IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දියර කිරේ ගුණ බලේ

 

 

ජාත්‍යන්තර කිරි නිෂ්පාදනය කෙරෙන සමාගමක කිරිපිටිවල ඞීසීඞී රසායනිකය පැවතීම සහ කිරි ආශි‍්‍රත ඇතැම් නිෂ්පාදනවල ටස්ටේලියම් බොටීලනම් නමැති බැක්ටීරියාව, අන්තර්ගතව ඇතැයි කියන බිය නිසා කිරි නිෂ්පාදන පිළිබඳ රටෙහි මහත් ආන්දෝලනයක් ඇති විය.

අද වනවිට කිරි භාවිතය පිළිබඳ පාරිභෝගිකයාට ඇත්තේ භීතියකි.

පසුගිය සති කිහිපය පුරාවටම ගොඩනැගුණු කථිකාවන්හි අවසාන ප‍්‍රතිඵලය වූයේ දියර කිරි භාවිතය රටට වඩාත් යෝග්‍ය බවය.

කිරි ශරීරයට අත්‍යවශ්‍ය නොවන දෙයක් බවත් කොළ කැඳ, ලූණු කැඳ, වැනි ආහාර කිරි වෙනුවට කදිම ආදේශ ලෙස පෙන්වාදීමට ඇතැමුන් මෙම කාලයේදී උත්සාහ ගත් නිසාම කිරි සැබැවින්ම ශරීරයට හිතකරද නැද්ද යන පැනයට පිළිතුරු සොයා විද්‍යාත්මක විශ්ලේෂණයක තොරතුරු සොයා අපි ගියෙමු.

අලූත උපන් ළදරුවකුට මෙලොව ලබාදිය හැකි හොඳම කිරි වන්නේ මව්කිරිය. එහි විවාදයක් නැත. වෙනත් කිසිදු ආහාරයක් ලබා නොදී මව්කිරි පමණක්ම ළදරුවකුට උපතේ සිට මාස හයක් දක්වා නිර්දේශ කරනුයේ ක‍්‍රමයෙන් වැඩෙන ළදරු ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක එහි අන්තර්ගත වන බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මෙම කරුණු පෙන්වාදී ඇත්තේ පොදුවේ ගත් කළ මුළු ලෝකයටම මෙම කරුණ බලපැවැත්වෙන බැවිනි.

ළදරුවන්ගේ පෝෂණයෙහිලා මව්කිරිවල වටිනාකම මෙයින් මනාව පැහැදිලිය. එසේ නමුත් ළදරුවාට අවශ්‍ය මව්කිරි මවට ලබාදිය නොහැකි නම් (මවට කිරි නැති විට මව රෝගයකින් පෙළීම, දරුවා මව්කිරි බීම ප‍්‍රතික්ෂේප කිරීම වැනි අවස්ථාවල) ඒ වෙනුවෙන් ලබාදිය හැකි ආදේශක වන්නේ ළදරු කිරි පිටි වර්ගයන්ය.

මෙම ළදරු කිරි පිටි සියල්ලම පාහේ දියර කිරි අනුසාරයෙන් සකස් කෙරේ. ළදරු කිරි පිටි සමාගම් තම නිෂ්පාදනවල සංයුතිය මව්කිරිවල සංයුතියට හැකි තරම් ආසන්නව තබා ගැනීමට උත්සාහ ගැනීම ලෝක සම්මතයන්ට අනුවද සිදු කෙරේ.

එසේ වුවද මව්කිරිවලට සියයට සියයක් ආදේශකයක් ලෙස ළදරු කිරි පිටි සකස් කළ හැකි වන්නේ නැත. ඒ මව්කිරිවල ගුණය එතරම්ම අපමණ බැවිනි.

ළදරුවකුට වසරක් පමණ යන තෙක් සාමාන්‍ය කිරි  (COWS MILK) ලබාදීමක් නොවේ.විද්‍යානුකූලව තොරතුරු පිරික්සීමේදී එයට මූලිකම හේතුව වන්නේ එළකිරිවල වැඩෙන ශරීරයට අත්‍යවශ්‍ය යකඩ නොමැති වීමත් ආහාර මාර්ගය ආශි‍්‍රතව රුධිර වහනය වීමත් වැනි සංකූලතා හට ගැනීම. සංකූලතා ඇතිවීම ඇතිවිය හැක. එම නිසාම වැඩිහිටියන් භාවිත කරන කිරි අවුරුද්දට අඩු ළදරුවන්ට ලබාදීම වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ නොකෙරේ.

නමුත් වසරක් ඉක්ම වූ දරුවන්ටත්,  ඕනෑම වයසක පසුවන වැඩිහිටියන්ටත්, ඉතාම වැදගත්ම පානයක් ලෙස එළකිරි හඳුන්වා දිය හැක. මෙරට එළ ගවයින්ගෙන් ලබාගන්නා කිරි යෝගට්, පාශ්චරීකරණය කරන ලද කිරි, ජීවානුහරණය කරන ලද කිරි, මුදවන ලද කිරි, බටර්, අයිස්කී‍්‍රම්, එළඟි තෙල්, සකසන ලද චීස්, කිරිපිටි ආදී විශාල පරාසයකට අයත් නිෂ්පාදන සඳහා යොදා ගනී.

 

කිරි වීදුරුවක අන්තර්ගතය
කිරිවල ප්‍රෝටීන     සියයට 3
කාබෝහයිඩ්‍රේට්     සියයට 5
මේදය     සියයට 4
ජලය     සියයට 87

 

කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම් සහ සින්ක් වැනි ශරීරයට අත්‍යවශ්‍ය ලවණ වර්ග මෙන්ම විටමින් ඒ විටමින් බී කාණ්ඩයට අයත් බී 12, ෆයිබර්ෆෙලේවින්, සහ ෆැන්ටාටෙනික් අම්ල යන විටමින් වර්ග ද බෙහෙවින් අඩංගුය. මිලි ලීටර් 250 කිරි වීදුරුවකින් දෛනික කැල්සියම් අවශ්‍යතාවෙන් සියයට විසිපහක් පමණ සපුරා ගත හැකිවීම ද විශේෂත්වයකි.

කැල්සියම් ප‍්‍රභවයක් ලෙසද කිරිවලට ලොව පුරා විශේෂ තැනක් හිමිය.

කිරිවල ඇති කැල්සියම් පහසුවෙන් ශරීරයට අවශෝෂණය වන නිසාම වැඩිහිටියකුගේ දෛනික කිරි අවශ්‍යතාව, කිරි වීදුරු තුනත් හතරත් අතර ප‍්‍රමාණයකින් සපුරා ගත හැකිය.

 


කැල්සියම් අවශ්‍යතාව
පුද්ගලයකුගේ අස්ථිවලට කැල්සියම් අත්‍යවශ්‍යය. වයස අවුරුදු තිහක් පමණ වන තෙක් ශරීරයේ අස්ථිවල ඝණත්වය ක‍්‍රමානුකූලව වැඩි වුවද ඉන් එහාට අස්ථි ඝනත්වයේ වැඩිවීමක් දක්නට නොලැබේ.

එම නිසාම වයසින් වැඩෙත්ම සාමාන්‍ය පරිදි සිදුවනුයේ ශරීරයේ අස්ථිවල ඝනත්වය අඩුවීමට පටන් ගැනීමය.

එම නිසාම වයස අවුරුදු තිහට වඩා අඩු අය හැකි පමණින් ස්වභාවිකව කැල්සියම් ශරීරයට එක්කර අස්ථි ඝණත්වය නිවැරැදිව පවත්වාගෙන යෑමට සැළකිළිමත් විය යුතුය.

වැඩිහිටියකුට ආසන්න වශයෙන් මිලි ලීටර් 1000-1200ක ප‍්‍රමාණයක් දෛනිකව කිරි ලෙස ශරීරයට එක් කර ගැනීමට නිර්දේශ කර ඇත්තේ එසේයි.
කිරි සහ කිරි නිෂ්පාදනයන්හි ඇති කැල්සියම් සියයට තිහකට වැඩි ප‍්‍රමාණයක් ශරීරයට අවශෝෂණය කෙරෙන නිසාම කොළ කැඳ වැනි වෙනත් පානීය වර්ග කිරිවලට ආදේශ කිරීම එතරම් නුවණට හුරු නොවේ.

මුතුන් මිත්තන්ගේ කාලයේ තම නිවස ආශි‍්‍රතව ඇති කරන එළදෙනුන්ගෙන් දොවා ගන්නා නැවුම් කිරි එම ගෘහයේම පරිභෝජනය කෙරුණ ද වර්තමානයේදී මෙය ප‍්‍රායෝගිකව ඉටුකළ නොහැක්කකි.

එම නිසාම භාවිතයට පහසු දිගු කලක් ගබඩා කර තබාගත හැකි රසයෙන් වැඩි වියළි කිරිපිටි පසුකාලීනව මෙරටට හඳුන්වා දුන් අතර ඒවා ජනතාව අතර ද ඉතා ප‍්‍රචලිත විය.

බොහෝ දියුණු රටවල වියලි කිරිපිටි පාරිභෝජනය නොකෙරෙන අතර ඒ වෙනුවට සකසන ලද දියර කිරි භාවිත කෙරේ.

කෙසේ වෙතත් ඔවුන් භාවිත කරනුයේ දෙනුන්ගෙන් නැවුම්ව ලබාගත් දියර කිරි නොවේ.

දෙනුන්ගෙන් දොවාගත් කිරි ජීවානුහරණයට ලක් කරන්නේ ඉතා ඉහළ උෂ්ණත්වයකට ක්ෂණිකව ලක් කර නැවත සිසිල් කිරීමකට භාජනය කිරීමෙනි.
විදෙස් රටවල් බොහොමයක සම්මත ආහාර පනත් විධි විධානයන්ට අනුව සකස් කළ කිරි ගබඩා කර තැබීමට සෙල්සියස් අංශක හතරක (4c0) ශීතකරණ භාවිත කෙරේ.

එම රටවල ජනයාටද නියමිත උෂ්ණත්වය යටතේ ඇති ශීතකර ඇති අතර විදුලි විසන්ධි වීම් සහ විදුලි බිල්ද වැඩි නොවන බැවින් ඔවුන්ට දියර කිරි භාවිත කිරීම ප‍්‍රායෝගිකව ගැටලූවක් නොවේ.

නමුත් ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. නැවුම් එළකිරි ශීතකරණයක් අධාරයෙන් තබා ගත හැකි වන්නේ දින දෙකක් හෝ තුනක කාලයක් පමණි. නමුත් ශීතකරණයක් පමණක් නොව විදුලිය හෝ නොමැති සැළකිය යුතු ප‍්‍රමාණයක් අප රට තුළ සිටින බව සැඟවීමට අවශ්‍ය නැත.

මේ නිසා සැකසීමකින් තොර දියර කිරි භාවිතයට ගැනීම ද වර්තමානයේ රට පවතින තත්ත්වය මත ප‍්‍රායෝගික නොවේ.

නාගරික ජනගහනයේ අධිකවීම, දුර්වල ප‍්‍රවාහන සේවාය, ශීතකරණය කිරීමේදී අධික විදුලි බිලක් ගෙවීමට සිදුවීම යන කරුණු නිසා නැවුම් කිරි පමණක් නොව වෙනත් බොහෝ දියුණු රටවල පානයට ගන්නා හොමොජයසිස් පැස්චරයිස් කළ කිරි වර්ග ලංකාවේ භාවිත කිරීම ගැටලූ සහගත වී තිබේ.

දැනට පවතින තත්ත්වය මත, විදුලි බිල පහත දැමීමට ශීතකරණවල උෂ්ණත්වයේ නිර්දේශිත අගය සෙල්සියස් අංශක හතරක අගයෙන් පවත්වා නොගැනීම ශීතකරණයක ගබඩා කළ හැකි ප‍්‍රමාණයට වඩා වැඩිපුර ගබඩා කිරීම, ශීතකරණ රාති‍්‍ර කාලයේදි විසන්ධි කිරීම, නිරන්තරයෙන් ඇතිවන විදුලි බිඳ වැටීම්, කිරි ප‍්‍රවාහනයේදී ඇතිවන ප‍්‍රමාදය ආදියත් දියර කිරි භාවිත කිරීමට ඇති ගැටලූ ලෙස හඳුනාගෙන තිබේ. එදිනෙදා ගොවිපළවල නිපදවන කිරි සෞඛ්‍යාරක්ෂිතව සහ කාර්යක්ෂමව මහජනතාව වෙත සුලභව බෙදා හැරීමේ ක‍්‍රමවේදයක් තවමත් මෙරට ස්ථාපිත වී නොමැත. පිටිකිරි ආනයනය සඳහා වියදම් කරන  මුදලින් යම් කොටසක් හෝ දියර කිරි ක‍්‍රමවත් ලෙස බෙදා හැරීමේ වැඩ පිළිවෙළක් සඳහා යෙදවීම මගින් දේශීය කිරි සඳහා වෙළෙඳපොළ පුළුල් කළ හැකිය. එවැනි වැඩ පිළිවෙළක් මගින් කිරි නිෂ්පාදන වර්ධන වේගය තවත් වේගවත්ව කරගත හැකිය.

වාර්ෂිකව මෙරටට ආනයනය කෙරෙනා කිරිපිටිවල මූල්‍ය වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 310 කට වඩා වැඩිය.

සමස්ත ආනයන වියදම සහ ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව සැළකිල්ලට ගනිමින් රජය දේශීය වෙළෙඳපොළේ පවතින මිල සහ ආනයනික කිරිපිටිවල මිල ගණන් බදු පැනවීම්.

ආනයන අධෛර්යමත් කිරීමට සහ දේශීය කිරි නිෂ්පාදනකරුවන් ආරක්ෂාකර ගැනීම සඳහා 2012 වසරේදී සියයට 15 ක හෝ රුපියල් 92 ක බද්දක් කිරිපිටි ආනයනය මත පනවා ඇත. ඊට අමතරව කිරි මිලදී ගැනීමේ සහතික මිලි ලීටරය රු. 50ක ඉහළ අගයක නොකඩවා පවත්වා ගැනීමට ද කි‍්‍රයාකර තිබේ.
2012 වසරේදී කිරි සහ කිරි නිෂ්පාදන ආනයනික වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 307කි.

කිරි පිටි පමණක් මෙට්ටි‍්‍රක් ටොන් 79.5 වැඩි ප‍්‍රමාණයක් 2012 වසරේදී ආනයනය කර තිබේ.

ලංකාවට දැනට වසරකට රුපියල් බිලියන 40ක් පමණ විදේශ විනිමය ප‍්‍රමාණයක් කිරිපිටි ආනයනය කිරීමට වැය කරයි.

දේශීය කිරි නිෂ්පාදනය අපගේ සම්පූර්ණ කිරි අවශ්‍යතාවෙන් සියයට 17 කට පමණක් සීමාවිය. මහ බැංකු වාර්තා පෙන්වා දෙන ආකාරයට පසුගිය වසර කිහිපය තුළ මෙරට කිරි නිෂ්පාදනය ධනාත්මක වර්ධනයක් පෙන්වා ඇත.

2011 වසරේදී මෙරට පැවැති සමස්ත කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 258.3කි. 2012 වසර වනවිට කිරි ලීටර් මිලියන 299.3ක් මෙරටදී නිෂ්පාදනය කරගත හැකිවී ඇති අතර එය සමස්තයක් ලෙස ගත් කළ සියයට 16 ක වර්ධනයකි.

දේශීය කිරි නිෂ්පාදනය රටෙහි සමස්ත කිරි අවශ්‍යතාවට දක්වන දායකත්වය වසර 2011 දී පැවැති සියයට 33ට සාපේක්ෂව 2012 දී සියයට 40 දක්වා වර්ධනය වී තිබීම ද විශේෂත්වයකි.

කෙසේ නමුත් රටේ කිරි අවශ්‍යතාවට ප‍්‍රමාණවත් කිරි සම්පාදනය කර ගැනීම එක් රැයකින්, මසකින් හෝ වසරකින් කළ හැකි වන්නේ නැත.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටෙරන්ස් මදුජිත්

 

ගුරු ගුණයෙනුත්, මිහිරි රසයෙනුත්, සීත ගුණයෙනුත් යුතු එළකිරි වැගිරෙන සුළුය. මෘදු ගුණයෙන් යුතු නිසාම සියලූ ප‍්‍රාණීන්ට එළකිරි ගුණදායක බව ආයුර්වේදයේදී පෙන්වා දේ.

ආයුර්වේද රෝග නිවාරණ ඖෂධයක් ලෙසත්, ඖෂධ නිෂ්පාදනයෙහිලා අමු ද්‍රව්‍යයක් ලෙසත් ඖෂධ ගැනීමෙහි අනුපානයක් ලෙසත් එළකිරිවලට ආයුර්වේදයේදී හිමිවනුයේ ප‍්‍රමුඛ තැනකි.

ආයුර්වේදයේදී එළකිරිවල ගුණ වර්ණනා කිරීමේදී උදෑසන එළදෙනකුගෙන් ලබාගන්නා කිරිවලත් සවස් කාලයේදී එළදෙනකුගෙන් දොවාගන්නා කිරිවලත් ගුණයන්හි වෙනසක් පෙන්වාදී තිබේ.

උදෑසන ගවයකුගෙන් ලබා ගන්නා කිරිවල සීත ගුණයත්, ගුරු ගුණයත් වැඩිය. එම නිසා කිරි භාවිත කිරීමෙන් කප සහ වාතය වැඩිවීමට බලපා හැකි බව ආයුර්වේදයේදී ඉගැන්වේ.

සවස් කාලයේ ද දොවා ගන්නා කිරිවල වාත සමනය කිරීමේ ගුණයකින් යුක්තය.

එළකිරි පිළිබඳ හැඳින්වීමේදී ධාරෝපණ කිරි පිළිබඳව ද කියැවේ.

ධාරෝපණ කිරි යනු එළදෙනගෙන් දොවා ගත් සැනින් එම උණුසුමින්ම භාවිතයට ගැනීමය.

ධාරෝපණ ගුණයෙන් යුතු එළකිරි පෝෂණ ගුණයෙන් ඉහළ ශරීරයට ඉතා හිතකර පානයක් ලෙස පෙන්වා දෙයි.

දරුප‍්‍රසූතියෙන් පසු මවකට කිරි එරීම ක‍්‍රමවත් වීමට ද එළකිරි අතීතයේ සිට අද දක්වාම භාවිත කර තිබේ.

ඇසට ද හිතකර ගුණයක් එළකිරි සතුය.

පංචකර්ම ප‍්‍රතිකාරයන්හිදී වමන සහ විරේක කරණයට භාවිත කරනු ලබන ප‍්‍රධාන අමු ද්‍රව්‍යයකි එළකිරි.

තරුණ බව ආරක්ෂා කරගැනීමටත්, ආයුෂ වැඞීමටත් උපකාරී වන ගුණයක් එළකිරි සතුවන අතර බාල, තරුණ, මහලූ  ඕනෑම වයසක පසුවන්නන්ට, ශරීර  ඕජස හෙවත් ශරීර ප‍්‍රතිකාරය ලබා ගැනීමට භාවිත කළ හැකි මහඟු ඖෂධයක් ලෙස ආයුර්වේදයේදී එළකිරි හඳුන්වා දී තිබේ.

බුද්ධි වර්ධනයට ඉවහල්වන එළකිරි ශරීරයේ අස්ථි ශක්තිමත් කිරීමේ ගුණයකින් යුතු බැවින්  ඕනෑම වයසක පසුවන්නන්ට ගුණදායකය.

එළකිරිවලට මුරුංගා මල් යොදා බීමෙන් ශරීර ප‍්‍රතිශක්තිය ලැබෙන බවත් වෙහෙසකර බව පහව යන බවත් ප‍්‍රත්‍යක්ෂයෙන්ම තහවුරු කර ඇති කරුණකි.

ශරීරය විජලනයට ලක්ව ඇති රෝගීන්ටත්, විවිධ රෝග හේතුවෙන් ශරීරය කෲෂ වන්නන්ටත් එළකිරි ගුණදායක බව ආයුර්වේද පෙන්වා දී තිබේ. උදරය නෙරා විත් හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිව ආත්මාන තත්ත්වයෙන් පසුවන රෝගීන්ට ද එළකිරි ගුණදායකය. දීර්ඝ කාලීනව ආහාර අවශෝෂණය නොවන විටද එළකිරි භාවිත කිරීමෙන් සුවය ලැබේ.

මානසික රෝගයන්ගෙන් පෙළෙන්නන්ට රෝග පාලනයට ද උපකාරී වන එළකිරි හිස කරකැවිල්ල, මත් ගතියද පාලනය කෙරේ.
අර්ශස් රෝගයෙන් පෙළෙන විට ඝනව මළ පිටවීම වැළැක්වීමට ඖෂධයක් ලෙස එළකිරි භාවිත කිරීම යහපත්ය.

ලිංගික කි‍්‍රයාවලියෙහි වැඩිපුර යෙදීමෙන් ශරීරය ශක්තිය හීණවී යන්නන්ට එම තත්ත්වයෙන් මිදී ශරීර ශක්තිය නැවත ලබා ගැනීමට ද අප පැරැුණියෝ එළකිරි භාවිත කර ඇති බව ආයුර්වේදයේ දී පෙන්වාදී ඇත.

එළකිරි රත් කිරීමකින් තොරව ගැනීමෙන් සෙම වැඩිවීමක් දක්නට ලැබෙනුයේ එහි ගුරු ගුණය වැඩි බැවිනි. කිරි ඉතිරීමේදී කළාඳුරු අල, වියළි ඉඟුරු හෝ අමු ඉඟුරු යෙදවීමෙන් එම තත්ත්වය පාලනය කරගත හැක.

ආයුර්වේදයේ දී පෙන්වා දෙන ආකාරයට එළකිරි උණුකර ගතයුත්තේ අධික උෂ්ණත්වයක් යටතේ එකවරමය.

උපතේ සිට මියැදෙන තෙක්ම භාවිත කළ හැකි මෘදු ගුණයෙන් යුතු ශරීරයට හිතකර පානයක් වන එළකිරිවල ගුණ නොසිඳෙනුයේ එහි ගුණය ද අපිරිමිත බැවිනි.
 

 

සටහන අසුන්තා එදිරිසූරිය

 



අදහස් (0)

දියර කිරේ ගුණ බලේ

තාරක Thursday, 29 August 2013 05:32 PM

අපේ දේ වටින්න අපිට වරදින්නම ඕනෑ. (නි)

:       0       1

චතූ Monday, 26 August 2013 04:35 PM

නියම ලිපියක්. ඉතාම වැදගත්. (නදී)

:       0       1

නිලූෂා Tuesday, 27 August 2013 11:06 AM

ගොඩක් කියවන්න තියෙන නිසා අතහරින්න එපා. ගොඩක් වටිනා ලිපියක්. (ස)

:       0       1

එන්.සී.ඒ. ගුණසේකර Tuesday, 27 August 2013 03:20 PM

දැන් තමයි අපිට එළකිරි වල ගුණ තේරෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5409 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 764 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1333 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 205 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site