නුගේගොඩ නගරය පසුකර නාවල ඔස්සේ ගමන් කළ අයෙකුට වැලි පිරවූ ලොරි කිහිපයක් නතර කර තිබූ ”වැලි පාර්ක්” අමුතුවෙන් මතක් කර දිය යුතු වන්නේ නැත.
කැළි කසළ වලින් නොනැවතී නැගුණ දුඟදත්, කසළ රාජධානියේ ආදිපාදවරුන් බවට පත්වූ බල්ලන්, බළලූන්, කාක්කන්ටත් හැරෙන්නට ඒ මුඩු බිමේ අයිතිය එක් විටෙක තිබුණේ හොර මගඩින්ටය.
ඒ මීට හත් අට මසකට පෙර ඉතිහාසයේය.
හිස් අවකාශයක් නොමැති නුගේගොඩ නගරයට පියමනින ඔබට, එම භූමියේදී ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුව සකස් කළ නාගරික තෙත් බිමක අසිරිය විඳිය හැකි වේ යැයි මොහොතකටවත් සිතුවේද?
ඉතිහාසය වළ දමා වර්තමානය ක‍්‍රියාදාමයක් මතු පරපුර වෙනුවෙන් ඉතිරි කළ භූමියේ අභිමානවත් වටිනාකම කැටි කළ තෝ තැන්නකි එහි ඉදිවූ නාගරික තෙත් බිම් උද්‍යානය.
අහස සිඹින ගොඩනැගිලි, මැස්සෙකුටවත් ඇතුළු විය නොහැකි පරිදි ඉදිවුණ තාප්පවලින් වටවුණ නළා ශබ්දයෙන්, වාහන දුමෙන් වැසීගිය නුගේගොඩ නාගරික පරිසරයේ ගොඩනැගුණ නාගරික තෙත් බිම් උද්‍යානයට අපි පිය නැගුවෙමු.
ඇහැළ, කරඳ, කොබෝලීල, මූණ මල්, මුරුත, කුඹුක්, දිය නා ගොඩපර, කරඳ එතෙකට නුග ගස් වලින් හමා ආ සුළඟ ගතට ගෙන දුන්නේ අමුතුම සුවයකි.
දම්, ඕවිටිය, හීන් බෝවිටියා, චෙරි වර්ග, ඇඹුල් පේර, නාරං, තණ බිමේ ඇවිද යන විට නෙතට ගැටුණේ අවිවේකී නගරයේ විවේකීබාවය සිතට එක් කරමිනි.
සමනළුන්, කුරුල්ලන්, මී මැස්සන්, බත්කූරන් ප‍්‍රියකරනා, නීල කොබෙයියන් නිදහසේ පරිසරය තුළ පිළිබිඹු වූවේ අන් කිසිවක් නොව ස්වභාව සෞන්දර්යයේ චමත්කාරයය.
පොළොන්නරු රාජධානියේ අභිමානය ලොවට කියාපානා කුට්ටම් පොකුණේ ස්වරූපයට ඉදිවුණ නිසංසල පරිසරයේ ශබ්දය බිඳ දමමින් ඇද හැළුණු පොකුණේ දිය දහරාව ගතට මෙන්ම සිතට ද ගෙන දුන්නේ ශාන්තවත් සුවයකි.
අත්වැල් පටලවා ආදරයෙන් වෙලී සිටි පෙම්වතුන් නිදහස් පරිසරයේ කොටස්කරුවන් වී සිටියහ. වයස් බේදයකින්, පන්ති බේදයකින්, ජාති, ආගම්, කුල, තරාතිරමක් නොමැතිව නාගරික තෙත් බිම් උද්‍යානයට ගොඩ වැදුණු කවුරුත් දිහා අපි ආඩම්බරයෙන් බලා සිටියෙමු. ඔවුන් මෙහි උරුම කරුවන්ද? නැතහොත් අයිතිකරුවන්ද? විටෙක එලෙස සිතුනේ සියල්ලෝම ආගන්තුක බාවයකින් තොරව ඇතුළුව පරිසරයේ සුවය වින්ද හෙයිනි.
තෙත් බිම් උද්‍යානයේදී අප ඇස ගැටුණු තවත් සුවිශේෂීම කරුණක් වූයේ ජාතික විදුලිබල පද්ධතියෙන් සීමිත විදුලි උත්පාදනයක් පමණක් ලබා ඉතිරි සියලූ විදුලි උත්පාදන අවශ්‍යතාවන්, සූර්ය බලශක්තිය ප‍්‍රයෝජනයට ගැනීමය.
උද්‍යානය මධ්‍යයේ ඇති පොලොන්නරුව කුට්ටම් පොකුණට සමානව ඉදිවූ පොකුණට ද සීමිත වතුර ප‍්‍රමාණයක් පමණක් කළමනාකරණය වී ඇති අතර වාෂ්ප වන ජල ප‍්‍රමාණය පමණක් නැවත ලැබෙන පරිදි එම පද්ධතිය සකස් කර තිබේ.
එම නිසාම විදුලි වෙනුවෙනුත්, ජලය වෙනුවෙනුත් වැයවෙන මාසික බිල්පත් මිල සැලකිය යුතු ප‍්‍රමාණයක් අඩුකර ගත හැකි වී ඇත.
අනෙක් ප‍්‍රධානම කරුණක් වනුයේ ආරම්භයේ සිට මේ දක්වාම උද්‍යානයේ සියලූ ශ‍්‍රමදායකත්වය යුද හමුදාවෙන්, නාවික හමුදාවෙන්, සිවිල් ආරක්ෂක බලකායෙන් නිලධාරීන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් සිදුවීම නිසා ඇස්තමේන්තු ගත වියදමින් සියයට තිහකට වැඩි මුදලක් ඉතිරිකර ගත හැකිව තිබේ. මෙය මුදලින් ගණන් බැලීමේදී රුපියල් මිලියන ගණනකි.

ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතියේ එක් අදියරයක් ලෙසට නුගේගොඩ නගරය තුළ තෙත් බිම් උද්‍යානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වූයේ මීට මාස හත අටකට පෙරාතුවය.
ආරක්ෂක අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියෙත්, පහත් බිම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයෙත්, යුද හමුදාවෙත්, නාවික හමුදාවෙත් සහ සිවිල් ආරක්ෂක බලකායෙත් මූලික දායකත්වයෙන් ගොඩනැගුණු තෙත් බිම් උද්‍යානය, ලංකාව තුළ ඉදිවූ පළමු නාගරික තෙත් බිම් උද්‍යානයය.
භූමි අයිතියෙන් අක්කර දහඅටක (18) වපසරියක් ඇති නාගරික තෙත් බිම් උද්‍යානය අහස සිඹින තාප්ප වලින් වටවුණ අවිවේකී නගරයේදී අපහසුවකින් තොරව පිරිසිදු වාතාශ‍්‍රය ලැබිය හැකි තෝ තැන්නකි.
ශාරීරික සුවතාවය වෙනුවෙන් ඇවිදීමට ඇති මං තීරුව ගතට මෙන්ම සිතට සුවය ගෙන දුන්නේ අවට පරිසරයේ චමත්කාරය නිසාම විය හැක.
හිස් මුඩු බිමක් ජාත්‍යන්තර මට්ටමේ උද්‍යානයක් ලෙස ගොඩනැගීමේ භාරධූර කාර්යය ඉටුව ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිභාර ගෘහ නිර්මාණ ශිල්පී වරලත් වාස්තු විද්‍යාඥ, වරලත් භූ දර්ශන හා ගෘහ නිර්මාණ ශිල්පිනි එම්.ජී. තුෂාරි කාරියවසම් අතිනි.
ඇය අක්කර දහඅටක භූමි වපසරියක් මිල කළ නොහැකි අනාගත ආයෝජනයක් බවට පත් කර ඇත්තේ සියලූ ආයතන ප‍්‍රධානීන්ගේ මූලිකත්වයෙනි.
උද්‍යානය පුරා ඇති සියලූ ගස්, වැල්, මල්, පළතුරු ශරීරයට අහිතවත් නොවන ආකාරයෙන්, පරිසරයට හිතකාමී ලෙස තෝරාගෙන තිබේ.
දරුවන්ට තෘප්තිමත්ව දුව පැන සෙල්ලම් කර පළතුරු ගස්වලින් පල නෙලා ගැනීමටත් උද්‍යානය තුළදී ඉඩ හසර සලසා තිබේ.
මීට මාස කිහිපයකට පෙර ”හීන් ඇළ” යනුවෙන් දුඟඳ හමමින් තිබූ එම ඇළ මාර්ගය ද නාගරික තෙත් බිම් උද්‍යානයට ගෙන දී ඇත්තේ කාන්තාවකට ආභරණයක් පැළඳුවා සේ අලංකාරයකි.
දේශයට නූතනත්වයද,
ජාතියට ආරෝග්‍යයද,
පරිසරයට චමත්කාරය ද කැන්දු අසිරිමත් මහින්ද චින්තනයේ තවත් එක් සදාතනික සිහිවටනයක් ලෙස අභිමානවත් නුගේගොඩ පුරවරයට කැන්දු, නාගරික තෙත්බිම් උද්‍යානය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් 2013 ජනවාරි මස 12 වැනි දින පුරවැසි අයිතියට පත් වූ බව ඉතිහාසයේ පිටු අතර රනින් සටහන් වූ පරිච්ඡේදයකි.
එම පරිඡේදය අපි මෙලෙසින් සටහන් තැබූවෙමු.
සටහන - අසුන්තා එදිරිසූරිය / ඡායාරූපය - ඇලෙක්සැන්ඩර් බාලසූරිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනරඝ නිමවුමක්.......... නිසි නඩත්තුව ඉතාම වැදගත්.. මතුපරපුර සැබැවින්ම ඉතා වාසනාවන්තය. (ස)
අසිරිමත් ලංකාවක් වෙනුවෙන් කැපවෙන පරසර හිතකාමී මහතුනි, ඔබට සදා ජය! (නි)
ඇත්තටම හරිම ලස්සනයි. හරිම ආසයි. පින්තූර දැක්කහම මේ ලංකාවද කියලා හිතෙනවා. (නි)
අනර්ඝයි. නඩත්තුව වෙනුවෙන් පොඩි මුදලක් අයකිරීම සාධාරණයි. (නි)
හරිම ලස්සනයි. මේ සඳහා කැප වූ සැමට ස්තූතියි (ස)
වැඩේනම් හොඳයි, ඒත් නිසි නඩත්තුවත් නැති වුනොත් මේකත් කාලයත් එක්කම විනාස වේවි. ඒ නිසා මේක හැදුවා වගේම ආරක්ෂාකර ගන්නට වග බලාගන්න (ස)
දැන් කොළඹ හරිම ලස්සනයි (දී)
සංකීර්ණ සමාජයකට මෙවන් නිදහස් පරිසරයක් සදා දුන් අතිගරු ජනාධිපතිතුමා ඇතුලු සැමට පිං. (නි)
තවත් මේ වගේ උසස් නිර්මාණ ඔබේ හිතේ පහළ වේවා! ඒ වගේම වාස්තු විද්‍යාඥයින්ගේ සේවය මේ රටට ඉතාම අවශ්‍ය කරන යුගයක් දැන් තියෙන්නේ. හොරට පගාවට තත්වයෙන් බාල , හරි දැනුමක් අධ්‍යාපනයක් නොමැති අය කරන නිවාස හා ගොඩනැගිලි සැලසුම් නිසා අද ලංකාවේ නගර පිට රටවල නගර හා සංසන්දනය කරද්දී ඉතාම අප්‍රියජනකයි. ඇස මෙන්ම සිතද වෙහෙසට පත්වනවා. නගරවල ජීවත්වෙනකොට නිර්මාණ පරිසරය ඉතාම පරිස්සමෙන් හැඩගැස්සවන්න ඕනෑ, මිනිසුන්ගේ මානසික ආතතිය අවම වෙන විදිහට. මේ සදහා ඒ හැකියාව ඇති ඒ ගැන අධ්‍යාපනයක් ඇති අය නිරතුරුවම සම්බන්ද වෙන්න ඕනෑ , වගකීම දරන්න ඕනෑ. සාමාන්‍ය ගමේ අයටත් අද කොළඹට සීමා වී සිටින වස්තු විද්‍යාඥයින්ගේ සේවය පහසු මිළකට ගන්න පුළුවන් විදිහේ සේවාවක් ස්ථාපිත කිරීම රජය විසින් කළ යුතු විශාල යුග මෙහෙවරක්. (නි)
"එල කොල්ලෝ....එල " (ස)
ඉතාම හොඳ දෙයක්. හරිම සතුටුයි (ස)
සිත්තරුවෙකු අතින් ඇඳි ඉතාමත් ලස්සන දර්ශණයකටත් වඩා නෙත් සිත් පිනවන අයුරින් ඉතා ලොකු වෙහෙසක් දරා දේශීය මල් පළතුරු ගස් වැල් හිටුවා ලංකාවේ ස්වභාව ධර්මයට උචිත වන අයුරින් නිර්මාණය කර ඇති බව සියලුම පිංතූර වලින් විදහා දැක්වේ. මේ නාගරික තෙත් බිම් උද්‍යානය නිර්මාණය කළ සැමටම මගේ ප්‍රණාමය සහ සුබ පැතුම්!(ස)
මහේෂ් නිවැරදියි. (නි)
ගෝඨාභය කියන්නේ අපේ රටේ හිටිය දස මහා යෝධයන්ගෙන් කෙනෙක් නේ. එතුමා නැවත ඉපදිලා (ස)
ලංකාව පුදුමාකාරයි. (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න කයිවාරුකාරයන්ට වඩා යමක් ගරු ආරක්ෂක ලේකම්තුමා කරනවා. (නි)
ලස්සනයි. නිසි නඩත්තුවක් ඇතොත් දිගටම තියේවි. (නි)
අදහස නම් නියමයි. නමුත් හැම දේම කරන්නේ කොළඹ ආශ්‍රිතවමනේ. (නි)
මෙය ජාතික වස්තුවක් ලෙස රැකගනිමු. (නි)
මෙවැනි දේ රැකගැනීම අපගේ යුතුකමයි. ඇත්තටම ලස්සනයි. (නි)
ඉතාම හොදයි..!(නු)
ඉතාම හොඳ සංකල්පයක් .මෙවැනි සංකල්ප තියෙන්නේ ඝොඨාභය මැතිතුමාටයි. එතුමා අපට නිදානයක් (ස)
මෙවැනි නිලධාරීන් හැම දෙපාර්තමේන්තුවකම ප්‍රධානීන් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරනවා.එහෙම උනොත් අපේ රට සුරපුරයක් වේවි (ස)
හොද වැඩක් (ස)
මේකට ඇති ප්‍රතිචාරවලින්ම පෙනෙනවා ලංකාවේ බහුතරය හිතන පතන විදිය. මේක කොච්චර අගය කරන්න ඕනෑ දෙයක්ද? අපේ සිතුම් පැතුම් වෙනස් කරගන්න ඕනෑ. (නි)
හොඳ වැඩක් , සුබ පැතුම් (ස)
ඉතා හොද වැඩක්. (නි)
හරිම ලස්සනයි. සොල්දාදුවන්ගේ වැඩ වල පිළිවෙල මෙතනත් අපූරුවට පේනවා. මේ විදියටම නඩත්තු කළොත් ගොඩක් හොඳයි. (නි)
හරියට කරනවා නම් නියම වැඩක්. (නි)
ගොඩක් ආඩම්බරයි අපට අපේ ගොඩබව ලේකම්තුමා දෙන නායකත්වය ජයවේවා. (අ)
හරිම ආඩම්බරයි රණවිරුවනි . මේක හැමදාම මේ වගේ තියාගන්න ලැබේවායි පතමි (ස)
ඇත්තටම නෙතට ප්‍රිය දසුනක්. මගේ ලංකා මාතාව ගැන ආඩම්බරයි. එය රැක ගන්න වෙහෙසෙන සැමට මාගේ ස්තූතිය (ස)