ගල්කිස්ස මුහුදු තීරයේ රාත‍්‍රියට සිදුවන සමහර දෑ ගැන පසුගිය සතියේ රසවිතෙන් කතා කළෙමු. බීච් පාටි ද ඒ අතර විය. බීච් පාටි අතර අමුතුම තාලයේ බිච් පාටියක් ගැන අප සමඟ පැවසුවේ ප‍්‍රදේශවාසියෙකි.
එය වෙනස්ම ආකාරයේ බීච් පාටියක් වන්නේ ලංකාවේ සංස්කෘතියට සම්පූර්ණයෙන්ම නොගැළපෙන දෙයක්වීම නිසාය. ලංකාවේ එවැනි ප‍්‍රවණතාවක් නැතත් එවැන්නක් ඇති කිරීමේ අරමුණෙන් එලෙස කරනවාදැයි නොදන්නා බව ද ඔහු කීවේය.
-සම ලිංගික බීච් පාටි” ඒ ඔහු පැවසූ අමුතුම සාදයයි.
මීට ටික කාලෙකට කලින් මෙහෙ බීච් පාර්ටි එකක් තිබුණා. ඒවගේ ඒවා ඉඳලා හිටලා කරනවා. ඒක අමුතු පාටි එකක්. සමලිංගික ආදරවන්තයෝ තමයි ඒකට ආවේ. ප‍්‍රශ්නෙ තියෙන්නේ ආපු අයගෙන් වැඩිපුර හිටියේ ඉස්කෝලේ යන වයසේ පිරිමි ළමයි. ළමයි කොහෙද යන්නේ කියලා අම්මලා තාත්තලා හොයන්නේ නැද්ද මන්දා.
අවුරුදු 13 - 18 වයසේ වගේ ළමයින් එක එක විදියට ඇඳගෙන එනවා. එයාලගේ ඇදුම්වලට වියදම් කරලා තිබුණේ ඒක සංවිධානය කරපු අය. මොරටුව පැත්තේ කෙනෙක් තමයි මේක සංවිධානය කර තිබුණේ.
අවුරුදු 25ට වගේ වැඩි පිරිමිනුත් පාටියට එනවා. ඒ අතරේ 45, 50 වගේ අයත් හිටියා. ඉන් පස්සේ ළමයිනුයි මේ ගොල්ලොයි එකට බොනවා. ළමයි ගොඩක් කෙල්ලෝ වගේ තමයි ඇඳගෙන ඉන්නේ. දෙගොල්ල එකට බීලා එකට නටනවා. ඉන් පස්සේ වෙන වෙන දේවල්.
මේක සංවිධානය කරන අයට ආදායම එන්නේ අර වැඩිහිටි පිරිමින්ගෙන්. ඇත්තටම මෙතන වෙන්නේ මේ ඉස්කෝලේ ළමයින්ව අර මිනිස්සුන්ට විකුණන එක. ළමයි ඕවා ගැන දන්නේ නැහැනේ. ළමයින්ටත් කීයක් හරි හම්බෙන හින්දා එයාලත් යනවා.
සංවිධානය කරන අය ළමයින්ට උගන්වලා තිබුණා ගැහැනු ළමයින් වගේ හැසිරෙන්න. කතා බහ කරන්න. මේ ළමයිනුත් අතට කීයක් හරි එන නිසා ඒ විදියට කරනවා ඇති. මෙහෙම ගිහින් ඒ ළමයින්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවනේ. ඊට පස්සේ සමාජෙනුත් උසුලූ විසුලූ කරන තත්ත්වයකට එයි.
ළමයි මේවට ගිහින් ඕකටම ඇබ්බැහි වෙයිද කියන එකයි අපට තියන බය. ෆේස්බුක් මගින් තමයි එයාලා ගොඩක් අය සම්බන්ධ කරගෙන තිබුණේ. ඒවා බලන් ඉද්්දි හරිම අප්පිරියාවක් දැනෙනවා. අද කාලේ ගැහැනු ළමයින් විතරක් නෙමේ පිරිමි ළමයින් යන එන තැන් ගැනත් අම්මලා තාත්තලා හොයලා බලන්න ඕනෑ. රෑ තිස්සේ කොහෙද යන්නේ කියලා හොයා බලන්න ඕනෑ.
බීච් පාටි අතර අමුතුම බීච් පාටිය ගැන ඔහු අප සමඟ පැවසුවේ කනගාටුවෙනි.
එම ප‍්‍රදේශ අවට විවිධ ස්ථාන ඇති බවත්, එවැනි බීච් පාටි අවසානයේ වැඩිහිටියන් ළමයින් සමඟ එවැනි තැන්වලට යන බවත් ඔහු කීවේය.
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගල්කිස්සේ "බීච් පාටි"
සමන්ත Friday, 31 January 2014 12:34 PM
ශීලා ඔයත් ඒ අයගේ කල්ලියේ වගේ පෙනෙන්නේ.(නදී)
කෙලින් කටාව Wednesday, 12 February 2014 03:54 PM
සමලිංගිකත්වය ලෝක සොබා ධර්මයට අනුකූලව ලොකු පාප කර්මයක්, මේවාට උඩ ගෙඩි දෙන කට්ටිය ඊට වඩා පාප කර්මයක් කර ගන්නවා. දෙමාපියන් මීට වඩා දරුවන් ගැන අවදානෙනේ ඉන්න.(නදී)
ශිලා Tuesday, 28 January 2014 02:51 AM
මැලිබන් හන්දිය,බෙලෙක්කඩේ හන්දිය,ගල්කිස්ස හන්දිය,රාවතාවත්ත වගේ පැත්තට රෑ වෙලා පයින් ඇවිදන් යනකොට මේ අය ඕන තරම ඉන්නවා. ඒ අය එන්න ඇති. ඒ අයත් විනෝද වෙන්න එපයි.අනික ප්‍රසිද්දියේ පෙනී හිටින්න පිළිගැනීමක් දෙනවා කියලයි.... (දී)
අනු Thursday, 06 February 2014 10:09 AM
ඔයා නම් මාර කෙනෙක් ශිලා.(නදී)
දුමින්ද Monday, 24 February 2014 01:03 PM
අනේ මන්ද අපේ රටටත් යන කලක් (අ)