IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


තුරඟ තරග පිටිය ඉදිරිපිටින් ගිය අබිරහස් යතුරු පැදිය?

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලද කොළඹ තුරග තරග පිටියේ දෙමහල් පේ‍්‍රක්ෂකාගාරය විවෘත කරනු ලැබුවේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ හා ආරක්ෂක ලේකම් හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් අතිනි. ඒ පසුගිය 20 වැනිදා සවස් වරුවේය. තිස් වසරක් පුරා රට වෙලාගෙන සිටි කොටි ත‍්‍රස්තවාදය මේ රටින් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට ලොකු මෙහෙවරක් කළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විශේෂ අමුත්තන් මේ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වන නිසා තුරග තරග පිටිය පිහිටි රීඞ් මාවත කල් ඇතිවම කිසිම වාහනයකට ඇතුළු වීමට නොහැකි වන ලෙස දැඩි ආරක්ෂක ජාලයක් කි‍්‍රයාත්මක කර තිබිණි. අධිආරක්ෂක කලාපයක් බවට පත් කර තිබූ මෙම ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබුණේ පොලිස් හා හමුදා භට කණ්ඩායම් යොදවමිනි. පොලිසියේ හා හමුදාවේ ලොකු ලොක්කෝ කිහිප දෙනෙක් ආරක්ෂාව බාරව කටයුතු කරනු ලැබීය. අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ ආරක්ෂක ලේකම්වරයා එහි එක් වේදිකාවක අසුන්ගෙන සිටි අතර එම වේදිකාවට මුහුණලා පාරෙන් එහා පැත්තේ තවත් වේදිකාවත් ඉදි කර තිබිණි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අදහසක් අනුව තුරඟ තරග පිටිය අවට ප‍්‍රදේශය නවීකරණය කිරීම ආරම්භ කරනු ලැබුවේ මීට වසර 2කට පමණ පෙරය. ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හය වැනි ඉංජිනේරු රෙජිමේන්තුවේ හමුදා භටයන් ඇතුළු තවත් රෙජිමේන්තු කිහිපයක ද භට කණ්ඩායම්වල ද සහය ඇතිව ගරා වැටෙමින් තිබූ තුරඟ තරග පිටිය ප‍්‍රතිසංස්කරණය කර අලංකාර කිරීම ආරම්භ කෙරිණි. යතුරුපැදිය ආරක්ෂක ලේකම් හා අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් අසුන්ගෙන සිටි වේදිකාව අසළින් වැටී ඇති රීඞ් මාවත ඔස්සේ විදුලි වේගයෙන් පලා යද්දී ආරක්ෂක අංශ නිලධාරීන් ඒ යතුරුපැදිය ගැන තමන් අත තිබූ වෝකි ටෝකි යන්ත‍්‍ර මගින් ඒ ප‍්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි අනෙක් නිලධාරීන්ට ක්ෂණිකව දැනුම් දෙනු ලැබුවේ එය අල්ලා ගැනීමට නියෝග කරමිනි. එහෙත් කිසිවකුටවත් ඒ අභිරහස් යතුරුපැදිකරු ගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. මේ උත්සවය වෙනුවෙන් යොදවා තිබූ ආරක්ෂාවේ හිදැසක් තිබූ බව පවසා සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් එවැනි දුර්වලතාවක් ඇති වූයේ කුමක් නිසා ද යන්න ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වාගෙන යන බව ද කීය. පාරෙන් එහා පැත්තට වන්නට ඉදි කර තිබූ වේදිකාව වෙන් කර තිබුණේ නැටුම් සංදර්ශන ඉදිරිපත් කරන ශිල්පීන් වෙනුවෙනි. වාහනවලට ඇතුළු වීමට නොහැකි වන ලෙස මාර්ග වසා පොලිසිය හා හමුදාව යොදවා දැඩි ආරක්ෂක විධි විධාන යොදවා තිබිය දී විවෘත කිරීමේ උත්සවයට සහභාගිවී සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හා ආරක්ෂක ලේකම්වරයා අසුන්ගෙන සිටි වේදිකාව ඉදිරිපිටින් යතුරුපැදියක් කිසියම් පුද්ගලයකු විසින් පදවාගෙන ගොස් ඇත්තේ විදුලි වේගයෙනි. විදුලි වේගයෙන් මෙම යතුරුපැදිය ප‍්‍රභූන් දෙදෙනා අසුන්ගෙන සිටි වේදිකාව ඉදිරිපිටින් ධාවනය කරගෙන යාමත් සමගම ආරක්ෂාව බාරව සිටි ආරක්ෂක අංශවල ලොකු ලොක්කෝ මහත් සේ කලබලයට පත් වූහ. මෙය සුළුවෙන් තැකිය හැකි කරුණක් නොවන අතරම විදුලි වේගයෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා මෙය සෙල්ලමට කළ වැඩක් විය නොහැකි බව එහි සිටි වැඩි දෙනකුගේ කතාබහට ලක්විය. ප‍්‍රභූවරුන් දෙදෙනා අසුන්ගෙන සිටි වේදිකාව අසළින්ම විදුලි වේගයෙන් යතුරුපැදියක් ධාවනය කරගෙන ගිය පුද්ගලයා අල්ලා ගැනීමට පොලිසියට හෝ හමුදාවට නොහැකි විය. ඇසිපිය ගහන සැනින් යතුරුපැදිය වේදිකාව ඉදිරියෙන් ධාවනය කර ගෙන යාමට එය පැදවූ තැනැත්තා සමත්වී තිබිණි. මේ වන තෙක් මේ අභිරහස් මෝටර් රථ ධාවන ශූරයා කවුදැයි කියා හඳුනා ගැනීමට නොහැකිවී තිබේ. රීඞ් මාවත වසා තිබිය දී ඒ මාවත ඔස්සේ යතුරුපැදියක් විදුලි වේගයෙන් ධාවනය කරගෙන ගිය පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය, යුද හමුදාව හා බුද්ධි අංශ නිලධාරීන් නොගන්නා වෙහෙසක් නොමැත. ඔහු එසේ කළේ කුමන අරමුණක් ඇතිව ද යන්න හෙළි කරගැනීම අත්‍යවශ්‍ය කරුණක්වී ඇති බවත් එය දැන ගත හැක්කේ ඔහු අල්ලා ගතහොත් පමණක් බවත් පවසා සිටියේ මේ සම්බන්ධව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි. යතුරුපැදිය විදුලි වේගයෙන් පලා ගොස් සුළු මොහොතකට පසු තුන්මුල්ල හන්දියේ දී යතුරුපැදිකරුවෙක් කුරුඳුවත්ත පොලිසිය බාරයට ගෙන පරීක්ෂණ පවත්වා ඇත. රීඞ් මාවතේ යොදා තිබූ ආරක්ෂක ජාලය මැදින් විදුලි වේගයෙන් ඇසිපිය ගහන සැනින් යතුරුපැදියක් පදවාගෙන ගියේ තුන්මුල්ල හංදියේ දී අල්ලාගත් යතුරුපැදිකරු නොවන බව තහවුරු කරගත් පසු ඒ මොහොතේම ඔහු නිදහස් කර යැවීමට පොලිසිය පියවර ගෙන ඇත. සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ මේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට උසස් පොලිස් බලධාරීන් පියවර ගෙන ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රධාන මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
නවීකරණය කළ පේ‍්‍රක්ෂකාගාරය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇමැති  බැසිල් රාජපක්‍ෂ



අදහස් (0)

තුරඟ තරග පිටිය ඉදිරිපිටින් ගිය අබිරහස් යතුරු පැදිය?

උපුල් Friday, 02 November 2012 10:34 AM

විහිලු නෙමෙයි , කොටියෙකුගේ පෙරහුරුවක් වෙන්න පුළුවන් , ප්‍රෙව්සමෙන් (ස)

:       0       0

එරංග Monday, 05 November 2012 12:07 PM

ආහ්! මට අමතක වුණානේ ඔක්කොම. (නි)

:       0       0

සෑම් Monday, 29 October 2012 12:53 AM

ඇයි මෝටර් සයිකල්? ඒවා හොද වැඩියි. තිරික්කලයක් ගත්තා නම් තමයි හොද. (නි)

:       0       0

හේරත් Thursday, 01 November 2012 04:12 PM

අවසානයට අහිංසක පොඩි මනුස්සයාගෙ කරපිටින් තමයි ඔක්කොම පලදෙන්නේ. (නි)

:       0       0

සනුෂ්ක Thursday, 01 November 2012 04:26 PM

අයියෝ සල්ලි

:       0       0

ස්වර්ණ Monday, 29 October 2012 06:03 PM

රටක ආරක්ෂක තත්වය ගැන කිනම් ප්‍රශ්නයකදී උනත් සුළුවෙන් නොතැකිය යුතු බව තේරුම් ගැනීම ඉතාම වැදගත් (ස)

:       0       0

වජිර Monday, 05 November 2012 12:54 PM

මෙයාලට ගිය රට (ස)

:       0       0

දුමින්ද Sunday, 28 October 2012 01:53 PM

තමන්ගේ රාජකාරිය පැහැර හරින්නන් ගැන ඉතා කණගාටුයි. (නි)

:       0       0

දේවින්දි Saturday, 03 November 2012 05:26 PM

ඇත්ත

:       0       0

දුමින්ද Sunday, 28 October 2012 01:53 PM

තමන්ගේ රාජකාරිය පැහැර හරින්නන් ගැන ඉතා කණගාටුයි. (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 30 October 2012 03:11 PM

බියටපත් සැමට ශාන්තිකර්මයක් කරමු (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 02 November 2012 01:45 AM

හොලමනක්ද? (නි)

:       0       0

සෙනරත් Sunday, 28 October 2012 03:16 PM

මේක කලින් දුන් දැනුම්දීමක් වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

කපිල Monday, 29 October 2012 10:28 PM

අන්තිම පහත් තැනින් යයි ගලා ජලේ.... (නි)

:       0       0

චමින්ද සේනක Saturday, 03 November 2012 07:02 AM

දෙපාරක් හිතන්න ඕන දෙයක්..!(නු)

:       0       0

ලලිත් - කටාර් Monday, 29 October 2012 01:13 PM

අනේ පවු කොස්තාපල්වරු දෙන්නා. විදුලි වේගයෙන් යන යතුරු පැදියක් නැවැත්වීමට මේ දෙදෙනාට කුමක් කළ හැකිද? (නි)

:       0       0

සුගත් Sunday, 28 October 2012 05:58 PM

තහවුරු කරගන්නකල් කොච්චර ගුටිකන්න වුණාද දන්නෙ නැහැ ‍නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

තිලක් Saturday, 03 November 2012 09:53 AM

මේක ලොක්කෙක්ගේ වැඩක් (ස)

:       0       0

නාලක Monday, 12 November 2012 07:50 AM

හොදයි. (නි)

:       0       0

වෙනුර Tuesday, 30 October 2012 07:16 AM

මේක මේ අයගෙම වැඩක් වෙන්නත් පුලුවන් නේද? (නි)

:       0       0

කුමාර Monday, 29 October 2012 02:44 PM

බයවෙන්න දෙයක් නැහැනේ. යුද්ධය ඉවරයිනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 165 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 580 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 158 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 148 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 344 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 663 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site