IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දහ වැනිදා වෙනකම් බලධාරීන්ට කල් දෙනවා

 

වැලිවේරිය රතුපස්වල ජල ගැටලූවට නායකත්වය දෙමින් උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙය වූ තෙරිපැහැ සිරිධම්ම හිමි කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියත් සමග ගිවිසුමකට එළඹීමෙන් පසු ගමෙන් පිටවිය. මුදලට හෝ බලපෑමකට නතුවී තෙරිපැහැ හිමියන් ගම්වාසීන්ට ද්‍රෝහි වූ බව පිරිසක් චෝදනා කළහ.
රතුපස්වල නැවත ආන්දෝලනයක් ඇති කරමින් තෙරිපැහැ හිමියන් ගම්වාසීන් සමග නැවත ජල සටන ඇරැඹීමට යන බවට රාවයක් පැතිර ගියේය.
ඒ ගැන කළ විමසීමකදී සිරිධම්ම හිමියන් පැවසුවේ පසුගිය කාලයේ තමාට විවිධ බලපෑම් එල්ල වූ බවයි. නැවත බලපෑම් එල්ල කිරීමට පැමිණියහොත් තමාගේ මරණයෙන් එය කෙළවර වනු ඇතැයි ද සිරිධම්ම හිමියෝ පැවසූහ. කම්හලට එරෙහිව යළිත් අරගලයක් කරන්නේ මුදල් නොලැබුණු නිසා දැයි අපි සිරිධම්ම හිමිගෙන්  විමසීමු.

 

ප‍්‍රශ්නය : හාමුදුරුවො කාලයක් රතුපස්වල ප‍්‍රශ්නය මග හැර ඉඳලා නැවත ඊට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?
පිළිතුර :
දැන් මේ ප‍්‍රශ්නය දවසින් දවස දියාරු කරන ස්වභාවයක් තියෙන්නේ. අනිත් එක තමයි මේකේ ක‍්‍රියාකාරී උදවියට විවිධාකාරයේ බලපෑම් එල්ල වෙනවා. ඉදිරියේ දී මේ ක‍්‍රියාකාරිකයන්ට ලොකු අනතුරක් අපි දකිනවා. මේ ප‍්‍රශ්නයට දේශපාලන වශයෙන් කිසිම හවුහරණයක් නැති තත්ත්වයට පත් වෙලා. තව සමහරු ඡන්ද ගොඩ වැඩි කර ගන්න විවිධ දෑ කරනවා. තව සමහරු ගමේ මිනිස්සු භේද කරන්න බලනවා. අන්න ඒ හේතුව නිසා තමයි මා නැවත මේ ගැටලූවට මැදිහත් වෙන්න හිතුවේ.

 

 


ප‍්‍රශ්නය: බස්නාහිර පළාත් ඡුන්දය ළඟ නිසා ඊට ඉදිරිපත් වීමේ අදහසින් නේද ඔබවහන්සේ මේ ප‍්‍රශ්නයට නැවත ආවේ?
පිළිතුර:
මට කිසිම දේශපාලනයක් නෑ. මට ඡුන්ද ගොඩ වැඩි කරගන්න අවශ්‍යතාවක් නෑ ඒ නිසා. මා දේශපාලනයට එන්නෙත් නෑ. ඡන්ද ගොඩ වැඩි කර ගන්න මාන බලන අය තමයි විවිධ ජරමර බලාපොරොත්තු වෙන්නේ. නමුත් මා දේශපාලනයක් කරන්නේ නෑ.

 

 


ප‍්‍රශ්නය: ඔබවහන්සේට ලබා දෙනවා කිව්ව මුදල නොලැබුණු නිසා ද නැවත ගම්මුන්ගේ පැත්තට ආවේ?
පිළිතුර:
සල්ලි පස්සේ යන්න නම් සිවුරක් ඇඳන් සීලයක් රකින්න  ඕනැ නැහැනේ. මා සල්ලිවලට නතු වෙන කෙනෙක් නෙමේ. සල්ලි පස්සේ යනවානම් මේ විදියට ඉන්න  ඕනැ නෑ. මට සල්ලි දෙන්න හැදුවාද කියා  ඕනෑම කෙනකුගෙන් අසා බලන්න. පාත්තරේ අරන් පාරට බැස්සාම අපට දානේ වේල හම්බෙනවා. කන්න ටික හම්බවෙනවා නම් සල්ලි මොකටද? මුදල් ගනුදෙනු එක්ක මගේ සම්බන්ධයක් නෑ.

 

 


ප‍්‍රශ්නය: ඔබවහන්සේ කාලයක් නිහඬව සිටියේ මොකක් හරි බලපෑමක් නිසා නේද?
පිළිතුර:
ඔව්. බලපෑම් තිබුණා. ඒවට යම් යම් ආකාරයේ නතුවීම් වෙන්න මට සිද්ධ වුණා. තවමත් මට බලපෑම් තිබෙනවා.

 

 


ප‍්‍රශ්නය : කවුද බලපෑම් කළේ?
පිළිතුර :
ම්ම්.. ඒ ගැන මා කියන්නවත් කැමති නෑ. ඒ ගැන කිව්වා කියා අපේ ප‍්‍රශ්නයට විසඳුමක් එන්නේ නෑ. ඒ ගැන ප‍්‍රසිද්ධ කළා කියා මට හෝ ඒ අයට හෝ කිසිම වාසියක් වෙන්නේ නෑ.

 

 


ප‍්‍රශ්නය: ආයේ ඔබවහන්සේට බලපෑමක් ආවොත් කලින් වගේ ගමෙන් යනවද?
පිළිතුර:
ආයේ බලපෑමක් ආවොත් එක්කෝ ඒ අය පරාජයට පත් වෙයි. නැත්නම් මා පරාජයට පත් වෙයි මරණෙන්. මරණෙන් තමයි කෙළවර වෙන්නේ.

 

 


ප‍්‍රශ්නය: රතුපස්වල ජල ගැටලූවට දැන් මොකද කරන්නේ?
පිළිතුර:
ජූලි මාසේ ඉඳන් මේක ඇදි ඇදී ආවා. විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර කළා. එයින් යම් තරමක ප‍්‍රතිඵලත් අත්වුණා. ඊළඟට අපි ඊටත් වඩා දැඩි ක‍්‍රියාමාර්ගයක් ගන්නවා. ලබන අවුරුද්දටත් මේ ගැටලූවට නොගිහින් මේ වසරෙන්ම ඉවරයක් කරන්නයි අප කල්පනා කරන්නේ.  දෙසැම්බර 10 වැනි දා තෙක් අපි බලධාරීන්ට කල් දෙනවා තීරණයක් ගන්න. මේකේ සියලූම නිෂ්පාදනාගාර ඉවත් කරගෙන ආයෝජන ප‍්‍රවර්ධන කලාපෙක සුදුසු ස්ථානයක ස්ථාන ගත කරගන්න. එසේ නොවුණහොත් තව සති කිහිපයකින් අපි දැවැන්ත ක‍්‍රියාමාර්ගයක් ගන්නවා.

 

 


ප‍්‍රශ්නය-: අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
පිළිතුර:
කලිනුත් අප ඉල්ලූවේ මේ කර්මාන්ත ශාලාව මෙතැනින් ගෙනියන්න කියන එක සහ මූලික ගෙවීමකින් තොරව ජනතාවට ජලය ලබා දෙන්න කියන එකයි. දැන් ඉල්ලන්නෙත් ඒකම තමයි.
තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ   ආගමනය ගැන සියනෑ පරිසරය සුරැුකීමේ ඒකාබද්ධ සංවිධානයේ ප‍්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතාගෙන් විමසීමු.

 

 


ප‍්‍රශ්නය : තෙරිපැහැ සිරිධම්ම හාමුදුරුවො නැවත රතුපස්වල ජල සටනට එක්වන බව කියනවා?
පිළිතුර :
එහෙම වෙනවනම් ගොඩක් හොඳයි. ගමේ පිරිස බෙදිලා වෙන්වෙලා යනවාට වඩා එකට එකතු වෙන එක ගොඩක් හොඳයි.

 

 


ප‍්‍රශ්නය :හතු පිපෙන්නා වගේ මෙහෙම සංවිධාන පිහිටුවා ගන්න එක හරිද?
පිළිතුර :
අපේ පරිසර සංවිධානයට දැන් වසර 18ක්. අපි දහ අට වරසක් තිස්සේ පරිසර දුෂණයට එරෙහිව හඬ නැගුවා. අද ඊයේ ඇතිකරගත්තු එකක් නෙවෙයි මේක. අප නීත්‍යනුකූලව කටයුතු කළා. අප ළඟ සියලූ ලියකියැවිලි තිබෙනවා. වසර 18ක් තිස්සේ අප මොනවද කළේ කියලා පෙන්වන්න පුළුවන්.
රතුපස්වල ගැටලූව වෙනුවෙන් මුල සිටම සිටි නීතීඥ පාලිත සේනරත්න මහතා ඇතුළු විශාල පිරිසක් මේ සංවිධානයේ ඉන්නවා. නීතීඥවරු, ඉංජිනේරුවරු, වෛද්‍යවරුත් ඉන්නවා.

 

 

 


ප‍්‍රශ්නය :  තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට මොකද වෙලා තිබුණේ?
පිළිතුර :
ඒ ගැන සිරිධම්ම හිමියන්ගෙන් තමයි අහන්න  ඕන.

 

 


ප‍්‍රශ්නය : සිරිධම්ම හිමියන්ව නැවත පිළිගන්නවා ද?
පිළිතුර :
සිරිධම්ම හාමුදුරුවො මුල සිට මේ ගැටලූවේ හිටියා. වීදි සටනට නායකත්වය දුන්නේ හාමුදුරුවො. ඒක කාටවත් නෑ කියන්න බැහැනේ. මොනයම් හෝ හේතු නිසා හාමුදුරුවො වෙනස් වුණා. දැන් නැවත මේ ප‍්‍රශ්නයට හාමුදුරුවො අවංකවම මැදිහත් වෙන්න හදනවා නම් අපේ කිසි විරුද්ධත්වයක් නෑ.

 

 


ප‍්‍රශ්නය : ඔබතුමාලා ආණ්ඩු විරෝධී වැඩ පිළිවෙළක් නේද මේ ගෙනියන්නේ?
පිළිතුර :
අපි තමා මේ ආණ්ඩු පත් කළේ. මේ ගමේ සියයට අනූවක්ම ඉන්නේ වර්තමාන ආණ්ඩුවට ඡුන්දය දුන් පිරිස්. අප වැඩ කළේ මේ ආණ්ඩුවට. අප කරන්නේ ආණ්ඩු විරෝධී වැඩ පිළිවෙළක් නෙමේ. අපි පත් වෙලා ඉන්න කරදරයෙන් ගොඩ එන්නයි අපි හදන්නේ. ආණ්ඩු මාරු කරන්න අප ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ මේ කම්හල මෙතැනින් ගෙනියන්න කියලා විතරයි. මේ ප‍්‍රශ්නය නිසා අහිංසක තරුණ ජීවිත තුනක් නැති වුණා. ජනපති අපට පොරොන්දුවක් දුන්නා මේක මෙතැනින් ගෙනියනවා කියලා. හැකි ඉක්මණින් එම පොරොන්දු ඉටු කරන ලෙසයි අප ඉල්ලන්නේ.

 

 

 



අදහස් (0)

දහ වැනිදා වෙනකම් බලධාරීන්ට කල් දෙනවා

සුසිල් Thursday, 12 December 2013 06:33 AM

තේරුමක් නැහැ මම හිතන්නේ (නි)

:       0       0

ද සිල්වා Monday, 09 December 2013 06:17 PM

දේශපාලකයෝ දෙන පොරොන්දු ඉටු කරනවා නම් අද ලංකාව නෝර්වේ , ජර්මනිය, ජපානයට වඩා ආර්ථික දියුණුවක් ලබලා. අැමතිවරු ඡන්ද ළං වුණහම ඇවිල්ලා එක එක පොරොන්දු දෙනවා. නමුත් ඉෂ්ට වෙන එක සැක සහිතයි (නි)

:       0       0

චාමික Monday, 09 December 2013 12:10 PM

දැන් කාගේ කටටද හාමුදුරුවනේ පනුවෝ ගහන්න ඕනේ ? (නදී)

:       0       0

මලාවි Sunday, 08 December 2013 02:39 PM

කොටි ප්‍රශ්නයට පස්සේ දිගම කාලයක් ඇදුන ප්‍රශ්නය මේකද මන්ද ? බොහොම දුකයි තවමත් විසදුමක් නොදීම ගැන. (ස)

:       0       0

බසීර් Sunday, 08 December 2013 09:37 PM

බලමු මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5179 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 721 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1294 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 203 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39098 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25573 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1081 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site