|
පිටකොටුව මධ්‍යම බස් පොළ |
දියවන්නා ව්‍යායාම මංතීරුව ඔස්සේ ඇවිද ගිය අප රෑ කොළඹ වටා යන ගමනේ ඊළඟට ගියේ පිටකොටුව ප‍්‍රදේශයටයි. දිවා කාලයේ මෙන් නොවුනත් රාත‍්‍රියට ද කොටුවේ විශාල පිරිසක් සිටිති. ඒ රැකියා නිමවී යන අය පමණක් නොව දුර බැහැර සිට ගම්බිම් බලා යන අයද කොළඹට එන බැවිනි. නත්තල් සමය නිසා වෙනදාට වඩා තරමක් රෑ කොළඹ කොටුව ප‍්‍රදේශය කාර්ය බහුලය. වැඩියෙන්ම කාර්ය බහුල වන්නේ කොටුව බස් නැවතුම් පොළයි. පිරිසක් නියමිත බසය එනතුරු බලා සිටිති. තවත් පිරිසක් බස්වලින් බැස වෙනත් බස් සොයා යති. ඒ අතරේ වෙළෙන්දෝ බස්වලට නගිමින් බසිමින් වෙළෙඳාම් කරති.
පොලිසියේ දෙතුන් දෙනෙක්ම ප‍්‍රධාන බස් නැවතුම්පොළේ වූහ.
”අපි මෙහේ නෙමේ. පුත්තලමේ. උත්සව දවස් නිසා අපිට විශේෂ රාජකාරි දාලා තියෙන්නේ. මේ පැත්ත ගැන අපි වැඩි විස්තරයක් දන්නේ නෑ.” යැයි පොලිස් කොස්තාපල්වරයෙක් පැවසීය.
බස් නැවතුම්පොළ අවට කඩ රැසක් රාත‍්‍රියේ ද විවෘතව ඇත. කොටුව බස් නැවතුම්පොළ ආශ‍්‍රිතව විවිධ අපචාර සිදුවන බව ද පිරිසක් කීහ. ”රෑ එක එක ඒවා වෙනවා ඉතින්. නිකන් නවත්වලා තියෙන බස් වලට කපල් එනවා. සමහරු කීයක් හරි අරගෙන එයාලට බස් එක ඇතුළේ ඕනේ දෙයක් කර ගන්න දෙනවා. කළුවර නිසා පෙන්නේත් නැහැ. අපි නම් එහෙම කරන්නේ නෑ.” යැයි පැවසුවේ බස් කොන්දොස්තරවරයෙකි. රෑ කොළඹ ගැන කතා කරද්දී මෙවැනි කතා රැසක් අසන්නට ලැබිණි. කොළඹ මහ නුවර බසයක කොන්දොස්තරවරයකු තවත් කතාවක් පැවසීය. ”නුවර ඉඳන් ජෝඩුවක් ආවා. කොල්ලට වැඩිය කෙල්ල වැඩිමල් වගේ. අපි වැරදියට මොනවත් හිතුවෙත් නෑ. මෙහෙට ඇවිදින් කොල්ලා විස්තරේ කිව්වාමයි කතාව දන්නේ. ඒ කෙල්ලට අවුරුදු 35ක් විතර ඇති. මහනුවර බස්ටෑන්ඞ් එකේ අපේ බස් ගහන තැන හිටියලූ. කොල්ලා දිගන පැත්තේ රස්සාවක් කරන කෙනෙක්. ගම අම්බලංගොඩ පැත්තේ. අවුරුදු 28ක් විතර ඇති.
අර හිටපු කෙල්ල මේ ළමයා ගාවට ඇවිත් ඇහුවලූ කොළඹ යන්න නගින්නෙ මෙතනට එන බස් එකටද කියලා. මෙයා මනුස්සකමට ඔව් කිව්වලූ. ඊට පස්සේ කෙල්ල ඇහුවලූ කොළඹට යද්දි කීය විතර වෙනවද කියලා. මෙයා කියලා එකොළහ විතර වෙයි කියලා. දෙන්න කතාවට වැටිලා. කෙල්ල කිව්වලූ නුගේගොඩ ඉන්නේ, නෑදෑ කෙනෙක් අසනීප වෙලා එයා බලන්න ආවේ කියලා. ඊට පස්සේ බස් එක ආවම බස් එකට නැගලා මෙයා ළඟින්ම වාඩි වෙලා. ටික දුරක් යද්දි කිව්වලූ ෆෝන් එක ඕෆ් වෙලා සිම් එකේ ගෙදර නම්බරේ තියනවා එන්න රෑ වෙනවා හොයන්න එන්න කියලා කියන්න ෆෝන් එන දෙන්න බැරිද කියලා. මේ කොල්ලා මනුස්සකමට එයාගේ සිම් එක ගලවගෙන එයාගේ හොඳ ෆෝන් එක දීලා කෙල්ලට සිම් එක දාගන්න. ටිකක් දුර යද්දි කෙල්ල ඔලූව රිදෙනවා කියලා මේ කොල්ලගේ කරෙන් ඔලූව තියාගෙන. කොල්ලට තේරුනාලූ කෙල්ල එන පොට හොද නෑ කියලා. ඒත් බස් එකෙන් බහින කම් විතරයිනේ කියලා කෙල්ල එක්ක පෙම්වතුන් විදියට එක එක ඒවා කර කර ඇවිත්. කොළඹට ළං වෙද්දි කොල්ලට කෙල්ලගේ ඇඟට හේත්තු වෙලා නින්ද ගිහින්. බස්ටෑන්ඞ් එකේදි තමයි ඇහැරිලා තියෙන්නේ. කෙල්ල තෑන්ක්ස් කරලා යන්න ගිහිල්ලා. කොල්ල බස් එකෙන් බැහැලා බලද්දි පර්ස් එකයි ෆෝන් එකයි දෙකම නැහැලූ. කෙල්ල ඒ දෙකම අරගෙන පැනලා. රුපියල් දෙසීයක් දුන්නා ගෙදරට යන්න.”
ඔවුන් පවසන්නේ විවිධ ඉඟිබිඟි පා තරුණයන්ගේ ජංගම දුරකතන සහ මුදල් පසුම්බි සොරා ගන්නා කාන්තාවන් පිරිසක් සිටින බවයි. ඉඳහිට කොළඹ පැමිණෙන වැඩි දෙනෙක් ඔවුනට රැවටෙන බව ද කියති. ත‍්‍රිරෝද රථ රියදුරන්ටද රෑ කියා වෙසක් නැත. රාත‍්‍රියට ද බොහෝ ත‍්‍රිරෝද රියදුරන්ට අවශ්‍ය තරමට ගමන් වාර ලැබේ. දවල් කාලයේ වෙනත් රැකියාවක් කර රාත‍්‍රියට පමණක් ත‍්‍රිරෝද රථ ගාල් කරගෙන සිටිනා පිරිසක් ද කොටුවේ සිටිති. වීදි ගණිකාවන් සහ ඔවුන් සොයා යන පිරිමින් කාමරවලට ගෙන යෑමට සැදී පැහැදී සිටින ඇතැම් ත‍්‍රිරෝද රථ රියදුරෝ ද කොළඹ සිටිති.
”සමහරු ඉන්නවා කපල්ස් කාමරවලට ගෙනියන එකයි, ගනිකාවෝ ඉන්න තැන දැනගෙන ඒවගේ තැන්වලට කට්ටිය ගෙනියන එකයි කරන්නේ. අපි හයර් දෙක තුනක් දුවලා හොයන ගාන එයාල එහෙම කට්ටිය ගෙනිහින් එක හයර් එකෙන් හොයනවා.” යැයි පැවසුවේ ත‍්‍රිරෝද රියදුරෙකි. එමෙන්ම ත‍්‍රිරෝද රියේ නංවාගෙන අතුරු පාරකට ගොස් ඔවුනට අවශ්‍ය දේ කර ගැනීමට ඉඩ හැර රුපියල් පන් හයසියයක් ගන්නා පිරිස්ද සිටින බව කියති.
රාත‍්‍රියට කොළඹ එන තරුණයන් බිය ගන්වා මුදල් ඩැහැ ගන්නා පිරිස් ද නැතුවාම නොවේ. ගනිකාවන් සම්බන්ධ කරන බව පවසා රැුගෙන ගොස් ඔවුන් බිය ගන්වා මුදල් සහ ජංගම දුරකතන සොරා ගන්නා පිරිස්ද වෙති. කොළඹ ත‍්‍රිරෝද රථ රියදුරකු සිය අත්දැකීමක් විස්තර කරමින් පැවසුවේ ඇතැම් ගනිකාවන් පිරිමින්ගේ මුදල් පසුම්බි සොරා ගෙන පැන යන බවයි.
”දවසක් කෙල්ලෙක් දුවගෙන ඇවිත් ඉක්මනින් මේ පැත්තට යමු කියා පෙන්නුවා. මං කිව්වා වන් වේ නිසා ඒ පැත්තෙන් යන්න බෑ කියලා. එයා කිව්වා සල්ලි දෙන්නම් ඕන පැත්තකින් ඉක්මනින් යමු කියලා. ඊට පස්සේ පිටිපස්සෙන් කොල්ලෙක් දුවගෙන එනවා දැක්කා. කෙල්ල මගේ ත‍්‍රීවීල් එකෙන් බැහැලා දිව්වා. අර කොල්ලා ඇවිත් ඇහුවා කෙල්ලෙක් මේ පැත්තට දිව්වද කියලා. මං කිව්වා දිව්ව කියලා. ඒත් කෙල්ලව හොයා ගන්න බැරි වුණා.
ඒ ළමයා හමුදාවේ කෙනෙක්. නිවාඩුවට ගමේ යන්න එන ගමන්. බස්ටෑන්ඞ් එකේදි කෙල්ල හම්බවෙලා එයා එක්ක රූම් එකකට ගිහින්. කොල්ලා නාන කාමරයට ගිහින් එන ටිකට පර්ස් එක අරගෙන පැනලා. පඩි සල්ලිත් ඒකේ තිබිලා තියෙන්නේ. ආරක්ෂක අංශයට සම්බන්ධ ගොඩක් අය මේ හොරුන්ට අහුවෙනවා. එයාලා ගොඩ කාලයක් වැඩ කරලා ගෙදර එද්දි කවුරු හරි කෙල්ලෙක් කතා බහ කළාම රැවටිලා යනවා. අන්තිමට අතේ තිබ්බ තුට්ටු දෙකත් නෑ.” ඔහු කීවේය.
රෑ විවෘත කර තිබූ පළතුරු කඩයකට ද අපි ගියෙමු. පළතුරු වර්ග රැුසක් එහි තිබිණි. ”අපි රෑ එළිවෙනකම්ම කඬේ ඇරලා. දුර යන අය පළතුරු ගන්නවා. දවල්ටත් ඇරලා. අපි එක දිගට ඉන්නේ නෑ. දවල්ට වෙන දෙන්නෙක් කඬේ ඉන්නවා. මේ දවස්වල බිස්නස් ටිකක් අඩුයි. යැයි වෙළෙඳසල් හිමියා පැවසීය. පාරවල් අයිනේ නිදා සිටින දෙතුන් දෙනෙක් ද කොළඹ බස් නැවතුම අවට සහ අතුරු පාරවල් කිහිපයක සිටියහ. බොහෝ කඩවලට ලොරිවලින් ගෙන ආ බඩු බාමින් තිබුණු අතර තවත් කඩවලින් බඩු පටවමින් තිබිණි. නාට්ටාමිලා ද දිවා කාලයේ මෙන් වැඩය.
|
|
රෑ වෙළෙඳ පොළක් |
|
|
|
රෑ පානේ ඇවිදිමින්... |
|
|
|
මහ පාරේ නිදි |
|
|
|
තැබෑරුමක් ඉදිරිපිට |
|
|
|
මහ පාරේ නිදියන මිනිස්සු |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් රටවල් ගානක ගියා. ඒ වුනාට ලංකාවේ වගේ හොඳ රටක් තාම මම දැක්කේ නැහැ.(නදී)
මේවා නැති කරන්න පුලුවන් නිතිගේන්න ඕන. කොළඹ නගරයට මීට වඩා අරක්ෂාව දාන්න ඕනෑ. රෑට පාරවල් වල ඉන්න ගණිකාවො එක්ක මොන ගනුදෙනුද? (ත)
මොන ගනු දෙනුද පාරේ ඉන්න ගෑනුත් එක්ක. මේවා හොද පාඩම් වෙන රටවල් වලත් මේ වගේ දේවල් වෙනවා. (නදී)
මාර වැඩ තමා දැන් වෙන්නේ.(නදී)
අනේ අපේ ලස්සන ලංකාව බේරලා දෙන්න කාටවත් බැරිද? (ත)
මේවා හොඳ පාඩම් හැමෝටම. (ත)
කොහොමද නුවර කුමාරිහාමිගේ වැඩ? (ත)
මේ ලිපිය දාලා තියෙන්නේ ලංකාව පහත් කරලා පෙන්නන්න නෙමේ. මේකෙන් දෙයක් ඉගෙන ගන්නයි සමාජය ගැන නොදන්නා කෙනෙකුට.(නදී)
මිනිස්සු හැමෝම එක වගේ නෙවෙයි. එක එක්කෙනාගේ සිතුම් පැතුම් අනික් එක්කෙනාට වඩා වෙනස්. කව්රු කොහොම කිව්වත් ලංකාව වගේ හොඳ රටක් මේ ලෝකේ නැහැ.(නදී)
ලංකාවෙත් වෙනම පැත්තක් මේ කාන්තාවන්ට අයින් කරන්න වෙයි නේද? (නදී)
අපි මේවා ගෙන් පාඩම් ඉගෙන ගත යුතුයි.(නදී)
අද රෑට යන්න ඕනේ පිටකොටු.(නදී)
මොනවා කළත් තවමත් මේක නැතිකරන්න බැරි වුණානේ. (ත)
ඒ වෙලාවට මොලේ පාවිච්චි කරන්න ඕනා.(නදී)
මටත් දවසක් සෙට් උනා. (නදී)
මේවා දැනගෙන එකට අහුවෙන එකයි පුදුමේ (දී)
ලසන්ත ගේ අදහස හරියටම හරි.(දී)
මේවාට අහුවෙන්න මොලේ නැති අයද? (දී)
වැරදි කරන අයගේ උගුල් වලට නොවැටී සිටීමට තමාගේ බුද්දිය මෙහෙයවා කටයුතු කලානම් මෙහෙම නොවෙන්නට තිබුනා.(නදී)
හැමදේට ම ලංකාවේ දේශපාලනය ගාව ගන්නවා එක්කෝ සදාචාරෙට බනිනවා මේක පුද්ගල දුර්වලතාවයක් කියලා තේරෙන්නේ නැද්ද ? මේ ටික අහිංසක තාත්තා කෙනෙකුට හරි යහපත් පුතෙකුට හරි වුණා කියලා අහන්න වෙන්නේ නැත්තේ යහපත් කමේ මහිමය හින්දා නේද? (නදී)
අපි හැමදේටම පොලිසියට බැනලා වැඩක් නෑ. අපිත් ඒ රාජකාරියම තමා කරන්නේ ඉතින් අපේ හමුදාවෙම කටිටිය මේ වගේ රැවටෙනවා නම් සාමාන්‍ය මිනිස්සු ගැන මොකට කතාද. ඒක නෙවෙයි වෙන්න ඹිනේ. තමන් දැනගන්න ඹිනේ පාරට බැස්සාම පරිස්සමි වෙන්න ඹින විදිහ. ඒක තමන්ට උරුම ඉවෙන් දැනෙන්න ඹිනා. ගෑනියෙක් දැක්ක ගමන් සීනි ගොඩට යන ඇඹලයෙක් ගානට වැටෙන එක හරි නැහැ. එහෙම ගිහින් අන්තිමට අහනවා පොලිසිය නිදිද කියලා. විශේෂන්ම අපේ හමුදාවල වැඩ කරන අය මේ ගැන මීට වැඩිය පරිස්සමෙන් වැඩකරන්න වෙනවා. අන්තිමට මාසයක් වැඩ කරලා ගන්න පඩියත් නැති වෙලා. ගෙදර ගෑනීටත් බොරු කියලා හතර අතේ ණය කාරයෙක් වෙන්න වෙන්නේ. ඇත්ත දැනගෙන පොලවේ පය ගහාලා ජිවත්වෙන අයට මේ වගේ වැඩ වෙන්නේ නෑ.(නදී)
ධනංජය. යහපත් අයගේ බෙල්ලට දැලි පිහිය තියල තමයි අදකාලේ කප්පන් ඉල්ලන්නේ. (ත)
ඔය වගේ දේවල් අපි කොහොමහරි නවත්තන්න ඕනේ. (දී)
නීතිය තදින්ම ක්‍රියාත්මක වීම වැදගත් .පොලිසිය මේවට උදව් නොකල යුතුයි (අ)
සමහර කට්ටිය නම් ඔය වගේ දේවල් ඉල්ලන් කන්නේ.(නදී)
පේනවනේ අපේ රටේ නගර වල වෙන ලස්සන වැඩ කිඩ. හැබැයි ඇමරිකාවටත් ගහන්ට කතාව.(නදී)
මේ වගේ අය නිසා තමා සමාජයේ තරුණ පරපුර පිරිහෙන්නේ. (ස)
දෙව් ලොව දෙවියනේ ................ මගේ දෙව් සාමිනේ................. ලංකාවට මොකද මේ වුනේ.?........ (ස)
හැමදේටම ඇමරිකාව ගාවගන්න හදනවා. ඕන රටක ඕවා වෙනවා . අපේ අසල්වැසි ඉන්දියාවේ පිලිපිනේ විශේෂයෙන්ම. ගිහින් බලන්න ඇමෙරිකාවේ චිකාගෝ, මැක්සිකෝ, අල්බාමා වගේ නගර වල රෑට කලිසමත් ගලවා ගනියි. හැම තිස්සෙම අපේ රට පහත් කරලා කතා කරන්න එපා.(නදී)
වැදු මවත් උපන් බිමත් එක වගේ සලකන්න. පොඩි දෙයකට මේ උතුම් දෙදෙනාටම ගරහා කතා කරන යමෙක් වේද ඔහු හෝ ඇය වසලයෙකි. (නදී)
මා ඉගෙනගත්ත රටවල් වල ඕයිට වඩා දේවල් වෙනවා. ගැහැනුන් සම්බන්ද වී කරන හොරකම් මිනීමැරුම් වලට වඩා ප්‍රසිද්ද බටහිර රටවලුයි. ඉන්දියාවේ බොම්බේ නුවර සමහර පටු මාවත් වල දවල්ට යන්නත් බෑ. මේව නිකම් රස කතා.(නදී)
හොඳ වැඩේ ඔය වගේ අඳුරන්නේ නැති අය එක්ක ඉන්නවට.(නදී)
සමාජයේ වෙන දේවල් බලලවත් තාමත් මිනිස්සුන්න්ට හැදෙන්න බැහැනේ. දැන් ගොඩක් අයට උදව් කරන්න යන්නත් බයයි. මොන කුණුගොඩක් කඩාගෙන වැටෙයිද දන්නේ නැහැනේ.(නදී)
ඇයි මෙහෙම අපරාද වෙන්න ඉඩ දෙන්නේ. ඇයි පොලීසියේ අය නිදිද? (නදී)
පාරේ වැටිලා හිටියත් උදව් කරන්න යන්න බයයි.(නදී)
හැගීම් වලට වහල් වුනහම ඔහොම වෙනවා. හිත පාලනය කරගෙන පාඩුවේ හිටියානම් හරි.(නදී)
මටත් එක දවසක් ඉස්සර ඔහොම වුනා මතකයි. නුවර ඉදන් කොලඹ එද්දී ආසයි බයයි තිබුනා. ඒත් මම ඒවාට අහුවුනේ නැහැ. හිත පාලනය කර ගැනීම තමයි ඉතාම වැදගත්.(නදී)
කව්රු කව්රුත් මොලෙන් වැඩ කරනවා නම් කවදාවත් මේ වගේ ඒවා වෙන්නේ නැහැ. මේ කාලේ උදව් කරන්න ඕනා පළමුව තමන් ගැන හිතල මිසක් අනුන් ගැන හිතලා නෙමෙයි. වචනයක් දෙකක් කතා කරද්දී ඕනෙම කෙනෙක්ට තේරෙන්න ඕනා මේ වෙන්නේ මොකක්ද කියලා. කලින් වුන ඒවා උනේ 18න් පහල උදවියට නෙවෙයි නේද? (නදී)
ආසියාවේ අශ්චර්ය...(නදී)
මේ වගේ දේවල් හැමදාම වෙනවා ඒක ඉතින් නවත්ත්වන්න පුළුවන්. ඒත් අපේ රටේ ඉන්න ලොකු ලොක්කනුත් මේවට හවුල්නේ ඒක හින්දා කවුරු නවත්වන්න හැදුවත් ඒක වෙනවනේ. නමුත් ගරු ආරක්ෂක ලේඛම් ඝෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ගෙනියන වැඩ පිළිවෙල මගින් මේවා නතර කරගන්න පුළුවන් වේවා කියල අපි ප්‍රර්ථනා කරමු.(නදී)
ඕවට අහුවෙන මිනිස්සුත් නොදැන කරන වැඩ නෙමෙයිනේ. හැගීම් පාලනය කරගෙන වැඩ කළා නම් හරිනේ.(නදී)
සැප වෙඩි වෙනකොට උන් හිටි තැන අමතක වෙනවා නේ. ඒකයි වෙලා තියෙන්නේ. හැමෝම හදන්නේ වල ගිය තැන ලිද ඉහ ගන්න නේ. (නදී)
පොලිස් මහත්වරු මේ වගේ අපරාද වෙනකන් මොනාද කරන්නේ දොයිද? අපේ රටේ යුද්දය නතර කරා නම් ඇයි මේ දේවල් නවත්තන්න බැරි. මම රට පාලනය කරන ජනාදිපති තුමාගෙන් ඉල්ලන්නේ අපේ රට මේ වගේ අපරාද නවත්තලා ලස්සන රටක් අපේ මේ අනාගතය බාරගන්න ඉන්න අයට හදලා දෙන්න.(නදී)
කොළඹ ගැන නොදැන අමාරුවේ වැටෙන්න කලින් ජනමාධ්‍ය මගින් මේ වගේ සමාජය දැනුම්වත් කරන එක හොඳයි.(නදී)
සමනලුන්ට පුරුදු කරමු බත් හොදි කන්න.(නදී)
අපි හැමෝම අවධානෙන් හිටියොත් මේ වගේ ගැට වලට අහු නොවී ඉන්න පුළුවන්. රටේ නීතියත් හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේවා වෙන්නේ නැහැ. ඒත් අපිටමයි අපිව ආරක්ෂා කරගන්න වෙන්නේ.(නදී)
මේ සිදුවීම ඇතුලේ තියෙන කතාව හරි ලස්සන කතාවක්. ඒක නිසා මේක දිහා උඩින් පල්ලෙන් බලන්න හොඳ නැහැ. මිනිස්සු ආගම දහමට යොමු නොවීම නිසා තමයි මෙතරම් වැරදි කරන්නේ? (නදී)
මේ වගේ අය අල්ලලා හොද දඩුවමක් දෙන්න ඕනා.(නදී)