මනෝ විද්‍යාව සරල සිංහලෙන් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු, සිංහල භාෂාව පිළිබඳ හසල බුද්ධිමතකු වූ ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර මහතා අද (01) උදෑසන ලක් මවගෙන් සමු ගත්තේය. ගාල්ල සිට කොළඹ යමින් සිටියදී ඇතිවූ අසනීපයක් නිසා කළුබෝවිල රෝහලට ඔහු ඇතුළු කළත් දිවි බේරාගත නොහැකි විය.
මනෝ වෛද්‍යවරයකු, බෞද්ධ මහෝපාසකයකු, භාෂා ප්‍රේමියකු, පඬිවරයකු මෙන්ම සරල හා නිහතමානී මිනිසකු වූ දොස්තර හරිස්චන්ද්‍ර ශ්‍රී ලංකාවේ දස දහස් ගණන් මානසික රෝගීන් සුවපත් කළේය.
මියයන විට 75 වැනි වියේ පසුවූ හරිස්චන්ද්‍ර මහතා දියණියන් තිදෙනකුගේ පියෙකි. 1938 වසරේ මාර්තු 11 වැනි දින ගාල්ල තල්පේ දී දික්වැල්ල විදානගේ ජයරත්න හරිස්චන්ද්‍ර නමින් උපත ලැබූ ඔහු ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පද්මා ශ්‍රියාලතා අබේසිංහ ගුණවර්ධන මහත්මිය සමග විවාහ වූ හරිස්චන්ද්‍ර මහතාගේ දියණියන් තිදෙනා අතරින් වැඩිමහළු දියණිය නේශාන්තා හරිස්චන්ද්‍ර මහත්මිය රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. දෙවැනි දියණිය වූ ටෝළුෑෂා හරිස්චන්ද්‍ර මහත්මිය කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරියකි. බාලම දියණිය වූ නවෝදා හරිස්චන්ද්‍ර මහත්මිය කරාපිටිය මනෝ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරියක ලෙස සේවය කරයි.
ගාල්ල වුඩ්වර්ඩ් මාවතේ පදිංචිව සිටි වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා වෛද්‍ය විද්‍යා උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය ලබා ඇත. 1969 වර්ෂයේ සිට 1970 දක්වා ලන්ඩනයේ මනෝ වෛද්‍ය විද්‍යා ආයතනයේ පාඨමාලාවක් හැදෑරූ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා ලන්ඩනයේ ටැවිස්ටොක් හි මනෝ චිකිත්සාව හැදෑරුවේය. ඉන් අනතුරුව 1976 සිට 1977 දක්වා කාලයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ සේවය කළ ඒ මහතා මනෝ වෛද්‍ය විශේෂඥයකු ලෙස අංගොඩ මානසික රෝහල ද ඇතුලත්ව ශ්‍රී ලංකාවේ රෝහල් ගණනාවක සේවය කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥවරයා ලෙස පත්ව ආවේය.
රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය වරයකු වූ හරිස්චන්ද්‍ර මහතා අනතුරුව මනෝ වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානියා ලෙස 2003 වර්ෂය දක්වා කටයුතු කළේය. කරාපිටිය රෝහලේ වසර 29 ක් සේවය කළ ඒ මහතා බුදු දහම පිළිබඳ ගැඹුරින් හැදෑරූ විද්වතෙකි.
විශ්‍රාම ලැබීමෙන් පසු බුදු දහමට අමතරව පෙරදිග සංගීතය හැදෑරූ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා හින්දි සංගීතය පිළිබඳ මනා දැනුමක් ඇති තැනැත්තෙකි. පන්සිය පනස් ජාතක පොතේ කතා කිහිපයක් පදනම් කැර ගනිමින් හින්දි ගීත තනු වලට ගීත 20 ක් ලියූ හරිස්චන්ද්‍ර මහතා එම ග්‍රන්ථය 'ජාතක ගීත සංග්‍රහය' නමින් සංයුක්ත තැටියක් ද සහිතව එළිදක්වන ලදී. එම ගීත අතර තිබූ 'මා මෙන් අසමින් ඔබෙන්' ගීතය ගායනා කැර ඇත්තේ ද වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා විසිනි.
ඉන්දියාවේ රාගධාරී සංගීතය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා එම සංගීතය යොදා ගනිමින් මානසික රෝගීන් සුව කිරීමට ඇති හැකියාව පිළිබඳව පර්යේෂණ සිදුකැර තිබේ.
පුවත්පත්, රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් ඔස්සේ සරල සිංහල භාෂාවෙන් මනෝ විද්‍යාව පිළිබඳව හා බුදු දහම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ මෙහෙවරක නිරතවූ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා ග්‍රන්ථ රාශියක කතුවරයෙක් වෙයි.
වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා විසින් මුලින්ම ලියන ලද ග්‍රන්ථය වූයේ 'ජාතක කතා පිළිබඳ මනෝ විද්‍යාත්මක හැරී බැලීමක්' නමැති ඉංග්‍රීසි ග්‍රන්ථයයි. 2000 වර්ෂයේදී ලියන ලද එම ග්‍රන්ථයට 2010 වර්ෂයේ රාජ්‍ය සම්මානය ලැබිණි.
' බුදු දහම සහ මානසික සුවය' ' ජාතක කතා පිළිබඳ මනෝ විද්‍යාත්මක කරුණු' 'සුවහස් නය මනැසි ඉසිවරයාණෝ-කුමරතුංග මුණිදාස' ආදිය ඒ අතර වෙයි. එයට අමතර ජාතික පුවත්පත් රැසකට ලිපි ලියා ඇති හරිස්චන්ද්‍ර මහතා ' ගාලූ පහන් සිළු' සම්මානයෙන් ද 'ස්වර්ණ චින්ත ප්‍රදීප' සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
දෙස් විදෙස් හි වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම වෛද්‍යවරුන්ට ද සාමාන්‍ය පොදු ජනතාවට ද දේශන රැසක් පවත්වා ඇති ඒ මහතා ලියන ලද පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව ද අති මහත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවනට යාමට පෙර මේ ලක් දෙරණට යලි එනු මැන... ! (ස)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මටත් මේ අවමගුලට සහභාගි වෙන්න තිබුණා ලංකාවේ හිටියා නම්. (නි)
මෙවන් උත්තමයන් දහස් ගනනත් බිහිවුනත් ලංකාවට වැඩි නැහැ. ඔබට නිවන් සුව.(නදී)
මැරෙන්න ඕන පව්කාරයෝ අය ඉතරුවෙනවා. මේ වගේ හොද වටිනා පුද්ගලයින් ලංකාවට නැතිවීම පාඩුවක්(නදී)
ලංකාවට නැති වුන වටිනා චරිතයක් (දී)
ඔබගේ නික්මිම පිරවිය නොහැකි පාඩුවකි, ඔබතුමාට අමා මහා නිවන් සුවය ලැබේවා!!! (නි)
මෙන්න නියම වෙදැදුරන්. මෙවැනි අය ආයෙත් ලංකාවේ පහළ වෙන්නෙ නැහැ. (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබතුමාට නිවන් සුව අත් වේවා (දී)
ඔබට අමා මහ නිවන් සුව!
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ජීවකයාණෙනි, ඔබට නිවන් සුව! (නි)
වටිනා මිනිසෙක් අපිට නැති උනා ඔබට නිවන් සුව (දී)
දහසක් දෙනා සුවපත් කළ ඔබතුමාට නිවන් සුව ! (ස)
මොනතරම් උගත් උනත් මොනතරම් දැනීම තිබුනත් තමන්ගේ ලෙඩ ගැන අවබෝදයෙන් සිටියා නම් තවත් කල් ඉන්න තිබුන කියලා හිතෙන්නේ... (ස)
බුදුහිමියන් වැඩලා දේ සියල්ල අනිත්‍යයි... මේ සසර කෙටිවී උතුම් නිවන් මගම අත්වේවා (ස)
තවත් වටින මනුස්සයෙක් නැතිවුණා.. (ස)
ඔබතුමාට නිවන් සුව...! (නි)
මෙතුමා නොවෙයි අප අතරින් මෙසේ වියෝවීමට තිබුණේ. (නි)
සාමදානයේ සැතපෙනු මැන! (නි)
සැබෑ බහුශ්‍රැත, පඬිවරයෙකු වූ ඔබ සරළ මිනිසෙකු ලෙස ජීවත් වෙමින් අනිත් උගතුන් හට ආදර්ශයක් විය . '' ජීවිතය අනියතයි , මරණය නියතයි '' යන බොදු පරම සත්‍ය පසක් කරමින් අපෙන් වෙන් වූ ඔබට නිවන් සුව පතමි !!! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අගයකළයුතු, අමතක නොකළ යුතු උතුම් වටිනාකමක් තියෙන සැබෑම මිනිසෙක්... ඔබතුමාට නිවන් සුව ලැබේවා ! ඒවාගේම පවුලේ අයටත් ශොකය ල්‍රකාශ කරනවා (ස)
ජීවකයාණෙනි, ඔබට නිවන් සුව! (නි)
ඇත්තටම ඔබ රටට සම්පතක් (ස)
ඔබතුමාට නිවන් සුව ! (ස)
ශ්රී ලංකාවට තවත් ශ්‍රේෂ්ඨ සිංහලයෙක් අහිමිවුනා. (ස)