මීට මසකට පෙර ළමා අපයෝජන සිද්ධීන් සහ ත‍්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් වන නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම සඳහාම ස්ථාපිත කෙරුනු අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී පසුගිය 30 වැනිදා විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ දිග හැරුණේ කාගේත් හදවත් කම්පා කරවන අනුවේදනීය කථා පුවතකි. මෙම නඩුවේ විත්තිකරු වූයේ හොරොව්පතාන කපුගොල්ලෑව පදිංචි 40 හැවිරිදි තිදරු පියෙකි. ඔහුගේම ලෙයින් මසින්ම මෙලොවට බිහිකළ ඔහුගේම දියණියන් දෙදෙනා සම්බන්ධ නඩුවකි.
චෝදනාව වූයේ ඔහු තම ලෙයින් මසින් උපන් මල් කැකුළු වන් මේ දියණියන් දෙදෙනා වරින් වර බරපතළ ලෙස දුෂණය කිරීමය. පසුගිය කාලය පුරාම මේ රටේ විවිධ ප‍්‍රදේශවලින් මල් කැකුළු වන් කිරි දරුවන් මෙන්ම 85 වියැති කිරි අම්මාවරුන්ද දුෂණය වීමේ සිදුවීම් වාර්තා විය.
ගොවිතැන් කටයුතුවල නියැලූනු මෙම තැනැත්තා සිවිල් ආරක්ෂක භටයකු ලෙසද කටයුතු කළේය.
අපි මෙම සැකකරු පියදාස යැයි නම් කරමු.
සිවිල් ආරක්ෂක සේවයට යන පියදාස වැඩ අවසන්ව ගෙදර එනවිට මත්පැන් පානය කර ඒමට පුරුදු විය. මේ වන විට මල් කැකුළු ලෙසින් වැඩෙමින් සිටි වැඩිමල් දියණියට වයස අවුරුදු 13 ක් වූ අතර දෙවැන්නියට අවුරුදු 11 ක් විය. මත්පැන් පානය කර පැමිණි එක් රාත‍්‍රියක වයස අවුරුදු 11 ක්වූ තවම වැඩිවියට වත් නොපැමිණි බාල දියණිය මේ පාපතර පියාගේ ග‍්‍රහණයට හසුවිය.
තම ලෙයින් මසින් උපන් මේ පුංචි දියණිය තම පහත් ආශාවන් සන්තර්පණය කරගන්නට යොදා ගනිමින් පියදාසගේ මේ තිරිසන් ක‍්‍රියාව සිදුවන විට මව සහ අක්කා තද නින්දේ පසුවූහ. පසුදා අක්කා නගෝ දෙදෙනා එකට පාසල් ගියද පියා විසින් පෙර දින රාත‍්‍රියේදී තමන්ට සිදුකළ ක‍්‍රියාව අක්කට පවසන්නට තරම් දැනුමක් මේ පුංචි දියණියට නොවීය. එදින ඈ පාසලේ ගත කළේද අපහසුවෙනි. එයින් දින කීපයකට පසුව අම්මා නිවසේ නොමැති අවස්ථාවක තම අක්කාටද පියා විසින් ලිංගික අතවර කරනු මේ අවාසනාවන්ත නැගණිය දෑසින් දුටුවාය.
ඉන් පසු මේ පාපතර තිරිසනා අවස්ථා කිහිපයක්ම දැරියන් දෙදෙනා බිලිගත්තේය. අක්කාට හිරිහැර කරනු නංගීද නංගීට හිරිහැර කරනු අක්කාද දුටුවහ. පියාගේ වද හිංසා එන්න එන්නම වැඩිවෙත් දී මේ දියණියන් දෙදෙනා තමන්ට වැටහෙන පරිද්දෙන් පියා විසින් සිදුකළ හිරිහැර සම්බන්ධයෙන් මවට පැවසුවෝය.
දියණියන්ගේ කතාවලින් හිස ගිනිගත් අම්මා පියදාස වැඩ ඇරී නිවසට පැමිණි පසු මේ පිළිබඳව ඔහුගෙන් විමසුවේ දෙස් දෙවොල් තියමිනි. එදිනද බීමත්ව පැමිණ සිටි පියදාස බිරිය බිමදමා පාගමින් බිම දිග ඇදගෙන යමින් පහර දුන්නේය. පියා විසින් තම මවට බිම දමා පාගමින් අමානුෂික ලෙස පහර දෙන අයුරු කාමරයේ මුල්ලකට වී ගුලිගැහී බලා සිටි මේ අක්කා නගෝ දෙදෙනා මින් පසු පියාගෙන් කුමන හිරිහැරයක් වුවද අම්මාට නොපවසා සිටින්නට තීරණය කළේ පියා විසින් මේ ආකාරයෙන් පහරදී තම මව මරා දමාවි යැයි බියවූ නිසාය.
රාත‍්‍රි සේවයේ යෙදී නිවසට පැමිණෙන මෙම පාපතර මිනිසා මග රැුක සිට පාසල් යන දියණියන් දෙදෙනාට පාසල් යන්නට නොදී හේනේ පැලට ගෙන ගොස් ඔවුන් ¥ෂණය කළේය. මේ ආකාරයට සතියකට තුන් වතාවක් පමණ වෙන් වෙන්ව මේ අවාසනාවන්ත අක්කා නගෝ දෙදෙනා මේ පාපතර මිනිසාගේ පහත් තිරිසන් ආශාවන් සන්තර්පණය කර ගැනීමට යොදාගත් බව මේ අහිංසක අසරණ දියණියන් දෙදෙනා විසින් අධිකරණයට ලබාදී ඇති කටඋත්තරවලින් හෙළිවී ඇත. දිනක් බාල දියණිය වන ශෂිකලාට හේනේ පැලට යන්නට මේ පාපතර මිනිසා කතා කර ඇත. පියාගේ මේ වද හිංසාවලට තවදුරටත් ලක්වීමට නොහැකි වූ මේ අහිංසක දියණිය ක්ෂණයකින් ඔහුගෙන් ගැලවී දිව ගොස් අසල්වැසි නිවසක ඇඳක් යටට රිංගා ගත්තේ එම නිවසේ ගෙහිමියන්ටද නොදැනෙන පරිදිය.
මේ පාපතරයාගෙන් ගැලවෙන්නට මේ පුංචි දියණිය දින දෙකක් පුරාම කෑම හා වතුර නොමැතිව ඇඳ යටට වී සැඟවී සිටිනු එම ගෙදර නිවැසියන් දැන සිටියේ ද නැත. දින දෙකක් දියණිය ගෙදර නොපැමිණීම නිසා පියදාස සිය දියණිය අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් හොරොව්පතාන පොලිසියේ පැමිණිලි පොතේ සටහන් කළේය.
පසුව හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතාගේ නියෝග මත වහාම ක‍්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක් විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා එම නිවසට පැමිණියේය. තම නිවසට පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ඇති බවට ඇඳයට දින දෙකක් තිස්සේ සැඟවී සිටි දැරියට දැන ගන්නට ලැබුනේ එම නිවැසියන්ගේ කතා බහෙනි. වහාම ඇඳ යටින් එළියට පැමිණි ඇය තම නිවසේ සිටි පොලිස් නිලධාරීන් ළඟට දිව්වේ කඳුළු වගුරුවමිනි. දින දෙකක් තිස්සේ මව පියා සහ පවුලේ සෙසු අයත් මග හැර ගොස් සිටියේ කොහේදැයි පොලිස් නිලධාරීහු දැරියගෙන් විමසූහ. ඉන් පසු දැරිය තමන්ටත් තම අක්කාටත් තාත්තා සිදුකළ අතවර හඬමින් පැවසුවාය.
වහාම ක‍්‍රියාත්මක වූ හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතාගේ මෙහෙයවීම මත පොලිස් නිලධාරීන් පියා අත්අඩංගුවට ගෙන විමර්ශන මෙහෙයවීය. හොරොව්පොතාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා සුමනාවතී මහත්මිය දියණියන් දෙදෙනාගෙන්, පියාගෙන් සිදුවූ සියලූ අතවර එකිනෙක විමසුවාය. තමනට පියා විසින් කලක් තිස්සේ කළ කී දෑ සියල්ල දියණියෝ දෙදෙනා පොලිස් පරීක්ෂිකා සුමනාවතී මහත්මියට පැවසූහ.
පසුව පියදාස කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බන්ධනාගාර ගත කෙරුණි. මාස ගණනාවක් රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටි මේ පාපතර මිනිසා ඇප මත නිදහස් වූ අතර නඩු විභාගය කඩිනමින් අවසන් කිරීම සඳහා අනුරාධපුර විශේෂ මහාධිකරණයට යොමු කෙරුණි.
ඇප මත නිදහස්ව පැමිණි මේ පාපතරයා නිදහස්ව පැමිණි දින සහ ඉන් පසුවද තම දියණියන් දෙදෙනා දුෂණය කළ බවට මේ නඩුව විභාග කෙරුණු අතරතුරදී අධිකරණයේදී අනාවරණය විය. පසුගිය කාලය පුරා විභාග කෙරුණු නඩුව පසුගිය ඔක්තෝබර් මස 30 වැනි දින විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ යළි කැඳවිණි. එහිදී තමාගේම ජාතක දියණියන් දෙදෙනා කලක් තිස්සේ වරින් වර බරපතළ ලෙස දුෂණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකාර පියාට එරෙහිව නගා තිබූ අධිචෝදනාවලට ඔහු විශේෂ මහාධිකරණය හමුවේ වරද පිළිගනු ලැබීය. මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය මෙම නඩුවට අදාළව ලබාදුන් තීන්දුව මෙරට අධිකරණ ඉතිහාසයේ ඓතිහාසික තීන්දුවක් වනු නොඅනුමානය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියන් අධිකරණයට කියා සිටියේ විත්තිකරු බරපතළ ලෙස දුෂණය කර ඇත්තේ ද අපයෝජනය කර ඇත්තේද තමාගේම දියණියන් දෙදෙනා බවයි. එසේ හෙයින් විත්තිකරුට නීතියේ ප‍්‍රතිපාදන මත ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසද රජයේ නීතිඥවරියෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි රජයෙන් පත් කළ නීතිඥ ප‍්‍රියන්ති හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු සියලූ චෝදනාවන්ට වරද පිළිගන්නා බවත් ඉදිරියේදී යහපත් අයකු ලෙස සමාජ ගතවීමට හැකි වන පරිදි ඔහුට අවම දඬුවමක් ලබාදෙන ලෙසය. විනිසුරුවරිය අධිකරණය අමතමින් කියා සිටියේ තමා විසින් පෝෂණය කළ යුතු තමා යටතේ රැුකවරණය ලබමින් සිටි තමාගේම ජාතක දියණියන් දෙදෙනා විත්තිකරු විසින් බරපතළ ලෙස දුෂණය කර මෙන්ම අපයෝජනය කර ඇති බවයි.
විත්තිකරුට සහනයක් ලබාදීමට තරම් කිසිදු සාධාරණ සහ යුක්ති සහගත හේතුවක් නැති බවද කියා සිටි විනිසුරුවරිය විත්තිකරුට එරෙහිව පවතින චෝදනා සියල්ලට නීතියෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට තමා පසුබට නොවන බවද කීවාය. ඒ අනුව විත්තිකරුට එරෙහිව පවතින වැඩිමහල් දියණිය දුෂණය කර අපයෝජනය කිරීමේ පළමු නඩුවේ චෝදනා තුනට වෙන් වෙන්ව වසර විස්ස බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව කියා සිටි විනිසුරුවරිය එම සියලූ දන්ඩනයන් වෙන් වෙන් වශයෙන් ගෙවිය යුතු බවට නියෝග කරන බවද සඳහන් කළාය.
විත්තිකරුට එරෙහිව ඇති දෙවැනි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට පෙර එම අවස්ථාවේ විවෘත අධිකරණයේ පෙනී සිටි විත්තිකරු විසින් බරපතළ ලෙස කෙලෙසා ඇති දියණියන් දෙදෙනා ඇමතූ විනිසුරු ස්වර්ණාධිපති මහත්මිය එම දියණියන් දෙදෙනාගෙන් විමසුවේ පියා ගෙදර ඒමට අවශ්‍යද කියාය.
එවිට විත්තිකරුගේ දියණියන් දෙදෙනාම එක වරම තම පියා ගෙදර රැගෙන යාමට අවශ්‍ය නැති බව විනිසුරුවරියට දැනුම් දුන්හ. පසුව විත්තිකරුට එරෙහිව තිබූ දෙවැනි නඩුවේ තීන්දුවද ප‍්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය කියා සිටියේ වයස අවුරුදු 13 ක් පමණ වන තමාගේම බාල දියණිය වරින් වර බරපතළ ලෙස අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව පවතින චෝදනා තුනටද වෙන් වෙන් වශයෙන් වසර විස්ස (20) බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් විත්තිකරුට නියම කරන බවයි.
එම සිර දඬුවම්ද වෙන් වෙන්ව ගෙවී යා යුතු බවට නියෝග කරන බවද විනිසුරුවරිය කීවාය. පසුව යළිත් විත්තිකරු විසින් කෙලෙසා ඇති ඔහුගේ දියණියන් දෙදෙනා සහ මව විවෘත අධිකරණයේදී ඇමතූ විනිසුරුවරිය එම දියණියන් දෙදෙනාට කියා සිටියේ දැන් කරදර සියල්ල අවසන් බවයි. දැන් ගෙදර ගිහින් අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නැයිද එම දියණියන්ට දැනුම් දුන් විනිසුරුවරිය වයස අවුරුදු 16 හැවිරිදි දියණියට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට කාලය ප‍්‍රමාණවත් නැති බවත් ලබන වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා හොඳින් සූදානම් වන ලෙසත් දැන්වූවාය.
දැන් අතීතයේ සියලූ සිදුවීම් අමතක කර හොඳින් ඉගෙන ගෙන මව හොඳින් රැුක බලා ගන්නා ලෙසද දියණියන්ගෙන් ඉල්ලා සිටි විනිසුරුවරිය යළි කිසිදු දිනයක දියණියන්ගේ තාත්තා ගෙදර නොඑන බවද කීවාය. විත්තිකරුට දඬුවම් නියම කිරීමෙන් පසුව විත්තිකරුගේ බිරිඳ සහ ඔහුගේ දියණියෝ දෙදෙනා ඔහු දෙස නොබලාම විවෘත අධිකරණයෙන් පිටව ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සියල්ල මේ නව සමාජයත් විකෘති වූ අශෝබන සිනමා බැලීමත් සමහර අශෝබන ලිංගික ආසාවන් ඇති කරවන දැන්වීම් පුවරුත් අන්තර්ජාලයත් මත් පැන් මත් කුඩු .වල ප්‍රතිපලයකි . 1977 පසුව ඇතිවු නව විවෘත ආර්ථික ක්‍රමයත් රූපවාහිනියත් අප රට නරකට යාමට බොහෝ ඉවහල් උනා.(නදී)
මේ වගේ මිනිස්සු හිරේ තියා ගන්නවට වැඩිය හොඳයි මුලු ලෝකෙටම පේන්න ප්‍රසිද්ධියේ ටිකෙන් ටික විදව විදව මරන එක.මොකද ලෝකේ අනිත් මිනිස්සුන්ට පාඩමක් ඉගෙන ගන්න. (ස)
ඇත්තටම ඇස් වලට කදුළු ආවා (නි)
කුමාරි, මම ඔබට එකඟයි. ඇත්ත ඔය අමනය නැවත දරුවන්ගේ මුණ බලන්න ඕනි නැහැ. තිරිසන් ආත්මයක් ලැබිල නැවත දඩුවම් ලැබීවා ....? (ස)
හිරේ තියාගෙන කන්න බොන්න දීල තියාගන්නවට වැඩිය හොඳයි මරණ දඬුවම දුන්නනම් හරි (නදී)
මේ වගේ මිනිස්සුන්ට නැවත රජ කාලේ තිබුන දඩුවම් දෙන්න ඕනි. මේ වගේ සිද්දි වලට තිබෙන දඩුවම් දැඩි කලේ නැතිනම් මේ දේවල් ඉදිරියටත් අපිට අහන්න සිද්ද වෙනවා. ඉහත සිද්දියට දඩුවම් නියම කල විනිසුරුවරියට මගේ ප්‍රණාමය.(නදී)
මෙවැනි තිරිසනුන්ට ඇප දෙන අයට ගහන්න ඕන.ඔය වගේ ම්ලේච්ඡයො හිරේදිම මැරෙන්න ඕන. (ස)
තමුන්ගේම දරුවන්ට අතවර කරන්න තරම් හැගීම් මිනිහෙක් තුල ඇතිවෙන්නේ ඇයි? ඒකට මුල්ම හේතුව තමයි බේබදුකම. අද අන්තවාදී බෞද්ධ සංවිධාන නැති දේවල් මවා ගෙන ඔහේ බෙරිහන් දෙනවා. ලංකාවේ එකිනෙකා අතර ක්‍රෝධය හා වෛරය පතුරන්න. නමුත් මින්ස්සු යහ මගට ගෙන තමුන්ගේ ආගම දහම කියල දෙන්න කවුරුවත් නැහැ. විදේශ බලවේග මඟින් ලැබෙන සැප සම්පත් ලබා ගන්න තමුන්ගේ රටේ ඉපදිලා අවුරුදු දහස් ගානක් ඉන්න අයටම එරෙහිව කටයුතු කරමින් යනවා. වැඩියෙන්ම ජාතිය හා ආගම ගැන කතා කර මිනිස්සු බේද බින්න කරන්න හදන අය හැමදෙනාම බොරු කාරයෝ. මිනිස්සුන්ට ආගම උගන්නලා දෙනවා වෙනුවට බොරු දේවල් ඔලුවට දාමින් තමුන්ගේ කූට උවමනා ඉෂ්ට කර ගන්න අය තමයි වැඩි. මේ පියාට ෂරියා නීතිය තමයි ක්‍රියාත්මක කල යුත්තේ. (ස)
රටේ පාලකයිනි, කිය කියා නොසිට වහා මරන දඩුවම ක්‍රියාත්මක කරනු! (නදී)
මේ මිනිහගේ තිරිසන්කම ගැන කියන්න දෙයක් නැහැ. කදුළු පිරුණා කියෙවුවහම. දුක් විදි ළමයින්ට කොහොම ඇද්ද? ඒ වගේමයි මේ වගේ වෙන ළමයි බේරගන්න ඉදිරිපත් වුණ අය ගැනත් අගය කරන්න ඕනෑ. (නි)
හැකි උපරිම දඬුවම ඔහුට දුන් විනිසුරුතුමියට මගේ උත්තමාචාරය පිරිනමමි. අපේ සිරගෙවල් වල නොයෙක් නොයෙක් වරදට දඬුවම් ලබන්නෝ ඇති නමුත් මෙවැනි දූෂකයෝ නැතුව ඇති. සිරගෙවල්වල සිටින සිරකරුවෝද මෙය අතිශයින්ම හෙළාදකින නිසා 'සතිස්' කියන පරිදි මොහුට සිරගෙදරදී මෙහි බොහෝ දෙනා දක්වා ඇති දඬුවමද ලැබෙන්නට බැරි නැත. (නි)
දඩුවමේ නියම ටික හිරේ ඇතුලෙදි හම්බවෙයි. ඇතුලේ ඉන්න කට්ටියගෙන්. (ස)
ජනක, රොෂාන් ඔයාලගෙ අදහස්වලට මමත් එකඟයි.අර පහුගිය දවස් වල මනුස්සයෙක්ගෙ සැත්කමක් කලේ.මොහුටත් ඒ දඩුවමම දෙන්න ඕන.ඊට පස්සෙ මේ කාලකණ්නියට කියලම හම්බ කරවලා මේ දරුවන්ගෙ ජිවිත ගොඩ ගන්න.මම කවදාවත් මේ වගේ ලියන් නෑ. ඒත් ගලන කඳුලු නවත්ව ගන්න අමාරුයි. (ස)
මේ වගේ තිරිසන් පාපතරයෝ හිරගෙට යවලා අහිංසක මහජනතාවගේ මුදල් වලින් කන්න දීලා කාලය නාස්ති නොකර ප්‍රසිද්ධ ස්ථානයකදී මරණීය දණ්ඩනය දෙන්න ඕනෑ. (ස)
මිහි පිට අපායක්... අහන්නවත්....දකින්නවත්... නොලැබේවා.සොබා දහමෙන් ම දඩුවම් ලැබේවි.නිවැරදි අය පව් පුරවා ගන්න එපා.දරුවෝ අහිංසක.....මෙලොව උපන් දෙවිවරු මේ දරුවන් රැක බලා ගනී. (ස)
විනිසුරු තුමිය පනවන ලද ඓතිහාසික දඬුවම පූර්ණ ලෙස ගෙවා දැමීමට හැකිවන ලෙස මෙම පාපතර මිනිසාට ඉදිරි වසර 120 ජීවත් වීමට ආයුෂ ලැබේවායි ප්‍රර්ථනා කරමු. (ස)
මේ දරුවන් කෙරෙහි වගකිව යුත්තන්ගේ අවදානය යොමු විය යුතුයි. (ස)
මිහි පිට අපායක්... අහන්නවත්....දකින්නවත්... නොලැබේවා.සොබා දහමෙන් ම දඩුවම් ලැබේවි.නිවැරදි අය පව් පුරවා ගන්න එපා.දරුවෝ අහිංසක.....මෙලොව උපන් දෙවිවරු මේ දරුවන් රැක බලා ගනී. (ස) ...
මේ මිනිස්සු මේ වගේ ම්ලේච්ච කම් කරන්නේ කොහොමද කියල මට හිතාගන්නවත් බෑ. පසුගිය දා ලක්ෂ දෙකකට පස් දෙනෙක් කපල මරපු තිරිසනාත් මේ වගේම ම්ලේච්චයෙක්. කවදාවත් සමාජ ගත නොකළ යුතු තිරිසනෙක්. (දී)
මේ වගේ අයට පණපිටින් විදවන්න වෙන දඩුවම් දෙන්න ඕනෑ (නි)
මේ වගේ දේවල් ගැන අම්මලා මීට වඩා විමසිල්ලෙන් ඉන්න ඕන.තාමන්ගෙ සැමියා බේරගන්න කියලා හරි බයට හරි ඉන්නෙ නැතිව අදාල අංශවලට දැනුවත් කරන්න කියලා දෙන්න ඕන.දඩුවම ගැන නම් සතුටුයි. (ස)
ආරියසේන මහත්තයෝ, බුදු දහමේ හරය සමාජගත නොකර ඒ වෙනුවට හදුන් කුරු මල් පුජාව පහන් පුජාව පමණක් ..කීමට බෞද්ධ අය හැඩ ගැන්වීමේ විපාකය තමයි මේ. අපේ ස්වාමීන් වහන්සේලා දාර්ශනික බෞද්ධයෙක් නොහදා මල් මල් බෞද්ධයන් නිර්මාණය කරපු සමාජය තුල මේ කණගාටු දායක තත්වය හැර වෙන යමක් බලාපොරොත්තු වෙන්න නොහැකියි. මේ තරන් වටිනා දහමක් දේශනා කර තිබියදී ...දහම් පාසල්වල පවා දරුවන්ට උගන්වන්නේ ඒ ඒ චරිත පිළිබද දැනුම විතරයි දර්මය පැත්තක ..පුද්ගලයා නියම ආකාරයෙන් නිර්මාණය කිරීමට දර්මය ඉගැන්විය යුතුයි. නැතුව මල් පුජා කරන ගාථා නෙමෙයි.(නදී)
ධර්මදීපෙන් අහන කතා වලට හදවත සසල වේ.මට නම් හිතාගන්නත් බැහැ මේ මිනිසාගේ තිරිසන් වැඩ,ඒ මදිවට මේවට කතා කරන්න පෙරකදෝරුවොත් ඉන්නවානේ (නි)
මෑද පෙරදිග දඩුවම් කරන විදිහට ගල් ගහලා මරන්න ඕනෑ (නි)
අද සමාජයේ ළමා අපචාර වෙනවා වැඩියි. පියාගේ බීමත්කම තමයි මේ දේවල්වලට හේතු පාදක වී ඇත්තේ.මේ නිසා බීමත්කම අනිවාර්යයෙන්ම නැති කල යුතුමයි.වචනයෙන් කියුවට වැඩක් නැහැ .ක්‍රියාවෙන් තමයි කල යුතු වන්නේ.මේ නිසා හැමෝම එකතු විය යුතු යි .(දිල්)
ඉම්රාන්,බෞද්ධ දර්ශනය තුළ තිබෙනවා අනෙක් ආගම වලට වඩා සමාජය නිවැරදි මාවතට ගන්නා ක්‍රම සහ පුද්ගලයා තුල හික්මීම ඇති කිරීමේ ක්‍රමවේදය. නමුත් ඒ වෙනුවට පන්සලට ගිහිල්ලා කරන්නේ හදුන්කුරු මිටියක් පත්තුකරලා අනුන්ගේ ගහකින් මලක් කඩලා පුජා කරලා එන ක්‍රමයක් විතරයි. ඔබ කියන මිනිසා නිර්මාණය කිරීම වෙනුවට සමහර මහා සංඝරත්නය යන මාර්ගය පිළිකුල් සහගතයි.මම එකගයි ඔබ සමග (නි)
දරු සම්පතේ වටිනාකම නොදත් මෙවැනි තිරිසනුන්ට දරු සම්පත නොලැබේවා! ලංකාවේ මේ කාලය තුල ළමා අපයෝජන එන්න එන්නම වැඩිවෙනවා.මේ අපරාධ නතර කිරීමට රජය කුමක් හෝ පියවරක් ගත යුතුමයි. මේ මිලින වෙලා යන්නේ අපේ අනාගතයේ මල් කැකුළු. අම්මලාත් තමන්ගේ දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වීම ගොඩක් වටිනවා. මේ අපරාධ කරන තිරිසනුන්ට එල්ලුම්ගහ නියම කළොත් අපරාධ කිරීම ටිකක් හෝ සිමා වෙයි. නැත්නම් සිදුවන්නේ මේ අහිංසක මල් පොහොට්ටු පිපිමටත් පෙර පරවී යාමයි. (නි)
ඉන්දු නංගි, ගැමාවත් වෙන කිසිම කෙනෙක්වත් මට මේ ගැන නැවත දැන් තිබෙන තත්වය දැනුම් දුන්නේ නැහැ.ඔවුන් මට කිවුවේ කරුණු සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන බවත් අඩුම තරමින් ගම්වැසියෙක්වත් මේ පිළිබද දැනුම් දී නොමැති බවත්ය.මම ළග ළමා හා කාන්තා කාර්යංශයේ දුරකථන අංකය නැහැ. පුළුවන් අයෙක් මේ අකටයුත්ත පිළිබද දැනුම් දෙන්න නැවත.ලංකාවේ ඉන්න අයට ලෙහෙසියෙන් පුළුවන් (නි)
ඇත්තටම දැන් ලංකාවේ ගොඩක්ම කොල්ලෝ කාමාතුරයන් වෙලා. බස් එකේ යන ඕනෑ කෙනෙක් දන්නවා ඕක. (නි)
මේ වගේ තිරිසන් මිනිස්සුන්ට මීට වඩා දඬුවම් කරන්න ඕනෑ (නි)
අපේ තාත්තලා ඒ අතින් දෙයියෝ. මොවුන්ට නම් හෙණ හත ගහන්න ඕනෑ. හිස නමා ආචාර කරමි විනිසුරුවරියනි..... (නි)
අනේ දෙවියනේ, මෙවැනි දෙයක් කරන්න තරම් මොහු තිරිසනෙක්ද? තමන්ගේ ලේ නේද? මල් කැකුලක් වගේ හිටි තමන්ගේ දරුවෝ නේද මේ විනාශ කරන්නේ? සමහර තාත්තලා දරුවෝ නැතුව කොච්චර නම් දුක්වෙනවද? ගැහැණු ළමයෙක් ඉන්නවා කියන්නේ තාත්තා කෙනකුට කොච්චර ආඩම්බරයක්ද?මතු ඉපදෙන කිසිම අාත්මයක පිය පදවිය ලැබෙන්න එපා .අපි කියන්නේ තාත්තලට මෙන් අම්මලාට දරුවෙක් ලබන්න අපි හැමෝම ගොඩක් පින් කරන්ඩ ඕනෑ (නි)
හරිම සරල හොඳම දඬුවම සුදුසු අවයවය කපා ඉවත් කිරීමයි.එවිට ප්‍රශ්න සියල්ල නිමයි (නි)
මම දන්න පොලිසියේ කෙනෙකුටත් ඉක්මනටම නීතිය ඉදිරියට එන්න වෙයි. (නි)
මේ වගේ අපරාධ කරන අය ගැන හැකි ඉක්මනින් දන්වන්න. අධිකරණය, පොලිසිය වගේම ජනතාවගේත් වගකීමක් මේවා වලකන එක.මේ වගේ විකෘති දේවල් ගොඩක් වෙබ් සයිඩ් වල තියෙනවා. මෝඩ මිනිස්සු මේවා අත්හද බලන්න යනවා .ඉතාම ඉක්මනින් මේවා තහනම් කල යුතුයි. වෙබ් සයිඩ් වල නම් දාන්නෙ නෑ අනෙක් අය බලන නිසා .මේවා කවදාවත් නොවිය යුතු වැඩ. (ස)
ගැමා, ඔබ දැනටත් පරක්කු උනා වැඩියි. නිර්නාමිකව හෝ පොලිසියට, කාන්තා කාර්යංශයට, ළමා ආරක්ෂක අංශයට දැනුම් දෙන්න, මෙසේ හෝ මේක ගැන දැනුවත් කිරීම ගැන ඔබට තුති.(නදී)
ගැමා ඔබ විසින් සදහන් කල කරුණු සත්‍ය නම.මා ඒ පිළිබද මා අදුනන නිලදාරීන් දැනුවත් කරන්නම්. කලගෙඩිහේන මට හරියටම මතක නැහැ නුවර පාරේ තියන කලගෙඩි හේනද? ඔබට හැකියාවක් ඇතිනම් නැවත මා දැනුවත් කරන්න ඔබට ස්තුතියි.(නදී)
ගැමා, ඉස්සර අපේ ආච්චිලාගේ ගෙදර ළගත් හිටියා සියා-තාත්තා කෙනෙක්. ඒ කාලේ අපි තේරුම දන්නේ නැහැනේ, ළමයි තුන් දෙනෙක් හිටියා ඒ සීයා-තාත්තට.., (ස)
රොෂාන් මම ඔබ සමග එකඟයි., මේ වගේ ජරා මිනිහෙක්, හිරේ දාල ජිවිතේ දක්වා කන්න බොන්න දීල , වෙලාවට කන්න බොන්න නාන්න, නිදියන්න දෙනවා කියන්නේ ඒකට රජ සැප, මේ එකෙකුට මරණ දණ්ඩනය නියම කරලා ප්‍රසිද්ධියේ එල්ලා මරුවා නම් ගොඩක් හොඳයි. එහෙත් ලංකාවේ නිතිය ලිහිල් නිසා වැරදි කිරීම් දින දින වැඩි වෙනවා නේද...? (ස)
ඔය වගේ එවුන් අල්ලලා මරන්න ඕන. (ස)
කිසිදා නොදැනුනු ආකාරයට මාගේ සිත කඩා වැටුණි. මාගේ දෑස් මතින් කඩා හැලුණු කදුළු බිඳු මේ ප්‍රවෘත්තිය එක දිගට කියවීමට මට බාධාවක් විය .සංසාරයේ මනුස්ස ආත්මයක් ලැබීම දුර්ලබ නම් මේ තිරිසනට මනුස්ස ආත්මයක් ලැබුනේ කෙසේදැයි මම නොදනිමි .මගේ දියණියන් දෙදෙනා සිහිවී මට මහත් බියක් දැනුනි .මගේ දියණියන් දෙදෙනාට මගේ බිරිඳගේ රැකවරණය පමණක් ප්‍රමාණවත් වෙයිද? මගේ සිත ප්‍රශ්න වැලක් මුදා හරි.විනිසුරු තුමියට මගේ ස්තුතිය පිරිනමන අතර ලිහිල් සමාවක් ඉල්ලා සිටි නිතීච මහතාට මගේ අප්‍රසාදය සහ විරෝධය ප්‍රකාශ කරමි .ඇප ලබා නිදහස්ව පැමිණි දිනයේදීත් දරුවන් දෙදෙනාව දුෂණය කල මෙම තිරිසනා වෙනුවෙන් ලිහිල් සමාවක් කුමටද.රත්තරන් දුවලා දෙන්නට දළදා සමිදු පිහිටයි. (ස)
ජානක, ඔබේ අදහස ඉතාමත්ම අනර්ඝයි. (නි)
මේ කතාව කියෙව්වම ඇස් දෙකට කඳුලු නො එන කෙනෙක් සිටී නම් එය පුදුමයක්. "ඇප මත නිදහස්ව පැමිණි මේ පාපතරයා නිදහස්ව පැමිණි දින සහ ඉන් පසුවද තම දියණියන් දෙදෙනා දුෂණය කළ බවට මේ නඩුව විභාග කෙරුණු අතරතුරදී අධිකරණයේදී අනාවරණය විය". මෙවැනි සතෙකු ඇපමත නිදහස් කෙරුවේ ඇයි? මෙය කොතරම් අපරික්ෂාකාරී ක්‍රියාවක්ද? (ස)
දැන් මේ දරු දෙදෙනාගේ සම්පුර්ණ බර මවට. නමුත් ඔවුන් නිදහසේ ජීවත් විය හැකියි. විනිසුරු තුමනි මගේ යෝජනාව මේවගේ අපරදකාරයෝ ජීවිතාන්තව දක්වා හිරකරලා ඔහු ලවා වැඩ අරගෙන එම මුදල් අර දරු පවුලට ලැබෙන්න සලස්වන වැඩපිලිවෙලක් රජයෙන් ක්‍රියාත්මක කරනවා නම් ඉතා හොදයි. මොකද මෙහෙම අයව හිරේ යවලා විතරක් මදි. මේ අය ලවා දරුවන් පෝෂණය බලෙන් කරවීම සුදුසුයි.(නදී)
ලංකාවේ දඩුවමි රජකාලේ දඩුවමි අපේ රජවරුන් විසින්ම නියම කරපු දඩුවමි සමාජයක් සුමගට යොමුකිරීමට තමයි අපේ අනගාරික රජවරු ඒවැනි රාජ නීති සමිපාදනය කළේ. නමුත් අපි බටහිරට ආවඩලා රාජ නීති සියල්ල කප්පාදු කරලා උල්ලංගනය කරලා දුෂණය භීෂණය සමාජයතුල ව්‍යප්ත වෙන්නට හැරලා ඒයට දිය යුතු දඩුවමිද බටහිරකරණය තුලින් ආක්‍රමණය කරලා අද කියනවා මරණීය දංඩනය දෙන්න කියලා. පවු මෙවැනි චුදිතයන්ව බෙල්ල කපලා මරණ එක පවු එල්ලලා මරණ ඒක පවු අපි ධාර්මික ධර්මිෂ්ඨ සමාජයක් ඒනිසා මරණීය දංඩනය නියම කරන්න බෑ කියමින් කෑගසන අපම තමයි මේවාට වගකිව යුත්තේ.(නදී)
කෝ බොදුබල. මේ යකාට සරියා නිතිය දෙන්න. (නදී)
මෙවැනි පාපතරයන්ට කියන්න හෝ ලියන්න වචන ගලපා ගැනීමට අසීරුය , දොන් සේතන් ගේ අදහස ඉතා සුදුසුම තීන්දුව ලෙස මාද සටහන් තබනු කැමැත්තෙමි ..!!!(නදී)
මම ගොඩාක් වගකීමෙන් මේ ලියන්නේ, කලගෙඩිහේනේ, කීනගහලන්ද කියන වෙන්දේසි ඉඩමේත් ඉන්නවා මේ වගේම පාපතර තාත්තා කෙනෙක්. ඒ පැත්තේ හැමෝම මොහුව අමතන්නේ සීයා තාත්තා කියා. ඒ මොහුට දාව ඔහුගේ වැඩිමහල් දියණියට දරුවෙකුද සිටින නිසයි. පිලිවෙලින් මොහු දෙවන, තුන්වන දියනියනුත් මෙසේ අපයෝජනය කරනවා. පුදුමය වෙන්නේ ඔවුන්ගේ අම්මත් මේ බව දන දැනත් නිහඬව සිටීම. ඇය පවසන්නේ ඔහු හිරේට ගියොත් කන්න හම්බ කරන්නේ කව්ද කියයි. මවගේ අනුදැනුම ඇතුව මේ අපරාධය සිදුවෙන නිසා කිසිම අසල්වැසියෙක් මේ ගැන පැමිණිල්ලක් කිරීමටද ඉදිරිපත් වෙන්නේ නැහැ. වගකිවයුතු අයෙක් පුලුවන්නම් මේ සම්භන්ධව සොයා බලන්න. ඒ පවුලේ ගැහැණු දරුවෝ 4ක් ඉන්නවා.(නදී)
යවන්න සෞදියට. එක නඩුවාරයයි තීන්දුව ඒකාන්තයි ස්තිරයි නැවත ෙමවැනි දේවල් නොවෙන්න බෙල්ල කපනවා.(නදී)
තිරිසන් සතුන් වත් මෙවැනි දේවල් තමන්ගේ දරුවන්ට කෙරන එකක් නෑ(නදී)
මේ වගේ අහස පොලව නුහුලන අපරාද වලට ලිප්ටන් වටර වුමේ උද්ගෝෂණය කරන්න කවුරුවත් නැද්ද. කෝ අපේ ලංකාවේ ඉන්න කාන්තා සමිති. ඉන්දියාවේ හරි කොළඹ හතේ කාට හරි මේ දේ වුනානම් මේ වෙනකොට ලිප්ටන් වටරවුමේ පෝලිමට උද්ගෝෂණ.(නදී)
අනේ අහිංසක දරුවෝ දෙන්නා. මේ දරුවන්ට මොන සැප ලැබුනත් තමා විඳි ඒ අමිහිරි අත්දැකීම අමතක කරන්න හැකි වෙයිද? මේ දරුවන්ගේ අනාගතය දෙවියන්ට බාරයි. මට දරුවෝ නැහැ, මේ දරුවන්ට උදවු කරන්න විදිහක් තියෙනවා නම් කියන්න. (නදී)
මනුස්ස ආත්මයක් ලැබුවට මොහු තිරිසනෙක්.. (නි)
දිසානායක මහතාණෙනි, ඔබට මම හිස නමා ආචාර කරනවා ඔබ කල සේවයට. ඔබට බොහෝ පින් ! (ගැමා කල දැනුම් දීම අදාල බලධාරීන් වෙත යොමු කිරීම ගැන.)(නදී)
මතු උපදින කිසිම ආත්මයක මොහුට නම් පිය පදවිය ලැබෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ (නි)
මේ වගේ තිරිසන් පාපතරයෝ හිරගෙට යවලා අහිංසක මහජනතාවගේ මුදල් වලින් කන්න දීලා කාලය නාස්ති නොකර ප්‍රසිද්ධ ස්ථානයකදී මරණීය දණ්ඩනය දෙන්න ඕනෑ.මේ වගේ අය ගැන දේවල් මාධ්‍ය හරහා ලියනවිට දෙපා සතුන් කියලා ඇමතීමට හැකි නම් තවත් හොදයි (නි)
මේවා හරියට සිද්ධ වෙනවා. ගමේ මිනිස්සු ඉස්කෝලේ ගුරුවරු මොනවා කලාද ? සමහර විට ළමයි බයට කියන්න නැතිව ඇති. ඒත් මිනිස්සු මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ. මේ වගේ දඬුවමක් දීලා මිනිසුන්ගේ අවධානය ලබා දුන්නට නඩුකාර තුමියට නමස්කාරය! කලා කාරයන්ටත් ලොකු සේවයක් කරන්න පුළුවන් බල වේගයක් ඇති කරන්න. මම නම් අහලා තියෙන්නේ එක සිංහල සින්දුවයි. මේ ප්‍රශ්නේ ගැන? " මල් පොහොට්ටුවක් එපා කඩන්න." අසංක ප්‍රියමන්ත කියන්නේ. ඇස් වලට කඳුළු ගේන තරමට හොඳින් පණිවිඩය දෙනවා. සංගීතය මිනිස් හදවතට කතා කරන්න යොදන්න පුළුවන්.හොඳ මිනිස්සුන්ට ඒවා ඇහුණාම එයාලා මොනවා හරි කරනවා අපරාධ නවත්තන්න. ඉන්දු මෙයාලට ඉගෙන ගන්න උදවු කරන්න. ඒක තමා ලොකුම දේ. (ස)
මහාධිකරණ විනිසුරුතුමියට මගේ ගෞරවය !.(නදී)
මෙය නීතියට අහුවන තවත් එක සිද්දීයක් පමණි.,.(නදී)
මෙහෙම අයව මරන්න ඕනෑ ටික ටික (නි)
කුසුම් අක්කේ, ගම සහ පන්සල අතර තිබෙන සම්බන්ධය දුරස් වීමද මෙයට බලපා තිබෙන බව මගේ හැගීමයි (නි)
මහාධිකරණ විනිසුරුතුමියට මගේ ගෞරවය ! මේ කාලකන්නි මිනිසාට ස්වභාව ධර්මය දඬුවම් දේවා. ඇප ලැබී ගෙදර ගිහිනුත් ඒ පාපය කල මිනිසා වෙනුවෙන් ලිහිල් දඬුවමක් ඉල්ලූ නීතිඥයාට මගේ බලවත් අප්‍රසාදය. (නදී)
ඇත්තෙන්ම මෙය ඉතාම පිළිකුලෙන් යුතුව කියවූ පුවතක්. මනුෂ්‍ය ආත්මයක් ලද්දෙක් තිරිසන් සතුන් හෝ නොකරන තිරිසන් ක්‍රියාවකුයි කර තිබන්නේ. පමාවී හෝ දඬුවමක් ලැබී තිබෙනවා. කරලා තියන අපරාධයේ හැටියට ඔය දඬුවමත් මදි කියලයි මට නම් හිතෙන්නේ. තිරිසන් සතුන්ට ඇතිවන හැඟීම් මනුෂ්‍යන් හට ඇති වුවත් එය මුදා හැරීමේ සංවර බවක් වත් මේ මනුෂයන්ට නොමැති වීම තම ප්‍රශ්නය වෙලා තිබෙන්නේ.. ඇතිවී ඇති සමාජ පරිහානියේ තවත් එක ප්‍රතිපලයක් තමයි මෙය. මෙවැනි සමාජ ඛේදවාචක ඉදිරියේදීවත් ඇති නොවීමට ආගමික සංවිධාන මෙන්ම සිවිල් සංවිධානද එක්ව කිසියම් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සුදුසු කාලය එළඹ ඇත. ආගම ධර්මයෙන් මිනිසුන් ඇත්වී යාමට ආගමික නායකයින් ම ක්‍රියා කරන සමයක මෙවැනි තිරිසන් සිදුවීම් එක අතකට අරුමයකුත් නොවේ. (ස)
තිරිසන් තාත්ත කෙනෙක් (දී)
ළමා හා කාන්තා කාර්යංශය මේ ළමුන් පිළිබඳව දිගටම සොයා බැලිය යුතුයි. මෙවැනි අපහරණයන්ට ලක් වූ ළමුන් නැවත වෙනත් අය අතින් අපහරණය වීමේ වැඩි ඉඩක් තිබෙනවා(නදී)
ගැමා හිතවත විසින් ලබා දුන් අපචාර සිදුවීම සම්බන්දයෙන් මා ඉහල නිලදාරීන් දැනුවත් කලෙමි .ඒ නිසා ඔබ ඒ අවට පදිංචි අයෙකු නම් පොලිසිය ගන්න ක්‍රියා මාර්ගය ගැන මා නැවත දැනුවත් කරන්න ..සමාජයේ යහ පැවැත්ම සදහා අපි නිදි නැති බව දැනුම් දීමට මේ නෙව්ස් එක පලකරන්න (නදී)
ශාන්ති, අපිත් කියන්නේ ඕක තමයි. කන්න දිදී මුන්ව තියාගෙන මොකටද මේ රටේ නීති පොත හදල තියෙන්නේ කවුද? දැනට අපි අපේ දියණිවරුන් දැනුවත් කරමු .රටේම පාසල් තුලින් මේ දැනුවත්වීම දියණිවරුන්ට කලා නම් කාලෝචිතයි.හැම තිස්සෙම දියණිවරුන් සමඟ ප්‍රශ්න කතා කරන්න අය හොඳ යහළුවෙක් කරගන්න් අපි හැමෝම එකතු වෙලා මේ පාපතරින්ට පාඩමක් උගන්නමු. අපි හැමවිටම කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කැප වෙමු. (ස)
මේ අපරාධය කරපු පියාව එල්ලා මරන්ඩ. තවත් මොනවටද මොහු තියාගෙන, පිය පදවියටත් අගෞරවයක් මේ වගේ තාත්තලා... (ස)
ඔව් ජානක.දැනෙන්න වද දිදී වැඩ ගන්න ඕනේ.ඒ දරුවන්ගේ අනාගතේ පිළිවෙලක් වෙනකන් කිසිම නිදහසක් නොදී.අපිට යම් දෙයක් කරන්න පුලුවන් ඒ දරුවන් වෙනුවෙන්.ඒ දරුවන්ගේ මනස සැනසෙන ආකාරයට.එයාල අසරණ නෑ කියන දේ එයාලගේ පුංචි හිතට දැනෙන්න. (ස)