IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ධර්ම රාජ්‍යයට යන පාරේ බරපතළ අවහිරතා තිබෙනවා

 

කුඩු කන්ටේනර් සිදුවීම, අගමැතිවරයාට එරෙහි නීතිමය ක‍්‍රියාදාමය, දේශපාලනයේ ස්වභාවය හා ධර්ම රාජ්‍ය සංකල්පය සම්බන්ධයෙන් මෙවර රජවීදියෙන් අදහස් දක්වන්නේ ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියන්ය

 

කුඩු කන්ටේනරය පසුපස අගමැතිවරයාගේ සම්බන්ධයක් ගැන මුලින්ම කතාකළේ කවුද?

මට මතක මේ සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම කතාකළේ අපි කියන එකයි.  මමයි තොරතුරු මුලින්ම කිව්වේ.

 


හැබැයි මුල සිටම අගමැතිවරයා කිව්වනේ ඔහු මේ සිද්ධිය ගැන දන්නේ නෑ කියලා?
කුඩු කතන්දරේ ගැන දැනගෙන හිටියද දන්නෙ නැතත් අදාළ මුස්ලිම් ව්‍යාපාරිකයත් එක්ක කෑම කාලා තියෙනවාය එයාගේ පුතාගේ මැතිවරණ කටයුතුවලට ප‍්‍රසිද්ධියේම උදවු උපකාර කරලා තියෙනවාය කියලා ඔහුම කිව්වනේ.

 


ඉතින් දැනගත් ගමන්ම නෙවෙයිද ඔහු ලේකම්වරයාව ඉවත්කළේ?
නැහැනේ නැහැනේ. කුඩු කන්ටේනරේ අහුවෙලා මාස තුනකටත් පස්සෙනේ අපි මේක සාකච්ඡුා කළේ. සිද්ධිය හෙළිදරව් වෙලා මාස ගණනකටත් පස්සෙ මේවා වුණේ.

 


අගමැතිතුමා කියන්නේ නම් ගෑණු ප‍්‍රශ්නයක් නිසා පලිගන්න හදනවා කියලයි?
ඒක බොරුවක්. ඔය කියන ගෑණු කෙනෙක් ගැන මම දන්නෙත් නෑ. එහෙම සම්බන්ධයක් ඇත්තෙත් නෑ. මට පෞද්ගලිකව හෝ කාටවත් හෝ උදවු උපකාරයක් අද වෙනතුරු අගමැතිවරයාගෙන් නම් මම අරගෙන නෑ.

 


ඇයි හාමුදුරුවනේ මංගල සමරවීර මන්ත‍්‍රීවරයාත් කිව්වනේ අගමැතිතුමා නිර්දෝෂී පුද්ගලයෙක් කියලා?
පාර්ලිමේන්තුවේ කුඩුකාරයෝ ඉන්නවාය කියලා මංගල සමරවීර මහතා හෙළිදරව්වක් කළානේ. නමුත් සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු මේක සද්ද නැතිව අහගෙන හිටියනේ. මම ඒ කතාව ගැන කතානායකවරයාට ලිපියක් ලියලා ඉල්ලුවා කුඩුකාරයන් කවුදැයි හෙළිදරව් කරන්නැයි මන්ත‍්‍රීවරයාට නියෝග කරන්න කියලා.

 


අත්අඩංගුවට අරන් ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නත් කියලා පොලිසිය කිව්වනේ. එහෙම වුණේ නෑනේ?
අපි කියන ඒවා කරනවා නම් රටක් කොහොම සංවර්ධනය වේවිද?

 


දැන් මේ කියන විදියට කුඩු කන්හැන්දෙන් ඇල්ලුවම නීතිය එකක්? කන්ටේනර් ඇල්ලුවාම තව එකක්නේ හාමුදුරුවනේ?
මෑතක ඉඳන් කුඩු ගෙන්නන එක වැඩියි. ඒ වගේම අල්ලන එකත් වැඩියි.

 


කෝ ඉතින් හන්දි ගානේ ඉන්න අය ඇල්ලුවාට ජාවාරමේ මුල් පුටු අල්ලන්නේ නෑනේ?
ඔව් රුපියල් බිලියන දෙකක් වටිනා කුඩු කියලනේ කියන්නේ. ඉතින්  ඕක තමයි ප‍්‍රශ්නය. ඒක ඉතින් අදාළ නීති අංශ දැනගන්න  ඕන.

 


කුඩු ගැන කතාකරන්න ගිහින් අන්තිමේදී අගමැතිතුමාට එන්තරවාසි යැව්වේ ඇයි?
අගමැතිතුමා අපට අමූලික බොරු චෝදනා සහිතව අපහාස උපහාස කරලා තියෙනවා. ඒකට මේ රටේ නීත්‍යනුකූලව කරන්න තියෙන එකම දේ ඒක. එහෙම නැතිව නිහ`ඩව හිටියොත් ඒ වරද පිළිගත්තා වෙනවා. ඒක තමයි ධර්මයේ ඉගැන්වීම. ‘‘අධිවාසෙසි තුම්හිභාවෙන’’ තූෂ්නිම්භූතභාවයෙන් නිහ`ඩභාවයෙන් පළකරන්නේ එම වරද පිළිගැනීමයි. යමෙක් චෝදනා එල්ලකරද්දි නිහ`ඩභාවයෙන් සිටිනවා කියන්නෙ ඒක පිළිගන්නවා කියන එකයි.

 

 
වන්දිය කීයක් ඉල්ලනවද?
නීතිය ගැන මම ගැඹුරින් හදාරලා නෑනේ. පක්ෂයේ නීති උපදේශක මණ්ඩලය රුපියල් බිලියනයක් ඉල්ලන්න තීරණය කළා.

 


ජාතික හෙළ උරුමය ඉස්සරහා අගමැතිතුමා දණගහයි කියලා හිතනවද?
යම් වරදක් වුණානම් ධර්මානුකූලව තමාගේ වරද පිළිගැනීම දණගැහීමක් නෙවෙයි. ඒක මහත්මා ගතියයි. සමාව ඉල්ලනකොට ඒක දීමත් මහත්මා ගතියයි. දණගහනවා කියන එක නෙවෙයි එතැනට පාවිච්චි කරන්න  ඕන.

 


ඔහුට සමාවගන්න නැවත වටයකින් අවස්ථාව දෙන්න බැරිද?
ඒක මේ නීතිමය කි‍්‍රයාවලිය ඉදිරියට යද්දි යම් යම් තීන්දු ගන්න බැරි නෑ. අපිත් ගස් ගල් නෙවෙයිනේ. කොම්පියුටර් නෙවෙයිනේ. සතර බ‍්‍රහ්ම විහරණය තියෙන මිනිස්සුනේ අපි.

 


මෙච්චර ලොකු ගාණක් ඉල්ලන්නේ ඇයි?
මේ මුදල් ප‍්‍රමාණය වැඩි නෑ. ඒක ලැබුණොත් අපට කරන්න ගොඩක් වැඩ තියෙනවා.

 


මොනවද ඒ වැඩ?
කුඩුවලට පුදුරුදු වෙලා නිත්‍ය ප‍්‍රතිකාර ලබන 40000 ක් හා ඇබ්බැහි වූ ලක්ෂයකට අධික තරුණ පිරිසක් මේ රටේ සිටිනවා. ඔවුන් හා ඊට ආධාර උපකාර කරන අයත් මේ මුදලෙන් පුනරුත්ථාපනය කරනවා.

 

 

 


ඉතින් හාමුදුරුවනේ දළදා මාලිගාවටත් බෝම්බ ගහපු හාමුදුරුවරුන් ඝාතනය කිරීමට හවුල් අයත් මේ ආණ්ඩුවේ ඉන්නවා කියලා කියනවනේ? ඒ අයට නඩු දාන්නේනැද්ද?
කවුරු හරි දළදා මාළිගාවට ගැහුවේ මෙන්න මෙයාය කියලා සාධකයක් එක්ක කියනවා නම් ඇත්තවශයෙන්ම එයාට විරුද්ධව ගත යුතු පියවර අපි ගන්නවා. කොටි පරාජය කිරීම සඳහා අපි කැපවුණේ ඒකටනේ. කොටි පරාජය කිරීමනේ හොඳම දඩුවම.

 


එතකොට හාමුදුරුවනේ කරුණා අම්මාන්, පිල්ලෙයාන්, කේ.පී වැනි අය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයට තිබෙන්නේ මොන වගේ හැ`ගීමක් ද?
අංගුලිමාල මහා පරිමාණයෙන් වැරැදි කළා. පිළිගත්තා. මහණ වෙලා රහත් වුණා. දැන් මිනිස්සු වඳිනවා. මනුස්සයෙක් වැරැුදි කරනවා. ඒක පසුව වරදක් සේ බාරගන්නවා. නිවැරැුදි වෙනවා. ඊට පසුව සාමාන්‍ය සමාජයට එකතුවෙනවා. උදාහරණයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ මිනීමැරුවා යැයි චෝදනා ලැබුවද? හැබැයි තමන් කළ වරද පිළිගෙන දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයට පැමිණ තිබෙනවා.

 


හෙළ උරුමය එක් එක් අයට වෙනස් හැන්දකින් බෙදන්නේ ඇයි?
ඔව් ඉතින් එහෙම තමයි. සාමාන්‍යයෙන් කණේ දාන්න ගන්නෙ කන් හැන්ද. මැල්ලුම් බෙදන්න ගන්නේ වෙනම හැන්දක්. හොඳි බෙදන්නේ තවත් එකකින්. බත් බෙදන්නෙ තවත් එකකින්. බොරුවක්යැ ඉතින්. ඒ ඒ අවස්ථානුකූලව ඒ හැඳි වෙනස්වෙන්න  ඕන.

 


අරන්තලා භික්ෂු ඝාතනය, දළදා මාළිගාවට ජය ශ‍්‍රී මහා බෝධියට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර කියන්නේ බෞද්ධ හදවත් ප‍්‍රකම්පනය කළ දේවල්නේ. මේ වැරැුදිවලට දඩුවම් දෙන්න විශේෂ පරීක්ෂණ ඉල්ලන්න ජාතික හෙළ උරුමයට බැරි ද?
ඉතින් දඩුවම් කළානේ. ප‍්‍රභාකරන් ඇතුලු සියලුම දෙනාට කළේ ඒකනේ.

 


හැබැයි ඒ ප‍්‍රහාරවලට අවශ්‍ය ආයුධ ගෙන්නලා දීපු කේ.පී කිසිදු දඩුවමක් නැතිව චෝදනාවක් නැතිව සිටිනවා?
ඔහුට විරුද්ධව යම් චෝදනාවක් තිබෙනවා නම් ඒකට එරෙහිව ක‍්‍රියාකිරීම මේ රටේ සිවිල් සමාජයේ යුතුකම. ජාතික හෙළ උරුමය මේ සියල්ලටම වගකියන්න  ඕන කණ්ඩායම නෙවෙයිනෙ.

 

 

 


එහෙම සිවිල් සමාජය ඉදිරියට ආවොත් ඒකට උදවු කරන්න ජාතික හෙළ උරුමය සූදානම් ද?
 නැතුව. නැතුව. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන්  ඕනෑම කණ්ඩායමකට සහාය දෙන්න අපි කැමැතියි.

 


අගමැතිවරයා එළවීමේ කාගේ හරි කොන්ත‍්‍රාත්තුවක් නෙවෙයිද ජාතික හෙළ උරුමය කරන්නේ?
අපට අනේ අගමැතිතුමා එළවීමේ කිසිම ආසාවක් නෑ. අගමැතිතුමා එක්ක අපට පෞද්ගලික වෛරයක් කිසිසේත්ම නෑ. මේ ආණ්ඩුවට මේ නිසා ඇතිවන අපහසුතාවය බරපතලයි. මානව හිමිකම් කඩනවා කියලා මහා විනාශකාරී චෝදනාවක් ලෝකයෙන් අපට එල්ලවෙලා තිබෙනවා. ඒ බොරු චෝදනාව මේ වගේ සිද්ධි නිසා තවත් වැඩිදියුණු වෙනවනේ.

 


එතකොට ඉදිරි පළාත් සභා ඡන්දයට ප‍්‍රචාරක වාසි ගන්නට මේක හොඳ සටන් පාඨයක් කරගෙන නැද්ද?
නෑ නෑ. එහෙම කිසිම අදහසක් අපට නෑ. වරද වරද සේ අපි දැක්කා. ඒක නිවැරැුදි කරගන්න කිව්වා.

 


මේ ප‍්‍රශ්නය මෙතැනින් නතරකරන්න කියලා ජනාධිපතිවරයා කිව්වොත් නඩු ඉවරයි නේද?
ඔව් ඉතින් ජනාධිපතිවරයාගේ යම් අදහසක් ඉදිරිපත්වුණොත් ඒ සම්බන්ධයෙන් සළකාබලන්න ජාතික හෙළ උරුමය සූදානම්.

 


කෝච්චියක් පීලි පැන්නත් ධුරයෙන් ඇමැතිවරු ඉවත්වෙන ලෝකයේ බරපතළ ප‍්‍රශ්න තිබිලත් මේ මැති ඇමැතිවරු යස අගේට වැඩකරගෙන ඉන්නවා නේ? අස්වෙන්න බලකළත් අස්වෙන්නෙ නෑනේ?
ඒක ඉතින් අපේ රටේ හැමදාමත් තිබිච්ච දේශපාලන ආකල්පය. ඒ ප‍්‍රශ්නය තමයි අපි මේ සාකච්ඡුා කරන්නේ.

 


චීවරධාරියා කියන්නේ නරක වචනයක් කියලද ඔබවහන්සේලා හිතන්නේ?
ඔව්.

 


හැබැයි ධර්මපාල පරපුර නියෝජනය කරන භික්ෂූන් කියනවනේ දැන් ඒක අගෞරවනීය වචනයක් නෙවෙයි කියලා?
කවුද ධර්මපාල පරපුර නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා කියන්නේ?

 


බෞද්ධ පුනර්ජීවන කමිටු වාර්තාව නිකුත් කරන්නට මුල් වූ භික්ෂූන් වහන්සේලා?
එහෙමනම් මම ඉල්ලාසිටිනවා ඒ ඇත්තන්ගෙන් මල්වතු මහානාහිමියන්ගෙ නමටත් අස්ගිරි මහානාහිමියන්ගෙ නමටත් යොදන්න ඔය වචනය කියලා. යොදලා ප‍්‍රසිද්ධ කරන්නකො. එතකොට ඒ ඇත්තන්ගෙ ආකල්පය තේරුම්ගන්න පුළුවන්.

 


මේ කතාව ජාතික හෙළ උරුමය නඩු යන්න හදන නිමිත්ත ඉලක්ක කරගෙන කළා ද?
 ඒක නම් හිතාගන්න බෑ. ඔය වචනය හොඳයි කියනවා නම් ඒක සමාජ ව්‍යවහාරය දන්නේ නැතිකම. සමාජ ව්‍යවහාරයට අනුව නම් ඒක අපහාසාත්මක වචනයක්.

 


ඇතැමුන් කියනවා මීට කලිනුත් මෙහෙම කුඩු ගෙනාවාය එතකොට නම් හෙළ උරුමයට මෙහෙම කැක්කුමක් තිබුණෙ නෑය කියලා?
කවුද මේවට උදව්කරන්නේ කියලා එහෙම කරන්න අපට කවුරුත් උපකාර කළේ නෑ. ප‍්‍රශ්නයකට හරි උත්තරයක් නැතිව කෙනෙකුට කෙලින්ම චෝදනා කරන්න බෑනේ. තමන්ගෙ කාර්යාලය ලිපි ශීර්ෂ පාවිච්චි කරලා ලේකම් කෙනෙක් අනිසි වැඩක් කළ බව දැනගත්තම ඒක ඉවසන්නෙ නැත්නම් වහාම කරන්න  ඕන මොකක්ද? ඉවත්කරන එකනේ. හැබැයි  අගමැතිතුමා තමන්ගෙ ලේකම්වරයාගේ සම්බන්ධය නිහ`ඩතාවයෙන් අනුමත කරල තියෙනවා. ‘‘අධිවාසෙසි තුම්හිභාවෙන’’ කියන්නෙ ඒකට.

 

 

 


සන්ධානේ ඇතුලෙ හිටියට හෙළ උරුමයේ තටු කපලා නේද තියෙන්නේ?
එහෙම කපන්න තටු තිබුණෙ නෑනෙ අපට.

 


එතකොට හෙළ උරුමයට තිබුණු බලවත් ඇමැති තනතුර විදුලි බල විෂය අහිමිකිරීම දකින්නේ කොහොමද?
ඒක ඉතින් අවස්ථානුකූලව ජනාධිපතිවරයා විසින් ගන්න තීන්දු. පුද්ගලික අපේක්ෂා නැත්තන් කෑදරකම නැත්තන් ක‍්‍රැකර් විස්කෝත්තක් ලැබුණත් බත් පැකට් එකක් ලැබුණත් මට එකයි. කිසි දවසක අපි ඉල්ලා ලබාගත්තෙ නෑ.

 


ආණ්ඩුව ඇතුළේ විපක්ෂය වෙන්න ගිහිල්ලා නේද මේක වුණේ?
විපක්ෂයෙන්වත් අදින්නෙ නැති කතා අපි අදිනවා. දැන් බලන්න විපක්ෂයෙන් තියා ආණ්ඩුවෙන්වත් අදින්නෙ නෑනෙ මංගල සමරවීර කරපු කතාව. මොනතරම් බරපතළ ද? ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම එකතුවෙලා මංගල සමරවීරගෙන් අහන්න එපායැ.

 


මංගල සමරවීර මන්ත‍්‍රීවරයා විතරක් නෙවෙයි. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාත් කියනවනේ?
අන්න හරි. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාගෙනුත් අහන්න  ඕන. කතරගම දෙවියන්ට වගේ ඔලු හයකුයි අත් දොළහකුයි තිබුණා නම් මේ ඔක්කොම කරන්න. ‘‘අච්චයං අච්චයොතො දිස්වා’’ කියලා අනෙක් සංවිධානත් අපෙන් ආදර්ශ අරන් වැඩකරනවා නම් මොනතරම් සෞභාග්‍යක් ද?

 


ආණ්ඩුව හදන්න මුල්වුණු පක්ෂයක් හැටියට අද ආණ්ඩුවේ පිළිවෙත කොහොමද දකින්නේ? ඇතැමුන් කියන්නේ කුණු වෙලා කියලයි?
පෘථග්ජන මිනිසුන් වශයෙන් කෙළෙස්භරිත මිනිසුන් වශයෙන් රහත්භාවයට පැමිණෙන තෙක් වැරැුදි තිබෙනවා. අපි කරන්න  ඕන සීලයට අනුව වැරැුදි හදාගෙන ඉදිරියට යෑම. ආණ්ඩුවේ යම් යම් අඩුපාඩුකම් තිබුණත් අඩුපාඩු හදාගෙන ඒක ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුය කියලා අපි කවුරුත් පිළිගන්න  ඕන. මේ ආණ්ඩුව හැර වෙනත් විකල්පයක් නෑ.

 


හැබැයි හාමුදුරුවනේ අල්ලස් කොමිසමේ සභාපතිවරයාට මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන්ටත් එරෙහිව පැමිණිලි එල්ලවෙන රටක සීලයෙන්ම පමණක් ප‍්‍රශ්න විස\ගතහැකිද? නීතිය ක‍්‍රියාත්මක වන ආයතන පිළිබඳ ප‍්‍රශ්න මතුවී තිබෙනවා?
නීතිය හරියට ක‍්‍රියාත්මක වෙන්නෙ නැතිනම් අපි හරියට නීතිගරුක වෙමින් ඒ නීතිය ක‍්‍රියාත්මක කරගන්න වැඩකරන්න  ඕන.

 


මර්වින් සිල්වා ඇමැතිගේ ක‍්‍රියාකලාපය ගැන දැඩි තීරණ ගන්න කියලා ඔබවහන්සේගේ පක්ෂය කිව්වට දැන් ආයෙත් කැලණියේ සංවිධායක ඔහුයි. මොකද හිතෙන්නේ?
ඒක ජාතික හෙළ උරුමයේ සංවිධායක පදවිය නෙවෙයි. එතකොට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකිවයුත්තන් එහෙම වැඩකරනවා නම් ඒක අය විසඳාගත යුතුයි.

 


සලාකා සූදු පොළ වැටලීමට ගොස් රට වටේට මාරු කරපු නිලධාරින්ටවත් සාධාරණයක් ඉටුකරලා දෙන්න බැරිවුණා නේ?
නීතිය තියෙන්නෙ අපේ අතේ නෙවෙයි. අපට කරන්න පුළුවන් වරද පෙන්වාදීම. අදාළ අංශ නීතිමය කටයුතු කරන්න මැදිහත්වෙන්න  ඕන.

 


අගමැතිවරයා ඒ වෙලාවෙත් කිව්වනේ ගත්ත තීරණේ වෙනස් වෙන්නෙ නෑ කියලා?
අගමැතිතුමා කැසිනෝ සම්බන්ධයෙනුත් ඒ වගේ උත්තරයක් දීල තිබුණනේ. මහා නාහිමිවරුන්ට චෝදනා කරල තිබුණා. මොළේ නැති අය කියන දේ අපි ගණන් ගන්නෙ නෑ යැයි කියලා තිබුණා. අපි අගමැතිවරයාට එරෙහි නීතිමය පියවරක් ගන්නේ මේ සියලුම දේට දෙන පිළිතුරක් හැටියටයි.

 


ඒ කියන්නේ මුල ඉඳලම අගමැතිවරයාත් එක්ක හෙළ උරුමයට තරහක් තිබුණා නේද?
ඒක වැරැුදි අදහසක්. මෝහමූලික අදහසක්. ඒවට කියන්නෙ මෝහමූලික අදහස් කියලා.

 


ලංකාව කුඩු තිප්පොලක් විදියට ජාත්‍යන්තර පොලිසිය මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ස්ත‍්‍රී දුෂණ, ළමා අපචාර හැමතැනම. ධර්ම රාජ්‍යට යන පාර වැහිලා නේද හාමුදුරුවනේ?
ඔව්. ධර්ම රාජ්‍යයක් සඳහා වූ මාර්ගයට බරපතල අවහිරතා තිබෙනවා. එන්න එන්නම එවැනි අවහිරතා පේනවා.තමන්ටත් රටටත් සමාජයටත් යහපතක් වෙන දෙයක් තිබේනම් ඒ දේ හරිම අමාරුයි කියන එකනේ බුද්ධ වචනය. වීරියවන්තයා කළයුත්තේ ඒ අමාරුකම දැකලා ආත්මශක්තියෙන් ඉදිරියට යෑමයි. ‘‘වාය මේතෙව පුරිසෝ’’

 


ධර්ම රාජ්‍ය වෙනුවෙන් මුලදී හිටියේ හෙළ උරුමය විතරයි. හැබැයි දැන් තවත් කණ්ඩායම් සේනා ගොඩක් ඉන්නව නේද?
 ඕනෑම සංවිධානයක් කියනවා නම් තමන් කටයුතු කරන්නේ ධර්මය වෙනුවෙන් කියලා එය උදාරයි.

 


ධර්ම රාජ්‍යට යන්න තර`ගකාරිත්වයක් නෑ?
ඉතින් ධර්ම රාජ්‍යට යන්න තර`ගකාරිත්වයක් තියෙනවා නම් හොඳයිනේ. තරෙ`ගන් හරි යන්නෙ ධර්ම රාජ්‍යටනේ. කණ්ඩායම් දෙක තුනක් තියෙනවනම් එක කණ්ඩායමකට අනෙක් අයට වඩා වේගයෙන් යන්න පුළුවන් නම් ඒක හොඳයිනෙ.

 

 



අදහස් (0)

ධර්ම රාජ්‍යයට යන පාරේ බරපතළ අවහිරතා තිබෙනවා

සමන්ති Friday, 24 January 2014 05:47 AM

බුදුදහම යහපැවැතුම් දේශපාලනය මුල්කරගත් දහමක් .ආර්ථික පාලනය ගැනත් කියවෙනවා .ලංකාවේ දේශපාලනය කියන්නේ වෙනලෝකේ කොහෙවත් නොකරන ද්වේශ පාලනයක් .(අ)

:       0       0

පියාසර Sunday, 26 January 2014 09:51 AM

ලංකාවේ ධිවර අමාත්‍යාංශයක් තියෙනවානම් කොහොමද ධර්ම රාජ්‍යයක් හදන්නේ (දී)

:       0       0

පුබුදු Sunday, 26 January 2014 09:51 AM

ප්‍රශ්නවලට ඇදේට උත්තර දෙන්නේ; ලිස්සල යනවා (දී)

:       0       0

කමල් Thursday, 23 January 2014 06:12 PM

හෙළ උරුමයේ චෝදනා නිසා අගමැතිට හුගක් කේන්ති ගිහින් තියෙන්නේ (අ)

:       0       0

අමිල Sunday, 26 January 2014 10:55 AM

ස්වාමින් වහන්සේලා දේශපාලනය කිරීම වැරදියි. එතුමන්ලා ආගමික නායකයෝ විදියට ඊට වඩා වැදගත් යමක් ධර්මයෙන් කරන්න ඕනා. ආගම් අතර අවබෝධය ඇති කරලා එක හැගීමෙන් යමක් කිරීම වැදගත්. දැන් බලන්න මේ අය දේශපාලනේට ආවා කියලා රටේ අපරාධ අඩු උනාද? මිනිස්සු ධාර්මික උනාද?  දුෂනය,භිෂණය අඩු වෙලාද? මුකුත්ම වෙනසක් නැනේ. එහෙනම් ඔය කරන දේශපාලනය නිසා තමන්ගේ ගරුත්වයම නැති වෙනවා නෙමේද? කොහොමද මෙහෙම ධර්මය අංක 01 ට අරන් එන්නේ.(නදී)

:       0       0

සාරංග Friday, 24 January 2014 09:52 AM

මිනිස්සුන්ව හොඳ මගට ගන්න ක්‍රමයක් බලන්න.(නදී)

:       0       0

දුමින්ද Friday, 24 January 2014 10:53 AM

දේශපාලනය උපාදානය කරගත්තෝ ......මාර අනසක සිටින සේනාධි නායකයෝ...සබ්බේ සත්තා බවන්තු සුකිතත්තා...!(නදී)

:       0       0

අජිත් Thursday, 23 January 2014 07:40 PM

සාදු....සාදු....සාදු....(අ)

:       0       0

සඳුනි Thursday, 23 January 2014 09:19 PM

බික්ෂූන් වහන්සේලා දෙශපාලනයේ යෙදීම මම පිලි නොගනිමි.නමුත් ඔබවහන්සේගේ මෙම අදහස් මම ගෞරවයෙන් අනුමත කරමි.(අ)

:       0       0

ශිරෝමි Sunday, 26 January 2014 06:28 PM

ඔබ වහන්සේගේ කතාව මම අනුමත කරනවා (දී)

:       0       0

සාරංග Sunday, 26 January 2014 06:28 PM

දේශපාලනය පැවිදි උතුමන්ට කැපද (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 25 January 2014 04:35 PM

''ධර්මය රකින්නා ධර්මය විසින් රකී'' (අ)

:       0       0

ලාල් ධර්මතිලක Sunday, 26 January 2014 06:49 PM

අමිලගේ කතාව මම අනුමත කරනවා හාමුදුරුවරු අද පන්සලේ නොසිට පිකටිං උද්ගෝෂණ වලට ගිහින් ගිහියන්ගෙන් ගුටිකන තැනට පත්වීම තුලින් බුදු චීවරයට වන හානියට වගකිව යුත්තේ අපේ ගරුතර සඟ රත්නයම බව ඔබ වහන්සේලා ධාරණය කරගත මැනවි (දී)

:       0       0

ජානි Monday, 03 February 2014 04:05 PM

රට ගෙනියන්න හොඳ මිනිස්සු නැත්නම් ස්වාමින්වහන්සේලාවත් ආවට කමක් නැහැ. (නදී)

:       0       0

කුමාරි Saturday, 25 January 2014 07:06 PM

ඇත්ත තිත්තයි හාමුදුරුවනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5124 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site