IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඡන්ද නීති කඩාගෙන ඇරඹුණු බස්නාහිර ඡන්ද සටන

 

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා භාර දීම පසුගිය බ‍්‍රහස්පතින්දා (6) අවසන් විය. ඡන්දය ප‍්‍රකාශයට පත් කර මාසයක් පමණ වුවද බස්නාහිර ජනයාට ඡුන්දය ඇඟට දැනුණේ ප‍්‍රධාන පක්ෂ නාමයෝජනා භාර දුන් අවසන් දින දෙකේදීය.


ඒ අතර පක්ෂ ඇතුළේ ද ගැටුම් ඇතිවූ බව මාධ්‍ය වාර්තා කළේය. පසුගිය බ‍්‍රහස්පතින්දා (6) ජාතික පුවත්පත් කිහිපයකම මුල් පුවත වූයේ එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා අවුලක් ගැනයි. ඒ කළුතර දිස්ත‍්‍රික්කයේ මතුගම ආසනයෙන් තම පුතාට නාමයෝජනා නොදී වෙනත් පුද්ගලයකුට එම අවස්ථාව දුන්නැයි එජාප මන්ත‍්‍රී රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කලහකාරී ලෙස හැසුරුණු බව කියමිනි. ඔහු විපක්ෂනායකට පහර දීමට ගිය බව ද මාධ්‍ය වාර්තා කළේය. එම චෝදනාව පාලිත තෙවරප්පෙරුම මහතා ප‍්‍රතික්ෂේප කළේය.

කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරණානායක මහතා ද විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් පැවුසුවේ තමන් නාමයෝජනා මණ්ඩල ගැණ කළකිරුණු බවත් නාමයෝජනා මණ්ඩලයෙන් ඉවත් වන බවත් ය.

 කොළඹ දිස්ත‍්‍රික්කයේ සංවිධායකයන්ගේ අදහස් සැලකීමකින් තොරව ජාතික නාමයෝජනා මණ්ඩලය තීරණ නොගන්නා බවට ඔබ විසින් තීරණයක් ගෙන තිබිණි. මෙම තීරණය එක්සත් ජාතික පක්ෂය පදනම්වී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කිරීමක් ලෙස සලකමි. කොළඹ දිස්ත‍්‍රික් සංවිධායකයන් සියලූ දෙනා මෙම තීරණයට තම විරුද්ධත්වය ප‍්‍රකාශ කර ඇති අතර එලෙසම මම ද එම තීරණයට මගේ විරුද්ධත්වය ප‍්‍රකාශ කරමි. ඔබ සහ ජාතික නාමයෝජනා මණ්ඩල (ජාතික නාමයෝජනා මණ්ඩලයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වනුයේ ඔබ සහ මම පමණි.) මෙම තීරණය මගින් පක්ෂයෙ සුදුසුකම් සැපිරූ හා යහපත් ප‍්‍රතිඵල පෙන්විය හැකි ප‍්‍රාදේශීය ක‍්‍රියාකාරීන් නොසලකා හැරීමක් සිදු කර ඇත. යැයි ද රවි කරුණානායක මහතාගේ ලිපියේ සඳහන් විය. අවසන් වශයෙන් ඔහු විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයේ සංවිධායකයන්ගේ එකමුතුකම පෙන්වීම සඳහා තේරීම් කමිටුවෙන් හා ජාතික නාමයෝජනා මණ්ඩලයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය බදාදා (5) ගම්පහ දිස්ත‍්‍රික්කයට නාමයෝජනා බාර දුන්හ. ගම්පහ තැන තැන පොලිස් ආරක්ෂාව යොදා තිබුණු අතර මාර්ග බාධක ද තැන තැන විය. දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අසළට ද විශාල පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබිණි. 

ළඟ ළඟම ඡුන්දයක් එන බව ගම්පහ වැසියන්ට ඒත්තු ගන්වමින් ගම්පහ කිරිඳිවිට පාරෙන් සුපිරි වාහන ද ඇතුළුව වාහන පෙළක් ආවේය. තමන් කිසි දිනක නුදුටු වාහන එහි ඇතැයි කියමින් මග දෙපස ප‍්‍රදේශවාසීන් බලා උන්නේ ඔවුනට සහාය දක්වන්නට නොව කුමක් වන්නට යන්නේදැයි නොදැනය. රතු පැහැති අංක තහඩු (ගරාජ් නම්බර්ස්) සහිත වාහන ද ඒ අතර විය. 

 

 


 

ගම්පහ දිස්ත‍්‍රික්කයේ   ඡන්ද උණුසුම පාසල් දරුවන්ට ද දැනිණි. ඡන්දය දීමට තවම වයස සම්පූර්ණ නැතත් මැතිවරණය යනු කුමන ආකාරයක එකක් දැයි ඔවුනට හොඳ අවබෝධයක් ලැබිණි. ඒ ගම්පහ ප‍්‍රසිද්ධ පාසලක පිට්ටනිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන්ගේ වාහන නැවැත්වීමට යොදාගෙන තිබුණු නිසාය. පාසල් දිනක පාසල් වේලාවේ එම පාසලේ පිට්ටනියේ අපේක්ෂක වාහන රැසක් ගාල් කර තිබිණි. ටේ‍්‍රල් බයික්වලින් එහි ආ දේශපාලන රස්නය ඇඟට වැදුණු කිහිප දෙනෙක් පිට්ටනියේ වැඩ දැමූහ. ඒ පාසල් වේලාවේ දීමය. පාසල් ළමයින් බලා සිටියදීය. ඇතැම් ළමයින්ට එය මැජික් එකක් විය. තවත් ටික වේලාවකින් පාසල් පිට්ටනිය ගිගුම් දුන්නේ රතිඤ්ඤා හා බට්ටන් පත්තු කළ නිසාය.  මේ සියල්ලම සිදු වූයේ පාසල් කාලයේ පාසල් සිසුන් බලා සිටියදී පාසල් පිට්ටනියේය.ස්පෝර්ට්මීට් එක දවසටවත් රතිඤ්ඤා දාන්න එපා කියපු ගුරුවරුත් පිට්ටනිය දිහා බලාගෙන හිටියා. යැයි සිසුවෙක් කීවේය. 

පසුගිය බ‍්‍රහස්පතින්දා (6) ගම්පහ පාසල් දහතුනකට නිවාඩු ලබා දී තිබිණි. ගම්පහ කලාප අධ්‍යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි මහතා පැවසුවේ මැතිවරණ බලධාරීන්ගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුමැතිව  ඇතිව නිවාඩු දුන් බවයි.

අපේක්ෂකයන්ගේ ආධාරකරුවෝ විශාල පිරිසක් ගම්පහ සිට පෙළපාළියෙන් කච්චේරිය අසළට ආහ. එහෙත් කච්චේරියේ ගේට්ටුවෙන් ඇතුළට යෑමට ඔවුනට නොහැකි විය. පොලිස් ලොක්කන් දෙතුන් දෙනකුට ම දුරකතන ඇමතුම් ආවේ ඔවුනට ඇතුළට යෑමට ඉඩ දෙන ලෙස කියමිනි. මාධ්‍යවේදීන් ද ඉදිරිපිට පොලිස් ලොක්කෙකුට දුරකතන ඇමතුමක් ආ අතර ඔහු කීවේ බෑ සර් බෑ. ඇතුළට යන්න දෙන්න බෑ කියාය. 

නාමයෝජනා අවසන්වී නැවත සන්ධාන අපේක්ෂකයන් පෙරටුකරගෙන සන්ධාන ආධාරකරුවන් පෙළපාළියක් ගිය අතර දැඩි වාහන තදබදයක් ද ඇති විය. එජාපය චෝදනා කළේ නාමයෝජනා බාර දුන් අවස්ථාවේ සිටම සන්ධානය මැතිවරණ නීති උල්ලංඝනය කරන බවයි. බස්නාහිර හිටපු මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග කීවේ මැතිවරණ නීති ක‍්‍රියාත්මක වනුයේ නාමයෝජනා බාර දෙන අවසන් දිනයේ සිට බවයි. එජාපය නීතිය නොදැන එසේ චෝදනා කරන බව ද ඔහු කීවේය.

කෙසේ වෙතත් පෙළපාළි නිසා ගම්පහ උණුසුම් විය.

ඡන්ද ප‍්‍රචාරක දැන්වීම් ගසාගෙන ගියැයි කියන කළුතර එජාප අපේක්ෂකයකුගේ වාහන දෙකක් පොලිස් භාරයට ගැනීමත් සමග කළුතර තරමක් උණුසුම් වූ අතර එදින රාත‍්‍රියේ එම වාහන දෙක මුදා හැර තිබිණි.

 නාමයෝජනාවලට පෙර සිටම වැඩි කතා බහක් ඇති වූයේ මෙවර ඡුන්දයට ඉදිරිපත් වන නිළියන් ගැනය. නිළියන් සහ ගායිකාවන් කිහිප දෙනෙක්ම නාමයෝජනා අපේක්ෂාවෙන් එම මණ්ඩල ඉදිරියේ පෙනී සිටියහ. නමුත් බස්නාහිර නිළියන් හා ගායිකාවන් තිදෙනකුට එම අවස්ථාව අහිමි විය. 
බස්නාහිර පළාතේ වැඩියෙන්ම කතාබහක් ඇතිවූ අපේක්ෂකයන් අතර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඉදිරියෙන් සිටී. ආණ්ඩුවේම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සමග හැප්පුණු හිරුණිකා ආණ්ඩුවෙන්ම දේශපාලන කරළියට ඒම ගැන පිරිසක් විවේචන එල්ල කළ අතර තව පිරිසක් ඇයට ආශිර්වාද කළහ. ඇය ද දේශපාලන කරළියට ආ විගස තමන්ගේ වැඩ පෙන්වන්නට පටන් ගත්තාය. හිරුණිකා නියෝජනය කරනුයේ කොළඹ දිස්ත‍්‍රික්කයයි.

ගම්පහ දිස්ත‍්‍රික්කයට එජාපයෙන් තරඟ වදිතියි බොහෝ කතා බහක් ඇති වූ චරිතයක් වූයේ රංජන් රාමනායකයි. රංජන් ගම්පහින් ඡන්දයට පැමිණියහොත් ඔහුට ඡුන්දය දීමට තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් සැදී පැහැදී සිටියහ. බස්නාහිරින් ඡුන්දයට ඉදිරිපත් වීමට රංජන් ද කැමැත්තෙන් සිටියේය. නමුත් ඔහුට එම අවස්ථාව හිමිවූයේ නැත. රංජන් ගම්පහෙන් ඡන්දයට නොඒම ගැන පිරිසක් කනසල්ල පළකරද්දී තව සමහෙරක් කීවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න ඉන්නේ දෙතුන් දෙනයි. රංජනුත් ආවහම කවුද ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නේ. රංජන් මෙහෙට එනවට වඩා පාර්ලිමේන්තුවේ ඉන්න එක හොඳයි යනුවෙනි.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ද බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා බාර දුන්නේය. රවීන්ද්‍ර යසස් හා ජගත් බෙනරගම යන රංගන ශිල්පීන් එම පක්ෂයට කළුතරින් හා කොළඹින් තරඟ වදිති. 

 

සන්ධාන කණ්ඩායම නාමයෝජනා දී...

 

එජාපය නාමයෝජනාදී....

 

ජවිපෙ නාමයෝජනා දී...

 

 

නාමයෝජනා දී...

 

 

බස්නාහිර පළාත් ඡන්දයට පෝස්ටර්, කටවුට්  නොගසන බවත්, නාමයෝජනා භාර දී පෙළපාළි නොයන බවත්, ඒ වෙනුවට බෝධිපූජාවක් පවත්වන බවත් නිදහස් සන්ධානයේ  බස්නාහිර පළාත් හිටපු මන්ත‍්‍රී නිමල් චන්ද්‍රරත්න කීවේය. තම වැඩ පිළිවෙළ ඇතුළත් පත‍්‍රිකාවක් ගෙන් ගෙට ගොස් බෙදන බව කියන ඔහු   පරිසර හානි වන කිසිත් නොකරන බවට ද පොරොන්දු විය. සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් යන තේමාවෙන් ඔහු මේ සියලූ දේ කරන බව කියයි.

සන්ධානයේ දිස්ත‍්‍රික් නායකයන් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පත් කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදාය වුවත් කොළඹ දී එය වෙනස් විය. කොළඹ දිස්ත‍්‍රික්කයේ සන්ධාන කණ්ඩායම් නායක ලෙස නම් කළේ ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහතාය. නාමයෝජනා බාර දෙන්නටත් පෙර ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අමුතුම ඉල්ලීමක් කළේය. දේශපාලකයන්ගේ ඡුන්ද ප‍්‍රචාරණ වැඩවලට විවිධ පුද්ගලයන් වියදම් කරන අතර තමා කුඩු කාරයන්ගෙන් හෝ වෙනත් පුද්ගලයන්ගේ කළු සල්ලි  ලබා නොගන්නා බව කීවේය. තමාට දේශපාලනයට වියදම් කිරීමට මුදල් දෙන්නැයි ද, රුපියල් සියය බැගින් හෝ ලබා දෙන්නැයි ඔහු ඉල්ලා සිටියේය. ගම්මන්පිල මහතාට ඡුන්දය නුදුන්නත් ඔහු කරනුයේ හොඳ වැඩක් නිසා රුපියල් සියය බැගින් හෝ ගිණුමට බැර කරන බව බොහෝ දෙනෙක් කීහ.

පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයට සන්ධානයෙන් ඉදිරිපත්වී වැඩිම මනාප ලබා ගත් දුමින්ද සිල්වා සහ තිලංග සුමතිපාල දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේය. උදය ගම්මන්පිල මහතා ගියවර කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තුන් වැන්නට වැඩිම මනාප ගෙන පළාත් සභාවට තේරී පත් විය. ගම්මන්පිල මහතා ලබා ගත් ඡුන්ද සංඛ්‍යාව 116144කි.

පසුගිය පළාත් සභා මැතිවරණයේ දී  ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත්තේ හිටපු මහඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාය. ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 186338කි. ඔහු කියනුයේ වසර ගණනක් තිස්සේ ක‍්‍රම ක‍්‍රමයෙන් ඡන්ද පදනම වැඩි කරගෙන ආ තමා මෙවර ඊට වඩා වැඩි ප‍්‍රමාණයක් ලබා ගන්නා බවයි. වයඹින් දයාසිරි ජයසේකර මහතා තැබූ වාර්තාව බිඳ දැමීමට ප‍්‍රසන්න රණතුංගට හැකිවේදැයි බොහෝ දෙනා බලා සිටිති.

එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පළාත් සභා ඡුන්දයේ දී කොළඹ දිස්ත‍්‍රික්කයට තරඟ වැදුණු රෝසි සේනානායක, මොහාන්ලාල් ගේ‍්‍රරු සහ සූජීව සේනසිංහ මහත්ම මහත්මීන් දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේය. ගම්පහින් ගියවර තරඟ වැදුණු රුවන් විජයවර්ධන සහ අජිත් මානප්පෙරුම මහත්වරු ද දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේය. 

අජිත් මානප්පෙරුම මහතා ගිය වර පළාත් සභාවට ආවේ ගම්පහ නගරාධිපති ලෙස වසර ගණනාවක් කටයුතු කිරීමෙන් පසුවය. ගම්පහ මහ නගර සභාවේ විපක්ෂ නායක කපිල එදිරිසිංහ මහතා ද මෙවර පළාත් ඡුන්දයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇත. ඔහු කලක් ගම්පහ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස ද කටයුතු කළේය. අජිත් මානප්පරුමගේ හිස්තැන කපිල එදිරිසිංහ කෙසේ සම්පූර්ණ කරයිදැයි බොහෝ දෙනා බලා සිටිති. 

ජනතා විමුක්ති පෙරමුණ මෙවර පළාත් මැතිවරණයට යන්නේ වෙනස්කම් රැුසක් ඇතිවය. නායකයා වෙනස් විය. දේශපාලන මණ්ඩලය පුළුල් විය.  ජවිපේ සාමාජිකයෝ ද මෙවර බස්නාහිර පළාත් ඡුන්දය දෙස බලා ඉන්නේ බලාපොරොත්තු සහිතවය.

බස්නාහිර මැතිවරණ නීති උල්ලංඝණය වන බව කියමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය මාධ්‍ය නිවේදන නිකුත් කළේය. කැෆේ සංවිධානයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා මතුගම ලංගම ඩිපෝ කළමනාකරුට යැවූ ලිපියක සඳහන් වුණේ ඩිපෝවේ බස් රථ 80න් 50කම නීති විරෝධී පෝස්ටර් ස්ටිකර් අලවා ඇත්නම් මෙම ඩිපෝවේ කෙබඳු පාලනයක් පවතී ද යන්න ප‍්‍රශ්නයක් බවයි. ඒවා වහා ඉවත් කරන්නැයි ද මැතිවරණ කොමසාරින් දන්වා ඇත.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්පත් මැතිවරණය සඳහා යොදා ගැනීම ගැන සොයා බලන ලෙස කියමින් කැෆේ සංවිධානය බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ජයන්ති විජේතුංග මහත්මියට ලිඛිතව දැන්වීය.

පෙබරවාරි 5 දින පෙරවරුවේ කොළඹ කච්චේරිය වෙත නාම යෝජනා බාර දීම සඳහා පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ගරාජ් අංකයක් සහිත වාහනයකින් ආ බවට ද කැෆේ සංවිධානය පොලිස්පතිට පැමිණිලි කළේය.

මැතිවරණ දෙපාර්තමේන්තුවට අනුව මේ වන විට රටේ වැඩිම ඡුන්දදායකයින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ති‍්‍රක්කයේය. එම ගණන පහළොස් ලක්‍ෂ අනූදහස් හැත්තෑහයකි. (1,590,076) ඒ අනුව මෙම වැඩිම ඡුන්දදායකයින් ගණන මෙවර බස්නාහිර පළාත් සභා ඡන්දයේ දී මන්ත‍්‍රීවරුන් 41 ක් තෝරා ගැනීම සඳහා ඡුන්දය දීමට නියමිතය.

හිටපු මහ ඇමැතිවරයාට ප‍්‍රබලම අභියෝගය එල්ලවන්නේ පළාතේ හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලංසා ගෙනි. ඔහු ද මහ ඇමැතිවරයාට නොදෙවෙනි ප‍්‍රචාරක ජාලයකින් හා සංවිධාන ශක්තියකින් සන්නද්ධය. විද්‍යුත් මාධ්‍ය ආයතනයක හිටපු නාලිකා ප‍්‍රධානියෙකු වන සුසාර දිනාල් මහතා ද සන්ධානය යටතේ ගම්පහට තරග වදින අතර ඔහු ද නිර්මාණශීලී ප‍්‍රචාරකරණයකට අතගසා තිබේ. ගම්පහ ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වන ප‍්‍රාදේශීය වෙබ් අඩවි පවා ඔහු වෙන්කරගෙන ඇති බව නිල නොවන වාර්තා කියයි.

නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සහ හිටපු මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අතර පවතින ශීතල යුද්ධය මෙවර මැතිවරණයේදී ද කරලියට පැමිණිය හැකිය. තම සොහොයුරා වන ලක්‍ෂ්මන් ගුණවර්ධන පමණක් නොව අක්කාගේ දියණිය වන සරසවි ශිෂ්‍යාවක් වන සමන්මලී සකලසූරිය මෙනෙවිය ද මෙවර ගම්පහින් තරග වදිති.

හිටපු පළාත් සභාපති සුනිල් විජේරත්න, නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතාගේ සහෝදරයා වන රවී විජේසේකර, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරත් කීර්තිරත්න මහතාගේ පුත් කාවින්ද කීර්තිරත්න, දොම්පේ ආසන සංවිධායක උපාලි ගුණරත්න, ගායක මධුමාධව අරවින්ද යන අපේක්‍ෂකයෝ ද මෙවර සන්ධාන ලැයිස්තුවේ සිටිති.

සීදුව - කටුනායක නගර සභාවේ සභාපති ලලන්ත කුමාරසිංහ, ගම්පහ නියෝජ්‍ය නගරාධිපති අජිත් බස්නායක, මහර හා අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරුද මෙවර ඡුන්ද සටනේ සිටිති.කැලණියේදී සන්ධානයේ ඡන්ද සටන තීරණාත්මකය. අමාත්‍ය මර්වින් සිල්වා යළි කැලණියට පත්කර ඇති බව කියවීම නිසා ඔහුගේ අපේක්ෂකයින් වෙනුවෙන් උපකාර නොකරන බව කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරු කියති. එහි සභාපතිවරයා නාමයෝජනා භාරදුන් දින ගම්පහදී ප‍්‍රකාශ කළේ අමාත්‍යවරයා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් ඔහු පරාජය කරන්නට කටයුතු කරන බවය. හිටපු මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාටත් අපේක්ෂකයින් කිහිප දෙනෙකුටත් කැලණියේ මෙවර වැඩකරන බවද කැලණියේ සභාපතිවරයා කියයි.

එක්සත් ජාතික පක්ෂය ගම්පහ දිස්ත‍්‍රික්කයේ තම කණ්ඩායම් නායකයා ලෙස නම් කර ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන එඞ්වඞ් ගුණසේකර මහතාය. එහෙත් එම කණ්ඩායමේ ප‍්‍රබලයින් ලෙස සැලකෙන්නේ හර්ෂණ රාජකරුණා වැනි තරුණ චරිතය. රතුපස්වල ජල සටනේදී මුල්වී ක‍්‍රියා කළ සටන්කරුවන් දෙදෙනකු ද එජාපයෙන් තරග කරති. ඒ ප‍්‍රමිත හෙට්ටිආරච්චි සහ නීතිඥ උපුල් දේශප‍්‍රියයි.

 

 

සන්ධාන කණ්ඩායම ගම්පහ කච්චේරිය අසලදී....

 

රතුපස්වල ජලගැටලූව රජය තවමත් විසඳා නැත. පානීය ජලය අහිමි පවුල් රැුසක් තවමත් ඒ ප‍්‍රදේශවල සිටිති. සන්ධාන රජයට වැඩිම ඡුන්ද ලැබෙන මැතිවරණ කොට්ඨාසවලින් තෙවැනි තැන හිමිවන මහර කොට්ඨාසයේ ආණ්ඩුවේ ඡුන්ද පදනමට රතුපස්වල මෙම ගැටලූව බලපෑ හැකිය. විශේෂයෙන්ම අපි පෙරදී ලියු පරිදි සන්ධාන අපේක්ෂකයින්ට දැන් රතුපස්වලට යෑමට සිදුවෙයි. බොහෝ දේශපාලනඥයින් රතුපස්වල ජනතාව මගහැර සිටියදී දේශපාලනඥයින් ලෙස ඔවුන් අතර සිටි කිසිවකු නැත.

කෙසේ වෙතත් නායකත්ව මණ්ඩලයේ ස්ථාපිත වීමත් සමග ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ යම් ප‍්‍රබෝදයක් එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වී තිබෙන අතර ගම්පහ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙකු සන්ධානයේ සිට එජාපයට එක්වෙමින් පක්ෂයට යම් ශක්තියක් ද ලබාදී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුවේ ද තරුණ මුහුණු රැුසක් මෙවර දැකගත හැකිය.

ජනතා විමුක්ති පෙරමුණු කණ්ඩායමේ ගම්පහ නායකයා වන්නේ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාය. විශේෂයෙන්ම පෙරටුගාමී පක්ෂය බිහිවීමෙන් පසුව ගම්පහ දිසාවේ ජවිපෙ බලය විශාල සෝදාපාළුවකට ලක්විය. නමුත් ජවිපෙ තුළ පසුගිය දිනවලදී ඇතිවූ නව වෙනස්කම් නිසා එම පක්ෂයේ ද යම් ප‍්‍රබෝදයක් ඇතිවී ඇති අයුරු දක්නට ලැබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ද කැපී පෙනෙන ප‍්‍රබෝදයක් ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ ඇතිවී තිබේ. නීතිඥවරුන් ගණනාවක් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයේ ලැයිස්තුවේ දැකගත හැකිය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ තුන්වැනි බලවේගය තෝරා ගැනීමට ජවිපෙ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මෙවර ද්වන්ධ සටනක නිරතව සිටින බවද පෙනී යයි.

දොම්පේ ප‍්‍රදේශයේ අපේක්ෂකයකු ඒ ප‍්‍රදේශයේ සියලූම නගර හා ගම්වල තමාගේ කටවුට් සවිකර තිබෙනු දක්නට ලැබේ. මැතිවරණ කාර්යාල බුරුතුපිටින් බිහිවෙමින් තිබේ.

නාමයෝජනා පත‍්‍ර භාරදීමෙන් පසුව හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රකාශ කළේ ගියවරට වඩා වැඩි ප‍්‍රතිශතයකින් මෙවර පළාත් සභාවට ගම්පහින් ඡන්ද එකතුවන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයා ගම්පහදී කීවේ සාධාරණ මැතිවරණයක් රජය පවත්වන්නේ නම් අනිවාර්යයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කය එජාප ය දිනන බවය.

 



අදහස් (0)

ඡන්ද නීති කඩාගෙන ඇරඹුණු බස්නාහිර ඡන්ද සටන

චම්පිකා Wednesday, 19 February 2014 12:15 AM

තමන්ව පාලනය කරගන්න බැරි අය කොහොමද රට පාලනය කරන්නේ , (දී)

:       0       0

සත්‍යයා Saturday, 15 February 2014 06:29 AM

නීති කඩා ගෙන නොවෙයි ගාල කඩා ගෙන (දුවයි) කියල කිව්වහම ජනතාවට වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5125 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site