IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කොළඹට එන කොල්ලන් සුද්ද කරන රෑ සමනළියෝ

 

පිටකොටුව මධ්‍යම බස් පොළ

 

දියවන්නා ව්‍යායාම මංතීරුව ඔස්සේ ඇවිද ගිය අප රෑ කොළඹ වටා යන ගමනේ ඊළඟට ගියේ පිටකොටුව ප‍්‍රදේශයටයි. දිවා කාලයේ මෙන් නොවුනත් රාත‍්‍රියට ද කොටුවේ විශාල පිරිසක් සිටිති. ඒ රැකියා නිමවී යන අය පමණක් නොව දුර බැහැර සිට ගම්බිම් බලා යන අයද කොළඹට එන බැවිනි. නත්තල් සමය නිසා වෙනදාට වඩා තරමක් රෑ කොළඹ කොටුව ප‍්‍රදේශය කාර්ය බහුලය. වැඩියෙන්ම කාර්ය බහුල වන්නේ කොටුව බස් නැවතුම් පොළයි. පිරිසක් නියමිත බසය එනතුරු බලා සිටිති. තවත් පිරිසක් බස්වලින් බැස වෙනත් බස් සොයා යති. ඒ අතරේ වෙළෙන්දෝ බස්වලට නගිමින් බසිමින් වෙළෙඳාම් කරති.

පොලිසියේ දෙතුන් දෙනෙක්ම ප‍්‍රධාන බස් නැවතුම්පොළේ වූහ.

”අපි මෙහේ නෙමේ. පුත්තලමේ. උත්සව දවස් නිසා අපිට විශේෂ රාජකාරි දාලා තියෙන්නේ. මේ පැත්ත ගැන අපි වැඩි විස්තරයක් දන්නේ නෑ.” යැයි පොලිස් කොස්තාපල්වරයෙක් පැවසීය.

බස් නැවතුම්පොළ අවට කඩ රැසක් රාත‍්‍රියේ ද විවෘතව ඇත. කොටුව බස් නැවතුම්පොළ ආශ‍්‍රිතව විවිධ අපචාර සිදුවන බව ද පිරිසක් කීහ. ”රෑ එක එක ඒවා වෙනවා ඉතින්. නිකන් නවත්වලා තියෙන බස් වලට කපල් එනවා. සමහරු කීයක් හරි අරගෙන එයාලට බස් එක ඇතුළේ  ඕනේ දෙයක් කර ගන්න දෙනවා. කළුවර නිසා පෙන්නේත් නැහැ. අපි නම් එහෙම කරන්නේ නෑ.” යැයි පැවසුවේ බස් කොන්දොස්තරවරයෙකි. රෑ කොළඹ ගැන කතා කරද්දී මෙවැනි කතා රැසක් අසන්නට ලැබිණි. කොළඹ මහ නුවර බසයක කොන්දොස්තරවරයකු තවත් කතාවක් පැවසීය. ”නුවර ඉඳන් ජෝඩුවක් ආවා. කොල්ලට වැඩිය කෙල්ල වැඩිමල් වගේ. අපි වැරදියට මොනවත් හිතුවෙත් නෑ. මෙහෙට ඇවිදින් කොල්ලා විස්තරේ කිව්වාමයි කතාව දන්නේ. ඒ කෙල්ලට අවුරුදු 35ක් විතර ඇති. මහනුවර බස්ටෑන්ඞ් එකේ අපේ බස් ගහන තැන හිටියලූ. කොල්ලා දිගන පැත්තේ රස්සාවක් කරන කෙනෙක්. ගම අම්බලංගොඩ පැත්තේ. අවුරුදු 28ක් විතර ඇති.

අර හිටපු කෙල්ල මේ ළමයා ගාවට ඇවිත් ඇහුවලූ  කොළඹ යන්න නගින්නෙ මෙතනට එන බස් එකටද කියලා. මෙයා මනුස්සකමට ඔව් කිව්වලූ. ඊට පස්සේ කෙල්ල ඇහුවලූ  කොළඹට යද්දි කීය විතර වෙනවද කියලා. මෙයා කියලා එකොළහ විතර වෙයි කියලා. දෙන්න කතාවට වැටිලා. කෙල්ල කිව්වලූ  නුගේගොඩ ඉන්නේ, නෑදෑ කෙනෙක් අසනීප වෙලා එයා බලන්න ආවේ කියලා. ඊට පස්සේ බස් එක ආවම බස් එකට නැගලා මෙයා ළඟින්ම වාඩි වෙලා. ටික දුරක් යද්දි කිව්වලූ  ෆෝන් එක  ඕෆ් වෙලා සිම් එකේ ගෙදර නම්බරේ තියනවා එන්න රෑ වෙනවා හොයන්න එන්න කියලා කියන්න ෆෝන් එන දෙන්න බැරිද කියලා. මේ කොල්ලා මනුස්සකමට එයාගේ සිම් එක ගලවගෙන එයාගේ හොඳ ෆෝන් එක දීලා කෙල්ලට සිම් එක දාගන්න. ටිකක් දුර යද්දි කෙල්ල ඔලූව රිදෙනවා කියලා මේ කොල්ලගේ කරෙන් ඔලූව තියාගෙන. කොල්ලට තේරුනාලූ  කෙල්ල එන පොට හොද නෑ කියලා. ඒත් බස් එකෙන් බහින කම් විතරයිනේ කියලා කෙල්ල එක්ක පෙම්වතුන් විදියට එක එක ඒවා කර කර ඇවිත්. කොළඹට ළං වෙද්දි කොල්ලට කෙල්ලගේ ඇඟට හේත්තු වෙලා නින්ද ගිහින්. බස්ටෑන්ඞ් එකේදි තමයි ඇහැරිලා තියෙන්නේ. කෙල්ල තෑන්ක්ස් කරලා යන්න ගිහිල්ලා. කොල්ල බස් එකෙන් බැහැලා බලද්දි පර්ස් එකයි ෆෝන් එකයි දෙකම නැහැලූ. කෙල්ල ඒ දෙකම අරගෙන පැනලා.  රුපියල් දෙසීයක් දුන්නා ගෙදරට යන්න.”

ඔවුන් පවසන්නේ විවිධ ඉඟිබිඟි පා තරුණයන්ගේ ජංගම දුරකතන සහ මුදල් පසුම්බි සොරා ගන්නා කාන්තාවන් පිරිසක් සිටින බවයි. ඉඳහිට කොළඹ පැමිණෙන වැඩි දෙනෙක් ඔවුනට රැවටෙන බව  ද කියති. ත‍්‍රිරෝද රථ රියදුරන්ටද රෑ කියා වෙසක් නැත. රාත‍්‍රියට ද බොහෝ ත‍්‍රිරෝද රියදුරන්ට අවශ්‍ය තරමට ගමන් වාර ලැබේ. දවල් කාලයේ වෙනත් රැකියාවක් කර රාත‍්‍රියට පමණක් ත‍්‍රිරෝද රථ ගාල් කරගෙන සිටිනා පිරිසක් ද කොටුවේ සිටිති. වීදි ගණිකාවන් සහ ඔවුන් සොයා යන පිරිමින් කාමරවලට ගෙන යෑමට සැදී පැහැදී සිටින ඇතැම් ත‍්‍රිරෝද රථ රියදුරෝ ද කොළඹ සිටිති.

”සමහරු ඉන්නවා කපල්ස් කාමරවලට ගෙනියන එකයි, ගනිකාවෝ ඉන්න තැන දැනගෙන ඒවගේ තැන්වලට කට්ටිය ගෙනියන එකයි කරන්නේ. අපි හයර් දෙක තුනක් දුවලා හොයන ගාන එයාල එහෙම කට්ටිය ගෙනිහින් එක හයර් එකෙන් හොයනවා.” යැයි පැවසුවේ ත‍්‍රිරෝද රියදුරෙකි. එමෙන්ම ත‍්‍රිරෝද රියේ නංවාගෙන අතුරු පාරකට ගොස් ඔවුනට අවශ්‍ය දේ කර ගැනීමට ඉඩ හැර රුපියල් පන් හයසියයක් ගන්නා පිරිස්ද සිටින බව කියති.

රාත‍්‍රියට කොළඹ එන තරුණයන් බිය ගන්වා මුදල් ඩැහැ ගන්නා පිරිස් ද නැතුවාම නොවේ. ගනිකාවන් සම්බන්ධ කරන බව පවසා රැුගෙන ගොස් ඔවුන් බිය ගන්වා මුදල් සහ ජංගම දුරකතන සොරා ගන්නා පිරිස්ද වෙති. කොළඹ ත‍්‍රිරෝද රථ රියදුරකු සිය අත්දැකීමක් විස්තර කරමින් පැවසුවේ ඇතැම් ගනිකාවන් පිරිමින්ගේ මුදල් පසුම්බි සොරා ගෙන පැන යන බවයි.

”දවසක් කෙල්ලෙක් දුවගෙන ඇවිත් ඉක්මනින් මේ පැත්තට යමු කියා පෙන්නුවා. මං කිව්වා වන් වේ නිසා ඒ පැත්තෙන් යන්න බෑ කියලා. එයා කිව්වා සල්ලි දෙන්නම්  ඕන පැත්තකින් ඉක්මනින් යමු කියලා. ඊට පස්සේ පිටිපස්සෙන් කොල්ලෙක් දුවගෙන එනවා දැක්කා. කෙල්ල මගේ ත‍්‍රීවීල් එකෙන් බැහැලා දිව්වා. අර කොල්ලා ඇවිත් ඇහුවා කෙල්ලෙක් මේ පැත්තට දිව්වද කියලා. මං කිව්වා දිව්ව කියලා. ඒත් කෙල්ලව හොයා ගන්න බැරි වුණා.

ඒ ළමයා හමුදාවේ කෙනෙක්. නිවාඩුවට ගමේ යන්න එන ගමන්. බස්ටෑන්ඞ් එකේදි කෙල්ල හම්බවෙලා එයා එක්ක රූම් එකකට ගිහින්. කොල්ලා නාන කාමරයට ගිහින් එන ටිකට පර්ස් එක අරගෙන පැනලා. පඩි සල්ලිත් ඒකේ තිබිලා තියෙන්නේ. ආරක්ෂක අංශයට සම්බන්ධ ගොඩක් අය මේ හොරුන්ට අහුවෙනවා. එයාලා ගොඩ කාලයක් වැඩ කරලා ගෙදර එද්දි කවුරු හරි කෙල්ලෙක් කතා බහ කළාම රැවටිලා යනවා. අන්තිමට අතේ තිබ්බ තුට්ටු දෙකත් නෑ.” ඔහු කීවේය.

රෑ විවෘත කර තිබූ පළතුරු කඩයකට ද අපි ගියෙමු. පළතුරු වර්ග රැුසක් එහි තිබිණි. ”අපි රෑ එළිවෙනකම්ම කඬේ ඇරලා. දුර යන අය පළතුරු ගන්නවා. දවල්ටත් ඇරලා. අපි එක දිගට ඉන්නේ නෑ. දවල්ට වෙන දෙන්නෙක් කඬේ ඉන්නවා. මේ දවස්වල බිස්නස් ටිකක් අඩුයි.  යැයි වෙළෙඳසල් හිමියා පැවසීය. පාරවල් අයිනේ නිදා සිටින දෙතුන් දෙනෙක් ද කොළඹ බස් නැවතුම අවට සහ අතුරු පාරවල් කිහිපයක සිටියහ. බොහෝ කඩවලට ලොරිවලින් ගෙන ආ බඩු බාමින් තිබුණු අතර තවත් කඩවලින් බඩු පටවමින් තිබිණි. නාට්ටාමිලා ද දිවා කාලයේ මෙන් වැඩය.

 

 
රෑ වෙළෙඳ පොළක්
 
   
 
රෑ පානේ ඇවිදිමින්...
 
   
 
මහ පාරේ නිදි
 
   
 
තැබෑරුමක් ඉදිරිපිට
 
   
 
මහ පාරේ නිදියන මිනිස්සු
 

 

 



අදහස් (0)

කොළඹට එන කොල්ලන් සුද්ද කරන රෑ සමනළියෝ

මදුරංග Thursday, 02 January 2014 02:06 PM

සැප වෙඩි වෙනකොට උන් හිටි තැන අමතක වෙනවා නේ. ඒකයි වෙලා තියෙන්නේ. හැමෝම හදන්නේ වල ගිය තැන ලිද ඉහ ගන්න නේ. (නදී)

:       0       0

හර්ෂන Thursday, 02 January 2014 02:10 PM

පොලිස් මහත්වරු මේ වගේ අපරාද වෙනකන් මොනාද කරන්නේ දොයිද? අපේ රටේ යුද්දය නතර කරා නම් ඇයි මේ දේවල් නවත්තන්න බැරි. මම රට පාලනය කරන ජනාදිපති තුමාගෙන් ඉල්ලන්නේ අපේ රට මේ වගේ අපරාද නවත්තලා ලස්සන රටක් අපේ මේ අනාගතය බාරගන්න ඉන්න අයට හදලා දෙන්න.(නදී)

:       0       0

යසිරු Thursday, 02 January 2014 02:13 PM

කොළඹ ගැන නොදැන අමාරුවේ වැටෙන්න කලින් ජනමාධ්‍ය මගින් මේ වගේ සමාජය දැනුම්වත් කරන එක හොඳයි.(නදී)

:       0       0

චරිත් හර්ෂන Friday, 03 January 2014 10:11 AM

අද රෑට යන්න ඕනේ පිටකොටු.(නදී)

:       0       0

මංජු Thursday, 02 January 2014 02:24 PM

සමනලුන්ට පුරුදු කරමු බත් හොදි කන්න.(නදී)

:       0       0

ප්‍රීතිකා Thursday, 02 January 2014 02:25 PM

අපි හැමෝම අවධානෙන් හිටියොත් මේ වගේ ගැට වලට අහු නොවී ඉන්න පුළුවන්. රටේ නීතියත් හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේවා වෙන්නේ නැහැ. ඒත් අපිටමයි අපිව ආරක්ෂා කරගන්න වෙන්නේ.(නදී)

:       0       0

දර්ශන Thursday, 02 January 2014 02:32 PM

මේ සිදුවීම ඇතුලේ තියෙන කතාව හරි ලස්සන කතාවක්. ඒක නිසා මේක දිහා උඩින් පල්ලෙන් බලන්න හොඳ නැහැ. මිනිස්සු ආගම දහමට යොමු නොවීම නිසා තමයි මෙතරම් වැරදි කරන්නේ? (නදී)

:       0       0

සරා Tuesday, 31 December 2013 07:51 AM

මා ඉගෙනගත්ත රටවල් වල ඕයිට වඩා දේවල් වෙනවා. ගැහැනුන් සම්බන්ද වී කරන හොරකම් මිනීමැරුම් වලට වඩා ප්‍රසිද්ද බටහිර රටවලුයි. ඉන්දියාවේ බොම්බේ නුවර සමහර පටු මාවත් වල දවල්ට යන්නත් බෑ. මේව නිකම් රස කතා.(නදී)

:       0       0

රසීක් මොහොමඩ් Friday, 03 January 2014 11:05 AM

මමත් රටවල් ගානක ගියා. ඒ වුනාට ලංකාවේ වගේ හොඳ රටක් තාම මම දැක්කේ නැහැ.(නදී)

:       0       0

කසුන් Thursday, 02 January 2014 03:59 PM

මේ වගේ අය අල්ලලා හොද දඩුවමක් දෙන්න ඕනා.(නදී)

:       0       0

සමින්ද Thursday, 02 January 2014 04:04 PM

මොනවා කළත් තවමත් මේක නැතිකරන්න බැරි වුණානේ. (ත)

:       0       0

මාලි දිසානායක Thursday, 02 January 2014 04:12 PM

මේවා නැති කරන්න පුලුවන් නිතිගේන්න ඕන. කොළඹ නගරයට මීට වඩා අරක්ෂාව දාන්න ඕනෑ. රෑට පාරවල් වල ඉන්න ගණිකාවො එක්ක මොන ගනුදෙනුද? (ත)

:       0       0

මලිදි Thursday, 02 January 2014 04:38 PM

මොන ගනු දෙනුද පාරේ ඉන්න ගෑනුත් එක්ක. මේවා හොද පාඩම් වෙන රටවල් වලත් මේ වගේ දේවල් වෙනවා. (නදී)

:       0       0

රන්දික Tuesday, 07 January 2014 04:27 PM

ඔය වගේ දේවල් අපි කොහොමහරි නවත්තන්න ඕනේ. (දී)

:       0       2

පුබුදූ Thursday, 02 January 2014 04:53 PM

මාර වැඩ තමා දැන් වෙන්නේ.(නදී)

:       0       0

ර්ෂික Tuesday, 07 January 2014 05:03 PM

නීතිය තදින්ම ක්‍රියාත්මක වීම වැදගත් .පොලිසිය මේවට උදව් නොකල යුතුයි (අ)

:       0       0

අජිත් Sunday, 29 December 2013 07:11 PM

මටත් එක දවසක් ඉස්සර ඔහොම වුනා මතකයි. නුවර ඉදන් කොලඹ එද්දී ආසයි බයයි තිබුනා. ඒත් මම ඒවාට අහුවුනේ නැහැ. හිත පාලනය කර ගැනීම තමයි ඉතාම වැදගත්.(නදී)

:       0       0

මාලී දිසානායක Thursday, 02 January 2014 05:12 PM

අනේ අපේ ලස්සන ලංකාව බේරලා දෙන්න කාටවත් බැරිද? (ත)

:       0       0

සුරේකා Thursday, 02 January 2014 05:27 PM

මේවා හොඳ පාඩම් හැමෝටම. (ත)

:       0       0

කසුන් Friday, 03 January 2014 01:48 PM

ඒ වෙලාවට මොලේ පාවිච්චි කරන්න ඕනා.(නදී)

:       0       0

කුමාරි Thursday, 02 January 2014 05:52 PM

කොහොමද නුවර කුමාරිහාමිගේ වැඩ? (ත)

:       2       0

ෂ්වේන් Friday, 03 January 2014 02:25 PM

මටත් දවසක් සෙට් උනා. (නදී)

:       0       0

රානි Friday, 03 January 2014 02:59 PM

මේවා දැනගෙන එකට අහුවෙන එකයි පුදුමේ (දී)

:       0       0

තිලක් - ඩුබායි Friday, 03 January 2014 03:00 PM

ලසන්ත ගේ අදහස හරියටම හරි.(දී)

:       0       0

හැසිරු Friday, 03 January 2014 03:02 PM

මේවාට අහුවෙන්න මොලේ නැති අයද? (දී)

:       0       0

රණසිංහ Saturday, 04 January 2014 08:36 AM

අපි හැමදේටම පොලිසියට බැනලා වැ‍ඩක් නෑ. අපිත් ඒ රාජකාරියම තමා කරන්නේ ඉතින් අපේ හමුදාවෙම කටිටිය මේ වගේ රැව‍ටෙනවා නම් සාමාන්‍ය මිනිස්සු ගැන මොකට කතාද. ඒක නෙවෙයි වෙන්න ඹිනේ. තමන් දැනගන්න ‍ඹිනේ පාරට බැස්සාම පරිස්සමි වෙන්න ඹින විදිහ. ඒක තමන්ට උරුම ඉවෙන් දැනෙන්න ඹිනා. ගෑනියෙක් දැක්ක ගමන් සීනි ගොඩට යන ඇඹලයෙක් ගානට වැටෙන එක හරි නැහැ. එහෙම ගිහින් අන්තිමට අහනවා පොලිසිය නිදිද කියලා. විශේෂන්ම අපේ හමුදාවල වැඩ කරන අය මේ ගැන මීට වැඩිය පරිස්සමෙන් වැඩකරන්න වෙනවා. අන්තිමට මාසයක් වැඩ කරලා ගන්න පඩියත් නැති වෙලා. ගෙදර ගෑනීටත් බොරු කියලා හතර අතේ ණය කාරයෙක් වෙන්න වෙන්නේ. ඇත්ත දැනගෙන පො‍ලවේ පය ගහාලා ජිවත්වෙන අයට මේ වගේ වැඩ‍ වෙන්නේ නෑ.(නදී)

:       0       0

හර්ෂ ගමගේ Thursday, 02 January 2014 10:32 PM

මේ ලිපිය දාලා තියෙන්නේ ලංකාව පහත් කරලා පෙන්නන්න නෙමේ. මේකෙන් දෙයක් ඉගෙන ගන්නයි සමාජය ගැන නොදන්නා කෙනෙකුට.(නදී)

:       0       0

තිලින සුපුන් Thursday, 02 January 2014 11:21 PM

මිනිස්සු හැමෝම එක වගේ නෙවෙයි. එක එක්කෙනාගේ සිතුම් පැතුම් අනික් එක්කෙනාට වඩා වෙනස්. කව්රු කොහොම කිව්වත් ලංකාව වගේ හොඳ රටක් මේ ලෝකේ නැහැ.(නදී)

:       0       0

කුමී Friday, 03 January 2014 05:03 PM

වැරදි කරන අයගේ උගුල් වලට නොවැටී සිටීමට තමාගේ බුද්දිය මෙහෙයවා කටයුතු කලානම් මෙහෙම නොවෙන්නට තිබුනා.(නදී)

:       0       0

ලසන්ත Monday, 30 December 2013 03:02 AM

පේනවනේ අපේ රටේ නගර වල වෙන ලස්සන වැඩ කිඩ. හැබැයි ඇමරිකාවටත් ගහන්ට කතාව.(නදී)

:       0       0

ලන්ජන් Monday, 30 December 2013 08:55 AM

මේ වගේ අය නිසා තමා සමාජයේ තරුණ පරපුර පිරිහෙන්නේ. (ස)

:       0       0

කුමේෂ් Thursday, 02 January 2014 11:42 AM

හොඳ වැඩේ ඔය වගේ අඳුරන්නේ නැති අය එක්ක ඉන්නවට.(නදී)

:       0       0

මනෝජ් දිසානායක Thursday, 02 January 2014 11:42 AM

සමාජයේ වෙන දේවල් බලලවත් තාමත් මිනිස්සුන්න්ට හැදෙන්න බැහැනේ. දැන් ගොඩක් අයට උදව් කරන්න යන්නත් බයයි. මොන කුණුගොඩක් කඩාගෙන වැටෙයිද දන්නේ නැහැනේ.(නදී)

:       0       0

නාවුකා Thursday, 02 January 2014 11:43 AM

ඇයි මෙහෙම අපරාද වෙන්න ඉඩ දෙන්නේ. ඇයි පොලීසියේ අය නිදිද? (නදී)

:       0       0

මනෝජ් දිසානායක Thursday, 02 January 2014 11:44 AM

පාරේ වැටිලා හිටියත් උදව් කරන්න යන්න බයයි.(නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 02 January 2014 11:54 AM

හැගීම් වලට වහල් වුනහම ඔහොම වෙනවා. හිත පාලනය කරගෙන පාඩුවේ හිටියානම් හරි.(නදී)

:       0       0

සුලෝචනා Thursday, 02 January 2014 11:57 AM

සමහර කට්ටිය නම් ඔය වගේ දේවල් ඉල්ලන් කන්නේ.(නදී)

:       1       0

කුමාරි Monday, 30 December 2013 10:12 AM

දෙව් ලොව දෙවියනේ ................ මගේ දෙව් සාමිනේ................. ලංකාවට මොකද මේ වුනේ.?........ (ස)

:       0       0

වාසනා Thursday, 02 January 2014 12:09 PM

කව්රු කව්රුත් මොලෙන් වැඩ කරනවා නම් කවදාවත් මේ වගේ ඒවා වෙන්නේ නැහැ. මේ කාලේ උදව් කරන්න ඕනා පළමුව තමන් ගැන හිතල මිසක් අනුන් ගැන හිතලා නෙමෙයි. වචනයක් දෙකක් කතා කරද්දී ඕනෙම කෙනෙක්ට තේරෙන්න ඕනා මේ වෙන්නේ මොකක්ද කියලා. කලින් වුන ඒවා උනේ 18න් පහල උදවියට නෙවෙයි නේද? (නදී)

:       0       0

චලක යසස් Thursday, 02 January 2014 12:16 PM

ආසියාවේ අශ්චර්ය...(නදී)

:       0       0

දමිත් Friday, 03 January 2014 08:16 AM

ලංකාවෙත් වෙනම පැත්තක් මේ කාන්තාවන්ට අයින් කරන්න වෙයි නේද? (නදී)

:       0       0

අඛිල ලක්ෂාන් පීරිස් Thursday, 02 January 2014 12:38 PM

මේ වගේ දේවල් හැමදාම වෙනවා ඒක ඉතින් නවත්ත්වන්න පුළුවන්. ඒත් අපේ රටේ ඉන්න ලොකු ලොක්කනුත් මේවට හවුල්නේ ඒක හින්දා කවුරු නවත්වන්න හැදුවත් ඒක වෙනවනේ. නමුත් ගරු ආරක්ෂක ලේඛම් ඝෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ගෙනියන වැඩ පිළිවෙල මගින් මේවා නතර කරගන්න පුළුවන් වේවා කියල අපි ප්‍රර්ථනා කරමු.(නදී)

:       0       0

සැමුවෙල් Monday, 30 December 2013 11:23 AM

හැමදේටම ඇමරිකාව ගාවගන්න හදනවා. ඕන රටක ඕවා වෙනවා . අපේ අසල්වැසි ඉන්දියාවේ පිලිපිනේ විශේෂයෙන්ම. ගිහින් බලන්න ඇමෙරිකාවේ චිකාගෝ, මැක්සිකෝ, අල්බාමා වගේ නගර වල රෑට කලිසමත් ගලවා ගනියි. හැම තිස්සෙම අපේ රට පහත් කරලා කතා කරන්න එපා.(නදී)

:       0       0

ෂෙහාන් Thursday, 02 January 2014 01:20 PM

ඕවට අහුවෙන මිනිස්සුත් නොදැන කරන වැඩ නෙමෙයිනේ. හැගීම් පාලනය කරගෙන වැඩ කළා නම් හරිනේ.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 05 January 2014 04:49 PM

ධනංජය. යහපත් අයගේ බෙල්ලට දැලි පිහිය තියල තමයි අදකාලේ කප්පන් ඉල්ලන්නේ. (ත)

:       1       0

චාතුර් Friday, 03 January 2014 09:10 AM

අපි මේවා ගෙන් පාඩම් ඉගෙන ගත යුතුයි.(නදී)

:       0       0

ධනංජය Friday, 03 January 2014 08:51 PM

හැමදේට ම ලංකාවේ දේශපාලනය ගාව ගන්නවා එක්කෝ සදාචාරෙට බනිනවා මේක පුද්ගල දුර්වලතාවයක් කියලා තේරෙන්නේ නැද්ද ?  මේ ටික අහිංසක තාත්තා කෙනෙකුට හරි යහපත් පුතෙකුට හරි වුණා කියලා අහන්න වෙන්නේ නැත්තේ යහපත් කමේ මහිමය හින්දා නේද? (නදී)

:       0       0

රූපා Monday, 30 December 2013 12:39 PM

වැදු මවත් උපන් බිමත් එක වගේ සලකන්න. පොඩි දෙයකට මේ උතුම් දෙදෙනාටම ගරහා කතා කරන යමෙක් වේද ඔහු හෝ ඇය වසලයෙකි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5124 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site