IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


ජේම්ස් බොන්ඩ්ට උපත දුන් මහා සාහිත්‍යකරුවා ඉයන් ෆ්ලෙමිං

ජේම්ස් බොන්ඞ් 007, මෙරට සාහිත්‍ය ලෝකයේත් අමරණීය නාමයකි..... රහස් පරීක්ෂක කතාවලට පි‍්‍රයකරන පාඨකයන්ගේ මනදොල පුරවන ජේම්ස් බොන්ඞ් උපන්නේ 1908 අවුරුද්දට වසර ගණනාවකට පසුවය. ඔහුගේ තිඹිරි ගෙය වූයේ ඉයන් ප්ලෙමිං නැමති බුද්ධි අංශ නිලධාරියාගේ සිතය..... ජේම්ස් බොන්ඞ්, අපරාධ ලෝකයේ සුපිරි වීරයකු ලෙස සාහිත්‍ය ලෝකය දිග්විජය කරද්දී ලෝකයේ වැඩිම අලෙවිය වාර්තා කළ පොත් මාලාවක් බවට පත්විය. ලෝකය පුරාවටම මිලියන සියයකට වඩා පිටපත් අලෙවි වීමත් සමඟම ඉයන් ප්ලෙමිං ද ජේම්ස් බොන්ඞ් තරමටම ජනප‍්‍රිය පුද්ගයෙක් වූවේය. 1908 මැයි 28 වැනිදා ඉයන් ප්ලෙමිං උපන්නේ ලන්ඩනයේ මේපෙයාර් දිස්ත‍්‍රික්කයේ විසි හත් වැනි හරිත වීදියේ නිවසකය. මේ පෙයාර් වූ කලී අපේ ලංකාවේ කුරුදුවත්තටත් වඩා පොහොසතුන්ගේ වාසභවනයකි. ඉයන්ගේ පියාවූ වැලන්ටයින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූයේ ඉයන් ඉපදී දෙවසරකට පසුවය. ඔහුගේ මව වූයේ එවුලින් රෝස් නැමැත්තියකි....... 1914 දී ලෝක මහා සංග‍්‍රාමය ආරම්භවීමත් සමඟ වැලන්ටයින් බි‍්‍රතාන්‍යය වෙනුවෙන් යුද්ධයට ගියේය. එහෙත් අවාසනාවකට මෙන් ඔහු යුද්ධයේදී මිය ගියේය. මේ මරණය පුංචි ඉයන්ගේ හිත බරපතළ ලෙස කම්පාවට පත් කළේය........ ඉයන්ට වසරකට වඩා වැඩිමල් පීටර් සංචාරක සටහන් පිළිබඳ ලේඛකයකු ලෙස කටයුතු කළේය. ඔහු විවාහව සිටියේ සිල්යා ජොන්සන් නම් නිළියක සමගය. තවත් බාල සහෝදරයන් දෙදෙනෙකුද ඔහුට සිටියේය. එවුලින් අනතුරුව විවාහ වූ ඔගස්ටං ස් ජෝන් නිසා ඉයන්ට සහෝදරියකද ලැබිණි. 1914 වසරේදී ඩර්ක්පෝඞ් විදුහලට ඇතුළත් වූ ඉයන් එහි උගත් නමුත් ඔහුගේ පාසල් ජීවිතය විනෝදයෙන් පිරී තිබුණේ නැත. සිය දයාබර පියාගේ මරණය පිළිබඳ ශෝකජනක පුවත ඔහුට වාර්තා වූයේද පාසලේ සිටියදීය. පාසල් ජීවිතය හමාර කළ ඔහු රාජකීය හමුදා ඇකඩමියට ඇතුළත් විය. එහි පුහුණුව ලබන ඔහුට සමාජ රෝගයකට ගොදුරු වීම නිසා ඉන් ඉවත්වන්නට සිදුවිය. පසුව  ඕස්ටි‍්‍රයාවේ විදුහලකට බැඳුණු ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබූ අතර ප‍්‍රංශ ස්විස්ටර්ලන්ත මිශ‍්‍ර යුවතියක සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගත්තේය. එහෙත් ඒ පේ‍්‍රමයට අම්මා අකමැති වූ බැවින් ඒ සම්බන්ධය නතර කළ ඔහු මාධ්‍යවේදියකු ලෙස රොයිටර් පුවත් සේවයට එක්වූයේය. දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයේ ආරම්භයත් සමඟ රාජකීය නාවික හමුදාවේ බුද්ධි අංශ අධ්‍යක්‍ෂ ජෝන් ගොඞ්ප‍්‍රිගේ පුද්ගලික සහකාර ලෙස බැඳෙන්නට ඉයන්ට අවස්ථාව ලැබිණි. කෙටි කලකදීම තම කුසලතා ප‍්‍රදර්ශනය කළ ඉයන් ප්ලෙමිං බුද්ධි නිලධාරියකු ලෙස අංශ ගණනාවකම අනුයුක්ත විය. වරක් ඔහු අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේද සේවය කළේය. 1942 වසරේදී අංක 30 කොමාන්ඩෝ බළකාය හෙවත් 30 ඒ යූ හි සේවයට එක්වූ ඉයන් ප්ලෙමිං යුද මෙහෙයුම් සහ යුද ඉලක්ක සැලසුම් කළේය. ඔහු යුදබිමට නොගොස් බුද්ධි අංශ නිලධාරියකු ලෙස කළ සේවය සුළුපටු නොවේ. 1945 දී කෙම්ලිස් පුවත්පත් සමාගමේ ද සන්ඬේ ටයිම්ස් පුවත්පතට සම්බන්ධ වන්නට ප්ලෙමිංට හැකි විය. එහි විදේශ කළමනාකරු ලෙස කටයුතු කළ ඔහුට පැවරී තිබුණේ ලොව පුරා සේවය කළ මාධ්‍ය ජාලයේ වාර්තාකරුවන්ගේ සම්න්ධීකරණ කටයුතුය. මේ අලූත් රස්සාවත් සමඟ ඉයන් ප්ලෙමින්ට විශේෂ වරප‍්‍රසාදයක් ලැබිණි. එනම් ජැමෙයිකාවේ තෙමසක නිවාඩුවකි. සෑම වසරකම ශීත සෘතුවේදී ලැබුණු මේ දීර්ඝ නිවාඩුව ඉයන්ට විවාහයටද මඟ පෑදුවේය. ඇනී චාමෙරිස් නම් වූ ඇය සමඟ ඉයන් ප්ලෙමිංගේ සබඳතාව තිබුණේ 1930 පටන්ය. එහෙත් ඒ වනවිටත් ඇය බැරෝන්  ඕනෙල් නම් පුද්ගලයාගේ විවාහක බිරිඳ වූවාය. 1344 දී ඉතාලියානු යුද පෙරමුණේදී ඔහු මිය ගිය අතර ඇනී, ඉයන් සමඟ විවාහවීමට අදහස් කළාය. එහෙත් ඉයන් ප්ලෙමිං මනාලයකු වීමට අදහස් කළේ නැත. එබැවින් 1945 දී ඇය ඩිස්කවුන්ට් රූත්මෙයර් සමඟ විවාහ වූවාය. එහෙත් මේ දෙදෙනාගේ ආදරණීය හමුවීම් නම් දිගින් දිගටම සිදුවිය. ජැමෙයිකාවට එන ඈන්, ඉයන් සමඟ පේ‍්‍රමයෙන් බැඳුණාය. 1948 දී ඇය දියණියක ප‍්‍රසූත කළ අතර ඇගේ පියා ලෙස සැලකුවේද ඉයන් ප්ලෙමිංය. මේ අනියම් සබඳතාව නිසාදෝ ඒ පුංචි පැටික්කිය මෙලොව ජීවත් වූයේ දවස් හතරක් පමණි. මේ හුට පට ගැන දැනගත් රූත්මෙයර්, ඉයන් ප්ලෙමින්ගේ පෙම්වතිය දික්කසාද කළේය. ඉයන් ප්ලෙමිං ස්වකීය ප‍්‍රථම නවකතාව රචනා කළේ 1952 දීය. යුද සමයේදී ලද අත්දැකීම් ඇසුරු කර ගනිමින් ඔත්තුකරුවන් පිළිබඳ නවකතාවක් ලිවිය යුතුයැයි ඔහු සිතාසිටියේ බොහෝ කලෙක සිටය. එහෙත් අධික ලෙස කාර්ය බහුලව සිටි ඔහුට ඒ සඳහා අවස්ථාවක් උදා වූයේ නැත. අන්තිමේදී ඔහු ලියූ නවකතාව කැසිනෝ රෝයල් නම් විය. 1952 පෙබරවාරි 7 වැනිදා සිය ජැමෙයිකන් නිවහනේදී ලියන්නට පටන්ගත් මේ නවකතාවේ මුල් වචන දෙදහස ලියන්නට ඔහුට ගතවූයේ වරුවක් පමණි. සිය අත්දැකීම් මොනවට යොදාගනිමින් ලියැවුණු මේ වචන සමුදායට උපකල්පනද සුළු වශයෙන් එක්ව තිබිණ. මාස දෙකක් වැනි සුළුකලකින් ලියා අවසන් කළ මේ නවකතාව එවකට ගැබ්බරව සිටි බිරිඳත්, ඔහුගේ තවත් පෙම්වතියත් අභිරුස්සකින් කියවූහ. ඉනික්බිතිව මේ පොත ප‍්‍රකාශකයකු වෙත යොමු කළ අතර කැසිනෝ රෝයල් නමින් 1953 අපේ‍්‍රල් 13 වැනිදා මුද්‍රණ ද්වාරයෙන් නිකුත් විය. එහි ප‍්‍රථම මුද්‍රණයට පිටපත් 4728 ක් අයත් වූ අතර ඒ සියල්ල මසක් ඇතුළත විකිණී අවසන් විය. එහි දෙවන මුද්‍රණයද ඒ සමඟම නිකුත්වූ අතර ඒ සියල්ලද එම මාසය තුළම විකිණී අවසන් විය. මේ නිසා එහි තුන් වැනි මුද්‍රණය පිටපත් අටදහසකින් යුක්තව ප‍්‍රකාශනය කෙරිණි. ඒ 1954 මැයි මාසයේදීය. ජේම්ස් බොන්ඞ් උපන්නේ එම නවකතාවෙනි. එම් 16 නම් වූ රහසිගත බුද්ධි අංශයේ සේවය කළ බුද්ධි නිලධාරියකු වූ ජේම්ස් බොන්ඞ් ගේ සම්බන්ධීකරණ අංකය වූයේ 007 ය. අති දක්ෂ ඔත්තුකරුවකු වූ ඔහුගෙන් සැඟවීමට කිසිවකුටත් නොහැකිවිය. ඉයන් ප්ලෙමිං අනතුරුව ලියූ ප‍්‍රබන්ධ අතර ‘‘ලයිව් ඇන්ඞ් ලෙඞ් ඩයි’’ මූන්රේකර්, ඩයමන්ඞ්ස් ආ පෝස්වර් සහ ‘‘ප්‍රොම් රසියා, විත් ලව්’’ දවේ..... ප‍්‍රබන්ධ ලෝකය හොල්ලාගෙන සිටි ඉයන් ප්ලෙමිංට තරගකරුවකු ලැබුණේ 1958 මාර්තුවේ දීය. ‘‘ටුටෙන්ටියත් සෙන්චරි’ නමින් වූ බර්නාඞ් බර්ගොන්සි ගේ ප‍්‍රබන්ධය ඊට හේතුවිය. මේ ප‍්‍රබන්ධය ඉයන් ප්ලෙමින්ගේ ප‍්‍රබන්ධ වලට එල්ල කළ ප‍්‍රබල පහරක් වූයේය. ප්ලෙමින් තන්ඩර්බෝල්ට් නවකතාව ලිව්වේ 1960 ජනවාරි මාර්තු අතර කාලයේදීය. කෙසේ හෝ වේවා මේ වකවානුව වනවිටත් ප්ලෙමිංගේ පොත් ඉතා හොඳින් අලෙවි වෙමින් පැවැතිණි. මේ අලෙවිය තවත් වැඩිවීමට එක් හේතුවක් වූයේ ප්‍රොම් රසියා විත් ලව් කෘතිය ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ගේ ප‍්‍රියතම පොත් දහයෙන් එක් පොතක් බවට පත්ව තිබීමය. මේ ප‍්‍රියතම පොත් ලැයිස්තුව ලයිෆ් සඟරාවේ පළව තිබීමත් සමග ඉයන් ප්ලෙමිං ගේ පොත් වලට අලූත් පිබිදීමක් හටගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම අලෙවියක් සහිත අපරාධ ලේඛකයා බවට ඉයන් ප්ලෙමිං පත්විය. ප්ලෙමින් ලියූ නවකතා අතරින් ඔහු වඩාත්ම ආදරය කරන නවකතාව බවට ප්‍රොම් රසියා පත්වූයේද ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප‍්‍රියතම කෘතිය එය වීම නිසා විය යුතුය. මේ අතර රූපවාහිනිය සඳහාවූ අපරාධ ගණයේ තිර පිටපත් ලියූ ඉයන් ප්ලෙමින් ගේ අවසන් කෘති යුගලය අතර ද මෑන් විත්ද ගෝල්ඩන් ගන් සහ ඔක්ටෝප‍්‍රසි ඇන්ඞ් ද ලිවිං ඬේලයඩිස් නම් කෘති විය. මේ කෘති ලිවීම සඳහා ඔහු ජැමෙයිකාවෙන් නික්ම ගියේය. පුරා මාස හතරක් තිස්සේ මෙම කෘති යුගලය ලියූ ප්ලෙමිං ඒවා සිය සංස්කාරක වූ විලියම් ප්ලෝමර්ට බාර දුන්නේය. ඉනික්බිති යළි ජැමෙයිකාවට ගිය ඔහු 1964 අගෝස්තු 12 දා උදෑසනදී හෘදයාබාධයක් වැළඳී මියගියේය...... දුම් පානයට තදින් ඇබ්බැහිවී සිටි ඉයන් ප්ලෙමිං අධික ලෙස මත් පැන්ද පානය කළ පුද්ගලයෙකි. ඔහුට හදවත් රෝගය වැළඳීමට ප‍්‍රධානතම හේතුව මේ දුම් පානයයි. ඔහුට පළමුවැනි හෘදයාබාධය හටගත්තේ 1961 දීය. එහෙත් දුම් පානයෙන් වත් මත් පැන් පානයෙන් වත් ඈත් නොවූ ඔහුට දෙවියන් වහන්සේ කල් දුන්නේ වසර තුනක් පමණි..... ඉයන් ප්ලෙමින්ගේ සිරුර වළ දැමුවේ ස්විංසන්හි සෙවන් හැම්ප්ටන් නම් ස්ථානයේදීය. ඔහුගේ මරණය සිදුවී මාස අටකට පසු ඔහු ලියා අවසන් කෘති යුගලය මුද්‍රණද්වාරයෙන් නිකුත් විය. ඔහුගේ කෘති වල සංස්කාරක වරයා වරක් සඳහන් කර තිබුණේ ඉයන් ප්ලෙමිං ලියන බොහෝ ප‍්‍රබන්ධ සංස්කාරක විසින් නැවතත් ලියන ලද බවයි.....කෙසේ වෙතත් බි‍්‍රතාන්‍යයේ පහළවූ විශිෂ්ටතම ලේඛකයන් පනස් දෙනා අතරට ඉයන් ප්ලෙමිං ඇතුළත්ව සිටියි.පත්තිනි ශාන්ති කර්මය කරමින්

ශාන්ත කුමාර විතාන
ෆ්ලෙමිංගේ සොහොන් කොත



අදහස් (0)

ජේම්ස් බොන්ඩ්ට උපත දුන් මහා සාහිත්‍යකරුවා ඉයන් ෆ්ලෙමිං

සුසාර Sunday, 27 May 2012 05:20 PM

ඔහුගේ කෘති වල සංස්කාරක වරයා වරක් සඳහන් කර තිබුණේ ඉයන් ප්ලෙමිං ලියන බොහෝ ප‍්‍රබන්ධ සංස්කාරක විසින් නැවතත් ලියන ලද බවයි.....කෙසේ වෙතත් බි‍්‍රතාන්‍යයේ පහළවූ විශිෂ්ටතම ලේඛකයන් පනස් දෙනා අතරට ඉයන් ප්ලෙමිං ඇතුළත්ව සිටියි.

:       0       0

හිල්මි Monday, 28 May 2012 12:58 AM

ඇයි මේකට කවුරුත් මුකුත් නොලියන්නේ.මම හිතන්නේ ඉයන් ෆ්ලෙමිං ගැන දන්නේ නැතුව වෙන්න ඇති

:       0       0

බකමූනා Monday, 28 May 2012 06:01 PM

මම දන්නේ ස්ටීවන් ෆ්ලෙමිං විතරයි

:       0       0

පොත් පණුවා Monday, 28 May 2012 08:56 AM

ඇත්තටම මේ කතා කියවන කොට පුදුම හිතෙනවා. කොහොමද මේවා ලියන්නේ කියලා. ජේම්ස් බොන්ඩ් කතා සිංහලෙන් කියවන්න නොලැබීම පාඩුවක්.

:       0       0

දයා,saudi Wednesday, 30 May 2012 01:06 PM

ජේම්ස් බොන්ඩ්ගේ කතා තිබ්බේ සිංහලෙන්.ඒවා ලිවුවේ ඩීමන් ආනන්ද කියන මහා ගත් කරුවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1221 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 1379 3

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 222 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 389 3

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 665 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 138 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 740 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 599 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1046 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site