තවත් අනාගත සිහිනයක පෙර ලකුණු දැල්වෙමින් පවතී. ඉන්දියන් සාගරයේ පුංචි මුතු ඇටය ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමේ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමෙහිලා ජනපති මහින්ද රාජපක්ෂ මහතා දරන සංවර්ධනාත්මක ප‍්‍රයත්නයේ එක් දැවැන්ත දොරටුවක් ලෙස මෙම සිහිනය හඳුන්වාදිය හැකිය. ”කොළඹ වරාය නව නගරය” වර්ෂ 2016 දී යථාර්ථයක් බවට පත්කරන්නට සැලසුම්කරන ඔක්තෝබරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට අරමුණු කිරීම ඒ සංවර්ධනයේ අලූත්ම හීනයයි. ගාලූමුවදොර සිට වැල්ලවත්ත දෙසට අක්කර 575ක් පමණ මුහුද ගොඩකර මාස 36ක කාලයකින් නිමාව දකින්නට සැලසුම්කර ඇති කොළඹ වරාය නව නගරය සඳහා අපේක්ෂිත බරපැන ඩොලර් මිලියන 600ක් ලෙස තීරණයවී ඇත. චීන ආයෝජකයකු විසින් මේ බර පැන උසුලනු ලබයි. අපේ රජයේ මුදල් ඒ වෙනුවෙන් වැය කෙරෙන්නේ නැත. ඊට අදාළ ගිවිසුම අනුව ඔවුන් වෙත අක්කර 60ක් පමණ ලබාදිය යුතු අතර එය ලබා දෙන්නේ 99 වසරක බදු පදනමට යටත්වය. මුහුද ගොඩකිරීමේ කර්තව්‍ය සඳහා ඔවුන් වැය කරන්නේ එසේ වසර 99ක බදු මුදල ලෙස ලබාදිය යුතු මුදලය. ඉතිරි අක්කර 515ක ප‍්‍රමාණය රජයේ ඉඩම් බෙදාදෙන ප‍්‍රතිපත්තිය මත 99 අවුරුදු බදු පදනම යටතේ අවශ්‍ය ව්‍යාපාරික ප‍්‍රජාවට ලබාගත හැකිය. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව වරාය හා මහාමාර්ග අමාත්‍යංශය, වරාය අධිකාරිය මූලිකත්වයෙන් කරන මේ කර්තව්‍ය සඳහා නාරා ආයතනය, රජයේ භෞතික සැලසුම් අංශය, පරිසර අමාත්‍යංශය අවශ්‍ය තැන්වලදී සහාය ලබාදීමට එක්වී සිටියි. මෙහි සැලසුම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය විසින් සැලසුම් කරනු ලැබුවත් අදාළ අමාත්‍යාංශය මොරටුව විශ්වවිද්‍යාලයේ සැලසුම් අංශය හා එක්ව එම සැලසුම අවශ්‍ය පරිදි වෙනස් කර ගනියි. ජාත්‍යන්තරව පිළිගත් වෙළෙඳ සමාගම්වල ආයෝජකයින් දැනටමත් තම ආයෝජන සඳහා ඉදිරිපත්ව ඇති අතර කොළඹ වරාය නව නගරය දේශීය විදේශීය රැකියා අවස්ථා රැසකද තොටුපොළක් බවට පත්වනු ඇතැයි වරාය හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන කියයි. තරු 5,6,7 සුපිරි හෝටල්, කෘති‍්‍රම මුහුදු වෙරළක්, ෆෝමියුලාවන් ධාවන පථයක් කුඩා මගී යාත‍්‍රාංගණයක් සුපිරි වෙළෙඳසැල් (ෂොපින් මෝල්) කුඩා ගෝල්ෆි‍්‍ර පිටියක්, ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථානයක් ජල කී‍්‍රඩාංගණයක්, කුඩා උද්‍යාන 4-6ක් අතර සංඛ්‍යාවක් කොළඹ වරාය නව නගරයේ ඉදිකරන්නට අපේක්ෂිතය. එමෙන්ම අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්ද මෙහි ඉදිවේ. කොළඹ වරාය නව නගරයට පිවිසුම් මාර්ගය වශයෙන් උමං මාර්ගයක් ඉදිකරයි. එය වැල්ලවත්ත ප‍්‍රදේශයෙන් මුහුද ඇතුළෙන් පිවිසෙන්නට ඇති ”ටියුබයක” ආකාරයේ වන පිවිසුම් දොරටුවකි. අක‍්‍රමවත් ඉදිකිරීම්වලින් තොර සිංගප්පූරුව ඩුබායි වැනි නගරවල ඇති ක‍්‍රමවත් ඉදිකිරීම් අරමුණු කරගෙන ඉදිවෙන මෙම කොළඹ වරාය නව නගරය සංචාරකයන්ගේ පාරාදීසයක් සහ ආයෝජකයින්ගේ නිජබිමක් බවට පත්වනු දැකීම මෙහි මූලිකම අභිලාෂයයි. නගරය ඉදිවූ දිනෙක නගරයට පිවිසෙනුවස් ඔබ වෙතින් මුදලක් අය නොකළත් ඒ නගරයේ සම්පත් භූක්ති විඳිනු පිණිස ඔබට රුපියල් අවැසි බව ද නොලියා නොසිටිය නොහැකිය.
සටහන: සංජීවිකා සමරතුංග - ඡායාරූප අනුග‍්‍රහය: වරාය හා මහා මාර්ග අමාත්‍යාංශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුනාකර ගසාකෑම්වලින් තොරව මේ වැඩේ කරන්න ඕන කවුරු කවුරුත්...(ස)
ලංකාව දැන් හරි දියුණුයි (දී)
දුප්පත් මානසිකත්වයෙන් මිදිල ලෝකෙ දියා හොඳට බලන්න (අ).
මම ඉන්නේ සෞදි අරාබිය. මෙහෙ ගොඩ කරන හැටියට මුළු ලෝකයම යටවෙන්ට ඕනෑ එහෙනම්. අපේ රටම විතර ඉඩම් ප්‍රමාණයක් ගොඩ කරනවා එක වසරකට. (නි)
චඃ... ඇහැරුනාණේ. සිහිනය අපරාදේ. (නි)
ආචාර්යතුමා.. ඔය පරිසර උපාධිය කඩෙන් ගත්ත එකක් වගේ.. මුහුද ගොඩකරන්නෙ මුහුදෙ වැලි වලින් කියලා දන්නෙ නැද්ද? එකතැනක ගැඹුරු වැඩි වෙලා තවත් තැනක ගොඩ ගොඩ වෙනවා.. මට නම් විශ්වාසයි මෙයාට තියෙන්නෙ කලා උපාධියක්..!(නු)
බොහොම හොදයි. ඉතා ඉක්මණින් නිමාව දකීවායි කියා ප්‍රාර්ථනා කරමි. (නි)
ඔය අපේ ඉඩමක් නෙවෙයි (දී)
ඔය වැඩ වලින් වෙන්නේ අපි බද ගින්නේ ඉන්න වර ගණන වැඩි වෙන ඒක විතරයි (දී)
කරුණාකර ප්‍රථමයෙන් රට මනුස්සකමින් සංවර්ධනය කරන්න. (නි)
ලස්සන ඡායාරෑප..!!(නු)
මේ නගරෙත් කුණු වලින් පිරෙයිද දන්නේ නැහැ. (නි)
නියමයි....(ස)
නියමයි. ගොඩක් සතුටුයි. (නි)
මෙවැනි දේවල් කිරීමට සියලුම නායකයන්ට ශක්තිය ලැබේවා! (නි)
ඉතා හොද වැඩක්.. ඉදිරියේ තවත් මෙවැනි දේ බිහිවේවා..!!!(නු)
අනාගතේ ඩුබායි රටක් බලා ගැනීමට හැකි වේවි. ඉක්මනට නිමවේවා (අ)
ලංකාවට සත 5 ක් ලැබෙනවද ඕකෙන් (දී)
මෙහෙම දියුණු වුණහම අපට අනෙක් රටවල අයත් සමග කට ඇරලා කතා කරන්න පුලුවන් අපේ රට ගැන. (නි)
කතරගම දෙවිදුගේ බලෙන් මේ වැඩය ජය ගන්නවා සිකුරුයි. (නි)
ඩුබායි වගේ ....හොදයි...(ස)
ගොඩක් හොඳ වැඩක්. ලෝකේ ලස්සනම රට මගේ ලංකාවයි. මගේ රට හැම දිනකම දියුණුවෙන් දියුණුවට පත් වේවා. (ත)
දැක්කාම නම් ආසයි. ඒත් ග්‍රැෆික් නිසා දුකයි. (ත)
නියමයි. (නි)
මෙවැනි ව්‍යාපෘති රටක සංවර්ධනයට ඉතා වැදගත්. බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවුණද ලංකාවේ සීමිත භූමි ප්‍රමාණය තුළ ඉඩම් ගැටළුවක් නැතුවා නොවේ. සමුදුරු තීරයක් සහිත වෙනත් රටවල්ද මෙවැනි ව්‍යාපෘති මගින් සිය භූමි ප්‍රමාණය වැඩිකරගෙන ඇත. එහෙත් මුහුද ගොඩකර නගරයක් ඉදිකිරීම මගින් වෙනත් අයහපත් ප්‍රතිඵල උදාවන්නේ දැයි සිතා බැලිය යුතුය. ඒ සඳහා නිසි සක්‍යතා අධ්‍යයනයක් මගින් කරුණු සොයා බැලීම වටී. පරිසර ඉංජිනේරුවෙකු වශයෙන් මා සිතන්නේ යෝජිත නගරය මුහුද ගොඩකිරීම වෙනුවට මුහුදේ ඉදිකෙරෙන වේදිකාවක් මත ඉදිවන්නේ නම් වඩා සුදුසු බවයි. මක් නිසාද යත් සමුද්‍රයේ ජල පරිමාව අඩුවීමක් සිදු නොවන බැවින් එක් ප්‍රදේශයක් ගොඩකිරීම නිසා ඉවත්වන ජලය වෙනත් ප්‍රදේශයක් යටකරගෙන ස්ථානගත වීම ස්වභාවකව සිදුවන බැවිනි. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරයට කිසියම් හෝ හානියක් සිදුවීම ස්වභාවයයි. එම පරිසර බලපෑම හැකිතාක් අඩුවන පරිදි කටයුතු කිරීම තිරසාර සංවර්ධනයයි. මේ පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් මැනවි. (නි)