‘සසර’යනු මහා දුක් කන්දරාවකි. මේ බව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දී දේශනාකර ඇත. ‘‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි නපඤ්ඤායති’’ සසර යනු ඉමක් කොනක් නොපෙනෙන මහා ප‍්‍රවාහයකි. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා කෙළවරක් දැකිය නොහැකි මේ මහා සංසාරේ මාත් ඔබත් ගමන් කළ බව බුදුරාජාණන් වහන්සේ දේශනා කළහ. සත්ත්වයන් ඉබාගාතේ කිසිදු පිළිසරණක් නොමැතිව සංසාර ප‍්‍රවාහයට හසුව පාවී යන ජීවිතවලට සදාකාලික සැනසීමක් එක් කළේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ එසේ කළේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරූ පාරමීදම් බලයෙනි. එසේ නම් දැන් සසරේ ඉමක් නොපෙනුණත් කොනක් නැතැයි කියා පසුතැවිලි වන්නට අවශ්‍ය නැත. ලාබ, අලාභ, අයස, යස, නින්දා, ප‍්‍රශංසා, සැප, දුක් කියන්නා වූ අටලෝදහමට නිරන්තර හසුව ගත කරන මේ ජීවිතයට සදා සැනසිල්ලක් ඇති බව අපට පැහැදිලිය. ඒ උතුම් වූ පිළිසරණ අපට ලබා දුන් බුදුරජාණන් වහන්සේට නිරන්තර ආමිස පූජාවෙන් හා විශේෂයෙන් ප‍්‍රතිපත්ති පූජාවෙන් පිදුම් කළ යුතුය. බෞද්ධයන් හැටියට අප සදාකාලීක සැනසීමක් හෙවත් නිවනක් තිබෙන බව දැනගත්තත් තවම ඒ උතුම් වූ සැනසීම් මග සොයාගෙන නැති ආකාරයකි දකින්නට ලැබෙන්නේ. ඒ සඳහා කතා කරමින් හා සාකච්ඡුා සම්මන්ත‍්‍රණ පවත්වමින් සිටිමු. ඒනිසා සසරේ පවත්නා වූ නිවැරදි ලක්ෂණය හඳුනා නොගෙන ජීවත්වන්නෙමු. බුදුදහමේ සඳහන් සෑම කාරණාවක්ම අර්ථයෙන් පිරිපුන්ය. ඒ සෑම කරුණක්ම ජීවිතයේ යහමග කියා දෙන්නකි. එහෙත් නුවණක් බුද්ධියක් ඇති කෙනකුට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ඉපදීම, මරණය හෙවත් භවයෙන් භවයට ගමන් කිරීම හා සම්බන්ධ දේශනාව පමණක් සසරේ පවත්නා වූ ස්වභාවය තේරුම් ගැනීමට ඉවහල්වනු ඇත. සත්ත්වයන් හැටියට සංසාරේ විවිධ ආත්මභාව ලබා ගමන් කිරීම දැකිය හැකිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ භව ගමන පිළිබඳව බලනවිට පාරමීදම් පිරූ කාලය තුළ ද තිරිසන් ආත්මභාව ලබා ඇත. ඇත්, ගව, මුව, වඳුරු, නාග ආදී සත්ත්ව කුලවල ඉපිද ඇත. එසේ නම් පින්වත, අප විශේෂ පාරමී දහමක් පුරන්නටවත් ආරම්භයක් තිබේ ද? එය තම තමාගෙන්ම ඇසිය යුතුය. අනෙක් අයගෙන් නොඇසිය යුතුය. සමහරවිට එවැනි ආකාරයේ ආරම්භයක්වත් නැත්නම් අපේ ජීවිත සසරේ කුමන කුමන පැතිවලට ගමන් කරයි ද? අපේ ජීවිතයේ සැනසීම තීරණය වන්නේ අප කරන්නා වූ ක‍්‍රියාවන් අනුවය. අපව බෙදනු ලබන්නේ කර්මයයි. ‘‘කම්මං සත්තේ විභජති’’ ඒ අනුව තමා කරන ක‍්‍රියාවෙන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් විය හැකිය. තමා කරන ක‍්‍රියාවෙන් මෝඩ මනුෂ්‍යයෙක් දුප්පත් මනුෂ්‍යයෙක්. අප‍්‍රියරූප ඇති මනුෂ්‍යයෙක් විය හැකිය. එසේම හරකෙක්, බූරුවෙක්, බල්ලෙක් වන්නට ද පිළිවන. එසේම දෙවියෙක්, බ‍්‍රහ්මයෙක්, භූතයෙක්, පිසාචයෙක් විය හැකිය. එසේම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් හා පසේබුදු, සම්මා සම්බුද්ධ තත්ත්වයන්ට පත්වීමට ද පිළිවන. විශ්ව සමාජය තුළ මිනිසුන් අතර වුවත් තිරිසන් සත්වයන් තුළ වුවත් විවිධ වර්ගීකරණ ඇත. මනුෂ්‍යයන් කෙතරම් සිටියත් එය එක් එක් මිනිසුන්ගේ කුසලය, අකුසලය අනුව රූපය, ගතිලක්ෂණය හා ලැබීම් වෙනස් ය. තිරිසන් සතුන් අතර වුවත් විවිධ වෙනස්කම් ඇත. සුනඛයන්ගේ විවිධ වර්ග ඇත. ඒ ඒ වර්ග අනුව ඉල්ලූම ද වෙනස්ය. සමහර සුනඛයන් සුඛෝපභෝගී ජීවිත ගතකරයි. තවත් සුනඛයන්ට කෑම බීමවත් නැත. දෙවියන් අතර වුවත් අල්පේශාඛ්‍ය, මහේශාඛ්‍ය වශයෙන් කොටස් දෙකක් ඇත. අල්පේශාඛ්‍ය යනු පිනෙන් අඩු අයයි. මහේශාඛ්‍ය යනු පිනෙන් පොහොසත් අයයි. මහරහතන් වහන්සේලා අතර වුවත් විවිධ ලක්ෂණ ඇත. සීවලී මහරහතන් වහන්සේට කුමන ස්ථානයක සිටියත් දානය ලැබුණු අතර ලෝසක මහරහතන් වහන්සේට කොතැන සිටියත් කුස පුරා දානය වළඳන්නට ලැබුණේ නැත. චක්‍ඛුපාල මහරහතන් වහන්සේ රහත්වන ආත්මභාවයේ උන්වහන්සේගේ ඇස් අන්ධ විය. මේ සෑම දෙයකටම හේතු කාරණා ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේට ද නිරන්තර හිසේ රුදාවක් තිබිණ. එයට හේතුව සසරේ එක්තරා ආත්මභාවයක මසුන් මරන්නෙකුගේ බිලී පිත්තට මාළුවෙකු හසුවී ගැහෙන ආකාරය දැක සතුටුවීම නිසාය. එසේ නම් අප කරන කටයුතු ගැන මීට වඩා සිතිය යුතුයි. ඒ මන්ද? සසරේ තව තවත් අපට ඈත ගමනක් යා යුතුව ඇති නිසාය. කොසොල් මහ රජතුමා දුටු සිහින දහසයේ කතා පුවත ඔබ අසා ඇතැයි සිතමි. එතුමා දුටු එම සිහින තමාටත්, රට වැසියන්ටත් හානියක් ඇද්දැයි එතුමාගේ පුරෝහිතයන්ගෙන් විමසීය. එවිට ඔවුන් ප‍්‍රකාශ කළේ ඔබටත් රටවාසීන්ටත් මහත් වූ අපලයක් ඇති බවය. එයට කුමක් කළ යුතු දැයි? රජතුමා ඇසූවිට පුරෝහිත බමුණන් කීවේ මහා යාගයක් කළයුතු බවයි. එනම් සත්ත්ව බිලි පූජාවක් කළ යුතුය යන්නයි. එසේ නම් සූදානම් කරවයි අණ කළේය. ටික වේලාවක් යන විට වත්ත පුරාම විවිධ වර්ගයේ සතුන් දකින්නට ලැබිණ. එළුවන් සියයක්, කුකුළන් සියයක්, ගවයින් සියයක් ආදී වශයෙන් ඒ ඒ සත්ත්ව කුලවලින් සියය බැගින් ඒ ඒ තැන්වල ගැට ගසා ඇති ආකාරය එතුමාගේ බිසව වූ මල්ලිකා දේවියට දැකගන්නට ලැබිණ. එය දැක විමතියෙන් මෙන් රජතුමාගෙන් මෙසේ ඇසීය. ‘‘රජතුමනි, මොකද මේ වත්තේ හැම තැනම සත්තු ගෙනත් දාලා තියෙන්නේ?’’ එවිට රජතුමා මෙසේ කීය. ‘‘දේවිය, මම ඊයේ රෑ සිහින දහසයක් දැක්කා, ඉතින් ඒක මටත් රට වැසියන්ටත් අපල බව පුරෝහිතයන් කියනවා. ඔවුන් කීවා මහා සත්ව යාගයක් පැවැත්වීමෙන් ඒ අපලයෙන් ගැලවෙන්න පිළිවන් කියා. ඒ යාගය කරන්නයි සූදානම් වෙන්නේ. මල්ලිකා දේවිය බුදු දහම ගැන දැන සිටි නිසා ඇයට මැනවින් රජතුමා කරන්නට යන නස්පැත්තිය ගැන වැටහුණාය. ඒ මොහොතේම රජතුමා සමග බුදරජාණන් වහන්සේ හමුවට ගියාය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි රජතුමා කරන්නට සූදානම් වූ සත්ත්ව බිලි පූජාව නතර කළේය. එවැනි සත්ත්ව බිලි පූජා ආගම් නාමයෙන් එදා තිබුණු බව ශාසන ඉතිහාසයෙන් පෙනී යයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප‍්‍රචලිත වීමෙන් ඒ සත්ව බිලි පූජා නතර විය. කුමන ආගමකට අයිති වුවත් තවත් කෙනකුගේ හෝ තිරිසන් සතකුගේ හෝ ජීවිතයක් විනාශ කර සෙතක් ලබන්න හෝ අපලයෙන් මිදෙන්න හෝ හැකියාවක් නැත. සත්වයෙක් ඝාතනය කිරීමෙන් තමාට ශාපයක්ම වනු ඇත.
ගෝණදෙණියේ සීවලී හිමි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්ත්ව හිංසනය කොයි සතාටත් එකයි.....හැම සත්ත්වයෙක්ම තම ප්‍රාණය රැක ගැනීමට උත්සාහ දරන්නෙකි..මනුස්සතත්වයා...මනස උසස් යැයි සලකා ඔහුව මනුෂ්‍යයා යනුවෙන් නම් කර ඇත...ඒ ඔහුගෙන් උසස් මනසක් ඇති අයෙකු ලෙස කටයුතු...කරන හේතුවෙනි..එහෙනම් ඒ උසස් මනස ඇති කෙනා ඇයි...පහත් මානසිකත්වයකින් වැඩ කරන්නේ...තේරුම්ගත යුතු එකම එක දෙයක් ඇත...තමා යම්..හොද හෝ නරක ක්‍රියාවක් කරන්නේද? එම ක්‍රියාවට විරුද්ධව හෝ සමාන යම් හොද හෝ නරක ප්‍රතික්‍රියාවක් තමා වෙත එල්ලවීම ඔබ අදහන කිසිම දෙවියෙකුට..බලවතෙකුට..ජගතෙකුට වැලැක්විය...නොහැක..එම ප්‍රතික්‍රියාව ස්වභාව දහම තුල කුමන හෝ වෙලාවක ක්‍රියාත්මක වනු නියතය....සිතට වහල් වෙන්න එපා..අවිහිංසාවාදී යහපත් සිතකින් යුතුව...මැරෙනතුරු ජීවත් වෙන්න පුරුදු වන්න...එසේ ජීවත්වීමේදී තමාග්..දෙවියන් තමාතුලම සක්‍රිය වේ...වෙන කොහේවත් දෙවියන් නැහ...දෙවියන් හෝ යක්ෂයින් සිටින්නේ තමා තුලමය...ගස්ගල්වලවත්..රූප,පිලිම..හෝ මවාගත් වෙනත් යම් දෙයක් තුල දෙවියන් නොසිටී...ඔබ තුලම වැඩ සිටිනා දෙවියන්..ඔබම මතුකර ගන්න උත්සාහ කරන්න...වැඩිය ඕනේ නැහ...බෞද්ධාගමේ ඉගැන්වෙන පංචශීලය රකින්න..එවිට ඔබ වටා ඔබේ හතරවරම් දෙවියන්...ඔබව රකීවි...කිසිම උවදුරක්, උපදුවයක් සිදුනොවේවි...(ස)
"ගෞතම බුදුරජාණන් වහන්සේට ද නිරන්තර හිසේ රුදාවක් තිබිණ. එයට හේතුව සසරේ එක්තරා ආත්මභාවයක මසුන් මරන්නෙකුගේ බිලී පිත්තට මාළුවෙකු හසුවී ගැහෙන ආකාරය දැක සතුටුවීම නිසාය",සීවලී හිමියනි, මෙහෙම කාරණාවක් කිසිදු සුත්‍ර පිටකයක හෝ බුද්ධ දේශනාවක සදහන් වෙලා නැහැ. මෙය කලක් තිස්සේ බෞද්ධයන් අතර ඇති වැරදි මතයකි. බුදුරජාණන් වහන්සේ වයසට යාම නිසා විටින් විට ආ කොන්දේ අමාරුවක් ගැන නම් හොදට සදහන් වෙනවා. නමුත් මේ වගේ පාපකර්මයක් නිසා හිසේ අමාරුවක් ඇතිවීමක් ගැන කොහෙවත් සදහන් නැහැ. කොහොම නමුත් ලිපිය හොදයි. ගව ඝාතනය වැළැක්විය යුතුයි. මේවා අපට පුරුදු වුණේ සුද්දෝ ආවට පස්සේ, ඒ කාලේ සුද්දන්ට "ගෙරි මස් කන පර සුද්දා " කියල බැන්නේ මේ නිසයි, තම්බිලා මේක දැන් ව්‍යාපාරයක් කරගෙන. අපේ ගෙවල්වල හිටපු කිරි හරක් මරාගෙන කාලා, දැන් අපි පිටරටින් පිටිකළ කිරි අස්ප ගානට ගෙනත් බොනවා! පිටි කිරි බොන්නේ ලංකාවේ විතරයි, බටහිර රටවල 95% ක් බොන්නේ පිරිසිදු කළ එළකිරි. මේක අපේ ගුණධර්ම වලට පහරක් විතරක් නොවෙයි, ආර්ථිකයටත් මරු පහරක්! (නි)
කරුණාකර උත්සාහ කරන්න ගව මස් කෑමෙන් වැලකී සිටින්න (ස)
ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම මස් කනවා (අ)
පෝය දවස කියලාවත් නොබලා මස් කන බෞද්ධයින් සිටිනාතුරා මේක නවත්වන්න බැහැ (නි)
අපි එකතු උනොත් බැරි නැහැ
තමන්ගේ වර්ගයාට ඒ වර්ගයේ අය කොහොමත් ආදරේ බව දාලා තියෙන අදහස් වලින් පෙනෙනවා. (නි)
ඔන මස් වර්ගයක් ඒ ඒ අය කැමති විදියට කන්න.(නදී)
ඉස්සර කාලේ නම් හරක් මස් කඩේ හවස් වෙනකම් විවෘතව තියෙනවා.(නදී)
සිංහලයින් මෝඩයි කියන්නේ ඒ නිසා තමයි. හරක් මස් කන්නේ තම්බි අය විතරද? (නි)
”අසිත 2012-10-10 20:46:35” උතුම් මිනිස් ගුණාංග අගයන බුද්ධිමතුන් ජනතාවටක් ඉන්න රටේ, ඒවාට නිගාකරන්න බලාගෙන ඉන්න නොමිනිස් අමනයොත් ඉන්නවා! (අ)
හර්ෂණ කියන්නේ පිස්සෙක් වගෙයි පෙනෙන්නේ. (නි)
බුදුදහම අනුව හරකුන්ට පමණක්ද පණ තියෙන්නේ හා වේදනාව ඇතිවෙන්නේ? (ස)
ඔබ නිර්මාංශ නම් කිසිම සත්වයෙක් ඔබ වෙනුවෙන් මියයන්නේ නැත.ඔබ මාංශ අනුභව කරන තුරු ඔබද මරණයට හවුල් වේ. (නි)
මොකද බැරි
සදුන්, ඔබ හරි. මාංශ අනුභවය තුළින් මිනිසාගේ විනාශය ටිකෙන් ටික ළගා වෙනවා. (නි)
මාගේ හිතවතුනි, ඔබගේ අදහස් කියවපු මට ඔබගෙන් ප්‍රශ්නයක් තිබෙනවා අහන්න, පුලුවන්නම් පිළිතුර දෙන්න. ඔබ අද වෙනතුරු කිසිදිනක ගව මස් අනුභව නොකරපු කෙනෙකුද ? ඔබගේ පිළිතුර ඔවු නම් ගවයෙකු නොමරන ඔබ එයට හේතුව පරානයක් ගාතනය කිරීම පවු කියා ඔබ සිතීමයි, කුසල් අකුසල් , පව් පින් යනාදිය ඔබට කියා දුන්නේ කවුද? මෙය අනුභව කරන්න මෙය අනුභව නොකරන්න යැයි ඔබට කියා දුන්නේ කවුද ? මෙම ලොව නිර්මාණය කරපු දෙවියන්ද ? නැතහොත් ඔබගේ දෙමාපියන්ද? කල්පනා කරන්න ඔබ ලංකාවේ ඉපදිලා එළවලු පලතුරු කෑවට ලොවපුරා සිටින සැමෝටම එළවලු හා පලතුරු නොලැබෙන බව ඔබ දන්නවාද ? ප්‍රාණඝාතය ගැන කතා කරන ඔබ හාල්මැස්සන්, මාළු, එළවලු, පළතුරු වැනිදෙයටත් ප්‍රාණය තිබෙන බව දන්නේ නැද්ද ? මිනිසුන් වෙනුවෙන් තමා සතුන් හා මෙලොව තිබෙන සියලුම වස්තූන් දෙවියන් විසින් නිර්මාණය කර ඇත්තේ, එය නිසිලෙස දෙවියන් කියන පරිදි අනුභව කරන්න, එය තහනම් කරන්න ඔබට හෝ මට අයිතියක් නැති බව තේරුම් ගන්න. ඔබ බොන වතුර වීදුරුවක තිාබන ජීවින් ප්‍රමාණය ඔබ දන්නවාද? ගව ඝාතනය පිළිබඳව කතා කරන ඔබ මිනිස් ඝාතනය වැළැක්වීමට හඩ නැගුවා නම් අපගේ සමාජයට එය ඉමහත් සේවයකි. මිනිස් ඝාතනයට ප්‍රධාන හේතුවක් වන මත් ද්‍රව්‍ය (අරක්කු) නවත්වන්න උත්සාහ කරමු. (නි)
කකුල් දෙකේ හරක් විසින් ධර්මය අවබෝධ කරගන්නා තුරු ගව ඝාතනය නතර කළ නොහැක. (නි)
ගව ඝාතනය ගැන ගොඩක් කියවන අය අනිත් ඝාතන ගැන තැකීමක් කරන්නේ නැහැ.. උදාහරණයක් ලෙස ගත්තොත් එක මිනිසෙකුගේ ආහාරය සදහා අඩුම ගණනේ හාල්මැස්සො දහයක්වත් අවශ්‍යයි.. සරළව ගත්තොත් ඝාතන දහයක්.. (ස)
හර්ෂණ ලංකාවෙ මරණ හරක් ටික තම්බලා විතරද කන්නේ..?(නු)
රෝනල්ඩ් ඔයා වගේ කකුල් දෙකේ හරක් ඉන්න කම් ගව ඝාතනය නතර කරන්න බෑ තමයි.(ස)
මස් කෑම නවත්තවමු. සියලු දෙනාම ඔක්කොම හරි (අ)
ලංකාවේ තම්බිලා ඉන්නකල් කොහේද හරක් මැරීම නවත්වන්නේ? (නි)
රන්බණ්ඩාරට හරක්ට තරම්වත් මොළයක් නැතිබවයි පෙනෙන්නේ. (නි)
රොනල්ඩ් එහෙනම් දෙවියන්ට කියන්ඩ උන්ව මරනකොට දැනෙන වේදනාවත් නවත්වන්න කියල . කුඩා මොලේ වත් නැති නවීන මෝඩ හරක් එහෙම මවනවානම් එයාට දෙයියෝ කියල කියන්න පුලුවන්ද ?,(ස)
මේ කියන දේ බුද්ධියෙන් හිතන්න ඕනෑ දෙයක් (නි)
ඇයි ගව මස් විතරක්? කුකුලන්ට එලුවන්ට ඇයි මාලුවන්ටත් පන තියෙනවානෙ උන් මැරෙන්නෙ නැද්ද? (ස)
මිනිස්සු මිනිස්සුන්වම මරන නිසා ඉබේම සත්තු මරණ එක නවතීවි (ස)
රොනාල්ඩ් ඕකට තමයි කියන්නේ කන්න ඕන උනාම කබරයත් තලගොයා වෙනවා කියලා..!(නු)
මේවා මේ ආගම් නාමයෙන් තම තමන්ගේ වාසියට සළසාගත් දේවල්..!(නු)
අපි අපේ පනට කොච්චර ආදරේද? ඒ සත්තුත් එහෙමයි. මම නම් මස් කඩයක් ළගින් යන්නෙවත් නැහැ. ඒත්...? (නි)
සතුන් දෙවියන් විසින් මවා ඇත්තේ වැදුම් පිදුම් කිරීමට නොව මිනිසාගේ ප්‍රයෝජනය සදහායි. (නි)
මිනිසුන් විසින් හරක් මස් කෑමට ඇති කෑදරකම නැතිවෙනතුරු හරක් මැරුම් කයි !(නු)