ඒ 1967 වර්ෂයයි. ගලේවෙල විදුහලේ මා සමග සේවය කළ ජයතිලක සමග කලාවැව බස් රියේ නැග ඒ අඩවියේ පැරණි තොරතුරු සොයා ගිය දිනය මට තවම මතකය. ජයතිලක කලින් මේ ප‍්‍රදේශයේ සේවය කර ඇවිද පළපුරුදු අයෙකි. පළමුව විජිතපුරයෙන් බැස එහි තොරතුරු සොයා බලා ඉන්පසු අව්කන ගොස් අව්කන පිළිමය බලා ආපසු නවාතැනට එනවිට දහවල් එකොළහ පමණ විය.මුළු පරිසරයම ගිනියම් අව්වෙන් පිළිස්සෙයි. කලා වැවේ වැව් බැම්ම දිගේ වාහන ඇදෙන විට වැව් දිය තෙමා ගත් සුළඟ වැදී ගත සිත නිවෙයි. සාගරයක් බඳු කලා වැවේ ජලය පිසගෙන එන සුළඟ සිරුරේ වෙහෙස උරා ගනියි. වැව් බැම්ම වටා උස්ව රූස්ස ලෙස වැඩුණු ගහකොළ යට ඇති හෙවණ ගිනි ගහන මද්දහන වෙලාවට අපමණ සුවයක් ලබාදෙයි. අපි කලා වැව බැම්මේ සිසිල් ගස් සෙවණක් යට ඉඳගෙන වැව දෙස බලා සිටියෙමු. ජයතිලක කතාවට මුලපුරයි. කලාවැව කිව්වට ඇත්තට මෙතැන වැව් දෙකක් තියෙනවා. ධාතුසේන රජ්ජුරුවෝ කරපු කලා වැවයි ඒ යාවම තියෙන බළලූ වැවයි. වැව් දෙකක් නැත්නම් කීපයක් එකට කරලා හදන එක ”බද්ධ වැව්” කියලා හඳුන්වනවා. වැව් දෙකක් එකතු කළාම ”ජෝඩු වැව්” කියනවා. පූජාවලිය කියන පොතේ මේ වැව හඳුන්වන්නේ කලා බළලූ වැව කියලා. වැව් දෙක වෙන්වෙන තැන පුංචි බිම් තීරුවක් දුපතක් වගේ තියෙනවා. පේනවද? අපි කලා වැව දෙස බැලූවෙමු. මුස්ලිම් ධීවර පිරිසක් මාළු අල්ලා ගත් ඔරු කීපයක් ගොඩට එති. ධාතුසේන රජ්ජුරුවෝ කරපු අන්තිම ඉල්ලීම තමා කලා වැවේ නාන්න ඉඩ දුන්නොත් තමා සඟවාගෙන ඉන්න වස්තුව පෙන්නනවා කියලා. නාන්න ඉස්සර ධතුසේන රජ්ජුරුවෝ විජිතපුර විහාරයට ගොස් තමන්ගේ නෑදෑවන හාමුදුරු නමකගෙන් බණ අහලා තමා කරපු කලා වැවට බැහැලා හොඳ හැටි දිය නාලා මා සතු එකම වස්තුව මෙපමණයි කියලා කලා වැවේ දිය දෝතක් අරන් කාශ්‍යපට පෙන්නුවාලූ. කාශ්‍යප කුමාරයා තදින් තරහ ගිහින් ධාතුසේන පිය රජ්ජුරුවෝ පණපිටින් බිත්තියකට තියලා මැටි ගහලා මරන්න නියම කළායි කියැවෙන්නේ. ඒකත් ධාතුසේන රජ්ජුරුවන්ට බලපාපු කර්ම විපාකයක් කියල කියනවා. කලාවැව බඳිද්දී එතැන භාවනායෝගීව හිටපු හිමි නමක් පස් කන්දට යට කරලා මැරෙව්වාලූ. ධාතුසේන රජ්ජුරුවන්ට පළදුන්නේ ඒකෙ විපාකෙලූ. මේ වැව බාරව හිටපු මුරකාරයා වැවට පැනලා මැරිලා යකෙක් වෙලා ඉපදිලා ඉන්න කතාවක් තියෙනවා නේද? මම විමසුවෙමි. ඔව් බිරිඳත් එක්ක අමනාප වෙච්ච මිනිහෙක් කාලයක් වනාන්තර ගතවෙලා සත්තුත් එක්ක ගැවසුණා. මේ පණිවිඩය වැද්දෙක් රජ්ජුරුවන්ට දැන්නුවා. ධාතුසේන රජ්ජුරුවෝ මේ මනුස්සයා කොටුකර අල්ලා ගත්තා. වනාන්තරයේ විස්තර අහලා. ස්වභාවික තැනිතලාවක ජල කඳක් රැඳිලා තියෙන බව ඔහු රජ්ජුරුවන්ට පෙන්වා දුන්නා. මේ ස්වභාවික ජලතලාව විශාල කර බැඳලා තමා කලාවැව හැදුවේ. රජ්ජුරුවෝ ඒ මනුස්සයාටම වැව බලාගන්න රාජකාරියත් පැවරුවා. විශේෂයෙන් ගංවතුර වෙලාවේ වැඩි වතුර පිටවෙන එක හෝදිසි කරන්න වැව් බැම්මේ උපකරණයක් හයිකරල තිබුණා. දවසක් අන්ධ හාමුදුරු නමක් වැව් බැම්ම දිගේ යනවිට හැරමිටිය වැදිලා වර්ෂා මාපක යන්ත‍්‍රය බිඳුණා. එදා රෑ වර්ෂාව වැඩිවෙලා වැව් බැම්ම කැඞී ගියා. තම වැරැද්දෙන් වැව් බැම්ම බිඳුණු බව දැනගෙන අර මුරකාරයා වැවේ දිය කඳට පැනලා දිවි නසා ගත්තා. අද වැව ආරක්ෂා කරන කඩවර දෙවියෝ වෙලා ඉන්නේ ඒ වැව බලා ගත්තු මුරකාරයා. කලා වැවට අධිපති පනම්බණ්ඩාර කියලා දෙවි කෙනකුත් ඉන්නවා නේද? යි මම ඇසීමි. ඔව්... කලා වැවේ අඩවියේ පනම්බණ්ඩාර දෙවියෝ අදහනවා. රාත‍්‍රි කාලයේ පනම්බණ්ඩාර දෙවියෝ සුදු අශ්වයා පිට නැගලා කලා වැව දිගේ යනවා. මේ පැත්තේ අය අවුරුද්දකට සැරයක් පනම්බණ්ඩාර දෙවියන්ට දානයක් දෙනවා. දානය බෙදන්නේ නෙළුම් කොළවල. වතුර අඩුවුණාම කලාවැව බළලූ වැව හොඳට වෙන් වෙලා පේනවා. ඉස්සර මේ වැව් දෙක අතර බිම් තීරුවේ කුවේණිට කැපවුණු කෝවිලක් තිබිලා තියෙනවා. කුවේණි කෝවිලේ බලපෑම ගුප්තය. බලය තාම තියෙනවා. ඒ කීවේ? මම විමසුවෙමි අවුරුද්දකට සැරයක් නොවරද්දාම කුවේණි කෝවිලට බිල්ලක් ගන්නවා. සමහර වෙලාවට බිල්ලට ගත්තු අයගේ මිනිය හොයා ගන්නත් අමාරුයි. මේ ළඟදී සිද්ධ වුණු කතාවක් මම කියන්නම්. ඈත පළාතක ඉඳලා පෝසත් පවුලක් වන්දනාවේ ආවා. තරුණ සැමියයි බිරිඳයි පුංචි දරුවකුයි කාර් එක පාර අද්දර නවත්තලා කෑම බීම අරගෙන මේ බිම් තීරුවට ඒ අය ආවා. තද අව්ව වෙලාවේ ගස් යට ගොම්මනේ ඒ අය ඉටි රෙද්දක් එළාගෙන කෑම කෑවා. දරුවා මැද්දෙන් හාන්සි වුණා. තරුණ ජෝඩුවටත් සුළෙඟ් සනීපයට නින්ද ගියා. පැයක් පමණ නින්දේ හිටපු ගැහැණු කෙනා අවදි වෙලා බැලූවා. සැමියා නිදි දරුවා නෑ. වාහනයටත් ගිහින් බැලූවා. දරුවා වාහනයෙත් නෑ. වටපිට හොයලා දරුවා නැතිව ඒ අය විලාප දුන්නා. ළඟපාත අය ඇවිත් හෝදිසි කරන කොට දරුවගේ මළ සිරුර වැවේ වතුර යට. පැය ගණනක් මහන්සිවෙලයි ගොඩ ගත්තේ. කුවේණි කෝවිල ළඟ බිලිගන්න බව ඒ අය දැන සිටියේ නෑ. ජයතිලක කීවේය. ජයතිලකගේ කතාවෙන් මගේ හිත දැඩි ලෙස සසල විය.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපිය වගේම අනිත් අයගේ අදහස් හා විස්තර අගය කරමි (නි)
පසුගිය කාලයේ මේ වැව් දෙකම හොඳටම හිඳිලා තිබුණා. අපි මේ වැව් දෙකේම ඈතට ඇති හැම ඉසව්වකටම සංචාරය කළා. අලි රංචු කිහිපයක් හමු වුණා. ඇත්තු හතරදෙනෙක් දුටුවා. වටිනා ජයාරූප කිහිපයක් ගත්තා. දැන් වැව් දෙකම යාවෙලා වතුර පිරිලා. අපි දුටු බොහෝ දේ කාලයක් යනතුරු නැවත දකින්න ලැබෙන්නේ නැහැ. (නි)
හොදයි. මට නම් මේ ගැන විශ්වාසයි. (නි)
ගොඩක් වටිනා ලිපියක්! (නි)
මේවා පරිස්සම් කරගන්න ඕනෑ (නි)
කුවේණි කියන්නේ අපේ ජාතියේ මුල් පුරුකක් විතරයි, මව නොවෙයි. අපේ ජාතිය පිළිබඳව ලියලා තියෙන්නේ කුවේනියගෙන් පස්සෙයි, එකියන්නේ විජයාවතරණයෙන් පස්සෙයි. හුගක් දෙනා කියන්නේ අපි විජයගේ පරම්පරාව කියලා. ඒක වැරදියි. විජයට දරුවෝ නැහැ. කුවේණිගේ දරුවෝ දෙන්නව විජය කැලයට පැන්නුවා.ඒ ගොල්ලන්ගෙන් තමයි වැදී පරපුර බිහිවෙන්නේ. විජය කුමාරයා ලංකාවට එනකොට යක්ස, නාග, රාක්ෂ,දේව කියලා ගෝත්‍රිකයෝ හිටියා. කුවේණිය යක්ෂ ගෝත්‍රයේ. විජය මැරුවේ කුවේනියගේ පරපුර විතරයි. අනිත් ගෝත්‍රිකයෝ ලංකාවේ අනෙත් පලාත්වල ජීවත් වුණා. කුවේනියගේ පිරිස හිටියේ පුත්තලම ආසන්නයේ තියෙන තම්බපන්නි කියන ප්‍රදේශයේ. සිංහල කියන්නේ සිංහයාගෙන් උපන් කියන අදහසින් කියලත් සමහරු අර්ථ දක්වනවා. ඒක වැරදියි. අපේ රටට එදා කිව්වේ සිවු හෙළ කියලා. ඔය ගෝත්‍රිකයෝ හතර වර්ගයේ රට නිසා. අපේ රටට හෙළබිම කියලත් කියනවනේ. ඔය සිවු හෙළය සිංහලයා කියලා හදාගෙන තියෙන්නේ පටලවාගෙන. . බුදුහාමුදුරුවෝ කැලනියට වඩිනකොට එහෙ හිටියේ නාග ගෝත්‍රිකයෝ. එතකොට විජය ලංකාවට පැමිනිලා නැහැ.එදා බුදුන්ගෙන් බන අහපු පිරිස විජයගේ පිරිස නොවෙයි නේද? (නි)
අපේ ඉතිහාසය අපි රැකගන්න ඕනෑ (නි)
ඉතිහාසය රසවත්. නමුත් අපේ දරුවන්ට ඕව බලාගන්න සංරක්ෂණය කරන්න ඕනෑ (නි)
ඉතිහාසයට වැදගත් පණිවිඩ සහ තොරතුරු රාශියක් තිබුනට බොහොම ස්තුතියි. අපේ ඉතිහාසය පාඩම් වලට ඉතාමත් වටිනා තොරතුරු තිබුනා ස්තුතියි.(නදී)
වැදගත් පණිවිඩ සහ තොරතුරු රාශියක් තිබුනට බොහොම ස්තුතියි.(නදී)
අපේ පාසල් දරුවන් අතරත් මේ කතා යන්නට සැලැස්සුවොත් රටේ ඉතිහාසය ගැන අවබෝධයක් ලැබෙනවා (අ)
මම හිතන්නේ ලංකාවේ දියුණු මිනිසුන් පැවත එන්නේ විජයගෙන් පස්සේ කියල.කුවෙනිගේළමයි වැද්දෝ උනානම්,තවමත් ඒ වැද්දෝ නොදියුණු යුගයක නේද ඉන්නේ (අ)
අජිත් කරුණාරත්න, ස්තුතියි ඔබගේ මතක් කිරීමට.. (දී)
මෙම ලිපිය ඉතා වැදගත්. දැන් සමාජයට යටගියාව මතක් කරදීමක්. අගය කරනවා (නි)
මල්ලිකා, කෝවිල තියෙන්නේ වතුර යටලු ඔයාට පීනන්න පුලුවන්ද වතුරේ යට? (නි)
ළමයා නැති උනේ වැවට වැටුන නිසා. අම්මට නින්ද ගිය නිසා බේර ගන්න බැරි වුනා. එහෙම නැතුව යකෙක් නිසා නෙවෙයි.(නදී)
අර මුරකාරයා වැවේ දිය කඳට පැනලා දිවි නසා ගත්තා. අද වැව ආරක්ෂා කරන කඩවර දෙවියෝ වෙලා ඉන්නේ ඒ වැව බලා ගත්තු මුරකාරයා.(නදී)
නිව්ටන්ගේ නියම වලින් සියල්ල මනින්න එපා. මැක්ෂ්වෙල් එක තේරුම් ගත්ත නිසා තමයි ක්වොන්ටෝම් යන්ත්‍ර විද්‍යාව සොයා ගත්තේ. (නදී)
එතකොට කුවේණි කෝවිල විද්‍යාවට සනාථ කරන්න බැරිද? (අ)
අංගම් පොර කියන්නෙත් කුවේණිගේ සටන් කලාවනේ . (ස)
මේ වගේ ලිපි තව තවත් දමන්න (දී)
මේක විද්‍යාත්මකව සනාථ කරන්න හැකිද? (නි)
විද්‍යාවට සනාථ කරන්න බැරි හුගක් දේවල් මේ ලංකාද්වීපයේ තිබෙනවා. (නි)
අතීතයේ අපේ රටේ ශ්‍රී විභූතිය කොහොමට තියෙන්න ඇද්ද? (නි)
මේ වැව බලාගත් මුරකරු ගැන නම් මම අහලා තියනවා. තවත් තොරතුරු දැනගන්න ආසයි. (නි)
මෙවැනි විශ්වාසයන්හි සත්‍යතාව කුමක්ද ?(ස)
ඒ කෝවිල තියෙන්නේ වතුර යටද? (නි)
ඉතිහාසය ගැන දැනුවත් කිරීමට මෙහි කරුණු මදි. අවසානයට ප්‍රශ්නයක් ඉතිරි කරලනේ (ස)
අපේ උරුමය තීරුව ඉතා වටිනවා (දී)
මම මේ වගේ අතීත කතා වලට හරිම ආසයි. ඔබලාට ගොඩක් ස්තූතියි. (නි)
එතකොට දැන් ඒ කුවේණි කෝවිල නැද්ද? (නි)
වටිනා ලිපියක් (දී)
කොහෙද ඒ කෝවිල තියෙන්නේ අපිට දකින්න පුළුවංද? හොද ලිපියක්..!(නු)
මේ වගේ දේවල් තවත් පළකරන්න. මම අපේ ඉතිහාසයට ආදරෙයි. (නි)
මේවා ආරක්ෂා කිරීම අපගේ වගකීමක් (ස)
මේ වගේ ඒවා අපිට කොච්චර වටිනවද , අපි අපේ ඉතිහාසය දැන්ගන්න ඕන. අපේ රටට අපි ආදරෙයි (ස)
කථා රසයෙන් ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා..නැවත මේ වගේ ඒවා ලියන්න... (ස)
අපේ ඉතිහාසය හරිම රසවත්. එය අලුත් පරපුර දන්නේ නැහැ.(නදී)
ඇත්තටම මේ ලිපිය හරිම වැදගත්. (නි)
ඇත්තටම ගොඩක් වැදගත් ලිපියක්. ගොඩක් සුබ පතනවා මේ වගේ වටින දේවල් සමාජයට ලබා දෙනවට. (නි)