කුඩාකාලයේ පටන් ඇයගේ සෙල්ලම් භාණ්ඩ වූයේ යකඩ ගොඩවල් සමූහයකි. තාත්තාගේ ගරාජයට එන රථ වාහන වල නැග සිය පියා රිය පදවන ආකාරය අනුගමනය කරමින් නිසොල්මන් සිතින් රථ මවාගත් මං මාවත් ඔස්සේ රැුගෙන ගිය පුංචි දැරිය දැන් යුවතියක වී දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගීන් රැුසක් පටවාගත් මහ බස් රථයක් ධාවනය කරන්නීය.
ඒ මෙරට අධිවේගී මාර්ග ඉතිහාසයේ ප‍්‍රථම රියදුරුවරියයි.
මාතර දෙවුන්දර කපුගම පදිංචි හේවා හල්පගේ ලක්ෂි සජින්තා මේ යුවතියයි. ඇය දෙදරු මවකි. කුඩා කළ පටන් සිය පියාගේ ගරාජයට වී වාහන අතපත ගාමින් ඒවායේ නැග සෙල්ලමට ධාවනය කළ සජින්තා පසුව පියාගේ වාහනවලින් ම රිය පැදවීමට උගත්තාය. දැන් ඇය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ මගී ප‍්‍රවාහන බලපත‍්‍රයක් ලැබූ රියදුරුවරියකි.
දෙවුන්දර සිටි හේවා හල්පගේ කරුණාසේන මහතාට දාව අනුරාධපුරයේ නොච්චියාගම පේමදාසගේ දයාවතී මහත්මියගේ කුසින් 1979 නොවැම්බර් මස 07 දා අනුරාධපුරයේ දී උපත ලැබූ ලක්ෂි සජින්තා පවුලේ දෙවැනි දරුවාය.
ඇයට වැඩිමහල් සහෝදරයකු වූ අරුණ කි‍්‍රෂාන්ත, බාල සොහොයුරන් වූ ලහිරු නිශාන්ත හා සචින්ත දිල්හාරත් බාල සොහොයුරියක් වූ ලක්මි මෂානි ත් සිටිති.
‘‘මගේ තාත්තට ගැරෙජ් දෙකක් තිබුණා. එකක් මාතර නිලානි මෝටර්ස් කියලා ගරාජයක්. අනිත් ගරාජය තිබුණේ අනුරාධපුරයේ ඒක ලක්ෂ්මි මෝටර්ස්. තාත්තා අශෝක් ලේලන්ඞ් සේවා සැපයුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියා. ඒ නිසා ගෙදර හැමදාම වාහන වලින් පිරිලා. අපි පොඩි කාලේ හිටියේ අම්මාගේ ගමේ නොච්චියාගම. එහේ පාසලකට තමයි මම මුලින්ම ගියේ.’’
ලක්ෂි තමන්ගේ කුඩා කාලය එලෙස සිහිපත් කළාය.
අනුරාධපුරයේ නොච්චියාගම විද්‍යාදර්ශ මහා විද්‍යාලයට පාසල් අධ්‍යාපනය සදහා ඇතුළු වූවාය. පාසලේ දී දැල් පන්දු, අත් පන්දු, එල්ලේ වැනි ක‍්‍රීඩා වලට සමත් කම් දැක්වූ ලක්ෂි නිවාසාන්තර කී‍්‍රඩා උත්සවවල දී කැපී පෙනෙන චරිතයක් වූවාය. අපොස සාමාන්‍ය පෙළ දක්වා හො`දින් ඉගෙනුම ලැබූ ඇය උසස් පෙළ හදාරන්නට අනුරාධපුරයේ සිට මාතර සුජාතා බාළිකා විද්‍යාලයට පැමිණියාය.
‘‘ මේ කාලේ ගෙදර තිබුණා ජීප් එකක්. තාත්තා මේක එළවනවා. අයියයි මමයි ටික ටික ජීප් එක එළවන්න පුරුදු වුණා. අම්මගෙනුයි තාත්තගෙනුයි කිසිම විරෝධයක් තිබුණේ නැහැ. තාත්තා හයිඒස් වෑන් එකක් ගත්තා. මේ වෑන් එක එළවන්නත් මට හැකියාව තිබුණා. ඉතින් පාසල් යන කාලේ මේ විදියට රියදුරු බලපත‍්‍රයක් නැතිව වාහනය පැදෙව්වත් මම උසස් පෙළ විභාගයට මුහුණදුන් ගමන් ම සැහැල්ලූ වාහන බලපත‍්‍රය ලබා ගත්තා. ඒ 1998 දී. ’’
පාසලේ අධ්‍යාපන කටයුතු අවසන්කර නිවසට වී සිටින ඇය සෑම දිනකම සිය මල්ලිලා දෙන්නා වෑන් රථයේ නංවාගෙන ඔවුන් පාසල අසලට ඇරලවීමට ගියාය. ගමේ සිට මාතර නගරයට යන මේ වෑන් රථයට ගමේ අසල්වැසි දරුවන් කිහිප දෙනකු ද එකතු වූයේ නිරායාසයෙනි. ටික දිනකින් මෙය පාසල් ප‍්‍රවාහන සේවයක් බවට පත්විය. ලක්ෂි සජින්තා ස්වයං රැුකියාවක් ලෙස පාසල් දරුවන් ප‍්‍රවාහනය කිරීමේ කාර්යය ආරම්භ කළේ ඒ ආකාරයෙනි.
‘‘ මම ඒ දවව්වල මල්ලිලා දෙන්නයි නංගිවයි දාගෙන පාසලට යනවා. ගෙවල් කිට්ටුව පොඩි ළමයි මගේ වෑන් එකට ආවා. මම යන්නේ මාතර මහානාම පාලමෙන් දෙවුන්දර පැත්තට තිබෙන පාසල්වලට විතරයි. ඒත් ගොඩක් ළමයි වෑන් එකට එකතු වුණා. පොඩි ළමයි 25 ක් 30 ක් විතර හිටියා. පස්සේ මම තීරණය කළා මේ වැඬේ ටිකක් පුළුල් කරන්න ඕන කියලා ඒ නිසා බර වාහන බලපත‍්‍ර අරගෙන 2007 දී ජර්නි බස් එකක් ගත්තා. තවත් ළමයි වැඩි වුණා. ’’
තාත්තාගේ වෑන් රථයෙන් ළමුන් ප‍්‍රවාහනය කරමින් උපයාගත් රුපියල් ලක්ෂ පහක මුදලක් වැයකැර ඇය 30 ශී‍්‍ර බසය මිලදී ගත් බව පවසයි.
කාන්තාවක් පවත්වාගෙන යන පාසල් ළමුන් ප‍්‍රවාහන සේවයට තමන්ගේ දරුවන් ද එක් කිරීමට දෙමාපියන් පොර කෑහ. මවක් මෙන් දරුවන් ආරක්ෂා කරමින් සුරක්ෂිතව පාසලට ගෙන ගොස් යළි නිවෙසටම ඇරලවන ලක්ෂි සජින්තාගේ බස් රථය ද ළමයින්ගෙන් පිරී ගියේ නිරායාසයෙනි.
ලක්ෂිගේ විවාහය සිදුවන්නේ ඇය පාසල් ප‍්‍රවාහන සේවයේ යෙදීසිටින කාලයේ දී ය. ඥතිවරයකු විසින් හදුන්වාදුන් තරුණයෙක් ඇගේ සිත් ගත්තාය. අකුරැුස්සේ දෑරංගල පදිංචි ඞී.එච්. තිස්ස කුමාර රුහුණ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා සිටි අයෙකි. 2004 වර්ෂයේ දී ඇය ඔහු හා විවාහ වූවාය. මේ යුවලට රිද්මා සමාධි නම් දියණියක් ද තරි`දු ප‍්‍රවීන් නම් පුතකු ද සිටිති. 2007 දී හා 2009 දී දරුවන් ලැබීමට ගැබිනියක සිටිය දී ද තම වගකීම නිසි පරිදි ඉටු කළ බව ඇය සිහිපත් කරයි.
‘‘පාසල් ළමුන් ප‍්‍රවාහනය කරනවා කියන්නේ ලොකු වගකීමක්. මම ඒ දේ හො`දින් කළා. දරුවන් ලැබෙන්න සිටියදී පවා මම ඒ වැඬේ නතර කළේ නැහැ. දරුවන් ලැබෙන්න දින ළං වෙද්දී මල්ලිලාට හරි වෙනත් වගකීම ගන්න පුළුවන් රියදුරෙකුට ඒ කාර්යය භාර දුන්නා. ඒ නිසා ගැටලූවක් වුණේ නැහැ. මාස තුනකින් විතර මම නැවත ගියා. ඒත් දරුවන් ලොකු වුණාම මට තේරුණා ඒ අයගේ වැඩ මගේ මේ ප‍්‍රවාහන සේවාව නිසා ටික ටික අතපසු වෙනවා කියා. මට කිසිම දවසක නිවාඩුවක් ගන්න හැකියාවක් තිබුණේ නැහැ. දරුවන් අසනීප වුණත් වෙන කෙනෙක් ගාව දාලා තමයි යන්න වෙන්නේ. ඒ නිසා 2012 දී මම පාසල් ප‍්‍රවාහන කටයුතු නවතා දැම්මා. ඒක නතර කළේ තාවකාලිකව. ’’
ලක්ෂි සජින්තාගේ තාත්තා බස් රථ හිමියෙකි. මාතර තංගල්ල බසයක හිමිකරුවකු වූ තාත්තාගේ අඩිපාරේ ගිය අයියා මාතර හා කොළඹ අතර ධාවනය වන බසයක හිමිකරුවකු මෙන් ම මාතර පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ද වූයේය.
බර වාහන පැදවීමේ බලපත‍්‍රයක් සහිත ලක්ෂි සජින්තාට මේ බස් දෙකම පදවා පුරුද්දක් තිබිණි. ඒ මගී ප‍්‍රවාහන කටයතු ස`දහා නොව පවුලේ කිහිප දෙනකු සමග යන විනෝද ගමන් සදහා පමණි.
දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමග ගාල්ල සිට මහරගම දක්වා බසයක් ධාවනය කිරීමට මාර්ග බලපත‍්‍රයක් ඉල්ලා ලක්ෂි සජින්තා අයදුම් කළ ද ඒ ස`දහා මෙතෙක් අවස්ථාවක් ලැබී නැත. එහෙත් පසුගිය දා මාර්ගය මාතරට පුළුල් කිරීමෙන් පසු ඇගේ සොහොයුරාට මාතර සිට මහරගම දක්වා බසයක් ධාවනය කිරීමේ බලපත‍්‍රය ලැබිණි.
පසුගිය දා පුවත්පතක කාන්තා රියදුරන්ට මගී ප‍්‍රවාහන බලපත‍්‍රය ලබාදෙන බවට තිබූ දැන්වීමක් දැක ඇය එයට ඉල්ලූම් කළාය. ඇගේ අපේක්ෂිත අරමුණ ඉටුවිය. මගී ප‍්‍රවාහන රියදුරකු ලෙස ජාතික ගමනා ගමන ප‍්‍රවාහන කොමිෂන් සභාවෙන් ලබාදෙන බලපත‍්‍රයකට ඇය හිමිකම් කීවාය.
‘‘මේ බලපත‍්‍රය ලැබිලා තවම සතියයි. දැන් මම අයියාගේ බස් එක මාතර සිට මහරගම දක්වා අරගෙන යනවා. මේක සාමාන්‍ය පාරේ යනවාට වඩා පහසු කාර්යයක්. ආසන 50 ක බසයක් තමයි මම ධාවනය කරන්නේ. මාතර සිට මහරගමට යන්න පැය එකහමාරක් විතර යනවා. ඇතැම් දවස් වලට උදේ හතරට වැඩ පටන් ගන්නවා. නමය විතර වෙන වෙලාවලූත් තියෙනවා. මම යන්නේ උදේ ටි‍්‍රප් එක විතරයි. කිසිම අමාරුවක් නැහැ. ලොකු ට‍්‍රැෆික් එකක් අහුවුණොත් පමණයි. පැය දෙකක් විතර ගතවෙන්නේ.’’
නිවෙසේ දී සවස් වරුවේ සිය සැමියාගේත් දරුවන් දෙදෙනාගේත් සියළු වැඩ සිදුකරන්නේ ඇය විසිනි. දරුවන්ගේ පාසල් වැඩ සියල්ල රාතී‍්‍ර කාලයේ දී අවසන් කරන ඇය අලූයම අවදි වී ආහාර පිසිනු ලබයි. ඒ ස`දහා සැමියාගේ ද සහය නොඅඩුව ලැබෙන බව ඇය පවසයි. අලූයම ඇය බසය ද රැගෙන මාතර නගරයට එන අතර දරුවන් පාසලට හා ළදරු පාසලට යැවීම සිදුකරන්නේ සැමියා විසිනි.
කාන්තාවක් අධිවේගී මාර්ගයේ බසයක් පැදවීම ශී‍්‍ර ලංකාවට නුහුරු නුපුරුදු දෙයකි. ඒ නිසා ඇගේ බසයට ගොඩවන බොහෝ දෙනා බසයෙන් බැස යන්නේ ඇයට ආශිර්වාද කරමිනි. බසයට නගින වැඩිහිටියන් තමන්ට ආශිර්වාද කරමින් සුබ පතන බව ඇය පවසයි.
ඇතැම් කාන්තාවෝ ඇය බසය ගෙන යන වේලාව සොයා ඒ බසයටම පැමිණීමට දැන් පුරුදුව සිටිති.
අධිවේගී මාර්ගයේ ධාවනය කරමින් සිටිය දී තමන්ට ඉදිරියෙන් යන වාහන දෙකකට ඉස්සර කිරීමට යාමේ දී වේග සීමාව පැයට කිලෝ මීටර 107ක් පමණ වූ බවත් අවසානයේ කොට්ටාව පිවිසුමේ දී රුපියල් 1000 ක දඩ කොලයක් ගෙවීමට සිදුවූ බවත් ඇය කියන්නීය.
‘‘ගැහැනියක වී ඉපදුනාම හු`ගක් අය හිතනවා අපිට බොහෝ දේවල් කරන්න බැහැ කියලා. ඇතැම් දේ පිරිමින්ට පමණක් සීමා කරගෙන ඉන්නවා. බස් රථ ධාවනයත් ඒ වගේ රියදුරා කියන වචනයම පිරිමි වචනයක් වෙලා. කාන්තාවකට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියා මමත් පෙන්වා දුන්නා. මම අනෙක් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා ගැහැනියක් කියා මුළු ගැන්වෙමින් නොසිට ඉදිරියට ජීවිතය ජයගන්න පුරුදු වෙන්න කියා.’’
ඇගේ අපේක්ෂාව වී ඇත්තේ ඉදිරියේ දී තමන්ගේ ම බස් රථයක් අධිවේගී මාර්ගයේ ධාවනය කිරීමයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලාන් , මගේ යෙහෙළියක් හිටියා පොල් ගස් නඟින. අපි පොඩි කාලේ පාසල් වත්තට දර කඩන්න ගියාම කුරුම්බත් කඩාගෙන කාලා තමයි ගෙදර එන්නේ. මුරකරු හොයන්නේ නැහැ. මොකද පොඩි ගැහැණු ළමයි ටිකක් නිසා (නි)
අනුරංග රාජපක්ෂ කියන මේ "ගැහැණු ගතිය" මොකක්ද කියලා මට නම් හිතාගන්න බැහැ. (නි)
අනුරංගගේ අදහසට මගේ බලවත් කණගාටුව.පිරිමින් පරදවා දියුණුවට ක්‍රියාකරන උදාර ගැහැණුන් මේ සමාජයේ සිටින බව ඔබ නොදන්නවා වියහැකියි (නි)
අනේ! අපේ පිරිමි අයට තියෙන රැකියා ටික ගන්න එපා (නි)
ගැහැණු පිරිමි බේදයක් නැහැ, කාටත් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. කොහොමත් දකුණේ අය අය හැමදෙයටම දක්ෂයි. ඔබගේ හැකියාව අගය කරනවා. ඔබට බුදු සරණයි! (නි)
දිරිය කතක්. ඔබ රටට ආදර්ශයක් වේවා! ඔබේ පැතුම් ඉටුවේවා! (නි)
ඔබ ගැන මට ආඩම්බරයි.ඔබට මම සුබ පතමි. (අ)
ඔබ ගැන මට ආඩම්බරයි.ඔබට මම සුබ පතමි. (අ)
කොහොමත් අපේ රටේ ගැහැණුන්ගෙන් කන්න බලාගෙන එන්න පිරිමි ටික ඕක බොහොම හොදයි කියලා කියාවි. අනුරංග කියනවා වගේ පුලුවන් නම් පොල් කඩලත් දෙන්න කියාවි. මමත් හිතන්නේ මේ ළමයාට මීට වැඩිය හොඳයි ගෙදරට වෙලා මහත්තයාට තමන්ගේ යුතුකම් කරගෙන හිටියා නම්. (නි)
සියලු සේසත උගස්කර මැද පෙරදිගට යනවාට වඩා ඔබ ශ්‍රේෂ්ඨයි. අනුරංග කියන දේ ගණන් ගන්න එපා. මේ දේ කළේ තමන්ගේ කෙනෙක් නම් ඒ පැත්තට කතා කරාවි. පොල් කඩන ගැහැණුත් ලංකාවේ ඉන්නවා. මත්පැන්බීගෙන බස් පදවන පිරිමින්ට වඩා මේ දිරිය ලඳ උතුම්. (නි)
මැලේසියාව මුස්ලිම් රටක්. ඒ රටේ බොහෝ බස්වල රියැදුරුත්, කොන්දොස්තරත් ගැහැණු අය. (අ)
ඔබට සුභ පැතුම්! (නි)
සුභ ගමන් ඔබට! (නි)
නුඹ අපේ රටට වාසනාවක්. අනුරංග මල්ලි සමහර පිරිමි දුර්වලයි ගෑනුන්ට වඩා. සිගරැට් එකක් නොබී අරක්කු ඩිංගක් නොබී අඩුම තරමෙ බුලත්විටක් හරි නොකා වාහනයක් එලවන්න බැරි රියදුරෝ කොච්චර ඉන්නවද අපේ රටේ. ඒ අතින් මෙයා වාසනාවක් නෙමෙයිද රටට. බුදුසරණයි සියළු දෙවි රැකවරණයි.(දිල්)
දිලාන් කියන ඒවට මම නම් එකඟ නැහැ. මිතුරිය එයාට තව තවත් ඉදිරියට යන්න සුභ පැතුම් (නදී)
රටක් දියුනු වෙන්න පිරිමියා වගේම සම සමව කාන්තාව හරි හරියට වැඩකරන්න ඕනා. ගෑනු වැඩ පිරිමි වැඩ කියලා වෙන්කර ගත්තොත් හැමදාම එකතැන පල්වෙනවා. දියුනු රටවල කාන්තාව හා පිරිමියා සම සමව වගකීම් දරනවා. එ්ක තමයි දියුණුවේ රහස. (නදී)
කාන්තාවෝ ටිකක් බරපතල වගකීමක නියැලෙනවා නම් සමහර පිරිමි බයවෙනවා. කොන්ද පන ඇති පිරිමියා සහයෝගය දෙනවා අගේ කරනවා. මොකද එයා බය නැහැ තමන්ගේ හැකියාව ගැන. කුස්සිය මුල්ලේ බත් තම්බන ගෑනුන්ට විවිද දක්ෂතා තිබෙනවා. ඒවගෙන් ප්‍රයෝජනය නොගන්නතාක් කල් තව අවරුදු ගනනාවක්ම දියුනුවෙමින් පවතින රටක ලේබලය අලවාගෙන ඉන්න පුළුවන්.(නදී)
මා ඔබ ඉහළින්ම අගය කරමි. (නදී)
මෙයාලගෙන මම හොඳට දන්නවා මෙයාගේ පියාට තිබුනේ මාතර තංගල්ල බසයක් පමණක් නෙමෙයි. ඔය මාතර තංගල්ල බසයට අමතරව මාතර කොළඹ ආරාධසුකොපබෝගී බසයක් තිබුන 63-3561 කියල ඕක දවසට දෙපාරක් කොළඹ ආවා. ඊටපස්සේ මාතර සිට අනුරාධපුර දක්කවා බස් රථ 2ක් තිබුන. ලංකාවේ ලොකුම පවුද්ගලික බස් රථයත් තිබුනේ මොහුගේ පියාට. මම දන්නා තරමින් මොහුගේ පියාට මාතර කොළඹ බස්රථ 7ක් විටර තිබුන. දැනටත් තියෙනවා. (අ)
හරිම ආඩම්බරයි සොයුරිය,ඔබට ජයෙන් ජය සමඟින් දෑතට සවිශක්තිය නොඅඩුව ලැබේවා කියා පතමි. ලංකාවට ආවම මමත් එන්නම් ඔයාගේ බස් එකේ යන්න. හැබැයි දැන් සමහර පිරිමින්ට මේක දරාගන්න බැරුව ඇති (නි)
කාන්තාවක් ලෙස මටත් ඔබ ගැන ආඩම්බරයි අක්කේ..(අ)..
ඔබ වැනි දිරිය කාන්තාවන් අපිට ආඩම්බරයක්. සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේව! (අ)
ඔබ වැනි දිරිය කාන්තාවන් අපිට ආඩම්බරයක්. සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)
ලංකාවේ ඉන්නා සමහර පිරිමින්ටවත් හරියට බස් එකක් පදවන්න බැහැ (නි)
ආදර්ශමත් කාන්තාවක්. ඇයට සුබ පතමි. අපේ කාන්තාවන්ටත් මෙවැනි අවස්ථා දීම ගැන සතුටුයි මොකද වෙනත් රටවල කන්ටේනර්, දුම්රිය වැනි බර වාහනත් කාන්තාවන් පදවනවා. (නදී)
සහෝදරිය ඔබ ගැන ආඩම්බරයි (නදී)
අවිස්සාවේල්ලේ කාන්තාවක් හිටිය ලොකු ලොරියක් පදවන ඇය ඒ ලොරියෙන් රබර් දර පටවාගෙන කොළඹ ප්‍රදේශයේ දර මඩු වලට දර විකුණුවා. අගේ සැමියා තමයි ලොරියේ සහකරු. (නදී)
ඔබ නම් උසස් කාන්තාවක්. සුභ පැතුම් (නදී)
රටට සම්පතක් (නදී)
මම නම් කියන්නේ මේක අනවශ්‍ය වැඩක් කාන්තාවකට. මොකද ඕන තරම් ලංකාවේ පිරිමි ඉන්නවා බස් පදවන්න පුළුවන් අය. පිරිමි නැත්නම් ගැහැණු ඔය වගේ වැඩකට ආවට කමක් නැහැ. පිරිමින් කරන හැමදේම ගැහැණු කරන්න ඕන කියල එකක් නැහැ. එහෙම කරන්නත් බැහැ. කවුරුහරි කියනවා නම් ඔය දෙගොල්ලම සමානයි කියල එහෙනම් මීටර් 100 දුවන සුසන්තිකාට පුළුවන් වෙන්න ඕන ඔලිම්පික් වල දෙවනිය උන පිරීමයා ගානට ඒ වෙලාවටම මීටර් 100 දුවන්න. සුසන්තිකාට අඩු ගානේ ලංකාවෙන් මීටර් 100 දුවන හොදම දක්ෂය ගානටවත් මීටර් 100 දුවන්න බැහැ මම හිතන්නේ. එ්කට හේතුව ගැහැනුන්ට වැඩිය පිරිමි ශක්තිමත් නිසා. පිරිමින් තරම් ගැහැනුන් ශක්තිමත් නැහැ. එ්ක නිසා ඒ අය කරන්න ඕන තමන්ට සුදුසු දේවල් . මෙහෙම ගියොත් මෙයාල කියාවි ගැහැණු අය දාල පොලුත් කඩන්න ඕන කියල. ඔය වැඩේ ගැහැණියෙකුට සුදුසු නැහැ. මම කියන්නේ බස් එකක් එලවන එක කොච්ච්ච්ර හැකියාවක් තිබ්බත් එ්ක මේ සමාජයට ගැහැණු ගතියට සුදුසු ක්‍රියාවක් නෙමෙයි. මම මේකෙන් කියන්නේ ගැහැනුන් අදක්ෂ කියන එක නෙමෙයි එයාල ඔය වගේ වැඩ වලට ශක්තිමත් සහ සුදුසු නැහැ කියන එක. (නදී)
නැගණිය ඔබට ජය ! දළදා සමිදු පිහිටයි (නදී)
අනුරංගට ඔල්මාදේ හැදිලද ? (නදී)
ජය වේවා සොයුරිය! ඔබට ත්‍රිවිදරත්නයේ සරණයි! වාහනය තුල සිටින සියලු දෙනාගේ ජිවිත තියෙන්නේ ඔබ දෙඅතේ බව අමතක කරන්න එපා. බිලා වාහන පදවන්නන්ට පාඩමක් වෙන්න කාන්තාවන්ට මේ අවස්තාව මුළු රට තුලම වීයාප්ත කරමු.අනුරංග ගැන මටහරිම දුකයි. කාන්තාවන්ගේ ශක්තිය මීටර් 100 දුවනෙකට විතරමද සමානකරන්න තියෙන්නේ ඔබට. (නදී)
මට ඔබ ගැන ආඩම්බරයි (නි)
අනුරංග, මේ 21 වන සියවස. වෙනත් රටවලත් ගැහැණු බරවාහන පදවනවා. අපේ රට පමාවුණා කියලයි ලියන්න ඕනෑ. දිරිය දියණියට සුභ පැතුම්! (නි)