විවාහ මංගල්‍යයේ හෝම්කමින් එක දවසේ සිය දිවි නසාගත් මනාලියකගේ අවතාරය රාගම බටුවත්ත පැත්තේ පාරක රාති‍්‍රයට සැරි සරන බව එම ප‍්‍රදේශයේ සමහරු කියති.
මනාලියගේ මේ අවතාරය පාරේ ගමන් කරන ති‍්‍රරෝද රථ හා වාහනවලට අත දමා නවත්වාගෙන ඒවායේ නැගී අතුරුදන්වන බව ද මේ නිසා බොහෝ රියදුරන් බියට පත්ව ඒ පාරෙන් රෑට ගමන් කිරීමෙන් වැළකී සිටින බවත් අපට දැනගැනීමට ලැබිණි.
|
අවතාරය සැරිසරන බව කියන මාර්ගය |
|
වෛද්‍ය ජනක සහ වෛද්‍ය පි‍්‍රයන්ත ලීලාවති සහ ඇගේ සැමියාගෙන් කරුණු විමසමින් |
අප සමඟ මේ තොරතුරු හෙළි කළේ ඉරිදා ලංකාදීපයේ පාඨකයෙක් වන නාත්තන්ඩියේ පදිංචි ලයනල් අත්තනායක මහතා ය.
ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජනක ජයසූරිය සහ මාරවිල මූලික රෝහලේ මනෝ වෛද්‍ය අමාත්‍ය පිලිප් පෙරේරා මහතාගේ උපදේශක පි‍්‍රයන්ත ගාමිණි ජයසිංහ යන මහත්වරුන් ද සමඟ ලයනල් අත්තනායක මහතා ලබාදුන් හෝඩුවාවක් ඔස්සේ මනාලියකගේ මේ අවතාර කථාව සම්බන්ධයෙන් ගවේෂණයක් කිරීමට පසුගිය සෙනසුරාදා අපි රාගම-බටුවත්ත ප‍්‍රදේශය බලා පිටත්ව ගියෙමු.
මේ කියන කාන්තා අවතාරය රාති‍්‍ර කාලයට සැරිසරන බව කියන්නේ රාගම තේවත්ත හන්දියේ සිට වැටී ඇති බටුවත්ත පාරේ ය.
රාගම-බටුවත්ත ප‍්‍රදේශයේ තරුණියක් මීට වසර 30 කට පමණ ඉහතදී විවාහ දිවියට ඇතුළත් වී ඇත්තේ ජයටම මගුලක් ගැනීමෙන්
|
ලක්ෂ්මන් පෙරේරා |
|
ලීලාවතී අල්විස් |
|
තිස්ස ප‍්‍රනාන්දු |
|
ඩබ්ලිව්. සමන් |
පසුව ය.
මනාලිය තමා විවාහ වී ඇත්තේ මීට කලින් විවාහ වී ඇති දරුවන්ද සිටින පියකු සමඟ බව දැනගත් මනාලිය අසල නිවසක ඇති ළිඳකට මංගල ඇඳුම් පිටින්ම පැන දිවි නසාගෙන ඇත්තේ ඇතිවූ සිත් වේදනාව නිසා ය.
මෙය අද ඊයේ සිදුවූවක් නොව මීට වසර 30ක පමණ කාලයක ඉහතදී සිදුවූවකි.
අවතාරයක් වී අදටත් පාරේ රාති‍්‍ර කාලයට සැරි සරන්නේ මේ මනමාලිය බවට ප‍්‍රදේශවාසින් අතර ලොකු විශ්වාසයක් පවතී.
මේ අවතාර කතාවේ පසුබිම අප සොයාගත්තේ ප‍්‍රදේශවාසින් රැසක් සමඟ කළ කතාබහේ දී ය.
වසර 30ක පමණ කාලයකට ඉහත දී සියදිවි නසාගත් මනාලියගේ අවතාරය අදටත් රාති‍්‍රයට පාරේ බොහෝ දිනවල සැරිසරන බව එම අවතාරය දුටු බව කියන රියදුරෝ ගණනාවක්ම අප සමඟ පැවසූහ.
මේ පාරෙන් ?ට ඕනෑ තරම් ගමන් ගොස් ඇතත් ඔය කියන අවතාරය තමන්ට නම් කිසි දිනක හමුවී හෝ තමන් පැදවූ වාහනයට ගොඩවී නොමැති බව පවසන රියදුරන්ද මෙම සංචාරයේ දී අපට හමු විය.
අවමඟුල් ගෙදරක සිට මිතුරන් දෙදෙනෙක්ද සමඟ තී‍්‍ර රෝද රථයකින් නිවෙස බලා එමින් සිටි අතරවාරයේ මේ අවතාරය දුටු බව කියන රාගම ඉහළගම ජය සමරු මාවතේ පදිංචි රාගම තැපැල් කාර්යාලයේ සේවයේ නියුතු තිස්ස ප‍්‍රනාන්දු මහතා අප සමඟ පැවැසුවේ මෙවැනි කතාවකි.
-සති තුන හතරකට විතර කලින් මළ ගෙදරක ගිහින් ති‍්‍රරෝද රථයකින් ගෙදර එමින් සිටියා. හමුදාවේ සේවය කරන මගේ මිතුරෙක් හා ති‍්‍රවිල් එකේ රියදුරාද සිටියා. එයත් අපේ මිතුරෙක්. ඔය කියන පාරේ එද්දි රෑ 12.00ට විතර ඇති සුදු ඔසරියකින් සැරසුණු කාන්තාවක් එක පාරටම පාර අයිනට ඇවිත් පාර අයිනේ තිබුණ ගෙයක් ඇතුළට යනවා පැහැදිලිවම දැක්කා. ඒ ගෙදර ඉස්සරහ ගේට්ටුව වහලා තිබුණේ. නමුත් ඒ ගේට්ටුව ඇරගෙන නිවස දෙසට යනවා දැක්කා”
වෛද්‍ය ජනක ජයසූරිය හා මනෝ වෛද්‍ය පි‍්‍රයන්ත ගාමිණි ජයසිංහ:
ඔබලා දැක්ක ඒ කාන්තාවගේ ස්වභාවය ගැන විස්තර කරන්න
තිස්ස ප‍්‍රනාන්දු මහතා:
සුදු පාට ඔසරියක් හැඳගෙන හිටියේ. කොණ්ඩය කොටට කපපු කෙනෙක්. මුහුණ පැහැදිලිව පෙනුණේ නැහැ. කිසිම කතාවක් බහක් නැතිව ගේට්ටුව ඇරගෙන ගේ පැත්තට යනවා දැක්කා. මේ කාන්තාව අපි තුන් දෙනාම දැක්කා. අතින් අල්ලන්න පුළුවන් තරම් දුරින් හිටියේ. අපි තුන් දෙනාම දැක්කේ අවතාරයක්. අපි තුන් දෙනාම හොඳටම බයවුණා.
සුදු ඔසරියක් හැඳගෙන හිටපු කාන්තාව ගේට්ටුව අරිනවා තමන් දුටු නමුත් ගේට්ටුව අරිද්දි කිසිම ශබ්දයක් ඇහුණේ නැති බවත් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ වෛද්‍යවරුන් දෙදෙනා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
-මේ අවතාරය දැකලා දවස් පහකට විතර පස්සේ අපි ආයෙත් ඔය පාරෙන් ගියා මහ රෑ අවතාරය බලන්න කියා හිතාගෙන. නමුත් කාන්තාවගේ අවතාරය එදා නම් දැක්කේ නැහැ” යැයිද තිස්ස ප‍්‍රනාන්දු මහතා පවසයි.
මේ අවතාර කතාවේ අතීීත කතාව ගැන අප හමුවේ කරුණු හෙළිකරමින් තිස්ස ප‍්‍රනාන්දු මහතා මෙසේ කීය.
-තරුණියක් තරුණයෙක් එක්ක මීට අවුරුදු තිහකට විතර ඉස්සරවෙලා විවාහවෙලා තිබෙනවා. මධු සමය ගත කරලා ගෙදර එක්ක එන දිනයේ තමා මනමාලි දැනගෙන තියෙන්නේ එයා බැඳපු කෙනෙක් බවත් දරුවෝ ඉන්න බවත්. දැනගෙන තිබෙනවා. මේ නිසා සිත් වේදනාවට පත්වූ මනමාලිය මංගල ඇඳුම පිටින්ම දුවගෙන ගිහින් ළිඳකට පැනලා. මේ මනමාලිය ඊට පස්සේ කාලයක ඉඳලා අවතාරයක් වෙලා රෑට පාරේ ඇවිදිනවා කියලා කියන්නේ. අපි දැකලා තියෙන්නේ ඔය මනමාලිගේ අවතාරය තමා”
-වසර 30ක් තිස්සේ වරින්වර ඔය මනමාලිගේ අවතාරය රෑට පාරේ යන වාහනවලට අත දාලා නවත්ව ගන්නවා. ති‍්‍රවිල්වල නැගලා ගිහින් එයා පදිංචිවෙලා හිටපු ගේ ළඟින් බැහැලා යනවා. සල්ලි අරන් එන්නම් කියා තමා යන්නේ. ආයෙත් එන්නේ නැහැ. හුඟක් ති‍්‍රවිල් රියදුරන් මේ අවතාරයට බයවෙලා. අවතාරය වැඩිපුරම පෙනෙන්නේ හැම අවුරුද්දකම අගෝස්තු මාසෙටයි කියලා තමා හුඟ දෙනෙක් කියන්නේ. සමහර විට මේ මනමාලි සිය දිවි නසාගන්න ඇත්තේ අගෝස්තු මාසෙ දිනක වෙන්නත් ඇති” යැයි තිස්ස ප‍්‍රනාන්දු මහතා තව දුරටත් තොරතුරු හෙළි කරමින් පැවැසීය.
රබර් වත්තක තිබෙන ළිඳකට මනමාලිය පැන සිය දිවි නසාගෙන ඇති බවද දැන ගැනීමට ඇති බව ඔහු පවසයි.
මනමාලි එදා පැනපු ළිඳට අදටත් සමහර දවස්වලට රෑට එයාගේ අවතාරය පනිනවා කියලා කතාවක් තියෙනවා. කිහිප දෙනෙක්ම මේ කතාව මාත් එක්ක කියලා තිබෙනවා. ඔය කියන ගේ ඉස්සරහ තමා අවතාරය වැඩිපුර ඉන්නවා කියන්නේ. අදටත් ඔතන කවුරුත් වාහනයක් නවත්වන්නේ නැහැ. ඒ තරමට අවතාරයට බය යැයි තිස්ස ප‍්‍රනාන්දු මහතා අප සමග පැවැසීය.
ඩබ්ලිව්. එච්. සමන් (35) මහතාද ඉහළගම ජයසමරු මාවතේ පදිංචි ති‍්‍රරෝද රථ රියදුරෙකි.
ති‍්‍රරෝද රථයෙන් ගමනක් ගොස් මේ පාරෙන් රාති‍්‍ර කාලයේ එද්දි මේ කාන්තා අවතාරය සමන් මහතා ද දැක තිබේ.
අවතාරය ගැන සමන් මහතා කීවේ මෙවැනි කතාවකි. මේ ඒ කතාවයි.
මම මේ ළඟදි දවසක රෑ 11.30 - 12.00ට විතර ඔය පාරෙන් තවත් කෙනෙක් එක්ක එමින් සිටියා. සුදුපාට සාරියක් ඇඳගත්තු කාන්තාවක් පාරට එක පාරටම ආවා. ඒ කාන්තාව අත දැම්මේ නැහැ. සමහරවිට දෙන්නෙක් එක්ක ති‍්‍රවිල් එකේ හිටිය නිසා වෙන්න ඇති. අපේ ති‍්‍රවිල් එකට අඩිහයක් විතර ඈතින් තමා මේ කාන්තාව හිටියේ. කොටට කපාපු කොණ්ඩයක්. ඒ කොණ්ඬේ කේ‍්‍රල්. අපි කතා කළා. නමුත් ඒ කාන්තාව කිසිවක් කතා කළේ නැහැ. නිශ්ශබ්දව හිටියා. මේ අර කියන හොල්මන කියා මට හිතුනා. මම හොඳටම බයවුණා.
ති‍්‍රරෝද රථ රියදුරන් 100ක් විතර පහුගිය කාලයේ වරින්වර මේ අවතාරය දැකලා බයවෙලා. මගේ යහළුවෙක් මේ ප‍්‍රශ්නය නිසාම එයාගේ ති‍්‍රවිල් එක විකුණා දැම්මා. රෑට ඔය පාරෙන් හයර් යන්න බැරි නිසා. සමහර ති‍්‍රවිල් රියදුරන් තනියම රෑට හයර් යද්දි අවතාරය අත අල්ලා ති‍්‍රවිල්වල නැගලා ගිහින් බැස ගොස් තිබෙනවා. සල්ලි අරගෙන එන්නම් කියා යනවා. ආයෙත් එන්නේ නැහැ. පස්සේ තමා දැන ගත්තේ ති‍්‍රවිල් එකේ ඇවිත් තියෙන්නේ කාන්තාවකගේ අවතාරයක් කියා යැයි සමන් මහතා පැවසීය.
සමන් මහතාට අසන්නට ලැබුණු තවත් අපූරු කතාවක් ගැන අප සමඟ කීවේය. මේ ඒ කතාවයි
තේවත්ත හන්දියේ සිට වැටී ඇති බටුවත්ත පාරේ දවසක් මහ රෑ ලොරියක් ඇවිත් තිබෙනවා. කාන්තාවක් පාර අයිනේ හිටපු නිසා ඒ ලොරියේ රියදුරා සහ ගෝලයා හිතලා තියෙන්නේ මේ ඉන්නේ ගණිකාවක් කියලයි. ලොරිය නවත්වා රියදුරා කාන්තාව ළඟට යද්දිම එක පාරටම නොපෙනී ගිහින්. රියදුරා හා ගෝලයා හොඳටම බයවෙලා. පස්සේ තමා ඒ දෙන්නා දැන ගෙන තියෙන්නේ එදා දැක්කේ අවතාරයක් කියා.
මේ අවතාරය බොහොම හිමිහිට තමා යන්නේ අතින් වුණත් අල්ලන්න පුළුවන් ගානට. ඒත් මුහුණ නම් පැහැදිලිව පෙනෙන්නේ නැහැ. යැයි අවතාරය දුටු බව කියන අපට හමුවූ තවත් ති‍්‍ර රෝද රථ රියදුරෝ කිහිප දෙනෙක් පැවැසූහ.
කාලයක ඉඳලා ඔය පාරෙ රෑට තනියම ති‍්‍රවිල් එකේ ගිහින් තිබෙනවා. අනේ අපි නම් ඔය කියන අවතාරය දැකලා නැහැ. අපේ ති‍්‍රවිල් එකට අත දාලා නවත්වන්න හදලත් නැහැ යැයි අපට හමුවූ තවත් ති‍්‍රරෝද රථ රියදුරෝ පිරිසක් කීහ.
ලීීලාවතී අල්විස් (69) සහ ඩබ්ලිව්. එල්. එච්. අල්විස් (80) යන අඹුසැමි යුවල පදිංචිව සිටින්නේ රාගම වල්පොල පාරේ නිවසකය.
අප මේ අඹුසැමි යුවළ පදිංචිව සිටින නිවස සොයා ගියේ මේ අවතාර කතාව හා මෙම නිවස අතර ලොකු සම්බන්ධයක් තිබෙන නිසා ය.
අල්විස් මහතා අසනීප තත්ත්වයකින් පසුවූ නිසා අප සමඟ කතා බහට එක්වූයේ ලීලාවතී අල්විස් මහත්මිය වන අතර ඇය මෙසේ පැවැසුවාය.
-අපි මේ ගෙදර සල්ලිවලට අරන් පදිංචියට ආවේ 2007 වසරේදීය. අපේ දුවා දරුවෝ විවාහ වෙලා විදෙස්ගත වෙලා ඉන්නේ. ඒ ගොල්ලෝ අපේ දුක සැප බලා යන්න නිතර එනවා. මේ වයසක අපි දෙන්නා තමා මේ ගෙදර පදිංචිවෙලා ඉන්නේ. ඔය අවතාරයක් වෙලා මේ පැත්තේ රෑට රෑට ගමන් කරනවා යැයි කියන කාන්තාව පදිංචිවෙලා ඉඳලා තියනවා කියන්නේ මේ අපි පදිංචිවෙලා ඉන්න ගෙදර. ඔය උඩහ තියන ළිඳකට එයාගේ මංගල්‍ය දවසේ පැනලා දිවි නසාගත්තා කියා අපට පසුකාලයක දැන ගැනීමට ලැබුණා. අනේ මේ ගෙදර තනියට ඉන්න වයසක දෙන්නා නම් ඔය කියන විදිහේ අවතාරයක් කවදාවත් දැකලා නැහැ. ඒ විතරක් නෙවේ මේ ගෙදරටත් කිසිම අද්භූත දේවල් අපි පදිංචියට ආපු දා ඉඳලා සිද්ධවෙලා නැහැ.
රාගම පොලීසියෙන් මීට කාලයකට ඉස්සර වෙලා අපෙන් ඇවිත් ඇහුවා මේ පැත්තේ කාන්තාවකගේ අවතාරයක් රෑට ගමන් කරනවා හුඟ දෙනෙක් බයවෙලා තියනවා කියා. අපි දෙන්න කිව්වා අනේ අපි නම් කිසිම දවසක ඔය කියන විදිහේ අවතාරයක් දැකලා නැහැ කියා. පස්සේ ඒ පොලීසියේ මහත්වරු යන්න ගියා. අපිනම් කියන්නේ මේක බොරු කතාවක් කියලයි. මනමාලියක් වූ දවසේ දිවි නසාගත්තු දුව අවතාරයක් වෙලා ඉන්නවා නම් ඔය තැන තැන හොල්මන් නොකර අපි පදිංචිවෙලා ඉන්න මේ ගෙදරටනේ එන්න ඕනෑ. නමුත් මේ වෙනතුරුත් අපේ ගෙදරට ඔය අවතාරය ආවේ නැහැනේ. ඇයි ඒ” යැයි ලීලාවතී මහත්මිය ප‍්‍රශ්න කරන්නීය.
රාගම බටුවත්ත පාරේ පදිංචි ලක්ෂ්මන් පෙරේරා මහතා මේ අවතාර කතාව ගැන දරන්නේ මෙවැනි අදහසකි
මීට අවුරුදු 8 කට විතර කලින් වෙච්ච සිද්ධියක් මම කියන්නම්. දවසක් ති‍්‍රරෝද රථ රියදුරෙක් ඇවිත් මට කිව්වා මහත්තයාගේ ගේ ළඟින් නෝනා කෙනෙක් මගේ ති‍්‍රවිල් එකෙන් රෑ බැස්සා. ඒ නෝනා හයර් කුලිය අරගෙන එන්නම් කියා ගේ ඇතුළට ගියා. සල්ලි අරන් ආවේ නැහැ. මම කිව්වා කිසිම කෙනෙක් දැන් අපේ ගෙදරට ආවේ නැහැ කියා. මම සල්ලි නොදුන් නිසා ඒ ති‍්‍ර රෝද රථ රියදුරා රාගම පොලීසියට ගිහින්. මේ ගැන පොලීසියට පැමිණිලි කරලා. පොලිසියෙන් එදා රෑම ආවා. පස්සේ පොලීසියේ නිලධාරින්ටත් මම මේ කතාවම කිව්වා. පොලීසියේ නිලධාරින් හා ති‍්‍රරෝද රථ රියදුරන් මගේ කතාව පස්සේ පිළිගත්තා.
ඔය කියන කාන්තා අවතාරෙට බයවෙලා ති‍්‍රරෝද රථ රියදුරා පසුදින එළිවෙනකම් පොලීසියේ නිදාගෙන ඉඳලා තියනවා කියා පස්සේ දැන ගැනීමට ලැබුණා. මේ අවතාර කතාව බොරුවක්. එදා මෙදා තුර කවමදාවත් ඔය කියන අවතාරය හොල්මන අපි නම් දැකලා නැහැ යැයි ලක්ෂ්මන් පෙරේරා මහතා අවසාන වශයෙන් අප සමඟ පැවැසීය.
වෛද්‍ය ජනක ජයසූරිය හා මනෝ වෛද්‍ය පි‍්‍රයන්ත ගාමිණි ජයසිංහ යන මහත්වරුන් රාති‍්‍ර 12.00ට පමණ තනියම අවස්ථා දෙකකදී ඔවුන්ගේ මෝටර් රථවලින් අවතාරය ගැවසෙනවා යැයි කියන පාරේ ගමන් කළේ ඔවුන්ගේ මෝටර් රථවලට ගොඩවීමට අවතාරයක්වී සිටින කාන්තාව අත ඔසවාවි දැයි යන්න දැන ගැනීමටය.
තමන්ගේ මෝටර් රථවලට සුදු ඇඳගත් කොණ්ඩය කොටට කපා ඇති කාන්තා අවතාරයක් අත දැමුවේවත් එවැනි අවතාරයක් දක්නට නොලැබුණු බවත් වෛද්‍යවරු දෙදෙනා පැවසූහ.
මෙම සටහන තබන ලේඛකයාද අපේ ඡායාරූප ශිල්පියාද අවතාරය සැරි සරනවා යැයි කියන පාරේ ඉන්පසු තනිවම මහ රෑ ගමන් කළත් අප දෙදෙනාටද ඔය කියන අවතාරය මුණ ගැසුණේ නම් නොමැත.
බොහෝ දෙනෙක් අවතාරය කතාවට බියවී මේ පාරේ රෑට තනියම ගමන් කිරීමට බිය දක්වනු ලැබුවත් එය අනියත බියකි.
යමෙක් මිය ගිය පසු භූතයෙක් වී සැරි සරනවා යැයි සිතීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති මිත්‍යා විශ්වාසයක් පමණකි.
හොල්මන්, භූතයන්, අවතාර යනු මනස්ගාත සිතිවිල්ලක් පමණක් බව පැවසිය යුතුව ඇත.
මෙවැනි අද්භූත සිදුවීම් ගැන ගවේෂණය කිරීමට සූදානම් බව වෛද්‍යවරුන් දෙදෙනා පවසති.
රාගම බටුවත්තේ ලංකා විජේසූරිය මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය
|
|
ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය - ඡායාරූප මාදම්පේ ලක්ෂ්මන් හෙට්ටිතන්ති‍්‍ර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු කිහිපයකට පෙර මුණ දුන්න සිද්ධියකින් මම දොස්තරලගේ අදහස් පිළිගන්නේ නෑ (අ)
දන්නෙ නැති දේවල් තව කොපමණ තිබෙනවද? කොහොමද කියන්නේ කෙනෙක් මැරෙනකොට ඇදගෙන සිටි ඇදුමම වෙනත් ආත්මයකදී ඇදගෙන ඉන්න ඕනෑ කියලා? මතක තියාගන්න ඔවුන් ඕපපාතිකව ඉපදෙන්නේ (නි)
දැන් ඔය කියන දොස්තරලා සියල්ලම දැනගෙනද ඉන්නේ?අපි නොදන්නා දේවල් ලෝකයේ මොන තරම් තිබෙනවද?මමත් කිසිම දවසක හොල්මන් අවතාර දැකලා නැහැ. නමුත් මම සමග එකට සේවය කරන කෙනෙක් මා පිටුපසින් කිසියම් කෙනෙක් සිටගෙන ඉන්නවා කියල කිව්වා. ඒක මම එම වෙලාවේ ගණන් ගත්තේ නැහැ. ඒ උනාට මම සේවය කරන ආයතනයේ හුගක් අයට ඉන්නවා දැනිල තිබෙනවා .මේක සිද්ද උනේ ජපානයේ දී. අදටත් ඒක දකින අය ඉන්නවා .මෙ රටේ මිනිසුන්ට හරි හමන් ආගමක් නැහැ. නමුත් අවතාර සම්බන්දයෙන් විශ්වාසයක් තිබෙනවා .බුදු දහමට අනුව මරණයෙන් පස්සේ ශරීරයෙන් පිටවන කිසිවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලනේ කියන්නේ .මොකද බුදු දහම අනාත්ම වාදීනේ .හරියට කම්බියක් දිගේ විදුලිය ගමන් කරන්න වාගේ .එතෙනදි සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රොන වල ප්‍රවාහයක්නේ .අපට පෙනෙන්නේ නැහැ කියල ප්‍රතික්ෂේප කරන්න බැහැනේ .ඉතින් මේ පිටවන ශක්තිය ගෙන යන්නේ තමන්ගේ කර්මය පමණයි .ඔවුන් මනෝමය කයකින් තමයි ඊලග භවය හදාගන්නේ .භූත ආත්ම කියන්නේ හරි හමන් භවයක් නොලැබුන කොට්ටාශයකටයි. මෙයත් එහෙම එකක් වෙන්නත් පුළුවන්. යම් දවසක ඔය කියන කෙනා යම් භවයක් ලබාගත්ත දවසට ඔය කියන දේවල් නැතිවෙලා යයි.(නදී)
මේ දේ අවුරුදු 30 කට පස්සේ නම් වුණේ පසුගිය අවුරුදු 30 සිටියේ කොහේද? භූතයාට පරණ ඇඳුම් කොහෙන්ද? වලට දාල වහනවා. නැත්නම් පුච්චනවා (නි)
අවතාර තිබෙන්න පුළුවන්. මේ දොස්තරලා තමන්ගේ දැනුමෙන් සියල්ල විස්තර කරන්න හදන එක තමා මම දකින වරද. (නි)
මේක ඇත්තක්ද? (දී)
මේ දොස්තර මහත්තයන් දෙදෙනා සමාජයට ලොකු සේවයක් කරන්නේ එදිරි පම්පරව මේ පසුගාමී තත්වයෙන් ගලවගන්න ඔබ තුමාට හැකි වේවා. (දිල්)
අය අවතාර රෑට පෙනේනේ දවල්ට කොහෙද ඉන්නේ (දිල්)
"මියගිය අය ඇඳන් සිටියේ රතු පැහැති සාරියක්. නමුත් ඇගේ ඊනියා අවතාරය ඇඳ සිටින්නේ සුදුපැහැති සාරියක්. එසේ වූයේ කෙසේද?" එසේ වන්නේ අවසන් කටයුතු කිරීමදි අන්දවන්නේ සුදු ඇදුමක් නිසා බව මහා ප්‍රාඥයන්ට නොතේරුනේ මන්ද? (ත)
ඉෂාර, මියයන මොහොතේදී අඳින ඇඳුම තමයි හොල්මනට ලැබෙන්න ඕනෑ.අවසන් කටයුතු කරනකොට ආත්මය ශරීරයෙන් ඉවත්වෙලා ගිහින්නේ. දොස්තර මහත්මයා කියන මරණයේදී සිදුවන දෙය විද්‍යාත්මකව සත්‍ය වුවත්, එය අධ්‍යාත්මිකව සිදුවන දෙය නොවෙයි. ඒ හැර එතුමා කියන හැමදෙයක්ම ඇත්ත. (නි)
අදහස් දක්වල තියෙන ඔබ තුමන්ලා ගැන මම සතුටු වෙනවා . දොස්තර තුමෙක් කියන්නේ බොරුවට අදහස් දක්වන අය නෙමෙයි . මේ සිදුවීම සම්පුර්ණයෙන්ම බොරුවක් කියා ඔබලාට තේරෙන්නේ නැති උනාට මට බොහොම කනගටුයි . අගෝසතු මාසෙට විතරක් එන හොල්මන අනිත් මස 11 කොහෙද ඉන්නේ ? අනික සරිරයෙන් පිටවෙන ආත්මයකට කොහොමද සාරියක් අන්දවන්නේ . ඔබ හොඳට මතක තිය ගන්න නැවත මේ මනුස්ස හොල්මන නොයෙන බව . හොල්මනක් නම් අවිදීන්න, අත දාන්න පුලුවන්ද? මුළු ගමම අවදියෙන් හිටියොත් ඕකත් තව ග්‍රීස් යකෙක් බව ඔප්පු වෙවී . (අ)
1975 - 1990 දක්වා කාලයේ මමත් තේවත්ත - බටුවත්ත මාර්ගයේ නිවසක පදිංචි වී සිටියා. අවුරුදු 30 කට ඉහත කාලය මා සිටිය කාලයට අයිති වෙනවා. මට නම් ඔවැනි සිද්ධියක් වුනා කියලා මතකයක් නෑ. (ස)
පළමු ප්‍රතිචාරය දැක්වූ සෙනරත් මහතාණෙනි, ඔබතුමා තෙල ලබාගත්තෙහි නම් අපිටද පවසනු මැනවි. බොහොම පින්! (නි)
දොස්තර ජනක කියන මේ පුද්ගලයා දොස්තර කෙනෙක් කොහොම උනාද කියල මට හිත ගැන බෑ. ඔහු ගේ ප්‍රකාශයෙන් ඔප්පුවෙනවා ඔහු පොත පත මත යැපුන කෙනෙක් පමණක් බව. මොකද මනමාලිය දෙවැනි දින අදින ලද්දේ රතු සාරියක් වුවත් මනමාලි මියගිය පසු ඇයට අවසන් ගමනට අන්දවනේ සුදු වස්ත්‍රයක් නොවන බව නොදනිම පුදුමයකි. අනික අවතාරයක් වනාහි ඇදුම් මාරු කර කර ස්නානය කර කර කොන්දේ පිර පිර ඉන කෙනෙක් නොව.ඇයට දින චාර්යවක් කියල දෙයක් නැත.දොස්තර කෙනෙක් වුණාම මිට වඩා බුධිමත් විය යතුය (දිල්)
අපේ ගෙවල් ළග මීට වසර 30 ට පමණ පෙර මැරුන සීයා කෙනෙක් ලේලිය නොසැළකූ හෙයින් මැරුණු පසු අවතාරයක් වී ගෙදර සොල්දරයේ වාසය කළ බවත් බඩගිනි වූ විට දරුවන්ට කෑමට දේ නොමැති විට නිවැසියන්ගේ සංවාද අසා අසල කඩයකින් කරවල හාල් එළවලු ගෙනවිත් කුස්සියෙන් තබන බවත්, කෑමට සුදානම් වූ විට ලේලියගේ බත් පතට අසුචී ගෙනවිත් දැමු බවත්, නිවසට පිටස්තරයෙක් පැමිණි දින නවාතැන් ගත් පසු එළිවෙනතුරුත් ඇදෙන් බිමට වට්ටන බවත්, මීට කලකට පෙර ලංකාවී ජනප්‍රිය පුවත්පතකින් පැමිණ ඒ සිදුවීම් සියල්ල කැමරාගත කිරීමට සැදූ විට කැමරාකරුට ගඩොල් කැටවලින් ගසා එළැවූ බවත්, දක්ෂ කට්ටඩියෙකු මාර්ගයෙන් ඒ සීයාගේ ආත්මය අල්ලා බෝතලයකට දමා ප්‍රසිද්ධ වැවකට දමා ඇති බවත්, ඒ බෝතලය වැටුන තැන වැවේ තවමත් දිය බුබුළු ඉහළට පතිත වෙන බවත් ගැමියෝ පවසති. දිනපතා මගේ ගමේ මා දකින මේ නිවැසියන්ගෙන් ඇසූ විට අතීතයේ සිදු වූ දේ ඔවුන් කියන බවත්, මෙය ලියන මා කිසි දිනක හොල්මන් අවතාර දැක නොමැති බවත්,යහළුවන් සමග මැදියම් රැයෙත් මිනි කනත්තවල් වල මිනි ඔලු ඇහිදින ලද අපි මේ හොල්මන් විශ්වාස නොකරන බවත් සදහන් කරමි (නි)
මෙහි පවසන පරිදි මොළයත් හදවතත් , අනෙකුත් ඉන්ද්‍රියයන් නතරවූ විට පිටවන දෙයක් නැත. එහෙත් එයින් අපගේ ආත්මය පිටවන බව නොවැටහුනේ මන්ද? මම වරක් මියගොස් යලි පණ ලද තැනැත්තියක්මි. මම මගේ සිරුරින් පිටවී ගියෙමි. කිසිදු හැඩයක් නොමැති නිල් පාටට හුරු සිරුරක් පමණි. වෛද්‍යවරුන්ගේ බලවත් උත්සාහය මත යලිත් පණ ලැබුවෙමි. ඉතින් භූතාත්ම ගැන අප බෞද්ධයන් ලෙස විශ්වාස කරන්නෙමු. (නි)
මෙතන විශේෂඥ උපදෙස් දෙන දෙන්නම බටහිර ක්‍රමේට ඉගෙන ගත්ත බටහිර වෛද්‍යවරු. නරකද බුදු දහම හොඳින් දන්නා අපේ ස්වාමීන් වහන්සේ නමකගෙන් හරි බුදු දහම දන්නා වෙනත් පිළිගත් කෙනෙකුගෙනුත් මෙවන් දේ ගැන මුවින් ප්‍රකාශ වුනු දේවල් මොනවද කියලත් දැනුවත් කිරීමක් කරන්න පුලුවන්නම්. සෑම සත්වසෙක්ම සෑම දේටම සංවේදියි කියල කොහෙවත් කියල නැහැනෙ. බටහිර විද්‍යාවට ඔප්පු කරන්න බැරි දේවල් බොරු කියල අහක දාන්න බැහැ. (අ)
කාට කාටත් මේ ටික නම් කියන්න ඕනෑ. හොල්මන් අවතාර ඕනෑතරම් මේ විශ්වයේ සැරිසරනවා.බටහිර විද්‍යාවට ඔවුන්ව හසුකරගන්න බැහැ.ඒක නිසා බටහිර වෛද්‍යවරු එක එක තර්ක ගොඩනගනවා මේවා බොරු කියන්න.තව ටික දවසකින් මෙයාලා බුදු බණත් බොරුයි කියනවා. (නි)
මෙය හවසට හයර් දුවන මිනිස්සු කරන වඩක් වගේ (අ)
මේක හවසට හයර් දුවන මිනිස්සු කරන වැඩක් වගේ (අ)
බටහිර විද්‍යාවට ඔප්පු කරන්න බැරි දේවල් බොරු කියලා අහක දාන්න බැහැ (නි)
අවතාරය අත දානකොට ඇයි වාහන නවත්වන්නේ? එහෙම නොකළා නම් කවුරුවත් බයවෙන්නේ නැහැනේ. දැන් ඕක මුවාවෙන් හොරු මංකොල්ලකාරයෝ ටික හොද හොද වැඩ කරාවි. (නි)
අවතාර ගැන විස්වාස්සයක් නැහැ කියල කෙනෙක් කියනව නම් ඔහු තනියම එම බටුවත්ත පාරෙන් ඇවිද ගෙන ගියා නම් හොඳයි. හැම අයෙක්ම ගිහින් තියෙන්නේ දෙන්නෙක් එක්කනේ. තනියම ඔය පාරෙන් යනව නම් යන්නේ ඉතුපිසෝ බගවා කියාගෙන.(නදී)
දොස්තර මහත්තයෝ, ඔබලාගේ වෛද්‍ය විද්‍යාවට කරන්න බැරි දේවල් සහ නොපෙනෙන බලවේග ගැන බුදුදහම තුල තියනවා. ඒ නිසා මීට වැඩිය පොත පත ඇසුරු කරන්න (නි)
හොල්මන් විස්වාස කරන්නේ නැති අයට ඩෙඩ් ෆයිල්ස් කියලා වැඩසටහනක් තියෙනවා යූ ටියුබ් එකේ. පොඩ්ඩක් බලන්න (නි)
මේ දොස්තරලා මරණාසන්න අත්දැකීම් විස්තර කරන්නේ කොහොමද? මේ දොස්තරලා අවුරුදු 200 කට පෙර බිහි වූ බටහිර වෛද්‍ය විද්‍යාවට ගැති වූ දෙන්නෙක්. අපේ මුතුන්මිත්තෝ මීට වැඩිය ජීවිතය එහි පැවැත්ම එහි ආරම්භය අවසානය ගැන දැනීමක් තියන අය. ඒ දැනුම අපි අනාගත දරුවන්ට දිය යුතුය.බටහිර විද්‍යාව මෙවැනි ගුප්ත දේවල් තිබෙන බව පිළිගන්න කලෙක මේ අය මේවා බැහැර කරන්නේ මේ අයගේ දැනුම මද නිසාය. බුදු දහමේ පවා මේවා ගැන කතාකරනවා. පාඨකයන්ට මීට වැඩිය විචාරණ බුද්ධියක් ලැබිය හැකි විග්‍රහයන් පල කරන්න. (නි)
මේ වෛද්‍යතුමන්ලා කියන්නේ එයාලා දන්න විද්‍යාත්මක කරුණු වලට අනුව දැනට ඇතිවෙලා තියෙන සිදුවීම පැහැදිලි කිරිමට එයාලා විසින් හදා ගත් කල්පිත ටිකක් විතරයි. හැබැයි මේ වගේ ඇත්ත අද්භුත සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඒවා ගැන විද්‍යාත්මක පර්යේෂණත් කරලා තියෙනවා. හැබැයි සමහර ඒවා අසත්‍යයයි කියලත් ඔප්පු වෙලා තියෙනවා. සමහරවිට මේක ඇතත් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මිනිසුන්ගේ හිතේ තියෙන භය නිසා සිතේ මැවුනු මනඃකල්පිත දෙයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම්, අපි කවුරුත්ම නොහිතන විදියේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කිසියම් පාතාල ව්‍යාපාරයක් කරගෙන යන්න පහසු වෙන්න මේ පරණ සිදුවීම භාවිතා කරලා මේ පාරෙන් රෑට මිනිසුන් ගමන් කරන එක වළක්වන විදියේ දෙයක් වගේ කියලත් අපිට හිතන්න වෙනවා (නි)
මම 1988 -1990 කාලේ තේවත්තේ පාරේ ගෙයක් කුලියට අරගෙන පදිංච වෙලා හිටියා. ඔය කියන පාරෙත් ඒ අසල ඇති පාරවල් වලත් ඕනෑතරම් රැට ගිහිල්ලා තියනවා. ඔහොම දෙයක් දැක්කෙත් ඔය වගේ කතාවක් ඇහුවෙත් නැහැ. ඒ වුනත් ඔය කතා නිකන්ම බැහැර කරන්න බැහැ. නවීන විද්‍යාවට හසු නොවන ඔය වගේ දේවල් තියනවා. (නි)
මේ දොස්තරලා දෙන්න කියන කතාව පිළිගන්න බැහැ දොස්තරලා කියන කතාවේ තේරුමක් නැහැ මේවා ගැන ටිකක් ගැඹුරින් හොයල බලන්න . (නදී)
ඇත්තටම හොල්මන් තියෙනවා ඇති. ඒවා මම දැකලා නැහැ වනාට විශ්වාස කරනවා. ඕවා දැකපු මිනිස්සු කියපුවා මම විශ්වාස කරනවා.(නදී)
දොස්තර මහත්මානෙනි නොපෙනන බලවේග ගැන ඔබලා දන්නා දේ අල්පයි. .ඔයාල වැඩ කරන රෝහල් කොරිඩොරය ය දීගේ ඕනෑතරම් හොල්මන් ඇත .නමුත් එයාලගෙන් කාටවත් කරදරයක් නැත. .(නදී)
හොඳ ලිපියක් ,මිත්‍යා අදහස් බැහැර කලයුතු මරුනු කෙනෙකුට කළ හැකි දෙයක් නැහැ හොල්මන් කතා හදන්නේ කට්ටඩියන් සහ මංකොල්ල කරුවන්ය..(නදී)
මේ ගැන නම් නොකිය බැහැ,මේ වැනි දේවල් බැහැර කිරීම කල නොහැකි ය. එක්තරා ආකාරයක මෙවැනි දේවල් තිබෙන බව මගේ මතයි බටහිර විද්‍යාව මේ දේවල් සම්පුර්ණයෙන්ම බැහැර කරන්න බෑ. ගුප්ත විද්‍යාවෙන් මොනතරම් මිනිසුන් ප්‍රයෝජන ගන්නවද. මම විබාගයකට යන්න මේ ලඟකදී එක්තරා සවාමීන් වහන්සේ කෙනෙකුගෙන් යම් තෙලක් දමාගෙන ගියා. ඊයේ ප්‍රතිපල ආවා මටම අදහන්න බැහැ,මොනතරම් සාර්ථක ද කියන එක.(දී)
මේ ගොල්ලෝ බුදු දහමත් බොරු කියාවි තව ටික කාලෙකින්. මේ අය කියන විදියට කෙනෙක් මැරුණට පස්සේ මොකුත්ම ඉවත් වෙන්නේ නැතිලු එහෙනම් පුනර්භවය කියලා එකක් තියෙන්නේ විදියක් නැහැනේ. මේ අය හිතන් ඉන්නේ ඇහැට පෙන ඒවා විතරයි ඇත්ත කියලා. හිතා මතාම මෙහෙම කියනවද දන්නේ නැහැ.. (ස)
මම හිතන්නේ දොස්තරලත් දැන් හොල්මන් වෙලා ඉන්නේ. (ස)
දොස්තර මහත්වරුනි ඔයාලා නොදන්න බොහො දේවල් තියෙනවා ඔයාලාගේ මතය විතරක් නෙමෙයි ඈත්ත. පුලුවන්නම් මාව හමුවන්න. මගේ අත් දෑකීම අනුව මනුශ්‍ය ශරීරයෙන් ආත්මය පිටවුනු පසු ඔවුන්ට මායාවක් හොල්මනක් වී සෑරිසරන්න විතරක් නෙවෙයි යමක් හංගන්න තව තෑනකින් අරන් තියන්න පුලුවන්. අපේ ගෙදර නිතරම එහෙම වෙනවා. නමුත් අපි බය නෑහෑ ගෙදර මානසික රෝගියොත් නෑහෑ. .(නදී)
ම මිතුර ප්‍රියන්ත ගාමිණී,මීට වසර 15-20 කට උඩදී ඔබගේ නිවසේ සිදු උන අවමගුල් ගෙදරක මමද සහබාගි උනි,එදින රාත්‍රියේ අපි ඔය හොල්මන් ගෙන කතා කළෙමු,මොකද එදවස ඔබ මේ පිළිබද ඉගෙනගනිමින් සිටි නිසාය, නමුත් එදා රාත්‍රියේ හොල්මන් ඇති බවට ඔබ අප හා පැවසුවා. දැන් ඔබ එවැන්නක් නැති බව පවසනවා..(නදී)
ඔය හොල්මන බොරුම කියමුකෝ , පල වෙනි දොස්තරට අනුව මනස,,සිත කියන්නේ මොළයය හා එහි ක්‍රියාකාරිත්වය නං,ඔබ තුමාගේ ඔය විද්‍යාවෙන්ම මොලේ මරුනා කියල මෝචරියට යවපු බොහෝ මිනිස්සු පන ලබලා තියනවා ,ඊට ඕන තරම් ශාක්ෂි රෝහල් තුලින්ම සනාථ වෙලා තියනවා. ලෝකයේ නොයෙක් රට වලින් 'ඒවා දොසතරවරුන්ට උන වැරදීම් නොව සත්‍යලෙසම සිදු උන දේවල්. එතකොට දොස්තර මහත්තයෝ මොලයේ ක්‍රියාකාරිත්වය සිත,සිතුවිලි හා විඤ්ඤාණය නම් එසේ මොලය මැරුන බවට සනාතව මෝචරියට නියම උන මිනිසුන් නැවත පන ලැබුවේ කෙසේද? මෝඩ බෞථික වාදී මිනිසුන් පිළිගන්නේ තම ඉන්ද්‍රියයනට අසුවන දේ පමණි .(නදී)
ඔය දොස්තර මහත්තුරු මිත්‍යාව තමයි ඉගෙන ගන්නේ. හිතන් ඉන්නෙ තමන් සියල්ල දන්නව කියලයි.දොස්තර නළාවට ඇහෙන් නැති දේවලුත් තිබේ යැයි සිතන්න. මාන්නය දුරලන්න.(නදී)
මැරුණු මිනියට රතු සාරි අන්දන්නෙ මොන රටේද? (නි)
අව - තාර වචන දෙකකට වෙන් කරලා කියවලා සතුටුවෙන කෙනක් මම.ඉංග්‍රීසියෙන් අවර් කියන්නේ අපේ.තාර කියන්නේ ඔය පාරේ දාලා තියෙන්නේ.ඉතින් අවතාර වලට බය වෙන්න එපා.ඒ ආත්මයට පින් දෙන්න. එයා එතනින් අත් මිදේවි. (නි)
මේ කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. බොරු වෙන්නත් පුළුවන්. ඒත් ඔය දොස්තර මහත්තුරු දෙන්න කියන කතාව නම් පට්ට පල් බොරුවක්. (ස)