පසුගිය සිකුරාදා සවස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය ධුරයේ වැඩ භාරගැනීම නිමිත්තෙන් එය ආවරණය කිරීමට මාධ්‍යවේදීහු රැුසක් අරලියගහ මන්දිරයට ගොස් සිටියහ. එහි ගිය මාධ්‍යවේදීන්ට පැයක් පමණ යනතුරුත් අගමැතිවරයා මුණගැසීමට නොහැකි විය. ”මේ මොන වදයක්ද?” ඇතමෙකුගේ මුවින් නැගුන වදන්ය.
එහෙත් ටික වේලාවකට පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ලද ආරාධනාවකට අපි එහි ගියෙමු. ඒ වන විට අගමැතිවරයා එජාප අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡුාවක නිරත වෙමින් සිටියේය. ”මෙතැන අවශ්‍ය ඡායාරූප ගන්න. තව ටිකකින් මෙතැන සාකච්ඡුා කළ දේවල් අපි කියන්නම්’’ අගමැතිවරයා අපට කීය.
ඉන්පසු මාධ්‍යවේදීහු අරලියගහ මැදුර තුළත් ඉන් පිටත් නිදහසේ සැරිසැරූහ. වෙනදා මෙන් ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා වූයේ නැත. නිදහසේ ඡුායාරූප ගනිමින් සිනහවෙමින් කෑකෝ ගසමින් සිටින විට අමාත්‍ය මණ්ඩල රැුස්වීම නිමවී ඇමැතිවරු එළියට පැමිණියහ.
”එන්න අරලියගහ මැදුර ඇතුළ නිරීක්ෂණය කරන්න මාධ්‍ය සමඟ යන්න’’ කියා අගමැතිතුමා අවසර දුන්නේය.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගෙන් අපට ආරාධනාවක් ලැබිණි.
අරලියගහ මැදුර පැරැුණි ගොඩනැගිල්ලට අමතරව අලූතින් ඉදි වූ තට්ටු හතරක සුවිශේෂී මැදුරක් වෙත ඉන්පසු අපි ගමන් කළෙමු. එය ඇත්තෙන්ම නවීන තාක්ෂණික ක‍්‍රමවේද සහ නවීන ගෘහ නිර්මාණ ශිල්ප ක‍්‍රම යොදා ගනිමින් ඉදිවූවකි. එහි ඇතුළුවන ඕනෑම අයෙකුට එකවර සිතට නැගෙනුයේ තමන් රජ මාළිගයකට ඇතුළු වන බවකි. සුරසැප විඳින සුල්තාන්වරයකුගේ මාළිගාවක් සිහියට නංවන මෙම සුවිසල් මැදුරේ අස්සක් මුල්ලක් නෑර ඇවිදීමට අපට හැකිවිය.
මුලින්ම අපි බිම් මහලේ පිහිටි උත්සව ශාලාවකට ඇතුළු වූයෙමු. එකවර 5,000 කට වැඩි පිරිසක් රැස්කොට රැස්වීම් පැවැත්විය හැකි ලෙස නිමවා තිබිණි. නවීන විදුලි බල්බ, නවීන තාක්ෂණික ක‍්‍රම ඊට එක් කර ඇත. මේ ශාලාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට මීටර 500කට වඩා දුර බව පෙනෙන්නට තිබිණි. මෙය සම්පූර්ණයෙන්ම වායුසමනය කර තිබේ.
එතැනින් එළියට ගිය විට දෙපස අලංකාර ලෙස ප‍්‍රතිමා තබා ඇති ආලින්දයකි. එහි දෙපස සැපපහසු පුටු තබා ඇත. මුළු ආලින්දයම වායුසමනය කර තිබේ. මේ ආලින්දය කෙළවර වායුසමනය කර ඇති වැසිකිළි සහ නාන කාමරයක් සහ විවේකාගාරයකි. අධික වියදමක් දරා නවීන උපකරණ භාවිත කර මෙය නිමවා තිබේ.
එතැනින් ඉහළ මාලයට ගියවිට නවීන පන්නයට ඉදි කළ රැුස්වීම් ශාලා කිහිපයකි. විශේෂයෙන්ම මැතිවරණය මෙහෙයවපු මෙහෙයුම් කාර්යාලය ද එහි විය. එක් මැතිවරණ ආසනයකට එක් පරිගණකය බැගින් වෙන් කර මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පවත්වාගෙන ගොස් තිබේ. ජනාධිපතිවරණයේදී ජනතාවට බෙදා දීමට තිබූ සමෘද්ධි සහනාධාර වෙනත් ද්‍රව්‍ය සඳහා සැකසූ නාම ලේඛනද අරලියගහ මැදුරේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ තිබී හමුවිය. නව මැදුරේ හිටපු ජනපතිවරයා රැුස්වීම් පැවැත්වූ, සාකච්ඡා පැවැත්වූ ශාලාවලට යාබදව වැසිකිළි ඉදිකර තිබේ. එහි ඩිජිටල් තාක්ෂණය සහිත රූපවාහිනී යන්ත‍්‍ර සවිකර තිබෙනුද දැකගත හැකිවිය.
ජනාධිපතිවරණය දා ඩිජිටල් තිර ඔස්සේ මැතිවරණ ප‍්‍රතිඵල නැරඹූ ශාලාවක් ද අපට දැකගත හැකිවිය. එහි භාගෙට කා දමා තිබූ කොත්තු, බිස්කට් විවිධ බීම වර්ග භාගෙට හිස් කළ මත්පැන් බෝතල් ආදිය දැකගත හැකිවිය. ජනාධිපතිවරණය පරාජය වන බව දැන ඒවා දමා එහි සිටි පිරිස් යන්නට ඇතැයි සිතිය හැක.
නව මැදුරේ කාමරයක් කාමරයක් පාසා නිරීක්ෂණය කරන විට මැතිවරණ මෙහෙයුම්වලට මුදල් ලබාදුන් අයගේ නාම ලේඛනයක්, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාට හමුවිය. එම ලිපි ගොනු පරීක්ෂා කිරීමේදී විවිධ පුද්ගලයන් වෙනුවෙන් බෙදා දුන් රුපියල් මිලියන 150ක මුදලක පමණ රිසිට්පත් හමුවිය. බුද්ධික මද්දුමගේ, චාමර පලිපාන, කේෂානි ජයසිංහ, සුනිල් ජයසේකර, රොෂාන් මද්දුමගේ, එච්.ඒ. රණවීර, සී.පී. අඟුරුවලගේ, සාගර කාරියවසම්, නිහාල් හේවගේ, උදයසිරි කාරියවසම්, සිරිල් සුදුවැල්ල, ඞී.ආර්. පෙරේරා, කේ.එල්. හේවගේ, නිමල් පියරත්න, ඞී. කලන්සූරිය, නලීන් ප‍්‍රනාන්දු, අමිත් ගමගේ ඇතුළු පිරිසකට මෙම මුදල ලබාදුන් බවට රිසිට්පත් නිකුත් කර තිබිණි. මේ ගැන සෙවීමට කටයුතු කරන බවද අජිත් පෙරේරා මහතා කීය.
මේ සුවිසල් මැදුර ගැන හොඳම කතාව කීවේ එරාන් වික‍්‍රමරත්න නියෝජ්‍ය ඇමැතිවරයායි. ”මේ මාළිගාව හදලා තියෙන්නේ චීන අධිරාජ්‍යයාගේ මාළිගාව වගේ. චීන අධිරාජ්‍යයාගේ මාළිගාවේ ඇතුළත් මෙහෙමයි. විශාල ඡායාරූප, ප‍්‍රතිමා, කැටයම් ආදී දේ යොදාගෙන තිබෙනවා. අඩු විදුලි ආලෝකය යොදා ගනිමින් සකසා තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් මේ උත්සාහ ගෙන තියෙන්නේ චීන අධිරාජයාගේ වගේ මාළිගාවක් තනන්න යැයි නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
රටේ නායකයා හිඟන්නෙක් වගේ ඉන්න ඕන නැහැ. මේ පහසුකම් හෝටල්වලත් තියෙනවා. ඉතින් මේකේ වැරැුද්ද මොකක්ද එහිදී ඇතමෙක් ප‍්‍රශ්න කළහ.
අරලියගහ මැදුරේ තිබූ පෞරාණික වටිනාකමක් ඇති බඩු අතරින් ඉතිරිව ඇත්තේ රන් ආලේපිත කඩු දෙකක් පමණක් බව අපට දැනගන්නට ලැබිණි. එසේ නම් තිබූ අනෙක් පෞරාණික බඩුවලට සිදුවූයේ කුමක්ද? හිටපු ජනාධිපතිවරයා තවමත් අරලියගහ මැදුරේ තිබූ භාණ්ඩවල විස්තර ලබාදී නොමැති බවද වාර්තා වේ. එනිසා ඉදිරියේදී මේ ගැන පරීක්ෂා කොට තීරණයකට එළැඹෙන බව එජාපය පවසයි.
මෙවැනි පාලකයන් සුරසැප වින්ඳේ ජනතාව වෙනුවෙන් නොව තම බලය පුළුල් කරමින් පවුලේ සුඛවිහරණය සඳහා බවත් ඒකාධිපති පවුල් පාලනය අවසන් කිරීමට ඡුන්දය දුන් ජනතාවට තමන් ස්තූති කරන බවත් අමාත්‍ය පී. හැරිසන් මහතා අප සමඟ කියා සිටියේය.
මෙම නිරීක්ෂණයට එකතු වූ නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ගමන් කළ පිරිස සමඟ කළ කතාවකින් මෙම ලිපිය අවසන් කරමි.
”එදා අරලියගහ මැදුර ඇතුළේ බාල් නටනවා කියා තමයි අපේ තාත්තට මඩ ගැහුවේ. ඒත් අපේ තාත්තා එහෙම කිසි දෙයක් කළේ නැහැ. හිටපු ජනාධිපතිවරයා තමයි (මහින්ද රාජපක්ෂ) අරලියගහ මැදුර රාජවාසලක් කරගෙන රටේ සල්ලි විනාශ කරලා තියෙන්නේ”යැයි කීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මේ රටේ සල්ලි. (ර)
මේ ලිපියෙන් තේරෙන්නේ වෙන දෙයක් නොවෙයි..රටේ මාද්‍ය කොච්චර සමබරව ටම රාජකාරිය කරනවද කියල...හරියට හිට්ලර් ගේ හොර ගුහාවක් හම්බ වුනා වගෙයි. එතකොට අර 80 දශකේ අග භාගේ ඔහේ තිබ්බ බුදුමැදුරේ තිබුන වටිනා මැණික අතුරුදන් වීම?...හරියට මේගොල්ලෝ මැරිල ඉපදුන වගේනේ...(අ)
පවු, දුප්පත් මිනිස්සුන්ගේ දහඩිය. (ර)
රටේ නායකයට මේවගේ තැනක් නැත්නම් කාටද අවශ්‍ය. ඕනෙම රටක අගමැති මැදුර හෝ ජනාධිපති මැදුර මෙයටත් වැඩිය අලංකාරයි. මෙය පුද්ගලික දේපලක් නොව රටේ ජනතාවගේ දේපලක්. හැම දෙයක්ම ලස්සනට තිබුන තරමට තමයි අගයක් ඇතිවෙන්නේ. ජනාධිපතිට හෝ අගමැතිට කියන්නෙත් හිගන්නෙක් වගේ පැලක ඉන්න කියලද.? අවුරුදු 10 කට පෙර තිබුන පාරවල් ගොඩනැගිලි ප්‍රධන නගරය සමග දැන් තියන තත්වය සම කර බලන්න. (අ)
මොනවද මේකේ මහ ලොකුවට පෙන්නන්න තරම් දෙයක් තියෙන්නේ ? හරිම පුදුමයි. මේවා රටේ ලෝකේ සාමාන්‍ය දේවල්. ලංකාවේ හෝටල මෙයිට වඩා අලංකාරයි. දුෂ්ට චේතනාවෙන්ම පලකළ ලිපියක් මේක. (අ)
අනේ ඇත්තද වැසිකිළි වලටත් වායුසමීකරණ රුපවාහිනී යන්ත්‍ර දාගෙන හිටියා කියන්නේ (දිල්)
මේ මැදුර වැඩි දියුණු කරපු එකේ වරදක් මම දකින්නේ නෑ. (ර)
ජනාධිපති මන්දිරයක් කියන්නේ රටේ ඉස්තරම්ම විදියට තිබිය යුතු තැනක්. නැතිව අම්බලමක් නොවේ. (ර)
අසේල ඔබ හරි (නදී)
මේ අය හරි හමන් ගෙදරකට ගිහින් නැති අය වගෙයි මට පේන්නේ. තමන්ගේ වරිගය පහත් කොට සලකන ලෝකේ එකම ජාතිය සිංහලයෝයි. ඕක වෙනත් ජාතියකගේ නිවහනක් වුනානම් වර්නණා කරල ඉවරයක් නැති වෙයි. (නදී)
ලෝකයේ ඕනෑම රටක නායකයා ඉන්න තැන ලස්සනට වටිනාකමට තියෙන්න ඕනේ. මහින්ද මහත්තයා මේවා කළේ තමන්ට ගෙදර අරන් යන්න නෙවෙයිනේ. ඊළගට එන එක්කෙනාටත් ප්‍රයෝජනයට ගන්නනේ. දැන් රනිල් මහත්තයා මේවට බැන බැන පොල්ලතු පැලකටද යන්නේ? (නදී)
වායු සමනය කර ඇති වැසිකිළි තියෙනවා කිව්වට ඕන මෝඩයෙකුට උනත් පේනවා. වැසිකිළියේ තියෙන්නේ විදුලි පංකාවක් කියලා. එහෙනම් අනිත් ඒව ගෙන හිතා ගන්න පුළුවන්. (නදී)
අනේ මට නම් මෙතන කෙසිම දෙයක් ලොකුවට පේන දෙයක් නැහැ. ජනාධිපති මැදුර පොල් අතු වලින් හදන්න බැහැනේ (නදී)
කියල වැඩක් නැහැ. මේවා ජනාධිපතිතුමා ගෙදර ගෙනියන්න හදල නෙවෙයිනේ. ජේ ආර් ඇවිත් කෝට්ටේ පාර්ලිමේන්තුව හැදුවමත් මේ වගේ කතා කිව්වා. දැන් ඉතින් මේවා කඩල දාන්නේ නැතිව ප්‍රයෝජන ගන්න (නදී)
එතකොට සජිත් ප්‍රේමදාසට අමතක වුනාද අර ප්‍රේමදාස මහත්තයාගේ මැණික් සිංහාසනය. එ්කත් ඔහේ තිබ්බද හමු උනාද? රන්ජන් අර රන් කඩු උස්සන් නැටුවේ මේවා පැරණි තිබුන දේවල් බව නොදන්නා නිසාද? මධ්‍යගත වායුසමනය කිරීමේ ක්‍රමය ගැන නොදන්නා එව්වොන්ට ඕවා මැජික් උනාට එහෙම කලාම වැසිකිලියේ තියෙන්නේ කුඩා විමෝචකයක් පමණයි මුළු ගොඩනැගිල්ලම තනි වායුසමන ඒකකයකින් පිරිමැහෙනවා. ලෝකේ රටවල සාමාන්‍ය ගෙයක් වත් දැකපු නැති ජනතාව අන්දවන්න හොදයි මෙහෙව් විගඩම් (නදී)
මේවා දාලයන්න බැරි හින්දනේ දෙවියනේ හැමදාම ඉන්න නීති හදාගත්තේ ....සොබාදහම හැමදේම පාලනයකරනවා කාටවත් වළක්වන්න බෑ (බ)
මේ ගොල්ලන් කවමදාකවත් මේ වගේ දේවල් දැකල නැතුව ඇති. එ්කනේ රිලවට කන්නාඩිය අහු උනාවගේනේ කතාකරන්නේ. කොයි තරම් වැදගත් දෙයක්ද මහින්ද කරලා තියෙන්නේ, මුළු රටටම ආඩම්බරයක් නේද ලස්සන බැලුවම. ඉතින් මහින්ද අරලිය ගහ මන්දිරය මහින්දගේ ගෙදර අරන් ගියේ නැහැනේ. පොදු වස්තුවක් බව දැනගෙන බොහොම ලස්සනට ඉදිකලාට බෙහෙවින්ම ස්තුතියි (නදී)
හිටපු ජනාධිපති තුමා තමන්ගේ පුද්ගලික දේපොලක මේවා කලා නම් මේක ලොකු ප්‍රවෘත්තියක්...අරලියගහ මන්දිරය කියන්නේ ලංකාවේ ප්‍රධාන පුරවැසියාගේ නිවස. මේ වගේ ලිපි පල කිරීමෙන් ලංකාදීප පුවත්පත ගැන පාඨකයාට තියෙන විශ්වාසය ගෞරවය නැති වෙන එක විතරයි. වෙන්නේ. මාධ්‍යවේදීන් මීට වඩා සමබර විය යුතුයි...(ස)
අපේ නාන කාමරෙත් මේ වගේ.මේ දේවල් එතරම් ලොකු දේවල්ද? (ස)
මේවත් විසිතුරුද? මේ තමයි පැහැදිලි ඉරිසියාව. දවස් සීය යනකම් මේ වගේ බොරු කෙරුවට ජනතාව නම් මුලා කරන්න බැහැ. (ස)
අපි ඡන්දය දුන්නේ වෙනසකට. (නි)
එතකොට රටේ නායකයා කොහොම තැනකද ඉන්න ඕනෑ? (නි)
ඉතින් සිද්ධවුණේ ඊළඟට ආ ජනාධිපතිට මේවා හිමිවුණ එකනේ (නි)
මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
මේ අපේ රටේ රාජ්‍ය නායකයාගෙ නිල නිවස. ඉස්සරහට එන ඕනෑම නායකයෙකුට රාජ්‍ය තාන්ත්‍රිකව පාවිචිචි කරන්න පුලුවන් විදිහට ලස්සනට හදලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා මේවා ගෙදර අරගෙන ගිහින් නැහැනේ. රටක් විදිහට අපිට අභිමානයක් තියෙන්න ඕනෑ. (නි)
ඔතැන සිටි එක රාජ්‍ය නායකයෙක්වත් ඔය මැදුර අරගෙන ගියේ නැහැනේ. ඒවා දැන් එන අයටත් පාවිච්චි කරන්න පුලුවන්. හිටපු අය ගළවාගෙන ගියේ නැහැනේ! (නි)
දුප්පත් රටවලත් රාජ්‍ය පාලකයින්ගේ නිල නිවාස ඔය ඕනෑතරම් සුරවිමන් වගේ අපි දකින්නේ....... (නි)
දේශපාලකයින්ට වැඩිය ජනතාව බුද්ධිමත්. ගැලරියට විසිල් ගහන වැඩ නවත්වලා පොරොන්දු වුණ දවල් වලට අවදානය යොමුකළා නම් ගොඩක් හොඳයි. (නි)
එරංග, මේක හදලා තිබෙන විදියට ගෙදර යන්න හිතාගෙන නෙමෙයි ඉඳලා තියෙන්නේ.... (නි)
පත්වෙන සියලුම රාජ්‍ය නායකයින්ට මේක පොදු මන්දිරයක්. (නි)
මන්දිරය කියන එකේ තේරුමෙන්ම තේරෙනවනේ ඉතින් (නි)
මේ වගේ ලිපි පළකරන එක හොඳයි (නි)
දිනකට ලක්ෂ 268ක් වියදම් කළේ ඉතින් මේවට තමයි. අනේ අපේ දුප්පත් රටකට ගිය කල! නැතිවූ බඩු ගැන වහාම 'ඉන්වෙන්ට්‍රි' වාර්තාවක් ගෙන අදාළ නීතිමය කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)
සාමාන්‍ය ජනතාව මේවාට කලබල වෙන්නේ නැහැ (නි)
ඇසළ, රටේ නායකයා ඉන්න හැටි අර උරුගුවේ ජනාධිපති තුමාගේ ජීවත් වෙන පිළිවෙල බලල දැනගන්න. අපේ රට දුප්පත් රටක්. තරමක් සැපපහසුකම් එක්ක පිළිවෙලකට මේ මන්දිරය තිබෙනවාට කවුරුවත් දොස් කියන්නේ නැහැ. (ර)
මේක අගමැති මැදුර මිසක් ජනාධිපති මැදුර නෙවෙයි. රටේම තිබෙන මැදුරු මදි සමහරුන්ට . කවුරුවත් තමාගේ නිලයට අයිති නැති නිල නිවාසයක පදිංචි වුනේ නැහැ. (බ)
රනිල් වික්‍රමසිංහ, ජේ ආර් මහත්මයා, සිරිමාවෝ මැතිනිය වැනි සොරකම් කළා යයි චෝදනා නැති පිරිසිදු නායකයෝ මෙම මන්දීරය පරිහරණය කළේ 'සංකේතාත්මකව' පමණයි. ඔවුන් නිත්‍ය ලෙස පදිංචිව සිටියේ ඔවුන්ගේ පුද්ගලික නිවාස වලයි. එහෙව් නායකයෝ සිටි රටක් මේක. (බ)
තරු පහේ හොටලයන්ගෙන් සමවන්විත කොළඹ දැන් සංචාරක පුරවරයක් බැවින් අරලියගහ මැදුරත් සංචාරකයන් සඳහා යෙදුවොත් රටටට අවශ්‍ය විදෙස් විනිමය උපයා ගැනීමට දායක වනවා නොවේද ? (නදී)
මහජන මුදල් වලින් සුරසැප වින්ඳාට කමක්නැහැ කියන අය තවම ඉන්නවනේ? (නි)
මේකේ මේ කියන තරම් සුඛෝපභෝගිකමක් මට නම් පෙනෙන්නේ නැහැ. අවශ්‍ය හැමදේම තිබෙනවා.එපමණයි. රටක නායකයා වුණාම ටිකක් පෙනුමට ඉන්න ඕනෑ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ සුල්තාන්වරයෙක් වගේ ඉන්න ඕනෑ කියලා. (නි)
මන්දිරය මන්දිරය කිවුවහම මම හිතුවා මේක තවුතිසා බවන වගේ කියලා. (නි)
මේවා රටේ දේපළ මිසක් කිසිම අගමැති කෙනෙකුගේ හෝ ජනාධිපති කෙනෙකුගේ පුද්ගලික දේපළ නොවේ.ඔය කිසිම කෙනෙක් යනකොට අරගෙන ගියේ නැහැනේ. (නි)
අපි ඕක විකුණලා අලුත් අගමැතිතුමාට සහ ජනපතිතුමාට අඩු මුදලට වෙන හොඳ තැනක් හොයලා දෙමු. අපරාදෙනේ මහජන සල්ලි! (නි)
චන්ද්‍රා, මෝඩකම පෙන්වන්න එපා (නි)
මේක අගමැති නිල නිවාසය නේද? ඉතින් කොහොමද මේක වෙනස්කරගෙන ජනපති පදිංචි වුණේ කියන එකත් සොයන්න ඕනෑ නේද? (නි)
පුදුම සැපක්නේ එයාලා විඳලා තියෙන්නේ? (නි)
අපේ ගෙදරත් නාන කාමරේ මම සවි කරා පොඩි ටීවී එකක්. ඒකත් අහුවෙයිද ? (නදී)
ඇයි ඔයලා අරලිය ගහ මන්දීරය දිහාම බලන්නේ ? මේ රටේ ගරා වැටෙන්න තිබුන කොයි තරම් විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් පහුගිය කාලේ නවීකරණය කළාද මහ ජනතාව වෙනුවෙන්? ඒ විතරක් නෙමේ පොදු රාජ්ය මණ්ඩලීය නායකයන් රටවල් විසි පහකින් පහුගිය වතාවෙ ආවා, ඒ අය වෙනුවෙනුත් මේ ගොඩනැගිල්ල නවීකරණය කළා. කොහොම උනත් අපේ රටේ නුදුරු අනාගතය ගැන විශාල දුකක් හිතෙනවා, (බ)
අනේ මේක සාමාන්‍ය දෙයක්නේ. අනික ඒ මනුස්සයා අරන් යන්න නෙමෙයිනෙ. ඕවා පෙන්නලාම දින 100 ඉවර වෙයි වගේ (නදී)
මහින්ද මහත්තයා මේවා හොඳට හදලා නිසා අනෙක් අයට කරන්න දෙයක් නැහැනේ දැන් (නි)
මෙය නවීකරණය කළ හේතුත්, මෙය පරිහරණය කළ රාජ්‍ය තාන්ත්‍රික නායකයන් ගැනත් හොඳ විස්තරයක් හිටපු ජනාධිපති විසින් ලිපියකින් දක්වා තිබුණා. මා ඉතාම සාමාන්‍ය පෙළේ අයෙක්. කිසිඳු අති විශේෂත්වයක් නැහැ. නමුත් කාර්යාලයීය කටයුත්තකට විදෙස් රටකට ගියවිට ඒ රටවල අයත් අපව ගෙනයන්නෙ මේ වගේ තැන්වලට. අපි පැමිණියේ රාජකාරී කටයුතුවලට වුවත්, ඔවුන් එසේ කරන්නේ අපටත්, අපේ රටටත් ගෞරවයක් වශයෙන්. අප වැන්නවුන්ටත් එවන් තත්වයක් පිටරැටියන් ලබාදෙනවා නම්, රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවන, පිළිගන්නා, ස්ථානයක් කෙසේ වියයුතුද යන්න අමුතුවෙන් කිවයුතුද? (නි)
අපි බලාපොරොත්තු වුණ විදියේ වෙනසක් නම් අපිට පෙනෙන්න නැහැ. (නි)
අපි බලමු දැන් මේගොල්ල මොනවද කරන්නේ කියලා. මෛත්‍රී මහත්තයාගේ පිහිටෙන් බලයට ආව මිසක් (නදී)
මටත් වරදක් පෙනෙන්නේ නැහැ (නි)
යුරෝපයේ ධනවතුන්ගේ නිවාස මීට වඩා මනරම්. එබැවින් මෙය එතරම් ප්‍රශ්නයක් කර නොගනිමු. (නි)
දැන් ඉතින් මොනවද මේවට කරන්න හිතාගෙන ඉන්නේ? (නි)
මට නම් වරදක් පෙනෙන්නේ නැහැ.හරිම කලාත්මකයි.අපේ නව රජයේ අය තව අවුරුදු දෙක තුනක් යනකොට බලමුකෝ.... (නි)
රොෂාන්, ඔයාට බුදු අම්මෝ කියලා කියවුණේ නැද්ද පසුගිය යුද්ධ කාලේ? (නි)
ලංකාදීපය කියන්නේ මම හැමදාමත් ආදරය කළ පත්තරය... (නි)
අපි දැන් යුරෝපයේ ධනවතුන් එක්ක තරඟ කරන්න ඕනද කීර්ති ? (නදී)
අයියෝ, මීට වඩා විශාල ගෙවල් ලංකාවේ කොච්චර නම් තියනවද ? (නදී)
18 ගෙනත්, මේක හැදුවේ විපක්ෂෙට දෙන්නද? මේක අගමැතිගේ නේද? හරිම කලාත්මකයි තමා. (නදී)
මේ පින්තූර දාපු එක හොඳයි. එතකොට මිනිස්සු දන්නවා ජනාදිපති රජෙක් වගේ හිටියේ නැහැ කියලා. අපේ ගෙදර ගොඩක් ලස්සනයි මීට වැඩිය. (නදී)
අනේ මොනවද මේ මිනිස්සු කියන්නේ. වැරැද්ද වැරැද්දමයි කව්රු කළත්. පොදු රාජ්‍ය මණ්ඩලේ නායකයෝ හෝටල් වල හිටියේ. මොකටද ඕකට කෝටි ගණන් වියදම් කළේ. ඇයි අපේ මිනිස්සුන්ට මොලේ නැත්තේ. මහින්ද මහත්තය නිවේදනයක් දැම්ම ඕක හැදුවේ පොදු රජ්‍ය මණ්ඩලේ අයට කියල ඉතින් ඔක්කොම හරිද. (දිල්)
වතුර උතුරනකන් කකුළුවෝ හැලියේ නටන බව පේනවා..... නටපල්ලා... නටපල්ලා.......(බ)
මේ තරම් රටට වැඩ කරපු ජනපති කෙනෙක් තවත් නම් නැතුව ඇති. අනේ කුහුබුවනේ තොපටත් රජෙක් අැත්තේ..අපට රජෙක් නැත්තේ....(බ)
අයියෝ මේවා රටේ දේපළ නේ. මහින්ද මහතා ඔය මැදුර අරගෙන ගියේ නැහැනේ.හරිම කලාත්මකව නිමකරලා තියනවා. ඒවා දැන් එන අයටත් පාවිච්චි කරන්න පුලුවන් (දිල්)
මේවා සම්පූර්නයෙන් ඔප්පු කරන්න සාක්කි තියෙනවද?ඒවගේ පින්තූරත් එකතු කරා නම් කොහොමද මේකට (දිල්)
සජීව ඔබලාට රජෙක් නැති වුනා නේද ..අනේ පවු (දිල්)
ඔය ගොඩනැගිල්ලට කරන්න හොඳ දෙයක් තියෙනවා. අලුතින් පත් උන ආණ්ඩුවට තියෙන්නේ ඕක පොලවට සමතලා කරන්න. ඊට පස්සේ මාද්‍ය හමුවක් තියල රටේ ජනතාවට කියන්න අපි සුර සැප විඳින්නේ නැ කියලා. අධි වේගී මාර්ගයට බනිමින් එ්කේ යන මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ. (නදී)
මෙය නම් රටටම ආඩම්බරයක්. මොකද පිටරැටියනුත් එනවා නේද සමුළුවලට. (නදී)
ඇයි ඔච්චර වියදම් කරලා.(හේ)
රජකම ලබා දෙන්නේ රජ කරන්න.ඒකට දොස් කියන්න එපා. විශේෂ අමුත්තන් එන ස්ථානය ලස්සනට තියෙන්න ඕනෑ. (නි)
ප්‍රශ්නය තියෙන්නේ ඕවා හංගලා තියාගත් එකනේ. (නි)
ඔහු අදත් රජෙක් (නදී)
මේ අයට පිස්සු. මම සදාම් හුසේන්ගේ මාළිගාව දැක්කා. ඒ හැටියට මේක මොකක්ද ? ජනාධිපතිවරයා කියන්නේ රටක නායකයා. සැප විදින්න ඕනා තමයි (නදී)
ලංකාවේ බිස්නස් කරලා සල්ලි ගෙනිහින් සමහරු පිටරට නේ ගෙවල් හදාගෙන තියන්නේ. ඒ නිසා කාටවත් පේන්නේ නැහැ. ඒ ගෙවල් දැක්කා නම් මේක මොකක්ද? (නදී)
මේක සංචාරකයන්ට හොටෙල් එකක් කරමු. අගමැතිට, ජනපතිට නිල නිවාස වෙනම හදමු. ඔය පෙදෙස සංචාරක කලාපයක් කරමු. සංචාරකයන්ට නිදහස අවශ්‍යයි. ජනපති මැදුර සහ ඒ අවටත් සංචාරක කලාපයක් කරමු. (නදී)
සදාම් ට මාලිගා 600 ක් තිබුනා. මම ඉරාකයේ හිටියා. ඒ වයේ හැටියට මේක සුලු දෙයක්. කලබල වෙන්න එපා. ඊට වඩා දේවල් ගැන හොයන්න. රටට කරපු ජාතික අපරාද ගැන සොයල නිතිය ඉදිරියට ගේන්න (නදී)
නිල නිවසනේ මේ. එයාගේ ගෙදර ඔහොම හදාගත්ත නම් බැන්නට කමක් නෑ. මම ඡන්දෙ දුන්නෙත් මෛත්‍රී ජනපතිතුමාට එත් . මේකේ නම් වරදක් පෙන් නෑ. රටක නායකයෙක් ඉන ඕන ඒ විදියට. ටිකක් සැප විදින්නත් ඕන.උවමනාවට වැඩිය සරල වෙන්නත් හොද නෑ (දිල්)
මේවට වියදම් කරපු හැම සතයක්ම මහින්ද ගෙන් අයකර ගත යුතුයි (නදී)
වෙනත් රටවල රාජ්‍ය නායකයෝ එන තැනක් මේක. ඒ නිසා ඒ ගැන වදවෙන්න එපා. මේ විදිහට ලස්සනට තිබිය යුතු තැනක් තමයි ඕක (නදී)
දැන් එතකොට මේක කොහොමද තියෙන්න ඕනෑ? (නි)
කලින් මේකේ හිටපු උන්දලා මේකේ සහ රජ ගෙදර තිබුන කොයි තරම් වටින දේවල් හොරකම් කලාද කියල ඒ දවස්වල කියවුන කටකතා ගැනත් හොයල බැලුවානම් තමයි වඩාත් හොඳ. කොහොම වියදම් කලත් තවමත් මේවා මහජන දේපොළ. (නදී)
කාලය හා සමය ගැන කල්පනා කරොත් මෙක ලොකු දෙයක් නොවෙයි. මොකද දැන් අපිට භිෂණ සමය අමතක වෙලා නිසා. ඒ සමයට අනුව හදපු මේවා ගැන ලොකු කතා වැඩක් නැහැ. කරන්න ඕනේ හොරකම් කරලා තියෙන දේවල් ගැන හොයන්න. (නදී)
දැන් පත්වෙලා ඉන්න කට්ටියට ලෝකෙටම ආදර්ශයක් වෙන්න පැල්පත්වල පදිංචි වෙන්න කියමු එහෙනම් (දිල්) .
අතීතය ගැන විතරක්ක් කතා කරලා මදි (දිල්)
හිටපු ජනාධිපතිතුමන්ට ස්තුති කරන්න ඕනෑ මේ වගේ පිළිවෙළකට තැනක් හදපු එක ගැන. (නි)
මීට වඩා ලස්සන සුඛෝපබෝගී නිවාස දැන් රටේ හැම තැනම තියෙනවා. මේවා දැකල ඉතින් පුදුමයට සහ විශ්මයට පත් වෙලා තියෙන අයගේ ගෙවල් වලට ගිහින් බලන්න ඕනේ. මේක නම් සැම ජනාධිපති කෙනෙක්ටම පොදු තැනක්. ජනතාවගේ සල්ලි වලින් තමන්ගේ ගෙවල් මාලිගා කරපු අය ගැන හොයන්න ඕනේ. කොහොම උනත් දින 100 බොහොම ප්‍රයෝජනවත් විදිහට යොදා ගනී කියල තමා අපේ අපේක්ෂාව. (නදී)
මට නම් බැලුවහම කවුරුත් එකයි. (නි)
ජනාදිපති ඉන්න තැනක්. රටේ ලෝකේ වෙන දේවල් ගැන දන්නා මනුස්සයෙක්ට මේවා මහා දේවල් නෙමේ. අනාගතේදී තේරෙයි වැරදුනා කියලා.(හේ)
මේකේ ගොඩාක් කමෙන්ට් දැක්කම අපේ මිනිස්සු ගැන දුකක් වගේම ලැජ්ජාවක් දැනෙනවා. තමන්ට කන්න නැතත් බෙහෙත් නැතත් දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් රටේ ජනාදිපති සැපට ඉන්න එක එයාලට පේන්නේ මාර ආඩම්බරයක් හැටියට. ඕක තමයි ලංකාවේ මිනිස්සුන්ගේ වැඩි හරියකගේ තත්වේ. (නදී)
දැන් ඉන්න අගමැති ඕවා පාවිච්ච් කරන්නේ නැද්ද ? (නදී)
මේ පෙන්නලා තියෙන හැම පින්තුරයක්ම රාජ්‍ය තාන්ත්‍රික පැමිණෙන අයගේ සුව පහසුව සඳහා හදා ඇති බව පේනවා. මොකද රාජ්‍ය නායකයන් අාවහම හෝටල් වල රැස්වීම් තියන්නද? වායු සමීකරණය ගැන කතා කරලා තියෙනවා. නැත්නම් කොළඹ ජනෙල් ඇරලා තියන්නද? අදහස් දක්වපු හුගක් දෙනා මෙය හරියට තේරුම් අරන් ඇති බව පේනවා. කොළඹ නගරයේ වැඩි තැනක් ඉහල තත්වයකට ගෙනත් තියෙනවා. රට පුර පාරවල් හොඳින් හදල ජනතාවට පහසු කම් වැඩි කරලා. අද කාලයට ගැලපෙන්න මේ ස්ථානයත් අලුත් වැඩියා කිරීම අගය කල යුතුයි. (නදී)
හරිම සතුටුයි බුද්දිමත් ජනතාව තේරුම් ගත්ත හැටි දැක්කහම. දැන් ඉන්න ඇමති වරුන්ට තේරිලා නැහැ වගේ හරිම පුදුමයි. (නදී)
එකිනෙකට විරුද්ධ මත, තර්ක.. හැබැයි අපි තේරුම්ගන්න ඕනෑ මහජන මුදල් නාස්ති කළා නම් වැරදියි කියලා (නි)
ලොකු ලොකු අයට මේවා මහා ලොකු දේවල්ද? (නි)
මහින්ද මේක හැදුවේ මැදමුලන නෙවෙයිනේ. කොහොම වෙතත් දැන් ජනතා තීරණේ අනුව කරන්න තියෙන්නේ මේක විකුණලා ලැබෙන කෝටි ගානත් හිලවු කරලා තව කන බොන දේක මිල අඩු කරලා දෙන එකනේ. අලුතින් පත් වෙච්ච සුපිරිසිදු ජනතා සේවකයන්ට ඔය රුපියල් පන්දාහකට විතර තියන ලොජ් කාමර වගේ අරගෙන, ෆයිල් ටික තියාගෙන ජනතා සේවේ කරන්න බැරිය. (හේ)
ඕවා පෙන්නලා වැඩක් නැහැ. දුන් පොරොන්දු ඉටුකරන්න. රටේ ජනතාව රවටන්න බැහැ. (නි)
අපරාදේ සල්ලි! (නි)
රනිල් මහත්තයා මේකේ ඉන්න අකමැතිද? (නි)
මේ අය හිතන් ඉන්නේ රටේ නායකයගේ නිල නිවස මුළුතැන්ගෙයක් වගේ කියලා වෙන්නැති නේද?(දිල්)
රටේ නායකගේ ගෙදර හොඳට තිබිය යුතුය. එ්කට හේතුව අනෙක් රටවල නායකයෝ එන නිසාය. ඒ උනාට මහජන සල්ලි නාස්ති කරලා සැප විඳින එක වැරදියි. පිට රටවල පොහොසත් අයගේ ගෙවල් සමගින් සන්සන්ධනය කරන එක වැරදියි. අපේ රට පුරාම ප්‍රශ්න. (නදී)
මේවා ජාතික අපරාද (නදී)
ජනාධිපති මැදුර ලස්සනට තියෙන එක වරදක් නෙමේ. (නදි)
ඕක මහින්ද ගෙදර ගෙනගියේ නැහැනේ. ඕකට තමා රටින් එන රාජ තාන්ත්‍රිකයෝ එන්නේ. දැන් විකාර කළා ඇති. වැඩක් කරන්න (නි)
රාජ්ය නායකයකුගේ නිල නිවසක් තිබිය යුත්තේ මෙහෙම තමයි. (නි)
අනේ මම ඉන්නේ චීනේ. මෙහෙ නම් හැම ගෙදරකම ඕක තියෙනවා (නදී)