බස්නාහිර හා දකුණු පළාත් සභා දෙක විසුරුවා අවසන්ය. ඒ නිසාවෙන්ම මේ පළාත් සභා දෙක සඳහා මැතිවරණයක් ළඟදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ ඒ පක්ෂ විසින් මේ දිනවල මෙම පළාත් සභා සඳහා තරග කිරීමට අපේක්ෂකයන් තෝරාගැනීම ලහි ලහියේ සිදුකෙරේ. සම්මුඛ පරීක්ෂණ මේ දිනවල තම තමන්ගේ පක්ෂ මූලස්ථානවල පැවැත්වේ. මෙවර පළාත් සභා දෙක සඳහා මැති ඇමැතිවරුන්ගේ දු පුතුන් වගේම ජනප‍්‍රිය සිනමා තාරකාවන්, ගායිකාවන් හා රූ රැජිනියන් අපේක්ෂකත්වය ඉල්ලා සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වෙති. බොහෝදෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේ මේ තාරකාවන් දෙසය. ඒ නිසාවෙන්ම ඔවුන් මෙවර ඡන්දය සඳහා ඉදිරිපත් වෙන්නේ ඇයිද? යන්න දැන ගැනීමට අපි ඔවුන් හමුවීමු.
|
|
|
මම ප‍්‍රසංග වේදිකාවේ සිටින ගායිකාවක්. එතැනත් තිබෙනවා වෙනසක්. මම අවුරුදු 12ක් ප‍්‍රසංග වේදිකාවේ ගී ගයනවා. මම මිනිසුන් එක්ක හරිම සමීපව ගැවසෙන කෙනෙක්. සරල භාෂාවෙන් මා කතා කරන්නේ. මම ප‍්‍රසංග වේදිකාවට නැගලා යමක් කරලා තමයි එතනින් යන්නේ. මම ඒ පිරිසට දැනෙන්න යමක් කරලයි යන්නේ. මම පළමු ෂෝ එක කළ විදිහටමයි, 4 වැනි ෂෝ එක කරන්නෙත්. ඒක මම ජනතාවට දැනෙන්න ඉඩ තියන්නේ නෑ. මේ මගේ 4 වැනි ෂෝ එක කියලා. පළමු ෂෝ එකේ ජවයෙන්මයි මා කරන්නේ. මට තමයි ලොකුම අභියෝගය තිබෙන්නේ. නළු නිළියන් කැමරාව ඉදිරිපිට ඉන්න අය. මම ඡුන්දෙ ඉල්ලලා දිනුවත් ආපහු යන්නේ ප‍්‍රසංග වේදිකාවට. මාව මිනිස්සු නිතරම දකිනවා. නළු නිළියන් පස්සේ යන්නේ කැමරාවක් ඉදිරියටයි. ලොකුම අභියෝගය මටයි. මම සයුරක් වගේ ජනතාවට මා සමග ඕනෑම වෙලාවකට ඇවිත් කතා කරන්න පුළුවන්. බස්නාහිර පළාතේ ප‍්‍රසංගවලට මම ඕනෑතරම් යනවා. මට බොරු කරන්න බැහැ. ඒක මට ලොකු අභියෝගයක්. නමුත් මට පුළුවන් හින්දා තමයි මම මේක භාරගත්තේ. මම බය නෑ. මම මිනිස්සු සතුටු කරනවා. ඇයි ඒක නැති කරගන්නේ?
|
|
.jpg)
මුලින්ම හමුවුණේ දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවේ සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි, ප‍්‍රවීණ සිනමා නිළි, චිත‍්‍රපට නිෂ්පාදිකා ගීතා සමන්මලී කුමාරසිංහය
ඇයි ඔබ මෙවර දකුණු පළාත් සභා ඡන්දෙට ඉල්ලන්න ඉදිරිපත් වුණේ?
ඊළඟට අපට හමුවූයේ දකුණු පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට අපේක්ෂකත්වය ඉල්ලා සිටින ජනප‍්‍රිය රංගන ශිල්පිනියක හා ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක වන නදීෂා හේමමාලිය.
න්දෙ ඉල්ලන්න මා බලාපොරොත්තු වෙන්නේ?
ජනප‍්‍රිය රංගන ශිල්පිනියක වන රුවන්ති මංගලාද මෙවර බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබාගැනීමට සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි තවත් තාරකාවකි.
ඊළඟට හමුවුණේ ප‍්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් වන ජින්ජර් වයිට්ය. ගායිකාවක් ඡුන්දෙට ඉල්ලන ප‍්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකත්වය ලබාගැනීමට ජින්ජර්ද එක්වූවාය..jpg)
රංගන ශිල්පිනියක, මෝස්තර නිරූපිකාවක මෙන්ම ලෝක රූ රැජින තරගවලදී මෙරටට කීර්තියක් අත්කරදුන් ගයේෂා පෙරේරාද මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවට සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටියාය.
එයට එන්න හිතුණේ දැන් තිබෙන දේශපාලනය ගැන මිනිසුන්ගේ තිබෙන කලකිරීම හින්දයි. ජාත්‍යන්තර තලයේ තරග වලින් දිනපු කෙනෙක් විදිහට, මට හිතෙනවා ලොකු වෙනසක් මේ තුළින් කළ හැකියි කියා. දේශපාලනය ගැන මිනිසුන්ට මීට වඩා හොඳ ආකල්පයක් ඇතිකරන්න මට පුළුවන් වෙයි කියා මා තුළ විශ්වාසයක් තිබෙනවා. බලයක් මට ලැබෙනවා නම් ජනතාවට දැනෙන්න යමක් මට කළ හැකියි. ඒ අරමුණ ඔස්සේ තමයි මා මෙවර ඉදිරිපත් වුණේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර නිළි රැල්ල.... ඊළගට මොන රැල්ලද....(අ)
පුළුවන් තරම් ඉක්මනට තම තමන් ගේ ළමා ලපටි අරගෙන වෙන රටකට වත් යන්න වෙනවා. එක අපේක්ෂිකාවක් කියල තියනවා නිරුවතින් රංග පෑවේ මුළු රටේම අම්මලා වෙනුවෙන්ලු. (නදී)
සේරම ටික ඇවිත්. තව කවුද ආය එන්න ඉන්නේ ? (නදී)
ලෝකයේ ජෝක් දේශපාලනය කරන එකම රට ලංකාව මේ රටට අවංකව හදවතට එකගව වැඩ කරන්නද මේ එන්නේ. මම කියන්නේ මේ රටේ ජනතාවට අනේ මේ රට විනාශ කරන්න දෙන්න එපා. මේ රට බලයට දනයට රජ වෙන්න ඉඩදෙන්න එපා. දැන් වත් අපි අපේ රට ගැන හිතමු.(නදී)
දේශපාලන දැක්මක් නැති මෙවැනි අය දේශපාලනයට ඒම රටට නම් හොද දෙයක් නෙමෙයි.(නදී)
කලබල වෙන්ට එපා. බස්නාහිර සහ දකුණ කියන්නේ බබ්බු නලවන පළාත් නොවෙයි. මේ ගොල්ලෝ ගැන දැනටමත් මහජනයා දන්නවා. හරියකට රඟපාන්ටවත් බැරි කස්ටිය කියලා. මෙයාලම තේරුම් ගනීවි ප්‍රතිපල දැක්කම. (නදී)
බොහොම සතුටුයි අනාගතේ රාජ්‍ය බොහොම අලංකාර පාර්ලිමේන්තුවක් හදයි. මිනිස්සු නම් බුද්ධිමත්, ප්‍රශ්නය නම් ජනතා මතයම ඉටු වෙනවද කියන එකයි. (දිල්)
මේ කට්ටියගේ අ.පො.ස. සා/පෙ ප්‍රතිපල දැනගන්න පුලුවන්ද? (අ)
පිරිමි කමක් නැති පක්ෂ වලට වඩා හැඩ රුව ඇති කාන්තාවන් ඉදිරිපත් කර හෝ බලමුකෝ... (අ)
ඡන්ද ගන්න විදින දුක? (ත)
2014 පාර්ලිමන්ට් ජෝර්ක් (ත)
මේ වගේ අයට ඡන්දෙ දෙන්න තරම් මේ රටේ මෝඩයින් ඉන්නවද? (නදී)
ස්තුතියි සනා. ඔයා මට ඉස්සර උනා. (නදී)
මේ නිළියන්ට නාම යෝජනා දෙන අයට අන්තිම මොහොතේවත් මොලේ පෑදුනොත් හොඳයි . (අ)
ලංකාවට මොකද වෙන්නේ යන්නේ කියල දෙයියෝ තමයි දන්නේ (දිල්)
පිස්සු ලෝකයක් (අ)
දේශපාලන රඟ මඩල දිදුලන්නයි යන්නේ (දී)
දේශපාලනයත් කලාවක් වෙන්නද යන්නේ? (නි)
සමහරු ගමකට බැහැලා දත් ටික විරිත්තපු ගමන් අපේ බුද්ධිමත් මහජනයාට සියල්ල අමතක වී ඡන්දය දෙනවා කියලා කවුදෝ කියනවා මටත් ඇහුනා (නි)
මේවා බලන්න අපි මොනතරම් පින් කරලා තිබෙනවාද? (නි)
ආශ්චර්යය කියන්නේ මේවටද? (නි)
ඇත්තටම මේ අයට පිස්සු අපේ රටේ උගත් අයට මොනාද වෙන්නේ .රටක් පාලනය කරන්න පුලුවන්ද මේ අයට .මේ අය දන්නේ රගපාන්න .අපේ දරුවනට රටක් නැති වන්න යන්නේ ..මෙය දේ රගපානව වගේ ලැසි නෑ(අ)
රට ජාතියට සේවාවක් කරන්න ඕනෙ නම් දේශපාලනයට එන්නම ඕනෙද ? (නදී)
රුවන්ති අක්කේ අපි ඔයාට කැමතියි රංගන ශිල්පිනියක් හින්දා. නමුත් ඔයාව දේශපාලනයට ගැලපෙන්නේ නැහැ. ඇයි මඩ ගාගන්න ආවේ.(නදී)
කාට හරි රට ජාතියට සේවාවක් කරන්න ඕනෙනම් දේශපාලනයට එන්නම ඕනෙද ? (දී)
අරුම පුදුම ඡන්ද දායකයෝ ඉන්න රටක මේවා පුදුම දේවල් නෙමෙයි.(නදී)
මේ කිසිම කෙනෙකුට දේශපාලන දැක්මක් නැහැ. ජනප්‍රියතාවය මත මනාප ලැබේ යැයි විශ්වාසය මත තරඟයට ඉදිරිපත් වෙනවා. අවංකවම මෙයාලගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් කියාවි සත්‍ය කතාව. මොවුන් දේශපාලනයට එන්නේ තමාගේ ප්‍රසිද්ධිය හා ජනප්‍රියභාවය නඩත්තු කරන්න ජනතාවගේ ගිණුමෙන් රාජ්‍ය ආරක්ෂාව ලබාගන්නයි. (නදී)
උප්පත්තියේ සිට වසර විසි අටක් ලංකාවේ ජිවත් උන කාලේදී ලංකාවේ විවිද රැලි හටගන ඇත. දැන් අළුත්ම රැල්ල නළු නිලි දේශපාලනේ.(නදී)
දේශපාලන අඹරට පායන (දවල්) තරු. අපේ රටට දෙවියන්ගේම පිහිටයි. (අ)
බත් කන හරක් මේ රටේ ජීවත්ව ඉන්නා තාක් මේ ක්‍රමය වෙනස් කල නොහැක.(අ)
මිනිසුනේ ඔබලාට ලැබුණු මොලයෙන් පිහිටක් ලබා ගනිල්ලා! රටේ පාසල් වැහෙන කොට මේ වගේ මෝස්තරවලට තැනක් ලැබීම අරුමයක්ද? ජනතාවට සේවය කරන්න දේශපාලනයට එන්නම අවශ්‍යද? සුරංගනා කතා තවත් නොකියනු මැන.(නදී)
දේශපාලනය හසරක් නොදන්නා මෙවැනි තාරු සදහා අපේක්ෂකත්වය ලබා දෙන අයටයි ගහන්න ඕනේ.(නදී)
මේ වගේ ජනපති කෙනෙක් රටට ලැබුණු එකගැන ආඩම්බරයි. ඒත් මන්ත්‍රීවරු ගැන බලද්දි බාගෙට බාගයක් වැඩක් නහැ. මේ අයත් එකතු වෙන්නේ ඩක් නැති ගොඩටම තම යි. මොකද දේශපාලනය ගැන නොදන්නා මිනීසූන් මන්ත්‍රීලා උනහම රටට දෙයියන්ගෙම පිහිටයි.(නදී)
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. (නදී)
මේක කොමඩියි. නෑ නෑ මගඩි ගොඩයි.(නදී)
ජයලාල් රෝහණ මහත්තයෝ "රටකට ගිය කලක්" නේද (දී)
වයසක නිලියටනම් බොහොම දේශපාලන දැනුමක් නිතරම ලබනවා . අනිත් අය ගැන නම් දන්නේ නැහැ (දී)
දෙයියන්ගේ හාල් කැවිලද.... මන් දකින්නේ මේ සිහිනයක්ද.... නැති නම් සුනිල් පෙරේරාගේ, දීපාල් සිල්වාගේ හෝ නන්දා මාලනිගේ ගියක පදවල්ද.එසේත් නැති නම් තවත් මෙගා නාටකයක්ද.... එසේත් නැති නම් වසර දෙදහස් පන්සියේ සදාචාරේ ගැන සින්දුව කියන ලංකාවේ මිනිසුන්ගේ මනෝ බාවයද...(නදී)
දෙනවක හාමිනේ අම්මා සිටියා නම් තරු වලට තරු විසි වෙන්න කතා කියයි.(නදී)
මේ අයට ඔබේ වටිනා ඡන්දය දෙන්න කලින් දස දහස් වාරයක් හිතන්න. දේශපාලනයක් ගැන මොලෝ හසරක් නොදන්නා අය දේශපාලනයට අරන් අවොත් අපේ රට නැත්තටම නැති වන බවනම් හොදටම විස්වාසය. මුලින්ම මේ අයගේ බාහිරය බලන්න. (නදී)
ඡන්දෙ දෙන්න කලින් දෙපාරක් හිතන්න කරුණාකරලා. මේ අය ඔක්කොම හොඳ රුපවාහිනියට. අපේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි.(නදී)
ඔහොම යනකොට පාරලිමේන්තුවත් ටවර් රඟහල බවට පත්වේවිද.? (දිල්)
මේ කිසිම කෙනෙකුට දේශපාලන දැක්මක් නැහැ. ජනප්‍රියතාවය මත මනාප ලැබේ යැයි විශ්වාසය මත තරඟයට ඉදිරිපත් වෙනවා. අවංකවම මෙයාලගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් කියාවි සත්‍ය කතාව. මොවුන් දේශපාලනයට එන්නේ තමාගේ ප්‍රසිද්ධිය හා ජනප්‍රියභාවය නඩත්තු කරන්න ජනතාවගේ ගිණුමෙන් රාජ්‍ය ආරක්ෂාව ලබාගන්නයි.(නදී)
අනේ මගේ රටට වෙන්න යන දෙයක්. කව්ද අපේ දරුවන්ගේ අනාගතයය බාරගන්නේ. මේ අය ජනතා නියෝජිතයින් උනොත් දෙවියන්ගේ පිහිට ඉල්ලන්න වෙන්නේ මගේ රටට. (නදී)
මේ හැමෝටම දේශපාලන ලොක්කන්ගේ පිහිට කරුණාව ලැබෙනවා මේවා කියවන අපිටත් පිස්සුවගේ පෙනේනේ
මේවා දකින්න අහන්න ලැබීමත් දුකක් (අ)
දකුණෙයි, බස්නාහිරයි කොච්චර අනුවන ම්නිස්සු ප්‍රමාණයක් ඉන්නවද කියලා මෙයාලගෙ ප්‍රථිපල වලින් බලාගන්න පුලුවන්. ඊට පස්සෙ ඒමිනිස්සු අරමුණු කරල මොකක් හරි නිෂ්පාදනයක් මාර්කට් කරන්න පුලුවන්.. (දී)
"පාර්ලිමන්ට් ජෝක්ස්" චිත්‍රපටිය අලුත් මුහුණුවරකින් නිෂ්පාදනය කරන්න කාට හරි බාර දෙමු ...... කට්ටිය හොඳට කරාවි. (නදී)
මෙයලවත්, මෙයාලව දේශපාලනයට ගන්න උදව් කරන දේශපාලකයෝ ගැනත්, ජනතාව ඡන්දෙදි තීරණය ගත යුතුය.(අ)