ගාල්ල තල්ගස්වල නියාගම මානම්පිට ශ‍්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ බෝධීන්වහන්සේ චෛත්‍ය හා බුදු පිළිමය ආදී තැන්වලට මිනිස් පාදවලට සමාන, ඉතා විශාල හා විශාල දිගින් යුතු පා සළකුණු රැුසක් විහාරස්ථානයේ වැලි මළුවේ සටහන් වීම නිසා ප‍්‍රදේශ වාසීහු මහා පිරිසක් අද 16 දවස පුරා විහාරස්ථානයට පැමිණ ඒ පා සළකුණු දැකබලා ගත්හ. මෙය මහා හාස්කමක් බව ප‍්‍රදේශ වාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් විහාරස්ථානයේ විහාරාධිපති අමිත හිමියෝ පැවැසුවේ මේ ආකාරයට අසාමාන්‍ය පා සලකුණු දැකිය හැකි වූ බවයි. අදහස් දක්වමින් අමිත හිමියෝ මෙසේ පැවැසූහ.
බෝ මළුවේ ඇති වැලිතලාවේ පා සලකුණු දහයක් විතර තියෙනවා. මේ පා සලකුණු පුද්ගලයකුගේ නොවෙයි. අසාමාන්‍ය අයුරින් තමයි පා සලකුණු දක්නට තියෙන්නේ. අටවිසි බුදු කුටි අතර තිබෙන ප‍්‍රධාන බුදුගෙය දක්වා මේ පා සලකුණු සටහන් වී තියෙනවා.
මේ විහාරස්ථානයේ චෛත්‍යයේ කොත් පැළඳවීම සහ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමේ පින්කම ඔක්තෝබර් මස 30 වැනි දින පැවැත්වූවා. ඊට පසු සෑම දිනකම රාත‍්‍රියට පිරිත් දේශනා පැවැත්වෙනවා. සෑම සෙනසුරාදාවකම දම්සක් පැවැතුම් සූත‍්‍රය දේශනා කරනවා. ඉකුත් 15දා රාත‍්‍රි 9.00ට විතර තමයි ලියනගේ උපාසිකා මහත්මිය මේ පා සලකුණු දැකලා අපට දැනුම් දුන්නෙ ඊට පසු මාත් ගිහින් පා සලකුණු පරීක්ෂා කළා.
බෝ මළුවට ඇතුළුවන තැන තමයි මුල්ම පා සලකුණ තියෙන්නේ. අඩියක් විතර දිග ඇති. මාපට ඇඟිලි ඒ විදියට සටහන් වෙලා තියෙනවා. මේ පා සලකුණු නම් සාමාන්‍ය කෙනකුගේ නෙවෙයි. බුද්ධ මන්දිරය ළඟත් පා සලකුණු දෙකක් තියෙනවා. එතැනින් ඒහාට කිසිදු පා සලකුණක් නැහැ. මෙය අද්භූත දෙයක් හැටියට තමයි අපට පේන්නේ යැයිද අමිත හිමියෝ තවදුරටත් පැවැසූහ.
මේ සම්බන්ධයෙන් විශාල පිරිසක් මෙය දැකබලාගත් බවද උන්වහන්සේ පැවසූහ. මේ සම්බන්ධයෙන්, ප‍්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙක්ද මෙම සිද්ධිය දැක තිබේ. ඒ අය එම මිනිස් පාදවලට වඩා විශාල වූ දිගින් හා පළලින් යුතු මේ පා සටහන් වැලි මළුවේ දැක ගත හැකි වූ බව කියතිි. පෙර දින රාත‍්‍රියේ මහා පිංකමක් තිබුණා. මෙය හමාර වූයේ 15 වන දින මධ්‍යම රාත‍්‍රියේය.
ඒ අනුව, පසුදින එනම් 16 වැනි දින උදෑසන මේ සිද්ධිය දැකගත හැකිව තිබිණි. වෙහෙර, බෝධීන්වහන්සේ ඇති වැලි මළුවේ, බිමෙහි සක්මන් කර ඇති ආකාරයට මේ අසාමාන්‍ය පාද සටහන් දැකිය හැකි අතර බුදු පිළිමවහන්සේ අසලට මෙම පාසටහන් ගමන් කර එම ස්ථානයේ එක තැන මේ පාසටහන් නතර වී යම් වේලාවක් සිට ඇති බව ඒ පා සලකුණු වලින් දැකිය හැකි වූ බව ගම්වාසීහු හා ප‍්‍රදේශවාසීහු පැවසූහ.
මේ ආකාරයට බුදුපිළිමවහන්සේ අසළ නතරව ඇති පා සලකුණු පසු පසට හෝ ඉදිරිපසට හෝ ගමන් කළ බවක් ද දැකිය නොහැකි බව ගම්මු කියති. මෙය මහා අසිරිමත් සිදුවීමක් බව ප‍්‍රදේශවාසීහු අප සමඟ පැවසූහ. බුදු පිළිමය අසල පා සලකුණු තිබුණද එය ඉන් ඉදිරියට හෝ පසුපසට සටහන් ව නොමැති බවද විහාරස්ථානයේ සිටි තරුණයෝ අප සමඟ පැවැසූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙම ස්ථානයට ගොස් පරීක්ෂණයක් පැවැත්විය.
හෙතෙම කියන්නේ කිසිදු ආකාරයෙන් මෙය දෙවියකුගේ හෝ වෙනත් අමුණුෂ්‍යයකුගේ නොවන බවයි. මෙය යම් කිසි පුද්ගලයකුගේම මිනිස් පා සලකුණක්. මෙය හිතා මතා කර ඇති මුලා කිරීමේ කටයුත්තක්. මෙය යම් තරුණයකුගේ මිනිස් පා සටහන් වෙනවා. එය වයස අවුරුදු දහයක සිට වයස අවුරුදු තිහක අයකුගේ පා සලකුණක් වෙන්න හැකියාව තියෙනවා. දැන් මෙම සිද්ධිය වූ විගසම අප එම ස්ථානයට ගියා. එහිදී තමයි කිසිම මාධ්‍ය ආයතනයකට ගත නොහැකි වූ පිංතූර අප ගත්තේ. මෙහිදී මේ පා සලකුණු අප නිවැරදිව සටහන් කළා. පා සලකුණු විලූඹ පැත්තේ සාමාන්‍ය මිනිස් විලූඹකට සමානයි. නමුත්, විලූඹේ සිට ඇඟිලි දක්වා ගමන් කරද් දී වෙනසක් තියනවා. එය යම් අයකු විසින් සකස් කර තිබෙන ආකාරය දැකිය හැකියි. ඇඟිලි අතරින් වැලි පිටතට නෙරාගිය බවක් දැකිය නොහැකියි.
සමහරු කියනවා මෙය කඩවර දෙවියන්ගේ කියල. නමුත්, දෙවියන්ට හෝ අමනුෂ්‍ය පිරිසකට භෞතික දේ කරන්න හැකියාවක් නෑ. එය විද්‍යාත්මක කාරණාවක්. මෙය අපේ බුද්ධාගම සද්ධාබුද්ධි සම්පන්න වූ ආකාරයෙන් අදහන පිරිසක් නිසා මෙය වැරදි බව පැහැදිළියි. මෙය යමෙක් හිතාමතා කළ රැුවටිල්ලක් වෙනවා. යම් මානසික විකෘතිතාවක් ඇති අයෙක් තමයි මෙය කර තියෙන්නේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේ ලිපිය කියෙව්වා.හිතාගන්න බෑ.කොහොම උනත් හැම දෙයක්ම දහමේ ඉගැන්වෙන විදියට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ කරගත්තනම් තමයි හොඳ.(දිල්)
අනේ හාමුදුරුවනේ. මේ පොඩි ළමයන්ට සත්‍යය නේද පෙන්වල දෙන්න ඕනා. මිත්‍යාව නෙවෙයි නේද? (නදී)
ඕක ඇත්ත උනත් ඇති පලේ මොකක්ද? මුළු වැවම පිරිත් පැන් කළ බව අදහාපු මිනිස්සු ඉන්න රටක තමයි තාම අපි ඉන්නේ. නොපෙනෙන දේ මොනවටද? දහම නිවැරදිව තියෙද්දි. (නදී)
අනේ බුද්ධාගමට ගිය කල. දුකයි අප්‍රමාණ දුකයි. පොඩි දේටත් මිනිස්සු රැවටෙනවා. (නදී)
මේවා හොඳයි තමිල්නාඩුවට. (නදී)
මම නම් හිතන්නේ මේක වෙන කෙනෙක්ගේ වැඩක් (නි)
මෙම කථාවෙ සියල්ලම බැහැර කරන්න උත්සාහ ගන්න එපා (නි)
මෙය යමෙක් හිතාමතා කළ රැවටිල්ලක් වගෙයි. යම් මානසික විකෘතිතාවයක් ඇති අයෙක් තමයි මෙය කරන්න ඇත්තේ. (නි)
විහිලුවට කවුරු හරි කරපු වැඩක්.(හේ)
මෑතකදී සිදු වුන,සමහර පන්සල් වල බුදු පිලිම වලින් රැස් විහිදෙනව දැකපු අය ඉන්නවනම් මෙතන ලියා අපට දන්වන්න පුලුවන් ද? (ස)
ඉතින් මෙහෙම බොරුවක් කරලා මොකක්ද ඇති ප්‍රයෝජනය? (නි)
මමත් බැතිමත් බෞද්ධයෙක්...බුදුසමය වැනි අංගසම්පූර්ණ ජීවන දර්ශනයක පැවැත්ම හා ප්‍රචාරයට මෙවැනි බොලඳ උත්සාහයන් අනවශ්‍ය බවයි මගේ හැගීම.ඉන්දියාවට ගියාම හින්දු කෝවිල් ආශ්‍රිතව මෙවැනි රැවටීම් අනන්තවත් වාර්තා වෙනවා.අපිට නිර්මල බුදු දහමේ දායාදය මෙතරම් හොදින් ලැබෙද්දී මොකටද තවත් නොපෙනෙන දෙවියන්ගේ හාස්කම්.ඕව. හොදයි මිනිසුන් මුලාකොට බද වඩාගන්නා කපුවන්ට. අපේ හෑගොඩ විපස්සී මාහිමිපාණන් වහන්සේගෙන් ඇහුවොත් මේ ගැන ඉතා විචක්ෂනශීලී ධර්මයට එකග පිළිතුරක් සපයාවි. (අ)
මගේ අදහස නම් බරවා හැදුනු කෙනෙක් වෙන්න ඇති (නදී)
ඇයි මිනිස්සු මෙච්චර උත්සහ කරලා මිනිසුන්වම රවට්ටන්න හදන්නේ...(අ)
ඇත්තටම මේ මිනිස්සුන්ට පිස්සුද.මේ වගේ අන්දන්න පුලුවන් ජාතියක් මුලු ලෝකේම නැ.(ම)
මේවාගේ දෙයක් අපේ ගමේ පන්සලේත් තිබුණා මේකත් එවාගේ එකක් ද දන් නෑ (ම)
බුදු දහම පන්සල විහිලුවට ලක් කරන්න හදපු දෙයක්. (ර)
saduni මේක බොලද ප්‍රචාරණයක් නෙමෙයි. එහෙනම් ඒ පත්තරේට දුන්න අය. හාමුදුරුවෝ පවසලා තියෙන්නේ මේක අත්භූත දෙයක් විදිහට. නැතුව දේව හාස්කමක් විදිහට නෙවෙයි. ඒකට වැදුම් පිදුම් කරන්න කියලා සල්ලි ගරන දෙයක් මෙතැන වෙලා නැහැ. මේක ඕනාම දෙයක් වෙන්න පුලුවන්. සමහර විට 6-4 නොදත් ළමයින්ගේ වැඩක් වෙන්න පුලුවන්. පත්තරේට එන එකයි පුදුමෙ. මේ ඒකට නිදසුන් ෆේස් බුක් එකෙ ලංකාදීප පිටුවේ මේපුවතට අදාලව කමෙන්ටුව ගත්තෙ ////Sujith Lasan මමත් දහම් පාසලේ ඉන්නකොට පන්සලේ වැලි මළුවේ කෘතිමව පාසටහන් හැදුවා. අැත්ත එ්වා වගේම පාසටහන් හදන්න පුළුවන්.//// (ස)
මාත් මෙය කියෙව්වා මා හට මෙය පෙනෙන්නේ බොළඳ උත්සහයක් කියා. (ස)
මෙවැනි අවිදිමත්, අවිචාර, දෑ බුදු දහම හා කිසිදා නොගැලපේ. බුදු දහමේ ඉගැන්වීම් අතිශයින්ම ප්‍රඥා ගෝචර බැවින් තම තම නැණ නුවණ යොදා විචාර ශීලීව බලන්නේනම් මැනවි.(හේ)
මාත් ලිපිය කියෙව්වා.සදුනි අක්කගේ අදහස හරි වගේ.අපේ හාමුදුරුවරුත් මේ" හාස්කම් "ඉස්මුදුනින් පිලි නොගෙන දනුගත් හාමුදුරුනමකගෙන් විමසනවානම් හොදයි නේද? (අ)