IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දේශපාලන අඹරට පායන තරු

බස්නාහිර හා දකුණු පළාත් සභා දෙක විසුරුවා අවසන්ය. ඒ නිසාවෙන්ම මේ පළාත් සභා දෙක සඳහා මැතිවරණයක් ළඟදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ ඒ පක්ෂ විසින් මේ දිනවල මෙම පළාත් සභා සඳහා තරග කිරීමට අපේක්ෂකයන් තෝරාගැනීම ලහි ලහියේ සිදුකෙරේ. සම්මුඛ පරීක්ෂණ මේ දිනවල තම තමන්ගේ පක්ෂ මූලස්ථානවල පැවැත්වේ. මෙවර පළාත් සභා දෙක සඳහා මැති ඇමැතිවරුන්ගේ දු පුතුන් වගේම ජනප‍්‍රිය සිනමා තාරකාවන්, ගායිකාවන් හා රූ රැජිනියන් අපේක්ෂකත්වය ඉල්ලා සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වෙති. බොහෝදෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේ මේ තාරකාවන් දෙසය. ඒ නිසාවෙන්ම ඔවුන් මෙවර ඡන්දය සඳහා ඉදිරිපත් වෙන්නේ ඇයිද? යන්න දැන ගැනීමට අපි ඔවුන් හමුවීමු.

 

බොරුව මාළඟ නෑ

 

මුලින්ම හමුවුණේ දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවේ සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි, ප‍්‍රවීණ සිනමා නිළි, චිත‍්‍රපට නිෂ්පාදිකා ගීතා සමන්මලී කුමාරසිංහය.


 ඇයි ඔබ මෙවර දකුණු පළාත් සභා ඡන්දෙට ඉල්ලන්න ඉදිරිපත් වුණේ?
මම 2010 සිට මේ දක්වා සම්පූර්ණයෙන්ම ආසනයක සංවිධායක හැටියට මගේ මුළු ජීවිතයම කැපකරලා වැඩකරන කෙනෙක්. අඩුම තරමින් මම ගමේම ඉඳගෙන උපරිම කැපවීමෙන්, මගේ සියලූ මුදල් ගමේ ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ දුක - සැප වෙනුවෙන් වියදම් කරමින් ඉන්න කෙනෙක්. එහිදී මා දැනගත්තා, ගමේ වැඩවලට පළාත් සභාවෙන් තමයි ලොකු කාර්යභාරයක් සිදුවන්නේ කියා. සමහර පාරවල් ගැන, පාසල් ගැන කටයුතු කරන්න යද්දී ප‍්‍රශ්න ඇතිවෙනවා. මොකද ඒවා පළාත් සභාවට අයිති නිසා.

මම මෙච්චර වැඩකරලා තිබෙද්දී, ජනතාව මට කොහොමද කැමති කියලා දැනගන්න කැමතියි. ජනතාවගේ කැමැත්ත උරගා බලන්න මෙය හොඳ අවස්ථාවක්. ඒ හින්දයි මම මෙවර ඉදිරිපත් වුණේ. ඒ තුළින් මට ලොකු සේවයක් කරන්න පුළුවන්. නිකම් පළා බබා කෙනෙක් වෙලා වැඩක් නෑ. මම ඉල්ලන්නේ මහ ඇමැති ධූරයටයි.

 


​ ඔබ තරගවදින්නේ මහ ඇමැතිධූරය බලාගෙන. ඇයි ඒ තනතුරම අවශ්‍ය?
එයින් තමයි ගමට, දිස්ත‍්‍රික්කයට වැඩක් කරන්න පුළුවන්. පසුගිය කාලයේ හරියට අසාධාරණකම් ගාල්ල දිස්ත‍්‍රික්කයට සිදුවී තිබෙනවා. ඒක කට්ටියකට විතරක් සලකන තත්ත්වයක් තිබුණේ. හරි භයානකයි. එහෙම නැතුව ගාල්ල දිස්ත‍්‍රික්කයටම වැඩකරන්න පුළුවන් කෙනෙක් ලෙසයි මා ඉදිරිපත් වෙන්නේ. සංචාරක ව්‍යාපාරය, සංස්කෘතිකාංග රැුකගන්න විශාල වැඩපිළිවෙළක් එයින් කරන්න පුළුවන්. ඒවාට කවුරුත් අත ගහලා නෑ. නිකම් හෝටල් හදලා වැඩක් නෑ. ඒ ඒ පළාත්වලට ආවේණික දේ තිබෙනවා. ජනාධිපතිතුමාගේ සංවර්ධන වැඩපිළිවෙළට ලොකු රුකුලක් වෙනවා මේ දකුණු පළාත් සභාව. එය නිකම්ම නිකම් සමාජ සේවයට කැපවූ තැනක් වෙන්න බැහැ.

 


​ ඔබ කෙළින් කතාකරන කෙනෙක්. සමහරුන්ට මේ කෙළින් කතාව අල්ලන්නේ නෑ. ඔබගේ මේ දැඩි වචන ප‍්‍රහාර වලින් මනාප ගැනීමේදී ප‍්‍රශ්නයක් ඇතිවන්න පුළුවන් නේද?
යථාර්ථය දකින්න මා කැමතියි. බොරුව මා ළඟ නෑ. මා ඉල්ලන්න හේතුවක් තිබෙනවා. ඒ හේතුව පැහැදිලි කිරීම මගේ යුතුකමක්. මා විතරක් නොව ගාලූ දිස්ත‍්‍රික්කයේ ජනතාවම මේ කාරණා ගැන දන්නවා. ඔවුන් මා කියන්නේ මොනවාද කියාත් දන්නවා. ඒ හින්දා ඔවුන් මට විශ්වාසයි. මා කිවයුතු දේ කෙළින් අදත් කියනවා. හෙටත් කියනවා. ඒක ජනතාව දන්නවා.

 

 

​ මඩ, කටකතා,  ඕපාදුප වගේම ප‍්‍රහාරවලටත් මේ දේශපාලනයේදී ලක්වෙන්න සිදුවෙනවා. ඔබට මේවාට මුහුණ දෙන්න ශක්තියක් තිබෙනවාද?
 ඕවාට එදා ඉඳලම මුහුණ දෙනවා. ඒවාට මුහුණ දෙන්න මට ලොකු ශක්තියක් තිබෙනවා. මම ඒවා තඹ දොයිතුවකටවත් ගණන් ගන්නේ නෑ.  ඕන කතාවක් ඒ අයට කියන්න පුළුවන්. වැදගත් වෙන්නේ හතුරෝ කියන කතාව නොව, තමන් කරන ක‍්‍රියාවයි. මම ක‍්‍රියාවෙන්ම ඔප්පු කළා, පැරදුණත් ගාලූ දිස්ත‍්‍රික්කයේ ජනතාව අතනොහැර සිටීම. දැන් මම අවුරුදු 4කට පස්සේ ඡන්දෙකට මේ එන්නේ. මේ අවුරුදු 4 තුළ කලා ජීවිතයේ කිසිම දෙයකට ගියේ නෑ. මොකද මම ගමට වෙලා හිටියා.
 

 

 

 

 

මට  ඕනෑ ජනතා සේවකයෙක් වෙන්නයි?

 

ඊළඟට අපට හමුවූයේ දකුණු පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට අපේක්ෂකත්වය ඉල්ලා සිටින ජනප‍්‍රිය රංගන ශිල්පිනියක හා ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක වන නදීෂා හේමමාලිය.


​ ඇයි ඔබ ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ?
මට අවශ්‍ය ජනතා සේවකයෙක් වෙන්නයි. මම දකුණේ ඉපදුණු කෙනෙක්. මගේ පවුල් පසුබිම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධයි. අනෙක මේ තිබෙන ක‍්‍රමයේ වෙනසක් දකින්න  ඕනේ. මේ දියවෙලා, කුණු වී යන ක‍්‍රමයට විරුද්ධව කරන සටනක් නිසා මා එක්සත් ජාතික පක්ෂය තෝරාගත්තේ. මට ලොකු වැඩපිළිවෙළක් තිබෙනවා. ඒවා ක‍්‍රියාත්මක කරන්න තමයි මෙවර ඡ​න්දෙ ඉල්ලන්න මා බලාපොරොත්තු වෙන්නේ?

 


​ මොනවද ඔබට දකුණේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් වෙන්නේ?
මගේ දර්ශනය, ප‍්‍රතිපත්ති එක්ක තමයි මා දකුණට ඉදිරිපත් වෙන්නේ. ඉතිං ඒ දර්ශනය දකුණේ තරුණ - තරුණියන් පිළිගනියි කියා මා විශ්වාස කරනවා. ඒ තුළ තමයි ඔවුන් මට කැමති, අකැමති බව ප‍්‍රකාශ වන්නේ. මට ඔවුන් විශ්වාසයි. දකුණේ ජනතාවට කළ හැකි දේ ඉදිරියේදී මා ප‍්‍රකාශ කරාවි.

 


​ දකුණට මෙවර ඔබත් සමග ගීතා, අනර්කලී යන තාරකාවන්ද තරග වදිනවා. ඔවුන් අභියෝගයක් නේද?
කොහෙත්ම නෑ. මට අභියෝගය තිබෙන්නේ මා සමගමයි. මොකද මට ප‍්‍රතිපත්ති තිබෙනවා. මට ආදරය කරන ජනතාව පිළිගත්තොත් තමයි මට ඒක වටින්නේ. ඔවුන් මට අභියෝග නොවෙයි. දේශපාලන මතවාද අනුව ඉදිරියේදී අපි හැප්පෙන්න පුළුවන්. කෙස්වලූ පටලවා ගන්න පුළුවන්. හැබැයි පුද්ගලිකව නම් නොවෙයි. ඉදිරියේදී ජනතාවට දැනගන්න පුළුවන් වේවි අපි මොනවද කරන්නේ කියලා.

 


​ මඩ, කටකතා,  ඕපාදුප, වගේම ප‍්‍රහාරවලටත් මේ දේශපාලනයේදී මුහුණ දෙන්න සිදුවෙනවා. ඔබට ඊට මුහුණ දෙන්න ශක්තියක් තිබෙනවාද?
ඔව්, ඊට හොඳම උදාහරණය අපේ නායකතුමා රනිල් වික‍්‍රමසිංහ.  ඕනෑම මඩ, කටකතා,  ඕපාදුප හැම එකකටම ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තියක් එතුමා පෙන්නුම් කරලා තිබෙනවා. ඒ නිසා මටත් එවැනි  ඕනෑම දෙයකට මුහුණ දෙන්න ශක්තියක් තිබෙනවා. ඒ නිසයි මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණෙත්.

 

 

 

 

ඕනෑම දේකට මුහුණ දෙන්න මට ශක්තිය තියෙනවා 

 

ජනප‍්‍රිය රංගන ශිල්පිනියක වන රුවන්ති මංගලාද මෙවර බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබාගැනීමට සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි තවත් තාරකාවකි.


​ ඇයි රුවන්ති, ඔබ ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ?
මගේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ කළ කෙනෙක්. දැන් නම් තාත්තා ජීවතුන් අතර නෑ. අනෙක් එක දැන් හොඳ නායකත්වයක් තිබෙනවා. රට සංවර්ධනය වෙනවා. අපේ අනාගත පරපුර වෙනුවෙන් තමයි ජනාධිපතිතුමා මේ රට සංවර්ධනය කරන්නේ. කලාකාරිනියක්, මවක්, බිරිඳක් විදිහට මටත් හිතුණා, ජනතාවට සේවයක් කරන්න  ඕනේ කියලා.


​ කලාකරුවන් දේශපාලනයට ඇවිත් කරපු දේවල් මදිද? ඔබ එන්නේ මොන අරමුණින්ද?
එහෙම නම් එකක් කියන්න මා දන්නේ නෑ. මට තවම අපේක්ෂකත්වය ලබාදීලා නෑ. මට හම්බවෙලා, ජනතා මනාපයෙන් මන්ත‍්‍රීවරියක් වෙන්න ලැබුණොත්, මා අනිවාර්යෙන්ම ජනතාවට සේවය කරනවා. කලාවෙනුත් අයින්වෙලා ජනතාවට සේවය කරන්න තමයි මා බලාපොරොත්තු වෙන්නේ. අනෙක් කලාකරුවන් කරන දේ ගැන නම් මා දන්නේ නෑ.

 


​ ඔයාගේ මොනවද වැඩපිළිවෙළ?
තවම අපේක්ෂකත්වය ලබාදීලා නැහැනේ. දීලා තනතුරට මා පත්වුණොත්, ඒ තනතුරේදී මොනවද මට මහජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් සේවය, ඒ සේවය මම අකුරටම ඉටුකරනවා. මටත් වැඩපිළිවෙළක් තිබෙනවා. ඒවා ඉදිරියේදී මා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි බොරු පොරොන්දු නම් මා දෙන්නේ නෑ.

 


​ මේ ඡන්දෙට සමහරු කෝටි ගණන් මුදල් වියදම් කරනවා. ඔබට කලාකාරිනියක් ලෙස මෙවැනි දේවල් සමග හැප්පෙන්න පුළුවන්ද? ඔය විදිහට වියදම් කරන්න පුළුවන්ද?
ගොඩාක් අය මේ වනවිටත් මට උදව් කරන්න කතා කරනවා. මගේ මහත්තයාත් ජනප‍්‍රිය ගායකයෙක්. (ගායන ශිල්පී නාමල් උඩුගම) අපට හොඳ රසික පිරිසක් ඉන්නවා. මා හිතනවා ඒ අය මට අඩුම ගණනේ එක මනාපයක්වත් ලබාදෙයි කියා. එය ලැබෙන බව මට ස්ථිරයි. රසිකයන් දන්නවා, අපි කොයි වගේ අයද කියා. අපට සෑහෙන රසික පිරිසක් ඉන්න හින්දා මට බයක් නෑ. ලොකුවට මුදල් වියදම් කරන අය සමග හැප්පෙන්න මට අවශ්‍ය නෑ. මා හැප්පෙන්න යන්නෙත් නෑ.

 


​ මේ දේශපාලන ක්ෂේත‍්‍රය එච්චර සුන්දර නෑ. මේ තත්ත්වයට මුහුණ දෙන්න ඔබට ශක්තියක් තිබෙනවාද?
අනිවාර්යෙන්ම ශක්තියක් තිබෙනවා. දේශපාලනයේ විතරක් නොවෙයි,  ඕනෑම ක්ෂේත‍්‍රයක මඩ, කටකතා,  ඕපාදුප තිබෙනවානේ. කලා ක්ෂේත‍්‍රයේත් තිබෙනවා. උණුසුම් හින්දා දේශපාලනයේ ඒවා ටිකක් වැඩිවෙලා තිබෙන්නේ. මොනවා වුණත් ඒවාට මුහුණ දෙන්න මට පුළුවන්. ඒ ශක්තිය මට තිබෙනවා.
 

 

 

 

කට්ට කාලා මට හොඳට හුරුයි

 

ඊළඟට හමුවුණේ ප‍්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් වන ජින්ජර් වයිට්ය. ගායිකාවක් ඡුන්දෙට ඉල්ලන ප‍්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකත්වය ලබාගැනීමට ජින්ජර්ද එක්වූවාය.


​ ජින්ජර් ඔයා ගායිකාවක් ලෙසටයි අප හමුවට මෙතෙක් ආවේ. දැන් දේශපාලනයට ඇවිත්. ඇයි මෙවර පළාත් සභාවට තරග කරන්න අදහස් කළේ?
මට ආරාධනාවක් ලැබුණා පළාතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්ගෙන්. එතුමන්ගෙන් මම ඉස්සෙල්ලා අහපු ප‍්‍රශ්නය තමයි ”ඔබතුමා හිතනවාද මම හොඳ දේශපාලනඥයෙක් වෙයි කියලා.” එතුමාගේ විශ්වාසය උඩ තමයි මා දේශපාලනයට ආවේ.

 


​ ඒ කියන්නේ ඔයාට කැමැත්තක් තිබුණේ නැද්ද දේශපාලනයට එන්න?
අපෝ කැමැත්තක් තිබුණා. අපේ රටේ දේශපාලනඥයන් ගැන කවුරුත් හොඳ කියන්නේ නැහැනේ. ඇත්තම කියනවා නම්, මාත් සිවිල් පුරවැසියෙක්නේ. අපි ඔක්කොම දරණ මතය තමයි දේශපාලනඥයා හොඳ නෑ කියලා. මා හිතනවා ඒක වෙනස්කරන්න, ඒ මතය බිඳහෙලන්න කාටහරි පුළුවන් නම්, ඒ වගේ දෙයකට අතගැසීම ප‍්‍රශ්නයක් නෑ කියලා. මා ඉදිරිපත් වෙන්නෙත් ඒ මතය බිඳ හෙළන්නයි.

 


​ ඔයාගේ වැඩපිළිවෙළක් තිබෙනවාදමෙවර පළාත් සභා ඡන්දය වෙනුවෙන්?
හැමෝම මගෙන් අහන දෙයක් තමයි, කලාකරුවෝ දේශපාලනයට එන එක අද විලාසිතාවක් වෙලා. මොනවද තියන සුදුසුකම්? මොකටද ආවේ කියලා. ඇත්තම කියනවානම් මට කියන්න තිබෙන්නේ පළමු වතාවට ගායිකාවක් ඉතිහාසයේ ඉදිරිපත් වුණේ මෙවරයි. මෙතෙක් ඉදිරිපත් වුණේ නළු නිළියන්.

මම ප‍්‍රසංග වේදිකාවේ සිටින ගායිකාවක්. එතැනත් තිබෙනවා වෙනසක්. මම අවුරුදු 12ක් ප‍්‍රසංග වේදිකාවේ ගී ගයනවා. මම මිනිසුන් එක්ක හරිම සමීපව ගැවසෙන කෙනෙක්. සරල භාෂාවෙන් මා කතා කරන්නේ. මම ප‍්‍රසංග වේදිකාවට නැගලා යමක් කරලා තමයි එතනින් යන්නේ. මම ඒ පිරිසට දැනෙන්න යමක් කරලයි යන්නේ. මම පළමු ෂෝ එක කළ විදිහටමයි, 4 වැනි ෂෝ එක කරන්නෙත්. ඒක මම ජනතාවට දැනෙන්න ඉඩ තියන්නේ නෑ. මේ මගේ 4 වැනි ෂෝ එක කියලා. පළමු ෂෝ එකේ ජවයෙන්මයි මා කරන්නේ.

මට තමයි ලොකුම අභියෝගය තිබෙන්නේ. නළු නිළියන් කැමරාව ඉදිරිපිට ඉන්න අය. මම ඡුන්දෙ ඉල්ලලා දිනුවත් ආපහු යන්නේ ප‍්‍රසංග වේදිකාවට. මාව මිනිස්සු නිතරම දකිනවා. නළු නිළියන් පස්සේ යන්නේ කැමරාවක් ඉදිරියටයි. ලොකුම අභියෝගය මටයි. මම සයුරක් වගේ ජනතාවට මා සමග  ඕනෑම වෙලාවකට ඇවිත් කතා කරන්න පුළුවන්. බස්නාහිර පළාතේ ප‍්‍රසංගවලට මම  ඕනෑතරම් යනවා. මට බොරු කරන්න බැහැ. ඒක මට ලොකු අභියෝගයක්. නමුත් මට පුළුවන් හින්දා තමයි මම මේක භාරගත්තේ. මම බය නෑ. මම මිනිස්සු සතුටු කරනවා. ඇයි ඒක නැති කරගන්නේ?

 

 

​ දේශපාලනය අපි කියන තරම් සුන්දර නෑ. මඩ වගේම ප‍්‍රහාරත් එල්ල වෙන්න පුළුවන්. ඔබට ඒවාට මුහුණ දෙන්න ශක්තිය තිබෙනවා කියලා විශ්වාසද?
මම කලාවට ආ දවසේ සිටම විවේචනයට, ආන්දෝලනයට ලක්වූ කෙනෙක්. මට හොඳටම බැණුම් අහලා පුරුදුයි. මට අවවාද අරගෙන හොඳට පුරුදුයි. ඉතිං මාව හොඳට ඔප මට්ටම් වෙලා තිබෙන්නේ. මම ජනතාවත් එක්කමයි ඉන්නේ. ප‍්‍රසංග වේදිකාව කියන්නේ අවම පහසුකම් තිබෙන තැනක්. මට පළාත් සභාවට යන්න වරමක් ලැබුණොත්, මා හිතනවා එතනත් මට වෙනසක් කරන්න පුළුවන් කියන විශ්වාසය තිබෙනවා. මොකද මම වැඩකරන්නේ මගේ හිතේ හයියෙන්. මගේ ආත්ම ශක්තිය ප‍්‍රබලයි. යමක් සිතුවොත් එය කරන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.
වෙනසක් කරන කොට මිනිසුන්ට ඒක දැනෙනවා. ඉතිං ඒ දැනෙන්න පුළුවන් දෙයක් දේශපාලනයේදීත් කරන්න පුළුවන් නම්, එය වටිනවා. මා බලාපොරොත්තු වෙන්නෙත් දැනෙන දෙයක් කරමින් සමාජයට සේවයක් කරන්නයි. හැමදේම ඔළුවෙන් කළොත් හොඳ දෙයක් කරන්න පුළුවන්. ඔය මඩ, කටකතා මට හොඳට පුරුදුයි. ඒ නිසා මට ඒවාට මුහුණදෙන්න ශක්තිය තිබෙනවා.
 

 

 

 

බලයක් ලැබෙනවනම් ජනතාවට දැනෙන්න යමක් කළ හැකියි 

 

රංගන ශිල්පිනියක, මෝස්තර නිරූපිකාවක මෙන්ම ලෝක රූ රැජින තරගවලදී මෙරටට කීර්තියක් අත්කරදුන් ගයේෂා පෙරේරාද මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවට සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටියාය.


​ ගයේෂා ඇයි ඔයා ඡන්දේ ඉල්ලන්න ඉදිරිපත් වුණේ?
මම කාලයක සිට දේශපාලන කටයුතුවල නියැලී සිටින කෙනෙක්. 2010 දී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තා. ජනාධිපතිවරණයේ සිට අද දක්වාවූ සියලූම මැතිවරණවලදී මම පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කළා. අද ඊයේ දේශපාලනයට සම්බන්ධවූ කෙනෙක් නොවෙයි. හැබැයි ඡුන්ද කරළියට, මනාප කරළියට ආ පළමු වතාව මෙයයි.
එයට එන්න හිතුණේ දැන් තිබෙන දේශපාලනය ගැන මිනිසුන්ගේ තිබෙන කලකිරීම හින්දයි. ජාත්‍යන්තර තලයේ තරග වලින් දිනපු කෙනෙක් විදිහට, මට හිතෙනවා ලොකු වෙනසක් මේ තුළින් කළ හැකියි කියා. දේශපාලනය ගැන මිනිසුන්ට මීට වඩා හොඳ ආකල්පයක් ඇතිකරන්න මට පුළුවන් වෙයි කියා මා තුළ විශ්වාසයක් තිබෙනවා. බලයක් මට ලැබෙනවා නම් ජනතාවට දැනෙන්න යමක් මට කළ හැකියි. ඒ අරමුණ ඔස්සේ තමයි මා මෙවර ඉදිරිපත් වුණේ.

 


​ දේශපාලන ක්ෂේත‍්‍රය ඔය කියන තරම් සුන්දර නෑ. කට කතා,  ඕපාදුප වගේම ප‍්‍රහාර වලට ලක්වෙන්න පුළුවන්. ඔබට මේවාට මුහුණ දෙන්න ශක්තියක් තිබෙනවාද?
මට ඒවා හොඳට පුරුදුයි. පහුගිය කාලයේ මම මහත් ආන්දෝලනයට ලක්වූ කෙනෙක්. මට මල් වැදුණා. ගල් වැදුණා. ඒ හැමදෙයක්ම දරාගැනීමේ ශක්තිය මට තිබුණා. පොඩි මිනිසාගේ සිට මාව හඳුනනවා. රටේ සියලූදෙනාම හඳුනනවා. මා යන තැනකදී මිනිස්සු 1000-2000ක් මා වටා රොක්වෙනවා. මා හිතන්නේ එය ලොකු ජයග‍්‍රහණයක්. මා යන තැන එහෙම එක්වෙනවා කියන්නේ ජනතාව මට ආදරේ බවයි. 

 


​ සමහරු මේවාට අති විශාල මුදල් සම්භාරයක් වියදම් කරනවා ජයග‍්‍රහණය වෙනුවෙන්. මේ තුළ ඔයාලටත් පුළුවන්ද හැප්පෙන්න?
මගේ පවුලේ අය මේ සඳහා උදව් උපකාර කරනවා. ඒ වගේම මගේ හිතවතුන් සෑහෙන ප‍්‍රමාණයක් මට උදව් කරනවා. අනෙක ජනතාව මට ආදරේ හින්දා ඔවුන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. 

 


​ මොනවද ඔයාගේ වැඩපිළිවෙළ?
මගේ වැඩපිළිවෙළ රාශියක් තිබෙනවා. ප‍්‍රධාන වශයෙන් කරුණු 3ක් සඳහා මා කැපවෙනවා. පළමුවැන්න කාන්තාවන්ට සිදුවන හිංසනයන් වෙනුවෙන් කාන්තා හිංසන වැලැක්වීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න කටයුතු යොදනවා. දෙවැන්න මේ රටේ, විශේෂයෙන් බස්නාහිර පළාතේ දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ලොකු වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරනවා. තුන්වැන්න තමයි නගරයක් නගරයක් පාසා, ගමක් ගමක් ගානේ, ගෙයක් ගෙයක් ගානේ ගිහින් ගයේෂා පෙරේරා, ඒ ජනතාව සමග එකතුවී ඔවුන්ගෙන් පුද්ගලික දේවල්වලට දායක වෙනවා. කාණු පවිත‍්‍ර කර පිරිසුදු කිරීමට මම පුද්ගලිකව එක්වෙනවා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානය අති බහුතරයකින් ජයග‍්‍රහණය කිරීමට මගේ උපරිම ශක්තිය හා කැපවීම යොදවනවා.
 

 

 



 



අදහස් (0)

දේශපාලන අඹරට පායන තරු

රංග බංඩාර Tuesday, 28 January 2014 07:46 AM

අරුම පුදුම ඡන්ද දායකයෝ ඉන්න රටක මේවා පුදුම දේවල් නෙමෙයි.(නදී)

:       0       0

බුද්ධි Wednesday, 29 January 2014 02:22 PM

මේ නිළියන්ට නාම යෝජනා දෙන අයට අන්තිම මොහොතේවත් මොලේ පෑදුනොත් හොඳයි . (අ)

:       0       0

මීනු Sunday, 02 February 2014 02:06 AM

ආශ්චර්යය කියන්නේ මේවටද? (නි)

:       0       0

සනා Friday, 31 January 2014 08:00 AM

මේ වගේ අයට ඡන්දෙ දෙන්න තරම් මේ රටේ මෝඩයින් ඉන්නවද? (නදී)

:       0       0

තත්සරනි Saturday, 01 February 2014 03:17 AM

දේශපාලන රඟ මඩල දිදුලන්නයි යන්නේ (දී)

:       0       0

අනිල් සමරවීර Tuesday, 28 January 2014 08:10 AM

දෙනවක හාමිනේ අම්මා සිටියා නම් තරු වලට තරු විසි වෙන්න කතා කියයි.(නදී)

:       0       0

වාසල Tuesday, 28 January 2014 10:17 PM

දකුණෙයි, බස්නාහිරයි කොච්චර අනුවන ම්නිස්සු ප්‍රමාණයක් ඉන්නවද කියලා මෙයාලගෙ ප්‍රථිපල වලින් බලාගන්න පුලුවන්. ඊට පස්සෙ ඒමිනිස්සු අරමුණු කරල මොකක් හරි නිෂ්පාදනයක් මාර්කට් කරන්න පුලුවන්.. (දී)

:       0       0

අමිල Tuesday, 28 January 2014 08:29 AM

මේ අයට ඔබේ වටිනා ඡන්දය දෙන්න කලින් දස දහස් වාරයක් හිතන්න. දේශපාලනයක් ගැන මොලෝ හසරක් නොදන්නා අය දේශපාලනයට අරන් අවොත් අපේ රට නැත්තටම නැති වන බවනම් හොදටම විස්වාසය. මුලින්ම මේ අයගේ බාහිරය බලන්න. (නදී)

:       0       0

භානු Wednesday, 29 January 2014 02:53 PM

පුළුවන් තරම් ඉක්මනට තම තමන් ගේ ළමා ලපටි අරගෙන වෙන රටකට වත් යන්න වෙනවා. එක අපේක්ෂිකාවක් කියල තියනවා නිරුවතින් රංග පෑවේ මුළු රටේම අම්මලා වෙනුවෙන්ලු. (නදී)

:       0       0

සුකිරි Monday, 27 January 2014 04:03 PM

දෙයියන්ගේ හාල් කැවිලද.... මන් දකින්නේ මේ සිහිනයක්ද.... නැති නම් සුනිල් පෙරේරාගේ, දීපාල් සිල්වාගේ හෝ නන්දා මාලනිගේ ගියක පදවල්ද.එසේත් නැති නම් තවත් මෙගා නාටකයක්ද.... එසේත් නැති නම් වසර දෙදහස් පන්සියේ සදාචාරේ ගැන සින්දුව කියන ලංකාවේ මිනිසුන්ගේ මනෝ බාවයද...(නදී)

:       0       0

ධම්ම Monday, 27 January 2014 04:06 PM

මේ කිසිම කෙනෙකුට දේශපාලන දැක්මක් නැහැ. ජනප්‍රියතාවය මත මනාප ලැබේ යැයි විශ්වාසය මත තරඟයට ඉදිරිපත් වෙනවා. අවංකවම මෙයාලගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් කියාවි සත්‍ය කතාව. මොවුන් දේශපාලනයට එන්නේ තමාගේ ප්‍රසිද්ධිය හා ජනප්‍රියභාවය නඩත්තු කරන්න ජනතාවගේ ගිණුමෙන් රාජ්‍ය ආරක්ෂාව ලබාගන්නයි. (නදී)

:       0       0

ජනක Monday, 27 January 2014 04:07 PM

උප්පත්තියේ සිට වසර විසි අටක් ලංකාවේ ජිවත් උන කාලේදී ලංකාවේ විවිද රැලි හටගන ඇත. දැන් අළුත්ම රැල්ල නළු නිලි දේශපාලනේ.(නදී)

:       0       0

රසිකා Wednesday, 29 January 2014 03:06 PM

සේරම ටික ඇවිත්. තව කවුද ආය එන්න ඉන්නේ ? (නදී)

:       0       0

බුද්ධීක සඳරුවන් සේනානායක Thursday, 30 January 2014 11:47 AM

බොහොම සතුටුයි අනාගතේ රාජ්‍ය බොහොම අලංකාර පාර්ලිමේන්තුවක් හදයි. මිනිස්සු නම් බුද්ධිමත්, ප්‍රශ්නය නම් ජනතා මතයම ඉටු වෙනවද කියන එකයි. (දිල්)

:       0       0

කිත්සිරි Wednesday, 29 January 2014 05:01 PM

ලෝකයේ ජෝක් දේශපාලනය කරන එකම රට ලංකාව මේ රටට අවංකව හදවතට එකගව වැඩ කරන්නද මේ එන්නේ. මම කියන්නේ මේ රටේ ජනතාවට අනේ මේ රට විනාශ කරන්න දෙන්න එපා. මේ රට බලයට දනයට රජ වෙන්න ඉඩදෙන්න එපා. දැන් වත් අපි අපේ රට ගැන හිතමු.(නදී)

:       0       0

අනිල් Wednesday, 29 January 2014 05:09 PM

දේශපාලන දැක්මක් නැති මෙවැනි අය‍ දේශපාලනයට ඒම රටට නම් හොද දෙයක් නෙමෙයි.(නදී)

:       0       0

සනී Tuesday, 28 January 2014 11:07 AM

ඡන්දෙ දෙන්න කලින් දෙපාරක් හිතන්න කරුණාකරලා. මේ අය ඔක්කොම හොඳ රුපවාහිනියට. අපේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි.(නදී)

:       0       0

රොන් Monday, 27 January 2014 06:33 PM

දේශපාලන අඹරට පායන (දවල්) තරු. අපේ රටට දෙවියන්ගේම පිහිටයි. (අ)

:       0       0

සරණී Wednesday, 29 January 2014 03:20 AM

"පාර්ලිමන්ට් ජෝක්ස්" චිත්‍රපටිය අලුත් මුහුණුවරකින් නිෂ්පාදනය කරන්න කාට හරි බාර දෙමු ...... කට්ටිය හොඳට කරාවි. (නදී)

:       0       0

බෝධි Monday, 27 January 2014 07:29 PM

බත් කන හරක් මේ රටේ ජීවත්ව ඉන්නා තාක් මේ ක්‍රමය වෙනස් කල නොහැක.(අ)

:       0       0

අල්විස් Wednesday, 29 January 2014 07:02 PM

කලබල වෙන්ට එපා. බස්නාහිර සහ දකුණ කියන්නේ බබ්බු නලවන පළාත් නොවෙයි. මේ ගොල්ලෝ ගැන දැනටමත් මහජනයා දන්නවා. හරියකට රඟපාන්ටවත් බැරි කස්ටිය කියලා. මෙයාලම තේරුම් ගනීවි ප්‍රතිපල දැක්කම. (නදී)

:       0       0

දයානන්ද කුවෛට් Tuesday, 28 January 2014 12:40 PM

ඔහොම යනකොට පාරලිමේන්තුවත් ටවර් රඟහල බවට පත්වේවිද.? (දිල්)

:       0       0

අසෝකා Monday, 27 January 2014 08:58 PM

මිනිසුනේ ඔබලාට ලැබුණු මොලයෙන් පිහිටක් ලබා ගනිල්ලා! රටේ පාසල් වැහෙන කොට මේ වගේ මෝස්තරවලට තැනක් ලැබීම අරුමයක්ද? ජනතාවට සේවය කරන්න දේශපාලනයට එන්නම අවශ්‍යද? සුරංගනා කතා තවත් නොකියනු මැන.(නදී)

:       0       0

ජයේ Friday, 31 January 2014 02:02 PM

ස්තුතියි සනා. ඔයා මට ඉස්සර උනා. (නදී)

:       0       0

සුමිත් Tuesday, 28 January 2014 02:16 PM

මේ කිසිම කෙනෙකුට දේශපාලන දැක්මක් නැහැ. ජනප්‍රියතාවය මත මනාප ලැබේ යැයි විශ්වාසය මත තරඟයට ඉදිරිපත් වෙනවා. අවංකවම මෙයාලගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් කියාවි සත්‍ය කතාව. මොවුන් දේශපාලනයට එන්නේ තමාගේ ප්‍රසිද්ධිය හා ජනප්‍රියභාවය නඩත්තු කරන්න ජනතාවගේ ගිණුමෙන් රාජ්‍ය ආරක්ෂාව ලබාගන්නයි.(නදී)

:       0       0

අරුණ-හුංගම Tuesday, 28 January 2014 02:34 PM

අනේ මගේ රටට වෙන්න යන දෙයක්. කව්ද අපේ දරුවන්ගේ අනාගතයය බාරගන්නේ. මේ අය ජනතා නියෝජිතයින් උනොත් දෙවියන්ගේ පිහිට ඉල්ලන්න වෙන්නේ මගේ රටට. (නදී)

:       0       0

සමන් Monday, 27 January 2014 09:48 PM

දේශපාලනය හසරක් නොදන්නා මෙවැනි තාරු සදහා අපේක්ෂකත්වය ලබා දෙන අයටයි ගහන්න ඕනේ.(නදී)

:       0       0

සනත් Monday, 27 January 2014 10:03 PM

මේ වගේ ජනපති කෙනෙක් රටට ලැබුණු එකගැන ආඩම්බරයි. ඒත් මන්ත්‍රීවරු ගැන බලද්දි බාගෙට බාගයක් වැඩක් නහැ. මේ අයත් එකතු වෙන්නේ ඩක් නැති ගොඩටම තම යි. මොකද දේශපාලනය ගැන නොදන්නා මිනීසූන් මන්ත්‍රීලා උනහම රටට දෙයියන්ගෙම පිහිටයි.(නදී)

:       0       0

ruchira Thursday, 30 January 2014 06:39 PM

මේ කට්ටියගේ අ.පො.ස. සා/පෙ ප්‍රතිපල දැනගන්න පුලුවන්ද? (අ)

:       0       0

ශීලා Friday, 31 January 2014 03:15 PM

මේ පාර නිළි රැල්ල.... ඊළගට මොන රැල්ලද....(අ)

:       0       0

චතුරංග Friday, 31 January 2014 04:36 PM

ලංකාවට මොකද වෙන්නේ යන්නේ කියල දෙයියෝ තමයි දන්නේ (දිල්)

:       0       0

වසන්ත Sunday, 02 February 2014 05:51 PM

ඇත්තටම මේ අය‍ට පිස්සු අපේ රටේ උගත් අය‍ට මොනාද වෙන්නේ .රටක් පාලනය කරන්න පුලුවන්ද මේ අය‍ට .මේ අය දන්නේ රගපාන්න .අපේ දරුවනට රටක් නැති වන්න යන්නේ ..මෙය දේ රගපානව වගේ ලැසි නෑ(අ)

:       0       0

ගාමිණී - සිරි Thursday, 30 January 2014 07:16 PM

පිරිමි කමක් නැති පක්ෂ වලට වඩා හැඩ රුව ඇති කාන්තාවන් ඉදිරිපත් කර හෝ බලමුකෝ... (අ)

:       0       0

සංජු Tuesday, 04 February 2014 09:26 AM

රට ජාතියට සේවාවක් කරන්න ඕනෙ නම් දේශපාලනයට එන්නම ඕනෙද ? (නදී)

:       0       0

සඳරුවන් Monday, 27 January 2014 11:24 PM

මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. (නදී)

:       0       0

කමල් Tuesday, 04 February 2014 10:01 AM

රුවන්ති අක්කේ අපි ඔයාට කැමතියි රංගන ශිල්පිනියක් හින්දා. නමුත් ඔයාව දේශපාලනයට ගැලපෙන්නේ නැහැ. ඇයි මඩ ගාගන්න ආවේ.(නදී)

:       0       0

සංජු Tuesday, 04 February 2014 10:59 AM

කාට හරි රට ජාතියට සේවාවක් කරන්න ඕනෙනම් දේශපාලනයට එන්නම ඕනෙද ? (දී)

:       0       0

මංජු Friday, 31 January 2014 08:13 PM

පිස්සු ලෝකයක් (අ)

:       0       0

ශීලා Tuesday, 28 January 2014 02:46 AM

මේක කොමඩියි. නෑ නෑ මගඩි ගොඩයි.(නදී)

:       0       0

ඒකනායක Tuesday, 28 January 2014 02:47 AM

ජයලාල් රෝහණ මහත්තයෝ "රටකට ගිය කලක්" නේද (දී)

:       0       0

රෝහිත් Saturday, 01 February 2014 09:57 PM

දේශපාලනයත් කලාවක් වෙන්නද යන්නේ? (නි)

:       0       0

රනී Saturday, 01 February 2014 10:15 PM

සමහරු ගමකට බැහැලා දත් ටික විරිත්තපු ගමන් අපේ බුද්ධිමත් මහජනයාට සියල්ල අමතක වී ඡන්දය දෙනවා කියලා කවුදෝ කියනවා මටත් ඇහුනා (නි)

:       0       0

පිරිස් Tuesday, 28 January 2014 09:14 PM

මේ හැමෝටම දේශපාලන ලොක්කන්ගේ පිහිට කරුණාව ලැබෙනවා මේවා කියවන අපිටත් පිස්සුවගේ පෙනේනේ

:       0       0

ප්‍රියන්ත Tuesday, 28 January 2014 09:16 PM

මේවා දකින්න අහන්න ලැබීමත් දුකක් (අ)

:       0       0

සමන්ති Tuesday, 28 January 2014 06:19 AM

වයසක නිලියටනම් බොහොම දේශපාලන දැනුමක් නිතරම ලබනවා . අනිත් අය ගැන නම් දන්නේ නැහැ (දී)

:       0       0

නිශ්ශංඛ Friday, 31 January 2014 02:53 AM

ඡන්ද ගන්න විදින දුක? (ත)

:       0       0

අමිල සිංග Wednesday, 29 January 2014 01:27 PM

මෙයලවත්, මෙයාලව දේශපාලනයට ගන්න උදව් කරන දේශපාලකයෝ ගැනත්, ජනතාව ඡන්දෙදි තීරණය ගත යුතුය.(අ)

:       0       0

සිශ්ශංඛ Friday, 31 January 2014 02:56 AM

2014 පාර්ලිමන්ට් ජෝර්ක් (ත)

:       0       0

ධම්මික Sunday, 02 February 2014 12:13 AM

මේවා බලන්න අපි මොනතරම් පින් කරලා තිබෙනවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5124 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site