IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


තනියම පියාඹන්න ලංකාවට ගෙනා අලුත් යානය

ලොව පුරා සංචාරකයන් අතර අතිශියන්ම ජනපි‍්‍රය පැරාමෝටර් කී‍්‍රඩාව ශී‍්‍ර ලංකාවට හඳුන්වාදීම පසුගියදා ගාල්ලේ දී සිදුකැරුණි. පංකාවක් සහිත යන්ත‍්‍රයක් හා පැරෂුටයක් භාවිතයෙන් අඩි 8000 ක් දක්වා ඉහළ ගුවනට නැග අහසේ සැරිසැරීමට මෙමගින් දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව හිමිවේ. ස්කයි ක්ලබ් නැමැති ආයතනය විසින් මෙය ශී‍්‍ර ලංකාවට හඳුන්වාදුන් අතර මෙතෙක් දකුණු ආසියාවේ කිසිදු රටක මෙම යන්ත‍්‍ර භාවිතා නොකරන බව ද ඔවුහු පවසති. ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ගාල්ලට පැමිණි මෙම සංවිධානය යන්ත‍්‍ර දෙකක් ගෙනවිත් ගාල්ල සමනළ කී‍්‍රඩාංගණයේදී අත්හදා බැලීම් සිදුකරන ලදී. ස්කයි ක්ලබ් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ගුවන් හමුදාවේ විශ‍්‍රාමික වින් කමාන්ඩර් එම්.එස්.පී.හේරත් මහතා කියා සිටියේ ගාල්ල කොටුව ආසන්නයේදී අත්හදා බැලීම් සිදුකරන මොහොතේ වායුගෝලයේ කැළඹීම් තත්ත්වයක් තිබූ බැවින් නිසිපරිදි මෙම යන්ත‍්‍ර ගුවන්ගත කිරීමට නොහැකි වූ බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ කීවේය. ගාල්ල කියන්නේ සංචාරකයන්ගේ ඉතාමත්ම ආකර්ශනීය ස්ථානයක්. ගාලූ කොටුව, රූමස්සල, ගාල්ල මුහුදු බොක්ක වගේම නගරයට තදාසන්න හරිතවත් ප‍්‍රදේශය ගුවනේ සිට නරඹන්න හැකියාව ලැබෙන්නේ ගුවන් යානයක ගමන් කිරිමේදී පමණයි. නමුත් ගුවන් යානා ඉතාමත්ම වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් ඒ දර්ශන රස විදින්න බැහැ. නමුත් මේ පැරාමෝටර් ගමන් කරන්නේ පැයට කිලෝ මීටර 40 ක් වැනි වේගයකින් නිසා තම සිත් ගත් දර්ශන ගුවනේ සිට හොඳින් නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ට ලැබෙනවා. මෙය ලංකාවේ දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාමත් ජනපි‍්‍රය වේවි. 1980 වර්ෂයේදී බි‍්‍රතාන්‍ය ජාතික මයික් බයිමි විසින් පැරාග්ලයිඩර් නැමැති උපකරණය ලෝකයට හඳුන්වා දී අතර එය 1986 වර්ෂය වන විට ප‍්‍රංශයේ ත‍්‍රාසජනක කී‍්‍රඩාවක් ලෙස මහත් ජනපි‍්‍රයත්වයට පත්ව තිබේ. ඉන්පසු මේ සඳහා යතුරු පැදි එන්ජිමකට සමාන එන්ජිමක් යොදාගෙන ඇති අතර ප‍්‍රථම විද්‍යුත් පැරාමෝටර් යන්ත‍්‍රය භාවිතයට ගෙන ඇත්තේ 2006 වර්ෂයේ ජුනි 13 වැනි දිනයේ සිටයි. දැනට ශී‍්‍ර ලංකාවට මෙවැනි යන්ත‍්‍ර දෙකක් ගෙන්වා ඇති අතර එහි එක් අයෙකුට ගමන් කිරීමේ හැකියාව තිබේ. හේරත් මහතා පවසන්නේ පැරාමෝටර් යන්ත‍්‍රය තනිවම පැදවීම සඳහා ජාත්‍යන්තර පැරාමෝටර් ධාවන බලපත‍්‍රයක් තිබිය යුතු බවයි. එමෙන්ම ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව සිටීම වැදගත් බවත් ඔහු පෙන්වාදෙයි. දකුණු ආසියා කලාපයේ මෙය මේ දක්වාම ජනපි‍්‍රය කී‍්‍රඩාවක් නොවුනත් යුරෝපයේ වගේම මැලේසියාවෙත් මේවා භාවිතා කරනවා. ඒ වගේම ශී‍්‍ර ලංකාවට පැමිණෙන සංචාරකයන් අතර පැරාමෝටර් පැදවීමේ බලපත‍්‍රය සහිත විශාල පිරිසක් ඉන්නවා. වැදගත්ම දේ තමයි මෙය ශී‍්‍ර ලංකාවේ ප‍්‍රචලිතවන විට මේ යන්ත‍්‍රවල නැගී ගුවනින් ශී‍්‍ර ලංකාවේ සැරිසැරීමේ බලාපොරොත්තුවෙන්ම විශාල සංචාරකයන් පිරිසක් පැමිණේවි. ඒ නිසා මෙය සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සඳහා අතිශයින්ම වැදගත් වනවා. යැයි හේරත් මහතා කීවේය. කුඩා අහස්යානාවක සිද්ධාන්ත භාවිතයෙන් කි‍්‍රයාකරන මෙහි යතුරු පැදි එන්ජිමකට සමාන එන්ජිමක් ඇති අතර එමගින් පංකාවක් කැරකැවීම සිදුවේ. මේ පංකාවේ උපකාරයෙන් ගුවන්ගත වන යන්ත‍්‍රයට සවිකැර ඇති පැරෂුටය මගින් අහසේ පාවී යාමේ හැකියාව ලැබේ. යන්ත‍්‍රය පදවන්නාට ගමන් කරන දිශාව පාලනය කිරීමේ හැකියාව ඇත. එමෙන්ම ඔහු මුහුදු මට්ටමේ සිට කොතරම් උසකින් සිටින්නේ ද යන්නත් සුළගේ වේගය, සුළං හමන දිශාව ආදී කාලගුණික දත්ත පෙන්නුම් කරන උපකරණයක් ද යන්ත‍්‍රයේ සවිකොට තිබීම එහි ගමන්ගන්නාගේ පහසුව සඳහා වෙයි. එක් අයකුට පදවාගෙන යා හැකි යන්ත‍්‍ර සහ නියමුවකු විසින් තවත් මගියකු ද රැගෙන යා හැකි යන්ත‍්‍ර ද මෙම කී‍්‍රඩාවේදී භාවිතා කරන බැවින් දෙදෙනෙකුට යා හැකි යන්ත‍්‍රය භාවිතයෙන් මේවා පැදවීමේ හැකියාව නැති අයකුට වුවද නියමුවා සමග ගුවන්ගත වීමට හැකියාව ලැබීම විශේෂත්වයකි. හේරත් මහතා පවසන්නේ මෙය ඉතාමත්ම ආරක්ෂිත කී‍්‍රඩාවක් බවයි. අවශ්‍යනම් අඩි 8000 ක් දක්වා ඉහළට යා හැකි අතර පහළට පැමිණීමේදී පැරෂුටය හේතුවෙන් පතිත වීම ඉතා සෙමෙන් සිදුවන බැවින් අනතුරු සිදුවීමේ අවදානමක් නොමැති බව ද ඔහු පවසයි. මේ පිළිබඳ අදහස් දැක්වූ ගාල්ල මහනගර සභාවේ නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා මෙසේ කීවේය. ස්කයි ක්ලබ් ආයතනය සමග එකතුවී මේ කාර්යය ගාල්ලෙන් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳ මා ඉතාමත්ම සතුටු වනවා. සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සඳහා අපි මේ වගේ අලූත් අලූත් දේ හඳුන්වා දිය යුතුයි. සංචාරකයන්ට පමණක් නොවෙයි ගාලූ පුරවැසියන්ටත් තමන් මෙතෙක් නොදුටු ආකාරයෙන් ගාල්ල දැක ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉදිරියේදී මෙය වඩාත් ප‍්‍රචලිත කරන්න වගේම එය විධිමත්ව පවත්වාගෙන යාමටත් අපට හැකි සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වනවා. ස්කයි ක්ලබ් ආයතනය පවසන්නේ ඉදිරියේදී කළුතර සිට අරුගම්බේ දක්වා මුහුදු තීරයේ පැරාමෝටර් කී‍්‍රඩාව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම කුරුණෑගල, සීගිරිය, අනුරාධුපුරය, පොළොන්නරුව සහ යාපනය වැනි ප‍්‍රදේශ වලද සංචාරකයන් සඳහා පැරාමෝටර් යන්ත‍්‍ර හඳුන්වාදීම ඔවුන්ගේ අපේක්ෂාවයි. පැරාමෝටර් යන්ත‍්‍ර පැදවීම සඳහා ශී‍්‍ර ලාංකිකයන් කණ්ඩායමක් පුහුණු කරමින් සිටියි. ඉදිරියේදී ඔවුන් නියමුවන් ලෙස යොදා පැරාමෝටර් යන්ත‍්‍ර වැඩිගණනක් සංචාරකයන් බහුල ප‍්‍රදේශවල යෙදවීම ස්කයි ක්ලබ් ආයතනයේ අදහසවී ඇත. මෙය කී‍්‍රඩාවක් ලෙස ප‍්‍රගුණ කිරීමේ අපේක්ෂාවෙන් පසුවන ලාංකිකයන් වෙනුවෙන් පැරාමෝටර් ධාවන බලපත‍්‍රය ලබාදීමේ පුහුණු පාසලක් ද ඉදිරියේදී මෙරට ආරම්භ කැරෙනු ඇත. යන්ත‍්‍රයේ පිටුපස ඇති කුඩා ඉන්ධන ටැංකියට ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් යොදා පැය දෙකහමාරක කාලයක් ගුවනේ ගත කිරීමට මේ යන්ත‍්‍රයට හැකියාව තිබේ. ස්කයි ක්ලබ් ආයතනය පවසන්නේ දේශීය හෝ විදේශීය සංචාරකයෙක් නියමුවකු ද කැටුව ගුවන් ගතවන්නේනම් විනාඩි 20 ක සංචාරයක් සඳහා රුපියල් 7500 ක මුදලක් අයකිරීමට සිදුවන බවයි. ගාල්ලේ ප‍්‍රථම අත්හදා බැලීම වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් අසාර්ථක වුවද පෙබරවාරි මස පළමු සතියේ සිට ගාල්ලේ දී පැරාමෝටර් යන්ත‍්‍ර භාවිතයෙන් ගුවන්ගත වීමට සංචාරකයන්ට අවස්ථාව උදාවනු ඇත.

සජීව විජේවීර
පැරා මෝටර් යන්ත‍්‍රයක් ගාල්ලේදී ගුවන්ගත කිරීමට උත්සාහ ගත් අවස්ථාව ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා සහ උප නගරාධිපති කැළුම් සෙනෙවිරත්න ඇතුළු පිරිසක් ස්කයි ක්ලබ් ආයතනයේ නිලධාරීන් සමග සාකච්ඡාවක දෙදෙනකුට යා හැකි පැරාමෝටර් යන්ත‍්‍රයක්



අදහස් (0)

තනියම පියාඹන්න ලංකාවට ගෙනා අලුත් යානය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 632 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 254 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 616 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 279 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 201 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 169 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site