IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ගණින්නාන්සේලා රැකගත් බෝගන්දෙන විහාරය

 

වෑඑළිය වැව

 

කුඩා කතරගම සොරගුණේ දෙවොල් බිම ආශි‍්‍රතව සිදුවූ නාහිමි ඝාතනය පිළිබඳ දුක්බර මතකය සිහිපත්කළ සොරගුණේ රජ මහා විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති සොරගුණේ පඥානන්ද හිමියන්ගෙන් සහ හල්දුම්මුල්ල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී සොරගුණේ  පඥාවාස හිමියන් නමැද සමුගත් අපි මෙම විහාරස්ථානයට පෙර පැවැති ප‍්‍රදේශයේ ප‍්‍රධානතම බෞද්ධ ආගමික මූලස්ථානය සොයා ගමන ආරම්භ කළෙමු.

බෝගන්දෙන විහාරය 16, 17, 18 යන සියවස්වල ඉතිහාස දත්ත විහිද යන්නකි. මෙයද යාපා රජතුමා සොරගුණේ පුංචි කතරගම දෙවොල ඉදිකළ කාලයටම අයත් බව කියති.

ගුණසේකර

දෙවොල කරවූ රජු එහි පිරිත් නිලය සඳහා මාගන්දන විහාරයේ ගණින්නාසේලාට පැවරූ බව බෝගන්දන සන්නස හා සොරගුණේ ගම්පත සාක්කි දෙන්නේය.
ගණින්නාන්සේලා මේ පින්බිම ආරක්‍ෂාකරගෙන දියුණු කළ බව ද සඳහන් වේ.

අද කාපට් යොදා සංවර්ධනය කර ඇති එදා රජ මාවතේ ගමන් කරමින් සිටිය දී ගණින්නාන්සේලා යනු කවරෙක්දැයි මෙනෙහි කළෙමි. ගණින්නාන්සේලා යනුවෙන් හැඳින්වූයේ එකල්හි වෙහෙර විහාරස්ථාන භාරකාරත්වය දරන ලද උපසම්පදා නොවූ සාමණේර පිරිසකට බව කියති.

තම පියාණන් මරා රජකම ලබාගත් 1 වැනි රාජසිංහ රජතුමා ඒ පව නිවාරණය කරන්නට මගක් නැති බව බුදු දහමේ සඳහන්ව ඇති බව අසා කෝපයට පත්ව බුදුසසුන වැනසූ කාලයක් ගැන අසන්නට ලැබේ. එකල රජුගේ අණින් වෙහෙර විහාර, බණ පොත් ගිනිබත් කළ අතර බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාද ඝාතනය කෙරිණ.

මේ නිසා බොහෝ භික්‍ෂුන් වහන්සේලා සිවුරු හැරදමා ගිහියන් මෙන් ගත කළ බවත් කියති. කෙසේ නමුත් මොවුන් ඇතමෙක් අඳනය උඩින් ගිහි ඇඳුමක් ඇඳගෙන සිටි බවත් ආගමික වතාවත් වලදී ගිහි ඇඳුම ඉවත් කර එය අවසන්ව නැවත පොරවා ගත් බවටත් තොරතුරු ඇතැයි ඌව බින්තැන්න දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත නාපටවෙල ධම්මානන්ද  හිමියෝ පැවසූ අයුරුද මට සිහිවිය.

කෙසේ වෙතත් ගණින්නාන්සේලා දිවි පරදුවට තබා ශාසනික මෙහෙයක් සිදුකළ පිරිසක් බව නම් පැහැදිලිය.

කිලෝ මීටර් 5 ක පමණ දුර ගමන් කළ පසු අප ළඟා වූයේ වෑඑළිය ගම්මානයටය. මෙහි ඇති වැව නිසා ගම එළිය වූ බැවින් මෙම ගමට වෑඑලිය නම ලැබී ඇති බවට ජනප‍්‍රවාදයකි.

එහෙත් තවත් ජනප‍්‍රවාදයකින් කියවෙන්නේ මෙම වැව පතුලේ රන් වෑයක් සඟවා ඇති නිසා වෑඑළිය නම ලැබී ඇති බවය.

දිගු ඉතිහාසයක් ඇති මෙම වැව පිළිබඳව ඉපැරැණි මැදගම සන්නසෙහි ද සඳහන්ව තිබේ.

එහි සඳහන්ව ඇත්තේ යාපා රජ දවසටත් පෙර සිටම මෙම වැව පැවති බවයි. යාපා මහ රජුගේ තාවකාලික ගමන් මාලිගාවක් මෙම වැව අසළ තිබූ බවත් රජතුමා විසින් වැව පිළිසකර කරනු ලැබූ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

කලක් මැණික් ගරන්නන් විසින් විනාශ කරනු ලැබීම නිසා වැව ආශ‍්‍රිත බිම පතහක් වී ඇති අතර දුරාතීතයේ අක්කර 36 ක් පමණ වූ මේ වැව අද අක්කරයකට පමණක් සීමා වූ වැවක් බවට පත්ව ඇත.

මෙම වැව මැණික් ගැරීම සඳහා රුපියල් කෝටි ගණනකට ව්‍යාපාරිකයන්ට පැවරීමට සූදානම්ව සිටියදී ගම්වැසියන් හා ගොවි සංවිධාන පාරට බැස දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළ හැටි මට ද මතකය. එදා එය අපි මාධ්‍යයට වාර්තා කළෙමු.

 

වල්අලි වැනසූ නිවසක්

 

මහජන විරෝධය නිසාම තම අදහස ඉවත් කර ඉතිරි වූ වැව කොටස හෝ සංවර්ධන කර දීමට බලධාරින්ට සිදුවිය.

කෙසේ නමුත් වැව කුඩා වීම නිසා වෑඑළිය ගම්මානයේ රජ දවස සිට පැවත එන වෙල්යායේ වැඩ කරන්නේ එක් කන්නයකට පමණක් බව දැනගන්නට ලැබිණ.

මේ අතර මෙහි ඉඩම්වල අයිතිය ඇතැයි පවසමින් යළිත් වරක් වැව් තාවල්ල ආසන්නටයම අත්පත් කර ගැනීමට යන පිරිසක් පිළිබඳව ගොවි සංවිධාන හා ගම්වැසියෝ අනතුරු හඟවති.

මෙම වැව ආසන්නයේ තිබූ බව කියන යාපා රජුගේ ගමන් මාලිගය සොයා අප වෙහෙසුනද එම මාලිගාවේ පාදමේ ගල්ද ගලවාගෙන ගොස් ඇති අයුරු දක්නට ලැබිණ.

නිධන් හොරු මෙහි තැන් තැන් කැණීම් කර තිබෙන අයුරු ඛේදජනකය.

රන් ආයුධ ගල්ගේ නම් වූ ගල් ගුහාවක් මේ ආසන්නයේ තිබූ බවත් සොරගුණේ දේවාලයට සතුරු ප‍්‍රහාර එල්ල වන විට එහි තිබූ රන් ආභරණ හෙවත් රන් ආයුධ මෙහි තැන්පත් කර තිබූ බවත් සතුරු සේනා ගිය පසු යළි දේවොලට රැගෙන ගිය බවත් කියති. එනිසා මෙය රන් ආයුධ ගල්ගේ නම ලබා ඇත.

මේ ප‍්‍රදේශයේ යාපා රජතුමාගේ පලතුරු උයනක් තිබූ බවටද ඉතිහාසයේ සඳහනක් ඇතත් පලතුරු උයන පමණක් නොව ප‍්‍රදේශයේ අක්කර දහස් ගණනක වන පෙතද විනාශ කර තිබේ.

ස්වභාවික වනයෙන් පිරුනු දෙවොලේ ඉඩම් අක්කර දහස් ගණනක් පිට පළාත්වල ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයන් හා දේශපාලඥයන් අත්පත් කරගෙන සිටින බව දැනගන්නට ලැබුණි.

 

ඓතිහාසික බෝධීන් වහන්සේ

 

අක්කර සියය, දෙසීය වශයෙන් කම්බි ගසා වෙන්කරගෙන ඇති මෙම ඉඩම් ලබාගෙන ඇත්තේ රබර් වැවීමට යැයි හඟවමිනි.

එහෙත් සිදුවී ඇත්තේ බුරුත, කරුවල, මහෝගනී, මැදිරිය, ගම්මාලූ වැනි රූස්ස ගස් ඇති ස්වභාවික වනය මුළුමනින්ම කපා බිම හෙළා රැගෙන යාමය. තවදුරටත් යන්ත‍්‍ර සූත‍්‍ර යොදා මේ විනාශය සිදුකරන අතර වගකිවයුතු අය දෑස වසාගෙන ඇතැයි ගම්වැසියෝ කියති.

ගස් කැපීම, වන සතුන් දඩයම පමණක් නොව තවත් නීති විරෝධී කටයුතු සිදුකරන බවත් කොළඹ මෙන්ම යාපනේ අනන්‍යතාව ඇති අයද සංක‍්‍රමණය වී ඇති බවත් දැනගන්න ලැබිණ.

ඒ පරිසර විනාශය අපටද දැකගත හැකි විය.

අපි වෑඑළිය හන්දියට පැමිණි පසු වෑඑළිය වල්මීතලාවේ ඇති පුරාවිද්‍යා ගවේෂණ කැනීමකට යමින් සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප‍්‍රමුඛ කණ්ඩායම හමුවිය.

මේ ප‍්‍රදේශයේ වසර 5500 ක පමණ වූ ඉතිහාසයක් මතුකරන සාධක කැණීම් වලදී හමුවූ බව පැවසූ රාජ් සෝමදේව මහතා මේ ඉතිහාසය මතුකරගෙන ආරක්‍ෂා කිරීම අනිවාර්යයෙන්ම කළයුතු කාර්යයක් බව කීවේය.

අප සොයා යන්නේ බෝගන්දෙන විහාරය බව පැවසූ විට මහාචාර්යවරයා එම ඉතිහාසයේ තවත් හෝඩුවාවක් අපට දුන්නේ මෙසේය.

‘‘අප දැනට කැණීම සිදුකරන වල්මීතලාවට යාව තිබෙන බෝගන්දෙන ප‍්‍රදේශයේ තිබී කි‍්‍ර.ව. 9 වැනි ශතවර්ෂයේ රචනා කරන ලද සෙල්ලිපියක කොටසක් අප ඊයේ දැක්කා. මං හිතනවා ඒක 4 වැනි උදය රජු විසින් කරවන ලද ලිපියක් කියල.

එතුමා මේ ප‍්‍රදේශයේ රාජකාරි චාරිකාවකදී බෝගන්දෙන විහාරයට දීමනාවක් දෙන්න ඇති. ලංකාවේ ඓතිහාසික වර්ධනය අධ්‍යයනය කිරීමේ මේ සාධක ඉතා වැදගත්. ඒ සඳහා ක‍්‍රමවත් පර්යේෂණ වැඩ පිළිවෙළක් අවශ්‍ය යැයිද මහාචාර්යවරයා කීවේය.

සබරගමුව පහළ ඌව මාර්ගයේ කොස්ගම හා වෑඑළිය අතර පිහිටි බෝපිටිය ගමට කිලෝ මීටර් 7 ක් අප යායුතුය.

ඒ සඳහා මාර්ගෝපදේශකයා වූයේ ඊ.එම්. ගුණසේකර (65) මහතාය. අතීතයේ වූ කැලෑ මාර්ගය වෙනුවට වේලිඔය ආශ‍්‍රිතව ඉදිකළ පෞද්ගලික විදුලි බලාගාරයක් වෙත යන්ත‍්‍ර සූත‍්‍ර හා ඉදිකිරීම් ද්‍රව්‍ය රැගෙන යාම සඳහා කැලෑව දෙපළුකර කපන ලද මාර්ගයේ ටික දුරක් අපහසුවෙන් තොරව ගමන් කළහැකිය.

ඉන්පසු බරවාහන වල  ටයර් තීරු ප‍්‍රමාණයක් පමණක් සිමෙන්ති දමා තිබුණත් මේ හේතුව නිසා තී‍්‍රවිලරයක් වත් ගමන්කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත.

ගමේ කීප දෙනෙකුට ත‍්‍රීවිලර් තිබුණත් ඒවා වෑඑළියේ නතර කර පයින් ගමට යාමට සිදුව තිබෙන බව ගුණසේකර කීවේය.

මේ දුක්ගැහැට විඳිමින් ඉදිරියට යන විටද අපට දක්නට ලැබුණේ මහා පරිමාණ පරිසර විනාශයකි.

බෝපිටිය ගම්මානය රජ දවස සිට පැවැත එන පාරම්පරික ගම්මානයක් වන නමුදු මාර්ග අපහසුතාව හා වල් අලි කරදරය නිසා අද පවුල් 11 ක් පමණක් මෙහි ජීවත් වෙති. සෙසු පවුල් ගම හැර ගොස් ඇති බව ගුණසේකර මහතා කීවේය. තවලම පිට තම කෘෂි අස්වැන්න වෑඑළියට රැගෙන ගිය සෙනෙවිරත්න හැර වෙනත් කිසිදු ගැමියෙක් මේ මාර්ගයේදී හමු නොවීය.

 

වල් වැදුණු රජමාවත

 

අඩි සිය ගණනක් වූ වෑයමක වෙහසකර ගමනකින් පසු අප බෝපිටිය ගම්මානයට පිවිසුනෙමු. ගම්මානය මැද පිහිටි බෝගන්දෙන විහාරයේ අද ඉතිරිව ඇත්තේ ගරා වැටුණු චෛත්‍යයේ කොටසක් පමණි. වරෙක සතුරු සේනා විසින්ද පසුකලෙක නිධන් හොරුන් විසින්ද මේ සෑය වනසා ඇති අයුරු හද කම්පාකරවනසුළුය.

පැරැණි ගල් කනු කීපයක්ද දැකිය හැකි විය. ඉපැරැණි බෝධීන් වහන්සේ තවමත් විරාජමාන වෙයි.

පුරාවිද්‍යා සංරක්‍ෂණයට හා ගවේෂණයකට ලක්විය යුතු වුවත් ඒ කිසිවක් නැතිව විනාශ මුඛයට යන බෝගන්දෙන විහාරයේ නටඹුන් වෙනුවෙන් ගම්වැසි පවුල් කරන පුදසත්කාර නම් ගෞරවනීය වෙයි.

අපි පවුල් එකොළහ සතියේ දින බෙදාගෙන මේ ස්ථානයට සියලූ පුද සත්කාර කරනවා. ස්ථානය පිරිසිදු කිරීම, උදේ හවස මල් පහන් පූජාව, ගිලන් පස පූජාව හා උදෑසන කිරි ආහාර පූජාව නොකඩවාම කරනවා යැයි ගම්වැසියන් පැවසුවේ මෙම පුදබිමේ ඉතිහාසය මෙන්ම හාස්කම් ගැනද විස්තර කරමිනි.

ස්තුතිය - හල්දුම්මුල්ලේ සුමනපාල තෙන්නකෝන් හා චන්ද්‍රා ලක්මාලි  රණසිංහ යන මහත්වරුන්ට
ඊළඟ සතියේ රන්වන් ගුහාවට යමු.

 

 

බදුල්ලේ පාලිත ආරියවංශ

 



අදහස් (51)

ගණින්නාන්සේලා රැකගත් බෝගන්දෙන විහාරය

ශාන්ටිකා Thursday, 09 January 2014 07:00 AM

මෙන්ඩිස් මහතාණෙනි ඔබතුම කියන ලෙස අපේ ශ්‍රේෂ්ට රජෙකු වන රාවානා අධිරාජ්‍යයා කිසිම ආගමකට අයත් නැති බව ඔබතුමා මෙහි සදහන් කරනවා. නමුත් මහායාන සුත්‍රයක් වන ලංකාවතාර සුත්‍රයේ රාවණ අධිරාජයාගේ නම පැහදිලි ලෙසම සටහන් වනවා. එසේ නම් එතුමා කිසිම ආගමකට අයත් නුවුවකු බව කියන්නේ කුමන සාක්ෂිය පදනම් කරගෙනද ?. ලංකාවේ ඇති පොත් පත් පමණක් නොව ලොවේ ඇති අනෙකුත් පොත් පත් පරිශීලනය නොකිරීමෙන් බුද්ධියේ අඩුවන ලාංකිකයා තුලඇති බවක් මට හැගේ. (දී)

:       0       1

චන්ද්‍ර වීරසිංහ Sunday, 12 January 2014 03:34 AM

කාශ්‍යපට කාසිඅප්පා නම දාන්න හදන්නේ දෙමල මිනිස්සු අලුත් ඉතිහාසයක් ලියන නිසා. පරණවිතාන මහත්තය එහම කියල තියෙනවද. එහෙමත් නැත්නම් ඊට කලින් හිටපු බෙල් වෙනි විද්වතුන් කියල තියෙනවද? තව ටික කාලෙකින් ලංසි ජාතිකයෝ කියාවී කාශ්‍යප නෙමේ එයා කැස්පර්ස් කියන අපේ එක්කෙනෙක් කියලා. මේ අයම තමා කියන්නේ ජුලියස් සීසර් නෙමේ ජාලිය සිසිර , ක්ලියෝපැට්රා නෙමේ කල්යානි පාත්‍රා කියලා.(නදී)

:       0       1

නිල් රණා Tuesday, 17 September 2013 09:36 PM

සුමේධ, චන්ද්‍රා මා මෙහි ඉතිහාස නිවරදිකරනය සිදු කර තිබෙන්නේ බුද්ධිමතුන්ගේ ප්‍රයෝජනයට පමණයි. ඉන්දියානු භික්ෂුන්ගේ ඉතිහාස වංශ කතා වලින් කැමති කෙනෙක් ඉතිහාසය ඉගෙන ගත්තටත් ඉන්දියාවට පිදුවටත් දැනට දඩුවමක් නැහැ. නමුත් ඉන්දියාවටත් සුද්දන්ටත් මේ රට, ජාතිය පාවාදෙන සියලු දෙනාට ලැබිය යුතු දේ ඉක්මනින්ම ලැබෙයි. හැකිනම් මා කියා ඇති කරුණු අසත්‍ය යයි සාක්ෂි සහිතව ඔප්පුකරන ලෙස මා අභියෝග කරනවා. (අ)

:       0       1

නීල් රණා Friday, 30 August 2013 11:22 AM

මගේ පළමු කෘතිය 'සීතාවක රාජසිංහගේ නොනිමි මෙහෙවර හෙවත් රට ජාතිය බේරාගැනීමට රාජාණ්ඩුවක්' රචනා කිරීමට පෙර වසර තුනක පමණ කාලයක් මා ලංකාවේ මුද්‍රණය කර තිබුණු මගේ ප්‍රස්තූතයට අදාල සියලු ග්‍රන්ථ සියුම්ලෙස හදාරා විවිධ පර්යේෂකයන්ගේ හා ඉතිහාසඥයින්ගේ සොයාගැනීම් වලට ඇදාල කරුණු එක් රැස්කරගනු ලැබුවා. ඒවා විද්යාත්මකව සංසන්දනය කිරීමෙන් හා විශ්ලේෂණය කිරීමෙන් සත්යය ඉතිහාසය අනාවරණය කරගෙනයි ඉහත කෘතිය සම්පාදනය කළේ. ඔබට මේගැන වැඩිදුරට දැනගත හැකියි ජේ ආර් පී සූරියප්පෙරුම මහතා හමුවීමෙන්. මන්ද මගේ ග්‍රන්ථය එලිදැක්වූයේ ඔහුයි. (දී)

:       0       1

නිල් රනා Thursday, 05 September 2013 10:45 AM

අපේ රටේ සිංහල දැණුමත් ඉතිහාස දැණුම වගේම දුර්වල නිසා තවදුරටත් විස්තර කළයුතු එක් දෙයක් නම් 'කෝන්' යන දෙමළ වාසගමට 'අයියා' යන්න බැඳීමේදී, 'කෝන් අයියාර්' එක්වීමෙන් දෙමළ "කෝනාර්" නම හැදෙනවා වගේම සිංහලෙන් 'කෝන් අප්පු' එක්වීමේදී "කොනප්පු" නම හැදෙන බවයි. දෙමළෙන් අයියා නොහොත් අයියාර් යන ගෞරව ආමන්ත්‍රණය සිංහලේදී අප්පු නැතහොත් අප්පො ලෙස වෙනස් වෙනවා. (දී)

:       0       1

සෙනරත් Wednesday, 04 September 2013 09:12 PM

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ යනු පළමු රාජසිංහ රජුට පසු ක්‍රි. ව. 1707-1739 කාලයේ ලංකාවේ රජු ලෙස වසර 32 ක් රජ කල දෙවන විමලධර්මසුර්ය රජුගේ පුත්‍රයාය. එම කාලයේ වෙනත් රජෙක් ලංකාවේ වෙනත් තැනක රජ කල බවක් කිසිම ඉතිහාස පොතක සඳහන් නොවේ. ඔහුට දකුණු ඉන්දියානු ලේ වල සම්බන්ධයක් ඇති බව ඉතිහාස පොත් වල සඳහන් නොවේ. ඔහු සිංහලයෙකි. ඔහුගේ බිසෝ වරුන් දෙදෙනාගෙන් එක්‌ අයෙක් දකුණු ඉන්දියන් ජාතික වන අතර අනෙක් බිසව සිංහල ජාතික මොනරවිල කැප්පෙටිපොල දිසාවගේ දියණියයි. ඇගේ පුතනුවන් කුඩා කල අභිරහස් ලෙස මිය යමක් සිදු වී ඇති බැවින් හා වෙනත් දරුවන් නොසිටි බැවින් නායකර් වංශික දකුණු ඉන්දියානු බිසවගේ සහෝදරයෙකුට (ශ්‍රී විජය රාජසිංහ) රජකම යාම නිසා සිංහල ලේ ඇති රජ පරම්පරාව අවසන් වූ බව ඉතිහාසය කියයි. (දී)

:       0       2

නීල් රනා Friday, 30 August 2013 11:58 AM

මගේ පළමු කෘතිය 'සීතාවක රාජසිංහගේ නොනිමි මෙහෙවර හෙවත් රට ජාතිය බේරාගැනීමට රාජාණ්ඩුවක්' රචනා කිරීමට පෙර වසර තුනක පමණ කාලයක් මා ලංකාවේ මුද්‍රණය කර තිබුණු මගේ ප්‍රස්තූතයට අදාල සියලු ග්‍රන්ථ සියුම්ලෙස හදාරා විවිධ පර්යේෂකයන්ගේ හා ඉතිහාසඥයින්ගේ සොයාගැනීම් වලට ඇදාල කරුණු එක් රැස්කරගනු ලැබුවා. ඒවා විද්‍යාත්මකව සංසන්දනය කිරීමෙන් හා විශ්ලේෂණය කිරීමෙන් සත්යය ඉතිහාසය අනාවරණය කරගෙනයි ඉහත කෘතිය සම්පාදනය කළේ. ඔබට මේගැන වැඩිදුරට දැනගත හැකියි ජේ ආර් පී සූරියප්පෙරුම මහතා හමුවීමෙන්. මන්ද මගේ ග්‍රන්ථය එලිදැක්වූයේ ඔහුයි. (දී)

:       0       0

සදුනි Saturday, 24 August 2013 05:28 PM

නිල්-රනා නොදන්නා ඉතිහාසයක් ගැන කතා නොකර ඉන්න.මේ රටේ අවසන් රජු මහනුවර විසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුයි.පළමු ඒ 19 වන සියවසේ මුල් කාලයේයි.පළමුවන රාජසිංහ නොහොත් සීතාවක රාජසිංහ රජු සිටියේ 16 වන සියවසේ මැද භාගයෙයි.ඔහු බුදුසමය අතහැර අරිට්ඨ කීවෙන්දු නම් ඉන්දීය ගුරුවරයාගේ මග යමින් හින්දු සාමය වැළදගෙන බුදුසමය තහනම් කළා.හැබැයි ඔහු වයස අවු.12 සිට පෘතුගීසීන්ට එරෙහිව සටන් වැදුණු රණ ශුරයෙක්. (නි)

:       0       1

දිසානායක Friday, 30 August 2013 11:47 PM

හොදියි එසේ නම් පැහැදිලිව පවසන්න ඔබ කවුද ඔබේ කෘතිය කුමක්ද කියා යටින් ගොඩින් අදහස් දන්නා එපා (අ)

:       0       1

ස්වර්ණ Monday, 21 October 2013 12:39 AM

නීල් හරි.ඉන්දියාවෙන් පැමිණි කෙනෙක් තමය් අපේ ඉතිහාසය පොත් පුච්චලා විනාශ කළේ. අනෙක් පොත දැනට එංගලන්ත කෞතුකාගාරයේ තිබෙනවා කියනවා.ඒ ගැන දැනගන්න හරි ඇත්ත මොකක්ද කියලා බලන්න සිරි සද්ධර්මය බ්ලොග්සොප්ට් ඩොට් කොම් නෙට්. (නි)

:       0       1

සෙනරත් Saturday, 31 August 2013 12:28 AM

16 වන සියවස යනු පෘතුගීසීන් ලංකාවට පැමිණි යුගය වුවද (ක්‍රි. ව. 1505 ) ඔවුන් ලංකාව තුල නිල වශයෙන් පාලනය කිරීමක් කලේ නෑ නේද? (අ)

:       0       1

ගුණවර්ධන Thursday, 13 March 2014 12:58 AM

මේ වෙලාවේ ගුණේ කියන කතාව මමත් අනුමත කරනවා. නමුත් මට හිතෙන්නේ චමින්දට මේ විස්තරය පැටලිලා වගෙයි. නීල් රානා ගැන අපි සතුටු විය යුතුයි.(නදී)

:       0       1

නීල් රණා Thursday, 05 September 2013 11:33 AM

තවදුරටත් විස්තර කළ යුතු එක් දෙයක් නම් 'කෝන්' යන දෙමළ වාසගමට 'අයියා' යන්න බැඳීමේදී, 'කෝන් අයියාර්' එක්වීමෙන් දෙමළ "කෝනාර්" නම හැදෙනවා වගේම සිංහලෙන් 'කෝන් අප්පු' එක්වීමේදී "කොනප්පු" නම හැදෙන බවයි. දෙමළෙන් අයියා නොහොත් අයියාර් යන ගෞරව ආමන්ත්‍රණය සිංහලේදී අප්පු නැතහොත් අප්පො ලෙස වෙනස් වෙනවා. හාමුදුරුවන්ගේ වංශ කතා මේ ටේ සැබෑ ඉතිහාසය නොවන බව නොදන්නා, විද්‍යාත්මක ඉතිහාසකරනය ගැන අහලාවත් නැති මේ රටේ විද්වතුන් යැයි කියාගන්නා අය ගැන කණගාටුයි. (නි)

:       0       1

මෙන්ඩිස් Monday, 11 November 2013 11:07 AM

නීල්රානා, ඔබගේ විග්‍රහ කිරීම් මමත් පිළිගන්නාවා. ලංකාවේ ඉතිහාසය මෑත කාලීන ව පුද්ගල අවශ්‍යතාව මත ලියවුණු එකක් බව මාගේ විශ්වාසයයි. නිවැරදි ඉතිහාසය පිළිබඳ විග්‍රහ වීම් ඉස්මතු වීමට ලැබෙන අවස්ථාවන් විනාශ කිරීමට බොහෝ බුද්ධිමතුන් යයි කියා ගන්නා කොටසක් උත්සාහ කරන ආකාරය ඉහත අදහස්වලින් වුව ද පැහැදිලි වේ. කාගේවත් අවශ්‍යතාවකට ලියැවුණු අපේ ප්‍රබල ගැටළුකාරී ඉතිහාසය නිවැරදි කිරීමට ඔවුන් උත්සාහ නොකරන්නේ එසේ වුවහොත් ඔවුන්ගේ මතය හෝ විශ්වාස පද්ධතිය විනාශ විය හැකි බව පූර්ණ වශයෙන් අවබෝධ කරගෙන ඇති නිසයි. නිවැරදි ඉතිහාසය පිළිබඳ පුරෝකථනය කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. ඔබගේ විග්‍රහය ඊට තවත් එක් ස්ථිර අත්තිවාරම් ගලක් වනු ඇත. අද අපි කථා කරන කිසිදු ආගමකට අයත් නැති අපේ ප්‍රබල රාවණා රජු පවා ආගමීකරණය කිරීමට උත්සාහ කිරීමෙන් නිවැරදි ඉතිහාසය පිළිබඳ ව ඉදිරිපත් වී ඇති අදහස් තමන්ට පක්ෂපාතී කර ගැනීමේ ආරම්භයක් විය හැකි ය. ඒ නිසා අපේ නිවැරදි ඉතිහාසය පිළිබඳ කතිකාව ආරම්භ කළ යුතු කාලය පැමිණ ඇති බව අපි සැවොම අවබෝධ කරගත යුතු ය. (ස)

:       0       0

දයා අලහකෝන් Tuesday, 03 September 2013 12:36 PM

නීල් රණා, සදුනි, ඔය ‍ගොල්ලො නොදන්න ඉතිහාසය පටලවන්න එපා.ලංකාවේ අවසාන සිංහල රජු කවුද දන්නවද‍? ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිහ රජුයි. (ස)

:       0       0

අරුසියා Wednesday, 19 March 2014 05:22 PM

නීල් රනා ඔයාගේ අදහස් බලන්න ආසයි හුගාක් කලෙකින් ලියන්නේ නැත්තේ ඇයී නැවත මේ තිරයෙන් හමුවෙන්න (දී)

:       0       0

නීල් රානා Wednesday, 04 September 2013 11:37 PM

කෝනාර් හෙවත් සිංහලෙන් කොනප්පු ලෙස නම් කල තැනැත්තාගේ සිට නරේන්ද්‍රසින්හ දක්වා නුවර දේශපාලන බලය කොල්ලකාගෙන සිටියේ දකුණු ඉන්දියානු 'කෝනාර් කුලයට' අයත් පරපුරකි. අදටත් තමිල්නාඩුවේ සිටින ඔවුන්ගේ ජීවනෝපාය හරක් ඇතිකිරීමයි. කෝනාර් නම දරන්නෝ ලංකාවේ දැනටත් සිටිති. කොනප්පුගේ පියා පළමු රාජසිංහයන්ගේ සේවකයෙකි. ඔහු පරංගින්ට උඩරට පාවාදුන් නිසා වැරදිකරුවී මියගියා. එවිට කොනප්පු පෘතුගීසින් වෙතට පැනගොස් දොන් ජුවන් නමින් බෞතිස්ම උනා. ඔහු පරංගින්ගේ සහායෙන් නැවත නුවරට පැමින බාල වයස්කාර දෝන කැතරිනා ප්‍රසිද්ධියේ දූෂනය කර එහි බලය කොල්ල කා ගත්තා. දෝන කැතරිනා යනු කෝට්ටේ හා සීතාවක සිටි රජවරු වෙනුවෙන් නුවර ප්‍රාදේශීය පාලනය බලා කියාගත් සේනා සම්මත වික්‍රමබාහුගේ පරපුරේ අන්තිමයායි. ලංකාවේ පාරම්පරික නීත්යානුකූල රජකම උරුම වන්නේ පිය පරපුරෙන් පමනි. රාවණා පරපුරෙන් පැවත එන පිරිමි වර්ණදේහය නැති කිසිවෙකුටවත් ලංකාවේ රජකම දැරිය නොහැක. එයයි දෙයියන්ගේ රටේ නීතිය. ප්‍රාදේශීය පාලනය ලබා ගැනීමේ වෙනත් උපක්‍රම සිංහලයන්ට අයත් දේ නොව ආක්‍රමනිකයන්ගේ කූට උප්පරවැට්ටි පමණි.(නදී)

:       0       0

නීල් රනා Monday, 26 August 2013 10:00 PM

සනත්, මේරටේ උගත්, බුද්ධිමත් බොහෝ දෙනෙක් අතීතයේ සිටම තමන්ගේ යුතුකම ඉටුකලේ නැති වරදට අද වෙනකොට සමස්ථ රටම විනාශයට පත්වෙලා. ආක්‍රමනිකයෝ අපේ ඉතිහාසය ඔවුන්ට ඕනේ හැටියට විකුර්තිකලා. අවස්ථාවාදී කපටියෝ මේරට විදේශිකයින්ට පාවාදුන්නා. දක්ෂයන් සිය වගකීම ඉටු නොකිරීමෙන් මෝඩයෝ පිනුම් ගහනවා, රට කනවා, වැජඹෙනවා. තවදුරටත් මෝඩයන්ට මේරට කාබාසිනියා කරන්න ඉඩදී බලාසිටිනවාද? නැතිනම් මේ මොහොතේ සිටම ක්‍රියාත්මක වෙනවාදැයි ඔබම තීරණය කරන්න. (අ)

:       0       0

නිල්රණා Monday, 26 August 2013 10:03 PM

සනත්, මේරටේ උගත්, බුද්ධිමත් බොහෝ දෙනෙක් අතීතයේ සිටම තමන්ගේ යුතුකම ඉටුකලේ නැති වරදට අද වෙනකොට සමස්ථ රටම විනාශයට පත්වෙලා. ආක්‍රමනිකයෝ අපේ ඉතිහාසය ඔවුන්ට ඕනේ හැටියට විකුර්තිකලා. අවස්ථාවාදී කපටියෝ මේරට විදේශිකයින්ට පාවාදුන්නා. දක්ෂයන් සිය වගකීම ඉටු නොකිරීමෙන් මෝඩයෝ පිනුම් ගහනවා, රට කනවා, වැජඹෙනවා. තවදුරටත් මෝඩයන්ට මේරට කාබාසිනියා කරන්න ඉඩදී බලාසිටිනවාද? නැතිනම් මේ මොහොතේ සිටම ක්‍රියාත්මක වෙනවාදැයි ඔබම තීරණය කරන්න. (අ)

:       0       0

නීල් රණා Wednesday, 28 August 2013 07:19 PM

නිරන්ජන්, පළමු රාජසිංහ රජුගෙන් පසු ලංකාවේ දේශපාලන බලය ක්‍රියාත්මක කළ අපේ රජෙක් හිටියේ නැහැ. හිටියේ තාවකාලිකව යම් යම් ප්‍රදේශවල බලය කොල්ලකාගත් කෝනාර් පරම්පරාව, ඉන්දියාවේ මලබාර්වරු, පරංගි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලකයෝ පමණයි. ඒ කිසිවෙක් අපේ රජවරු නොවෙයි. සීතාවක රාජසිංහගෙන් පසු මේ රට අද දක්වාම යටත් විජිතයක්. මේ රටේ පවතින තත්ත්වය අවබෝධ නොවන්නේ මෝඩයෙකුට පමණයි. (නි)

:       0       0

නීල්-රානා Saturday, 24 August 2013 08:22 PM

සඳුනි, ඔයා ඉතිහාසය ඉගෙන ගත්තේ කාලිංග මාඝ ගෙන් පැවත එන්නන්ගෙන් බවයි පෙනෙන්නේ. ලොකු වංශය පොත මේ රටේ ආක්‍රමනිකයන්ගේ කුරානයයි. එය බොරුවක්. මේරටේ රජ පරම්පරාව බෞද්ධයන් නොවෙයි. හින්දු භක්තිකයනුත් නොවෙයි. මේ ආගම් දෙකම ඉන්දියානුවන්ගේ. නමුත් ඒවාට මුල් අඩිතාලම දැම්මේ මේරටේ රාවණා පරම්පරාව. කෝට්ටේ පළමු රජුවූ 6 වන පරාක්‍රමබාහු රජු වෙනුවෙන් හින්දු ආගමික පූජා සඳහා ඉන්දියාවෙන් මෙහි පැමිනි බමුණන්ට ඒවෙනුවෙන් අතුරුගිරියේ කොරතොට නින්දගම දුන්නේ 15 සියවසේ මුලදී. ඔවුන්ගේ අංගන්පොර සටන් ශිල්පීන්ගේ දායකත්වය 1559 දී මුල්ලේරියා සටනටත් ලැබුනා. බෞද්ධ පංසල්ද රජුගේ අනුග්‍රහය ලැබුවා පමණක් නොව විශ්ණු, සමන්, කතරගම ආදී දේවාලත් එසේවූ බවට සැළලිහිනි සංදේශය සාක්ෂි දරණවා. බෞද්ධ ආක්‍රමනිකයන් මෙහි ආවේ කාලිංගයෙන් නැතිනම් තමිල්නාඩුවෙන්. එසේ අන්තිමටම පැමිනි අය හිටියේ මහනුවර. ඔවුන් එහි ප්‍රාදේශීය පාලකයෝ පමණයි. පලාත්සභා ලොක්කෝ වගේ. ලංකාවේ අන්තිම රජු පළමු රාජසිංහයි. ප්‍රාදේශීය පාලකයෝ බෞද්ධවූ පමණින් රටේ රජුන් ලෙස නම්කර ඇත්තේ අවස්ථාවාදී වංශකතා කරුවන් විසිනුයි. ඔවුන්ගේ ලේඛණ ඉතිහාසයේ වරින්වර පුලුස්සා දැමීමට ලක්වුනේ ඒනිසයි. ඉන්දියානු හින්දු අනාථයින්ගේ නායකයාවූ අරිට්ඨ කී වෙන්ඩු රාජසිංහ රජුගේ ගුරුවරයෙක් නොව සේවකයෙක්. හමුදා ප්‍රධානී බවට ඔහු පත්වෙන්නේ වික්‍රමසිංහ මුදලි රටත් හමුදාවත් පාවාදීමෙන් වැරදිකරුවකුවී දඬුවම් ලබන නිසයි. සමහර අය පාවාදුන් විට රට වෙනුවෙන් යුද්ධ කලේ වෙන්ඩුගේ හින්දු හමුදාව. ඒනිසයි සීතාවක අගනුවර කෝවිලක් ඉදිවුනේ. වරින් වර රට පාවාදුන් අය නිසා අපි අදටත් වහල් ජාතියක් බවට පත්වී තිබෙනවා. ලෝකය ඉදිරියේ නින්දාවට ලක්වෙනවා. අපේ ගැහැණු පරදේශක්කාරයින්ගේ වලං හෝදනවා. මේරට විනාශ කළවුන්ට දැඩි දඬුවම් දියයුතුයි. නැතුව මේරට ගොඩගන්න බැහැ.(නදී)

:       0       0

කිත්සිරි Wednesday, 28 August 2013 07:47 AM

නිල් රණා නමැත්තා නන් දොඩවනවා (නි)

:       0       0

ගුණේ Thursday, 05 September 2013 12:34 PM

පෘතුගීසීන් පන්නා දමා රට බේරා ගැනීමට අරගලයක නිරත වූ පළමු රාජසිංහයන් දිවි දුන්නේද ඒ වෙනුවෙනි. මේ වීරවරයාගේ වෑයම අසාර්ථක වීමේ වගකීම පෘතුගීසි උපක්‍රමවලට හසුවූ පාවා දෙන්නන් විසින් වැඩි කොටසක් භාර ගතයුතුය. මේ යුගයේ ඉතිහාසය නැවත සොයා යාම අවශ්‍ය බව නීල් රණා අවධාරණය කරයි. නීල් රණා විවේචනය කිරීම වෙනුවට පළමු රාජසිංහයන් ගැන නැවත කියවීම වැදගත්ය. පළමු රාජසිංහයන්ට ඉතිහාසයේ නිසි තැන් ලබා දීමට නීල් රණා ද ගන්නා උත්සාහයට ගෞරවය පිරිනමමි. (දී)

:       0       0

නිරන්ජන් Wednesday, 28 August 2013 02:27 PM

රනා,දැන් ඔයා මොකක්ද මේ අමාරුවෙන් කියන්න උත්සාහ කරන්නේ? ඔයා කියන විදිහට 1වන රාජසිංහ රජුගෙන් පස්සේ ලංකාවේ රජ කෙනෙක් හිටියේ නැද්ද? (නි)

:       0       0

සනත් Monday, 26 August 2013 02:13 PM

නීල් රණා ඔයා හරි ඒ වුනාට මොඩයොත් එක්ක වැඩ කරන්න යන්න එපා. අපේ හරි ඉතිහාසය දන්නේ කී දෙනාද ? (ස)

:       0       0

සදුනි Saturday, 24 August 2013 09:57 PM

නිල-රනා ඉස්සෙල්ලම අන්ගොඩට ගිහින් මොලේ පරීක්ෂා කරවගන්න..ඔයා කවුද කියල අපි දන්නවා.(අ)

:       0       0

සාදි Wednesday, 28 August 2013 09:05 PM

ඇත්තටම මේ නිල්රනා කියන මනුස්සයාගේ මොලේ අමාරුවක් තියෙනවා. (අ)

:       0       0

ජිනතිස්ස. Friday, 06 December 2013 12:07 AM

කවුරු කොහොම ඔබව පිළිනොගත්තත් මම ඔබ කියනදේ තෙරුම්ගතිමි නොනැවතී ඉදිරියටමයන්න (අ)

:       0       1

චමින්ද Monday, 16 December 2013 05:12 PM

නීල් රාණා ගොඩක් කතා කරලා තියනවා එයාගේ පොත ගැන. එයාගේ ඉතිහාසය කවදත් පැටලුම් සහිත දෙයක්. තමන් දන්නා දේ පමණක් හරි කියල අනුන් ගැන නොහිතන සිංහල ජාතිය විඳින දුක ගැන සිංහලයෙක් විදිහට මටත් හරි කනගාටුයි.(නදී)

:       0       1

නීල් රණා Tuesday, 03 September 2013 02:47 PM

දයා, 'කෝන්' වාසගම තියෙන අය තමිල්නාඩුවෙන් ආ 'කෝනාර්' පරපුරේ අය තමුන්ගේ රජවරු ලෙස හංවඩු ගහන බව අපි දන්නවා. වගේම මේ රටේ ඉතිහාසය විකෘති කරන බවත් දන්නවා. (ස)

:       0       0

රොෂාන් Friday, 06 September 2013 07:29 AM

ලංකාදීපෙන් මම ඉල්ලා සිටින්නෙ, පාඨකයා දේශපාලනික අදහස් දැමීමේදී ඔබ සිදුකරනා වාරණයට වඩා වාරණයක් අප රටේ ඉතිහාසය පිළිඹඳව අදහස් පලකිරීමේදී සිදුකරන්න යන්නයි. දේශපාලනයෙන් අපට තව පිරිහීමට දෙයක් ඉතිරීවී නැත. සිංහලයා ලෙස දැනට අපට ඉතිරිව ඇත්තේ ඉතිහාසය පමණකි. එයත් මේලෙස එකිනෙකාගේ මනෝවිකාරයන්ගෙන් විනාශවී ගියහොත් අපට සිංහලයන් ලෙස තවදුරටත් කිසිම දෙයක් ඉතිරි නොවනු ඇත.(නදී)

:       0       0

ගුණේ Wednesday, 04 September 2013 11:44 AM

නීල් රණා ගේ අදහස් ඉවත දැමිය හැකි ඒවා නොවේ. ඔහුට අපහාස උපහාස කරනවාට වඩා ඒවාට සවන්දීම හෝ ඒ ගැන සෙවීම වැදගත්. මේ ඇවිස්සුනු අදහස් වලට හේතුවූ ලිපියේ පැවසෙන යාපා රජු යනුවෙන් හැඳින්වෙන් නේද පළමු රාජසිංහයන්ම බව ගවේශණ මඟින් පැහැදිලි වෙමින් තිබෙනවා. (ස)

:       0       0

නීල් රණා Saturday, 31 August 2013 10:32 AM

1948 දී සිදුවුනේ ඉංග්‍රීසීන් මේරටින් නික්මයෑම පමණයි. එයින් කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ පූර්ණ නිදහසක් ලැබුණ බවක්. අද දක්වාම ලංකාවේ ආර්ථික, දේශපාලන බලවේග හසුරවන්නේ කවුද ඒ කෙසේද යන්න පිළිබඳ සැබෑ තත්වය දන්නේ ඉතා සුලු පිරිසක් පමණයි. නිවැරදිව ඉතිහාසය නොදන්නා අය වර්ථමානයේ කුමක් සිදුවන්නේදැයි නිවැරදිව දන්නේ නැහැ. ඒනිසාම අනාගතයේ තමුන්ට අත්වන ඉරණම කවරාකාරද යන්න එවැන්නන්ට කොහෙත්ම හිතාගන්න බැරි බැවින් නිසැකවම විනාශයට පත්වෙනවා. රටක ඉතිහාසය විකුර්ති කිරීමේ අවසන් ප්‍රථිඵලය රටේ විනාශයයි. එබැවින් නිවැරදි වියයුතු දේ වහාම නිවැරදි කළ යුතුයි. (අ)

:       0       0

නීල්-රානා Saturday, 24 August 2013 02:45 PM

ලංකාවේ කුලබේදය තුරන් කරන්න පුරෝගාමී වුනේ පළමු රාජසිංහ රජතුමා. එතුමා බදුලු දිසාව පාලනය කිරීමට මේ රටේ පළමු වරට පහත් යැයි සම්මත කුලයකින් දක්ෂ නිලධාරියෙක් පත්කලා. සුදුස්සාට සුදුසු තැනදීම එතුමාගේ එඩිතර ගතියක්. නමුත් කුලයෙන් ඔළු උදුම්මාගෙන එයින් අයුතු ලාබ ප්‍රයෝජන ලබමින් අසරණයින් තලා පෙලා වැජඹුනු ගිහි පැවිදි කපටියෝ රජුගේ ක්‍රියාවෙන් කුපිතවී රජුට එරෙහිව කටකතා ගොතා අද දක්වා පතුරවා නින්දා කරන්න හදනවා. සීතාවක රාජසිංහ රජුගේ මරනින් පසු කන්ඳ උඩරටත් ඌව වෙල්ලස්සේත් තමිල්නාඩු සංක්‍රමනිකයන් බුරුතු පිටින් පදිංචි වීම නිසා මේරටේ අවසන් රජුවූ පළමු රාජසිංහ රජුට එරෙහි මඩ ප්‍රචාර ඒ පලාත්වල බහුලයි. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ.(නදී)

:       0       0

නීල්-රානා Saturday, 24 August 2013 02:55 PM

ලංකාවේ කුලබේදය තුරන් කරන්න පුරෝගාමී වුනේ පළමු රාජසිංහ රජතුමා. එතුමා බදුලු දිසාව පාලනය කිරීමට මේ රටේ පළමු වරට පහත් යැයි සම්මත කුලයකින් දක්ෂ නිලධාරියෙක් පත්කලා. සුදුස්සාට සුදුසු තැනදීම එතුමාගේ එඩිතර ගතියක්. නමුත් කුලයෙන් ඔළු උදුම්මාගෙන එයින් අයුතු ලාබ ප්‍රයෝජන ලබමින් අසරණයින් තලා පෙලා වැජඹුනු ගිහි පැවිදි කපටියෝ රජුගේ ක්‍රියාවෙන් කුපිතවී රජුට එරෙහිව කටකතා ගොතා අද දක්වා පතුරවා නින්දා කරන්න හදනවා. සීතාවක රාජසිංහ රජුගේ මරනින් පසු කන්ඳ උඩරටත් ඌව වෙල්ලස්සේත් තමිල්නාඩු සංක්‍රමනිකයන් බුරුතු පිටින් පදිංචි වීම නිසා මේරටේ අවසන් රජුවූ පළමු රාජසිංහ රජුට එරෙහි මඩ ප්‍රචාර ඒ පලාත්වල බහුලයි. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ.(නදී)

:       0       0

නිල් රනා Saturday, 31 August 2013 10:41 AM

මගේ නම ක්ලික් කර ෆේස්බුක් එකේ ඇති ලින්ක් එකෙන් ' සීතාවක රාජසිංහගේ නොනිමි මෙහෙවර ' කෘතිය කියවන්න පුළුවනි. 1948 දී සිදුවුනේ ඉංග්‍රීසීන් මේරටින් නික්මයෑම පමණයි. එයින් කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ පූර්ණ නිදහසක් ලැබුණ බවක්. අද දක්වාම ලංකාවේ ආර්ථික, දේශපාලන බලවේග හසුරවන්නේ කවුද ඒ කෙසේද යන්න පිළිබඳ සැබෑ තත්වය දන්නේ ඉතා සුලු පිරිසක් පමණයි. නිවැරදිව ඉතිහාසය නොදන්නා අය වර්ථමානයේ කුමක් සිදුවන්නේදැයි නිවැරදිව දන්නේ නැහැ. ඒනිසාම අනාගතයේ තමුන්ට අත්වන ඉරණම කවරාකාරද යන්න එවැන්නන්ට කොහෙත්ම හිතාගන්න බැරි බැවින් නිසැකවම විනාශයට පත්වෙනවා. රටක ඉතිහාසය විකුර්ති කිරීමේ අවසන් ප්‍රථිඵලය රටේ විනාශයයි. එබැවින් නිවැරදි වියයුතු දේ වහාම නිවැරදි කළ යුතුයි. (දී)

:       0       0

සුදේශ් Sunday, 25 August 2013 01:59 PM

ඒකනේ රණා බුරන්ට එපා කියන්නේ. සදුනි ගනන් ගන්න එපා රණාට පොඩි අවුලක් වෙලා.(නදී)

:       0       0

සුමේධ Monday, 16 September 2013 08:02 AM

රනා ඔයාගේ අදහස එක මතයක් විතරයි. නමුත් එය සත්‍ය නෙමෙයි. ඔයා ගොඩක් උත්සහ අරගෙන තියෙනවා ඒක ඔප්පු කරන්න, නමුත් අමතක කරන්න එපා ඔයාට වඩා බුද්ධිමත් අය ඉන්න බව. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 17 September 2013 05:59 AM

ඉතිහාසය විෂය පාසල් නිර්දේශ වලින් ඉවත්කිරීම නිසා මිනිස්සු වල්මත් වෙලා.එකිනෙකා තම තමන්ට රිසි පරිදි කතාන්තර ගොඩනගනවා.මේවා තමා ජාති ආගම් බේද වලටත් මුල.ඕනෑම දෙයකට මුලක් ,මැදක්, අගක් තියෙන්න ඕනෑ. නැත්නම් කිසිම පැවැත්මක් නැහැ. (නි)

:       0       0

සෙනරත් Friday, 30 August 2013 09:11 PM

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහලයෙක් නොවන බවාපි දනිමු. නමුත් පළමු වන රාජසිංහ (16 වන සිය වස ) රජුගෙන් පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වාම මුළු සිංහලයටම ඔටුනු දැරූ සිංහල රජෙක් ලංකාවේ නොසිටියෙයි නීල් රණා මහත්මයා කියන්නේද? (අ)

:       0       0

සේනාරත්න Friday, 30 August 2013 09:19 PM

සීතාවක රාජසිංහ රජුගෙන් පසු අද දක්වාම ලංකාව යටත් විජිතයක් බව නීල් රණා මහත්මයා කියන්නේ, 1948 දී ලංකාවට ඉංග්‍රීසි රජයෙන් නිදහස ලැබුනේ නැහැ කියලද? නැත්නම් පොත් කියවගෙන යනකොට ඒ ටික අතපහු වෙලාද? (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Saturday, 07 September 2013 04:22 PM

මේ වෙලාවේ නීල් රානා උත්සහ කරන්නේ ඉතිහාසය පිළිබඳව යමක් පැහැදිලි කිරීමටයි. එය හරි හෝ වැරදි හෝ වේවා තීරණය කිරීම අනික් අයට අයිති කරුණක්. නමුත් සදුනි ,සාදි මේ වගේ අනවශ්‍ය දැකීමෙන් වලකින්න.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 30 August 2013 12:07 AM

නැහැ සාදි, ඔහුට හොද දැනුමක් තියනවා. සමහර කරුණු අප ඉගනගත් කරුණු හා සසදෙන්නේ නැහැ. මම කැමතියි දැනගන්න ඔහු මේ කරුණු හොයා ගත්තේ කොහෙන්න්ද කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ඔටුනු පැළදුවේ සිංහල රජකෙනෙක් නොවන බව ඉතිහාසය සාක්කි දරනවා ඒක ඇත්ත.නමුත් සමහර අදහස් විකෘති කරලා රනා කියන්නේ.මේ ගැන හරියට කරුණු දන්නා ඉතිහාසඥයෙක් මේ ලිපි කියෙවුවොත් හොදයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

රවී Tuesday, 12 November 2013 11:59 AM

බොහොම හොඳයි. (ස)

:       0       0

දයා අළහකෝන් Thursday, 05 September 2013 09:49 AM

නීල් රණා, අපේ විද්වත් සෙනරත් මහත්තයා මේ ගැන හොද පැහැදිලි කිරීමක් කර තිබෙනවා (නි)

:       0       0

උපාලි Tuesday, 17 December 2013 02:07 PM

මේ සංවාදය අපට එකක් උගන්වයි. ඉතිහාසය කියන්නේ විවිදවූ පොත් පත් සීලා ලේඛන මගින් විවිදවූ අදහස් සහ උපකල්පනද එකතු කර ලියවී අනාගතයට ගිය දෙයක්. දෙමල බසින් ලියවී ඇති ඉතිහාස පොත්වල කතා අපේ ඉතිහාස පොත්වල කතා සමග සසදන්න බැහැ. දෙමළ ඉතිහාසයට අනුව සිගිරිය සදාපු කෂ්‍යප නිරිඳා සිංහල නොවෙයි. කසියප්පා නම් තැනැත්තෙක්. දාතුසේන රජුගේ පුතෙක් නොවෙයි. අපි විශ්වාස කරන්නේ අපේ පොත් වල තියෙන දෙයයි. ඒ නිසා අන් අයගේ අදහස් වලට අපහාස කර කතා කරන්න හොඳ නැහැ. සවන් දෙන්න . හොදින් බලන්න ඔහු හෝ ඇය හෝ කියන දෙයින් උඩින් තේරුම් ගන්න දෙයට වැඩිය යමක් කමක් තියෙනවද කියලා.(නදී)

:       0       0

නීල් රණා Friday, 30 August 2013 04:12 PM

මගේ පළමු කෘතිය රචනා කිරීමට පෙර වසර තුනක පමණ කාලයක් මා ලංකාවේ මුද්‍රණය කර තිබුණු මගේ ප්‍රස්තූතයට අදාල සියලු ග්‍රන්ථ සියුම් ලෙස හදාරා විවිධ පර්යේෂකයන්ගේ හා ඉතිහාසඥයින්ගේ සොයාගැනීම් වලට ඇදාල කරුණු එක් රැස්කරගනු ලැබුවා. ඒවා විද්‍යාත්මකව සංසන්දනය කිරීමෙන් හා විශ්ලේෂණය කිරීමෙන් සත්‍යය ඉතිහාසය අනාවරණය කරගෙනයි ඉහත කෘතිය සම්පාදනය කළේ. (නි)

:       0       0

නීල්-රානා Friday, 30 August 2013 11:04 AM

මගේ පළමු කෘතිය 'සීතාවක රාජසිංහගේ නොනිමි මෙහෙවර හෙවත් රට ජාතිය බේරාගැනීමට රාජාණ්ඩුවක්' රචනා කිරීමට පෙර වසර තුනක පමණ කාලයක් මා ලංකාවේ මුද්‍රණය කර තිබුණු මගේ ප්‍රස්තූතයට අදාල සියලු ග්‍රන්ථ සියුම් ලෙස හදාරා විවිධ පර්යේෂකයන්ගේ හා ඉතිහාසඥයින්ගේ සොයාගැනීම් වලට ඇදාල කරුණු එක් රැස්කරගනු ලැබුවා. ඒවා විද්යාත්මකව සංසන්දනය කිරීමෙන් හා විශ්ලේෂණය කිරීමෙන් සත්‍ය ඉතිහාසය අනාවරණය කරගෙනයි ඉහත කෘතිය සම්පාදනය කළේ. ඔබට මේගැන වැඩිදුරට දැනගත හැකියි ජේ ආර් පී සූරියප්පෙරුම මහතා හමුවීමෙන්. මන්ද මගේ ග්‍රන්ථය එලිදැක්වූයේ ඔහුයි. (නදී)

:       0       0

සුමිනි ඉරුගල්බණ්ඩාර Tuesday, 28 January 2014 07:07 AM

තමන් කැමති දේවල් ඉතිහාසය වත් සත්‍ය වත් නෙමේ . එත් හැමෝම ආස තමන් කැමති ඉතිහාසයට .(දී)

:       0       0

සමන් Wednesday, 18 September 2013 10:12 AM

නීල් රානා සෑහෙන තරම් දුරට නිවැරදියි.අලහකෝන්, ඔයාගෙ දෙමල නමේ සිංහල තේරුම ලස්සන නායකයා කියන එකයි. නියම වීරයා දුෂ්ටයා වෙලා දුෂ්ටයා වීරයා වෙලා (නි).

:       0       0

සිරිකුමා ලියනගේ Friday, 12 June 2020 12:10 PM

එදා විජය කුමරු ලක්දිවට පැමිණ කුවේණි කුමරිය සහේට ගත්තත් කාලයාගේ ඇවෑමෙන් ඔහුට අවශ්‍ය වුනා ඉන්දියාවෙන්ම කාන්තාවක් ආනයනය කර තම බිසව බවට පත් කර ගන්නට. ඒ පුරුද්දට වගේ මහනුවර යුගයේ වාසය කළ රජවරුන් ඉන්දීය කාන්තාවන් ගෙන්වා ගෙන ඔවුන් අග බිසෝ තනතුරෙහි තැබුවා. අවසන් සිංහල රජතුමා වූ නරේන්ද්‍රසිංහ රජතුමා කරන්නෙත් ඒක. එහි ප්‍රතිඵලයක් ලෙස නායක්කර් වංශික හෙවත් වඩුගයින්ට රටේ ආණ්ඩු බලය හිමි වුණා. ඔවුන්ගේ ඤාති හිත මිත්‍රාදීන් මෙහි පැලපදියම් වෙන්නේ ඒ රාජකීය උරුමයත් එක්ක. ස්වදේශීක ප්‍රභූ පැලැන්තිය පවා අභිබවමින් නැගී ඒ වඩුගයන්ගෙන් ගණින්නාන්සේලා බහුතරයක් සමන්විත වූ බවයි පෙනෙන්නේ. අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට ශ්‍රී සරණංකර හිමිපාණන් වහන්සේ පහළ වෙන්නේ ඒ අඳුරු යුගය නිමා කිරීමට. මහත් වෑයමකින් පත පොත පරිශීලනය කරන උන්වහන්සේ අවසානයේ දී සියම් දේශයේ සිට උපසම්පදාව ගෙන්වා ගෙන මෙහි ස්ථාපිත කරන්නේ සිල්වත් සමාගමේ ජයග්‍රහණය තහවුරු කරමින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5402 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 764 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1331 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 205 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site