|
කතිකාව ශාලාවට අවට සුන්දරත්වය පෙනෙන අයුරු... |
ඉකුත්දා ලංකාවට පැමිණි ජපන් රජකුමරිය මහනුවර ඇසළ පෙරහර බැලීමටද ගියාය. ඒ ගමනේදී ඇය නතරව සිටි ස්ථාන අතර කණ්ඩලම හෝටලයද වෙයි. ජපන් කුමරිය කණ්ඩලම හෝටලයේ නැවතී සිටියේ රෝයල් ස්වීට් නම්වූ සුපිරි රාජකීය කාමරයේය.
විවිධ වර්ගීකරණයන්ට අනුව වෙන්වූ කාමර එකසිය පනස් ගණනකට වඩා ඇති කණ්ඩලම හෝටලය සතු අති සුවිශේෂ කාමරය වන්නේද මෙම රාජකීය කාමරයයි. මෙරට මෙන්ම එතෙරින් මෙහි පැමිණෙන ප‍්‍රභූන් සඳහාම විශේෂයෙන් වෙන්කරවා ගත හැකි සුපිරි ස්ථානය ලෙස මෙය සඳහන් කළ හැකිය. පස්වැනි මහලේ තනා ඇති මෙය පුංචි මන්දිරයකට හෝ මාලිගයකට සමකළ හැකිය. සීගිරි අන්තය එක් පසෙකට දර්ශනය වන අතර, දඹුල්ල අන්තය අනෙක් පසට දර්ශනය වන අයුරින් සහ කණ්ඩලම වැව මෙන්ම අවට පරිසරය දර්ශනය වන ලෙස මෙම රාජකීය කාමරය තනා ඇත. නාන කාමර දෙකකින්ද යුතු මෙහි එක් අන්තයක නාන කාමරය සඳහා සීගිරි අන්තය දර්ශනය වේ. අනෙක් අන්තයේ ඇති නාන කාමරයට දඹුල්ල අන්තය දර්ශනය වේ.
ඉපැරණි රාජකීය මන්දිරයකදී දැකගත හැකිවූ අයුරින් රාත‍්‍රිය ඉටි පහන් ආලෝකයෙන් ආලෝකවත් කෙරේ. ඒ රාජකීය ආලෝකය විදුලි පහන් ආලෝකයට වඩා ගරු ගාම්භීරය. රාජකීය අමුත්තන් භෝජන සංග‍්‍රහයේ යෙදෙමින්, කතිකාවේ යෙදෙමින් රාත‍්‍රියේදී අවට පරිසරයේ හැඩ බැලීමටද රිසි බව කිව හැකිය. මෙලෙසින් වෙන්වූ මෙම රාජකීය කාමරය වෙන්ව ඇත්තේ ප‍්‍රභූන්ටම පමණක් නොවන අතර රාජකීය අයුරින් මධුසමය ගත කිරීමට මෙන්ම රාජකීය රාත‍්‍රියක පහස රිසිසේ විඳගැනීමට කැමති යුවළකට ලැබුණු මහාර්ඝ අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය. මෙහි පැමිණෙන අමුත්තන්ට සම්මන්ත‍්‍රණවලට සහභාගි විය හැකි අලංකාර සම්මන්ත‍්‍රණ ශාලාවක්ද අලූතින්ම තනා තිබේ. එය නම්කර ඇත්තේ කතිකාව නමිනි.
”කතිකාව” තනා ඇත්තේ කණ්ඩලම හෝටලයේ 6 වැනි මහලේය. එතැනට මෙහි පිවිසීම සඳහා වෙනමම පිවිසුම් ස්ථානයක් ඇත. එම පිවිසුම් ස්ථානයේ සිට ආ පසු බිම් මහලේ තනා ඇති කල්පනා, කිරුල, කිනිත්ත සහ කරඳ යන කාමර දැකගත හැකිය. ඒවා නවාතැන් පහසුව සඳහා තැනූ කුටි නොවේ. කතිකාවේ සම්මන්ත‍්‍රණ සඳහා පැමිණෙන අමුත්තන්ගේ පහසුව සඳහා තැනූ ඒවාය. ජාතික වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් පැවැත්වෙන සම්මන්ත‍්‍රණයක් නම්, එය පැවැත්වීමට පෙර සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධානීන්ට පෙර සූදානමක් වීමට මෙන්ම පුද්ගලික වශයෙන් සාකච්ඡුා පැවැත්වීමට සහ විධායක මට්ටමේ සමුළුව සඳහා ඒවා කදිම ස්ථානය. කල්පනා කුටියට වී සම්මන්ත‍්‍රණය හෝ කතිකාවේ පැවැත්වෙන දේ ගැන කල්පනාවේ යෙදී සිටින අතරේ ඕනෑ නම්, මෙම යාබද භූමියේ ඇති කිරුල, කරඳ ආදී වෘක්ෂයන්ගේ හරිත පහස ලැබිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියක් ඔය හෝටලය හදනවට විරුද්ධ වුණා මතකද? (නි)
අපේ පුංචි ශ්‍රී ලංකාව කොච්චර ලස්සනද කියලා බලන්න. රට තුල ඉන්නකොට අපිට නොයකුත් ප්‍රශ්න නිසා මොනම සුන්දරත්වයක්වත් පෙනෙන්නේ නැහැ. අපි හැමෝම ලංකාවේ සුන්දරත්වය රැකගන්න ඕනෑ. ඒ වගේම අපිත් සරල ජීවිත වලට පුරුදු වෙන්න ඕනෑ. එවිට තවත් අපේ රට ලස්සන වෙනවා. (නි)
පිටිගල,ඉතින් ඕක කරන්න බැරිද ඔයාගේ සුන්දර ගම්මානේ? මේ වගේ මිනිස්සු තමා ඔය වගේ කතා කියන්නේ. (නි)
සිරියලතා, මම මිලානෝ වල රැකියාව කරනවා.ලොක්කට සර් කියන්නවත්, දේශපාලකයෙක් ළඟින් ගියත් දෙකට නැමෙන්නවත්,කෙවිටක් අරන් ළමයි පොඩි කාලයේ පටන් ටියුෂන් යවන්නවත් මට අවශ්‍යතාවක් නැහැ. පෘෂ්ට වංශිකයෙක් විදියට කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙනවා. (නි)
මම රූපවතී අක්කත් එක්ක කන්ඩලමේ ගියාම නැවතිලා හිටියෙත් මේ කාමරේම තමයි.(නදී)
පිටිගල මිලානෝ, රූපවති, සරත්, මමද ඔබ මෙන්ම සංචාරක බංගලාවකට වඩා ග්‍රාම්‍ය සුන්දරත්වය අගය කරමි. (ස)
පිටිගල ඔච්චර හොද තැන් දාලා ඔයා මිලානෝ වලට වෙලා මොකද කරන්නේ,අනේ ඉතින් මගේ කට ළග හිටියා නම් දන්නවා කටට කරන දේ (නි)
ජෙෆ්රි බාවාගේ කලාකාමී නිර්මාණ අසමසමයි. (නි)
ජෙෆ්රි බාවා නම් ඒ අද්වීතිය වාස්තු විද්‍යාඥයා, නිදහසින් පසු සිරිලක වාස්තු විද්‍යාවට කර ඇති මෙහෙය විශිෂ්ටයි. නිදහස ලබන විට අප බ්‍රිතාන්‍ය කොලෝනියල් වස්තු විද්‍යා පන්නයකට හැඩගැසී සිටි අතර එය අපේ දේශගුණයට හෝ සංස්කෘතියට ජීවන රටාවට නොගැළපෙන්නක් වූ අතර එක ධනවාදී පැලැන්තියකට සීමා වුවක් විය. නිදහසින් පසු අපේකම සොයමින් සිටි ජාතියකට මොහු ගැමි සුවද මුසු වූ , නවීන සහ දේශගුණයට අපේකමට ගැලපෙන නාගරිකත්වයකට ඔබින නිර්මාණයන් කරමින් අපේ වස්තු කලාව ජාත්‍යන්තර කීර්තියකට ගෙන ගියා. (නි)
පිටිගල ඇත්තෝ, මේක ඕවා කතාකරන්න වෙලාවක් නොවෙයිනේ. මේ ලිපිය නැවත කියවන්න. මොකද ඔයා ඔය කියන පිටරට ගිය ගොඩේ ඔයත් ඉන්නවනේ. මම දන්නේ නැහැ ඔබ කොස් වලට ජැක ෆ්රුට් කියනවද නැද්ද කියලා. (නි)
පිටිගල ගේ කතාව හරියට හරි. සපුමල්ටයි , රසාදරිටයි මට හිතෙනවිදියට ටිකක් පැටලිලා වගෙයි නමුත් කලබල වෙන්න එපා.
සපුමල් මහත්මයෝ, මම අදහස් කළේ ගමේ ඉපිද, වෙල් ඉපනැලි වල දුව ඇවිද, පාසල් සහ දහම් පාසලෙන් පෝෂණය වී, ආර්ථික වාසි වලට කොළඹ හෝ පිටරට ගොස් 'ගමේ ගතිය' සොයා මහා ධන කන්දරාවක් දී සිය පවුල සමග මෙම කොන්ක්‍රීට් අට්ටාල මත අතරමං වන වරකා ගෙඩියට වැල ගෙඩියට 'ජැක් ෆ්රුට්' කියන අපේම අයයි. (නි)
සිරිපා තබල ගම මිනිපේ මින්නීරි ..මහා වැඩ වලින් දිඔයවල් ඇදෙ මින් බේරි ...සරු කෙරුවෙ කුබුරු නිල් පැහැ යෙන් බේරි ...මගේ ලක් මෑණි යන්දා හරි පින්කාරී ..... (ස)
පිටිගල, දැන් ඔය කියන එක විදගන්න දුම්බර මිටියාවතට එන පිටස්තරයෙකුට හෝ විදේශිකයෙකුට සුවපහසු නවාතැනක් සපයන්නේ ඔයාගේ ගෙදරින්ද? ඒකට තම හෝටල් ඕනෑ, හෝටල් කිව්වට කොන්ක්‍රීට් කුට්ටි නොවෙයි මෙන්න මේ වගේ පරිසර හිතකාමී දියුණු අපේම වස්තු නිර්මාණයන් අපට අවශ්‍යයි. අපි ටිකක් පුළුල්ව සහ යථාර්ථවාදීව සිතමු නේද? (නි)
රසාදරී, එයාලා වැරදි දෙයක් කිවුවද? නැහැනේ. ඔයා කලබල වෙන්න එපා. අපි කතා කරන්නේ ස්වභාව සෞන්දර්යය ගැන (නි)
ලංකාව කොපමණ අලංකාරද ?? (ස)
රසාදරී නංගි, ඔයාට තේරුම් කරන්න නම් ටිකක් අමාරුයි වගේ පෙන්නේ . (දී)
ගමේ ගොඩේ සුන්දරත්වයක් තිබෙනවා තමයි. නමුත් විදේශිකයෙක්ට නවාතැන් යටිතල පහසුකම් හොටෙල් එකකින් හැර කොහෙන්ද ගන්නේ ? (නි)
මේ රුපවතිලා පිටිගල මිලානෝලා, සරත්ලා මොනවා ගැනද කියන්නේ? (නි)
ලංකාවේ සුන්දරත්වය නිදහස විඳගන්න. (ස)
පිටිගල, ඔබ කියන සුන්දරත්වය අත්විදි කෙනෙක් මා. මා කැමතිම බත් පත කෑවේ කමතේදී (ඇලහැර ප්‍රදේශයේ). එහි ව්‍යංජන වුයේ කිරි කොසුයි, හොද්දකුයි, කමතෙන් කඩාගත් අමු මිරිස් කරලකුයි. ඒ සුන්දරත්වය අපේ දරුවන්නට අත්විදින්න නොලැබෙන එක ගැනයි මට දුක.(නදී) .
බලන්න සල්ලි ගෙවා ලබන මන්දිරයේ සුවයද සල්ලි නොගෙවා ලබන අවට පරිසරයේ සුවයද හොඳ කියල. මෙවන් ලස්සන රටක ඉඳගෙනත් රටට ගරහන අය මේවා බලල වත් මවුබිමට ආදරයක් ඇති කර ගන්න. පොඩි වැරද්දක් දැකපු ගමන් ගම කනවා,රට කනවා, ජාතියත් කනවා.(අ)
පිටිගල මිලානෝ, ඔබ හරි, සුන්දරත්වයක් නොවේ කෘතීම ලස්සනක් තමා මෙහෙ ඇතුලාන්තයේ තියෙන්නේ. නියම සෞන්දර්ය බලන්න සල්ලි ඕනේ නැහැනේ. රටේ ගම්බද පළාත් වල ඇවිදල බලන්න.(අ)
පිටිගල ඔබේ අදහසම තමයි මමත් දරන්නේ . (දී)
ලංකාවේ සුන්දරත්වය එක රැයකට රුපියල් තිස්දාහක් අයකරන මෙම කොන්ක්‍රීට් මාලිගා වල නැත. ඇත දුම්බර මිටියාවතේ ගමකට ගොස් මිදුලේ කොහොඹ ගස සිසාරා හමා එන මද නලේ පවස විඳ, ලිඳෙන් නාලා, පිලේ ඉඳන් කන ආදරය කරුණාව පමණට යොදා උයන බත් පතේ රස දන්නේ කී දෙනෙක්ද? (දී)
කෙනත්ට ස්තුතියි. මමත් දවස් දෙකක් කන්ඩලමේ නැවතිලා හිටියා. හරිම සුන්දර මනස්කාන්ත තැනක්. ටිකක් ගාන නම් වැඩි තමයි. මගේ හැම විදේශික යාලුවෙකුටම මම උපදෙස් දෙන්නේ කන්ඩලමේ නවතින්න කියලා. (නි)
මෙහි කියන සුන්දරත්වය දැක බලා ගන්න මමත් ආසයි නමුත් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒවා හීනයක් විතරයි (දී)
කන්ඩලම හරිම සුන්දරයි. පරිසරය මනස්කාන්තයි. මගේ රට මොනතරම් ලස්සනද. රැකගෙන සුන්දර පරිසරය දායාද කරමු මතු පරපුරට. (නි)
මෙම විශිෂ්ට නිර්මාණය අද ජාත්‍යන්තර තලයේ එකක් බවට පත්ව ඇත. ඇමෙරිකාවේ වාස්තු විද්‍යා නිර්මාණ වල පරිසර හිතකාමීබව සහ බලශක්ති පිරිමැසීම සම්බන්ධයෙන් නිර්දේශ සහ ප්‍රමිතිකරණය කරනා මුලික ආයතනයක් වන ඇමෙරිකානු හරිත ගොඩනැගිලි ප්‍රමිති කවුන්සිලය මගින් මෙයට සම්මාන පවා ලබා දී ඇත. මේ උසස් වස්තු නිර්මාණය කළේ අන් කවරෙකුත් නොව ලක්දිව පහළ වූ අග්‍රගණ්‍ය වාස්තු විද්‍යාඥයකු වූ "ජෙෆ්රි බාවා" විද්වතායි. (නි)