IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


තමිල් සෙල්වන්ගේ බිරිඳ ළමයි ප්‍රංශයෙන් මතුවෙයි

හිටපු එල්.ටී.ටී.ඊ දේශපාලන නායක සුප්පයියා පරමු තමිල් සෙල්වන්ගේ බිරිය සසිරේඛා, දියණිය අලෙයිමගල් සහ පුත‍්‍රයා වන ඔලිවේන්තන් පසුගිය අපේ‍්‍රල් 24 දා ප‍්‍රංශයට පැමිණීම පිළිබඳ ගෝලීය ඩයස්පෝරාවේ සාමාජිකයන් මහත් සතුටට පත්ව තිබේ. මොවුන් ප‍්‍රංශයට පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටය. යුරෝපීය කොටි කල්ලි මෙම සිදුවීම පිළිබඳ කිසිදු ප‍්‍රකාශයක් මෙතෙක් සිදු කර නොමැති අතර දැනට රහසිගතව යුරෝපය පුරා ගෙන යන අරමුදල් රැුස්කිරීමේ කටයුතු සඳහා තමිල් සෙල්වන් පවුල උපයෝගී කර ගනිමින් කිසියම් ප‍්‍රචාරයක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණය.

ගෝලීය කොටි කල්ලි සසිරේඛාගේ ආගමනය පිළිබඳ ඉමහත් සතුටට පත්ව සිටින අතර 2009 මුල්ලවෙල්ලි වයික්කාල්හි සිදුවීම සැමරීම සඳහා පවත්වන මහජන හමුවේදී ඇය ජනතාව අතරට කැඳවීමට නියමිත බැව් පැවසේ.

සසිරේඛා, කොටි දේශපාලන වේදිකාවක පෙනී සිටීමට හෝ කොටි ඩයස්පෝරාවේ දේශපාලනික අරමුණුවලට සහාය දැක්වීමට හෝ කැමැත්තක් නොමැති බවත් ඇයගේ එකම අරමුණ තම දරු දෙදෙනාට උසස් අධ්‍යාපනයක් ලබා දෙමින් ප‍්‍රංශයේ සාමකාමී ජීවිතයක් ගත කිරීම බවත් තමිල්සෙල්වම් පවුලේ ඥාතියකු ප‍්‍රකාශ කොට ඇත.

යාපනයේ චුලිපුරම්හි උපත ලද සසිරේඛා එල්.ටී.ටී.ඊ සාමාජිකාවක වූ අතර එකල ඇය හැඳින්වූයේ ඉසිචෙල්වි නමිනි. තමිල් සෙල්වන් සමග විවාහයෙන් පසු සංවිධානයෙන් සමුගත් ඇයට අලෙයි මගල් නමින් 14 හැවිරිදි දියණියක හා ඔලිවේන්තන් නමින් දස හැවිරිදි පුත‍්‍රයකු සිටී.

එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායක ලෙස 12 වසරක් කටයුතු කළ තමිල් සෙල්වන්ට එල්.ටී.ටී.ඊ සංවිධානය ලබා දී තිබූ නාමය වූයේ ඩිනේෂ් යන්නයි. ඔස්ලෝ සාමසාකච්ඡුා පැවැති 2001-2005 අතර කාලයේ තමිල් සෙල්වන් ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන චරිතයක් වූයේය.

1967 මද්දුවිල් ග‍්‍රාමයේ උපත ලද තමිල් සෙල්වන් යුද්ධයේදී ඇති වූ තුවාල හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූයේය. එහෙයින් ඔහුට ගමන් කිරීමට සිදුවූයේ  සැරයටියක ආධාරයෙනි. තමිල් සෙල්වන් හා සසිරේඛා අතර විවාහය සිදුවුයේ එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් හඳුන්වා දුන් යෝජිත විවාහ සංකල්පය අනුවය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ පිරිමි සාමාජිකයන් හට වඩාත් ගැළපෙන සහකාරියන් එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් අතරින් තෝරා ඔවුන් විවාහ කරවීමට ප‍්‍රභාකරන් කටයුතු කළේය. දෙමළ සමාජයේ බහුතර විවාහයන් සිදුවූයේ යෝජිත විවාහ මගිනි. එල්.ටී.ටී.ඊ සාමාජික සාමාජිකාවන් අතර සිදුවූ යෝජිත විවාහ මහා පරිමාණයෙන් සිදුවූයේය.  කුලභේදය මකා දැමීම මෙම විවාහයන්හි එක් අරමුණක් වූයේය.

තමිල් සෙල්වන් හට විවාහය පිණිස සසිරේඛා යෝජනා කළේ ප‍්‍රභාකරන් විසිනි. යාපනයේ කුලවත් පවුලක දියණියක වූ සසිරේඛාගේ පියා විශ‍්‍රාමික රජයේ සේවකයකු වූ අතර බම්බලපිටිය ප‍්‍රදේශයේ ව්‍යාපාර ගණනාවක් ඔහු සතු විය. 1983 කළු ජූලියෙන් පසු තම සියලූ ව්‍යාපාර විකුණා දැමූ ඔහු යළි යාපනයට ගියේය.

තමිල් සෙල්වන් හා සසිරේඛා අතර විවාහයේදී ප‍්‍රභාකරන් හා මදිවදනි මනාලයාගේ දෙමව්පියන් ලෙස ද ඇන්ටන් බාලසිංහම් හා ඇඩෙල් මනාලියගේ මාපියන් ලෙසද පෙනී සිටි අතර බ‍්‍රාහ්මණ චාරිත‍්‍රවලින් තොරව විවාහය සිදුවූයේය.

තමිල් සෙල්වන්ගේ මව වාසය කළේ කැනඩාවේය. අවසන් මොහොත වන තෙක් මෙම විවාහය පිළිබඳ කිසිවක් ඇය දැන නොසිටියාය. කලින් තමා දැනුම්වත් නොකළේ මන්දැයි ඇය තම පුත‍්‍රයාගෙන් විමසූ විට විවාහය පිළිබඳ තමා දැනගත්තේද දින හතරකට ඉහතදී බැව් තමිල් සෙල්වන් මවට පවසා තිබිණි.

2007 නොවැම්බර් 2 දින භූගත බංකරයක නිදිසුව විඳිමින් සිටි තමිල් සෙල්වන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය වූයේය. එම මරණයෙන් ප‍්‍රභාකරන් දැඩි ලෙස කම්පාවට පත් වූයේය. එය තමාට පෞද්ගලිකවම සිදුවූ අලාභයක් බැව් ඔහු ප‍්‍රකාශ කළේය. මරණින් පසු තමිල් සෙල්වන් ‘‘බි‍්‍රගේඩියර්’’ තනතුරට උසස් කෙරිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ‘‘බි‍්‍රගේඩියර්’’ තනතුරට පත් ප‍්‍රථම සාමාජිකයා වූයේ තමිල් සෙල්වන්ය.

 

 

තමිල් සෙල්වන් මිය යන විට ඔහුගේ දරු දෙදෙනා වූ අලෙයිමගල් සහ ඔලිවේන්තන් පසුවූයේ අට හැවිරිදි හා සිව් හැවිරිදිවය. 2009 ජනවාරියේ හමුදාව කිලිනොච්චිය අත්පත් කර ගන්නා තෙක් සසිරේඛා කිලිනොච්චියේ වාසය කළාය. ඉන්පසු මුලතිව් ප‍්‍රදේශයට ගිය ඇය 2009 මැයි මාසයේදී මුලතිව් ප‍්‍රදේශය හමුදා අතට පත්වීමෙන් පසු සිවිල් වැසියන් ලෙස හමුදාවට බාර වූවාය. වවුනියා දිස්ත‍්‍රික්කයේ එල්.ටී.ටී.ඊ නායකයන්ගේ පවුල් වෙනුවෙන් ඉදිකර තිබූ විශේෂ කඳවුරට ඔවුන් රැුගෙන යනු ලැබිණි. පසුව එල්.ටී.ටී.ඊ.යේ නැගෙනහිර ප‍්‍රදේශය බාරව සිට පසුව රජයට සම්බන්ධ වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් ‘‘කර්නල්’’ කරුණාගේ ඉල්ලීම මත ඔවුන් පනාගොඩ හමුදා කඳවුරේ විශේෂ නිවස්නයක රඳවනු ලැබිණි.

වසර දෙක හමාරකට ආසන්න කාලයක් පනාගොඩ රැුඳවුම්භාරයේ පසුවූ සසිරේඛා සහ දරු දෙදෙනාට ඔවුන්ගේ සමීපතම ඥාතීන් සමග සබඳතා පැවැත්වීමට අවසරය හිමිවිය. පසුව හමුදා නිලධාරියෙකු ඉදිරිපිට ඔවුන් හමුවීමටද අවස්ථාව සලසා දෙනු ලැබීය.

2011 මැයි මාසයේ ඔවුන් කොන්දේසි කීපයකට යටත්ව නිදහස් කරනු ලැබීය. සසිරේඛා දෙහිවල වාසය කළ තම දෙමව්පියන් සමඟ ජීවත්වන්නට කැමැත්ත පළ කළාය. පවුලේ බොහෝ ඥාතීන් සමඟ පැවැති සබඳතා අත්හැර දැමුවද ඇය විදේශ ගත ඥාතීන් කීපදෙනෙකු හා සබඳතා පැවැත්වූවාය.

තම දරු දෙදෙනාට කොළඹදී හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ අසීරුතාව ඇයට වැටහිණි. මේ බැව් ඇය ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ට දැනුම් දුන්නාය. ඇයගේ ඉල්ලීම අනුව ඉන්දියාවේ පදිංචියට යාම සඳහා බලධාරීන්ගෙන් අවසර ලැබිණි.

නිත්‍යානුකූල අයුරින් සසිරේඛා ඉන්දියාව බලා පිටත්ව ගියාය. ඒ සඳහා බි‍්‍රතාන්‍යයේ වාසය කරන ඇගේ සොහොයුරා  මුදලින් ආධාර කොට තිබිණි. ඉන්දියාවේ නෙදුමරන්, වයිකෝ, සීමන්, කෝලකූර් මනි වැනි එල්.ටී.ටී.ඊ හිතවාදීන් තම අනන්‍යතාව හඳුනාගනිතැයි ඇය බිය වූවාය. තමාට හා තම දරුවන්ට ඉන්දියාවේ නිදහස් සාමකාමී ජීවිතයක් ගත කිරීමට ඇති අසීරුතාව ඇය වටහා ගත්තාය. එහෙයින් යුරොපයේ පදිංචියට යාමට ඇය තීරණය කළාය. බි‍්‍රතාන්‍යයේ වාසය කළ තම සොහොයුරා හා නැන්දණියගේද ප‍්‍රංශයේ වාසය කරන තමිල් සෙල්වන්ගේ මවගේ සොහොයුරියගේද සහායෙන් පසුගිය අපේ‍්‍රල් 24 දින සසිරේඛා ප‍්‍රංශයට ළඟා වූවාය.

ඇයගේ සමීපතම ඥාතීන් ප‍්‍රකාශ කරන ආකාරයට කිසිදු දේශපාලන ක‍්‍රියාවලියකට සම්බන්ධ නොවී තම දරු දෙදෙනා යහපත් පුරවැසියන් ලෙස හදා වඩා ගැනීම ඇගේ එකම අරමුණ වී තිබේ. එහෙත් ඇතැම් එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරීන් ඇයට ප‍්‍රංශයේ ස්ථීර පදිංචිය ලබා ගැනීමට උපකාර කිරීම වෙනුවෙන් නැවත දේශපාලනයට එක්විය යුතු බවට බලපෑම් කර ඇති බව පැවසේ.

වාර්තා වන අන්දමට ඇතැම් එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරීන් සසිරේඛාට ප‍්‍රංශයට පැමිණීම සඳහා ක‍්‍රියාකළ නියෝජිතයන්ට ගෙවීමට සිදුව ඇතැයි පවසමින් මුදල් එකතු කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කොට තිබේ. ඇය ශ්‍රී ලංකා රජයේ අවසරය ඇතිව ඉන්දියාවට ගියද මෙම පිරිස ඇය ශ්‍රී ලංකා රජයේ ග‍්‍රහණයෙන් පළා ආ තැනැත්තියක ලෙස හුවා දක්වන්නට උත්සාහ ගන්නා බවද පෙනී යයි.

ඥාතීන් සඳහන් කරන ආකාරයට නොවැම්බරයේ ප‍්‍රංශයේ පැවැත්වෙන තමිල් සෙල්වන් අනුස්මරණ උළෙලට ඇය සහභාගි වනු ඇත.  තමිල් සෙල්වන්ගේ උඩුකය පිළිරුවක් මෙහිදී නිරාවරණය කිරීමට සැලසුම් කර තිබේ.

සසිරේඛා කොටි දේශපාලන කටයුතු වලින් ඈත්ව තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවීමට ගෙන ඇති තීරණය එලෙසට පවත්වාගෙන යාමට කොටි ඩයස්පෝරාවෙන් ඇයට ඉඩ සැලසේද යන්න සැක සහිතය. ඔවුන් සසිරේඛාගේ ආගමනය එල්.ටී.ටී.ඊ.යට නැවත ප‍්‍රචාරයක් ලබා ගැනීමට හා අරමුදල් රැුස්කිරීමට දෙවියන් ලබා දුන් ත්‍යාගයක් ලෙස සලකති.

‘‘සුළඟ වෘක්ෂයකට නිසලව සිටින්නට ඉඩ තබන්නේ නැතැයි’’ යන්න ප‍්‍රකට චීන පිරුලකි. දෙමළ ඩයස්පෝරාවද සසිරේඛාට නිසලව සිටින්නට ඉඩ නොතබනු ඇත.

 



අදහස් (0)

තමිල් සෙල්වන්ගේ බිරිඳ ළමයි ප්‍රංශයෙන් මතුවෙයි

සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 04:14 PM

කළ වැරදි අත්හැරල දරුවන්ට උගන්නල හොඳින් ජිවත් වෙන්න. බිලී බාගන්න උත්සාහ කරයි රැවටෙන්න එපා. (ස)

:       0       0

ද සිල්වා Monday, 26 May 2014 05:28 AM

මෙම ගුවන් ප්‍රහාරය යු ටියුබ් එකේ බලාගන්න පුළුවන්. මම සෑම මස 2-3 කට වරක්වත් නරඹනවා. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 21 May 2014 12:11 PM

ගයාන් ඔයා පත්තර කියවන්නෙම නැද්ද? (නදී)

:       0       0

මහේෂ් Thursday, 22 May 2014 04:44 PM

මෙම ගුවන් ප්‍රහාරයට සහභාගී උනේ මගේ යහළු ගුවන් නියමුවෙක්. ඉතා සාර්ථක ගුවන් ප්‍රහාරයක්. භූමියට ඉතා සමීපයෙන් ඉලක්කය නිවැරදිව ගහලා දියත් කල ගුවන් ප්‍රහාරයක්. (නදී)

:       0       0

කමල් Tuesday, 20 May 2014 04:13 PM

මෙය ලංකා ආණ්ඩුව කොටි සංවිධානයට එරෙහිව කල යුද්ධයේදී කොටින්ට සම්බන්ධ අයගේ පවුල් වල උදවිය මරා දැමු බවට ගොඩනඟන තර්ක වලට විරුද්ධව සාර්ථකව යොදාගත හැකි බව පෙනේ. (නි)

:       0       0

ගයාන් Wednesday, 21 May 2014 03:28 AM

තමිල් සෙල්වන් මලේ ගුවන් ප්‍රහාරයකින් නමුත් ඒ ඔහු නිදා සිටින විට එල්ලවුවක් නොවේ. ලංකා ගුවන් හමුදාව ප්‍රහාරය එල්ල කලේ ඔහු ගමන් ගනිමින් සිටි රථයටයි. (ස)

:       0       0

චමින්ද Wednesday, 21 May 2014 03:40 AM

වැරදි කරුවන්ට දඩුවම් ලැබේවා ...............! (ස)

:       0       0

සිරි Wednesday, 21 May 2014 10:07 PM

නන්දන පනාගොඩ, මටත් ඔය ටිකම හිතුනා! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 465 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 61 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 142 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 353 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 239 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 960 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 550 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site