ලොව නිර්මාණය වී ඇත්තේ හිරුගේ කිරණින් හා මවගේ කිරිවලින් බව මැක්සිම් ගෝර්කි ලියා තැබුවේය. මාතෘත්වය යනු මේ විශ්වයේම අනාගතයයි. මව්වරුන් විසින් ලෙයින් කිරෙන් තනන දියණිවරුන් යනු අනාගත මාතෘත්වයේ හිමිකාරිත්වයයි. එහෙත් පහනක් සේ බැතින් පෙමින් දල්වාලිය යුතු ජීවිතය මඟ වරදාගත් ශාපයකට අඳුරු අගාධයකට ඇද දමා ගත් මාවතේ දියණියන් පිළිබඳ අපි සති කිහිපයක් මුළුල්ලේ කතා කළෙමු.
ගැහැනුන් ගණිකාවන් වෙන්නේ ඇයිද යන්න පිළිබඳ මෙන්ම පිරිමින් ගණිකාවන් සොයා එන්නේ ඇයිද යන්න පිළිබඳවද අපි සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයක් ඔස්සේ කතා කළෙමු.
සුපිරි මට්ටමේ ගණිකා නිවාසයක ගණිකාවක් බවට පත්වීම මුදල් හදල් දෝරගලායන අරුමෝසම් වර්ණ සහිත ලෝකයකට නිරායාස
දොරගුළු විවර වීමක්ය යන සිතුවිල්ල ඔබ සිතේ ජනිත විය හැකිය. එහෙත් වර්ණ ගල්වන ලද ඒ හැම ආකර්ෂණීය සිතුවමකම පිටුපස ඇත්තේ දහස් ගණන් පැන්සල් ඉරි රැඳුණු අඳුරු කටු සටහනකි. මෙය ඔබ අනිවාර්යෙන්ම තේරුම් ගත යුත්තකි.
සුපිරි මට්ටමේ ගණිකා නිවාස පවත්වාගෙන යන පුද්ගලයන් අතර දේශපාලනඥයන්, උසස් පොලිස් නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් සිටියි. සංචාරක හෝටල් ව්‍යාපාර අරඹා එම ව්‍යාපාර ලාභ ලබන ව්‍යාපාර බවට පත් කර ගත් ඉනික්බිති ඒ බොහෝ ව්‍යාපාරිකයෝ සුපිරි මට්ටමේ ගණිකා නිවාස පවත්වාගෙන යාමට පෙළඹෙති. සුපිරි මට්ටමේ ගණිකාවක් බවට පත්වීමට පූර්ණය කළ යුතු වන්නේ සුදුසුකම් කිහිපයක් පමණි. ඒ වයසින් ළාබාල වීම හා සිත කය පිනවන රූපසම්පත්තියකින් යුතු වීම පමණි.
සම්භාහන ආයතනවල මුවාවෙන්ද ගණිකා වෘත්තිය පවත්වාගෙන යති. සම්භාහන ආයතනයකදී සේවා ලබන්නෙකුට අවශ්‍යනම් ගණිකාවකගේ සේවය ලබාදීමටද සැදී පැහැදුණු සේවිකාවෝ සිටිති. එහිදී තමාට අවශ්‍ය සේවය ලබා දෙන තැනැත්තියට අදාළ සේවය ලබන්නා විසින් වෙනම මුදලක් ගෙවිය යුතු වේ.
නිවසටම පැමිණ සම්භාහන සේවය ලබාදෙන සේවාවන්ද අද ක‍්‍රියාත්මකය. මෙහිදී සම්භාහන සේවය මෙන්ම ඇගෙන් සේවය ලබාගන්නාට තමන්ට අවශ්‍ය රිසි දෙයක් ඇයගෙන් ලබාගත හැකිය. සම්භාහන සේවය නිවෙසටම පැමිණ සපයන මෙම සේවිකාවෝ අදාළ ගැනුම්කරුවන් වෙත සැපයීමේදී කුලී රථ රියැදුරන් විසින් සැලකිය යුතු ආකාරයේ මැදිහත්වීමක් කරනු ලබයි. එමෙන්ම තමන්ට ලැබෙන ‘ගතමනාව’ නිසා මෙම කුලී රථ රියැදුරන් ඇගේ සේවය ලබාගන්නා තැනැත්තාගේ රහස්‍ය භාවය සුරැකීමේ සම්මුතියටද එළඹෙයි. මෙම කුලී රථ රියදුරන්ට අදාළ ප‍්‍රවාහන ගාස්තුවට අමතරව ඇගෙන් සේවය ලබාගන්නා පුද්ගලයාගෙන් මෙන්ම ඇගෙන්ද සන්තෝෂම් මුදලක් ලැබේ. රහස් සුරැුකීමේ පදනම බවට පත්ව තිබෙන්නේ මෙම සන්තෝෂම් මුදලය.
සුපිරි ගණිකා ව්‍යාපාරයේ යෙදවීම සඳහා විදේශීය ගණිකාවෝද මෙරටට ගෙන්වා ගනිති. මෙම ගෙන්වා ගැනීමේදී අදාළ සුපිරි ගණිකා ව්‍යාපාරයේ අයිතිකරු බොහෝ විට මීට සෘජුව මැදිහත් නොවන අතර එම මැදිහත් වන්නේ ඔහුගේ වෙනත් විශ්වාසවන්ත පුද්ගලයකු විසිනි. ඇතැම් විට අදාළ රටේ සිටින ඒජන්තවරයෙක් මෙම ක‍්‍රියාදාමය පිටුපස මුල් පුරුකක් සේ සිටිති.
මෙම විදේශීය සුරූපිනියන් ලංකාවට පැමිණෙන්නේ තුන් මාසයකට සංචාරක වීසා ලබාගෙනය. ඒ තුන් මාසය තුළම ඔවුන් කරන්නේ ගණිකාවන් ලෙස තම සේවය ලබාදීමය. බොහෝ විට රුපියල් ලක්‍ෂ පහකට ආසන්න ආදායමක් මෙම තෙමස තුළ ඔවුහු උපයාගනිති.
සංචාරක හෝටල් හිමියන් බොහෝ විට කරන්නේ මේ විදේශීය සුරූපිනියන් තම හෝටලයේ රඳවා ගැනීම වෙනුවට වෙනත් හෝටලයක කාමර ගෙන එහි රඳවා තැබීමය. ගැනුම්කරුවන්ට ඇය සේවය සැපයිය යුතු වන්නේ එහිදීය. එම කටයුතු කළමනාකරණය කිරීමට වෙනම කළමනාකාරවරයෙක් සිටියි. ගැනුම්කරුට අවශ්‍ය නම් ඇය පිටතට රැගෙන යාමටද අවසරය ඇත.
අදාළ ගණිකාව වෙන් කර ගැනීම, මිල තීරණය කර ගැනීම ආදී සියල්ල සැලසුම් වන්නේ අදාළ කළමනාකාරවරයා හරහාය. පැය ගණන අනුව මුදල තීරණය වේ. එමෙන්ම වයසින් වඩාත් ළාබාල ගණිකාවක් නම් ඇගේ සේවය ලබාගන්නා තැනැත්තාට ඇයට ගෙවීමට වෙන මුදල ඉහළ අගයක් ගනී. සාමාන්‍යයෙන් සුපිරි ගණිකාවකට රාත‍්‍රියක් ගතකිරීමට නම් රුපියල් විසිපන්දහසකට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදුවේ.
මෙම ගණිකාවන් තම සේවය ලබාදෙන්නේ කළමනාකරුවන් පනවන කොන්දේසි කිහිපයකටම යටත්වය.
ගැනුම්කරුවන් තම අභිමතයමත පිටතදී හමුවීම මෙහිදී සුරූපිනියන්ට තහනම්ය. ඒ එවිට අඩු මුදලකට තමාට අවශ්‍ය සේවය ලබාගැනීමට ගැනුම්කරුවන් උත්සාහ කරන බැවින්ය. අදාළ ව්‍යාපාරය මෙහෙයවන්නන්ගේ පැවැත්මට එය තර්ජනයක් වන හෙයිනි. එමෙන්ම ඔවුන්ගේ අභිමතය පරිදි ඔවුන්ට පෞද්ගලික සාප්පු සවාරියක් යාම පවා තහනම් වන්නේ ඔවුන් පිළිබඳ කවර හෝ රහසක් හෙළිවීම අදාළ ව්‍යාපාරයේ පැවැත්මට තර්ජනයක් වන හෙයිනි.
සුපිරි ගණිකාවක් බවට පත්වන තරුණියකට සුවපහසු නවාතැනක් මාසිකව හොඳ ආදායමක් මෙන්ම වැඩි මහන්සියකින් තොරව මුදල් ඉපයීමේ මාර්ගයක්ද හරහා වර්ණවත් ලොවකට ද්වාරය විවර වෙයි. එහෙත් නීතියේ විලංගු දෑත් මත රැුඳි දවසක ඇය ඉදිරියේ දිස්වූ ලෝකය අඳුරු කඩතුරාවකින් වැසී යන්නට ගතවන්නේ ද ඇසිල්ලකි.
අව් කාස්ටකේ ගල් වැඩපොළක ගල් කඩමින්, ඇඟලූම් කම්හලක ජුකී මැෂිම පාගමින්, කොටින්ම තමාගේ දෑතේ වෙර වීරියෙන් රුපියල් හම්බ කරමින් ජීවිතය උදෙසා වෙහෙසෙන ගැහැනුන් උපයන රුපියල් සුජාතක බව මාවතේ දියණිවරුන්ට එක් ක්‍ෂණයකදී නොවැටහෙන්නට පුළුවන. අනෙක් අතට දෑස අබිමුව මැවෙන වෛවාරණ ලෝකයක් වෙනුවෙන් හෝ දුර දිග නොබැලූ හීනයක් වෙනුවෙන් තමා උගසට තබන්නේ දියණියක ලෙස තමා සතු වටිනාකම මවක බිරියක ලෙස තමා ලද යුතු වටිනාකම බව මේ රෑ සමනළියන්ට ලෙහෙසියෙන් නොවැටහෙනවා වෙන්නට පුළුවන.
ලෙය, මස, මිල කරන ගැහැනුන්ට අවසානයේ ලැබෙන උරුමය සමාජ රෝගයක් නම් ඇගේ ඉරණම වඩාත් ඛේදජනක වීම කිසිවකුටවත් වළක්වාලිය නොහැක්කකි.
සිපිලිස්, ගොනෝරියා, ලිංගික හර්පීස්, ලිංගික ඉන්නෝ, කැන්ඩිඩයිසිස්, බැක්ටීරියා ආසාදන, එන්ජියු/එන්ජිස්, ඒඞ්ස් හා ලිංගික වෙනත් රෝග ලිංගික සබඳතා ඔස්සේ බෝවිය හැකි සමාජ රෝග වෙයි. ජීවිතයට වඩා මරණය සුවදායි බව, ජීවිතයට වඩා මරණය සැපතක් බව යමකුට හැෙඟන්නට ඇතැම් විට දරුණු සමාජ රෝගයක් ළඟ තම ඉරණම ලියැවීමම ප‍්‍රමාණවත්ය.
ගණිකා ව්‍යාපාරය හා ගණිකාවන්ගේ ජීවිත වල හැඩරුව පිළිබඳ කළ දිගහැරුමේදී එකී යථාර්ථයද අප හෙළිදරව් කළ යුතුමය.
සටහන සංජීවිකා සමරතුංග
නවීකරණය වූ අම්බපාලියන්ගේ කතාව - 1
නවීකරණය වූ අම්බපාලියන්ගේ කතාව - 2
නවීකරණය වූ අම්බපාලියන්ගේ කතාව - 3
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් නිසා අහිංසක ගැහැණු ළමුන් අසරණ වෙනවා.මාධ්‍ය විසින් මෙවැනි අදහස් ජනතාවට ලබා දිය යුතුයි. දුප්පත් අහිංසක දරුවන් රැක ගන්න, ඔවුන්ට සදාචාරය පෙන්වා දෙන්න, සමාජයක් හැටියට මේ දේවල් වලට විරුද්ධව නැගී සිටින්න.එවිට ඔබේ දරුවන් රැක ගැනීමට අවස්ථාවක් ලැබේවි. යහපත් සමාජයක් බිහිකරමු. (නි)
ආර්රථික ගැටළු කියලා ගණිකාවක් වෙන එක මහම මහා බොරුවක්. ඒක නිදහසට සහ සමාජයෙන් එන වැරදී නාමය අඩුකරගන්න හොදයි. තමුන් කොටුවුන තැනකදී තමුන් කෙරෙහි අනුකම්පාව ඇති කරගන්න කරන දෙයක්. අසරණනම, ආරථික කතා තියනවාත ගැහැණියක් විදියට හිගා කෑවත් තමුන්ගේ ඇග විකුණලා සල්ලි හොයනවනම් ඒක රාගයම තමා. සමහර විට ඔය අතරේ දැඩි මානසික පීඩනය සහ තමුන්ගෙන් තමුන්ටම පලිගන අය, තව කාට හරි රිද්දන කරන අය ඇති. සමහර විට චරිත්වත්ව ඉදලා තමන්ගේ ජීවිතය විනාශ කල අයෙක්ව රිද්දන්න මේ දේ කරනවා වෙනත් පුළුවන්. ඒ වගේ අසරණ දේවල් තියනවා ඇති. කොටින්ම උන්නත් එකයි මලත් එනයි කියලා හිතන අය. ඒත් කරන්න දෙයක් නැති කමට කරනවා කියන එක බොරු. ඒ මගේ අදහස. මොන අදහසින් කලත් හිගා කෑවත් ඕවා කරන්න එපා. කවදා හරි විදවන්න වෙනවා. ගෑනියෙක්ට රැක ගන්න තියෙන්නේ තමුන්ගේ චරිතේ විතරයි. ඒකවත් රැක ගන්න බලන්න. මේ ටික කියන්නේ ලංකවේ ගැහැණුන්ට. මොකද පිට රට අයට ඕවා ගානක් නැහැ.(නදී)
හංසිට විකාර (නි)
ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරනවා නම් කමක් නැහැනේ (නි)
ෂික් විතරක් මේ ගෑනු.ඔලුව පාවිච්චි කරනවා නම් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගන්න බැරි කමක් නැහැ. මේවට යන සල්ලාලයෝ ඊටම හපන් තිරිසන්නු.සමාජ පිළිල. (නි)
අපි කතා නොකර ඉම්මු මේ ගැන
නිශාන් ඔයා හරි.(නදී)
පිරිමින්ගේ පාප කදට දුන් විදින මොවුන් දෙස උපේක්ෂාවෙන් බැලීම වටී. මෙයට වගකිව යුත්තේ සමාජය නඩත්තු කරන අපිම වෙමු. සිතන්න.(නදී)
මේ ගැන ටිකක් හිතලා බලන්න ඕනෑ (නි)
ආර්රථික ගැටළු කියලා ගණිකාවක් වෙන එක මහම මහා බොරුවක්. ඒක නිදහසට සහ සමාජයෙන් එන වැරදී නාමය අඩුකරගන්න හොදයි. තමුන් කොටුවුන තැනකදී තමුන් කෙරෙහි අනුකම්පාව ඇති කරගන්න කරන දෙයක්. අසරණනම, ආරථික කතා තියනවාත ගැහැණියක් විදියට හිගා කෑවත් තමුන්ගේ ඇග විකුණලා සල්ලි හොයනවනම් ඒක රාගයම තමා. සමහර විට ඔය අතරේ දැඩි මානසික පීඩනය සහ තමුන්ගෙන් තමුන්ටම පලිගන අය, තව කාට හරි රිද්දන කරන අය ඇති. සමහර විට චරිත්වත්ව ඉදලා තමන්ගේ ජීවිතය විනාශ කල අයෙක්ව රිද්දන්න මේ දේ කරනවා වෙනත් පුළුවන්. ඒ වගේ අසරණ දේවල් තියනවා ඇති. කොටින්ම උන්නත් එකයි මලත් එනයි කියලා හිතන අය. ඒත් කරන්න දෙයක් නැති කමට කරනවා කියන එක බොරු. ඒ මගේ අදහස. මොන අදහසින් කලත් හිගා කෑවත් ඕවා කරන්න එපා. කවදා හරි විදවන්න වෙනවා. ගෑනියෙක්ට රැක ගන්න තියෙන්නේ තමුන්ගේ චරිතේ විතරයි. ඒකවත් රැක ගන්න බලන්න. මේ ටික කියන්නේ ලංකවේ ගැහැණුන්ට. මොකද පිට රට අයට ඕවා ගානක් නැහැ.(නදී)
වර්ථමානයට ගැලපෙන බොහොම හොද ලිපි පෙලක්.(නදී)
අද සමාජය අධම සමාජයක් වෙලා. සහෝදරියක් දුවෙක් මිනිපිරියෙක් කියලා හිතන සමාජයක් නෙමෙයි මේ. විවිධාකාර චිත්‍රපටි වලින් ඉන්ටෙර්නෙට් එකෙන් දකින පෝස්ටර් වලින් සිතුවිලි කලම්බවාගෙන ඉන්නේ. ලෝකේ දියුණුවත් එක්ක මේවයේ වර්ධනයක් මුළු ලෝකෙම ඇතිවෙලා (නි)
ලේකිකාවනි, ඔබේ ලිපි පෙළ හරිම කලොචි. මේ කාන්තාවන් හා ඒවාට යන අයත් පව්. (ස)
පෙළක් අය කැමතිම දෙයක් තමෛ මේකෙන් ලැබෙන වින්ධනයට, නමුත් හැම ගනියෙක්වම තමන්ගේ සහෝදරියෙක් කියා සිතන්න එවිට අපේ සමාජය යහපත් සීලාචාර සමාජක් හැටියට ජීවත් වෙන්න පුළුවනි. (ස)
සමහරු ගණිකාවන් සිතනවා මේ රස්සාව මහා එකක් කියා. මම ශාප කරනවා තරුණ කෙල්ලෝ මේ රස්සාවට ගෙනියනවට. (නි)
දේසපාලනය සමග බැඳුනු ගණිකා සේවය කිව්වම මට බොහෝ අයව මතක් වෙනවා අපේ ලංකාවේ . එහෙත් මෙහි නම් සඳහන් කිරීම නොහොබිනා නිසා එය නොකරමි . එහෙත් පසු ගිය කාලයේ බොහෝ ප්‍රසිද්ද ඇමති වරයෙක් ඉඳලා තියෙනවා ඕකට ප්‍රසිද්ධ . ඒ වගේ මැති ඇමතිවරු ප්‍රදේශීය සභා මන්ත්‍රී වරු මෙයට ප්‍රසිද්දයි. (නදී)
හොද ලිපියක්. ආකල්ප වෙනස්කිරීඹ තුලින් මෙම ව්‍යාපාරයට විරුද්ධ විය හැක.(නදී)
සමාජ රෝග පිළිබද සමාජය මීට වඩා දැනුවත් කිරීමේ ජාතික වැඩ පිළිවෙලක අවශ්‍යතාවය මේ ලිපියත් සමග නිර්මාණය වී ඇත. අනිකුත් ලෙඩ රෝග කෙරෙහි සෞඛ්‍ය අංශ තම අවදානය යොමු කරන්නේ යම් සේද සමාජ රෝග පිලිබදවත් එම පිළිවෙතම අනුගමනය කරන්නේනම් මැනවි.(නදී)
සිහිනෙන් ගෑ සුවදක් සේ බොරුමය.(නදී)