ජනාධිපතිවරණයෙන් පරාජය වී තෙමසක් ගත වුව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් සිය කාර්යබහුලත්වයෙන් මිදී නොමැත. ඔහුගේ සති අන්තය ගෙවෙනුයේ තංගල්ලේ පිහිටි තම නිවසට පැමිණෙන දහස් ගණනක් වූ ආධාරකරුවන් සමඟිනි. දසවසරක් පුරා පැවැති තම පාලන කාලයේ දී වෙනම රාජ්‍යක් ඉල්ලා සටන් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමට ද ඔහු සමත් විය.
බලය අවභාවිතයේ යෙදවීම, දූෂණ හා වංචාවලට අනුබල දීම සහ ගජමිතුරු සංග‍්‍රහයේ නිරත වූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ‘අල් ජසීරා’ රූපවාහිනියේ මිනෙලි ෆර්නැන්ඩස් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රථම වරට පැවැත්වූ සාකච්ඡුාවේ දී ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව ද දිගටම බලයේ රැු`දී සිටීමට උත්සාහ කළ බවට නැෙඟන චෝදනා ඔහු තරයේ ප‍්‍රතික්ෂේප කළේ ය. පහත පළවන්නේ එම සම්මුඛ සාකච්ඡුාවේ පරිවර්තනයකි.
අල් ජසීරා : බලයට පත්වූ නව රජය ප‍්‍රකාශ කොට තිබෙනවා ඔබ සම්බන්ධයෙන් සනාථ කළ හැකි වාර්තා ඔවුන් සතුව ඇති බවට?
මහින්ද රාජපක්ෂ මහතා: තමන් සතුව සනාථ කළ හැකි වාර්තා තිබෙන බව ඔවුන් හැමවිටම ප‍්‍රකාශ කරනවා. ඒ පිරිස දැන් මගේ ප‍්‍රතිරූපයට, මගේ පවුලට පහර ගසනවා. අපට එරෙහිව නඩු පවරනවා. අපට හිරිහැර කරනවා. මගේ පවුලට සම්බන්ධ කිසිවකු දේශපාලනයට එනවාට ඔවුන් කැමති නැහැ.
අල් ජසීරා : ජනාධිපතිවරණය පැවැති දින රාති‍්‍රයේ ඔබ නැවත වරක් බලහත්කාරයෙන් බලයේ සිටීමට උත්සහ කළාද?
මහින්ද රාජපක්ෂ මහතා: නැහැ. මම කලින්ම තීරණය කොට තිබුණා පරාජය වුවහොත් බලය අතහැරීමට. එනිසයි උදෑසන 5.30වන විට මා අරලියගහ මන්දිරයෙන් ඉවත් වුණේ. එවැනි ප‍්‍රකාශ මහත් විහිළුවක්. ඔබට පුළුවන්ද පැයක් හෝ දෙකක් හෝ ඇතුළත කුමණ්ත‍්‍රණයක් කොට බලය අල්ලා ගැනීමට. මේවා විකාර කතා.
අල් ජසීරා : බලය මාරු කිරීමට කටයුතු කරන්නැයි ජාත්‍යන්තරයෙන් ඔබට දන්වා තිබුණා. ඒ අනුව මෙම තීරණය ඔබ විසින්ම ගනු ලැබූ එකක් ද නැතිනම් කිසියම් බලපෑමක් මත එය සිදු වූවා ද?
මහින්ද රාජපක්ෂ මහතා: කිසිවකුට මට බලපෑම් කළ නොහැකියි. මා තීරණයක් ගත් කල එහි වගකීමද මා ගන්නවා. ඒ තීරණය මවිසින් ගන්නා ලද්දක්.
අල් ජසීරා : ලොව පැවැති දරුණුතම ගැටුම්වලින් එකක් ලෙස සැලකෙන වසර 30 මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය නිමා කළ ජනාධිපතිවරයා ලෙස ඔබ ඉතිහාසගත වෙනවා. සාමදූතයකු ලෙස තිබූ ඔබේ ප‍්‍රතිරූපය, යුද්ධය නිමාවී වසර 6කට පසුව ඔබ ඒකාධිපතියෙකු හා වංචා දූෂණ හමුවේ දෑස වසා සිටින පුද්ගලයකු බවට නැඟුණු දෝෂාරෝපණ හමුවේ බි`දවැටීමට පටන් ගන්නවා. එය ඔබේ ජනාධිපතිවරණ පරාජයට බල පෑ එක් සාධකයක් වූවාද?
මහින්ද රාජපක්ෂ මහතා: නැහැ. ඒ අවස්ථාවේ ඔවුන් තැතිගෙනයි සිටියේ. ඒ නිසා විශාල ව්‍යාපාරයක් ආරම්භ කළා. එය මට එරෙහිව මනාව සැලසුම් කළ මඩ ප‍්‍රහාරයක්.
අල් ජසීරා : ඔබ ජනාධිපතිධුරය දැරූ සමයේ පැවැති යුද්ධය දෙස නැවත හැරී බැලූවහොත් එකී යුද ජයග‍්‍රහණය ළඟාකර ගැනීමට අති විශාල වැයක් දැරීමට සිදුවූ බව විවේචකයන් ස`දහන් කරනවා. ඔබ සිතන්නේ එය වටිනවා කියාද?
මහින්ද රාජපක්ෂ මහතා: ඔව් ඇත්තෙන්ම එය වටිනවා. එසේ නොවුවා නම් අදටත් එම ප‍්‍රශ්නයට මුහුණදීමට අපට සිදුවෙනවා.
අල් ජසීරා : දූෂණ හා ඥාති සංග‍්‍රහයේ නිරත වූ බවට රාජපක්ෂ පවුලට එරෙහි චෝදනා විශාල ප‍්‍රමාණයක් එල්ල වෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා: නැහැ නාමල් හැරුණු විට වෙනත් කිසිවකු මා දේශපාලනයට ගෙන ආවේ නැහැ. එලෙස කටයුතු කළේ මට පෙර සිටි නායකයනුයි.
අල් ජසීරා : ඇයි ඔබේ එක් සොහොයුරෙක් ආරක්ෂක ලේකම්. තවත් සොහොයුරෙක් ආර්ථික සංවර්ධන ඇමතිවරයා.
මහින්ද රාජපක්ෂ මහතා: මට ඔවුන් පත්කර ගැනීමට සිදුවුණා. එය කළ යුතු වුණා.
අල් ජසීරා : එතකොට පාර්ලිමේන්තුවේ කථානායක?
මහින්ද රාජපක්ෂ මහතා: ඔහු මහජන ඡන්දයෙන් පත්වූ අයෙක්.
අල් ජසීරා : ගෙවුණු සති කිහිපයේ පසුගිය රජයේ සිටි ප‍්‍රබල පුද්ගලයන් කෙරෙහි දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවක් පෙනී යනවා. ඔබේ සොහොයුරා අත්අඩංගුවට ගැනුණා. ඔබේ මස්සිනා ජාතික ගුවන් සේවයේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටිනවා. ඔබේ ඥාති සොහොයුරා යුක්රේනයේ සිදුවූ අවි ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිනවා. ඔබ මෙය දකින්නේ විරුද්ධවාදීන් දඩයම් කිරීමක් ලෙසින්ද?
මහින්ද රාජපක්ෂ මහතා: ඔව් එය විරුද්ධවාදීන් දඩයම් කිරීමක්. මා ඔබ හා එකඟයි.
අල් ජසීරා : එය ප‍්‍රශ්නයක් ලෙසයි මා ඇසුවේ
මහින්ද රාජපක්ෂ මහතා: ඔබේ ප‍්‍රශ්නයට මා එකඟයි.
අල් ජසීරා : මෙවැන්නක් සිදුවන බව ඔබ පවසන්නේ ඇයි?
මහින්ද රාජපක්ෂ මහතා: ඔවුන් මට බයයි. නැතිනම් මගේ නමට බයයි. ඒ නිසා අපට පහර ගසනවා.
අල් ජසීරා: ඔවුන් බිය දක්වන්නේ කෙබ`දු දේවල් සම්බන්ධයෙන්ද?
මහින්ද රාජපක්ෂ මහතා: මා දන්නේ නැහැ. එහෙත් අප දේශපාලනයේ නිරතවනවාට ඔවුන් කැමති නැහැ. ඔවුන් සිතන්නේ ඊළඟ වතාවේ මා තරග කරයි කියා හෝ එවැනි දෙයක්. අප දේශපාලනයේ නිරත වන්නේ නවසිය 30 දශකයේ පටන්. අප පරාජය දැක තිබෙනවා. එහෙත් මෙවැනි තත්ත්වයක් කිසිදිනක අත්වි`ද නැහැ.
අල් ජසීරා: රජය ප‍්‍රකාශ කරන්නේ ඔවුන් නීතිය කි‍්‍රයා කරන්නේ සාක්ෂි මත පදනම්ව විනා කිසි දිනෙක කැන්ගරු උසාවිවලින් (අයුක්තිය රජයන උසාවි) නොවන බවයි.
මහින්ද රාජපක්ෂ මහතා: එසේනම් අත්අඩංගුවට ගැනීමේ තීරණ ගන්නේ කවුද? ඒ ස`දහා අණ දෙන්නේ කවුද?
අල් ජසීරා: ඔබට ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිවරයා විය හැකියැයි සිතන්නේ ද?
මහින්ද රාජපක්ෂ මහතා: මා එසේ කියන්නේ නැහැ. එහෙත් මා තරග කළොත් ජයග‍්‍රහණය කරන බව මා දන්නවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයින් සිටිම කපටින්ට ජීවනෝපායකි. (නි)
බලකාමයෙන් මත් වී අතන මෙතන විවිධ කතා කිය කියා සිටිම මඟින් ඔබ තව තවත් ජනතා අප්‍රසාදයට පත්වේවි. කෙදිනක හෝ ඔබ කළ හොඳ ඔබට සළකනු අැත (නි)
මහින්ද මහත්තයට ඡන්දය නුදුන් එව්වන්ගේ ඡන්දය එතුමාට නොලැබේවි. නමුත් මතක තියාගන්න එකම මතයක ඉන්න නොබෙදුණු ලක්ෂ පනස් අටක තනි බලයක් එතුමා සතුයි කියලා. රශිද්ගේ ඡන්දෙ ඔයා තියා ගන්න. අපි එතුමා ගැන බල ගන්නම්. පැරදිලා ගිය එතුමා ගැන හිතල කලිසම් තෙමාගන්නේ නැතුව කට්ටිය යහපාලන හීන දැක දැක සතුටින් බුදිය ගන්න. අපි ඔයාලව වෙලාවට ඇහැරවන්නම්. (නදී)
තරග කරලා වැඩක් නෑ.ජයග්‍රහණය කරන්න බෑ.(හේ)
සුමන මානන්දුව, අපේ ඡන්ද බාල්දු කරපු පික්පොකට්කාරයන්ට කිව යුතු වගපල මෙතුමාට කියන්න එපා. (නදී)
කිරි ගමරාල සහ නලින්, මහින්ද පාලන යුගය ගැන මිස ඉන් ඔබ්බෙහි වූ අඳුරු යුග ගැන කිසිත් නොදත් අත්දැකීම් විරහිත ෆේස් බුක් බේබිලා බව පෙනී යයි. පසුගිය ජනපතිවරණයේදී අන්තර්ජාලය ඔස්සේ රටට සතුරු බලවේග විසින් බෙදා හැරුණු ලණු මිතුරන් සමග බෙදා හදා ගෙන අනුභව කළත් ඔවුන් එකී අනුවණකම ඉදිරියටත් කරාවියැයි සිතීම ඔවුන්ට කරන නින්දාවක් බව ඔබට සිතෙන්නේ නැද්ද? (නදී)
ජයතු, ඩිලාන්, සහ ශෂීට නොතේරුනාට නායකත්ව හැකියාව කියන්නේ ජාතික මට්ටමේදී විතරක් නොවෙයි ගම් මට්ටමේදී ආයතන මට්ටමේදී පවා දුර්ලභ සම්පතක්. දේශපාලනයෙන් ඉවත් වෙන්න සිතා පක්ෂ නායකත්වය පවා දන් දුන් එතුමන් වටා ගම් දනව්වලින් පැමිනෙන මහජනතාව නිතිපතා රොද බඳින්නේ ඒ බව වටහා ගත් නිසයි. (අ)
ශෂී, ඩිලාන් සහ ජයතු, අනිත් අයට අවස්ථාව දෙන්න ඕනේ නිසා මහින්ද මහත්තයට දේශපාලනයෙන් ඉවත් වෙන්න කියන්නේ රටක් පාලනය කිරීමත් බයිසිකල් රේස් එකක් වගෙයි කියලා හිතාගෙනද? එතුමන්ට බල තණ්හාව යයි චෝදනා කරන ඕගොල්ලෝ එතුමන් නැවත දේශපාලනයට එනවා දකින්න පෙරුම් පුරාගෙන බලා ඉන්න ජනතාව ගැන මොනවද කියන්නේ? (අ)
රට සතුරාට යවලා නවගුණ වැල ගනින නායකයෙක් අපිට ඕනේ නැහැ හේමන්ත. අපිට මහින්ද මහත්තය ඕනේ රට රැක ගන්නයි. (අ)
අපේ ධර්ම දිවිපයට ඕනැ බුදුදහමට ගරු කරන ප්‍රසන්න පෙනුමක් අැති සුරාවෙන් තොර ගුණගරුක නායකයෙක්.(හේ)
අයේනම් ජය ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.(හේ)
මාලක , සමහරු නමට ශ්‍රී ලාංකිකයෝ වුණාට දැන හෝ නොදැන හෝ පසුගිය ජනපතිවරණයේදී සේවය කළේ රටට සතුරු විදේශ බලවේග වලටයි. ඒ නිසා මහානාම මහතාගේ කතාව ඔබේ තර්කයෙන් අවලංගු නොවෙයි. (නි)
ඔබතුමාට ජය ශ්‍රී!(හේ)
සුමන මාන්නදුව, ඔබ හරියටම හරි. (නි)
සුමන මානන්දුව, ඔබට හොඳට ඇහුනද? හිටියේ මේසයේ යටද? අපේ රටේ වැඩි හරියක් ඉන්නේ මෙන්න මේ වගේ මිනිස්සු. අනුන්ගේ ඇස් කන් වලින් කතා කරන්න එපා. (නි)
අනේ මහින්ද මහත්තයෝ, මොකක්ද මේ කළ අපරාධය? ඇස් කන් පියාගෙන හිටියා නම් අපිට තව බෝම්බ පාරවල් කකා සැපට සැපේ ඉන්න තිබුනා. (නි)
පුබුදුට වැරදිලා.පිවිතුරු යහපාල ඒකයි මේ රටේ ඉන්නේ.එයා පෙනීසිටින්නේ මේ රටේ මිනිසුන්ගේ මරබිය නැති කරලා හෙටක් ගැන නොහිතපු හෙටක් ගැන හිතන්න වරම් නොලැබුණු මේ රටේ මිනිසුන්ට හෙටක් ඉතුරු කරලා දීපු නායකයා වෙනුවෙන්.දවසකට මිනි සියගණන් ගොඩ ගස්සවපු ශරීර කොට සියගාණක් බිහිකරවපු රාජ්‍ය පුද්ගලික දේපල මිලියන බිලියන ගණන් වලින් රට අහිමි කරවපු ඒ කාලකන්නි යුගය නිමාකළ උත්තම නායකයා වෙනුවෙන්. (නි)
ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවත් ඔබතුමා දැනගෙන හිටියනේ ... (නි)
මහින්දගේ ප්‍රතිරූපයට හුඟක් දේශපාලකයෝ බයයි. එළව එළවා පහර දෙන්නේ ඒකයි. (නි)
සුමන මාන්දුව මහත්තයෝ, ඔයාගේ මොළේට තේරෙන හැටි ඒ.මහින්ද මහත්තයාට අගමැතිකම් ඉල්ලාගෙන කාගේවත් දෙපා ළඟට යන්න ඕනෑ නැහැ.එතුමාට ඡන්දය දුන් ලක්ෂ 58 අදටත් එතුමා ළඟ ඉන්නවා. එතුමා මැතිවරණ සටන භාරගත්තොත් නැවතත් සන්ධාන රජයක් බිහිවේවි.ශ්‍රී ලංකා එක ගොඩ ඒවි. (නි)
රටට හෙන ගැහුවත් කමක් නැති තමන්ගෙ මඩිය තරකරගන්න අයට රනිල්ව දිනවන්න උවමනා වුනාට යුද්ධය නැති කරල සාමය ලබාදුන් මහින්ද මහතාට අපි තවමත් සලකනවා (බ)
අනේ හිටපු ජනපතිතුමනි, ඔබට ලැජ්ජාව කියලා එකක් ගෑවිලාවත් නැද්ද? ඔබ ඇත්තටම රටේ මිනිසුන්ට ආදරේද? නැත්තම් ඔබේ පවුලේ අයටද ආදරේ? ඔබතුමාගේ නාස්තිකාර වැඩ නිසා රටේ මිනිසුන්ට එපාවුණා. රටේ නීතිය හැමෝටම එකක් වෙන්න ඕනෑ. අපේ පුංචි රට අපි රැකගන්න ඕනෑ. දුප්පත් මිනිස්සු රැකගන්න ඕනෑ (නි)
අපේ අයට අතට දුන් දේ කටට දාගන්න පින නැත. (නි)
ඔබතුමා දිනනවා ස්ථිරයි (නි)
අනේ ජයතු, විදෙස් සතුරු බලවේග හමුවේ නොනැමෙන ශක්තිමත් කශේරුකාවක්ද ඔවුන් හමුවේ මැන්ඩලින් නොගසන ශක්තිමත් දෙකකුල්ද සහිත, එමෙන්ම මව්බිමට ආදරය කරන, ජනතාවගේ දුකේදී උණුවන හදක් ඇති ඔවුන්ට රැකවරණයක් විය හැකි පියෙක් බඳු නායකයෙක් ඇති රට වාසනාවන්ත රටක් බව මගේ වැටහීමයි. (නි)
මහානාම - මම දන්නා විදිහට නම් චන්දෙ දුන්නේ 'ශ්‍රී ලාංකිකයෝ' විතරයි (බ)
ඔව් ඔව් (නදී)
දැන්වත් ඔය කතා නවත්වන්න මහත්තයෝ (නි)
එහෙනම් ජනාධිපතිවරණයේ පැරදුනේ ඇයි. බල ලෝභී බව එ්කෙන් පේනවා. (බ)
තරඟ කළොත් දිනයි බොහෝ විට නමුත් කළ මෝඩකම් ආයෙ කරන්න එපා (ම)
අපේ ඡන්දය දුන්නොත් නේ , මෙයාට කවුද ඡන්දේ දෙන්නේ (බ)
සුගත් මහතාණනි , ඔබතුමා ඡන්ද ප්‍රතිපල හරියට බලන්න මහින්ද මහතාට වඩා මෛත්‍රී මහතා ගත් ඡන්ද ප්‍රමාණය කීයද එවා කොහෙන් ද ලැබුනේ නැ කියා . (බ)
රජිඩ් මහතාණෙනි , ඔබතුමා වගේ අය නම් දෙන එකක් නැ , නමුත් රටෙ ආදරේ ඇති , දිනාගත් සාමය ට ලැදි සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් යන උදවිය ඕනෙතරම් ඉන්නවා තාම මේ රටේ . මොකද මේ හැමෝම අඩු වැඩියෙන් යුද්දේ නිසා පීඩා විඳපු උදවිය , විශේෂයෙන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව් හා මායිම් ගම්මාන වල දන්නවා වෙනස කොහොමද කියලා අද මේ නායකයින් අණට කිකරු වෙලා නිහඬ ව හිටියට (බ)
මහින්ද මහත්තයෝ ඔබතුමා දැන් විශ්‍රාම ගන්න. රට පාලනය කරන්න. තවත් අය ඉන්නවා. එයාලට අවස්ථාවක් දෙන්න. (බ)
බල තණ්හාව තවම තිබෙනවා (නි)
දිනන්න පුලුවන් කියලා සුමනදාසගෙන් සාත්තරයක් ඇහුවොත් නරකද?(ම)
සිංහල බෞද්ධ ඡන්ද පදනම වලංගු වුණේ 2010 දී. තරුණ ඡන්දදායකයින් වෙනස් පදනමක ඉඳලයි ඡන්දය ප්‍රකාශ කරන්නේ. ඒ පදනම වටහා ගන්න අවශ්‍ය දැනුම සහ බුද්ධිය ඔබතුමාගේ දරුවන්ට නැතිකොට වයස හැත්තෑවක් වෙන ඔබ තුමා කොහොම වටහගන්නද? (අ)
තරඟ කරලා බලමු ලොක්කෝ. ඔහෙට ඡන්දෙ දෙන අය මේ රටේ දැන් නැහැ. අවුරුදු 70 වෙලත් තාමත් තණ්හාව සහ බලයට කෑදර කම ඉවරවෙලා නැහැ වගේ. (බ)
අද මෙම දේශපාලුවන්ට බනින්නට මෙන්ම නඩු දමන්නටද රටක් ඉතුරු කළ අභිත නායකයා ඔබතුමයි.. එදා ඔබට විරුද්දව ඡන්දය දෑමු මින්සුන් අද සදාකල්හිම හඩාවැලපේ.. නමුත් ඔබතුමා ජනාධිපති මහින්ද ට වඩා යමක් අද ඉගෙන ඈත.. ඔබ මොනයම් පක්ශයකින් මහ ඡන්දයට ඉදිරිපත් වන්නේද යන්න අද ජනතාවට වැදගත් නැත.. මක්නිසද යත් ඔබ ඔබගේ ජයග්‍රහණය කුමන පක්ෂයකින් ඉදිරිපත් වුවත් අද නියතයකි.. චිරන් ජයතු මහින්ද... ඔබට තෙරුවන් සරණයි...(බ)
ඔබ වටේ ඉන්න අය පන්නලා එන්න එවිට ඔබට ජය ගත හැකිය.(හේ)
ඔව්, මහින්දගේ ප්‍රතිරූපයට හුගක් දේශපාලකයෝ බයයි. එළව එළවා පහර දෙන්නේ ඒකයි. (නදී)
ඔබ දිනනවා. එ්කේ ආයේ දෙකක් නෑ. ඔබට සියලු දෙවි පිහිට ලැබේවා (නදී)
කිරිගමරාළ විතරයි ප්‍රශ්නය හරියට දැකල තියෙන්නේ. සුළු ජාතික ඡන්ද වැඩිපුර මෛත්‍රීට ලැබුනට සිංහල ඡන්ද සම සමව දෙදෙනාටම ලැබුන. ඒ කියන්නේ සිංහල ජනතාවගෙන් (විශේෂයෙන් තරුණ) බාගයකටම පැවති පාලනය එපා වෙලා තිබුනේ.(බ)
කරුණාකාර තේරුම්ගන්න ඔබේ වැරදි හා වැරදුණුතැන්. අපි දන්නවා ඔබේ හොඳ අදහස්. ඒවා වැඩිදියුණු කරගන්න. ඔබේ අසල්වැසියන් සමග නොපැමිණෙන්න.මගේ රට සංවර්ධනය කරන්න. ඔබ දන්නවා එය කළ යුතු අයුරු. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා චිරං ජයතු මහින්ද (බ)
හීනෙන්ද දන්නේ නෑ.(හේ)
අනේ හිටපු ජනාදිපති තුමනි "ඔබට ලැජ්ජාව කියලා දෙයක් නැද්ද "පළමු වරට ජනාධිපති කෙනෙක් පැරදුනේ ඔබයි. තමන්ගේ නම්බුව තියාගෙන ගෙදරට වෙලා ඉන්න ලජ්ජා නැතුව මෛත්‍රීපාල ජනාධිපති තුමා ළගට ගිහින් අගමැතිකම ඉල්ලුවේ ඇඳුමක් ඇදගෙනද ? (බ)
හරි තරඟ කරලා දිනලා පෙන්නන්නකෝ.(හේ)
දැන් පිනක් දහමක් කරගෙන හිටියොත් නේද හොඳ?(හේ)
ඔබ පමණයි දන්නේ.(හේ)