IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


දුම්රිය ස්ථාන දෙකක් අතර දිගම බිංගෙය

දුම්රිය ස්ථාන දෙකක් අතර ඇති වැඩිම බිම් ගෙවල් ගණනාවක් ඇති රට ශ්‍රී ලංකාවයි. එසේම, එම දුම්රිය බිම් ගෙවල් පිහිටා ඇත්තේ බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය අතරයි. ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා ඇති දුර කිලෝමීටර් 8.5කි. මෙම දුර ප‍්‍රමාණය අතර දුම්රිය බිම් ගෙවල් 14ක්  පිහිටා ඇත.

මෙම දුම්රිය බිම් ගෙවල් 14ම එක්දහස් අටසිය ගණන්වල දී සාදා ඇති අතර ඒවාට වර්ෂ සියයකට වඩා පැරණි ඉතිහාසයක් ඇත. මෙම බිම් ගෙවල් සියල්ලම ප‍්‍රාථමික තාක්ෂණික ක‍්‍රමවේද උපයෝගි කරගෙන නිර්මාණය කර ඇත. ඒ සඳහා මිනිස් ශ‍්‍රමය විශාල වශයෙන් භාවිතයට ගන්නට ඇත. එසේම බිම් ගෙවල් නිර්මාණයේ දී භාවිතයට ගැණුනු වෙඩි බෙහෙත් ගබඩා කිරීම පිණිස භාවිත කරන ලද වෙඩි බෙහෙත් ගබඩාවක් ද ඔහිය දුම්රිය ස්ථානයට මදක් දුරින් පිහිටා ඇත. එම වෙඩි බෙහෙත් ගබඩාව සවි ශක්තියෙන් යුතුව වක‍්‍රාකාර කොන්ක‍්‍රීට් වහලයක් සහිතව ඉදි වූවකි.

මෙම දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය බිම් ගෙවල් 14ට අමතරව කුඩා ප‍්‍රමාණයේ පාලම් 4ක් ද දක්නට ලැබේ. මෙම දුම්රිය බිම් ගෙවල් මුහුණත් එකිනෙකට වෙනස්ය. එකිනෙකට ඉදිරිපස හැඩතල ද වෙනස්ය. බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 22 සිට අංක 35 දක්වා මෙම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇති බිම් ගෙවල්වල අංක වෙයි.

අංක 26 දරන බිම් ගෙය මෙම ප‍්‍රදේශයේ හමුවන දිගින් අඩුම දුම්රිය බිම් ගෙය වන අතර උසින් අඩුම දුම්රිය බිම් ගෙයද මෙයම වේ. මෙහි දිග මීටර් 20.12කි. මෙය වට්ටක්කා බිම් ගෙය ලෙස ද හඳුන්වන අතර, මෙය ඉදිරියෙන් පාලමක් ද දක්නට ලැබේ. අංක 29 දරන දුම්රිය බිම් ගෙය මෙම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇත. එහි දිග මීටර් 181.09කි.

අංක 23 දරන බිම් ගෙයෙහි දිග මීටර් 140.85කි. අංක 22 දරන බිම් ගෙය දිග මීටර් 124.39කි. අංක 34 දරන බිම් ගෙය දිග මීටර් 120.73කි. අංක 28හි දිග මීටර් 100.6කි. අංක 25, 30, 32 සහ 35 දරන බිම් ගෙවල්හි  දිග මීටර් 80.48කි. අංක 27, 31 සහ 33හි දිග මීටර් 60.36කි. අංක 24රේ දිග මීටර් 40.24 වන අතර  අංක 22 දරන බිම් ගෙයි දිග මීටර් 20.12කි. සෑම බිං ගෙයකම    අංකයත්, කොළඹ සිට ආරම්භ වන ස්ථානයට ඇති දුර සැතපුම්වලිනුත් සඳහන් කර ඇත.

ඔහිය දුම්රිය ස්ථානය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය යන දුම්රිය  ස්ථාන අතර දුම්රිය මාර්ගය දෙපස ඇත්තේ රජයේ වනාන්තර වන අතර, දුම්රිය මාර්ගය හැර වෙන කිසිදු   ආකාරයක ප‍්‍රවාහන පහසුකම් නොමැත. කිසිම ආකාරයක මිනිස් වාසස්ථාන ද නැත. මේ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය පා ගමන ඉතාම ත‍්‍රාසජනක අත්දැකීමකි.

මෙම ලිපිය සම්පාදනය  කිරීම සඳහා මා පසුගියදා ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය   දිගේ පා ගමනින්  පැමිණි අතර, මෙම දුම්රිය පා ගමන සඳහා චතුරංග, තුෂාර සහ මධුසංක යන අය මා සමග සහභාගි වූහ.

 

ඉන්දක කරුණාදාස

 

  අංක 32 දරණ දුම්රිය බිංගෙය

 

අංක 24 දරණ දුම්රිය බිංගෙය

 

අංක 29 දරණ දුම්රිය බිංගෙය

 

අංක 26 දරණ දුම්රිය බිංගෙය (වට්ටක්කා බිංගෙය)

 

අංක 22 දරණ දුම්රිය බිංගෙය 

 



අදහස් (0)

දුම්රිය ස්ථාන දෙකක් අතර දිගම බිංගෙය

ධනුෂ්ක Monday, 25 March 2013 04:11 PM

ගොඩක් හොඳයි (ස)

:       0       0

පුබුදු Monday, 25 March 2013 11:41 PM

මම මේ ගැන උනන්දුයි. ස්තූතියි. www.panoramio.com/user/pubudu (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 27 March 2013 02:16 PM

කාලෙකින් කියවපු ඉතා වටිනා ලිපියක්. ඒ වගේම ලස්සන පින්තූර ටික. ලබන සැරේ ලංකාවට ආවහම අනිවාර්යෙන්ම බලන්න යනවා. ලංකාදීපයට ස්තුතියි. (ස)

:       0       0

වීරසිංහ-අරාබිය Sunday, 31 March 2013 06:35 AM

ඇත්තටම ලස්සනයි. බලන්න ඕන දේවල් තමයි. නියම වැඩසටහනක් හොදට කරලා තියෙනවා.(නදී)

:       0       0

නෂ්රුදීන් නිෂාම්ඩීන් Wednesday, 27 March 2013 02:12 AM

හරිම ලස්සනයි. මම කවදහරි මෙම ස්ථානය බලන්න යනවා.(නදී)

:       0       0

ප්‍රසංග Monday, 25 March 2013 04:50 PM

ලාංකිකයෙක්  විදියට ලෝකේ කොහේ හිටියත් හදවතිනුයි ඇස් වලිනුයි රසවිඳින්න පුළුවන් එකම රට. (නි)

:       0       0

ගාමිණී Friday, 29 March 2013 08:45 PM

අංක 22,24 බිංගෙවල් දෙක හරිම කලාත්මකයි.(නදී)

:       0       0

චමින්ද Tuesday, 26 March 2013 03:23 PM

ලංකාවේ මේ වගේ ලස්සන තැන තියෙනවාද (දී)

:       0       1

රොද්‍රගු Wednesday, 27 March 2013 02:40 PM

ඉතා වැදගත් , මමත් අද දැනගත්තේ. ස්තූතියි ලංකාදීප (ස)

:       0       1

ලක්මුතු Monday, 25 March 2013 12:00 PM

ස්තූතියි ඉන්දික. මේ ලිපිය ඉතා රසවත්. (නි)

:       0       1

රංජිත් Friday, 29 March 2013 05:35 AM

මාධ්‍යවේදී මහතාගේ උත්සාහය ඉතාමත් අගෙයි. (නි)

:       0       0

ශානක Tuesday, 26 March 2013 04:15 PM

ස්තූතියි සහෝදරයා! (නි)

:       0       1

අනුර Thursday, 28 March 2013 11:41 AM

මේ වගේ දේවල් බලන්නත් පිනක් ඕනේ (දී)

:       0       1

ආනන්ද Saturday, 30 March 2013 01:55 AM

සුද්දටම හොද කියන්න එපා. මොකද ඕවා එදා සුද්දා හැදුවේ නැත්නම් අපි බදුල්ලට නොගිහින් ඉන්නවද? (නි)

:       0       1

ස්වින් Thursday, 28 March 2013 12:05 PM

සුන්දරත්වයෙන් අංක 1 ලංකාව (දී)

:       0       1

සිතිර Saturday, 04 May 2013 10:29 PM

මේ ඔක්කොම සුද්දගේ වැඩෙන ඉතින්. (නි)

:       0       0

ප්‍රේමදාස Monday, 25 March 2013 12:20 AM

මම මේ ලිපියට හරි කැමතියි. බොහොම ස්තූතියි ලංකාදීප! (නි)

:       0       1

චමූ Tuesday, 16 April 2013 11:08 AM

ඒක නියම ලිපියක්.(නදී)

:       0       0

අරක්ෂා Tuesday, 26 March 2013 05:13 PM

නසාර් අපි අපේම කියලා හදපුවා මොනවද කියලා අනුරාධපුරයට හෝ පොලොන්නරුවට ගිහින් බලන්න.(නදී)

:       0       0

අමිල Monday, 25 March 2013 01:08 PM

ස්තූතියි.අපූරු ලිපියක්.. (ස)

:       0       0

නසාර් Tuesday, 26 March 2013 09:14 AM

අපි අපේම කියාගන්න මොනවද තැනුවේ කියන්නකෝ. (නි)

:       0       0

ඉෂාර Wednesday, 15 May 2013 07:45 AM

මම නම් ඔය ගමන ගියා. නියම ගමන, හැබැයි තහනම් ඔහොම යන එක.(නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 30 March 2013 08:10 AM

මේවා සුද්දෝ හදාපුවානේ. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 25 March 2013 03:16 AM

වටිනා විස්තරයක්. ඡායාරූප ටික අගෙයි.(නදී)

:       0       0

තිස්ස Tuesday, 26 March 2013 05:56 PM

ලංකාදීප, ඔබට තුති මල්! (නි)

:       0       0

රාජිත Saturday, 30 March 2013 08:50 PM

පාසල් ළමයින්ට ඉතා වටිනා පුවතක් (දී)

:       0       0

හෆීල් Tuesday, 26 March 2013 06:24 PM

පුදුමාාකර ලිපියක්. ස්තූතියි ලංකාදිප. (නි)

:       0       0

බොතේජු Tuesday, 26 March 2013 06:55 PM

වටිනා ලිපියක් සහ දකින්න ‍නොලැබෙන ඡායාරූප පෙළකි. (නි)

:       0       0

බොතේජු Tuesday, 26 March 2013 06:55 PM

ඉන්දිකට සහ ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

සම්පත් Wednesday, 27 March 2013 04:57 PM

මෙතරම් දිග උමං ලංකාවේ තියෙනවාද (දී)

:       0       0

කසුන් Tuesday, 26 March 2013 07:10 PM

ඔක්කොම බින් ගෙවල් ගැන සම්පුර්ණ විස්තරයක් ඉදිරි සතියකදී කරන්න (දී)

:       0       0

ඉන්දක Monday, 25 March 2013 08:55 PM

ලංකාවේ සුන්දරත්වය (දී)

:       0       0

ටෙශාන් Tuesday, 26 March 2013 07:25 PM

අතිශය ලස්සනයි, ලෝකෙන් උතුම්ම ලස්සනම රට ලංකාවයි (දී)

:       0       0

සිල්වා Tuesday, 26 March 2013 11:49 AM

අද අපේ තරුණ පරපුරට අපේ උරුමයේ වැදගත්කම ගැන කියාදෙන්න බොහොම වැදගත් ලිපියක්. (නි)

:       0       0

නිශාන්ත විජේසුරිය Wednesday, 27 March 2013 11:47 AM

මගේ රට ලස්සනයි. ස්තුතියි ඔබට.(නදී)

:       0       0

චින්තක Tuesday, 26 March 2013 01:13 PM

ඉතා හොද ලිපියක්. ඒ වගේම ඡායාරූපත් ලස්සනයි. (නි)

:       0       0

දිමුතු මධුෂාන් Thursday, 28 March 2013 07:34 AM

නියම ලිපියක්.(නදී)

:       0       0

තිළිණි Tuesday, 26 March 2013 09:02 PM

හොඳ වැඩක්, ඔබගේ ලිපියට බොහොමත්ම ස්තූතියි (ස)

:       0       0

සිරි Tuesday, 26 March 2013 01:33 PM

ඇත්තෙන්ම රසවත් ලිපියක්. (නි)

:       0       0

පෝලෝ Friday, 05 April 2013 01:24 PM

ගොඩක් වටිනා ලිපියක්. අපිත් කැම්පස් එකේදී පර්යේෂණයකට ඹය බිං ගෙවල් ඔක්කොගෙම ගියා. ඇත්තටම හරිම අපූරු අත්දැකීමක් වුණා. (නි)

:       0       0

දේශානි Thursday, 28 March 2013 09:19 AM

වැදගත් ලිපියක්.ස්තූතියි.(නදී)

:       0       0

දිසා Tuesday, 26 March 2013 10:33 PM

ඇත්තෙන්ම ඉතාමත් රසවත් ලිපියක්. (නි)

:       0       0

ටානියා Monday, 25 March 2013 10:18 AM

ඉතාමත් සුන්දර දසුනක් (දී)

:       0       0

සුනිල් ආනන්ද Thursday, 11 April 2013 06:10 PM

ඉන්දික , ලිපිය නියමයි. මට ඔබගේ ඇගිළි තුඩු ඉඹින්න හිතුණා. (නි)

:       0       0

චරිත් මදුසන්ක Wednesday, 15 May 2013 07:40 PM

අපි නම් ගියා. කියලා වැඩක් නැහැ.මරේ මරු.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 148 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 30 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 57 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 128 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 220 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 845 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site