අප මේ සිටින්නේ ගල්මැටියාවේ වැව් බැම්ම මතය. අක්කර අඩි හත් දහස් හත්සියයක ජල ධාරිතාවක් රඳවා ගත් මේ සුන්දර වැව් කොමලිය වියළි කලාපයේදී මා දුටු සුන්දරම වැව යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ඒ තරමටම හිත පැහැර ගන්නා අන්දමේ අපූර්වත්වයක් මේ ගල්මැටියාවේ වැව සතුය. වාන් දොරටුව තිබෙන තැනට වැව මැදින් ගියවිට හිතට දැනෙන්නේ අපූරු මිහිරියාවකි. ‘‘මෙතැන අඩි හතළිස් පහක් ගැඹුරුයි’’ මංජුල කුමාර නමැති තරුණයා පවසන්නේය. අඩි හතළිස් පහක් යනු එසේ මෙසේ ගැඹුරක් නොවේ. ඉකුත් වූ වස්සානයේ දී රැුයක් දවාලක් නැතිව ඇදහැලූණු මහා වර්ෂාවෙන් එක් රැස් වූ වතුර කඳ සුළු පටු නොවන බව ඉන් පැවසේ. ”මේ වැවේ එකතුවෙන්නේ තනිකරම වැහි වතුර.” මංජුල කියන්නේ අපේ හිතේ උපන් විමතිය තවත් වැඩි කරමිනි. වේලාව සවස හතරට පමණය. හිරු බටහිර අහසේ සිතිජයට කිට්ටු කරමින් සිටින්නේ හොර ගල් අහුලමිනි. ගලාඑන්නේ සෞම්‍ය රශ්මියකි. ඒ රැස් වැවට වැටී පරාවර්තනය වෙයි. හිරු රැස සෞම්‍ය වුවද නෙත ගැටෙන ඒ පරාවර්තිත හිරුරැුස නෙතට අමාරුය. මම ඈත බලමි. ඈතින් පෙනෙන්නේ කන්දකි. ඒක තමා විහාර කන්ද කියන්නේ. ඔය කන්දෙ හැංගිලා නටබුන් තියෙනවා. ගල්කණු ගොඩනැගිලි වල පාදම්වගේ ඒවා. ”වැවේ වතුර අඩුකාලෙට අපේ ගමේ කට්ටිය ඔය විහාරකන්දට යනවා. හැබැයි ඉතින් වල් අලින්ගේ විමානෙ.’’ මංජුල කියන්නේ අපි විහාර කන්දටත් යමුදැයි මා අසතැයි බියෙන් මෙනි. ‘‘මේ හරියෙත් අලි ඉන්නවද ඒ කියන්නෙ..?’’ ”ඉන්නවා ඉන්නවා.. මෙලහටත් වැව් පිටියට අලි බැහැල ඇති. අලි තිහක හතළිහක රංචුවක් නිතරම වගේ වැව් පිටියට බහිනවා.” එහෙත් වැව් පිටිය තිබෙන්නේ අපේ නෙත් වලට හමුනොවන තරම් දුරකය. ඉදිරියෙන් පෙනෙන විහාර කන්දට ඉදිරියේ ඇති අනෙක් කන්දෙනුත් එහා පැත්තේය. ඒ ඉසව්වට යා යුත්තේ වෙනත් මගකිනි. අපි මේ ගල්මැටියාව වැවට ආවේ වැවට එන අලි බලන්නට නොවේ.වැව පාමුල ඇති පන්සල සතු කිරිගරුඬ බුදු රුව දැකීමේ අරමුණිනි. එබැවින් අපි වැව් බැම්මෙන් බැස පන්සල දෙසට පියමං කළෙමු. පැරැණි රජමහා විහාරය ලෙස නම් කරන ලද මේ පන්සල පළමු වැනි පරාක්‍රමබාහු රජසමයේ ඉදිකරන ලද්දකි. යළි නිශ්ශංක මල්ල රජ සමයේ ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. එහෙත් නැගෙනහිර බොදු උරුමයට මුහුණ දෙන්නට සිදුවූ සියළු වි්යසන වලට මේ විහාරයටද මුහුණ දෙන්නට සිදුවිය. දොළොස්වැනි සියවසේදී එල්ල වූ චෝල ආක්‍රමණ හමුවේ මේ පෙදෙස්වල විසූ ජනතාව රුහුණට පලා ගියහ. පන්සල් නටබුන් වූ අතර ඒවා වනයෙන් වැසී ගියේය. එසේ වැසීගිය පන්සල් බොහොමයකට යළි ජීවය ලැබුණේ ලංකාවට නිදහස ලැබුණායින් පසුවය. ”කැඩිලා බිඳිලා ගිහින් තිබුණු ගල්මැටියාව වැව ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තා. 1967 අවුරුද්දෙදී වැව් බැම්ම හදන්න අවශ්‍ය පස් හෑරුවෙ පන්සල් ගොඩැල්ලෙන්. ඔහොම පස් හාරනකොට බැකෝ එකේ කුල්ලට අහුවෙලා මතුවුණේ සුදු පාට බුදු පිළිමයක්. කුල්ලට අහුවුණු අත කොටස කැඩුනත් ඉතුරු කොටස පරිස්සමට අරගන්න පුළුවන් වුණා. අන්න ඒ බුදු පිළිමෙ තමා, අදටත් මේ පන්සලේ තියෙන විශේෂම අංගය. ඒක කිරිගරුඬ බුදු පිළිමයක්.’’ගල්මැටියාව පුරාණ රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ජයපුර ජිනරතන හිමියෝ කියති. අපි මේ බුදුරුව බලන්නට ගියෙමු. බෝ මලූවට මදක් ඔබ්බෙන් පිහිටි කුඩා බුදු ගෙයක තැන්පත් කර ඇති බුදුරුවෙන් පෙනෙන්නේ අඩක් පමණි. මා සිතුවේ එහි ඉතිරි කොටස කැඞී බිඳී විනාශ වී ගොස් ඇති බවකි. එහෙත් ජිනරතන හිමි කියන්නේ බුදු රුවෙහි ආරක්ෂාව උදෙසා එහි අඩි හතරක පමණ කොටසක් සිමෙන්තියෙන් ආවරණය කර ඇති බවකි. 1967 දී වැව් බැම්මට පස්ගත් කොටස අද පස් පියුමෙන් සැදි වැවකි. වියළි කාලයට අලි ඇතුන්ගේ පිපාසය පවා නිවාලන මේ පොකුණ අවට භූමියෙහි ඉපැරණි නටබුන් බුදු පිළිම සිරිපතුල්ගල් ගල් කණු ආදී බොහෝ දේ සැඟව තිබේ. නිසි පරිදි කැණීමක් කළහොත් ඒ නටබුන් ද මතුකරගෙන ගල්මැටියාවේ පන්සලටත් වටිනාකමක් එකතුකරන්න පුළුවන. මේ පන්සල ගොඩනගන්න ඇප කැපවුණේ කිතුල්ගොල්ලේ ජිනානන්ද හාමුදුරුවෝ. ඒත් කොටි කලබල කාලේ උන්වහන්සේට මෙතන ඉන්න බැරිවුණා. ඒ කාලේ මේ හැමතැනක්ම තිබුණේ කොටින්ගේ පාලනය යටතේ. ජිනරතන හිමියෝ කියති. උන්වහන්සේ මේ පන්සලට වැඩම කළේ 2001 වසරේදීය. එවකට ජිනරතන සාමණේර හිමියන්ගේ වයස අවුරුදු 14 කි. ඒ කාලෙ අපි හිටියේ කඩාවැටුණු. මඩුවක... හරියකට ආහාරයක්වත් නැතුව මෙතනම වගාකරගන්නා දෙයකින් තමා ජීවත්වුණේ. ජිනරතන හිමියෝ අතීතය සිහිපත් කරති. අද වුණත් මේ හාමුදුරුවන්ට සැප පහසුකමක් නැත. පන්සල වටේටම තිබෙන්නේ අන්‍යාගමික නිවෙස්ය. අදටත් පන්සල අවට ගොවි පොළකි. ඒ ගොවිපළ කියන්නේ මේ හාමුදුරුවන්ට පිටතින් ආහාරයක් ලැබෙන්නේ ඉඳහිට බවයි. කෙසේ වෙතත් උන්වහන්සේ මේ ඉපැරැුණි පුදබිම රැක බලාගනිමින් කරන්නේ උදාර ශාසන සේවයකි. කවදාහරි දවසක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහි කැණීම් කළහොත් ඉන් මතුවන අපේ බෞද්ධ උරුමයන්ට විශාල වටිනාකමක් තිබෙන බවනම් කිව යුතුය. මේ විදිහට අපිව බලල යන්න ආපු එකත් ලොකු පිනක්. ත්‍රිකුණාමලේ පැත්තේ එන බෞද්ධ පින්වතුන්ට කියන්න අපේ පන්සලටත් ඇවිල්ල යන්න කියලා. ජිනරතන හාමුදුරුවෝ ඉල්ලීමක් කරති.
2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ගලමැටියාව වැව පහළින් කිරිගරුඬ බුදු පිළිමයක්
චමින්ද Tuesday, 05 June 2012 01:10 PM
යන විදිය කියන්න. අපිට යන්න....
සිසිර Monday, 04 June 2012 01:26 AM
කොහොමද මෙතෙන්ට යන්නේ?
භාතිය Tuesday, 12 June 2012 12:07 PM
අනේ එන හැටි කියන්නකෝ මෙතෙන්ට