IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කොස් ගහක් නිසා සිදුකළ හිමිනම ඝාතනය

sg

 

jop

ව්‍යාපාරිකයාට අයත් ගිනිබත් කරන ලද ස්ථාන.

”බලන්න පොඩි නම මට මේ මිනිස්සු වගයක් එකතුවෙලා ගැසුවා. ඒ මිනිස්සු මහා පවක් කරගත්තා. මට ගැසුවා නම් කමකුත් නැහැ. මේ බුද්ධ චීවරයටත් ගැසුවා. මේ අය මහ පාපකර්මයක් තමයි කරගත්තේ. අනේ පව්. මාත් පෙර පූරුවේ කළ පාපයක විපාකය විඳිනවා. එත් මේ කිසි කෙනකුට මා වෛර කරන්නේ නැහැ.


මැර ප‍්‍රහාරයට ලක්වී කොළඹ ජාතික රෝහල වෙත රැුගෙන යමින් සිටි රුවන්වැල්ල, කනන්ගම විවේක සේනාසනාධිපති කෝන්කඩුවේ නන්දසිරි හිමියන් තමාගේ ගෝලයකු වන ඇඹිලිපිටියේ රතන හිමියන් නන්දසිරි හිමියන්ට දුරකථන ඇමැතුමක් ලබා ගත් පසු මෙසේ පවසා ඇත. දින 20 කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට දෙසැම්බර් 01 වැනි රාත‍්‍රී 7.30ට පමණ උන්වහන්සේ අපවත් වූහ. පසුව මේ සිද්ධිය සැලවීම නිසා පිරිසක් නන්දසිරි හිමියන්ට පහර දුන් බව කියන සැකකරුට අයත් නිවෙස් සහ වාහනවලට ගිිනිතබා ඒවා විනාශ කර ඇති ආකාරය එහි ගිය අපට පසුගිය දා දැක ගත හැකි විය. එහි යන විට පවා පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලීසිය එක්ව නැවත කලබලයක් ඇති වේ යැයි යන සැකයෙන් දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.


නන්දසිරි ස්වාමීන්වහන්සේ මේ කනන්ගම ගම්මානයට වැඩම කර ඇත්තේ 1975 පමණය.


කනන්ගම ග‍්‍රාම සේවා වසමට අයත් මෙම පන්සල් භූමිය දායක මහතකු වන රංජිත් ජයවර්ධන මහතා විසින් පන්සල තනා ගැනීමට පූජා කරන ලද ස්ථානයකි. අවිස්සාවේල්ලේ සිට කි.මී. 15ක් පමණ දුර කෑගල්ල-අවිස්සාවේල්ල මාර්ගයේ කෑගල්ල දෙසට පැමිණි පසු ප‍්‍රධාන මාවතේ අටුලූගම හංදියෙන් හැරී කි.මී. 3ක් පමණ ගිය පසු කනන්ගම විහාරස්ථානයට යා හැකිය.


සිද්ධිය වන අවස්ථාවේ එම ස්ථානයේ සිටි ඩබ්ලිව්.ජී. චමින්ද රත්න කුමාර සමග අපි මුළින්ම කතා කළෙමු.

06_SLTK_P22_Back

ස්වාමීන්වහන්සේගේ දේහය


”මහත්තයෝ මම පන්සලේ දායකයෙක්. අපේ හාමුදුරුවෝ කියපුවාම  ඕනෑ වැඩක් මා ඉක්මනින් කරලා දෙනවා. පන්සලේ දායකයෙක් වන නීල් ගුණවර්ධන මහත්මයා පන්සලේ ධර්මශාලාව හදන්න කොස් ගහක් පන්සලට පූජා කරලා තියෙනවා. ඊට පස්සේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් මත ගහ කපන්න අප ගියා. ඒ සඳහා පොඩි හාමුදුරුවොත් වැඩියා උන්වහන්සේ තමයි ධම්මජෝති හිමියන්. එතන හිටපු අනිත් අයත් එක්ක එකතුවෙලා ගහ කපලා බොහෝම අමාරුවෙන් වාහනයට පටවාගෙන අරන් යන්න හැදුවේ පන්සලට අවශ්‍ය ලී දඬු ටික කපා ගන්න. ලොරියේ ඞීසල් ටිකක් තිබුණ නිසා පොඩි හාමුදුරුවොයි මමයි ගිහිල්ලා අර ව්‍යාපාරිකයා කියන අපේ ගමේ ප‍්‍රියන්ත ගුණරත්නගේ (ශාන්ත) කඩෙන් ඞීසල් ගත්තා. උදෙත් ගිහිල්ලා පැට‍්‍රල් ගත්තා ගහ කපන චෙන්ෂෝ එකට දාන්න. ගහ කපලා මේ ගස මං ප‍්‍රවාහනය කරනවාට විරුද්ධව කවුරු හරි කෙනෙක් පොලිසියට කෝල් කරලා. වෙනදාත් පන්සලේ මොනයම් හෝ වැඩක් කරන්න ගහක් කැපුවොත් අපි පොලීසියට දන්වනවා. ඊට පස්සේ අප ලී මෝලට දාලා අවශ්‍ය දැව ඉරා ගත්තා. ඒ විදිහට පන්සලට අවශ්‍ය ගස් පරිත්‍යාග කරපු අයගේ ගස් සියල්ල මම එළවන ලොරියෙන් තමයි ඇද්දේ. ඒ පුරුද්දට ගහ කපලා අරන් යනකොට අපි මේ බව පොලිසියට දැනුම් දෙන්න කෝල් ගන්න හැදුවා.


මාගම්මන දී පොලිසියෙන් ඇවිල්ලා ලොරියයි මායි අත්අඩංගුවට ගත්තා. පස්සේ අප දැන ගත්තා අහවලා තමයි මේ සිද්ධිය දන්වලා තියෙන්නේ කියලා. ඊට පස්සේ රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් උසාවියෙන් පන්සල හදන්න ගෙනාපුු දැව ටික රාජසන්තක කළා. වාහනයේ අයිතිකරු මා නොවන නිසා වාහනය ඇප පිට නිදහස් කළා. මාත් ඇප පිට නිදහස ලබලයි ඉන්නේ. මේ ගැටුම ඇතිවූයේ ඒ විදිහට. මේකෙ මුල වන්නේ මෙම සිද්ධියයි. පස්සේ ලොකු හාමුදුරුවෝ අපිට ඇප දෙන්නට අවශ්‍ය මුදල් දීලා අපව නිදහස් කරගත්තා. එදා ඉඳලා ගොඩාක් වේදනාවෙන් තමයි උන්වහන්සේ පසු වුණේ. ගමේ දායකයකුම මේ සිද්ධියේ දී මුල්වීම හේතු කොට ගෙන අපේ හාමුදුරුවෝ දුක් වුණා. ඒ වුණාට කවදාවත් ඒ අයට වෛර කළේ නැහැ. වෙනදා වාගේම හොඳින් සැලකුවා. ලොකු හාමුදුරුවෝ කියපු එකම දේ තමයි පන්සලේ වැඩකටයුතු මේ නිසා ප‍්‍රමාද වන බව යැයි චමින්ද කීවේය.


මෙසේ කාලයක් මෙම සිද්ධිය උසාවියට ගෙන ගිය පසු වසන්වී තිබුණි. එහෙත් පසු කාලයක මෙය නැවත මතුවූයේ කුමන හේතුවක් නිසාදැයි අපි ගම්මුන් කිහිප දෙනෙකුගෙන් විමසා සිටියෙමු.


මේක මේ සිද්ධිදාමයත් එක්ක ඉවරවී ගිය බව ඇත්ත. නමුත් ඒ දවස්වල ලොකු හාමුදුරුවෝ බණ ගෙවල්වලදී පිංකම් ගෙවල්වලදී කාගෙවත් නමක් නොකියා මේ සිද්ධිය පිළිබඳ කිහිප සැරයක් මතක් කරලා කීවා. මෙවැනි දේවල් කරන්න පෙළඹෙන්න එපා. බුදු දහමට එතරම් හොඳ දේවල් නෙවෙයි. මෙවැනි දේවල් මේ මඟින් වෙන්නේ අන් අයට අයහපතක් යැයි උන්වහන්සේ පැවසුවා. සිද්ධිය වූයේ ඉන් පසුවය.


ප‍්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයා සහ ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් මෝටර් රථයකින් පැමිණ නොවැම්බර් 11 වැනිදා සවස 6.30ට පමණ නන්දසිරි හිමියන්ට බැණවැදී තර්ජනය කර ඇත. එක් ගෝලයෙක් ප‍්‍රශ්නයක් තියනවා විසඳාගන්න පුළුවන් වෙයිද කියා තදබල ලෙස කතා කර ඇති බවද කියති.
”බීලා ප‍්‍රශ්න විසඳන්න බෑ. ගිහිල්ලා පස්සේ වේලාවක එන්න’’ යැයි නන්දසිරි හිමියන් පැවසූ නමුත් ඒ බව සතයකටවත් මායිම් නොකර ප‍්‍රධාන සැකකරු නන්දසිරි හිමියන් ඉදිරියට පැමිණ තිබේ.


”තෝ තමයි මගේ නම්බුව ගමේ කැවේ යැයි පවසා ලොකු හාමුුදුරුවන් සිටි සංඝාවාසය තුන් පැත්තෙන් වටලා උන්වහන්සේගේ සිවුරෙන් ඇද පහරදී ඇති බවද පහර දෙද්දීත් උන්වහන්සේ මේ මැරයන්ගෙන් ගැළවීම සඳහා දුව ගිය බව දැන ගන්නට ඇත.


ආවාස ගෙයට පිටුපස වතුර කරාමය අසල දී උන්වන්සේට අවසාන වතාවට පහරදී ඇති අතර පහර කෑමෙන් උන්වහන්සේ එම ස්ථානයේ තිබුණු බෑවුමට ඇද වැටී තිබේ. තදබල ලෙස පහරදීම නිසා වේදනාවෙන් පසු වූ උන්වහන්සේගේ සිිහිය නැතිවී ඇති බවත් පසුව මේ සැකකරුවන් උන්වහන්සේ තමාගේම රථයේ නංවාගෙන රැුගෙන යාමට උත්සාහ කර ඇති නමුත් සිහි නැතිව සිටි උන්වහන්සේ අපවත්වී ඇති බවක් දැනී කඩිමුඩියේම එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවත් කියති. සවස් කාලයේ තරමක අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතුණු නිසාත් මේ සිද්ධිය කාටවත් ඇසී නැත.


සිහිසුන්ව ඇද වැටුණු නන්දසිරි හිමියන්ට පසුව සිහිය ලැබී තිබේ. පසුව අමාරුවෙන් වාරු දී නැගිට තමාගේ සංඝාවාස කුටියට උන්වහන්සේ වැඩම කර ඇත. උන්වහන්සේ වැඩ සිටින විට පැය කිහිපයකට පසු බණකට ආරාධනා කිරීමට ගමේ දායකයන් කිහිප දෙනෙක් පැමිණ ඇතත් උන්වහන්සේ ඒ පිළිබඳව ඒ අයට නොදන්වා ඇත්තේ කලබලයක් ඇති කර ගනී යන බියෙනි. තමන් ලිස්සා වැටුණු බව ඒ පැමිණි අයට පවසා ඇතත් සිද්ධිය පිළිබඳව උන්වහන්සේ කිසි දෙයක් ඔවුන්ට පවසා නැත. ඔවුන් විහාරස්ථානයෙන් ගිය පසු නන්දසිරි හිමියන් දායක සභාවේ ළඟින්ම ඇසුරු කරන විහාරස්ථානයේ ඉඩම පරිත්‍යාග කළ රංජිත් ජයවර්ධන මහතාට දුරකථන ඇමතුමක් ගෙන පන්සලට පැමිණෙන ලෙස දන්වා ඇත.


ඔහු පැමිණීමෙන් පසු උන්වහන්සේ අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.


රෝහල වෙත ඇතුළත් කරන ලද උන්වහන්සේ ප‍්‍රතිකාර ලබා සිටින විට මෙහි ඇත්ත සිදුවීම රෝහලට පසුදින පැමිණි රංජිත් මහතාට හොර රහසේම පවසා තිබේ. නොවැම්බර් 12 වැනි දින ඇතුළත් කිරීමෙන් අනතුරුව වම් කකුලේ වේදනාව හා ශරීරයේ අවයවවල තිබූ වේදනාව වැඩි වූ හෙයින් කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවට පසුව ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත. එහි දින 20කට වැඩි කාලයක් ප‍්‍රතිකාර ගනිමින් සිටි උන්වහන්සේ දෙසැම්බර් 01 වැනිදා රාත‍්‍රී 7.00ට පමණ අපවත් වූහ.


කකුලේ ලේ කැටියක් අක්මාව වෙත ගමන් කිරීම හේතුවෙන් එය සිරවී මේ මරණය සිදුවී ඇති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බව එහි සිටි අය අපට කීහ.


උන්වහන්සේගේ අපවත්වීමෙන් උරණ වූ පිරිසක් ප‍්‍රධාන සැකකාර ව්‍යාපාරිකයාගේ නිවාස දෙකක් හා ව්‍යාපාරික ස්ථාන, බසයක්, ත‍්‍රීරෝද රථයක්, යතුරුපැදියක් ආදිය ගිනි තබා විනාශ කර ඇත.


”අපේ හාමුදුරුවන්ට සල්ලි තියන හැම වෙලාවෙම කළේ දුප්පත් මිනිසුන්ට සලකපු එකයි. අංගසම්පූර්ණ නිවාස 4ක් දුප්පත් මිනිසුන්ට හදලා දුන්නා. පාරවල්වලට කොන්ක‍්‍රීට් දැම්මා. මිනිස්සු වෙනුවෙන්, ගැබිනි මාතාවන් වෙනුවෙන් රුපියල් 5000ක් වටිනා පෝෂණ මල්ලක් දුන්නා. ගැබිනි මාතාවගේ සායන මධ්‍යස්ථාන පාර කොන්ක‍්‍රීට් කරලා දුන්නා. පන්සල දියුණු කළා. සමහර පුංචි දරුවෝ හාමුදුරුවන්ට කියන්නේ ඇපල් හාමුදුරුවෝ කියලා. දානයකට වැඩලා එනකොට උන්වහන්සේ මග ඉන්න පුංචි අයට ඒ සියල්ල දීලා විහිළු කරලා තමයි එන්නේ. අනේ මහත්තයෝ ඒ අඩුව අපිට කවදාවත්ම පුරවන්න බැරි වෙයි. ඒ තරම් හොඳ හාමුදුරුනමක්. දහම්පාසල ආරම්භ කරලා ගමේ දරුවන්ගේ දහම් අධ්‍යාපනයට විශාල පිටිවහලක් සපයා දුන්නා. දැන් ඒ සියල්ල වතුරේ ගියා පොඩි හාමුදුරුවෝ එසේ කියති.


නන්දසිරි හිමියන්ගේ ගෝලයෙකු වන කලල්පිටියේ සුමනසිරි හිමියෝ මෙසේ පවසති. ”දැනට මෙම විහාරස්ථානයේ උන්වහන්සේගේ ගෝලයෝ තුන්දෙනෙක් ඉන්නවා. ලොකු හාමුදුරුවෝ නැති වුණායින් පස්සේ විශාල පාඩුවක් අපට වුණා. ඒක කවදාවත්ම පුරවන්න බැහැ. අපේ ලොකු හාමුදුරුවන්ගේ පුදුම ගතිගුණ තමයි තිබුණේ. අපට කවදාවත් වේදනාවක් ඇති වෙන විදිහට බැණවැදිලා නැහැ. මට ඉගෙන ගන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවශ්‍ය සියලූම දෑ උන්වහන්සේ සපයා දුන්නා. ඒ විතරක් නෙවෙයි වෙලාවකට මං උදේ නැගිටිනකොට මාගේ කුටියේ සැතපෙන ඇඳ ගාව මේසයේ හාමුදුරුවෝ කෑම බීම පුරවලා තියෙනවා. හාමුදුරුවෝ ඒවා තියලා යනවා. චොකලට්, ටොපී වාගේ දේවල් එකක් නෙවෙයි ගොඩාක් තියෙනවායි සුමනසිරි පොඩි හාමුදුරුවෝ කීහ.
කිසිදෙයක් උන්වහන්සේ රැුක්කේ නැහැ. ඒවා හැමෝටම දුන්නා. පන්සලට හම්බවෙන විශේෂ කෑමක් තිබුණොත් ඒවා අපි එනකම් ඉන්නවා වළඳන්නේ නැතිව. ඒ විතරක් නෙවෙයි පන්සලේ ගිලන්පස හදන ඒවා පන්සල අමදින කටයුතු බුද්ධ පූජාව වැනි සෑම කටයුක්තක්ම උන්වහන්සේ තනිවම කළා කාටවත් පවරන්න ගියේ නැහැ’’ කියද්දී සුමනසිරි පොඩි හාමුදුරුවන්ගේ දෑස් කඳුළින් තෙත් විය.


මෙම තොරතුරු ලබා ගැනීම සඳහා සහාය වූ ප‍්‍රාදේශීය මාධ්‍යවේදී අංජුල නිශාන්තට ද ස්තුතිය පුද කරමි.


M



අදහස් (0)

කොස් ගහක් නිසා සිදුකළ හිමිනම ඝාතනය

ෂාෆික් Wednesday, 10 December 2014 06:15 AM

මහා තිරිසන් මිනිස්සු අද ඉන්නේ. (නි)

:       0       0

අජිත් Tuesday, 09 December 2014 01:01 PM

අද අපේ රට පවුකාරයන්ගේ දේශයක් වෙලා. කුඩු, දුෂණ, හොරකම්, මිනීමැරුම් වලින් පිරි රටක් වෙලා. රට කරන අය මීට වගකියන්න ඕනෑ.නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීමේ විපාක. මේවා තව වැඩිවෙනවා. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 13 December 2014 05:28 PM

මෙහෙම පව්කාරයෙක්! (නි)

:       0       0

කුමාරි Tuesday, 09 December 2014 02:19 PM

මුගලන් මහා රාතන් වහන්සේටත් පෙර පවු පල දුන්නනේ. ඒ වගේ මේ ස්වාමින් වහන්සේගේ පවක් පල දෙන්න ඇති. මේ අපරාදය කල මිනිසුන්ටත් ගොනා පිටු පස කරත්ත රෝදය එන්නා සේ එහි ආනිශංශ අත් වේවි. (නදී)

:       0       0

අනුර Saturday, 20 December 2014 04:28 AM

මේ පාපය කොහෙන් ගෙවන්නද?(හේ)

:       0       0

සඳුනි Tuesday, 09 December 2014 03:13 PM

හාමුදුරු නමක් පන්සලක් හදවන්නේ තමන්ට ගෙනියන්න නෙමෙයි.ගමටයි.මේ අයට ඒ බව තේරුම්ගන්න බැරිවෙලා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4684 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 614 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1197 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 105 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 192 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 253 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39009 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site