නොවැම්බර් 18 යෙදුනේ නැකැත් බලා නොවේ. එලෙසම 20දා රාජ්‍ය නායකයාගේ ප්‍රකාශයද, නාම යෝජනා දෙසැම්බර් 8 දිනයට යෙදීමද, මැතිවරණය ජනවාරි 8 දිනට යෙදීම ද නැකැත් පිරික්සා කරන ලද දෑ නොව රාජ්‍ය තාන්ත්‍රිකව කළ යුතු පරිදි යොදන ලද දිනයන්වේ.
මේ දිනය ශ්‍රී ලාංකික ජනතාවට බලපාන ආකාරය පිළිබඳව අපට දැනෙන ශාස්ත්‍රීය විග්රහයකි මේ. කටකයේ 8 වැනි අංශකය තුළ සඳු යෙදීම ඉතාම විශිෂ්ටය. 22 වැනි අංශකය තුළ සඳු යෙදීම දුර්වලය. එය සඳුට මෘත්යුසුවාංශයකය වේ. දවස උදාවෙද්දී (හිරු උදාව දවසේ උදාවය) සඳු කටකයේ 23.20.00ද ඉක්මවා සිටී. එහෙයින් අශුභ අංශයේ හැසිරීමක් මෙදින මුළු දිවාමානය තුළම සිදු නොවේ. ඒ තත්ත්වය ඉතා සැනසිලිදායකය.
අස්විද ආදී නැකැත් 27 සිද්ධි, සාධ්‍ය, සුසිද්ධි ආදී පන්ති 3ට, 9 බැගින් බෙදා කටයුතු කිරීමේදී සිද්ධි පන්තිය 1ක් ලෙසත්, සාධ්‍ය පන්තිය 2ක් ලෙසත්, සුසිද්ධි පන්තිය 3 ක් ලෙසත් අගය දක්වා සලකන විට එක් තීරුවක ගුණය 6කි. එනම් තීරු 9හි ගුණ ඒකක 54ක් වේ.
රටක පොදු ජනතාව සමස්තයක් ලෙස සලකන විට මේ නැකැත් 27 තුළ සමව වාගේ සිටී. ජන්ම දායාදය ලැබීම මත, සාමාන්‍යයෙන් ඒ ඒ නැකැත් හිමියන් සමව සිටින ලෙස සැලකීම නිවරදය. එනම් ශ්‍රී ලංකා ජනතාවගෙන් 27ට බෙදු එක් පංගුවක් එකම නැකතකට අයත් වූවන් සේ සලකා ගත හැකිය. ඒ ඒ නැකැත් හිමියන් ”අස්ලිස” නැකත යෙදුණු දිනයේ ලැබිය හැකි ඵලය ද දළ වශයෙන් තක්සේරු කිරීම අපගේ වෑයම වේ. (අස්ලිස නැකත පාප නැකතක් වුවද ජන්මියාගේ නැකත අනුව ස්ථානය එකී ගුණයෙන් යුතුවේ).
රජය විභාගයක් පවත්වන්නේ කිසියම් දිනෙක ද ඒ විභාගයෙන් කොටසක් අනිවාර්යව අසමත් බව ලබති. කොටසක් ඌණ සාමාර්ථයද, කොටසක් පන්ති කීපයක සාමාර්ථයන්ද, අනුපිළිවෙලින් ලබන අතර විශිෂ්ඨ සමතුන් කීපදෙනකු ද සමග අති විශිෂ්ඨ එක් අයකු ද සිටී. ඇතැමෙකු විභාගයට පෙනී ද නොසිටී. එලෙසම මැතිවරණයේදී ද එක් විශිෂ්ඨයකුත්, කිසියම් පදනමක ඡන්ද ලබන්නන් සහ ඉතා දුර්වල පදනමක ජන්ද ලබන්නන් ද ඇතිවේ. එලෙස වෙන්නේ නැකැත් ගුණය මත ජන්මීන් ලබන ඵලය අනුවය.
2015.01.08 වැනි බ්‍රහස්පතින්දා (කොළඹ නගරයට) ප.ව. 1.41 - 3.07 තෙක් රාහු කාලයයි. (මෙහි දක්වන ඔරලෝසු කාල මානයන් සියල්ලම අනෙක් ප්‍රදේශවලදී කොළඹට පෙරාතුව හිරු උදාවන කාල පරාසය අනුව අඩු කර තම ස්ථානයට සංශෝධනය කර ගන්න) මෙදින හිරු උදාවට පෙර 6.12 - 6.24 තෙක් සන්ධ්‍යා දෝෂයයි. නැවත දහවල් 12.02 - 12.28 තෙක් දෙවැනි සන්ධ්‍යා දෝෂයයි. මේ අවස්ථා ශුභ නොවේ. උදේ 8.36 - 9.20 දක්වා නන්දන මුහුර්තයද, සවස 3.12 - 3.56 දක්වා අභිජිත් මුහුර්තය ද යන 16 විධ මුහුර්ත නියමයේ ගුණාත්මක අවස්ථාවන්ය.
6.14.04 තෙක් ධනු ලග්නය පැවැතී එතැන් සිට 8.38.30 තෙක් මකරය ද, එතැන් සිට 10.25.39 තෙක් කුම්භය ද එතැන් සිට 12.08.44තෙක් මීනයද, එතැන් සිට 2.01.20 තෙක් මේෂයද එතැන් සිට 4.06.10 තෙක් වෘෂභයද යන ලග්න උදාව පවතී. (දේශාන්තර වෙනසට අමතරව අක්ෂ භේදය ද අනුව මේ ලග්න උදා වේලාවල තත්පර කීපයක්වත් අඩු හෝ වැඩි බවක් ස්ථාන ස්ථාන ගතව පවතින බව කාරුණිකව සලකන්න). තමන්ගේ ලග්නයට 12 වැනි ලග්නය වන ලග්නයෙන් කටයුතු කිරීම ඵල ශුණය බව පළ කරයි. එනම් මකර ලග්න හිමියා ධනු ලග්නය පවතිද්දී ද කුම්භ ලග්න හිමියා මකර ලග්නය පවතිද්දී ද යන පිළිවෙලට පවතින ලග්නය තමාගේ ලග්නයට 12 වැන්න නම් කටයුතු කිරීමෙන් වැලැකී සිටීම මැනැවි.
මේ ආකාරයට නැකත කවරක් වුවත් ලග්නය කවරක් වුවත් වෙනත් බාධක ද යෙදුනත් පොදුවේ දවසෙහි බලපාන නැකැත් ගුණය මත වියහැකි ඵලය පිළිබඳව දිය හැකි නිගමන මෙසේය.
නැකැත් 3ක් හිමියන්ට මෙදින ලබන ඵලය ශුන්‍යය. එනම් 54න් 6 ගුණයකි. අස්ලිස නැකැතේ 2 වැනි පාදය උදාවී ඇති නිසා මේ අශුභ බව අවම 4ක් ලෙස ද උපරිම 8ක් ලෙසද පදනම් 3ක පවතී. ඒ අනුව 1,55,00000ක් පමණ වන ඡුන්ද හිමියන්ගෙන් එකී කොටස ඡන්දය දීමෙන් වළකිනවා ඇත. නැතහොත් ඡන්දය අපතේ හරිනවා ඇත.
අප ගණනය කරන පදනම අනුව නැකැත් පන්ති 5ක ඒකක 6 බැගින් වන අනුපාත ප්‍රමාණයක ජනතාව ජයග්‍රාහකයින් වීමේ ඉඩ ඇත. එනම් 54න් 30කි. මෙයද උපරිමය විය හැකි අතර උදා නැකැත් පාදය අනුව මෙයින් පංගු 2ක් අඩුවිය හැකිය. එනම් 54න් 28ක් අවම වශයෙන් ජයග්‍රාහක පදනමක සිටිය හැකිය. පරාජිත පිරිස 20ක ලාභී බවක පැවැතිය හැකිය. මේ දවසේ නැකැත් ගුණය අනුව ජන්මීන්ගේ ප්රතිලාභ පදනමය.
මේ ගණනය අනුව අවම ලක්ෂ 17ක් ඡුන්දය දීමෙන් වළකී. පරාජිත පිරිස උපරිම ලක්ෂ 56ක සිටී. ජයග්‍රාහක ලක්ෂ, අවම 68 හෝ උපරිම 80ට ආසන්නව සිටී. තවද 2,3,4 ස්ථාන යම් සමාන පදනමකද, 5,6,7 ස්ථාන ලාභීන් ඉන් අඩක් වූ සමාන පදනමක ද (සාමාන්‍ය) 8,9,10 ස්ථාන ලාභීන් එයිනුත් අඩක් වන සාමාන්‍ය පදනමකද ඡුන්ද පතනයක සිටිය හැකි අතර සෙස්සෝ ඉතාම හීන ඡුන්ද පදනමක සිටිය හැකිය.
තමාට විය හැකි බාධක වළකා ගැනීමද, තමාට උදාවිය හැකි ජය සංවර්ධනය කර ගැනීම හෝ උනන්දු නොවීම මත වළකා ගැනීම ද හෝ ජන්මියාටම අයත් දෙයකි. චිත්ත සමාධිය යහපත් නම් නැකැත් තරුවලට කවරක් කළ හැකිද? (වරදක් කළ නොහැක) යන අදහස බුදු හිමියන් වදාළ සේක. ශුභ හෝ අශුභ මෙලෙසම වෙනවාම යැයි මේ සතර ජනිත කළ ඉසිවරුන්ද දක්වා නැත. අප දක්වන්නේ අප දන්නා තරමින් වන ශාස්ත්‍රීය විග්රහයයි. එය පරිවර්තනය කර ගැනීම ඔබ සතුවේ.
තමන්ගේ ඡන්දය දීම තමන්ට හැකි තරම් ගුණදායකව සුදුසු අවස්ථා තෝරාගෙන සිදු කරන්න.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිවරණය දවසේ ග්‍රහයන් හැසිරෙන්නේ මෙහෙමයි
ශිරන්ති Tuesday, 30 December 2014 06:24 AM
රටවැසියාගේ ග්‍රහ චක්‍රය හොදයිද, නැද්ද දන්නේ නැහැ. (ර)
ලාල් Tuesday, 30 December 2014 06:34 AM
,ග්‍රහයෝත් මාරු වෙයිද? (දී)
දුෂාර Wednesday, 31 December 2014 08:35 AM
මෛත්‍රී වැඩි චන්ද ප්‍රතිශතයකින් දිනීම අනිවාර්යි. එය වෙනස් කළ නොහැක.(හේ)
තේජා Wednesday, 07 January 2015 09:00 AM
අද අපේ මිනිසුන්ට රටේ යුද්ධයක් තිබුණාද කියලාවත් මතක නැහැ.මුලු ලංකාවම මහින්ද ජනපතිට ණයයි. (නි)
සුජිත් Friday, 02 January 2015 08:10 AM
මේ ලියන මිනිස්සු හිතාගෙන ඉන්නේ කියවන මිනිස්සු අන්ත මෝඩයෝ කියලා නැතිනම් කොහොමද කියන්නේ එක දවසකට විතරක් ඡන්ද්රයා හෙමින් ගමන් කරනවා කියලා. (හේ)
රවී Thursday, 08 January 2015 04:43 PM
දෙන්නම දිනනවා.හැමදාම අපි තමයි පරදින්නේ (නි)
නීරෝ Sunday, 11 January 2015 08:38 AM
දැන් මොකද වෙලා තියෙන්නේ? (නි)
සුදම් Friday, 09 January 2015 05:23 AM
මහින්ද මහත්තය ගැන ගොඩක් දුකයි (නදී)
ප්‍රණීත් Thursday, 01 January 2015 03:56 AM
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාමත් ඉහලින් දිනනවා. ඒක ඉර හඳ වගේ විස්වාසයි. (ර)
සෝභා Monday, 05 January 2015 08:24 AM
මේ ඔක්කෝටම පිස්සු. (ස)
සන්දුසිරි බණ්ඩාර Sunday, 04 January 2015 08:34 AM
ඡන්දයක් නොතියාම ග්‍රහචාරයෙන් ජනාධිපති තොරගත්තානන් ලේසියි නේද. (දිල්)
සෑම් Thursday, 08 January 2015 06:19 AM
ජනපතිවරණය දවසට වැදගත් වෙන්නේ, ඡන්දදායකයෝ හැසිරෙන හැටියි. (නි)
වසන්ත Wednesday, 07 January 2015 01:21 PM
මහින්ද මහත්තයා දිනනවා. ඒක නවත්වන්න කාටවත් අමාරුවෙයි නේද? (නි)
ප්‍රේම් Monday, 05 January 2015 10:59 PM
අර එක්කෙනෙක් නම් කියන්නේ, මෛත්‍රී දිනවන්න, ඉතුරු ටික අපි බලාගන්නම් කියලා. අනේ මෙහෙමත් විකාර. (නි)
සිරි Wednesday, 31 December 2014 12:19 PM
මේකත් පිස්සු වැඩක්- මුස්ලිම්. කතෝලික අය නැකත් බලල ද දියුනු වෙලා ඉන්නේ මම බටහිර පොත පතින් දැක තිබෙනවා මේක කලාවක් නමුත් සත්‍යතාවක් නැහැ කියලා විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. (ර)
හරීන්ද්‍ර Monday, 29 December 2014 09:55 AM
මේ වගේ අනාවැකි කියන්න ග්‍රහයෝ බලන්න ඕනි නෑ. මේවා සාමාන්‍ය දනුමනේ.. විහිලු කරන්න එපා මහත්තයෝ. (නදී)
තමාරා Friday, 02 January 2015 11:58 AM
කවුරු දිනුවත් එය සාධාරන එකක් විය යුතුයි . ඡන්දයෙන් පසු සාමය සමාදානය රට පුරා ආරක්ෂා වේවා .(හේ)
හේරත් Wednesday, 07 January 2015 05:25 PM
පනින්න පෙර සිතාබැලිය යුතුයි (නි)
සුජාන් Monday, 29 December 2014 11:05 AM
මගේ ඔලුව කැරකෙනවා වගේ..(හේ)
ප්‍රියන්ත Monday, 05 January 2015 03:54 AM
විපක්ෂයේ ජය නියතයි (නි)
මංජුලා Monday, 29 December 2014 11:17 AM
මේවා බොරු කතා.(හේ)
මහේෂ් චතුරංග Wednesday, 31 December 2014 02:27 PM
ඔයා දිනනවා සිරිපාල මහත්තයා .ඔයාට තෙරුවන් සරණයි.(හේ)
ගාමිණී සිසිර Wednesday, 31 December 2014 03:28 PM
කතා දෙකක් නැහැ සිරිසේන මහතා දිනනවා. (ර)
තරූ Monday, 05 January 2015 04:31 AM
බළමු, බලමු මොකද වෙන්නේ කියා (නදී)
නිශාන්ත Thursday, 08 January 2015 11:20 AM
මහින්ද රාජප්කෂ මහතා ජය ගන්නවාමයි (නි)
රන්දික Tuesday, 13 January 2015 02:25 AM
ඔක්කොම බොරුවෙලා.(හේ)
යසපාල Tuesday, 30 December 2014 02:15 AM
මේක හොඳටම විශ්වාසද? (නි)
අජිත් Thursday, 01 January 2015 12:18 PM
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාමත් ඉහලින් දිනනවා.(නදී)
රුවන් Monday, 29 December 2014 12:47 PM
අනේ මන්දා! (නි)
කසුන් Monday, 29 December 2014 12:51 PM
එතකොට ඡන්ද පොළ තියෙන තැන්වල සහ ඡන්ද ගණන් කරන තැන්වල සුභ අසුභ තත්ත්වය කොහොමද?(හේ)
අමිල Tuesday, 30 December 2014 04:13 AM
මමත් ඔබගේ අදහසත් සමග 100% එකග වෙනවා ඇසල. (ර)
ප්‍රභාත් Tuesday, 30 December 2014 05:07 AM
මම හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාමත් ඉහලින් දිනනවා. ඒක ඉර හඳ වගේ විස්වාසයි. ජෝතිෂ්‍ය අනුවත් එහෙමයි. (ර)
සනත් Monday, 29 December 2014 01:46 PM
බොරු මල්ලක් .(හේ)
කුමාර Tuesday, 30 December 2014 05:31 AM
දිනන්නේ කවුරුද කියලත් කිවුව නම් ඉවරයිනේ. (ර)
මහීන් Thursday, 08 January 2015 12:56 PM
අඩු වශයෙන් ඉඟියක්වත් නොකියන්නේ මොකද? (නි)
ඇසළ Monday, 29 December 2014 03:27 PM
මම නම් කැමතියි දෙන්නටම 50% ගානේ සම සමව ලැබෙනවා නම්. එකතුවෙලා වත් රට ගොඩනගන්න පුලුවන්නම්. මෙහෙම බෙදිලා හිටියම සුළු ජාතින් බලවත් වෙනවා මිසක් අපි හැමදාම එක තැන.(හේ)