IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


තානාපති නිලධාරියාගේ මරණය සිදුවූයේ ඩොලර් කෝටි ගණනක බද්ධ ගිණුම නිසාද?

1

 

රුසියානු තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරමින් සිටියදී පසුගිය වසරේ ජූනි 11 දින දකුණු රුසියාවේදී අභිරහස් ලෙස මියගිය නොයෙල් රණවීර (34) අවිවාහක තරුණයාගේ ඝාතනය සිදුව ඇත්තේ රුසියාවේ හිටපු තානාපතිවරයා සහ මියගිය අය නමින් ආරම්භ කර තිබූ ඒකාබද්ධ බැංකු ගිණුමේ තිබුණු අධික මුදල් කන්දරාව නිසාද යන්න ගැන සැක පහළවී තිබේ.

  
රුසියාවේ හිටපු තා4_MAIN_P_3නාපති උදයංග වීරතුංග මහතාට අයත් බව කියන රුසියාවේ පිහිටි හෝටලයක රැුකියාව කරමින් සිටි නොයෙල් රණවීර මහතා 2008 වසරේදී උදයංග වීරතුංග මහතා තානාපති ලෙස පත්වීමෙන් අනතුරුව තානාපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා ලෙසද භාෂා පරිවර්තකයකු වශයෙන්ද සේවය කළේය. පසුගිය වසරේ ජූනි මාසයේදී ”රුසියාවේ ශ්‍රී ලංකා දින කිහිපයක්” නැමැති සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වීම සඳහා තානාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සමග නොයෙල් රණවීර මහතා ”රොස්ටව් ඔන් ඩොන්” නගරයට පැමිණියහ. එහි ”ඩොන් ප්ලාසා” හෝටලයේ නැවතී සිටි පිරිසට ජූනි 11 දින ප‍්‍රහාරයක් එල්ලවූ බව එවකට රුසියානු මාධ්‍ය වාර්තා කර තිබිණි.


තානාපති කාර්යාල නිලධාරි පිරිස රොස්ටව් ඔන් ඩොන් නගරයට පැමිණි කුලීරථවල රියදුරන් සමග නිලධාරීන් කිහිප දෙනකු ගැටුමකට පැටලූණු බවත්, එහිදී එක් නිලධාරියකු මියගොස් ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම නිලධාරීන් අතර හිටපු අමාත්‍යවරයකු වූ සී.බී. රත්නායක මහතාගේ පුත‍්‍රයා වන නුවන් බණ්ඩාර රත්නායක මහතාද සිටියේය. නොයෙල් රණවීර මහතා මිය ගියේ ඔහුට වෙඩි තබා ඔහුගේ සිරුර මතින් වාහනයක් ගෙනයාම මගින් බවද රුසියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. 2014 ජූනි 15 දින නොයෙල් රණවීර මහතාගේ මෘතදේහය මෙරටට රැුගෙන එනු ලැබූ අතර නොයෙල් රණවීර මහතා හදිසියේ මියගිය බවත්, දේහය 15 දින මෙරටට රැුගෙන එන බවත් හිටපු තානාපති වීරතුංග මහතා දැන්වූ බව රණවීර මහතාගේ අක්කා වන ඉන්දු රණවීර මහත්මිය ප‍්‍රකාශ කළාය. තානාපතිවරයා විසින් අත්සන් කරන ලද මරණ සහතිකයක් ඥාතීන්ට දුන් බවත්, මෙම මරණය පිළිබඳව තදබල සැකයක් ඥාතීන්ට ඒ වනවිටත් ඇතිවුවත්, තානාපතිවරයාගේ තිබූ ප‍්‍රබලකම නිසා ඊට එරෙහිව කථා නොකළ බවද ඥාතීහු කීහ.


අත්තනගල්ල x වැලිකඩමුල්ල නිවසට දේහය රැුගෙන ආ විට එහි රැුඳී සිටි මාධ්‍යවේදීන් වීරතුංග මහතාගෙන් මේ පිළිබඳව විමසා සිටියද තානාපතිවරයා හෝ නිලධාරීහු ඒ පිළිබඳ විස්තර කීමෙන් වැළකී සිටියහ. 2014 ජූනි 15 දින සිට දේහය මිහිදන් කළ ජූනි 18 දින වන තුරු තානාපති කාර්යාලයේ නිලධාරීහු අඛණ්ඩවම එහි රැුඳී සිටි අතර තානාපති උදයංග වීරතුංග මහතාද වරින් වර පැමිණියේය. අවමඟුලේ සියලූම වියහියදම් මෙන්ම සංවිධාන කටයුතු සිදුකළේද තානාපතිවරයා ඇතුළු නිලධාරීන් විසිිනි. ජූනි 17 දින වැලිකඩමුල්ල පොදු සුසාන භූමියේදී දේහය තැන්පත් කරන ලදී.


නොයෙල් රණවීර ඉපදුනේ 1978 මාර්තු 05 5වැනිදාය. වේයන්ගොඩ මධ්‍ය මහා විදුහලේ දීප්තිමත් ආදි සිසුවකු වූ ඔහු පසුව හෝටල් කළමනාකරණය පිළිබඳවත්, විදේශ භාෂා පිළිබඳවත් ඩිප්ලෝමා පාඨමාලා දෙකක් හැදෑරීය. ඔහුට සහෝදරයකු හා සහෝදරියක සිටින අතර නොයෙල් පවුලේ බාලයාය. වසර ගණනකින් නොයෙල් ලංකාවට නොපැමිණි අතර ඔහු අවසන් වරට මෙරටට පැමිණියේ පසුගිය පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක උත්සව කාලයේදීය. රුසියාව නියෝජනය කළ මාධ්‍යවේදීන් භාරව මෙරටට පැමිණියේ නොයෙල් රණවීර මහතාය.


ඒ ආ මොහොතේ නොයෙල් තම මෑණියන් වන ජී.සී. ජොසපින් නෝනාට රහසක් හෙළි කළේය. අම්මේ මම ලබන අගෝස්තු මාසයේදී ලංකාවට එනවා. ආයෙ මම රට යන්නේ නෑ. ඒ ආවාම අම්මව හොඳින් බලාගන්නත් මට පුළුවන් නොයෙල් කීවේය. අවිවාහකව සිටි නොයෙල් විවාහවී පදිංචිවීමට මහගෙදර ආසන්නයේ දෙමහල් විශාල නිවසක් අලූතින් ඉදිකර තිබිණි. ඔහු සිතා සිටියේ තවත් මාස දෙකකින් පමණ ලංකාවට පැමිණ ජීවත්වන්නටය. ඒ හැරෙන්නට නොයෙල් තම සහෝදරයාටත්, සහෝදරියටත් තවත් රහසක් කීවේය. ඒ තමාගේ ව්‍යාපාර ගැනය. රුසියාවේ සිට තේ කුඩු බිස්නස් එකක් කරන බවත්, තානාපති වීරතුංග මහතා සමග ව්‍යාපාර රාශියක් සිදුකරන බවත්, පසුගිය දිනකදී ගුවන් යානයක්ද තමා හා තානාපතිවරයා අලෙවි කළ බවත්, තමන් හා තානාපතිවරයා අතර බද්ධ බැංකු ගිණුමක් තිබෙන බවත්, එහි දැවැන්ත මුදලක් තිබෙන බවත් ඔහු ඥාතීන්ට කීවේය. තානාපතිවරයා රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියෙකු නිසා එම ව්‍යාපාර තමාගේ නමින් පවත්වාගෙන යන බවද ඒ හැරෙන්නට කඩවත පුද්ගලික බැංකුවකද මෙරට ඒකාබද්ධ ගිණුමක් තමාටත් තානාපතිවරයාටත් තිබෙන බවද නොයෙල් තම ඥාතීන්ට පවසා තිබේ. නොයෙල් ඝාතනය වන්නේ මෙරටට එන්නට මාස දෙකකට පමණ පෙරය. ඥාතීන් සැක කරන්නේ මෙරටට පැමිණෙන්නට ආසන්නව තිබියදී හදිසියේම ඔහු ඝාතනය වෙන්නේ කෙසේද කියාය. මෙම මරණය පිළිබඳව එය සිදුවූ දිනම මෙරට මාධ්‍යවේදීන් රුසියාවට කථාකර තානාපති උදයංග වීරතුංග මහතාගෙන් ප‍්‍රශ්න කළ අතර එහිදී තානාපතිවරයා දුන්නේ මෙවැනි පිළිතුරකි. ”මරල කියන්නත් බෑ. අනතුරක් වෙච්චි එකක්. වෙඩි තැබීමක් වුනේ නෑ. තුවාල සිදුවීම්  ඕනෑතරම් වෙනවානේ” යනුවෙනි. තම මල්ලීගේ මරණය ගැන ඔහුගේ සහෝදරයා වන හරිශ්චන්ද්‍ර රණවීර මහතා මෙසේ කීවේය. ”මම මල්ලිගෙ දේහය බලන්න ගුවන්තොටුපලට ගිය මොහොතෙ තානාපතිවරයා එහිදී අපට බලන්න දුන්නේ නෑ. එයාගෙම තීරණයකට අනුව කොළඹ මල් ශාලාවකට රැුගෙන ගියා. එහිදී අපට දේහය පෙන්නුවේ සකස් කිරීමෙන් පසුවයි. එහිදී මම දැක්කා මල්ලිගෙ බෙල්ල ප‍්‍රදේශයේ විශෘල තැලීම් පහරක් තිබෙනවා. ශරීරය ඇතුළට එම තැලීම ගමන් කර තිබෙනවා මා දැක්කා. මම මල්ලිගෙ කමිසය ගලවලා බලන්න හදනවිට තානාපතිවරයා ඒකට ඉඩ දුන්නේ නෑ.


මට ඒ වෙලාවේ ලොකු සැකයක් ඇතිවුණා. ඒත් අපට කරන්න දෙයක් තිබුණේ නෑ. අපි මේ ගැන හිටපු ජනාධිපතිතුමාටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත් දැන්වුවත් අපිට කිසිම ප‍්‍රතිචාරයක් ලැබුණේ නෑ. අපි මේ ගැන විදේශ අමාත්‍යාංශයට දැනුම්දුන්විට එහි නිලධාරියෙකු කීවා අපට ඒ සිද්ධියක් ගැන දැනුම්දීලා නැති වග.


ඒ වගේම මල්ලීගෙ මරණ සහතිකය මට ලැබුණේ නෑ. තානාපතිවරයා අත්සන් කළ මරණ සහතිකයක් මල්ලීගෙ දේහය මිහිදන් කළ ජූනි 18 දින සවස මට තානාපතිවරයා දුන්නා. මම ඒක අරන් විදේශ අමාත්‍යාංශයට ගියාම ඒ සහතිකය වැරැුදි එකක් බව කිව්වා. එහි සත්‍ය ලේඛනය ලබාගත යුත්තේ මාලිගාවත්ත මහ ලේකම් කාර්යාලයෙන් බව කිව්වා. ඒක ලබාදෙන්නේත් මගේ මවට බව කිව්වා.  නමුත් තානාපතිවරයා මට දුන් මරණ සහතිකය පොටෝ කොපියක් බව මට පසුව තේරුණා. ඒක ඔහු මට දුන්නෙත් මල්ලිගෙ මරණයේ කටයුතු අවසන් වීමෙන් පසුවයි. මමත් පොලිස් නිලධාරියෙකු ලෙස දන්නවා මරණ සහතිකයක් නිකුත් කරන විට අධිකරණ වෛද්‍ය නිලධාරියකුගේ සහතිකය තිබෙන්නට  ඕනැ බව. නමුත් මෙහි එවැනි දෙයක් තිබුණේ නෑ. ඒ සහතිකය ව්‍යාජ එකක් බව පසුව සනාථ වුණා.


මල්ලි සල්ලි ගොඩක් හම්බ කළා. ලංකාවට එව්වේ නැහැ. තානාපතිතුමා සමග ව්‍යාපාර කරන බව කිව්වා. මල්ලි මට මුලදිම කියලා තිබුණා ගුවන් යානයක් විකුණු බව තානාපතිතුමත් එක්ක. ඔහුගේ මුදල් තානාපතිතුමාගේත්, ඔහුගේත් බද්ධ ගිණුමේ තිබෙන බවත් ඔහු මට කියා තිබුණා.
මල්ලීගේ මරණය සිද්ධවෙන වෙලාවේ හිටපු තානාපතිතුමා හරිම ප‍්‍රබල තැනකයි හිටියේ. අපිට කතාකරන්නවත් ඉඩක් තිබුණේ නැහැ. මේ මරණය අපට සැකයි.


මල්ලි මැරුණාට පසුව තානාපති කාර්යාලයේ අය මල්ලිගෙ සහතික ෆැක්ස් කරගත්තා. තවත් නිලධාරියෙක් කථා කරලා කිව්වා. අම්මගෙ ගිණුමක් ආරම්භ කරලා ඒ නොම්මරය ෆැක්ස් කරන්න කියලා. මම ඒ සේරම කළා. ඒත් මල්ලිගෙ වැටුපවත්, කිසිදු මුදලක්වත් ලැබුණේ නැහැ.


මියගිය නොයෙල් රණවීර මහතාගේ අක්කා වන ඉන්ද්‍රානි රණවීර මහත්මිය මෙසේ කීවාය.


මල්ලීගේ මරණය ගැන අපට තදබල සැකයක් තිබෙනවා. අපිට අධිකරණයෙන් යුක්තිය ඉටුවේයැයි විශ්වාස කරනවා. මල්ලි සතුව තිබුණු මුදල් නිසා මෙම මරණය සිදුකර ඇති බව පැහැදිලියි. එයා ලංකාවට ආවාම සියලූම තොරතුරු හෙළිවෙයි කියලා එයාව මැරූ බවට අපට සැකයක් තිබෙනවා.නොයෙල් රණවීර මහතාගේ මව වන ජොසපින් නෝනා මහත්මිය, නීතිඥ උපාලි කුමාරසිංහ මහතා මගින් ගොනුකළ පෞද්ගලික නඩුවක් සලකා බැලූ අත්තනගල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එම්.වයි.එම්. ඉෂර්ඞීන් මහතා මළ සිරුර ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස නියෝග කළේය. ඒ අනුව නොයෙල් රණවීර මහතාගේ මෘත දේහය අපේ‍්‍රල් 02 දින යළි ගොඩ ගැනුණි.

 

m



අදහස් (0)

තානාපති නිලධාරියාගේ මරණය සිදුවූයේ ඩොලර් කෝටි ගණනක බද්ධ ගිණුම නිසාද?

සොපී Sunday, 12 April 2015 11:44 AM

ලොකු ලොක්කෝ එක්ක ළගින් ආශ්‍රය කීරීම භයානකයි .රාජකාරියට අදාල නොවන ව්‍යාපාර පවත්වාගැනීම හා හවුල් බැංකු ගිණුම් තබාගැනීම අතිශය භයන්කාරයි. කොහොම වුනත් යුක්තිය ඉටුවනු ඇතැයි බලාපොරොත්තු වනවා .(බ)

:       0       0

චන්දික Wednesday, 08 April 2015 03:19 PM

ඔබේ සේවය අතිවිශිෂ්ටයි (දී)

:       0       0

ලක්ෂිත පැරිසිය Wednesday, 08 April 2015 06:22 PM

කුම්බලාවෝ කෑවානම් විඳවාපන් පූසෝ (ස)

:       0       0

නිවන්තක Wednesday, 08 April 2015 08:39 PM

ප්‍රශ්න ප්‍රශ්න... නිමක් නැති ප්‍රශ්න... (නි)

:       0       0

මුරලි Wednesday, 08 April 2015 08:45 AM

අපිටත් සැකයක් තියෙනවා එකතු වෙලා කරන්න තියෙන ඔක්කොම හොර දේවල් කරලා පාවා දීමක් කරයි කියලා වෙන්න හැකි මරා දැමුවේ. අනික විදිමත් ක්‍රමයක් නැතිකම විදේශ සේවයේ මොහුත් ලෝක හොරෙක් විය හැකියි.(නදී)

:       0       0

දොඩම්පෙ Thursday, 09 April 2015 03:19 AM

හා හා බලාගෙන ...රජතුමාගේ පුංචි අම්මගේ පුතා. (ස)

:       0       0

රමසි Wednesday, 15 April 2015 10:02 AM

රාජ්‍ය ත්‍රාන්ත්‍රික විසා අරගෙන භාෂා පරිවර්තක රැකියාවකට ගිහින් ව්‍යාපාර වල යෙදිමත් නීතියෙන් වරදක්. (අ)

:       0       0

නදීකා Monday, 13 April 2015 12:04 AM

සල්ලි තමයි හැමදේටම මුල බලනකොට (නි)

:       0       0

විකී Tuesday, 14 April 2015 10:12 PM

සිවිල් නීතිය යටතේ ක්‍රමානුකුලව විභාග වියයුතු ප්‍රශ්නයක්.යම්කිසි දේශපාලනඥයෙක් සම්බන්ධ නම් ඒ ඔස්සේ අනාවරණය වෙයි. කවුරුත් සුද්ධ නොකර අපි කතාකරන්න ඕනෑ. තරාතිරම් නොබලා දඬුවම් දීම නීතියේ ආධිපත්‍යයි. (නි)

:       0       0

විකී Tuesday, 14 April 2015 10:21 PM

නිවන්තක, අපි තේරුම්ගන්න ඕනෑ අපි කළයුතු දේ,හරි දේ මිසක්, අපි ගැතිවූ, ලොල්වූ, අපේ කැමැත්ත, ඉටු නොවීම නොවෙයි. එතකොටයි සාධාරණ සමාජයක් බිහිවෙන්නේ. තමන්ගේ පුතා වැරද්දක් කළත් වැරැද්ද වැරැද්දමයි. දඬුවම ලැබිය යුතුයි. එය වැසීමට උත්සාහගෙන, එයින් සමාජයට යම් අයහපත් බලපෑමක් සිදුවීද අපි සැවොම එයට වගකිවයුත්තෝ වෙමු. (නි)

:       0       0

සුමන මානන්දුව Wednesday, 08 April 2015 12:16 PM

මුරලි අනවශය කතා කියන්න එපා. හිටපු ජනාදිපති තුමා එහෙම හොරු ,වංචා කාරයෝ විදේශ සේවයට දානවද ? (අ)

:       0       0

ඩිල්ශාන් Wednesday, 08 April 2015 01:42 PM

මේ වසලයන් තානාපති වරුන් ලෙස රට යවල මඩ ගාගන්නේ අපේ මව්බිමයි. මිනීමරුවන් ඉහළ තැන් වල වැජඹෙද්දී සාමාන්‍ය මිනිස්සු මැස්සන් මෙන් මැරෙති. සම්පූර්ණ දේශපාලන ක්‍රියාවලියේම වෙනසක් ඇති නොකළොත් අපට ජීවිතයක් නැත.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 114 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 100 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 41 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 98 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 56 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 587 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 601 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 308 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site