2012 සැප්තැම්බර් 16 | ප.ව. 02:32
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
තරු විසුල අහස යට රාති‍්‍රය පැමිණ ඇත. නියොන් එළියෙන් අඳුරු වීදි ඒකාලෝක වෙන ඒ රාති‍්‍රයේ කොළොම්තොට වීදි මගතොට, අහුමුලූවල මෙන්ම සුපිරි හෝටල් හා රාති‍්‍ර සමාජ ශාලා අභ්‍යන්තරයේ ද බොහෝ දේ සිදුවෙයි.
මහා සංස්කෘතියෙන් බැහැර වූ උපසංස්කෘතියක් සමාජයක පවතී. රාති‍්‍ර සමාජශාලා යනු එවන් උපසංස්කෘතියක් පවතින තවත් එක් සමාජ ආයතනයකි. ඒ උපසංස්කෘතිය අන්තර්ගතයෙහි සමාජ සදාචාරය හා සම්ප‍්‍රදායට අනුගත නොවන මහා සංස්කෘතිය මගින් බැහැර කරන ලක්ෂණ හා සම්ප‍්‍රදායන් බොහොමයක් පවතී.
අනුරාගය, විනෝදාස්වාදය, මත්පැන්, දුම්පානය, කලකෝලහල, නැටුම්, ආලිංගන මේ ආදී බොහෝ උත්තේජකයන් ගනුදෙනුකරුවන් වෙත ලබාදීමත් පැමිණෙන කවර ගනුදෙනුකරුවෙක් වේවා අවසන් රුපියල දක්වා සූරාගෙන කෑමත් තම අරමුණ කරගත් රාති‍්‍ර සමාජ ශාලා උපසංස්කෘතියේ ඇතුළාන්තයට අපි එබිකම් කර බලමු.
රාති‍්‍ර සමාජ ශාලාවලට ඇතුළු වීමට ප‍්‍රවේශ පත‍්‍රයක් මිලදී ගත යුතුය. රාති‍්‍ර සමාජ ශාලා වෙත පැමිණෙන ස්ථිර ගනුදෙනුකරුවන්, නැත්නම් සාමාජිකයන් මෙන්ම ඉඳහිට පැමිණෙන්නන් හා ආගන්තුකයන් ද සිටියි. ස්ථිර ගනුදෙනුකරුවන්ට මෙම ප‍්‍රවේශපත‍්‍රය මිලට ගැනීමේ දී විශේෂ වට්ටමක් ලබාදෙයි. මෙම ප‍්‍රවේශපත‍්‍ර ලබාදෙන අය හඳුන්වන්නේ බවුන්සර් යන නමිනි.
බවුන්සර්ලා දෙවුර දරන එකම වගකීම එය නොවේ. සමාජ ශාලාව තුළ ප‍්‍රශ්නයක් ඇතිවුවහොත් කලහකාරීන් එයින් ඉවතට දැමීම, සල්ලි නොගෙවන පුද්ගලයන් සිටියොත් ඔවුන් එළියට දැමීම, යුවතියන්ට හිරිහැරයක් වුවහොත් එවැනි පැමිණිල්ලක් ලැබුණොත් ඊට අදාළ පුද්ගලයන් ඇද එළියට දැමීම බවුන්සර්ලාගේ සෙසු රාජකාරි ය. මේ රාජකාරි ඕනෑම මොහොතක ඉටු කරන්නට බවුන්සර්ලා සූදානමින් සිටිති.
රාති‍්‍ර 6.30-7.00 පමණ වන විට රාත‍්‍රි සමාජ ශාලා පැමිණෙන්නවුන් සඳහා විවෘත වෙයි. ඒ විවෘත වෙන වෙලාවටම එතැනට පැමිණ එම ස්ථාන පවතින පසුවදා පාන්දර 6.30-7.00 පමණ වනතුරුම මත් මතින් එතැන සිටින ගනුදෙනුකරුවෝ සිටිති.
රාත‍්‍රි සමාජ ශාලා තුළට ඇතුළු වෙන සෑම ගනුදෙනුකරුවෙක්ම පරීක්ෂාවට ලක්වෙයි. ආයුධ ඇතුළට රැගෙන යාම සමාජ ශාලා රෙගුලාසින්ට අනුව තහනම්ය. සාමාන්‍යයෙන් ඇතුළුවීමේ ප‍්‍රවේශ පත‍්‍රයක මිල රුපියල් දාහක් පමණ වෙයි.
රාති‍්‍ර සමාජ ශාලාවකට පිවිසෙන්නකු මුලින්ම ඇතුළු වෙන්නේ ”ෆ්ලෝ” යන නමින් හැඳින්වෙන ස්ථානය වෙතය. පැමිණෙන කවර ගනුදෙනුකරුවෙක් හෝ වේවා පිළිගන්නට ෆ්ලෝ යන නමින් හඳුන්වන ස්ථානයේ තැනින් තැන යුවතියන් අසුන්ගෙන සිටියි.
ශරීරයේ වැඩි කොටසක් නිරාවරණය වන පරිදි ඉතා කෙටි ඇඳුමින් සැරසී තද පැහැ තොල් ආලේපන, නිය ආලේපන තවරාගෙන, දෑස් අඳුන් ගල්වා සිටින මේ යුවතියන් කෙරෙන් ඉස්මතු වෙන්නේ රාගික පෙනුමකි. පිරිමි සිතක් ලිංගිකත්වයක් පිළිබඳ හැඟුම්වලින් අවදිකරන අන්දමේ ආකර්ෂණීය පෙනුමකි.
ඒ යුවතියන් රාති‍්‍ර සමාජ ශාලාවේ සේවය කරන්නියන්ය. ගැනුම්කරුවෙක් පැමිණෙන විටම ඔහු ළඟට ගොස් ඔහු පිළිගැනීමේ සිට ඔහු හා රැඳෙමින් ඇතැම් විට තවත් ගනුදෙනුකරුවකු පැමිණිවිට ඒ ගනුදෙනුකරුවා ද පිළිගනිමින් ගනුදෙනුකරුවන් දෙදෙනාම තමාට අවනත කර ගනිමින් කරන රාජකාරියේ සිට රාජකාරි බොහොමයක් මේ යුවතියන් වෙත පැවරෙයි.
සාමාන්‍ය වශයෙන් එක් රාති‍්‍ර සමාජ ශාලාවක මෙවැනි යුවතියෝ විසි දෙනෙක් පමණ සිටිති. පැමිණෙන සියලූ ගනුදෙනුකරුවන් ඔවුන් විසින් ඔවුන්ට රිසි පරිදි හසුරුවා ගනු ලබන අතර පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නම් එකී යුවතියක් ගනුදෙනුකරුවන් කීප දෙනෙකු වෙනුවෙන්ම වෙන්වෙයි. ඇතැම් ගනුදෙනුකරුවන් එකී තෝරාගත් එක් යුවතියක් සමගම රැඳෙන්නට පි‍්‍රය කරයි. ඔවුන් පැමිණෙන විට ඇය තවත් අයෙකු හා සිටියහොත් ඔහු ඇයම ඉල්ලා සිටියි.
එවන් විටෙක අනෙක් ගනුදෙනුකරුවා වෙත වෙනත් යුවතියක් රඳවා ඒ යුවතිය තම සුපුරුදු ගනුදෙනුකරුවා වෙත පැමිණෙන්නීය. ඇතැම් විට එය එසේ නොවුණහොත් ගනුදෙනුකරුවන් අතර යුවතින් වෙනුවෙන් රණ්ඩු, කෝලාහල, ගුටිබැට දීම් ද සිදුවෙයි.
එසේම මෙම යුවතියන් අතර ද ගැනුම්කරුවන් වෙනුවෙන් අරගල ඇතිවෙයි. ”එයා මගේ කස්ටමර් කෙනෙක්. ඔයා ඇයි එයා ළඟට ගියේ” මේ යුවතියන් අතර ගැටුමට මුල්වන කාරණයකි.
”ෆ්ලෝ” හිදී අනුරාගී ඉරියව් විඳින්නට තහනමක් නැත. ඔවුන් තමන්ට රිසි ලෙස මේ යුවතියන් හා නැටුමේ ද යෙදෙයි.
මේ යුවතියන්ගේ අරමුණ තම ගනුදෙනුකරුවාට හැකි තරම් මත්පැන් හා සිගරට් පෙවීමය. ඒ මගින් ඔහු සන්තක මුදල් සියල්ල එම සමාජ ශාලාවේ දී වියදම් කරවීමය.
යුවතියට හොඳින් මත්පැන් පානය හා දුම් පානය කිරීමේ පුළුවන්කම තිබිය යුතුය. ඇගේ එක් රාජකාරියක් වන්නේ ඔහු සමග හරි හරියට මත්පැන් පානය කිරීම සහ සිගරට් පානය කිරීමය.
සාමාන්‍යයෙන් අරක්කු බෝතලයක මිල පිටත දී රුපියල් හත්සියය නම් සමාජ ශාලාව ඇතුළත දී එහි මිල රුපියල් දෙදහසකි. සාමාන්‍යයෙන් ඕනෑම දෙයක මිල සාමාන්‍ය මිලට වඩා තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩිවෙයි.
මේ යුවතියන් හැකි තරම් ඔවුන් ලවා වියදම් කරවන්නේ ඔවුන් සමාජ ශාලාව වෙත ගෙවන මුදලෙන් කොමිස් මුදලක් තමාට හිමි වන බැවිනි. එය ඔවුන්ගේ වැටුපට අමතරව ලැබෙයි.
මෙහි සාමාන්‍යයෙන් සිගරට් පැකැට්ටුවක මිල රුපියල් 900ත්-1000ත් අතර වෙයි. ඔවුන් තම ගනුදෙනුකරුවා හඳුන්වන්නේ ”ගෙස්ට්” යන නමිනි.
මධ්‍යම රාති‍්‍රය වෙද්දී මේ ගෙස්ට්ලා සම්පූර්ණයෙන් මත්පැනින් මත්වී සිටියි. එවිට ඔවුන්ගේ සියලූ පාලනය සියතට ගන්නේ මේ යුවතියෝය. රුපියල් ලක්ෂ ගාණක් අතැතිව පැමිණියත් අවසානයේ මේ ගෙස්ට්ලා රාති‍්‍ර සමාජ ශාලාවෙන් පිටතට යන්නේ අතේ සතයක්වත් නැති මට්ටමිනි. මේ යුවතියන් ඉතා සූක්ෂම ලෙස ඔවුන් හසුරුවයි.
වී.අයි.පී. සිස්ටම් යනුවෙන් වූ ක‍්‍රමයක් ද රාති‍්‍ර සමාජ ශාලාවල කි‍්‍රයාත්මකය. එය සාමාන්‍යයෙන් විශේෂ අය යන තැනකි. එය කාමරයකට යාමක් හා සමානය. සමාජ ශාලා යුවතිය හා ගෙස්ට් හැරුණු විට වෙන කවුරුත් එතනට පැමිණෙන්නේ නැත. පැමිණෙන්නේ ඔවුන් ඇණවුම් කරන දෙය රැගෙන එන වේටර්වරයා පමණි. මේ ස්ථානවල දී පූර්ණ ලිංගික ඇසුරක් පැවැත්වීමට වුවත් අවස්ථාව පවතී. ඔවුන් දෙදෙනාට රිසිසේ හැසිරෙන ඉඩකඩ හිමි වෙයි.
”වී.අයි.පී. රූම්” සඳහා එක් එක් මිල මට්ටමේ පැකේජ පවතී. සැප පහසු ”සෙටියක්” හා රූපවාහිනි යන්ත‍්‍රයක් ද ඇත. මේ සියල්ල මැද සමාජ ශාලා යුවතියගේ අරමුණ හැකි උපරිමයෙන් ”සල්ලි කැඞීමය”. කොතරම් සිගරට් හා මත්පැන් පානය කළත් සමාජ ශාලා යුවතියන් සැම විටම හොඳ සිහියෙන් පසුවෙයි.
සාමාන්‍යයෙන් මෙරට සුපිරි මට්ටමේ පිරිස්වල දරුවෝ මේ රාති‍්‍ර සමාජ ශාලාවල නිත්‍ය ගැනුම්කරුවෝ බවට පත්වී සිටිති. වයස අවුරුදු 15-16 සිට ගැහැනු පිරිමි භේදයකින් තොරව ඔවුහු මේ සමාජ ශාලා සංස්කෘතියට පුරුදු වෙති. ඔවුන් ජීවත්වෙන සමාජ පන්තියට අනුව එය ඔවුන්ට ඉතා සාමාන්‍ය මෙන්ම ඔවුන් අත්‍යවශ්‍ය කොට සලකන සම්ප‍්‍රදායක් බවට ද පත්වෙයි.
මෙවැනි විශේෂිත පුද්ගලයන් වෙනුවෙන්ම විශේෂ ආරක්ෂාවන් යටතේ ඇති සමාජ ශාලා ද පවතියි. ඒවාට සාමාන්‍ය මට්ටමේ අය නොපැමිණෙයි. බොහෝ විට දිනකට මේ සමාජ ශාලා වෙනුවෙන් ලක්ෂයකට ආසන්න මුදලක් වියදම් කිරීමට මේ විශේෂිත පුද්ගලයෝ නොපැකිලෙති.
එමෙන්ම වී.අයි.පී. රූම් සඳහා වන පැකේජය දෙදෙනකුට එක්වී ලබාගත හැකිය. එකම තැනක පිරිමින් දෙදෙනෙක් හා ගැහැනුන් දෙදෙනෙක් රැුඳී සිටීම පිළිබඳව ජුගුප්සා ජනක හැඟීමක් ඒ උපසංස්කෘතියේ නැත. එවිට පැකේජයට අදාළ සියල්ල ඔවුන් බෙදා ගත යුතුය.
සමාජ ශාලා යුවතියන් තම නිවෙස්කරා යන අවස්ථා අඩුය. ඒ උදෑසන වනවිට ඔවුන් ප‍්‍රකෘති ස්වභාවය ඉක්මවූ ස්වරූපයකින් සිටින හෙයිනි. ඔවුන්ගේ අරමුණ තම ”රාජකාරි” නිමාවූ ගමන් නිදා ගැනීමය. එමනිසා සමාජ ශාලා ආසන්නයේම ඔවුහු ලැගුම් ගෙන සිටිති.
මේ යුවතියන් තම නිවෙස්වලට බොහෝ විට පවසන්නේ ඔවුන් ඇඟලූම් ක්ෂේත‍්‍රයේ හෝ වෙනත් ආයතනවල රැකියාවන්ගේ නිරතවෙන බව ය. මසකට ඔවුන් රාති‍්‍ර සමාජ ශාලාවලින් ඔවුන් ලබන කොමිස් මුදලට අමතරව රුපියල් අසූපන්දහසක් අනූදහසක් අතර වැටුපක් ලබයි.
රාති‍්‍ර සමාජ ශාලාවලට පැමිණෙන පුද්ගලයන් විවිධ මානසික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට පැමිණෙයි ඒ මානසික අවශ්‍යතාවන්ගේ හා ශාරීරික අවශ්‍යතාවන්ගේ වපසරිය ඉතා පුළුල් ය.
සමාජ ශාලා යුවතියන් විවාහ කරගත් පුද්ගලයෝ ද සිටිති. මේ යුවතියන් සැමවිටම සමාජ ශාලාව තුළ පෙනී සිටින්නේ අන්වර්ථ නාමයකිනි. ඔවුන්ගේ සැබෑ නම එන ගනුදෙනුකරුවන් කිසිවෙක් නොදනී. ”ගෙස්ට්ලා” සමග පෞද්ගලික සබඳකම් පැවැත්වීම පිටත දී හමුවීම සමාජ ශාලා රෙගුලාසීන්ට අනුව තහනම් ය.
මත් පෙති වර්ග ද රාති‍්‍ර සමාජ ශාලාවන්හි ඇති තවත් දෙයකි. කේ.ජී. නමින් හඳුන්වන කේරළ ගංජා සමාජ ශලාවන්හි ඉතා ප‍්‍රසිද්ධ සහ සුලභ ඉල්ලූමක් ඇති දෙයයි.
සටහන - සංජීවිකා සමරතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දුටුවහම අපිටත් යන්න හිතෙනවා (නි)
දේශීයත්වයට කළු පැල්ලමක් මේවා
අති විශිෂ්ඨයි... සදාචාරය රකින්න කතා කරන අයම තමයි සදාචාරය විනාශ කරන්නෙ..!(නු)
අනේ අනිච්චං. (නි)
රටකට ගිය කලක්
මේවා නීති විරෝධී දේවල් නෙමෙයි. මේවා සාමාජශාලා විදියට ලියාපදිංචි කරලයි පවත්වාගෙන යන්නේ. හැමෝටම යන්න බැරි සල්ලි නැති නිසා. මමත් දෙතුන් වරක් ගිහින් තියෙනවා. එතන වැඩ කරන හැම කාන්තාවක්ම වගේ විවාහ ජීවිතය අවුල් කර ගත්ත අය. එයාලා හැමෝම වගේ එක එක ප්‍රශ්න වලට මැදි වුණු අය. (නි)
මේවා නවත්වන්න. (නි)
මමත් ඔය සමාජ ශාල වලට යනව මම ගෙස්ට් කෙනෙක් උනත් මමත් එතනට වෙනම නයික් නේම් එකක් බාවිතා කරනව.මෙතන අමුතු දෙයක් නැහැ ගම් වලත් ඔය දේ වෙනව එත් වෙන විදිහකට.මේ සමාජ ශාල වල සතියට දවසක් දෙකක් විතරක් වැඩ කරන ඉහල පිලි ගැනිමක් තීයන රැකියා කරන ගැහැනු ළමයි ඉන්නව.තමාගෙ අවශ්‍යතාවය ඇතුල් වීමෙ ගාස්තුවට වඩා සත 5 ක් වත් වියදම් නොකර ඉටු කර ගන්න අයත් ඉන්නව අපි වගෙ.ගම් වලත් ඔය විදිහට මිනිස්සු අන්දල සල්ලි ගන්න කෙල්ලො ඉන්නව ඒත් මිනිස්සුන්ට පේන්නෙ සමාජ ශාල වල වැරදි විතරයි.ලන්ඩන් වල වගේ සමාජ ශාල කියන්නෙ සමාජයෙ පන්ති තුනේම අය යන තැනක් ඔවුන් සමාජ ශාලවක්ට යෑමෙ අරමුන ලිංගිකත්වය නෙමෙයි.ඒත් ලන්කාවෙ ඒක වියදම් අඳික දෙයක්.(ස)
අනේ මෙහෙමත් රටක්.(ස)
ජාතියේ පරිහානිය
මේවා පවත්වන්නේ ඉහළ බලධාරීන්ගේ ද අනුමැතිය සහිතවයි මුලින්ම ව්‍යවස්ථදායකයෙන් ආරම්භ වී උත්තරීතර අධිකරණය දක්වා විතැන්වන ධුරාවලියක් සහිතව පාලනය විය යුතුයි. මක් නිසාද කිවහොත් අපි අපේ රටට ජාතියට ආදරේ නිසා.
ජරාව
දෙයියෝ සාක්කි! (නි)
ලංකාවෙ අපටම වෙන්වෙන සදාචාරයක් තියෙනවා. මේවා අපේ සදාචාරයට පටහෑනි දේවල්. මේ දේවල් නිසා පවුල් විනාශ වී යන්නත් පුලුවන්. එහෙත් ධනපති මිනිස්සුන්ට මේ දේවල් නෑතිව බැහැ. මෙයාලට සල්ලි වලට කරන්න දේවල් නෑතුව තමයි ඔය වගේ තෑන් වලට යන්නෙ. මේ තැන් කරා යාමෙන් පවක් මිස පිනක් නම් සිද්ධ වෙන්නෙ නැහැ. (නි)
අනේ මන්දා. සල්ලි තියෙනවා නම් අවුලක් නැහැ. (නි)
ලංකාවෙ අපටම වෙන්වුණ සදාචාරයක් තියෙනවා. මේවා අපේ සදාචාරයට පටහෑනි දේවල්. මේ දේවල් නිසා පවුල් විනාශ වී යන්නත් පුලුවන්. එහෙත් ධනපති මිනිස්සුන්ට මේ දේවල් නෑතිව බැහැ. මෙයාලට සල්ලි වලට කරන්න දේවල් නෑතුව තමයි ඔය වගේ තෑන් වලට යන්නෙ. (ස)
ලංකාව වගේ රටකට රාත්‍රී සමාජ ශාලා අවශ්‍ය නෑ...මේවා තහනම් කරන්න තරම් කොන්දක් තියෙන කෙනෙක් තවම ලංකාවේ නෑ,.(ස)
ලංකාවේ අපිටනම් ඕවා ඔනිම නෑ (ස)
ළිද මගේ නම් මා ළිදේ නම් කාටවත් ඇයි වේදනා! (නි)
රාත්‍රී සමාජ ශාලා කියන්නේ නීත්‍යානුකූල ගණිකා මඩම් වලට නේද? (නි)
නයිට් ක්ලබ් නම් ප්‍රශ්නයක් නැහැ. අපිට හලාල් තමයි ලොකුම ප්‍රශ්නේ. (නි)
වහල දැම්මනම් ඉවරයිනේ. මොකටද ලංකාව වගේ රටකට ක්ලබ් (දී)
මේවට යන්න සල්ලි නැති නිසාද මේ..!!(නු)
මටත් හිතෙනවා ක්ලබ් යන්න..!!(නු)
නච්ච, ගීත, වාදිත,විසූක දස්සන, මාලා, ගන්ධ විලේපන, .............................මේ වගේ තේරුම අපිද කියලා දෙන්න ඕනා..(ස)
සන්තෝසයි
මේ ෆොටෝ ලංකාවේ නෙමෙයි නේද ? (ස)
නසාර්, ඔයා දන්නේ නැති ඒවා කියවන්න එපා. අරාබියෙත් ඔය වගේ විසූක දස්සන හොරෙන් තියෙනවා. අනික ඕවට මුස්ලිම් අය යන්නෙ නැහැ කියලාද ඔයා කියන්නෙ? බොරුවට බුදු දහම උඩින් පල්ලෙන් කියවලා බෞද්ධයින්ට ගරහන්න එපා. (නි)
ලංකාව ඉවරයි
ඔහොම යන ගෑනු පිරිමි කාටත් දවසක ගෙදරත් සැප නැතිවෙනවා. පිටත් සැප නැතිවෙනවා. වයසට යනවිට අන්ත අසරණ වෙනවා. ගමගේ, නිකමටවත් ක්ලබ් යන්න හිතන්නවත් එපා. ගියොත් ගියාම තමයි. (නි)
සදාචාරය ගැන කියවනවා. මේවයින් පේනවා කොහොමද අපේ සදාචාරය (දී)
ඕවා නීත්‍යානුකූලව තිබුණා නම් අපේ දරුවන් කාම අපරාධ වලින් බේරාගන්න පුලුවන්. (නි)
මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය, කාම මිත්‍යාචාරයට ඇබ්බැහි වූ අනුවන බාල පෘතක්ජනයන් එහිම ඇලී ගැළී, මහත් වූ අකුසල් රැස් කරගෙන මරණින් මතු අසුරුසැනක නිමේෂයේ අපායගාමී භාවයක් ලබයි. වසර ලක්ෂ ගණනක් මහා දුක් ඇති නිරයන්හි අනේක අපා දුක් විදියි. යම් කලෙක ඒ අකුසලයන් ගෙවී අවසන් වේද, ඇතැමුන් කලාතුරකින් මිනිසත් බව ලැබී ඉතා දුක්ඛිත මිනිසත් බව ලබයි. ඉතා දුප්පත් පවුල් වල ඉපදී, අංගවිකලව ඉපදී, මන්ද බුද්ධිකව ඉපදීමට සිහි විකල් වන මත්පැන් පානයේ අකුසලය හේතුවෙයි. ඉතා අඩු ආයුෂ ඇතිව ඉපදී , ලෙඩ රෝග අධික වී පීඩා විදියි. කුසල් වැඩීමට සිත යොමු නොවේ. ලැබූ සුළු කුසල විපාක ඇවෑමෙන් මරණින් මතු නැවත තිරිසන් ආත්ම ලබයි. නැවත නිරයට යයි. මේ නිසා මේවාට ඇබ්බැහි නොවන, නොගිය ඕනෑම ආගමක යම් කෙනෙක් වෙයිද , මේ වගේ ලිපි කියවීමෙන් තමන් ගැන සිතා, තමන් ඉන් ගැලවී, ඉන් මිදී, සුවසේ මනුෂ්‍ය ජීවිතය ගෙවන නිසා ඒ ගැන සතුටු වෙන්න. (නි)
මේවා නිකන් කතන්දර මල්ලී. සැප ඕනෑනම් එන්න මෙහේ. (නි)
කෙනත්, ඔබ කියන දේ තමයි සනාතන දහම. සදාචාරය වැනි දේ ගැන මොනතරම් කිවුවත් මිනිසුන් එම දහම තේරුම් ගන්නේ නැහැ. ඔවුන්ට අනුකම්පා කිරීම හැර වෙන කළහැකි දෙයක් නැත. (නි)
කාට කියන්නද මේ අවනඩුව
මාර ලස්සන කෙල්ලෙක්නේ. මේ ක්ලබ් එක තියෙන තැන හොයාගත්තට පස්සේ තවටිකක් පහුවෙලාම අනිත්‍යය ගැන හිතනවා. (නි)
සදාචාරය රකින්න කතා කරන අයම තමයි, ඔය ක්ලබ් දාන්න අවසර දෙන්නේ (දී)
නසාර්, මං හිතන්නේ ඔයා විශේෂයෙන් ඒ ගැන කරදර වෙන්න දෙයක් නැහැ (නි)
මේවා වහලා කොහොමද? (නි)
කෙනත්ගේ පැහැදිලි කිරීමට ස්තූතියි (නි)