේ ඔය විලපත්තු කැලේ මැද. එදා එ් නගරයේ හට ගත්තායැයි කියන මහා ගැටුමකින් පස්සේ අපේ පවුලවල හිටපු වැඩිහිටියෝ විවිධ විවිධ තැන් වල පදිංචියට ගිහින් තියෙනවා. මමත් පුංචි කාලේ මාව වඩාගෙන තවත් කිලෝමීටර් 20-30 පමණ ඈත එක ගම් පියස්සකට ඇවිත් තිබෙනවා. එ්ක ගමක් කිව්වට මහ කැලේ මැද දිය කඩිත්තක් ළ`ග තැනක්. එදා එ් තැනට කීවේ ‘ඉරුදෙනියාය’ කියලයි. අපේම කියන ඥති පවුල් 15ක් පමණ එහි ජීවත් වුණා. මම එතකොට බොහෝම පොඩි එකෙක්. දැන් එ් ගම අතහැරලා මෙහාට ඇවිල්ලත් අවුරුදු 50-60 ක් පමණ වෙනවා. වන්නියේ දෙවියන්ට පිං සිද්ද වෙන්න අපි අදටත් කැලෑ කොළ කාලා හරි පුළුවන් විදිහට ජීවත් වෙනවා ’’
අද මේ ගම්මාවල සැරිසරන කෙනෙකුට දැකගත හැකි වනු ඇත්තේ, ජාතියක වංශ කතාව සම`ග ඈඳුණු නමුත්, ජාතිය විසින් අතරමං කරනු ලැබ ඇති පරපුරක කටුක ඉරණමයි.

1


සෝභිත හිමිගේ පිහිට ලැබූ ‘ඇළපත්ගම’
ඇළපත්ගම විල්පත්තු රක්ෂිත මායිමේ පිහිටි ගමකි. මේ ගමේ වෙසෙන බොහෝ පිරිසක් විල්පත්තු කැලය හා බද්ධව ජීවත් වෙති. දර කැඞීම, මී කැඞීම, වැලි ගොඩ දැමීම, දඩයම් කිරීම හා සුළු වශයෙන් හේන් ගොවිතැන් කිරීම ඔවුන්ගේ ජීවනෝපාය වෙයි. මෙම පරපුරේ ගැමියන්ගේ සෑම නිවෙසකම පාහේ ඉදිරිසට දෙවොලක් ඉදිකර ඇත. ඒ යක්ෂ ගෝත‍්‍රිකයන්ගේ නම් මුල් කරගනිමින් විවිධ නම්වලින් හැඳින්වෙන දෙවිවරුන් වෙනුවෙනි. ‘ඉලන්දාරි දෙවියන්’ එසේ ඇදහීමට ලක්වන එක් දෙවි කෙනෙකි.


ඇළපත්ගම ග‍්‍රාමයේ පවුල් 300ක් පමණ වෙසෙති. ඔවුනගේ දුක්බර වූ ජීවිතය හඳුනාගත් මාදුළුවාවේ  සෝභිත හිමියන් විසින් එම ගැමියන්ට නිවාස 76 ක් ඉදිකර දී ඇත. එම ගම්මානයේ ශ‍්‍රී සෝභිතාරාමය නමින් විහාරස්ථානයක්ද ස්ථාපනය කර ඇත. ගමේ ඇති එකම වැව් කැටය පිළිසකර කර දී ඇති උන්වහන්සේ, වසරකට වතාවක් ගැමියන්ට වියළි සලාක මල්ලක් පරිත්‍යාග කරති.


බොහෝ දුෂ්කරතා මැද ජීවත් වන ඔවුනටද අනුරාධපුර ඔයාමඩුව ප‍්‍රදේශයේ පැවති දැයට කිරුළ වැඩසටහනට සමගාමිව උළු දහසක් ලබා දීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක විය. එක පවුලකට උළුකැට දහසක් ලබා දුන්නද ඔවුන් ලබාගෙන ඇත්තේ උළු කැට 350-450 අතර ප‍්‍රමාණයකි. ඊට හේතු වී ඇත්තේ උළු කැට දහසේ නිවසක්වත් ඉදිකර ගැනීමට ඔවුනට හැකියාවක් නොමැති කමයි.  එම නිවාස ඉහළින් විදුලි රැුහැන් ඇතත් විදුලිය ලබාගැනීම ඔවුන්ට සිහිනයකි.

2


ඇළපත්ගම සෝභිතාරාමයේ හිටපු විහාරාධිපති සීලවිමල හිමියන්් මේ ගැමියන්ගේ දුක් වේදනාවන් මැනවින් හඳුනන හිමි නමකි. උන්වහන්සේ මෙසේ පැවසූහ.


‘‘මේ ගමේ බොහෝ පිරිසකට හරියට පේරු දානය දීගන්ටත් බෑ. මේ පන්සල සමඟ සම්බන්ධකම් පවත්වන්නේ පවුල් කිහිපයක් පමණයි. මට ලැබෙන දානයෙන් කොටසක් අනුභව කිරීමෙන් ජීවත් වන අසරණ පවුලක් මේ ගමේ ඉන්නවා. සමහර දවස්වලට මම දානය නොලබා එ් ඇත්තීටත්, දරුවටත් ලබා දෙනවා. කුසගින්නේ ගෙවෙන දවස් අපමණයි. පසුගිය දවසක අලි ලගින පන්සල් වත්තේ මඤ්ෙඤක්කා ගහක අලයක් ගලවාගෙන පුලූස්සාගෙන කා තේ කහට බී කුසගින්න නිවා ගත්තා.’’


අපි නායක හිමියන් පැවසූ දිළිඳු පවුලේ තතුු සොයා ගියෙමු. උඩුකය නිරාවරණය වු අවුරුදු 7 ක පමණ ගැහැනු දරුවෙකු සමග සිටි අවුරුදු 40ක් පමණ වයසැති කෙස`ග සිරුරැුති කතක් අපට මුණගැසිණි. ඇගේ බස් වහර අමුතුය. ආගන්තුකයකු දුටු සැණින් ඇය ‘අනේ මට කෑමට යමක් දෙන්නැයි’ ඇය අයදින්නීය.


සෝභිත හිමියන් ඉදිකර දුන් නිවසේ ෙදාර අගුළු ඉවත් කර ඇති බව පෙනුණි. නිවස වටේම ලඳු කැලෑවය. එම නිවසේ සිටි ඇගේ පුරුෂයා ආබාධ සහිත තැනැත්තෙකි. ඔවුන්ගේ වැඩිමහල් දරුවා බුදු සසුනට භාර කර ඇත. ඊළඟට උපන් ළදැරිය පාසල් නොයයි. කුසට අහරක් සොයා ගැනීම විනා ඉන් ඔබ්බට යමක් එ් දෙපළට සිතීමට ඉඩක් නැත.


ඇළපත්ගම ගම්වාසින්ගේ දුක් වේදනා අතර සැරිසැරූ අපි වන්නිපලූගොල්ලෑව ගම්මානයට ගියෙමු.

3

 


කැලෑවට සින්නවූ ‘වන්නිපලූගොල්ලෑව’
අනුරාධපුර සිට කටුකැලියාව, මල්වතුඔය ඔස්සේ අලූත්ගම, ගම්බිරිගස්වැව යන මුස්ලිම් ගම්මාන පසු කරමින් වන්නිපලූගොල්ලෑවට යා  යුතුය. මල්වතු ඔයෙන් ඔබ්බට ඇති භූමි භාගයෙහි වීර, පළු, බුරුත වැනි රූස්ස ගසින් හෙබි කටු පඳුරු සහිත ලඳු කැලෑ දක්නට ඇත. එහි බොහොමයක් නිවාස පැල්පත්ය. ඊට ආසන්න අනෙක් ගම ‘කොක්පැටියාව’ යි.


මෙම ගම්මාන දෙකේ වෙසෙන බොහෝ පිරිසකගේ ජීවනෝපාය හේන් ගොවිතැනය. වසරේ එක කන්නයක් බඩ ඉරිගු වගා කරමින් ඉපැයු අස්වැන්න අතරමැදි වෙළෙන්දන්ට අඩු මුදලට දී මාස දෙක තුනක් ඔවුහු තරමක් සුව සේ දිවි ගෙවති. වසරේ ඉතිරි කාලය අසල්වැසි ගම්මානවල කුලීවැඩකරමින් දුකසේ ගෙවා දමති. දෛනික ආදායමෙන් අඩක් පමණ මත්පැන්වලට වැය කිරීමද ඔවුන් මේ විසම චක‍්‍රයටම සිරකර තබන හේතුවලින් එකකි.


‘‘මේකේ ඉන්න එවුන් බොන්ටම තමයි. ගෙවල් දොරවල් ගැන බලන්නේ නෑ’’ වන්නිපලූගොල්ලෑව ගමෙහි වියපත් කාන්තාවක් පැවසුවාය.

5


වන්නිපලූගොල්ලෑව පාසල අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ දුෂ්කරම පාසලය. දරුවෝ 115ක් එහි උගනිති. ඔවුනට අකුරු කරන ගුරුවරු 16 දෙනෙකි. බොහෝ පන්ති කාමරවල වහලයේ සෙවිලි කළ උළු බිම ඇද වැටීමට ආසන්නය. පාසලේ වගා ළිදේ ජලය ළමයින්ට බීමට තරම් සුදුසු නැත. සමහර දරුවන් පාසලට යන අටියෙන් ගෙදරින් පිටත් වුවද පොත් බෑගය ගහක එල්ලා ගහ මුල නිදාගෙන පාසල ඇරෙන වෙලාවේ නිවසට යන බව අපට පැවසුවේ එම විද්‍යාලයේ ගුරුවරයෙකි. මේ ගැන මාපියන් කොතෙක් දැනුම්වත් කළද එය නිවැරදි කිරීමට අපහසු බව ඔහු සඳහන් කළේය. එසේම 10 සහ 11 වසරවල ඉගෙනුම ලබමින් සිටි සිසුවියන් 5 දෙනෙකු පසුගිය වසරේ විවාහ වූ බවද ඇසුවෙමු. ඒවා පොතේ නොලියැවුණු විවාහයන්ය. දරුවන්ගේ අධ්‍යාපනය ගැන මවුපියන්ට හැ`ගීමක් නැති බවද ඔවුන්ගේ මත්පැන් ලෝලය සියල්ලටම ඉහළින් පවතින බවද අසන්නට ලැබිණි.


වන්නිපලූගොල්ලෑව ගමේ වෙසෙන බොහෝ පිරිසකගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත්ම පහත් මට්ටමකට වැටී ඇත. පවුල් දෙසියයක් පමණ වෙසෙන එම ගම් පියසේ වකුගඩු ආසාදනයට ලක් වූ කිහිප දෙනෙක් සිටිති. හඳුනා නොගත් රෝගීහුද එ් අතර වෙති. හදවත් රෝගීන්ද කිහිප දෙනෙකි. නෑනා-මස්සිනා පමණක් නොව, අයියා-නංගි වැනි ළඟ නෑයන් අතර පවා සිදුව ඇති විවාහ සබඳතා හදවත් රෝගීන්ගේ කතාව සමග ඈඳී ඇති බවද අසන්නට ලැබිණි. උපතින්ම අන්ධභාවය උරුම කරගත් කිහිපදෙනෙකි. එපමණක්ද නොව ලාදුරු රෝගීන් යැයි සැකකරන කිහිප දෙනෙක්ද මෙම ගැමියන් අතර සිටිති. මෙම තත්ත්වය සෞඛ්‍ය අංශවල දැඩි අවධානයට ලක් විය යුතුව තිබේ.

 


දිය බිඳක් නැති රෝහලක්
මෙම ගම්මානවලට ආසන්නයේ ඇති රෝහල ‘ගම්බිරිගස්වැව රෝහලේ’ තතු ශෝකජනකය. එහි නේවාසික වාට්ටු සංකීර්ණය කඩා වැටෙමින් පවතී.

ගම්මාන 25ක ජනයාට ප‍්‍රතිකාර කිරීමට එහි සිටින්නේ වෛද්‍යවරයෙකුත්, ඖෂධවේදිනියකුත්, අනියම් කම්කරුවෙකුත් පමණකි. එක් මසකට බාහිර රෝගි අංශයෙන් රෝගීන් 3000ක් පමණ ප‍්‍රතිකාර ලබති. එහෙත් දිය බිඳක්වත් නැති ලෝකයේ එකම රෝහල එය විය හැකිය. උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා සඳහන් කළේ ලක්ෂ 10ක වියදමින් ගම්බිරිගස්වැව රෝහලේ රෝගීන් සදහා කැපු වගා ළිඳේ වතුර බිඳක්වත් හමු නොවු බවයි. රෝහලේ ගිලන් රථයක් නැති හෙයකින් බරපතළ රෝගාබාධයක් හෝ මවකට දරු ප‍්‍රසූතියක් හෝ සිදුවුවහොත් කිලෝ මීටර් 32ක දුරක් ගෙවා අනුරාධපුර රෝහල වෙත පැමිණීමට ඔවුනට සිදුවේ.

8


වන්නිපලූගොල්ලෑව ගම්මානය මුල් කරගනිමින් කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය ප‍්‍රවර්ධන අධ්‍යාපන අංශ මගින් මාසයකට වතාවක් දැනුම්වත් කිරීම් කර ඇත. එසේම ප්ලෑන් ශ‍්‍රී ලංකා ආයතනය හා ශ‍්‍රී ලංකා පොලිසිය දින දෙක තුනක පුහුණුවීම් ලබා දී ඇත. මෑතකදී නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එම ගැමියන්ට නිවාස සාදා ගැනීම සදහා රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් ද සිදු කර ඇත.


මෙම ගම්මානවල වෙසෙන්නන්ගේ ගැටලූ පිළිබඳව මධ්‍යම නුවරගම් පළාත ප‍්‍රාදේශීය ලේකම් පී.එ්. කිත්සිරි මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අවස්ථා කිහිපයකදීම එම ගම්මුන් හමුවී ඔවුන්ගේ ගැටලූ පිළිබඳව සාකච්ඡුා කළ බවයි. එහෙත් තම ගැටලූ ගැන කීමට ඔවුන් ඉදිරියට නොඑන බවත් ලේකම්වරයා සදහන් කළේය. එහෙත් මෙම අසරණ ජනතාවගේ ගැටලූව පසෙකලා තැබීමට රාජ්‍ය නිලධාරින් කටයුතු කර ඇති බව ඔහු බැහැර කළේ නැත.
පළාත් සභාවත් අසරණයි


අතිශයින්ම දුක්බර වූ මෙම ගැමියන්ගේ කතා වස්තුව, අපි උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් එච්.එම්. ආර්.බී.හේරත් මහතා ඉදිරියෙහි තැබුවෙමු. පිළිතුරද එතරම්ම දුක්බරය.


‘‘මීට පෙර පැවති රජයන්ගෙන් උතුරුමැද පළාත් සභාවේ ප‍්‍රාග්ධන වියදම් හැටියට ඉල්ලූ මුදල් ප‍්‍රමාණය අපට ලැබුණේ නෑ. එහිදී පළාත් සභාව නොසලකා හැරියා යැයි කිවහොත් නිවැරදියි. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හරහා මහ දිසාපතිවරුන්ට මුදල් ලබා දුන්නා. එය ලබා දුන්නේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් හා සංවිධායකවරුන් හරහායි. එ් නිසා පළාත් සභාවෙන් කරපු වැඩ කටයුතු අඩපණ වුණා. දිසාපතිවරුන්ට මුදල් ලබා දුන්නට වැඩ කටයුතු කිරීමේ යාන්ත‍්‍රණයක් නැහැ. යාන්ත‍්‍රණය තිබෙන්නේ අප ළගයි. ජාතික පාසල් 08ක් උතුරු මැද පළාතේ තිබෙනවා. එහි ළමයින් විසි තුන්දහසක් පමණයි සිටින්නේ. නමුත් උතුරු මැද පළාත් සභාව යටතේ පාසල් අටසිය දෙකක් ක‍්‍රියාත්මක වෙනවා. එම පාසල්වල ළමයින් ලක්ෂ තුනකට අධිකයි. එ් වගේම සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ගත් කල උතුරු මැද පළාතේ මධ්‍යම ආණ්ඩුව යටතේ පාලනය වනුයේ අනුරපුර ශික්ෂණ රෝහල පමණයි. අනෙක් සියලූම රෝහල් පාලනය වන්නේ උතුරු මැද පළාත් සභාව මගින්. මෙහි මුදල් යොමු කිරීම හා යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීම පිළිබදව ගැටලූ රාශියකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.’’


ඉතින් මේ ගැටලූ කාට කියමුද? ජාතියක මුල් පරපුරට නෑකම් කියන ජන ප‍්‍රජාවක් පත්ව සිටින මනුෂ්‍යත්වයට නිගා දෙන තරමේ දුක්ඛිත ඉරණමෙන් ඔවුන් ගලවාගත හැකි මගක් නැත්ද? ඡන්දබලයද ඇතුළුව රටේ සෙසු පුරවැසියන් භුක්ති විඳින සියලූ අයිතිවාසිකම් සහිත මේ ගම්වැසියන් මෙබඳු ඉරණමකට පත් කර තැබීම ගැන වගකිවයුත්තේ කවුරුන්ද?

m



අදහස් (0)

කැලෑවටම අතහැර දැමූ තම්බපණ්ණියේ සිංහලයෝ

රූපවති Friday, 04 September 2015 01:08 PM

සුදු පොරවාගෙන බඩ ඉස්සරහට දමන් ඉන්නා පින්වන්ත මහජන නියෝජිතයිනි ..? මහජන මුදලින් සුර සැප විදිනා ඔබ ඇත්තටම ලජ්ජාවිය යුතුයි මේ ලිපිය කියවලා තම මාසික පඩියෙන් පවුල් 5 ගානේ සෑම පාර්ලිමීන්තුවේ ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක්ම මේ වැසියන්ගේ පධාන අත්‍යාවශ්‍ය පහසුකම් ටික හැකි පමණින් මේ වසර ගෙවීමට පෙර නිම කරන්නේ නම් ඔබ සැබෑ මහා ජන නියෝජිතයෙකු බවට ලක්ෂ ගාණක ශ්‍රී ලාංකීය මහජන ආදරයෙන් සැමදාම බැබළෙනු ඇත.. එසේනොවන්නේ නම් තවත් මේ දිලිදු ජනතාව මේ අයුරින් තබන රජයට පෙනෙන්න මේ පුවත සෑම රජයේ ආයතනයක් ඉදිරි පිටම පල කිරීමට පාටක අපි ක්‍රියා කල යුතුය."මේ ලිපිය පලකල ලංකාදීප පුවත් පතට මාගේ හර්දමය ඉතුතිය". (අ)

:       0       0

කණිෂ්ක Monday, 09 November 2015 12:30 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

රූපාවති Sunday, 06 September 2015 08:34 AM

ලංකාදීපය ඉදිරිපත්වෙලා පාඨක අපගේ ආධාරෙන් යමක් මේ ජනතාව වෙනුවෙන් කිරීමට අරමුදලක් ඇතිකරනවානම් ..පවුල් කීපයක් වෙනුවෙන් මාද මුදලක් සහ ආධාරයන් නිරතුරුව සපයමි ..! (ම)

:       0       0

සිංහ‍ Saturday, 05 September 2015 08:55 AM

අපි කාටවත් දොස් පවරන්නේ නැතුව අරමුදලක් හදාගෙන දිගුකාලීන  යාන්ත්‍රණයක් හදමු. මොවුන්ගේ ජීවිත ලෝකයට ගළපවමු.කැමති අය මට මේල් කරන්න. [email protected] (නි)

:       0       0

දයාල් Thursday, 03 September 2015 08:21 PM

මේවැනි පුවත් ගෙන එන ලංකාදීප සියල්ලන්ටම බොහොම පින්! (නි)

:       0       0

නලින් නිරොෂණ Friday, 04 September 2015 08:03 AM

මේ අයට උදව් කරන්න විශේෂ විදියක් කියන්න. මම කැමති උදව් කරන්න. (අ)

:       0       0

තුසිත Thursday, 03 September 2015 01:08 PM

මෙය කියවනකොට හිතට ලොකු දුකක් දැනෙනවා. කොච්චර අහිංසක මිනිසුන්ද? මේ අයට හැකි අය කරුණාකරලා උදවුවක් කරන්නකෝ (නි)

:       0       0

සුරංග Thursday, 03 September 2015 01:36 PM

මේ අයට උදවුවක් කරන්න පුළුවන් විදිහක් කියන්න. ඇත්තටම මේ අයට උදවු කරන්න කාටවත් පෙනෙන්නේ නැද්ද දෙවියනේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3536 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 409 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1035 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 93 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 182 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site