දුම්රිය ස්ථාන දෙකක් අතර ඇති වැඩිම බිම් ගෙවල් ගණනාවක් ඇති රට ශ්‍රී ලංකාවයි. එසේම, එම දුම්රිය බිම් ගෙවල් පිහිටා ඇත්තේ බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය අතරයි. ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා ඇති දුර කිලෝමීටර් 8.5කි. මෙම දුර ප‍්‍රමාණය අතර දුම්රිය බිම් ගෙවල් 14ක් පිහිටා ඇත.
මෙම දුම්රිය බිම් ගෙවල් 14ම එක්දහස් අටසිය ගණන්වල දී සාදා ඇති අතර ඒවාට වර්ෂ සියයකට වඩා පැරණි ඉතිහාසයක් ඇත. මෙම බිම් ගෙවල් සියල්ලම ප‍්‍රාථමික තාක්ෂණික ක‍්‍රමවේද උපයෝගි කරගෙන නිර්මාණය කර ඇත. ඒ සඳහා මිනිස් ශ‍්‍රමය විශාල වශයෙන් භාවිතයට ගන්නට ඇත. එසේම බිම් ගෙවල් නිර්මාණයේ දී භාවිතයට ගැණුනු වෙඩි බෙහෙත් ගබඩා කිරීම පිණිස භාවිත කරන ලද වෙඩි බෙහෙත් ගබඩාවක් ද ඔහිය දුම්රිය ස්ථානයට මදක් දුරින් පිහිටා ඇත. එම වෙඩි බෙහෙත් ගබඩාව සවි ශක්තියෙන් යුතුව වක‍්‍රාකාර කොන්ක‍්‍රීට් වහලයක් සහිතව ඉදි වූවකි.
මෙම දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය බිම් ගෙවල් 14ට අමතරව කුඩා ප‍්‍රමාණයේ පාලම් 4ක් ද දක්නට ලැබේ. මෙම දුම්රිය බිම් ගෙවල් මුහුණත් එකිනෙකට වෙනස්ය. එකිනෙකට ඉදිරිපස හැඩතල ද වෙනස්ය. බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 22 සිට අංක 35 දක්වා මෙම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇති බිම් ගෙවල්වල අංක වෙයි.
අංක 26 දරන බිම් ගෙය මෙම ප‍්‍රදේශයේ හමුවන දිගින් අඩුම දුම්රිය බිම් ගෙය වන අතර උසින් අඩුම දුම්රිය බිම් ගෙයද මෙයම වේ. මෙහි දිග මීටර් 20.12කි. මෙය වට්ටක්කා බිම් ගෙය ලෙස ද හඳුන්වන අතර, මෙය ඉදිරියෙන් පාලමක් ද දක්නට ලැබේ. අංක 29 දරන දුම්රිය බිම් ගෙය මෙම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇත. එහි දිග මීටර් 181.09කි.
අංක 23 දරන බිම් ගෙයෙහි දිග මීටර් 140.85කි. අංක 22 දරන බිම් ගෙය දිග මීටර් 124.39කි. අංක 34 දරන බිම් ගෙය දිග මීටර් 120.73කි. අංක 28හි දිග මීටර් 100.6කි. අංක 25, 30, 32 සහ 35 දරන බිම් ගෙවල්හි දිග මීටර් 80.48කි. අංක 27, 31 සහ 33හි දිග මීටර් 60.36කි. අංක 24රේ දිග මීටර් 40.24 වන අතර අංක 22 දරන බිම් ගෙයි දිග මීටර් 20.12කි. සෑම බිං ගෙයකම අංකයත්, කොළඹ සිට ආරම්භ වන ස්ථානයට ඇති දුර සැතපුම්වලිනුත් සඳහන් කර ඇත.
ඔහිය දුම්රිය ස්ථානය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය දෙපස ඇත්තේ රජයේ වනාන්තර වන අතර, දුම්රිය මාර්ගය හැර වෙන කිසිදු ආකාරයක ප‍්‍රවාහන පහසුකම් නොමැත. කිසිම ආකාරයක මිනිස් වාසස්ථාන ද නැත. මේ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය පා ගමන ඉතාම ත‍්‍රාසජනක අත්දැකීමකි.
මෙම ලිපිය සම්පාදනය කිරීම සඳහා මා පසුගියදා ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය දිගේ පා ගමනින් පැමිණි අතර, මෙම දුම්රිය පා ගමන සඳහා චතුරංග, තුෂාර සහ මධුසංක යන අය මා සමග සහභාගි වූහ.
ඉන්දක කරුණාදාස
|
අංක 32 දරණ දුම්රිය බිංගෙය |
|
අංක 24 දරණ දුම්රිය බිංගෙය |
|
අංක 29 දරණ දුම්රිය බිංගෙය |
|
අංක 26 දරණ දුම්රිය බිංගෙය (වට්ටක්කා බිංගෙය) |
|
අංක 22 දරණ දුම්රිය බිංගෙය |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංක 22,24 බිංගෙවල් දෙක හරිම කලාත්මකයි.(නදී)
ඇත්තෙන්ම ඉතාමත් රසවත් ලිපියක්. (නි)
හරිම ලස්සනයි. මම කවදහරි මෙම ස්ථානය බලන්න යනවා.(නදී)
මගේ රට ලස්සනයි. ස්තුතියි ඔබට.(නදී)
කාලෙකින් කියවපු ඉතා වටිනා ලිපියක්. ඒ වගේම ලස්සන පින්තූර ටික. ලබන සැරේ ලංකාවට ආවහම අනිවාර්යෙන්ම බලන්න යනවා. ලංකාදීපයට ස්තුතියි. (ස)
ඉතා වැදගත් , මමත් අද දැනගත්තේ. ස්තූතියි ලංකාදීප (ස)
මෙතරම් දිග උමං ලංකාවේ තියෙනවාද (දී)
නියම ලිපියක්.(නදී)
වැදගත් ලිපියක්.ස්තූතියි.(නදී)
මේ වගේ දේවල් බලන්නත් පිනක් ඕනේ (දී)
සුන්දරත්වයෙන් අංක 1 ලංකාව (දී)
මාධ්‍යවේදී මහතාගේ උත්සාහය ඉතාමත් අගෙයි. (නි)
හොඳ වැඩක්, ඔබගේ ලිපියට බොහොමත්ම ස්තූතියි (ස)
සුද්දටම හොද කියන්න එපා. මොකද ඕවා එදා සුද්දා හැදුවේ නැත්නම් අපි බදුල්ලට නොගිහින් ඉන්නවද? (නි)
මේවා සුද්දෝ හදාපුවානේ. (නි)
පාසල් ළමයින්ට ඉතා වටිනා පුවතක් (දී)
ඇත්තටම ලස්සනයි. බලන්න ඕන දේවල් තමයි. නියම වැඩසටහනක් හොදට කරලා තියෙනවා.(නදී)
ගොඩක් වටිනා ලිපියක්. අපිත් කැම්පස් එකේදී පර්යේෂණයකට ඹය බිං ගෙවල් ඔක්කොගෙම ගියා. ඇත්තටම හරිම අපූරු අත්දැකීමක් වුණා. (නි)
ඉන්දික , ලිපිය නියමයි. මට ඔබගේ ඇගිළි තුඩු ඉඹින්න හිතුණා. (නි)
ඒක නියම ලිපියක්.(නදී)
මේ ඔක්කොම සුද්දගේ වැඩෙන ඉතින්. (නි)
මම නම් ඔය ගමන ගියා. නියම ගමන, හැබැයි තහනම් ඔහොම යන එක.(නදී)
අපි නම් ගියා. කියලා වැඩක් නැහැ.මරේ මරු.... (නි)
ඉතා හොද ලිපියක්. ඒ වගේම ඡායාරූපත් ලස්සනයි. (නි)
වටිනා විස්තරයක්. ඡායාරූප ටික අගෙයි.(නදී)
ඉතාමත් සුන්දර දසුනක් (දී)
ස්තූතියි ඉන්දික. මේ ලිපිය ඉතා රසවත්. (නි)
ස්තූතියි.අපූරු ලිපියක්.. (ස)
ගොඩක් හොඳයි (ස)
ලාංකිකයෙක් විදියට ලෝකේ කොහේ හිටියත් හදවතිනුයි ඇස් වලිනුයි රසවිඳින්න පුළුවන් එකම රට. (නි)
ලංකාවේ සුන්දරත්වය (දී)
මම මේ ගැන උනන්දුයි. ස්තූතියි. www.panoramio.com/user/pubudu (නි)
අපි අපේම කියාගන්න මොනවද තැනුවේ කියන්නකෝ. (නි)
අද අපේ තරුණ පරපුරට අපේ උරුමයේ වැදගත්කම ගැන කියාදෙන්න බොහොම වැදගත් ලිපියක්. (නි)
මම මේ ලිපියට හරි කැමතියි. බොහොම ස්තූතියි ලංකාදීප! (නි)
ඇත්තෙන්ම රසවත් ලිපියක්. (නි)
ලංකාවේ මේ වගේ ලස්සන තැන තියෙනවාද (දී)
ස්තූතියි සහෝදරයා! (නි)
නසාර් අපි අපේම කියලා හදපුවා මොනවද කියලා අනුරාධපුරයට හෝ පොලොන්නරුවට ගිහින් බලන්න.(නදී)
ලංකාදීප, ඔබට තුති මල්! (නි)
පුදුමාාකර ලිපියක්. ස්තූතියි ලංකාදිප. (නි)
වටිනා ලිපියක් සහ දකින්න නොලැබෙන ඡායාරූප පෙළකි. (නි)
ඉන්දිකට සහ ලංකාදීපයට ස්තූතියි! (නි)
ඔක්කොම බින් ගෙවල් ගැන සම්පුර්ණ විස්තරයක් ඉදිරි සතියකදී කරන්න (දී)
අතිශය ලස්සනයි, ලෝකෙන් උතුම්ම ලස්සනම රට ලංකාවයි (දී)