බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයේ පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමි විටින් විට ආන්දෝලනයට තුඩු දෙන චරිතයකි. ඒ හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් පැවැති පින්කමක දී මස් මාංශ සහිත ආහාර පූජා කිරීම ගැන පසුගිය දා වැඩි කතා බහක් ඇති විය. මේ ඒ සම්බන්ධයෙන් සිරිධම්ම හිමියන් සමඟ කළ සාකච්ඡාවකි.

ප‍්‍රශ්නය:- ඔබ වහන්සේව හැඳින්විය යුත්තේ කෙසේද?
පිළිතුර:- ඕන විදියකට හැදින්වුවට වරදක් නැහැ. අපි සාමාන්‍ය විදියට සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ කියා හඳුන්වමු.
ප‍්‍රශ්නය - මෑතක දී ඔබවහන්සේ කතා බහට ලක් වුණේ උපන් දිනය වෙනුවෙන් පැවැත්වූ දානයක් නිසයි. උපන් දිනය කියන්නේ වසරකින් වයසට යෑම. එවැනි දේකට මෙතරම් මුදලක් වැය කර සතුටු වන එක නොගැළපෙන බව සමහරු කියනවා?
පිළිතුර:- ගැළපීම හා නොගැළපීම තේරුම් කරන්න ඕන ධර්මයට හා සංස්කෘතියට සාපේක්ෂව, බැරිද ගිහියෙකුගේ වේවා භික්ෂුවකගේ වේවා හොඳ පිංකමක් කරන්න. මිනිස්සු හැමදාම කළේ උපන් දිනයක දී පාටි දාලා අවසන් කරනවා. බැරිද අපේ උපන්දිනයක දී දානයක් දෙන්න. අහිංසක දුප්පත් ළමයින්ට උදවු කරන්න. රෝගීන්ට උපස්ථාන කරන්න. සදහම් ආශ‍්‍රමය මාසයක් තිස්සේ ක‍්‍රියාත්මක කෙළේ ඒ වැඩ පිළිවෙළ. හැබැයි සමහර මාධ්‍ය වැරදි දෙයක් ප‍්‍රචාරය කෙළේ. රෝගීන් 1500කට ගිලානෝපස්ථානය කළා. ලංකාවේ විවිධ පළාත්වල පවුල් 350ක් ගෙනත් බඩු මලූ 350ක් දුන්නා. මේ වගේ වැඩ ගොඩක් කළා. මේ පින්කම්වල අවසනයට තමයි විශාල දානයක් දුන්නේ.
ප‍්‍රශ්නය:- දානයට මස් මාංශ තිබුණා. ඒ ගැන විවේචනය කරන පිරිස් කියනවා ත‍්‍රිකෝටික පාරිශුද්ධ මංශ අනුභවය හොඳ බව. නමුත් මෙතරම් විශාල පිරිසකට මස් පිසීමට එකවර ගත හැකි තැනක් නැහැ. ඒ නිසා මේ වෙනුවෙන්ම ඇතැම් සතුන් මරන්නට ඇති බවට චෝදනා කරනවා?
පිළිතුර:- සම්පූර්ණ වැරදි. ඔබ ගිහින් සුපිරි වෙළෙඳසල්වල බලන්න මස් මාළු ඕන තරම් ගන්න නැද්ද කියලා. අපි හිතමු සාමාන්‍යයෙන් 1500ක් විතර කෑම කෑවා කියලා. කෑම ජා
ති සියයකට වඩා තිබුණා. ලංකාවේ අති දුර්ලභ කෑම වර්ග තිබුණා. කෝවක්කා කොළ, ඕළු හාල් උයලා, සුවඳැල් හාල්, කළු හීනටි හාල්, කළු බත්, තෙබු කොළ, කතුරුමුරුංගා කොළ, කෙකටිය, ලූණුවිල, කෙසෙල් මොය, තිබ්බටු, තැල්කොළ, තුඹ කොළ, අසමෝදගංකොළ වගේ විශේෂ කෑම වර්ග විශාල වර්ගයක් තිබුණා. දානයක දී දෙන්න ඕන හොයා ගන්න බැරි දේවල්. එතකොටයි එහි වටිනාකමක් තියෙන්නේ. සත්තු මරලා කෑවොත් එය බුද්ධ ශ‍්‍රාවකයකුට ගැළපෙන්නේ නෑ. අකැපයි. ඒ දානය මෙහේ දාන ගේන මිනිස්සු මාස් මාළු කියලා එහෙම එකක් නෑ. සාමාන්‍ය මිනිස්සු කන කෑම ගේනවා. පුනක්කු තණකොල ගේන්නේ නෑ. ඔය මෝඩ මාධ්‍යවේදීන් එන බව දන්නවා නම් අපි ඒවත් හදනවා. අපි ලබන අවුරුද්දේ ඒවත් හදනවා එන මෝඩ මාධ්‍යවේදීන්ට දෙන්න.
ප‍්‍රශ්නය:-- හාමුදුරුවනේ මාධ්‍යවේදීන්ට එහෙම චෝදනා කරන එක වැරදියි.
පිළිතුර:- ඔබතුමාට නෙවෙයි කිව්වේ. සමහර මෝඩ මාධ්‍යවේදීන් සඳහා. මිනිසුන් හිතන් ඉන්නේ බුද්ධාගමේ ඉන්නේ වෙජිටේරියන් කියලා. වෙජිටේරියන් කියන්නේ ජෛන ආගමේ. සත්තු මරණ එකයි බුද්ධාගමේ තහනම්. මං කිව්වොත් සතෙක් මරලා දානේ ගේන්න කියලා ඒක වැරදියි. අනික 1500කට කෑම හදද්දි මස් කිලෝ කීයද උයන්න ඕන. හුඟ දෙනකුට කියන්න පුුළුවන් මස් කිලෝ සීයක් කියලා. නැහැ. මස් කිලෝ තුනක් ඉව්වා නම් ඇති. අපේ මිනිස්සු වැඩිපුර කන්නේ එළවළු. මේවා දන්නේ නැතිව කතා කරන එක නරකයි. එහෙම තිබුණට පිළිගන්න එපා. ඇවිල්ලා බලන්න.
ප‍්‍රශ්නය:- දායක දායිකාවන් පිරිනමන ඕනෑම දෙයක් අනුභව කරන්නට ස්වාමීන්වහන්සේලාට පුළුවන් වුවත් ඉල්ලලා ගැනීමේ ක‍්‍රමයක් නැහැ නේද?
පිළිතුර:- මේවගේ ලොකු දානයක් දෙනකොට අපි කොටස් බෙදනවානේ. පළතුරු මේ කට්ටිය එළවළු මේ කට්ටිය. මස් මාළු මේ කට්ටිය බත් මේගොල්ලො අතුරුපස වෙන කණ්ඩායමක් මෙතන වැඩපිළිවෙළ හරි සංවිධානාත්මකයි. මම කියන එක විතරයි කරන්නේ. මං කුස්සියට ගිහින් උයන්න යන්නේ නෑ. මෙතන විශාල දායක පිරිසක් ඉන්නවා. ඒ අය ඇත්ත නැත්ත දන්නවා. පත්තරේ කොච්චර දැම්මත් මෙහෙට ලැබෙන සිව්පසේ අඩු වුණේ නෑ.
ප‍්‍රශ්නය:- ලංකාවේ දැනට ක‍්‍රියාත්මක වන්නේ කර්ම වාඛ්‍ය කියලා උපසම්පදා වෙන ක‍්‍රමය පමණයි. ඔබ වහන්සේ එය ප‍්‍රතික්ෂේප කරනවා නේද?
පිළිතුර:- නෑ නෑ මා ප‍්‍රතික්ෂේප කරන්නේ නෑ. උපසම්පදා වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ඤත්ති චතුත්ත උපසම්පදාව. ඒ කියන්නේ කර්ම වාඛ්‍ය කියලා උපසම්පදා කරනවා. හැබැයි මට ප‍්‍රශ්නයක් තියෙනවා. කර්ම වාඛ්‍ය කියලා උපසම්පදා කළාම ඒ උපසම්පදාව පිහිටනවද? ඒ කියන්නේ නිවන් දකින්න පුළුවන්ද. කර්ම වාඛ්‍ය කියා භික්ෂුවක් උපසම්පදා කළහම එතැන ඉඳන් නිවන් මග වඩන්න ඕනෑ. නිවන් මග කියන්නේ නැතුව පන්සලට වෙලා හිටියොත් වෙන්නේ එක එක පත්තර කියවලා මෝඩ අදහස් කියන එක.
ප‍්‍රශ්නය:- ඔබට එහි විවේචනයක් තිබෙනවා නම් අනුගමනය කළ යුතු පිළිවෙත ගැන යෝජනාවකුත් තිබිය යුතුයි. ?
පිළිතුර:- උපසම්පදා වර්ග ගොඩක් තියෙනවා. උපසම්පදාව කියන්නේ හිත හදා ගන්න එක. භික්ෂුවක් උපසම්පදා වෙලා කැලයකට ගියා කියා ඒ භික්ෂුව උපසම්පදා වෙන්නේ නෑ. කුසලස්ස උපසම්පදාව කර ගත්තොත් සසර දුක නිවන්න පුළුවන්.
ප‍්‍රශ්නය:- නමුත් ඔබ වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් පසුගිය වසරේ උපසම්පදා වුණා නේද?
පිළිතුර:- උපසම්පදාව කරන්නේ එය ලංකාවේ පිළිගත් සම්ප‍්‍රදායක්නේ. සාමාන්‍ය උපසම්පදාව කළාට බුදු හමුදුරුවන්ගේ ධර්මයේ උප සම්පදාව කියන්නේ හිත හදලා රහත්වෙන එක. අනික උපසම්පදාව සිය පාරක් කළත් වැඩක් නැහැනේ නිවන් දකින්න බැරිනම්, අඩු තරමේ සෝවාන්වත් වෙන්න බැරිනම්. භික්ෂුව යොමු කළ යුත්තේ උපසම්පදා ශීලෙන් මහණකම ඉවර කරන්න නොවෙයි. එතැනින් මහණකම පටන් ගන්න. එතැන ඉඳන් පටන් අරගෙන සසර දුක නිවන ක‍්‍රමයක් හොයන්න. අපි සාම්ප‍්‍රදායික උපසම්පදාව කරන්නේ එය රටේ පිළිගත් සම්ප‍්‍රදායක්. මේ දෙකේම වරදක් නෑ.
ප‍්‍රශ්නය:- මෛත‍්‍රී බුදුන් ඔබ වහන්සේ බවට සමහරු කියනවා. ඒ ඇත්තද?
පිළිතුර:- ඔව් ඉතින් එය ඕනෑම කෙනකුට කියන්න පුළුවන්නේ. දැන් ෆෙස්බුක් දාලා තියනවා මෛත‍්‍රී බුදුන් කියලා. දැන් අනිත් පැත්තට දාලා නැද්ද දේවදත්තයා කියලා. ඒ දෙකම කියනවා. දැන් ඉස්සර වගේ නොවෙයි. දැන් මාධ්‍ය විවෘත වෙලා. ඕන කෙනකුට අදහස් කියන්න පුළුවන්. බුදු කෙනෙක්ද නැද්ද කියලා කියන්න පුළුවන් තමන්ට දැනෙන එක අනුව මිසක් කාගෙන්වත් අහලා කියලා හරියන්නේ නෑ. ඔබතුමා කාට හරි මේ මගේ අම්මාය කියනවා නම් ඒ දැනෙනවාට කියන එකක් මිසක් කවුරු හරි කියනවාට කියන්නේ නැහැනේ. අවශ්‍ය කරන්නේ අපිට කවුරු මොන දේ කිව්වත් හරි බුදු දහම සමාජයට ගෙනියන්නයි. මෙතරම් කාලයක් තිබුණේ ජෛන අදහස්.
ප‍්‍රශ්නය:- එතකොට ඔබ අවුරුදු 15ක් ජෛන දහම ද ඇදහුවේ?
පිළිතුර:- අපි හෙව්වා. ගවේෂණය කළා. බුදු සසුනෙ ඉඳගෙන අඩුපාඩු හෙව්වා.
ප‍්‍රශ්නය:- ඔබ මෛත‍්‍රී බුදුන් අදහනවා. ගෞතම බුද්ධ ශාසනය තවමත් පවතිද්දි මෛත‍්‍රී බෝධිසත්වයන් අදහන එක හරිද?
පිළිතුර:- දැන් බලන්න ලංකාවේ පන්සල්වල විෂ්ණු කෝවිල්, කතරගම කෝවිල් ගහලා තියෙනවාද කියලා. විෂ්ණු දෙයියෝ අදහන එකද බුදු දහමට වඩා ළඟ බෝධි සත්ව වන්දනාවද? බෝධි සත්ව වන්දනාව වඩා ළඟයි. බෝසත්වරුන්ට වඳින්න නෙමෙයි කියන්නේ. ඒගොල්ලන්ට පිං දෙන්න. දෙවියන්ට වැඳලා නිවන් දකින්න බැහැ.
ප‍්‍රශ්නය:- ඔබ වහන්සේ රහත් වූ බව සමහරු කියනවා. අපි අසා ඇති පරිදි දස සංයෝජන වලින් මිදුනහමයි රහත් වෙන්නේ. ?
පිළිතුර:- පැහැදිලිවම මම ඒක කිව්වා. මිනිස්සු හිතන් හිටියේ උඩින් යන වගේ කෙනෙක් රහත් කියලා. සංයුක්ත නිකායේ සූසිම සූත‍්‍රය කියෙව්වා නම් රහතන් වහන්සේ ගැන දැනගන්න පුළුවන්. එහි සඳහන් වෙනවා යම් කෙනකුට සසර දුකෙන් මිදෙන්න ඕනෑ නම් පටිසෝතගාමී ආර්ය මාර්ගය වඩලා ඕන කෙනකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්.
ප‍්‍රශ්නය:- ඔබ රහත් නම් කොයි කාලෙද රහත් වුණේ?
පිළිතුර:- දැන් අවුරුදු දෙකක් පමණ තිස්සේ තමයි මා කියන්නේ මා කෙලෙස් නැති කළ නිකෙලෙස් කෙනෙක් බව.
ප‍්‍රශ්නය:- ඔබ රහත් බව ගිහි සමාජය කොහොමද පරීක්ෂා කරන්නේ?
පිළිතුර:- ගිහි සමාජයට පරික්ෂා කරන්න බැහැ. මං සූත‍්‍රයක් කියන්නම්. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ රජ්ජ සූත‍්‍රය. දවසක් බුදු හාමුදුරුවෝ ළඟ කොසොල් රජ්ජුරුවො ඉන්නවා. එතැනින් ආජිවකයෝ, නිගන්ඨයෝ වගේ අය යනවා. ඉතින් කොසොල් රජ්ජුරුවො ඔවුනුත් රහතුන් කියලා එතැනින් නැගිටලා ගිහින් වැඳ නමස්කාර කරලා එනවා. ඇවිත් කියනවා ඔබ වගේම ඔවුනුත් රහත් කියා. එවිට බුදුන් වහන්සේ අහනවා පස්කම් සැප විඳින ස්ත‍්‍රීන් සමග සංවාසයේ යෙදෙන ඔබ කොහොමද රහතුන්ද දන්නේ කියලා. එවිට කොසොල් රජු කියනවා ඔබ වහන්සේ හරි. මා වැනි කෙනකුට එවැනි කෙනකු ගැන කියන්න බැහැ කියලා.
ප‍්‍රශ්නය:- ස්වාමීන් වහන්සේලාට බැරිද ඔබ රහත්ද කියා පරීක්ෂා කරන්න?
පිළිතුර:- ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා එන්න එපායැ පරීක්ෂා කරන්න. කෙනෙක් සත්‍ය අවබෝධ කළා නම් ඒ සත්‍ය අවබෝධ කළ උතුමා ඒ අවබෝධය කණුවෙන් කණුව කියන්න ඕනෑ. මට මෙහෙම වුණා. මේ විදියටයි මං නිවන් මඟ ගමන් කළේ කියා සමස්තය දේශනා කරන්න ඕනෑ. ලෝකයේ ඕනෑම කෙනකුට සසර දුක නිවන්න පුළුවන්. අනික රහත් වෙන්න බැරි බුද්ධාගමින් වැඩක් නැහැනේ. බුද්ධාගමේ පරම නිෂ්ඨාව සසර දුක නිවීම. එය ඕනෑම කෙනකුට කරන්න පුළුවන්. බුදු දහම මළ දහමක් නොවෙයි. සජීවී දහමක්. යම් භික්ෂුවක් මේ කියන සතර සතිපට්ඨානය වඩාගෙන ගියොත් අනාගාමී හෝ රහත් බවට පත් විය යුතු බව සතර සතිපට්ඨාන සූත‍්‍රයේ තිබෙනවා.
ප‍්‍රශ්නය:- ත‍්‍රිපිටකේ කියන්නේ පිටු තුනක්ය කියා කියපු පුද්ගලයන් හිටිය, චන්ද්‍රිකා වැවත් පිරිත් කළ උදවිය හිටපු සමාජයක් මේක. එවැනි සමාජයක ඔබ කියන දේ විවේචනය කරන එක අසාධාරණද?
පිළිතුර:- ඇත්ත. ඇත්තටම සාධාරණයි. ලංකාවේ ජන සමාජය අවුරුදු එක් දහස් ගණනක් ¥පතකනේ හිටියේ. අද අන්තර්ජාලය විවෘත වෙලානේ. ඒ නිසා මෙය මහාද්වීපයක් වෙලා. ඇත්තටම මං වගේ කෙනෙක් මෙහේ පහළවීම සුදුසු නෑ. පහළ වුණේ අපි මහද්වීපයක් වෙච්ච නිසා.
ප‍්‍රශ්නය:- ඔබ අවබෝධයට පත් වෙද්දී ශරීරයේ වෙනස්කම් වූ බව මීට පෙර කියා තිබුණා. නමුත් අපට එහෙම ඔබේ වෙනසක් පෙනෙන්නේ නැහැනේ?
පිළිතුර:- මීට අවුරුදු හත අටකට කලින් රූපවාහිනී වැඩසටහන් පරීක්ෂා කරන්න. ඉන් අනතුරුව අද පරීක්ෂා කරන්න. ඉන් අනතුරුව ඔබ නිගමනය කරන්න. කෙනකුගේ ශරීරය කියන්නේ හිතෙහි තවත් පැතිකඩක්. සිත මෘදු වෙද්දී ශරීරය මෘදු වෙනවා. සිත රළු වෙද්දී ශරීරය රළු වෙනවා. අන්න ඒ පදනම උඩ තමයි මා කිව්වේ. මේ කියන කතාව එදි නෙදා සමාජෙදි වුවත් දැකිය හැකි යථාර්ථයක්.
ප‍්‍රශ්නය:- ඔබ රහත් වෙලා නම් ඔබට පරචිත්ත විජානන ඥානය හෝ පුබ්බේ නිවාසානුස්සති ඥානය තිබෙනවා ද?
පිළිතුර:- ඔබ කියන්න හදන්නේ මගේ හිතේ තියන එක කියන්න කියලානේ. මං එක්ක දවසක් කතාකරගෙන ඉන්න. ඉන් පස්සේ ඔබ මගෙන් අහන්න ඕන ප‍්‍රශ්නය මං ඔබෙන් අහනවා. දැන් ඉස්සෙල්ලා එහෙම ඇහුණේ නැද්ද? අන්න එච්චරයි. ඊට වඩා තර්ක කොළොත් මං සාත්තර කාරයෙක් වෙනවා. මට සාත්තර කාරයෙක්, අනාවැකි කාරයෙක් වෙන්න ඕන නෑ.
ප‍්‍රශ්නය:- අප අසා ඇත්තේ මලියදේව මහරහතන් වහන්සේ අවසන් මහරහතන් වහන්සේ කියායි. ඔබ රහත් නම් ඉන්පස්සේ දැනට ඉන්න එකම රහතන් වහන්සේ ඔබද?
පිළිතුර:- එය මං කියනවාට පිළිගන්න එපා. මං කියන එක ප‍්‍රතික්ෂේප කරන්නත් එපා. ඔබ හොයා බලන්න. තව කවුරු හරි ඉන්නවාද බලන්න. හිටියොත් මටත් කියන්න. නැත්නම් පිළිගන්න.
ප‍්‍රශ්නය:- ඔබට වඩා ජ්‍යෙෂ්ඨ නායක හාමුදුරු කෙනෙක් ඔබේ අඩුපාඩුවක් පෙන්නුවොත් පිළිගන්න කැමතිද?
පිළිතුර:- මං කැමතියි පිළිගන්න. මට වරදක් කිව්වොත් මං තර්ක කරනවා. ලොකු හාමුදුරු කෙනෙක් කිව්වොත් මට කොණ්ඩෙයි රැුවුලයි වවන්න කියලා මං වවන්න ඕනෑද? එය පිළිගන්න ඕන නැහැනේ. සතර මහෝපදේශ කියා එකක් තියෙනවා. අහවල් විහාරයේ සිටින ධර්මධර ස්වාමීන් වහන්සේ කිව්වාය කියා පිළිගන්න නොයන්න. අහවල් විහාරයේ සිටින ධර්මධර මහා තෙරුන් වහන්සේලා කිව්වාය කියා පිළිගන්න නොයන්න. අහවල් විහාරයේ සිටින විනයධර ස්වාමීන්වහන්සේ කිව්වා කියා පිළිගන්න නොයන්න. අහවල් විහාරයේ සිටින විනයධර ස්වාමීන් වහන්සේලා කිව්වාය කියා පිළිගන්න නොයන්න. ධර්මයට විනයට දා සසඳා බලා පිළිගන්න. මාත් කැමතියි ධර්මයට විනයට දාලා සසඳා පිළිගන්න. ගෞතම බුදුරජානන් වහන්සේට කොච්චර චෝදනා කළාද. මටත් එහෙම කළානේ.
ප‍්‍රශ්නය:- ඔබ වහන්සේ මහායාන සම්ප‍්‍රදාය අනුගමනය කරන බවට සමහරු චෝදනා කරනවා?
පිළිතුර:- මහායාන සම්ප‍්‍රදායේ මස් මාළු කෑමක් නැහැනේ. මහායාන සම්ප‍්‍රදායේ මස් මාළු පේන්නත් බැහැ. අපි දානෙට මස් මාළු දුන්නනේ. ඉතින් අපි ථෙරවාදීද මහායානද කියන්න. ලූණු, සුදුලූනුවත් මහායානේ කන්නේ නෑ. මම ථෙරවාදී බුදු දහම හරියට අනුගමනය කරනවා.
ප‍්‍රශ්නය:- අන්‍යාගමීකරණය ගැන ඔබේ අදහස?
පිළිතුර:- අන්‍යාගමීකරණය වෙන්නේ අපෙන් හරියට වෙන්නේ නැති නිසයි. භික්ෂුන් වහන්සේලා පිඬුසිඟා වඩින්න ඕනෑ. ගෙන් ගෙට වඩින්න ඕනෑ. අනිත් සමාජය වැඩ කරන්න ඕනෑ. ඒ වගේම අනෙක් ප‍්‍රධාන කාර්ය තමයි භික්ෂූන් වහන්සේලා නිවන් මඟ වඩන්න ඕනෑ.
ප‍්‍රශ්නය:- ඔබ පින්කම් ලස්සනට කරන්න හදනවා. ඉන්න තැන ලස්සනට තියා ගන්න ඕනෑ කියනවා. ලස්සනට කරන්න ඕනෑ කියන්නේ ඇල්ම වැඩිවෙනවා කියන එක නෙමේද?
පිළිතුර:- සම්පූර්ණ වැරදියි. බුදුන් කාලේ මිගාර මාතු ප‍්‍රාසාදය කියන්නේ ලස්සත පන්සලක්. දවසක් සිටුවරයෙක් ඉතා වටිනා පාපිස්සක් ගෙනිච්චා. ගිනිහින් දාන්න තැනක් හොයනවාලූ. නමුත් තැනක් හමුවුණේ නැහැ. හේතුව තියන පාපිස ඊට වඩා වටිනවා. ඔහු පාපිස්ස නැවත ගෙනාවා. බුද්ධාගමේ වැඩ පිළිවෙළ රාජකීය වැඩ පිළිවෙළක්. අනුරාධපුරේ ලෝවා මහාපාය තට්ටු නවයයි. වත්තක්කන්දකේ තියෙන්නේ භික්ෂූන් වහන්සේ ඉන්න තැන පිරිසිදු කර ගන්න ඕන. විහාරයේ කුදු මහත් කටයුතු කරන්න ඕන.
ප‍්‍රශ්නය:-- රහතන් වහන්සේ නමක් නම් ඇයි බැංකු ගිනුම් පවත්වාගෙන යන්නේ?
පිළිතුර:- ඕන එකක් කරන්න පුළුවන්නේ. මෙතන ලොකු ආයතනයක්. ලයිට් බිල් ගෙවන්න ඕන. බැංකු ගිනුම නෙමෙයි ප‍්‍රශ්නේ. ගිනුමේ කීයක් එකතු කරලා තියෙනවාද කියන එක. මම කියන්නේ සල්ලි කියලා වියදම් කරන ඒවා මිසක් පුස් කන ඒවා නොවෙයි. සියලූ දෙනාගේ යහපත පිණිස සල්ලි වියදම් කරන්න ඕන.
ප‍්‍රශ්නය:- රහතන් වහන්සේලා කියන්නේ පින් පව් නොකරන පිරිසක් බව කියනවා. ඔබ රහත්නම් ඇයි පින්කම් කරන්නේ?
පිළිතුර:- පින් කරන්නේ නෑ කිව්වොත් වැරදි. පින් පව් වෙන්නේ නෑ. කරන්නේ නෑ කියන එකයි වෙන්නේ නෑ කියන එකයි දෙකක්. මට පින් වෙන්නේ නෑ. අනිත් අයට යහපතක් වෙනවා. භික්ෂුව හැම අවස්ථාවකට තම දායකයන්ට පින් පුරවන්න ඕන.
ප‍්‍රශ්නය:- ඔබ රහතන් වහන්සේ නමක් නම් පාවිච්චි කරන වචන කතා කරන ආකාරය ගැටලූවක් තිබෙන බව බොහෝ දෙනෙක් කියනවා?
පිළිතුර:- මම පිරින්දව්ව පරපුරේ රහතෙක්. පිරින්දව්වලා හරි අමුතුයි. අපි රහතුන් කියා දැකලා තියෙන්නේ බිත්තිවල තියෙන චිත‍්‍රනේ. ඒ චිත‍්‍රවලට පණ තිබුණේ නැහැනේ කවදාවත්. දැන් ඒ චිත්‍රෙකට පණ ඇවිත්. රහත් කෙනකුට එහෙම එකක් නෑ. ඒ අය පුඤ්ඤ පාප පහීනස්ස. එයාලට පිං පව් පිරෙන්නේ නෑ. සිතිවිලි කිසිවක් නෑ. චිත්ත විමුක්තිය කාටවත් හොල්ලන්න බෑ. මට මිනිස්සු ගහන්න ඇවිත් තියනවා. බැණලා තියෙනවා. අපහාස කරලා තියෙනා. ඒ කිසිවකින් මා කම්පා වුණේ නෑ. මට කේන්ති යන්නේ නෑ. පුළුවන්නම් කේන්ති ගස්සලා පෙන්වන්න. මට කවුරුහරි ගල්වලින් ගැහුවොත් මං ගල්වලින් ගහන්න යන්නේ නෑ. ඒ ගල් එකතු කරලා ගෙයක් හදනවා.
ප‍්‍රශ්නය:- රහත් වූ බව කියන ඔබ වහන්සේ ඇයි බණ කියද්දී බුදුන් ගැන කියමින් කියන්නේ? ඔබ අවබෝධ කරගත් දේ උපයෝගී කරගෙන කිව හැකියි නේද?
පිළිතුර:- සුත්ත නිපාතයේ ආමගන්ධ සූත‍්‍රයේ තියෙනවා ගෞතම බුදු හාමුදුරුවෝ කාශ්‍යප බුදුහාමුදුරුවො මුල් කරගෙන බණ කිව්වා.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්ම සංගායනාවකට මේ හොඳම කාලය කියලයි මට හිතෙන්නේ. (ර)
"ඔය මෝඩ මාධ්‍යවේදීන් එන බව දන්නවා නම් අපි ඒවත් හදනවා. අපි ලබන අවුරුද්දේ ඒවත් හදනවා එන මෝඩ මාධ්‍යවේදීන්ට දෙන්න." මේ කියන්නේ ආදරේට වෙන්න ඇති නේද? එහෙම කියන ගමන් අන්තිමට කියනවා"මට කේන්ති යන්නේ නෑ. පුළුවන්නම් කේන්ති ගස්සලා පෙන්වන්න." (ස)
රහත් පල ලැබිලා කියලා පෙනුමෙන් කියන්න පුවවන්. කතාවෙන් ඒක තවත් තහවුරු වෙනවා. (ර)
භික්සුන් වහන්සේලා විවේචන කරන එක පවක් කියල මන් අහල තියනවා. අපි උන් වහන්සේ රහත් වෙලා කියන එක පිළිගත යුතුද? (ර)
කොහෙන් ගත්තත් මස් මස්මනේ! (නි)
ඔබවහන්සේ රහත් වුණත් නැතත් බෞද්ධ රටක් වන අපේ රටේ ජනතාව පස්පවින් ගළවා ඔවුන්ට යහමඟ පෙන්වීමට ඉන්න සංඝයා වහන්සේලා මෙවැනි ක්‍රියාවන් කිරීමෙන් ඔවුන් කෙරෙහි ඇති ගෞරවය මිනිසුන් වෙතින් ඈත්වෙනවා. මෙවන් දසුනක් උපදින ජාති ජාතිවත් නොදකීවා යනු මගේ ප්‍රාර්ථනයයි (නි)
මේවා පුදුමාකාර කතා දෙවියනේ! (නි)
සුද්දියක් අතේ බුදුන් වහන්සේගේ රූපය පච්ච කෙටූ නිසා අත්අඩංගුවට ගත්තා. නමුත් අපේ ආගම ගැන හොඳින් දන්නා මෙවන් ක්‍රියාවන් කරන අය? (නි)
අනේ මන්දා! මේවට මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
බුදුනි, ඔබ කොහෙද?? මොනවාද මේ සිද්ධවෙන්නේ? (නි)
මේ විදියට යනකොට තව ටික දවසකින් ඔය උපන්දින උත්සව වගේම වෙනත් උත්සවත් පන්සල් වල ගත්තොත් අපි නම් පුදුමවෙන්නේ නැහැ (නි)
මේ හැම දෙයක්ම වෙන්නේ මිනිසුන්ගේ වරදින්. මේ විස්තරය දැකලා දැනටත් කීදෙනෙක් ගිහින් ඇද්ද? ඒ ගිහින් පින් කැටේ පුරවලා එනවා. අහිංසක මිනිසුන්ට ජීවත්වෙන්න ඕනෑ විදිය කියලා දෙන්න තවම කාටත් බැරි වුණා. බලන්න රැකියාවකුත් නැතුව මේ අය සැප සම්පත් ලබන හැටි? ඇයි මිනිසුන්ට හිතන්න බැරි කෙනෙකුට බුදුන් දැක නිවන් දකින්න ඕනෑ නම් ඒක තමන්ම සකසාගත යුතුයි, අපි තල්ලු දෙන්න උවමනා නැහැ කියලා? ඇයි මෙහෙම වෙන්නේ? (නි)
1500 කට මස් කිලෝ තුනයි කියන්නේ එක්කෙනෙකුට ග්‍රෑම් දෙකයි නේද? (නි)
සංඝාධිකරණයක අවශ්‍යතාව අවශ්‍යම කාලයකි. (නි)
එන්න මහමෙව්නාවට... ඔබට සත්‍යයය වැටහේවි... (නි)
යොමා බුදුනෙත කුළුනිනේ... වඩිනු මැන නිදුකාණනේ.... සිතෙන් සිතක නැඟෙනා කෝප ගිනි... උනුන් දවාලන අයුරු දකින්නට ... මුවින් මුවඟ ගලනා නාද මිස... උනුන් නසාලන අසිරි බලන්නට.... බියෙන් සැකෙන් නැඟෙනා ශාපගිනි.... දයාදියෙන් සනහා නිවන්නට .... කාලයයි නිදුකාණනේ... වඩිනු මැන නිදුකාණනේ..... (නි)
ඉපදීම දුකක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ දුක සමරන්න මස් මාළු සහිත උත්සව තියන එක හරි කියලා 'රහතුන්' කෙනෙක් කියනවා. කවුද මේක පිළිගන්නේ? සුපර් මාර්කට් එකේ තියෙන්නේ පණ තිබුණු සතුන්ගේ මස් නෙමෙයිද? (නි)
මෙහි අදහස් දක්වා තිබෙන අයට තිබුන ප්‍රශ්න සියල්ල මටත් තිබුනා. මේ වැඩ ගැන පිළිකුලක් හා විවේචනයක් තමා මටත් තිබුණේ. ඒ නිසාම මම දැනට දවස් 3ක් තිස්සේ නොකඩවා උන්වහන්සේගේ දේශනා අහනවා. තව ඉදිරියටත් අහනවා. ඒ දේශනා කිසිවක කිසිම වැරැද්දක් මට තවම පෙනුනෙ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ ගැන මට මුලින් තිබුන පිළිකුල, වැරදි වැටහීම දුරුවෙමින් යනවා. ඔබත් හුදු විවේචනයට පමණක් සීමා නොවී උන්වන්සේගේ දේශනයට සවන්දී නියම සත්‍ය වටහාගන්න. (නි)
මේ ඉන්න ටිකේ අපි කාලා බීලා හොඳට ජොලිකරමු නේද හාමුදුරුවනේ? (නි)
වැඩ සිටින අසුන බලන්නකෝ. කතාවෙන් රහත් වුවත් ආශාවන්ගෙන් වල්මත්වෙලා ඉන්නේ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
"මං එක්ක දවසක් කතාකරගෙන ඉන්න. ඉන්පස්සේ ඔබ මගෙන් අහන්න ඕනෑ ප‍්‍රශ්නය මං ඔබෙන් අහනවා. " පරසිත් දන්නා නුවණ පෙන්වන්න යන හැටි පුදුමාකාරයිනේ! (නි)
"මම කියන එක විතරයි කරන්නේ." එහෙම කියන ගමන් කියනවා "ඔබ ගිහින් සුපිරි වෙළෙඳ සැල්වල බලන්න මස් මාළු ඕනෑතරම් ගන්න නැද්ද කියලා." ඉතින් කියන එක විතරයි නම් කරන්නේ, මස් මාළු ආවේ කොහොමද කියලා දැනගන්න විදියක් නැහැනේ. මේකට පැරණි අය නම් කියන්නේ කන්න ඕනෑ වුණහම කබරගොයාත් තලගොයා කරගන්නවා කියලයි (නි)
මේ වගේ අය පිටුපස යන අය ගැන මට නම් කියන්න වචන නැහැ (නි)
නියමයි. හැමදේම ධනාත්මකව හිතන රහතන් වහන්සේ නමක්. නැත්තම් හැමදාම දුක, දුක ,දුක , දුකට මඟ... සාදු!සාදු!සාදු! (නි)
රටේ සමහර උගත් මැති ඇමතිවරුත් මේවාට යන එකනේ වැඩේ කියන්නේ. අනේ මන්දා! මේ වගේ තැන්වල ඒ අය ඉන්නවා දුටුවිට හිතේ තිබුනු විශ්වාසය සම්පුර්ණයෙන්ම නැතිවුණා. (නි)
අපි සන්තෝෂෙන් ඉන්නේ...........දුක ශෝකය නෑ දන්නේ....... (නි)
නොයෙල්, අමුතුවෙන් බණ අහන්න කාලය මරන්න ඕනෑ නැහැ. මේ කරන සෙල්ලම් ටික සජීවීව දැක්කහම ඇති කෙනෙක් තේරුම් ගන්න. ත්‍රිපිටක කටපාඩම් කරගෙන කියවන එකම නෙමෙයි සිල්වත්කම කියන්නේ. (නි)
කාව රවටන්නද මේ විදුලි බුබුළු දාගෙන රත්තරන් මල් ගහපු පුටුවක වාඩිවෙලා ඉන්නේ? ඊට උඩ ඡායාරූපයේ ඉන්න පුටුවෙ තිබෙන මල් කැටයම බලන්න. මොනවද මේ සසර අත්හරින්න හදනවා කිය කියා කරන වැඩ? (නි)
කාට කියන්නද මේ වැඩ..? (නි)
බුදු දහමේ ලෞකික මාර්ගය හා ලෝකෝත්තර මාර්ගය කියලා දෙයාකාරයකට ජීවත්වන ආකාරය ගැන දේශනා කර තිබෙනවා. ගිහියන් ලෝකෝත්තර මාර්ගය අනුගමනය කරන්න ගියොත් පිරිහෙනවා. ඒ වගේම පැවිද්දෝ ලෞකික මාර්ගය අනුගමනය කරන්න ගියොත් පිරිහෙනවා. බණක් භාවනාවක් කරගෙන සිල් රකිනවා වෙනුවට පාටිදාන එක මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
අපේ මිනිස්සු ඥානය මනින්නේ, අඳින සිවුරෙන්, ඉන්න ධර්මාසනයෙන්, කන කෑම බීම වලින්.. (නි)
කාලෙකට පස්සේ සසුන පිරිසිදු කරන්න මුනිවරයෙක් පහල වෙලා . එක දරාගන්න බැරි බමුණෝ උන්වහන්සේට විරුද්ධව පෙළපාලි යනවා . (ම)
කෙලෙස් දුරුකළලු නමුත් පුටුව ලක්ෂ ගණනක් වටිනවා අපි නොදන්නා ලයිව් (ම)
වික්ටර්, ඔබ කියනවා මෙම දානයේදී එක්කෙනෙකුට ලැබුනේ මස් ග්‍රෑම් 3ක් බව. මෙම දානයේ කෑම වර්ග 100කට වඩා තිබුණා. ඉතින් එක වර්ගයකින් කිලෝග්‍රෑම් 3 බැගින් වර්ග100 කියන්නේ එළවලු වර්ග කිලෝ 300ක් ... නිකන් මෝඩ කතා කියන්න එපා වික්ටර්. අනික ලංකාවේ මාස් මාලු දුන් පළමු දානයද මේ?? (නි)
මොකෙන් ගත්තත් ඉන්නේ පණපිටින් සිට පසුව මිනිසුන් වෙනුවෙන් මියගිය අහිංසක සතුන් (නි)
බාහිර දේවල් වලින් තමාට වටිනාකමක් ආරෝපණය කරගෙන තත්ත්වය පෙන්වන්න හදන්නේ ඇතුළත හිස් මිනිස්සු කියලයි අපි නම් දන්නේ. (නි)
කන්න ඕනෑ වුණහම කබරගොයාත් තලගොයා කරගන්නවා (ම) .
" පිරුණු කළේ දිය නොසැලේ" .... බොරු සද්ද දාන්නේ... පාටිදාන්නේ තමන්ගෙ හිස් බව වහගන්න. රහත් වෙලයි කිය කිය ජනතාව රවට්ටන්නේ නැතුව තමන්ගෙ වැඩක් කරගත්තානම් යහපති.... (ම)
ලස්සන කාන්තාවක් සමග මේ උතුමා පාළු ගෙදරක කාමරයක් තුළ කැමරා සවිකොට තබන්නට ආසයි මට නිවන් දැකලද බලන්න (බ)
වැදි බණ කියන්නේ මේවට තමයි. මස්කකුළුවො කකා රහත් වෙලාලු...(බ)
කන්න දෙනව නම් ඕන තැනනකට රිංගන අය නිසා තමයි මේවා තව රටපුරා පැතිරෙන්නේ. ඊට පස්සෙ බොරුවට කෑගහනවා රට පිරිහිලා කියලා.(ම)
මේවාට රැවටෙන අයත් ඉන්නවා නේ (ම)
මොනවා උනත් ඇත්තත් කියනවා " මං වගේ කෙනෙක් මෙහේ පහළ විම සුදුසු නැහැ" කියන කතාවනම් ඇත්ත. නොපතං ආයේ නම් මෙ රටට. (ම)
"දැන් අවුරුදු දෙකක් පමණ තිස්සේ තමයි මා කියන්නේ මා කෙලෙස් නැති කළ නිකෙලෙස් කෙනෙක් බව" අපටත් ඒ බව පේනවා. මේ කුකුළු මස්, කකුළුවො, ඉස්සො. මාළු පිරුණු පාටියෙන් පස්සේ ඒක සනාථ වුනා. (ම)
නොයෙල් මහත්තයෝ ධර්මය දේශනා කරන්න කලින් ධර්මය පිළිපදින්න ඕන මටත් පුළුවන් අද පොතක් බලා හෙට බුදු බණ දේශනා කරන්න. (ම)
සුපිරි වෙළද සැල් වලින් මස් මාළු ගෙනාවම සුපිරි වෙළද සැලට ආපහු මස් මාළු යන්නෙ ඉබේ වෙන්න ඇති. ඉල්ලුමට අනුව තමයි සැපයුම තියෙන්නේ... (ර)
කමල් හරි. අද හුගක් දෙනා අන්තර්ජාලයෙන් මොනවා හරි බලලලා කටපාඩම් කරගෙන ලොකු බණ පදයක් දෙකක් ඉස්සරහට දාලා ලොකු තැනක් හදාගන්න හදනවා. බහුතර හුදි ජනයා මේවට අහුවෙනවා. මොනවා කියන්න බැරිද? නමුත් ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්නයි අමාරු. මේ වුන දෙයත් හොඳ උදාහරණයක්. කියන්නෙ එකක්. කරන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. (ර)
අපි මස් කන එක පව් නෑ කියන්නේ කොහොමද? අපි සතාව නොමැරුවට ඌව මරන්න අනුබල දීමක් කෙරෙනවනෙ. (ර)
අවුරුදු 2 ට කලින් රහත් වුනු රහසින්වත් පව් නොකරන මහා උත්තමයෙක් නේද.? (ර)
ඔබ මෙතක් සසරේ කුසල් කර තිබේනම් පමණක්, සොබාදහම ඔබට අවසර දෙවි උන්වහන්සේ දෙසන මේ ධර්ම දෙසනා ශ්‍රවණය කරන්න. ගඟෙන් එගොඩ වන්න ගඟට පැන පීනන්න, එවිට ඔබට එගොඩට යා හැක. නැතිනම් ගඟේ දොස් දකිමින් සදාකල් මෙගොඩට වී ඉන්නවද.? යන්න තීරණය ඔබ සතුය. (ර)
ඇත්තනේ හාමුදුරුවෝ කියලා තියෙන ඒවා. හාමුදුරුවෝ ගැන විස්තර හොයාගන්න විදිහක් කවුරු හරි කියන්න. (ර)
එන්න මහමෙව්නාවට... ඔබට සත්‍යයය වැටහේවි..(ම)
අනේ මන්දා.(හේ)
දෙව්දත් පරපුරේ නූතන පුරුක තමයි මේ. මේ වගේ අයගැන මාධ්‍යවල නොදාම ඉන්නවානම් වඩා හොඳයි (බ)
හාමුදුරුවෝ රහත් වෙලද නැද්ද කියන්න දන්නේ නෑ.එ්ත් මේ හාමුදුරුවෝ දේශනාකරන බුදු දහමේ කරුණු ඔක්කොම ඇත්ත.(හේ)
හැම ප්‍රශ්නෙකටම පැහැදිලිව උත්තර දීලා තිබෙනවා. තේරුම්ගන්නෝ තෙරුම් ගනිත්වා...! (නි)
දානයට ගන්නා දේවල් ධාර්මිකව උපයාගත් දේවල් වලින් දෙන්න ඕනෑ. මස් මාලු සතුන් මරා ගත් දේවල්. (නි)
මෙහෙම යනකොට දාන වලට කෑම විතරක් නෙමෙයි 'බීමත්' එකතුවෙන්න පුලුවන් (නි)
මෙහෙම අය ගැන තීරණයක් ගන්නත් ඕනෑ ඉතින් මහජනතාවම තමයි (නි)
අනේ ඇත්තට! මගේ ඇඟේ මාළු නටනවා මේවා දකිද්දී (නි)
දෙදෙනෙකු ඇරෙන්න මෙහි අදහස් දක්වා ඇති අය කිසිකෙනෙකු ධර්මය තබා බුදු දහමේ මුලික පරමාර්ථය තබා එහි පදනමවත් නොතේරෙන බව පෙනේ. සියලු දෙනා ධර්මය පාඩම් කරන්න නොව අවබෝධ කරගන්න උත්සාහ කිරීමෙන් පමණක් ම මෙම ගැටළු නිරාකරණය වේවි (නදී)
මස් කන එක නොකන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. රහත් වෙලා කියල කියන එක පිළිගන්න තරමට අපේ මිනිස්සු මෝඩ ද කියන එක. දහම් පාසලකට වැරදිලා වත් ගිය මිනිහෙක් දන්නවා රහතුන් වහන්සේ කෙනෙක් කියන්නේ කොයි වගේ කෙනෙක් ට ද කියලා. (නදී)
මේක හරිම පුදුම රටක් මස් මාළු කන සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන හාමුදුරුනමක් රහත් වෙලා කියල මිනිස්සු කියනවා. එහෙම නම් ලංකාවේ තපස් රකින අති දුෂ්කර පළාත් වල ඉන්න හැම හාමුරු නමක්ම රහත්වෙලා ඇති. (නදී)
ෆේස්බුක් එකේ ආශ්‍රමය තියන පිටුව බලන්න හාමුදුරුවෝ ගැන විස්තර බලන්න (නදී)
මස් කිලෝ 3 හරි අවුන්ස උනත් මස් මස් මය (නදී)
අනේ අශාන්, බුදුදහමෙ කරුණු කියලා අන්තර්ජාලයෙන් බලා මටත් කියන්න පුළුවන්. ඒක නෙමෙයි වැදගත්. හාමුදුරුනමක් වුණහම විනයක් හැදියාවක් තියෙන්න ඕනෑ. මොනවද මේ කරන වැඩ? (නි)
අශාන්,මේ හාමුදුරුවෝ දේශනාකරන බුදු දහමේ කරුණු ඔක්කොම ඇත්ත කියලා කිව්වා වගේම මේ හාමුදුරුවෝ කරන ඔක්කොම වැඩත් කොහොම ඒවාද කියලා කිව්වා නම් කතාව සම්පූර්ණයි (නි)
මොනවද මේ කරන වැඩ? සත්තු මරන්න අනුබල දිදි ඒවා කකා, අනික් අයටත් කන්න පුරුදු කරනවා මදිවට තව රහත් වෙලයි කියලත් කියනවා. අපි කවුරු කියලද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ. (නි)
විමල පෙරේරා මහතාණෙනි, මේවා දකින්න අපේ ඇස් පව් කරලයි තියෙන්නේ. මේවා දැකලා නිවන් දකින්න පුළුවන් කියලා ඔබ හිතනවද? (නි)
රැකියාවක් හෝ ව්‍යාපාරයක් නැතුව මෙලෙස කෝටි ගණන් වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සොයා බැලුවා නම් තමයි හොඳ. රටේ සල්ලියි මේ කාගෙ කාගෙ හරි අතේ කැරකෙන්නේ. (නි)
අශාන් මහත්තයෝ, කතාවට වඩා යමෙකුගේ ක්‍රියාවයි වැදගත්. කටින් එකක් කිය කියා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් නම් එයින් ඇති වැඩේ කුමක්ද? මේ සරල සත්‍යය ඔබතුමන්ලාට තෙරෙන්නේ නැද්ද? එසේ නොමැතිනම් තේරුනත් නොතේරුනා වගේ ඉන්නවද? (නි)
"මෙතන ලොකු ආයතනයක්. ලයිට් බිල් ගෙවන්න ඕනෑ." කියලා රහත් වුණා කියන හාමුදුරුවොම කියලා තියෙනවා. කරුණාකර ආදායම් පරික්ෂා කරන්න. (නි)
දඩුවම් දෙන්න
‘‘මිනිසුන් හිතන් ඉන්නේ බුද්ධාගමේ ඉන්නේ වෙජිටේරියන් කියලා. මට කේන්ති යන්නේ නෑ.‘‘ පුළුවන්නම් කේන්ති ගස්සලා පෙන්වන්න. මේවට හරි හිනා (නදී)
"ලොකු හාමුදුරු කෙනෙක් කිව්වොත් මට කොණ්ඩෙයි රැුවුලයි වවන්න කියලා මං වවන්න ඕනෑද?" ... උඩම ඡායාරූපය බලන්න. ඒකෙ දැනටමත් රැවුල යාන්තමට වවලා තියෙන්නේ. (නි)
අර කාලෙකට කලින් මට මතකයි ෆොටෝ වගයක් දාල තිබුනා මට මතකයි (නදී)
උන්වහන්සේගේ වචන ඇත්ත. (නදී)
තොරණක් වගේ පුටුවත් සරසලා. අනේ අර ගස්වල ලස්සනට පිපිලා තිබුනු මල් ලොරි ගනන් කඩාගෙන ඇවිල්ලා බිමටත් දාලා. මල් උඩින් පය තිය තියා තමයි පාටියට ආවේ. (නදී)
නම මාරු කලේ මොකද දන්නෙ නැහැ. (නදී)
මේ මෝඩයෝ යවන්න ඕනේ අංගොඩ හෝ වැලිකඩ (ම)
රහත් බාවය තුල ඕන දෙයක් අැලීමකින් තොරව පරිහරණය කිරීමට පුළුවන.මා දකින්නේ මෙය සැබෑ නිවන් මග ලෙසයි. මේ හාමුදුරුවන් ඇරෙන්නට මා දන්නා මේ නිවන් මගෙහි තවමත් ගිහිගෙය තුලම සිටිනා උත්තමාවියක් ඇත. ඒ තුමියද මේ නිවන් මගෙහි කෙලවරට පැමිණ ඇත (නදී)
උන්වහන්සේගේ දේශනාවල කිසිම වරදක් නැහැ. ඔබ වහන්සේගේ පහල වීම මෙලොවට වාසනාවක්. සාදු...සාදු...සාදු...!!! (නදී)
වෙනත් ආගම් වල එක එක අයට උවමනා විධියට මත සමාජගත කිරිමට හෝ තමාට උවමනා පරිදි හැසිරිමට නොහැකියි. ඒවා අධික්ෂණය කරන්න පිහිටුවා ගත් වගකිවයුතු අයගෙන් සමන්විත කමිටු ඇත. මක්නිසාද යත් ආගමේ මුවාවෙන් තමාගේ පුද්ගලික අදහස් සමාජගත කිරිම බරපතල වරදක් වන බැවිනි. නමුත් අපේ ආගම වන බුද්ධාගමේ හාමුදුරුවරු තම තමන්ට රිසිසේ හැසිරෙයි. තමාට හිතෙන හිතෙන දේ ප්‍රචාරය කරයි. කිසිම අධික්ෂනයකට භාජනය නොවෙයි. මේ නිසා බුද්ධාගමට වෙන්නේ බලවත් හානියක්. මේ නිසා මේවා සොයා බලන්න මහා නායක ස්වාමින් වහන්සේලා වැඩපිලිවෙලක් සැකසිය යුතුයි හැකි ඉක්මනින්. මෙය නැති නිසා තමයි මෙවැනි ව්‍යසන කරන්නේ. මොකද ආගම කියන්නේ කාගෙවත් බූදලයක් නෙමෙයි තමන්ට ඕන ඕන පරිදි තමන්ට වාසි වෙන විධියට නිර්වචනය කරගන්න දෙන්න එපා. ඒවා සොයාබැලිමට, නිවැරැදි කිරිමට, දඩුවම් කිරිමට හා අවශ්‍ය නම් ශාසනයෙන් නෙරපිමට හැකි වන පරිදි නිති සැකසිය යුතුයි. අපි හැමදාම බැන බැන ඉන්නවා විතරයි මේවා වලක්වන්න මුකුත් කරන්නෙ නැහැ. (නදී)
හාමුදුරුවෝ කියන ධර්මය සත්‍යයි.(හේ)
අන්ධ භක්තිය හරිම භයානකයි. හදවතට නොව බුද්ධියට ඉඩ දෙන්න.(ම)
ඇත්තටම සාසනය ආරක්ෂා කරගැනීමට වි ඇත්තෙ චිවරදාරින්ගෙන්. ගිහි අය ගොඩාක් ඉන්නවා සිල් ආරක්ෂා කරන. ඉදිරියෙදි ගෑනු කැමති නිසා ඒවත් කලා කියලා කියන චිවරදාරින් සාසනේ ඉදීවි. අදම වැඩපිලිවලක් සාසනයට ආදරය කරන අය සැකසිය යුතුයි. එදත් සුභද්‍ර වගේ අය හිටියා එදා ඒවා නිවරදි කලා ඇයි අද කවුරුත් ඉදිරිපත් නොවෙන්නේ (නදී)
මස් කඩෙන් අරන් කෑවට පව් නැහැ කියා කිව්වේ බුදු හාමුදුරුවොද ? (නදි)
මෙතන ඉන්න හැමෝම අනුන් ගැන හොයන්නේ ඇත්තටම බුදුදහම ගැන ආදරය නිසාද? නැත්නම් අන්තර්ජාලයේ ප්‍රසිද්ධවීමටද?මේ හාමුදුරුවන්ගේ දේශනා අහන්න, ගතයුත්ත ගන්න,අනෙක්වා පසෙක දමන්න.තමන්ගේ ගමන යන්න.. (නි)
මේ වගේ දේවල් වලට මුලා වෙනවා ධර්මය නොදන්නා ළමයින්. මේ පුද්ගලයාට පුළුවන් තමුන් කරන ඕනෙම කරුණක් සාදාරනීකරණය කරන්න. මුලින්ම සත්‍ය ධර්මය හදාරා ඉන්න. (නදී)
අනිත් එක මෙතන මේ මිනිහ විතරද ඉන්නේ? අර තව හාමුදුරු සෙට් එකක්ම ඉන්නේ දානෙට ඇවිත්. මෙහෙම සපෝට් එකක් තියෙන කොට මම වුණත් රහත් වෙනවනේ. (අ)
මේ වගේ වැඩ නිසා බුද්ද ශාසනය විනාශ වෙනවා .(අ)
මෙයාව හරියන්නේ අංගොඩ පිස්සන් කොටුවේ ලොක්ක කරන්න තමයි (බ)
නියමයි. හැමදේම ධනාත්මකව හිතන රහතන් වහන්සේ නමක්. (නදී)
ශ්රී සද්ධර්මය ගුරු තැන තබා ගත යුතු කාලය පැමිණ ඇත.(හේ)
අනේ! ඔබ වහන්සේ කෙරෙහි අනුකම්පා කරනු විනා බෞද්ධ අපි කුමක් කරන්නද? (නි)
මේ වගේ දේවල් වලට අපි ඉඩදෙන්න ගියොත් මීටවඩා ලොකු දේවල් කළත් අන්තිමේදී ඒකත් සාධාරණීකරණය කරලා පෙන්වයි (නි)
ගොඩක් සල්ලි ඇති. ඒකනේ මේ කෝටි ගණන් වියදම් කරන්නේ. ඒ උනාට අන්තර්ජාලයේ බලන්න මේ පාටි වලට කුඩුකාරයොත් ඇවිත් ඇති (නදී)
මේ වගේ අය පැවතෙන්නේ අපි වගේ මෝඩ, කම්මැලි අයගේ විශ්වාස නිසා. (බ)
මට නම් මේ මුකුත් තේරෙන්නේ නැහැ .මේ ගැන මහා නායක හාමුදුරුවරුන්ගේ අදහස් මොනවද දන්නේ නැහැ නේද ?...(දිල්)
ඇත්තටම කොහෙන්ද මෙච්චර සල්ලි? මේක හොයන්නම ඕනේ. කවුරු වියදම් කළත් මේ රටේ සල්ලි. මේ නොවටිනා නොවැදගත් දේවල් වලට වියදම් කරන්නේ. තමන් රස්සාවක් කරලා හොයා ගත්තුවා නම් අපිට කමක් නැහැ. නමුත් දන්නා තරමින් රස්සාවක් කරන්නේ නැහැනේ (නදී)
මේවා දැක්කම ඇගේ ලේ කකියනවා. සාසනය ඉවරකරන්න ආපු අය.
අදහන ධර්මයක් පර සුවපිණිසත් යහපතක්ම වන්නේනම් යහපත් බව මාගේ හැගීමයි එනම් ලෝකයේ තව කෙකු සුමගට ගැනීමට යොමුවීමට හේතු පාදක වන්නේනම් යහපත් තමා තුළ තිබෙන ධර්මයට අභියෝගවන ලෝක ධර්මතා තේරුම්ගන්න නොසැලී ඔබ ධර්මයෙහි හැසිරෙන්න. සාදූ සාදූ සාදූ (බ)
කොහෙන්ද මෙච්චර සල්ලි? මේක හොයන්නම ඕනේ. (දිල්)
ඔබ වහන්සේ බුද්ධාගමේද (නදී)
අපි කලයුතු දේ තමයි සාම්ප්‍රදායික ජෛන අදහස් වෙනස් කරලා, බුද්ධිමත්, ප්‍රබුද්ධ, ප්‍රඥා ගෝචර, තර්කානුකූල බෞද්ධ අදහස් වලින් සමාජය පිරවීම. ඒ කරනකොට මිනිස්සු නින්දා කරනවා, එතකොට නිහඩ වෙන්න ඕන. අපහාස කරනවා, නෑහුනා වගේ ඉන්න ඕන. ප්‍රධාන ප්‍රශ්නය මිනිස්සුන්ට බුද්ධාගම ගැන තියෙන නූගත් භාවය. ත්‍රිපිටක බුද්ධ වචනය ගැන තියෙන අපරිපූර්න දැනුම. ඉදිරි කාලයේදී තව දුරටත් සමාජය ප්‍රබුද්ධ භාවයට, ප්‍රඥාගෝචර භාවයට පත්කලොත් අපිට මේ ගැටලු සියල්ලට පිළිතුරු ලබාදෙන්න පුලුවන් ඒ ඔස්සේ. (නදී)
කොහෙන්ද මෙච්චර සල්ලි? දෙයියො දුන්නද? නැත්නම් ?(බ)
චරිත් අබේවික්‍රම නමින් ලියලා තියෙන්නෙ මෙයාමද කොහෙද ඒ කතා විලාසයමයි. ඒ වචනමයි තියෙන්නේ. (බ)
දැන් බැලුවාම කෝටිපතියෙක් වෙන්න ව්‍යාපාර කරන්න ඕනේ නැහැ. (හේ)
කෝ අර ආගමේ නාමයෙන් කෑගහන කට්ටිය මේවට මොකුත් කියන‍්නේ නැද්ද? (නි)
මැදුම් පිළිවෙත යනු මෙයද ?(හේ)
මස් මාළු නෙවෙයි ප්‍රශ්නය. තම තමන්ගේ අවබෝධතා පරාසය. මිනී මරුවෙක් වුනත් මොකද? හරි මඟ පෙන්වනවා නම්.(හේ)
අනේ අපොයි... රටකට ගිය කල.! (නි)
බුදු දහමට තුණුරුවන්ගේම පිහිටයි. (නි)
අවබෝධය නැතිනිසානේ මරන්නේ. ඉතින් එහෙම කෙනෙක් කෙහොමද අනෙක් අයට ඒකේ ආදිනව කියලා දෙන්නේ? ඒවගේ තමයි මේකත්. වැරදි වැඩ කර කර වැරදි පාරෙ යන ගමන් අනෙක් අයට බණ කියන්නේ කොහොමද? කකුළුවා කරන්නෙත් ඕකමලුනේ.... (නි)
ඔය විදියේ මාර්ගඵලලාභීන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා . පෙරුම් පුරන්නවත් බණ භාවනා කරන්නවත් ඕනෑ නැහැ. වටිනා දිළිසෙන සිවුරක් ඇඳගෙන වටිනා වාහනයක ඇවිල්ලා බුද්ධ ධර්මය විකෘති කරලා කියනකොට, අයථා විදියට මුදල් හම්බකරලා , තිබෙන පවු කෙටි ක්‍රම වලින් මකාගන්න ඕනෑ කට්ටියකුත් පස්සෙන් එනවා.බුදුහාමුදුරුවෝ වැඩ සිටි කාලෙත් ඔහොම වුණා. තවමත් වෙනවා. ඒත් ඒවා තාවකාලිකයි. බුදුදහම ඊළඟ බුදුන් වහන්සේ පහළ වෙනතුරුත් පවතීවි (නි).
දන්නා තරමින් රස්සාවක් කරන්නේ නැහැ කොහෙන්ද මෙච්චර සල්ලි? (නදී)
හාමුදුරුවෝ නරක් කරන්නෙත් අපේ දායකයෝම තමා. හාමුදුරුවන්ට පිලිගන්වන්න ඕනේ හමුදුරුවන්ට සුදුසු දේවල් (නදී)
මේ වගේ අය බුදුන්ගේ කාලෙත් උන්නා. (නදී)
මෙය තවත් සොයා බැලිය යුතුය (නදී)
සැබෑම නිර්මල පිරිසිඳු බුදු දහම ඉගෙන ගන්න නම් යන්න මහමෙවුනාවට. මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ඔබ සොයා ගනීවි. (නදී)
මට නම් මෙතන තියෙන එකම ගැටලුව මුන් වහන්සේ රහත් පදවිය කියන උත්තම පදවියට නිග්‍රහ කිරීමයි. මම දන්නා විදියට රහත් උන උතුමෙක් කවදාවත් වෙනත් කෙනෙකුට අපහාස කරන්නේ නැහැ. නමුත් මුන් වහන්සේ මාධ්‍යවේදීන්ට අපහාස කරන අයුරු බලන්න. "සාමාන්‍ය මිනිස්සු කන කෑම ගේනවා. පුනක්කු තණකොල ගේන්නේ නෑ. ඔය මෝඩ මාධ්‍යවේදීන් එන බව දන්නවා නම් අපි ඒවත් හදනවා. අපි ලබන අවුරුද්දේ ඒවත් හදනවා එන මෝඩ මාධ්‍යවේදීන්ට දෙන්න. " ඉතින් මේකම මදිද එයාගේ රහත් බව තේරුම් ගන්න? (නදී)
"කවුරුහරි ගල්වලින් ගැහුවොත් මං ගල්වලින් ගහන්න යන්නේ නෑ. ඒ ගල් එකතු කරලා ගෙයක් හදනවා. රහතන් වහන්සේලා ගල් එකතුකරලා ගෙවල් හදන්න යන්නේ නැහැ. රහතුන් වහන්සේලා කියන්නේ ගෙවල් හදන එක නවත්තපු උතුමන්ලා.(නදී)
"ඔය මෝඩ මාධ්‍යවේදීන් එන බව දන්නවා නම් අපි ඒවත් හදනවා. අපි ලබන අවුරුද්දේ ඒවත් හදනවා එන මෝඩ මාධ්‍යවේදීන්ට දෙන්න." මම දන්නා විදියට මේ තියෙන්නේ පරුෂා වාචා, රහත් බව කෙසේ වෙතත් අඩුම ගානේ ආජිව අෂ්ටමක සීලෙවත් නැහැ. (පරුෂා වාචා වේරමණී සික්කාපදන් සමාදියාමි...) (නදී)
මෙහෙම බලාගෙන ගියාම රහත් උනා කියන එක මුසා වාදයක්. එතකොට අඩුම ගන්නේ පංච සීලෙවත් නැහැ.(නදී)
මෙහෙම අය තවත් මේ විදියට පහළවේවි. අපිට හරි කණගාටුයි (නි)
මස්කඩකාරයෝ මරන්නේ විනෝදයට වෙන්න ඇති. අනගාරික ධර්මපාල තුමා ලංකාවෙන් ගිය එක අහන්නත් දෙයක්ද? (නි)
කෝටි ගණන් හම්බකරන්න පුළුවන් බිස්නස් එක මොකක්ද කියන එකයි ප්‍රශ්නය. රජයේ වගකීම මේවා සොයාබැලීමයි. (නි)
රශ්මි, ඔයා කිව්වට "හාමුදුරුවෝ නරක් කරන්නෙත් අපේ දායකයෝම තමා" කියලා එය වැරදියි. එය කියන හාමුදුරුවො කියලා තියෙන්නේ මේ ලිපියෙම "මෙතන වැඩපිළිවෙළ හරි සංවිධානාත්මකයි. මම කියන එක විතරයි කරන්නේ. " එයා කියන්නේ එයා කියලයි ගෙන්වා ගන්නේ. මට හිතෙන්නේ කියලා ගෙන්වනවාත් නෙමෙයි. එයාම වියදම් කරලායි මේවා කරන්නේ කියලයි. (නි)
මෙම සමාජයේ නොයෙක් විදියේ බොරුකියන අය ඉන්නවා. (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! (නි)
මෙම හාමුදුරුවන්ගේ රහත්බව පිළිබඳව මට නම් හිතාගන්න පුලුවන් (නි)
මෙහෙමත් අය ඉන්නවනේ! (නි)
බුදුරජාණන් වහන්සේ පංච ශීලයේදී පාණාතිපාතා වේරමණී කියා කිව්වේ පණැති සතුන් මැරීමෙන් වළකින්න කියලයි. විරමණය කියන්නේ කිරීමෙන් හෝ ක්‍රියාවට අනුබලදීමෙන් වැළකීම. මෙතන සිදුවෙලා තියෙන්නේ මැරීමට අනුබලදීමක්. ඒ අනුව සුපර් මාකට් එකෙන් ගත්තා කියන්නේ පවට අනුබලදීමක්. අනික බුදුදහම අවිහිංසාවාදී ධර්මයක්. හාමුදුරුවන්ට මස් කන්න ඕනෑ නම් කන්න. නමුත් තමා කළ වැරැද්ද සාධාරණීකරණය කරන්නට එපා. (නි)
නියම බුදු දහම සහ සම්ප්‍රදායික බුදු දහම අතර වෙනස ගොඩක් අයට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා තමා මෙහෙම ප්‍රශ්න උපදින්නේ (නදී)
බුදු දහම නැසීමට ආ මෙවන් වර්තමාන දේවදත්තවරු සසුනෙන් හා ලංකාවෙන්ම පන්නා දැමිය යුතුය. (නදී)
මස් කනේ නිසා සතු මරන්නිය , මස් නො කයි නම් . ඔවුන් මරණ නැත . එබැවින් කෑවත් පවු , මැරුවත් පවු සමානයි ....(ම)
මේ මනුස්සය හැමදාම රෑට බොනවා. මේ ළඟදි නුවරඑළිය පැත්තේ හෝටලයකට ඇවිල්ලා එක රැයක් හිටිය තවත් කීප නමක් සමග. පසුවදා උදේ පිටත් වුනාට පසුව හෝටලයේ කාමර සුද්ද කරනකොට හිස් අරක්කු බෝතල් හම්බවෙනවා. දේවදත්තයා නැවත පහළ වෙලා. මේවට අනුබලදෙන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ගැනියෙක්. මේ වෙන වැඩ වලට වෙන වෙන දේව නිකාය ආගම් වල අනුග්‍රහය ලැබෙනවලු. (බ)
අපිනම් අහලා තියෙන්නේ මාර්ගඵල ලබපු කිසිම කෙනෙක් තමන් මාර්ග ඵල ලැබුවා කියලා කාටවත්ම කියන්නේ නෑ කියලයි. (ත)
අනේ අපි නොදන්නා කතා! (නි)
මට දැනෙන දේ ප්‍රසිද්ධියේ කියන්න අමාරුයි. (නි)
අපිත් හොඳ බෞද්ධයෝ. නමුත් ඔබවහන්සේ කරන වැඩ අපි අනුමත කරන්නේ නෑ. (ත)
අනේ තණකොළ ටිකක් කන්න දීල නිකන් ඉන්න (අ)
කොසොල් රජ්ජුරුවන් දුටු සොළොස් මහ සිහින ගැන බුදුරජාණන් වහන්සේ අර්ථ විග්‍රහ කළ කරුණු සහ මේ චීවරධාරියා කියන කතාවලට අදාල කරුණු අනුව ඔහුට අදාල සිහිනයත් සංසංදනාත්මකව සලකා බලන කල්හී බුද්ධියක් ඇත්තවුනට යතාර්ථය වැටහිය යුතුව ඇත.(හේ)
සමහර පිළිතුරුවල ස්වභාවය උචිත නොවන බව එකවරම සිතට දැනුනද, ඒ මා පුරුදු වී ඇති චින්තනය නිසා විය හැකි බව පසුව පැහැදිලි වේ. කෙසේ උවද සමන්තභද්‍ර රහතන්වහන්සේ දෙසන ධර්මය පිළිපැදීමෙන් සිතට දැනෙන්නේ පුදුමාකාර සැනසිල්ලකි. (බ)