IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


චන්ද්‍රිකා - මහින්ද හබය



 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ගැටුම නව වටයකින් රළ ගසමින් තිබේ. ඒ දෙපාර්ශ්වය අතර සිදු වන ලිපි හුවමාරුව හරහාය. චන්ද්‍රිකාxමහින්ද ගැටුමට ඇත්තේ දිගු කාලීන ඉතිහාසයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔටුන්න සම්බන්ධයෙන් චන්ද්‍රිකා හා අනුර බණ්ඩාරනායක අතර හටගත් ගැටුමේදී මහින්ද ගත්තේ අනුරගේ අතය. මහින්ද අනුරගේ අතිජාත මිතුරා බවද ප‍්‍රසිද්ධය. ඒ තුළ පක්ෂයේ ඔටුන්න සම්බන්ධයෙන් හටගත් ගැටුමේදී මහින්ද අනුරගේ අත ගැනීම විමතිය දනවන්නක්ද නොවේ.

චන්ද්‍රිකාxමහින්ද ගැටුම ඉතා විවෘතව කරළියට පිවිසියේ එක්සත් ජාතික පක්ෂයේ පේ‍්‍රමදාස පාලනයට එරෙහිව මහින්ද සංවිධානය කළ කොළඹxකතරගම ඓතිහාසික පා ගමනත් සමගය. එය වූ කලී දාහත් වසරක එ.ජා.ප. පාලනය පෙරළා දැමීමේ පළමු වෙඩි මුරය විය. පා ගමන සංවිධානය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල කටයුත්තක් ලෙස වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ ප‍්‍රබලයෝ එය මගහැර ගියහ. අවසානයේදී එය ”මහින්දගේ පා ගමනක්” බවට පත් විය.

මහින්දගේ කැපවීම, සංවිධාන ශක්තිය නිසා පා ගමන හිතුවාටත් වඩා සාර්ථක විය. පා ගමන මගහැර ගිය ප‍්‍රබලයෝ අවසානයේදී මල් වට්ටියට අතගැසීමට පොර කන්නට පටන් ගත්හ. පා ගමන මාතරට පැමිණි පසු පැවැති රැුලියේදී තමාටද කතාවක් අවශ්‍ය බව චන්ද්‍රිකා කියා තිබේ. එහෙත් සංවිධායකයෝ එයට ඉඩ නුදුන්හ. අවසානයේදී එය උණුසුම් වචන හුවමාරුවකින් කෙළවර වූ බවද රහසක් නොවේ.

කොළඹ කතරගම පා ගමන කෙළවර වූයේ දාහත් වසරක එ.ජා.ප. පාලනය පෙරළා දමන දියුණුතම ජන බලයක් නිර්මාණය කරමිනි. ටයර් සෑයෙන්, වධකාගාරවලින් බියවද්දා තිබූ සමාජයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් වෙනුවෙන් බියෙන් අත්මිදී කි‍්‍රයාකාරී වීමට පටන් ගැනුණේ ඉන් පසුවය.

ශ්‍රී.ල.නි.ප.ය තුළ වූ බල අරගලයෙන් චන්ද්‍රිකා ජය ගත්තාය. එහි පළමු පියවර වූයේ බස්නාහිර පළාත් සභාවේ පොදු ජන එක්සත් පෙරමුණේ මහ ඇමැති අපේක්ෂකත්වය දිනා ගැනීමය. ඒ සඳහා වත්මන් අගමැති දි. මු. ජයරත්න පුරෝගාමී මෙහෙවරක් කළේය. පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා වූයේ දි.මු. ය. එම ධුරයේ බලය පාවිච්චි කරමින් දි. මු. ජයරත්න බස්නාහිර මහඇමැති අපේක්ෂකත්වය චන්ද්‍රිකාට දුන්නේය.

චන්ද්‍රිකා සිටියේ බඹරය වැල්ලේ වුවද කැරකෙන තරමේ සුබ හෝරාවකය. ”නූතන විහාර මහා දේවිය” ලෙස එදා විරුදාවලිය ලත් චන්ද්‍රිකා ඉතා පහසුවෙන් බස්නාහිර ජය ගත්තාය. ඊළඟ  ඕවරයේදීම අගමැති පුටුව ජය ගත්තාය. ලොව පළමු ජනාධිපතිනිය වීමේ වාර්තාව තැබීමට ඇයට මහ කාලයක් ගත වූයේ නැත. චන්ද්‍රිකා ඒ ආ ගමනේදී මහින්දට පමණක් නොව අනුර බණ්ඩාරනායකටද යන එන මං නැති විය.

ජනාධිපති පුටුවේ වාඩි වූ සැනින් චන්ද්‍රිකා වේවැල අතට ගත්තාය. මහින්දට ලැබුණේ කම්කරු ඇමැති ධුරයය. බොහෝ දෙනෙකුට අනුව එය මහින්දට කැපිල්ලකි. මහින්ද ඒ ඇමැතිකමත් අරගෙන වැඩ කළේය. කම්කරු ප‍්‍රඥප්තිය හැදුවේය. කම්කරු ජනයා අතර ඔහු වීරයෙක් බවට  පත් විය. ඔය අතරවාරයේදී මහින්ද විදේශ සංචාරයකට ගියේය. ඔහු යළිත් මෙරටට එන විට තිබූ ඇමැති ධුරය වෙනස් කර තිබිණි. ඔහුට ධීවර ඇමැති ධුරය හිමි වී තිබුණි. ඇතැමුන් එය විග‍්‍රහ කළේ ”මහින්ද මුහුදට දැමීමක්” ලෙසය.

කැපිලි කෙටිලි කොතෙක් වුවද මහින්ද සැළුනේ නැත. 2001 වසරේදී යූ.එන්.පී. ආණ්ඩුවක් පැමිණි පසු මහින්ද විපක්ෂ නායක විය. 2004 සන්ධාන ආණ්ඩුවේ අගමැති ධුරය මහින්දට හිමි විය. මහින්දට අගමැති ධුරය හිමි වූයේ චන්ද්‍රිකා ඒ සඳහා තෝරාගත් බොහෝදෙනෙකු එය ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව බව දැන් දැන් අනාවරණය වෙමින් තිබේ.

2005 ජනාධිපතිවරණය එන විට චන්ද්‍රිකා පාලනය බොහෝ අර්බුදවලට ලක් වී තිබිණි. ජනපි‍්‍රයත්වය පහළ බැස ගොස් තිබිණි. සන්ධානයේ අපේක්ෂකයා අනිවාර්යයෙන්ම පරදින බවට අනාවැකි පළ වෙමින් තිබිණි. එම පරිසරය තුළ මහින්දට ජනාධිපති අපේක්ෂකත්වය හිමි විය. එහිදී විශේෂ කාරණා කිහිපයක් සලකාබලා තිබේ.

පළමුවැන්න සන්ධානයේ ප‍්‍රධාන දහරාව බවට පත්ව සිටි ජනතා විමුක්ති පෙරමුණ ඒ වන විටත් සන්ධානයෙන් ඉවත්ව සිටීමය. එමෙන්ම මහින්ද හා ජ.වි.පෙ. අතරද විරසකයක් තිබිණි. එම පසුබිම තුළ ජ.වි.පෙ. සහාය මහින්දට නොලැබෙනු ඇතැයි ගණන් බැලූණි. ඒ අනුව මහින්දට ජනාධිපති අපේක්ෂකත්වය ලැබිණි. එම තීරණය ගත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදීම තවත් තීරණයක් ගනු ලැබීය. ඒ සන්ධානයේ අගමැති අපේක්ෂකයා අනුර බණ්ඩාරනායක බවය. එය මහින්දට ඉතා බරපතළ තීරණයකි. මහින්ද යම් හෙයකින් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූයේ නම් ඔහුට අගමැති ධුරයත් නැත. මහ මැතිවරණයෙන් හම්බන්තොට දිනාගෙන පාර්ලිමේන්තුවට ඒමට මහින්දට සිදු වේ. මහින්දට අටවා තිබූූ උගුලේ තරම එයින්ම පැහැදිලිය.

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්දට නිසි සහායක් නොලැබුණ බව රහසක් නොවේ. මහින්දව කරේ තියාගෙන ගියේ ජ.වි.පෙ. හා ජාතික හෙළ උරුමයය. ඉතා තියුණු කරට කර සටනකින් අනතුරුව මහින්ද ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය. එය බණ්ඩාරනායකවරුන් අන්ද මන්ද වූ සිද්ධියක් බව නොකිවමනාය.

මහින්දද ජනාධිපති වූ විගස පැවැත්වූ පළමු පක්ෂ සම්මේලනයේදීම පක්ෂයේ නව සභාපති වශයෙන් පත් විය. හිටපු සභාපතිනි චන්ද්‍රිකාට පක්ෂයේ අනුශාසක ධුරය හිමි විය. මහින්ද හා මංගල අතර ගැටුමක් නිර්මාණය වීමට මෙයද තදින්ම බලපෑවේය.

අවසානයේදී මංගල එ.ජා.ප.යට ගියේය. ඒ ගිය දා පටන් මහින්ද විරෝධී සියලූ බලවේග ඒකරාශී කිරීමට මංගල කටයුතු කළේය. මංගල හා චන්ද්‍රිකා අතර රහස් සාකච්ඡුාවක් මංගලයේ බොල්ගොඩ නිවෙසේ පැවැති බවට තොරතුරු වාර්තා වූයේද ඔය අතරවාරයේදීය. එහෙත් ජිනීවා වටලෑමට අදාළ සිරස්තලවලින් ඒ දේශපාලන කාරණා වැසී ගියේය.

චන්ද්‍රිකා යළිත් උණුසුම් ප‍්‍රවෘත්තියක් බවට පත් වූයේ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ හමුවීමත් සමගය. ඒ හමුව සිදු වූයේ ආගමික සංහිඳියාව සම්බන්ධ මාතෘකාව යටතේය. ඒ සමගම කියැවුණේ ජනාධිපතිවරයා හමුවීමට චන්ද්‍රිකා දිනයක් හා වේලාවක් ඉල්ලා ලිපියක් යවා තිබෙන බවය. එමෙන්ම එම ලිපියට ජනාධිපතිවරයාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැති බවද කියැවිණි.

චන්ද්‍රිකා තමන්ට ලිපියක් එවා ඇති බවටත් එයට තමාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැති බවටත් පළ වන මාධ්‍ය වාර්තා කියැවූ ජනාධිපතිවරයා සිය ලේකම් ලලිත් වීරතුංගගෙන් විමසා සිටියේ එබඳු ලිපියක් එවා තිබේද කියාය. ලලිත් වීරතුංගගේ පිළිතුර වූයේ ලිපියක් එවා නැති බවත් එබඳු ලිපියක් සමග එවන ආවරණ ලිපියක් පමණක් ලැබී ඇති බවය. ”ලියුම ලියුම් කවරයට දාන්න අමතක වෙන්න ඇති” ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් කීවේය. අනතුරුව හිටපු ජනාධිපතිනිය ඇමතූ ජනාධිපති ලේකම්වරයා සිදු වී ඇති ඇබැද්දිය කීවේය. චන්ද්‍රිකා කනගාටුව පළ කර ලිපිය යළි එව්වාය. ඒ ලිපිය එවා දෙතුන් දිනක් ගතවීමට මත්තෙන් චන්ද්‍රිකාගෙන් තවත් ලිපියක් ජනාධිපති මහින්දට ලැබිණි. එමගින් කියැවුණේ ජනාධිපතිවරයා හමුවීමට තමන් නොපැමිණෙන බවත් තමන්ගේ නියෝජිත පිරිසක් පමණක් එවන බවත් ඒ සඳහා දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසත්ය. එයට පිළිතුරු යැව්වේ ලලිත් වීරතුංග ජනාධිපති ලේකම්වරයාය. එම පිළිතුර ලිපියේ සඳහන්ව තිබුණේ චන්ද්‍රිකාගේ නියෝජිත කණ්ඩායමේ නාමලේඛනය එවන ලෙසය.

ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිනිය අතර හුවමාරු වූ ලිපි ගනුදෙනුව එක් වරම වෙනතක් බලා ගමන් කිරීමට පටන් ගත්තේ හිටපු ජනාධිපතිනිය ජනාධිපතිවරයාට යැවූ ලිපියක් සමගය. එය එක් අතකට ලිපියක් නොව කාලබෝම්බයක් බඳු විය. චන්ද්‍රිකා මහින්ද අතර කාලාන්තරයක් පුරා පැවැති සීතල ගැටුම පුුපුරා ගිය අවස්ථාවක් ලෙසද එය හැඳින්විය හැකිය.

ආණ්ඩුවේ ඔත්තු සේවා තමා පිළිබඳව දිගින් දිගටම සිදු කරන ඔත්තු බැලීම් සහ තොරතුරු රැුස් කිරීම හේතුවෙන් තමාගේ පෞද්ගලිකත්වයට බාධාවක් මෙන්ම ආරක්ෂාවටද තර්ජනයක් වී ඇති බව චන්ද්‍රිකා සිය ලිපියේ සඳහන් කර තිබේ. එමෙන්ම ඔත්තු සේවා අංශවල එම කි‍්‍රයාමාර්ගයෙන් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති අතර නිදහසේ ජීවත්වීමට ඇති අයිතියටද බාධා පැමිණ ඇතැයිද චන්ද්‍රිකා තම ලිපියේ සඳහන් කර තිබුණේය.

තමා යන එන තැන් සහ හමුවන පුද්ගලයන් පිළිබඳව දිගින් දිගටම සිදු කෙරෙන මෙම ඔත්තු බැලීම් තමාට එරෙහිව කි‍්‍රයාමාර්ගයක් ගැනීමට සැලසුම් සකස් කිරීමක් බවට සැක මතු වන බවද චන්ද්‍රිකා කියා සිටී.

තමාට සිදු වන හිරිහැර පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාටත් ඇමැතිවරුන් කිහිපදෙනකුටත් ලිපි මගින් දැනුම් දුන්නද ඒවාට මේ දක්වා කිසිදු සැලකිල්ලක් දක්වා නැතැයිද චන්ද්‍රිකා කියා සිටී.

ආණ්ඩුවේ මෙම කි‍්‍රයා කලාපය සහ සුදු වෑන් සංස්කෘතියට බිය වී සිටින තමාගේ මිතුරන් මේ වන විට තමා සමග සම්බන්ධතා පැවැත්වීම පවා අත්හැර දමා තිබෙන බවද හිටපු ජනාධිපතිනියගේ එම ලිපියේ සඳහන් වේ.  

ජිනීවා මානව හිමිකම් කොමිසමේ රැුස්වීම ඔන්න මෙන්න කියා තිබියදී ජීවිත තර්ජන පිළිබඳවත් සුදු වෑන් පිළිබඳවත් සඳහන් ලිපියක් හිටපු ජනාධිපතිනිය තමන්ට එවීමෙන් ජනාධිපතිවරයා කෝපයට පත් නොවූයේ නම් පුදුමය. කෙසේ වුවත් ජනාධිපතිවරයා සිය ලේකම්වරයාට උපදෙස් දුන්නේ යථාර්ථය පහදවමින් සැර ලිපියක් යවන ලෙසය. ජනාධිපති ලේකම්වරයා හිටපු ජනාධිපතිනියට හැරෙන තැපෑලෙන් තද පිළිතුරක් යැව්වේය.

ආණ්ඩුවේ ඔත්තු සේවා තමන් පිළිබඳව දිගින් දිගටම ඔත්තු බලන බවට හිටපු ජනාධිපතිනිය රජයටත් පොලිසියට හා ඔත්තු සේවයටත් නගා ඇති චෝදනා සාධාරණීය කිරීමට අබමල් රේණුවක හෝ සාක්ෂියක් හෝ සාධකයක් නොමැති බවත් නගා ඇති සියලූම චෝදනා හේතු රහිත වැල්වටාරම් පමණක් බවත් එම ලිපියේ සඳහන්ය.

හිටපු ජනාධිපතිනිය වැල්වටාරම් රාශියක් සහිත ලිපියක් එවා ඇත්තේ ජිනීවා නුවරත් වෙනත් බටහිර රටවලත් ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව මුළුමනින්ම අසත්‍ය චෝදනා එල්ල කරන අවස්ථාවේදීම බවද ජනාධිපති ලේකම්වරයා යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.

ජනාධිපතිතුමා වඩාත් මවිතයට පත් වී ඇත්තේ සුදු වෑන් සංස්කෘතියක් පිළිබඳව ඔබතුමිය කළ සඳහනටය. එවැනි සංස්කෘතියක් ඔබේ ජනාධිපති ධුර කාලයට පෙර ඉස්මතුව ඔබේ සමස්ත ධුර කාලය පුරාම ඔබ හොඳින් දැන සිටිය යුතු බව එතුමාගේ අදහසයි. බලගතු හිංසා සහ ලේ වැගිරීම් කළ ත‍්‍රස්තවාදය තුරන් කිරීමට කි‍්‍රයා කළ පරිදිම අද රජය යටතේ දේශපාලන සංස්කෘතිය තුළ සුදු වෑන් නොමැත. එය තිබෙන්නේ එතෙර බලවේගයන්ගේ න්‍යාය පත‍්‍රයට අනුව අප රටේ ප‍්‍රතිරූපය විනාශ කිරීමට උත්සාහ කළ පුද්ගලයන්ගේ මනසේ පමණි.

ඔබගේ රජයේ උසස් බලධාරීන්ට තර්ජනයක් යැයි සිතන සියලූ දෙනා මිනීමැරුම්, අතුරුදන්වීම් සහ පහරදීම් මගින් විනාශ කිරීමේ නූතන කි‍්‍රයාවලි නිසා ඔබතුමියගේ ආරක්ෂාව ගැන සැක පළ කරන්නේ යැයි ඔබතුමිය සඳහන් කර ඇති අතර ජනාධිපතිතුමා එම චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරයි. මෙම චෝදනාව සත්‍යයෙන් තොර වුවක් වන අතර මේ රජයට තදින් විරුද්ධ වූ තරයේ විවේචන එල්ල කළා වූද ප‍්‍රමුඛ පෙළේ පුද්ගලයන් ගණනාවක් අද රජයේ ඉහළ තනතුරු දැරීමෙන්ම එම චෝදනාවේ අසත්‍යතාව ඔප්පු වේ. අද සාමය හා නීතිය ස්ථාපිත කිරීමත් සමග රජයේ ප‍්‍රතිපත්තියට විරුද්ධ දේශපාලන සහ සමාජයීය නායකයන් තදින් කි‍්‍රයාකාරී වී ඇති බවද ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ඔබතුමිය එල්ල කරන චෝදනා මෙරටේ සාමය සහ සංහිඳියාව ශක්තිමත් වනු දැකීමට අකමැති මෙරට සහ එතෙර පුද්ගලයන් එල්ල කරන චෝදනාවලට සමානය. ඔබතුමියට කැමැති  ඕනෑම දේශපාලන මෙහවරක් කිරීමට අවශ්‍ය ආරක්ෂාව සහතික කරන බව ජනාධිපතිතුමා දන්වා සිටී.

ඔබතුමියගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම්, ඔබතුමියගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය කඩ කිරීම සහ හිංසා පීඩා කිරීම යනාදී චෝදනා සියල්ල තරයේ ප‍්‍රතික්ෂේප කරන ජනාධිපතිතුමා ඔබතුමියගේ පෞද්ගලික ආරක්ෂාව ගැන කිසිසේත් සැක කිරීමට හේතුවක් නොමැති බව සහතික කරයි. විධායක ජනාධිපති වශයෙන් එතුමා රටේ සියලූම පුරවැසියන්ගේ නිදහස සහතික කරන අතර එම පිළිවෙත යටතේ හිටපු ජනාධිපතිනියගේ මූලික නිදහස සහතික කිරීම බැහැර කර නැත.

කලින්ද සඳහන් කළ පරිදි ජාතික ඔත්තු සේවාවල කටයුතු ගැන ඔබතුමිය එල්ල කළ චෝදනා ප‍්‍රතික්ෂේප කළ ජනාධිපතිතුමා ඔබතුමියගේ පාලන කාලයේදී ජනාධිපති ආරක්ෂක සේවයේ සාමාජිකයන් බරපතළ අපරාධවල යෙදුණු බවද සිහිපත් කරයි. අද එවැනි සිද්ධි නොමැති වීම ගැන එතුමා සතුට පළ කරයි.
ඔත්තු බැලීම ගැන ඔබතුමිය කරන පැමිණිල්ල පිළිබඳ සඳහන් කරන ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිනිය වශයෙන් ඔබතුමියට ආරක්ෂාව සැලසීමට නිලධාරීන් පත් කර ඇති අතර ඔබතුමිය යන ස්ථානවලදී අවශ්‍ය ආරක්ෂාව සැලසීම පොලිසියේ රාජකාරිය බව පෙන්වා දෙයි. මෙය මෙරටේ හා විදේශයන්හි ස්ථාපිත ආරක්ෂක ක‍්‍රමවේදයකි. ඔබතුමිය සහ ඔබතුමියගේ සගයින් සම්බන්ධයෙන් මෙම කි‍්‍රයාපිළිවෙත ගැන වෙනත් ආකල්පයකින් බලා එය ”සිතා මතා ඔත්තු බැලීම යයි” ඔබතුමිය කරන හැඳින්වීම ඥානාන්විත නොවන බව ජනාධිපතිතුමා අදහස් කරයි.

පොලිස් ආඥා පනතේ සඳහන් අපරාධ වැළැක්වීමේ නීති ප‍්‍රතිපාදන සම්බන්ධයෙන් රජයට නිපුණ දැනුමක් තිබෙන අතර එම නීති උල්ලංඝනය කරන  ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා සහතික කරයි.

අවසාන වශයෙන් ඔබතුමිය වැල්වටාරම් රාශියක් සහිත ලිපියක් එවා ඇත්තේ ජිනීවා නුවරත් වෙනත් බටහිර රටවලත් ජාත්‍යන්තර බලවේගයන් ශ්‍රී ලංකාවට එරෙහිව මුළුමනින් අසත්‍ය චෝදනා එල්ල කරන අවස්ථාවේදීම බව ජනාධිපතිතුමා නිරීක්ෂණය කරයි.

දැනට තත්ත්වය එපරිදිය. එහෙත් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා ජනාධිපති මහින්දට මෙවැනි ලිපියක් යොමු කළේ කිසියම් අරමුණකින් විය හැකිය. එම අරමුණට අදාළ ඊළඟ කි‍්‍රයාමාර්ගත් එයට ජනාධිපතිවරයාගේ ප‍්‍රතිචාරයත් ඉදිරියේදී දැකබලා ගැනීමට හැකි වනු ඇත.

 



අදහස් (0)

චන්ද්‍රිකා - මහින්ද හබය

රත්න Friday, 04 April 2014 06:18 AM

මොනවද මන්දා මේ අවසානයක් නැති ගැටුම්? (නි)

:       0       0

මානෙල් Wednesday, 23 April 2014 10:42 PM

අනේ කරපු නින්දා විනාස මදිද? චන්ද්‍රිකා මහත්මිය දැන්වත් විශ්‍රාම යන්න රට නැති නොකර.(දී)

:       0       0

නන්දසිරි Thursday, 03 April 2014 12:46 AM

චන්ද්‍රිකා බලයේ ඉන්න කාලේ කරපු දේවල් කාටද අමතක? (නදී)

:       0       0

සමීර Saturday, 05 April 2014 01:55 PM

මේ අය ඔක්කොම අපිට පෙන්න බොරුවට හබ කර ගත්තට අන්තිමට එගොල්ල යාලුවෝ අපි හතුරෝ (දී)

:       0       0

පෙරේරා Sunday, 06 April 2014 07:33 AM

ආයෙත් කරළියට එන්නද හදන්නේ? (නි)

:       0       0

සිරි Wednesday, 02 April 2014 06:32 PM

අනේ මන්දා මොනවද කියලා මේ හබ? (නි)

:       0       0

සෙනරත් Saturday, 05 April 2014 05:06 PM

චන්ද්‍රිකා මහත්මියගේ නැවත ආගමනය දේශපාලන වේදිකාව වෙනස් කරයිද (දී)

:       0       0

චන්දි Saturday, 05 April 2014 02:24 AM

මම නම් ඇයට මනාප නැහැ . (නි)

:       0       0

ඔසී Wednesday, 02 April 2014 08:37 PM

මට නිකන් පිස්සුවගේ අනේ. බහු බුත වැඩ.වැඩ නැතුවට.නිකන් කාලෙ. කනවා. (දී)

:       0       0

සත්‍යයා Tuesday, 22 April 2014 01:13 AM

චන්ද්‍රිකා, ඔබ දේශපාලනයේදී සුජාත වුයේ නුඹගේ ආදරණීය මවත් පියත් ඒ වගේම ඔබගේ දිවංගත ස්වාමිපුරුෂයා වූ විජය කුමාරතුංගත් ජනතාවගේ සදාදරණීය නායකයින් වූ නිසයි. ඔබ බලයේ සිටි කාලයේදී යහපත් දේ වගේම අයහපත් දේවලුත් සිදුඋන බව පිළිගන්නේ නම්, නැවත බලයක් ලැබුනොත් රඟ දැක්වීමට උත්සහ කරන්නේ පරණ නාට්‍යයම නම්, ඔබ දේශපාලනයට නොඑන තරමට හොඳයි. මොනවා කලත් සිංහල බෞද්ධ විරෝධී බලවේග වල අතකොලුවක් වී වර්තමාන පාලනයට අභියෝග ඉදිරිපත් කරන්න හිතන්න වත් එපා. පිරිසිඳු ගමනක් යන්න ආවොත් තවම ඔබට හෙට දිනය විවෘතව තිබෙනවා.(නදී)

:       0       0

ජයන්ත Monday, 07 April 2014 10:35 AM

මැතිනියනි, අනේ ආයේ නම් එන්න එපා. (නදී)

:       0       0

සරත් Friday, 04 April 2014 01:50 AM

ඔබතුමිය මෙවර ජනාධිපතිවරණයට තරඟ කරනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 707 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site