කැමරාවේ සටහන්වන දේවතා එළි පිළිබඳවත්, විටින් විට කැමරාවේ සටහන් වන හොල්මන් සහ අවතාර පිළිබඳවත් කතා වලට වර්තමාන සමාජයේ විශාල ප‍්‍රසිද්ධියක් ලැබෙමින් තිබේ. පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ එක්තරා බාලිකා පාසලක අනතුරකින් මියගිය ශිෂ්‍යාවකගේ අවතාරය දක්නට ලැබෙන බවට මහත් ආන්දෝලනයක් ඇතිවූයේ එක් ඡායාරූපයක් පදනම් කර ගනිමිනි. වැවක් අසලදී ගත් ඡායාරූපයක රාවණගේ දඩුමොනර යානය දක්නට ලැබුණු බවට ද පසුගිය දා විශාල ප‍්‍රචාරයක් ලැබිණි. එමෙන්ම පොහොය දිනවලදී හෝ ඇතැම් විට ධර්ම දේශනා පැවැත්වෙන ස්ථානයන්හිදී ගන්නා ඡායාරූපවල තැන තැන සුදු පැහැති හෝ කහ පැහැති පැල්ලම් ලෙස දක්නට ලැබෙන්නේ දේවතාවුන්ගේ ආලෝකය බව ද බොහෝ දෙනකුගේ මතය වී තිබේ.
ප‍්‍රසිද්ධ ඡායාරූප ශිල්පීන්ගේ අත්දැකීම්
දැන් කැමරාව අතීතයේ මෙන් නොව ඉතාමත්ම සරල උපකරණයක් වී ඇත. ඕනෑම කුඩා ළමයකුට වුව ද පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයේ තාක්ෂණික මෙවලමක් බවට කැමරාව පත්වූයේ ඩිජිටල් තාක්ෂණයේ ආගමනයත් සමගිනි. එය වඩාත් සංයුක්ත සරල කැමරාවක් බවට පත්ව තිබේ. ඡායාරූප ශිල්පය වඩාත් සරළ වීමත් සංයුක්ත කැමරාව පැමිණීමත් සමගම දේවතා එළි සහ ඡායරූපයන්හි සටහන්වන හොල්මන් හා අවතාර ප‍්‍රමාණය විශාල වශයෙන් වැඩිවී තිබේ. සමාජයේ බොහෝ දෙනකු තම කැමරාවන්හි දේවතා එළි සටහන් වන බවත් විටින් විට අවතාර හා හොල්මන් ඡායාරූපයට නැගෙන බවත් මෙය කැමරාවේ දියුණුවත් සමග සිදුවූවක් බවත් දැඩි සේ විශ්වාස කරති. නමුත් සිදුව ඇත්තේ නවීන ඩිජිටල් කැමරාව වඩාත් සරල සංයුක්ත උපකරණයක් බවට පත්කිරීමේදී ඇති තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙවැනි දේවතා එළි සහ හොල්මන් ඡායාරූපවල සටහන් වීමයි. මේ පිළිබඳ අදහස් දක්වන වෘත්තීය ඡායාරූප ශිල්පියකු ලේඛකයකු සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිබිම්බ කලා අංශයේ බාහිර කථිකාචාර්ය ඉන්ද්‍රනාථ තේනුවර මහතා පවසන්නේ වර්තමානයේ බොහෝ දෙනකු ගන්නා ඡායාරූපවල සටහන් වන දේවතා එළි සහ අවතාර වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සියල්ල සංයුක්ත කැමරා හේතුවෙන් හටගන්නා තාක්ෂණික දෝෂ සමූහයක් බවයි. සරල සංයුක්ත කැමරා සහ වෘත්තීය මට්ටමේ කැමරා යනුවෙන් ඩිජිටල් කැමරා මූලික වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකිය. මේ කැමරාවලින් වෘත්තීය මට්ටමේ කැමරාවක කාචය විශාලය. එය ගලවා මාරු කළ හැකිය. එමෙන්ම එහි කෘත‍්‍රිම ආලෝක ප‍්‍රභවය හෙවත් ෆ්ලෑෂ් උපකරණය ද බාහිරින් සවිකළ හැකි සංකීර්ණ උපකරණයකි. නමුත් සරල සංයුක්ත කැමරාවක කාචය ඉතා කුඩා උපකරණයක් වන අතර කැමරාවටම සවිකළ කෘති‍්‍රම ආලෝක ප‍්‍රභවයක් ද එය සතුව තිබේ. ඉන්ද්‍රනාථ තේනුවර මහතා පවසන්නේ සාමාන්‍යයෙන් මිනිසුන් ගැවසෙන ස්ථානයන්හි වායුගෝලයේ දුවිලි ප‍්‍රමාණය අධික බවයි. විශේෂයෙන්ම පිරිත් ගෙවල්, පිරිත් පැවැත්වෙන විහාරස්ථාන, පෝය දිනයේ විහාරස්ථාන, පෙරහර පැවැත්වෙන අවස්ථාවන්හි මිනිසුන් අධික ලෙස ගැවසෙන බැවින් සාමාන්‍ය වායුගෝලයේ අධික දුහුවිලි අංශු ප‍්‍රමාණයක් දක්නට ලැබේ. එමෙන්ම රාතී‍්‍ර කාලයේ වායුගෝලයේ ජල වාෂ්ප ප‍්‍රමාණය ද අධික වේ. බෝධි වෘක්ෂයක් හෝ වෙනත් ගස් සහිත පරිසරයකදී සාමාන්‍ය ස්ථානයකට වඩා වැඩි ජල වාෂ්ප ප‍්‍රමාණයක් දක්නට ලැබීම විද්‍යාත්මක සත්‍යයකි. මෙවැනි ස්ථානයක කම්පැක්ට් ඩිජිටල් කැමරාවක් හෙවත් සරල සංයුක්ත ඩිජිටල් කැමරාවක් භාවිතයේදී බොහෝ විට දේවතා එළි යනුවෙන් වර්තමානයේ හඳුන්වන විවිධ වර්ණයෙන් යුතු ආලෝක ලප ඡායාරූපයක දක්නට ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්වේ. එය තේනුවර මහතා විස්තර කරන්නේ මේ ආකාරයෙනි. රාතී‍්‍ර කාලයේදී සෙනග ගැවසෙන එළිමහනේ විශාල දුවිලි ප‍්‍රමාණයක් අපට නොපෙනී තිබෙනවා. ඒ වගේම ජල වාෂ්ප ප‍්‍රමාණයත් වැඩියි. මේ වගේ තැනකදී අපි සරල සංයුක්ත කැමරාවක් හෙවත් කම්පැක්ට් ඩිජිටල් කැමරාවක් භාවිත කරලා ඡායාරූපයක් ගන්නා විට එය කරන්නේ කැමරාවේ ඇති සරලතම ක‍්‍රමවේදය වූ ඔටෝ හෙවත් ස්වයංකී‍්‍රය සැකැස්ම භාවිත කරමින්. මෙවැනි කැමරාවක කාචය ඉතාමත්ම කුඩායි. ඒ වගේම ස්වයංකී‍්‍රය කි‍්‍රයාත්මක වන කෘතිි‍්‍රම ආලෝක ප‍්‍රභවය හෙවත් කැමරාවේ ෆ්ලෑෂ් එක කි‍්‍රයාත්මක වූ විට බාහිර පරිසයේ තිබෙන දුවිලි අංශු වලට හා ජල වාෂ්ව වලට අර ආලෝකය වැදී එය පූර්ණ අභ්‍යන්තර පරාවර්ථනයට ලක්වනවා. එය කැමරාවේ සටහන් වන්නේ ආලෝක ලප හැටියට. මේවා විවිධ වර්ණයන් ගන්නවා. කහ, රතු, නිල්, දම්, සුදු ආදී වර්ණ ගන්නවා. තවත් විශේෂත්වයක් තමයි මේ ලප විශාල කළවිට පෙනෙන්නේ මලක් වැනි හැඩයකින්. ඇතැම් විට මේවා සහමරු හිතනවා අර හඳේ හාවා මවාගෙන ඉන්නවා වගේ මිනිස් මුහුණු ආකාරයට. මේ දේවතා එළි නොවේ. දුවිලි සහ ජල වාෂ්ප වලට ක්ෂණික ආලෝක ප‍්‍රභවය පතිත වීමෙන් ඇතිවන දෝෂයක් මිසක් දේවතා එළි නොවේ. වෘත්තීය ඡායාරූප ශිල්පීන් පවසන්නේ තමන්ගේ වෘත්තීය මට්ටමේ කැමරාවල මෙම දෝෂය ඇති නොවන බවයි. මේ පිළිබඳ පර්යේෂණයක් කළ තේනුවර මහතා වරක් තම නිවස පිටුපස ඇති වැසිකිළියක රාතී‍්‍රකාලයේ සිය වෘත්තීය මට්ටමේ කැමරාව සහ තම දියණිය සතුව ඇති සරල සංයුක්ත කැමරාව භාවිතා කරමින් එකම මොහොතේ ඡායාරූප දෙකක් ගෙන තිබේ. අපි කැමරා දෙකෙන් එකම වෙලාවේ ඡායරූප ගත්තා. එතැන විශාල ජලවාෂ්ප ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම දුවිලි සහිත පරිසරයක් තිබෙන්නේ. දුවගේ සරල සංයුක්ත කැමරාවේ අර දේවතා එළියැයි කියන ලප විශාල ප‍්‍රමාණයක් සටහන් වී තිබුණා. නමුත් මගේ කැමරාවට බය වෙලා එළි නිකුත් කරලා නැහැ. පොඩි කැමරාවකින් වැසිකිළියේත් දේවතා එළි පෙන්වන්න පුඑවන්. වෘත්තීය ඡායරූප ශිල්පියකුවන විමුක්ති වීරතුංග මහතා පවසන්නේ ද සරල සංයුක්ත කැමරාවේ කුඩා කාචය හා එහි ඇති සරල කෘත‍්‍රිම ආලෝක ප‍්‍රභවය හේතුවෙන් රාතී‍්‍ර කාලයේ දී පරිසරයේ ඇති ජල වාෂ්ප හා දුවිල අංශු ආලෝක ලප ලෙස කැමරාවේ සටහන් වන බවයි. හෙතෙම මෙසේ ද කීවේය. මේ කුඩා කැමරා බොහෝ දෙනෙක් සාක්කුවේ දමාගෙන යනවා. ඒ වගේම නිකන් අතේ එල්ලාගෙන යනවා. ඒ තරමටම එය සරල උපකරණයක්. නමුත් මේවා වතුරට ප‍්‍රතිරෝධී නැහැ. ඒ නිසා රාතී‍්‍ර කාලයේදී හෝ ඕනෑම වේලාවක මේ කැමරවල ඡායාරූපය ග‍්‍රහණය කරගන්නා සංවේදී පෘෂ්ඨයේ, කාචයේ හා ෆ්ලෑෂරයේ ජල වාෂ්ප සහ දහඩිය බැඳී තිබෙනවා. එවැනි අවස්ථාවක ගන්නා ඡායාරූපයේ අර වගේම ආලෝක ලප දක්නට ලැබෙනවා. මෙය හොඳින් පෙනෙන්නේ අඳුරු ස්ථානයක කෘත‍්‍රිම ආලෝකය භාවිතයෙන් ඡායාරූපය ගන්නා විට. නමුත් ඒ මොහොතේ ක්ෂණික ආලෝකයේ ඇති ප‍්‍රභලතාව නිසා ජල වාෂ්ප ඉක්මනින් නැතිවී යනවා. ඒ හේතුවෙන් දෙවැනි ඡායාරූපයේ මේ ආලෝක ලප දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ දෙනකු සිතන්නේ එතැන ගන්නා එක් ඡායාරූපයක් පමණක් ආලෝක ලප සටහන් වූ අවස්ථාවකදී එය සැබැවින්ම අපේ සාහිත්‍යයේ එන දේවතාවුන්ගේ එළි කියලා. දේවතාවුන් ඉන්නවා ද නැද්ද කියන දේ මම දන්නේ නැහැ. නමුත් මේ විදියට ඡායාරූපවල සටහන් වන්නේනම් දේවතා එළි නොවන බවනම් ස්ථිරයි. වර්තමානයේ කතා බහට ලක්වූ ඡායාරූප අතරින් වඩාත් ආන්දෝලනාත්මක වූයේ මහනුවර බාළිකා පාසලක දක්නට ලැබෙනවායැයි කිය අනතුරකින් තුවාල ලබා මියගිය සිසුවියකගේ අවතාරයයි. මේ කතාවට පදනම වැටුණේ එක්තරා රාති‍්‍රයක එම ශාලාවේ ලැගුම්ගත් හෙදියන් පිරිසක් විසින් ගන්නා ලද එක් ඡායාරූපයකි. නමුත් මේ ඡුායාරූපය බොහෝ දෙනෙක් දැඩි සේ විශ්වාස කළහ. එහි එක් කකුලක් පෙනෙන්නට නොතිබීමත් මියගිය දැරියගේ පාදයකට දැඩි සේ හානි සිදුව තිබීමත් හේතුවෙන් මෙහි සත්‍යතාවක් ඇතැයි බොහෝ දෙනෙක් සිතන්නට වූහ. මිය ගිය දැරියගේ හානියට පත්ව තිබුණේ වම් පාදයටය. නමුත් මේ ඡායාරූපයේ සිටින අවතාරය යැයි කියන රූපයේ වම් පාදය පැහැදිලිව දක්නට ලැබේ. ඉන්ද්‍රනාථ තේනුවර මහතා පවසන්නේ මෙය සරල සංයුක්ත කැමරාවකින් ඡායාරූපයක් ගැනීමේදී බහුලව දක්නට ලැබෙන දෝෂයක් බවයි. ඔහු ඒ පිළිබඳ මෙසේ විස්තර කළේය. අඳුරු ස්ථානයක ඡායාරූපයක් ගන්නා විට සාමාන්‍යයෙන් කැමරාව ස්වයංකී‍්‍රයව අඩු ද්වාර වේගයක් හෙවත් අඩු ෂටර් ස්පීඞ් එකක් භාවිත කරනවා. ඒ වගේම අඩු ආලෝකයක් ඇති ස්ථානයකදී වැඩි ආලෝකයක් කැමරාවට ගැනීම සඳහා ස්වයංකීයවම කැමරාවේ කාච විවරයත් විශාල කරගන්නවා. ඒ වගේ වේලාවකදි ඇතැම් විට කාච ද්වාරය හෙවත් ෂටර් එක විවෘතව පවතින කාලය තත්පරයෙන් 15 එකක්, 10 න් එකක් පමණ හෝ ඊටත් වැඩි කාලයක් විය හැකියි. ඉතින් මේ වගේ වෙලාවට අපේ ශරීරයේ ඇති සාමාන්‍ය කම්පන, අත වෙවිලීම හෘද ස්ඵන්දනය ආදිය නිසා ඡායාරූපය යම් පමණකට වෙව්ලන ස්වරූපයෙන් සටහන් වනවා. එවැනි අවස්ථාවකදී යම් වස්තුවක් හෝ පුද්ගලයෙක් චලනය වූවානම් එය සටහන් වන්නේ බොඳවූ රූපයක් වගේ. ඇතැම් විට පුද්ගලයකුනම් හඳුනාගන්නටවත් බැහැ. මහනුවර බාලිකා පාසලේ අවතරායත් එවැන්නක්. එදින පැහැදිලිවම හෙදියන් රාතී‍්‍ර නවාතැන් ගත්බව සඳහන් වනවා. මේ ඡායාරූපයේ දක්නට ලැබෙන්නේ නිල ඇඳුමින් සිටි හෙදියක් ඡායාරූපය ගත් ස්ථානය හරහා ගමන් කළ මොහොතක්. කෙනෙක් ගමන් කරන විට එක් කකුලක් තත්තපර කිහිපයක් ස්ථාවරව පොළව මත තිබියදී අනෙක් පාදය ඔසවනවා. නැතිනම් එය යම් වේගයකින් චලනය වෙනවා. වැඩි වේලාවක් කැමරාවේ ස්වයංකී‍්‍ර දොර විවෘතව තිබීමත් විශාල කාච විවරයක් තිබීමත් හේතුවෙන් මේ චලනය වන පාදය ඡායාරූපයේ සටහන් වන්නේ නැහැ. ගමන් කරමින් සිටි තැනැත්තා හෝ තැනැත්තිය සටහන් වන්නේත් බොඳවූ රූපයක ආකාරයෙන්. සිදුවී ඇත්තේ මේ දෙය විනා මියගිය සිසුවියකගේ අවතාරයක් කැමරාවේ සටහන් වීම නොවේ. මෙවැනි අපූරු සිදුවීමකට මුහුණ දීමට විමක්ති වීරතුංග මහතාට සිදුව තිබේ. අපි වනාන්තරයේ ඡායාරූප ගැනීම සඳහා වරක් යාල කැලයේ කඳවුරු බැද ගත්තා. එදා රාති‍්‍රයේ අපට තිබුණේ ලන්තෑරුම් කිහිපයක් සහ පත්තුකරපු ගිනි මැලයේ ආලෝකය පමණයි. අපිම රාතී‍්‍ර ආහාරය පිළියෙල කරගත්තා. මේ අවස්ථාවේ අපි කෑම පිළියෙල කරනවා කෑම කනවා ඡායාරූප ගත්තා. මගේ වෘත්තීය මට්ටමේ කැමරාවෙන් වගේම තවත් මිතුරකුගේ සරල සංයුක්ත කැමරාවකින් ඡායාරූප ගත්තා. දවස් දෙකකට විතර පස්සේ ගෙදර ආවායින් පස්සේ මගේ යාඑවා මහ කලබලයකින් මට කතා කරලා කියනවා අපි එදා රෑ කෑම කන වෙලාවේ කෑම හදපු භාජනයෙන් අවතාර කෑම ගන්නවා එයාගේ ඡායාරූපවල සටහන් වෙලා කියලා. මම එයාට ඒ පින්තූර අරගෙන එන්න කියලා ඒවා පරීක්ෂා කළා. හොඳ වෙලාවට ඒ වෙලාවේ අපි දෙන්නම එකම තැන වාඩිවෙලා ඡායරූප අරගෙන තිබුණේ. මගේ ඡායාරූපත් එයාගේ ඡායාරූපත් එකට දාලා බැලූවම අපේ කණ්ඩායමේ හිටපු කට්ටිය කෑම බෙදා ගන්නා අවස්ථාව එයාගේ කැමරාවේ සටහන් වෙලාතිබෙන්නේ අවතාර කෑම බෙදා ගන්නවා වගේ. ඇයි එහෙම වෙන්නේ කියලා ඡායාරූප තාක්ෂණය නොදන්නා එයාට තේරුම් කරලා දුන්නේ බොහොම අමාරුවෙන්. මගේ කැමරාවේ හොඳට පේන රූප එයාගේ කැමරාවේ අඩු ද්වාර වේගය හා විශාල කාච විවරය නිසා සෙලවුණු අවතාර බවට පත්වෙලා. මේක අප තේරුම්ගත යුතුයි. මේ අවතාර නොවේ. කැමරාවල තාක්ෂණික ගැටලූ නිසා ඇතිවන දේ. පසුගියදා ජනපි‍්‍රය වූ තවත් ඡායාරූපයක් වූයේ වැව් ඉස්මත්තකදී සටහන්වූවායැයි කියන රාවණගේ දඩු මොනරයයි. ඒ ඡායාරූපයේ ඇත්තේ කැමරාවට ඉදිරියෙන් ඉගිලී ගිය කුරුල්ලකු බව වෘත්තීය ඡායරූප ශිල්පීන් කොතෙක් පෙන්වාදුන්න ද ඇතැමුන් එය රාවණගේ දඩුමොනරය යැයි විශ්වාස කරනු ලැබුවා. තේනුවර මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය. දඩුමොනරයේයැයි කියන ඡායරූපය ගනිද්දී එම ශිල්පියා ෂටර් ස්පීඞ් එක භාවිතා කරල තියෙන්නේ තත්පරයෙන් 4000 න් එකක වේගයක්. ඒ කියන්නේ තත්ත්පරයෙන් 4000 කින් එකක වේලාවකදී කැමරාවේ ආලෝකය ඇතුඑ කරන දොර විවෘත වී වැහෙනවා. මේ දොර ඇරෙන්නේ පහළ සිට ඉහළට උඩ සිට පහළට ස්කෑන් වෙලා ඡායාරූපය ගොඩනැගෙනවා. මේ දත්ත අරගෙන තමයි කැමරාවෙන් ඡායාරූපයක් හැදෙන්නේ. කැමරාවට ඉදිරියෙන් වේගයෙන් පියඹායන කුරුල්ලකු වුවත් මේ ද්වාරවේගයේදී සටහන් වෙනවා. අංශක 25 ක් හෝ 30 ක පමණ කෝණයක් ඇතිව කැමරාව දෙසට එන කුරුල්ලෙක් හෝ බෝලයක් වුණත් කැමරාවේ සටහන් වන්නේ හීනි පැතලි වස්තුවක් හැටියට. එවිට එය පේන්නේ ජෙට් එකක් වගේ. ඉතින් රාවණගේ දේවල් විශ්වාස කරන අය හිතනවා මෙය දඩුමොනරය කියලා. නමුත් මේ ඡායාරූපයේ දක්නට ලැබුණේ කැමරාවට ඉදිරියෙන් වේගයෙන් පියඹා ගිය කුරුල්ලෙක්. රාති‍්‍රයේ ආලෝකවත්ව ඇති දාගැබක ඡායාරූපයක් ගන්නා විට දාගැබ හා කැමරාව අතර ඇති විදුලි පහණක් ඇතැම් විට අහසේ ඇති ආලෝක ප‍්‍රභවයක් ලෙස දිස්වේ. ඡායාරූපයේ මෙය පෙනෙන්නේ අඳුරු අහසේ ඇති හඳුනානොගත් ආලෝකයක් ලෙසිනි. එය ඇතැම් විට වෙව්ලීම හේතුවෙන් අපහැදිලි හැඩයක් ලෙස දක්නට ලැබේ. බොහෝ දෙනකු සිතන්නේ මෙය ද දේවතා ගමන් කිරීමක් බවයි. වෘත්තීය ඡායාරූප ශිල්පීන් මෙන්ම කැමරා පිළිබඳ තාක්ෂණික දැනුමක් ඇති අයගේ මතය වී ඇත්තේ කැමරාවන්හි සටහන් වන මෙවැනි ආලෝක ලප හා ආගන්තුක වස්තු මෙරට ඇති සංස්කෘතික මතවාද හා සම්බන්ධ කර විවිධ සංකල්ප ඉදිරිපත් කිරීමෙන් හා ප‍්‍රචාරයක් ලබාදීමෙන් සමස්ථ සමාජයම මිත්‍යාව වෙත තල්ලූකැර දැමීම ඛේදවාචකයක් බවයි.
(සටහන - මේ සම්බන්ධයෙන් තවත් මත තිබේනම් පළ කිරීමට අප සූදානම්ය.)
සජීව විජේවීර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුවිට සුනිල් අයියා එසේ පැවසුවද උපුල් මහතා මෙසේ පවසයි. උපුල් 2012-08-24 02:50:50 මෙවැනි ඡායාරුප බොහොමයක් පරික්ෂාකාරිව බැලු විට බොහොමයක් යම් කිසි විකෘති තත්ත්වයක් අනුව සැදී ඇතත් අපට නොපෙනෙන ජීවින් ඡායාරුප ගතවූ අවස්ථා බොහොමයක් ඇති අතර සමහර අවස්ථා වල මියගිය පුද්ගලයන්ගේ රූපද ඡායාරුප ගතවී ඇති අවස්ථා ඇත. එබැවින් මේවා මිත්‍යා මත වශයෙන් එක්වරම බැහැර කිරීමට නොහැක.සෑම දෙයක්ම විග්‍රහ කිරීමට තරම් තවම විද්‍යාව දියුණු නැත. විද්‍යාවට හසු නොවූ විෂය පථය තවමත් ප්‍රමාණයෙන් වැඩිය." මොකක්ද එතකොට හරි? (නි)
හොල්මන් වකින්ම තමා අහන්න වෙන්නේ (දී)
වසන්ත ලියනගේ මහතානෙනි, මටනම් හිතෙන්නේ මේ ලිපිය කැමරා තාක්ෂන ගැටළු නිසා ඇතිවන නොමඟ යවන සුළු ඡායාරූප ඇතිවීමට හේතු පැහැදිළි කිරීමක් මිසක් අපෙ ඉන්ද්‍රීයනට ගෝචර නොවන දේවතා එළි, හොල්මන් බැහැරකිරීමක් නෙමේ. ඔයා ඉතින් අපිට වඩා දන්නව ඇතිනෙ. (ස)
මට තියනවා පෙර ආත්මය හා ඊට පසු අවස්ථාවක (ගන්ධබ්බ?) අත්දැකීමක්. මගේ දෙමව්පියන් මා කුඩා කාලයේ මගේ පෙර ආත්මය ගැන සොයා බලා කරුනු තහවුරු කරගෙන තියනවා, නමුත් විවිධ හේතු නිසා අප පවුලේන් පිට කවුරුත් මේ ගැන දන්නෙ නෑ. ගන්ධබ්බ අවස්ථාවේ මම හොල්මනක්ද, දෙවියෙක්ද, ප්‍රේතයෙක්ද කියා මට මතකයක් නෑ. හැබැයි මට පුදුමාකාර සැහැල්ලුවකින් හිට්යේ. හිස් අවකාශයක් නමුත් සිත ප්‍රීතියෙන් පිරී තිබුනා. මම කුඩා (අවු 3) කාලයේ මට හැකියාවක් තිබුනා නැවත තාවකාලිකව එම අවස්ථාවට පත්වෙන්න. මගේ දෙමව්පියන්ගේ ගවේශණය අනුව මගේ පෙර ආත්මයෙ මරණයත් මේ උපතත් අතර කාලය අවුරුදු 27 මාස 4ක් පමණ. පෙර ආත්මය හෝ ගන්ධබ්බ අවස්ථාව ගැන දැන්නම් මට කිසි මතකයක් නෑ. නමුත් කුඩා කළ හිස් අවකාශයේ සැරිසැරීම තාම අද වගේ මතකයි. නමුත් කොපමණ භාවනා කලත් මට දැන් එය කළ නොහැක. (ස)
දෝෂ මගහැරලා ඡායාරූප ගන්නා අය අය කරන ගාස්තුත් ඉතා වැඩියි. (නි)
අදාල ඡායාරූප වල සටහන් වන දෑ කැමරාවේ යම් දෝෂයක් හෝ පාරිසරික හේතු මත සිදුවූවත් රාත්‍රී අහස නිරීක්ෂනය කලහොත් අහබු ලෙස පියව් ඇසින් මෙවැනි එලි අපට ද දැක ගත හැක.මෙම එලි පහතින් ඉතා වේගයෙන් ගමන් කරන අතර කැමරාවක සටහන් කර ගැනීමට තරම් කාලයක් නොමැත.බදාදා හා සෙනසුරාදා දින වල මෙම තත්වය සුලබ අතර දෙව්යන්ද යක්කුන්ද කියා නොදනිතත් මාද මෙම එලි පියවි ඇසින් දැක ඇත.(නු)
මෙවැනි ඡායාරුප බොහොමයක් පරික්ෂාකාරිව බැලු විට බොහොමයක් යම් කිසි විකෘති තත්ත්වයක් අනුව සැදී ඇතත් අපට නොපෙනෙන ජීවින් ඡායාරුප ගතවූ අවස්ථා බොහොමයක් ඇති අතර සමහර අවස්ථා වල මියගිය පුද්ගලයන්ගේ රූපද ඡායාරුප ගතවී ඇති අවස්ථා ඇත. එබැවින් මේවා මිත්‍යා මත වශයෙන් එක්වරම බැහැර කිරීමට නොහැක.සෑම දෙයක්ම විග්‍රහ කිරීමට තරම් තවම විද්‍යාව දියුණු නැත. විද්‍යාවට හසු නොවූ විෂය පථය තවමත් ප්‍රමාණයෙන් වැඩිය . (නි)
අධිතාක්ෂණ උපකරණ වලට වඩා මිනිස් මනස දියුණූ කළ හැකි බව අප බෝසතාණන් වහන්සේ ඔප්පුකර පෙන්වා ඇත. කැමරාවකින් ඡායාරූප ගතකළ හැක්කේ සිමිත දුරක් පමණයි. නමුත් අප බෝසතාණන් වහන්සේ මේ සක්වල ගැනම විශ්මත අවබෝධයක් ඇති උත්තමයෙකි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර බුද්ධ දේශනාව ආරක්ෂිත යුගයකත් මෙවන් ලිපි ගැන කතා කිරිමට සිදුවීම ගැන අප තුළ කණගාටුවක් ඇති විය යුතුය. ලංකාදිපයට මෙවැනි ලිපියක් පළ කිරිම ගැන ස්තුති වෙනවා. (නි)
සෙනසුරාදා බදාදා කියල වෙනසක් නැහැ. වහින දවස්වටල අහස දිහා බලාගෙන සිටියොත් මෙවැනි ආලෝක දැකගන්න පුළුවන් (අ)
තමන්ගේ බුත මත හරිය කියා හිතන දෘශ්ඨිවාදී අන්ධයනට හොද පිළිතුරකි. (අ)
විශ්වාස කිරීම නොදන්නා කම. ආචාර්්‍ය වරු මෙවා විශ්වාස කරනව කිව්වම ලක්මා නංගි ඔයා ඉරිදා ලංකාදීප පත්තරේ ට ලියන විද්‍යාකුලනිලක මහතාට කියල ඔය ලෙඩේ සුවකර ගන්න බලන්න.ඕක මානසික ලෙඩක්.සියලු සංස්කාර ධර්ම අනිත්‍යයයි.ආත්මය භවය මෙවිවටත් බුදු බණ ඔටිටුයි. (අ)
ආචාර්ය වසන්ත ලියනගේ මහතාගේ අදහසට මමත් එකග වෙමි (නි)
අත්ටටම නැතිව කොහොම ෆොටෝ ගන්නද ? (දී)
ඉතාමත් හොද වටිනා කාලෝචිත ලිපියක් (දී)
අචාර්ය වසන්ත ලියනගේ මහතාගේ කතාවට සම්පූර්ණයෙන් එකඟ නොවෙමි. සම්පූර්ණයෙන් බැහැර ද නොකරමි. මා දන්නා තරමින් අපිට ඇත්තේ මාන තුනක දෘෂ්ටියකි. එතැනින් එහාට මාන තිබිය හැක. පිටසක්වල ජීවයක් නැතැයි යන කරුණ බැහැර කළ නොහැක්කේ යම්සේද, අපට නොපෙනෙන බලවේග නැතැයි යන කරුණද බැහැර කළනොහැක. කෙසේ වුවද කැමරාවේ දෝෂ ඇති විය හැක. නමුත් බුද්ධ දර්ශනය අනුව පුනර්භවය මා විශ්වාස කරනවා. ශරීරයෙන් ආත්මයක් ඉවත් වූ විට නැවත උප්පත්තියක් ලබනතෙක් ඒ ආත්ම අපි අතරම සැරිසරනවා. ඉතින් කැමරාවක එවන් සලකුණක් සටහන් විය නොහැකිද? (නි)
ලක්මා 2012-08-23 ගන්ධබ්බ අවස්තාවක් ගැන කියලා තියෙනවා. ගන්ධබ්බ අවස්තාව කියලා කියන්නේ මනෝමය කයින් සිටින අවස්ථාවක්. එතන තියෙන්නේ පටිච්ච සමුප්පන්නව හටගත් විඤ්ඤාණ නාමරෑප පරම්පරාවක්. ආත්මයක් නොවෙයි. මැරුනාට පසුව එහෙම ආත්මයක් ශරීරයෙන් පිට වෙන්නේ නැහැ. විඤ්ඤාණය නිසා නාමරූප ඇති වෙනවා. නාමරූප නිසා විඤ්ඤානය ඇති වෙමින් අපේ චිත්ත පරම්පරාව ගලා යනවා. කොතරම් භාවනා කලත් මේ තත්වයට යන්න බැරි බව කියා තිබෙනවා. මරනසතිය වැනි භාවනාවක් වැඩුවොත් මනෝමය කයින් යා හැකියි. එහිදී මනෝමය කය සැදෙනවා. තමන් සත්‍ය වශයෙන්ම මැරී ඇති බව සිතා තමන්ගේ මල සිරුරට වෙන දේ මෙනෙහි කරන්න. මල සිරුර කුණු වෙනවා ඉදිමෙනවා ඕජස් ගලනවා පණුවෝ ගහනවා. මේක හරියට කලොත් මනෝමය කය හැදෙනවා. මනෝමය කයේ ඉන්න අමාරුයි මනෝමය කය නැති වෙලා මේ කයට එනවා. මෙබදු අවස්තාවක සිත ඉතාම පිරිසිදුයි. සමුදය වය මෙනෙහි කරලා ධර්මය අවබෝද කරගැනීමේ හැකියාව පවා තිබෙනවා. මේ දර්ම දේශනාවේ ඒ පිලිබද වැඩි විස්තර සදහන් වෙනවා http://visuddhimagga.info/download.php?file=http://secondary2.anaalaya.com/Dhamma2012/S_MarananuSathiBhavana_2012_10_21.mp3 (නදී)
ඉතා වටිනා ලිපියක්. මෙයින් කියවෙන්නේ තාක්ෂණික දෝෂ නිසා ආලෝක ලප චායාරූප වල සටහන් වන බවය. එමෙන්ම එයට වඩා දියුණු කැමරා තියෙන අතර ඒවගෙන් ලබාගන්න ෆොටෝවල දෝෂ අඩු බවත්ය. තව තවත් දියුණු වන ලෝකයේ දැන් පවතිනවටත් වැඩ දියුණු camera බිහිවේවි. දැන් අපි දකින ඉහලම පැහැදිලිතාවයෙන් යුක්ත ෆොටෝ වලට වඩා පැහැදිලි වාතයේ ඇති දුහුවිලි අංශු, ජල අංශු පෙනෙන ෆොටෝ තියෙයි. එතකොට අපි දැන් හරි කියන ෆොටෝ වලට හිනා වෙයි. තාක්ෂනය වෙනස් වෙනවා. අද හරි කිව්ව දේ හෙට වෙනස් වෙනවා. අපි යමක් හරි කියලා බලන්නේ අපි දන්න දෙයකට සාපේක්ෂවයි. අපිට මාර්ගය පෙන්නලා දීලා තිබුනත් අපි උත්සාහ කරන්නේ නෑ වෙන කිසිම ආකාරයකටවත්. අපි හැමදෙයම දන්නවා කියල හිතන නිසයි ඒ. පොඩ්ඩක් හිතලා බලන්න ආලෝකය කියන දෙය නැතිනම් අපි දකින දේවල් කොහොම වෙන්න පුලුවන්ද ? (උදා: හැමෝම අන්ද උනොත්, එතකොට ඔවුන් ගොඩනගාගන්න ලෝකය කොහොම වෙයිද ) (ම)
හොල්මන්, අවතාර, යක්කු පෙනීමේ සැබෑ විද්‍යාත්මක පසුබිම ඡායාරූප ශිල්පයෙන්, වෛද්‍ය විද්‍යාවෙන්, මනෝ විද්‍යාවෙන් අද වනවිට ඇති දැනුමින් විස්තර කළ නොහැකි බව මගේ අදහසයි. නමුත් විද්‍යාඥයින් විසින් වාර්තාකළ සත්‍ය සිද්ධීන් ඇත. (නි)
මේකේ සත්‍යතාවය සදහා සරළ පරීක්ශනයක් කියන්නම්. පන්සලක පූජාවක් පවත්වන්න කළින්, පවත්වන වෙලාවේ, පැවැත්වීමෙන් පසු කියන අවස්ථා 3 ම එකම කැමරා එකෙන් එකම තැන(බෝධින් වහන්සේ , ස්ථූප වැනි) ඡායාරූප ගන්න. ඊ ළඟට ඒවා සන්සන්දනය කර බලන්න. මගෙ සහෝදරයෙක් මේ පරීක්ෂණය කර ගත් ඡායාරූප මම දැක්කා. කිරිවෙහෙර සෑයේ දි. ඉතා පැහැදිලිව ඉහළ අහසේ කොත මුදුනේ මේ එළි පූජාවක් පවත්වන්න කළින් අඩු වෙලා, පවත්වන වෙලාවෙ වැඩි වෙලා, පස්සේ අඩු වෙලා යනවා. ඒ කියන්නේ, පූජාව තියන වෙලාවෙදි වැඩිපුර දූවිළි ඇවිස්සෙනවා කියන එකද? මම කියනවට නෙමෙයි ඔබත් කරලා බලන්න. මමත් සත්ය දැනගන්න කැමති. (අ)
සරල කැමරාවකට හයවෙනි ඉන්ද්‍රිය ලැබෙනවාද ? යන ප්‍රශ්නය සාධාරණ නැහැ. එහෙනම් සංයුක්ත අන්වීක්ශයෙන් ක්ශුද්‍ර ජීවීන් පෙනෙන්නේ? (ම)
අමෙරිකාවේ නිව්යෝක් නගරයේ ටෛයිම්ස් චතුරශ්‍ර යේ රාත්‍රි කාලයේ දී එහි ඇති විවිධ ආලෝක ධාරා තුලින් මතුවන අවස්ථාවන්හි මෙවැනි ඡායාරූප ඇති තරම් ගත හැකිය. අමුත්තක් හෝ විශේෂත්වයක් හෝ දෙවියෙක් හෝ නොදකිමි. (ර)
මෙන්න නියම ලිපි. ලංකාදීපයට ස්තූතියි. (නි)
වසර 2500 ට පෙර බුදුහාමුදුරුවෝ මේ හැමදේම කිව්වා. (ස)
මෙවැනි ඡායාරූප පිළිබඳ කිසියම් විග්රහයක් කිරීමට මා සතු දැනුම ප්‍රමාණවත් නැති නමුත් මෙවැනි සිදුවීම් ගැන අදහසක් ප්රකාශ කිරීමට කැමැත්තෙමි. කිර්ලියන් ඡායාරූපයන්හි මිනිස් ඇසට ගෝචර නොවන්නා වූ දසුන් විද්යමාන වූ අවස්ථා ඇත. අප කිසියම් දෙයක් පිළිබඳව තේරුම් ගන්නේ ඇස, කණ. නාසය, දිව සහ සම යන අපගේ පංචේන්ද්රයන්ට ගෝචර වන්නා වූ භෞතික හෝ රසායනික ශක්තීන් මොලය මගින් විශ්ලේශනයට ලක් කිරීමෙනි. නමුත් මෙහි සීමාකාරී බවක් ඇත. මිනිස් කණට ඇසෙන්නේ හර්ට්ස් 20-20000 අතර සංඛ්යාතවල ශබ්ධ තරංග පමණි. වෙනත් සංඛ්යාත පරාසයන්ට හසුවන ශබ්ධ තරංග මිනිසාට නො ඇසේ. එසේම මිනිස් ඇසට පෙනෙන ආලෝක තරංග සංඛ්යාත වලද සීමාවක් පවතී. යන්ත්රවලට වුවද මෙවැනි සීමාවන් පවතී. එබැවින් මිනිස් ඇසට හෝ කැමරා ඇසට ගෝචර නොවන්නා වූ හෝ ඇතැම් අවස්ථාවලදී පමණක් ගෝචර වන්නා වූ සංසිද්ධීන් මිත්යාවන් ලෙස බැහැර කිරීම විද්‍යාත්මක යැයි පවසන්නා තමන් දන්නා දෙයම පමණක් විද්‍යාව යැයි සිතන්නෙක් මිස තමා නොදන්නා බොහෝ දේ තිබිය හැකි යැයි සිතන සැබෑ විද්‍යා ගවේශකයෙකු නොවේ. (ස)
මමත් ඔය අත්දැකීමට මුහුණ දුන්නා රැස්වෙහෙර පන්සලේදී දේවතා එළි හා භූතයන්ගේ රෑප කියලා අපි හිතුවේ අපි දවස් 12 පුරාවිද්යා් ගවේෂණයක් කලා අපේ කෙල්ලො හුගක් බය උනා. (ස)
තාර්කික විග්‍රහයක්. සතුටුයි. (ස)
ආචාර්ය වසන්ත ලියනගේ මහතාණනි, මේ ලිපියේ ලේඛකයා කාලීන යුග මෙහෙවරක් ඉටු කර තිබෙනවා. සැබැවින්ම දේවතා එළි මිත්‍යාවේ ගිලී සිටින අයට මේ ලිපිය දිරවන්නේ නැතිව ඇති. ඔබ ආචාර්යවරයෙක් යැයි කියාගත්තත් සැබෑ මිත්‍යා දෘෂ්ටිකයෙක් වගේනේ කතා කරන්නේ. සරල කැමරාවකට හයවෙනි ඉන්ද්‍රිය ලැබෙනවාද ? (නි)
ඇත්තටම මෙච්චර දියුණු කැමරා වලට බැරිද භූතාත්ම වල ඡායාරූප ගන්න? (නි)
වසන්ත ලියනගේ මහතාගේ අදහසට මමත් එකයි.ඒවගේම හැමවිටම වගේ වෙන්නේ ඉහත සදහන් කල සංසිද්ධියයි.නුවර ගත්ත ජයරුපයටත් වෙලා තියෙන්නේ එකයි.එනිසා මේවගේ ජයාරූප දැක්ක පමණින් අප පුර්ණ විශ්ලෂණයකට නොගොස් ජනතාව අතරට පත් කිරීමෙන් වෙන්නේ ජනතාව අතර වැරදි අවබෝධයන් ඇතිවෙන එක පමණයි.එනිසා මගේ අදහස වන්නේ මෙවන් ජයාරූප(විශේෂයෙන් නුවර ජයරුපය වගේ) පුවත්පත් වල පළ කිරීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන..(ස)
ඉතා වටිනා ලිපියකි. ලංකාදීපයට ස්තූතියි. (නි)
ඉන්ද්‍රජිත් මහතාණෙනි, ඔබතුමාට, මට තේරෙන්නේ නැති ගොඩක් දේවල් මේ විශ්වයේ තියෙනවා. එනිසා නොදන්නා දේවල් වලට කතා කරන්න එපා.මිනිසා පරමාණුව හොයාගන්නා විට එයාලට පිස්සෝ කීව අය, ලෝකේ ගෝලාකාරයි කී විට හිනා වුණ අය අපි අතරේ ඕනෑ තරම් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉදීවි. අපිට අතගාලා ඇස් දෙකට බලලා තේරුම් ගන්න ඒවාට වඩා මේ විශ්වය ගොඩක් ගැඹුරු දෙයක්.අපේ විෂය පථයට ගෝචර නොවුණ තරමට අපිට සමහර දේවල් බැහැර කරන්න බැහැ.ඉන්ද්‍රජිත් මහතාණෙනි, ඔබතුමා මේ ගැන ටිකක් හිතන්න. කෙසේ වෙතත් ලිපිය ගොඩක් වටිනවා. (නි)
මේක මමත් පිළිගන්නවා (නි)
තවමත් මිත්‍යා මතවල ඉන්නා ලංකාවේ කට්ටියට මේ ලිපිය හුගක් වැදගත්. (නි)
මම දන්නවා මේක කරන විදිය (නි)
මොකද බැරි ඔය ඕනතරම් නිළියන්ගේ පින්තූර අරන් තියෙන්නේ. (අ)
ඉන්ද්‍රජිත් මහතාණෙනි, ඔබගේ අදහස් දැක්වීම කුමක් වුවද ඔබ මාගේ අදහස කියවා තිබීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි. මා ආචාර්යවරයෙකු ලෙස හඳුන්වා ගන්නේ එම නාමයට මා සියළු සුදුසුකම් සපුරා ඇති බවට විශ්ව විද්‍යාල සනාතන සභාවකින් තීරණය කර මා වෙත ප්‍රධානය කර ඇති බැවින් මිස බොරු පුරාජේරුවකට නොවේ. මා මිත්‍යා දෘෂ්ඨිකයෙකු නොව මා දන්නා කරුණු පැහැදිලි කළා පමණි. එසේම ලිපියේ සඳහන් ඡායාරූප පිළිබඳව අදහස් දැක්වීමට මාගේ දැනුම ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළෙමි. අපගේ පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන්නා වූ බොහෝ දේ මෙම විශ්වය තුළ පැවතිය හැකි බව මගේ අදහසයි. අප සියල්ල දන්නා බව සිතීම මිත්‍යාවක් වනු මිස, නොදන්නා බොහෝ දේ ඇති බව දැන සිටීම මිත්‍යාවෙහි ගැළීම නොවේ. (ස)
ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප !! (නි)
ලංකාදීප මගින් ඉදිරිපත් කල මෙම වාර්තාව ඉතාමත් කාලෝචිත වූවකි. මෙම ඡායාරූප පිළිබදව මම කිහිප දෙනෙක්ටම තේරුම් කිරීමට උත්සාහ ගත්තද නොහැකි විය. මෙය එයට කදිම උත්තරයකි. නමුත් මා විසින් අපර මනෝ විද්‍යා කටයුතු කරනු ලබන කලුආරච්චි මහතාගේ නිවසේ දී භූත ආත්ම ඡායාරූපයට නැගි අවස්ථා දැක ඇත. ඒවා ලබා ගෙන ඇත්තේ යුරෝපයේ අධි තාක්ෂණික කැමරා නිපදවන, මිළ අධික කැමරා වලින් බව දැන ගැනීමට ලැබුණි. එම කරුණ පිළිබදව තේනුවර මහතාගේ අදහස් දැන ගැනීමට මා කැමතිය. අනෙක් කරුණ වන්නේ ආචාර්ය වසන්ත මහතාගේ අදහස් වල ද යම් සත්‍යාතා තිබිය හැකි බවයි. ආතර් සී ක්ලාක් මහතා පැවසූ චතුර්මානය පිළිබද මතය උදාහරණයකට ගත හැකිය. එය අපිට නොදැනුනු තරමින් ම, එය නොමැත්තක් ලෙස බැහැර කළ හැකි ද? (නි)
මමත් මේවා ඡායාරූපගත කරලා තිබෙනවා (නි)
ආචාර්ය වසන්ත මහතාගේ අදහසට මමත් එකග වෙමි. (නි)
ඇත්තටම හොද ලිපියක්. නමුත් මේ කතා අහන අපිට නැවතත් හිතෙන්නේ විද්‍යාව කියා මිනිසුන් නැවතත් එළබෙන්නේ මිත්‍යාවටම නොවේද කියාය . ඉතා මිල අදික කැමරාවකින් ගත් පලියට අපි එය පිළිගත යුතුද ? ඒ කියන්නේ මනස දියුණුකර ලබාගන්නා යම් දෘෂ්ටියක වටිනාකම මේ මිල අදික කැමරාවට සමානද ? (ස)
මිත්‍යවෙන් මිනිස්සු මුදවන්න ලොකු සමාජ මෙහෙවරක් (අ)