සුදු පැහැති මල් පෙති මධ්‍යයේ දම්පාට ඉරක් සහිතව පුනීලයක් හැඩැතිව පොකුරු වශයෙන් පිපෙන මල් හටගන්නා ගොඩ මහනෙල් නම් අලංකාර පුෂ්පය නැගෙනහිර පළාත සඳහා යෝජිත පළාත් පුෂ්පයයි.
ගොඩ මානෙල් හා තොලබෝ යනුවෙන් සිංහල බසින් හඳුන්වන මෙම පුෂ්පය දෙමළ භාෂාවෙන් විචා මුන්කිල් නමින් හඳුන්වයි. චක්රන්ගි, චක්රපෝආ සහ මඩු පර්නිකා යනුවෙන් සංස්කෘතෙන් හැ`දින්වේ.
සෑම වසරකම ජනවාරි සිට ජුනි දක්වා වූ කාලයේ මල් හටගන්නා මෙම ශාකය ලූනු පවුලට අයත්වේ. බල්බයක් හෙවත් භූගත කඳකින් පැල හටගන්නා ගොඩ මානෙල් ශාකය ශී‍්‍ර ලංකාවේ අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, අම්පාර හා තිස්සමහාරාමය වැනි වියළි කාලගුණයක් සහිත ප‍්‍රදේශවල සරුවට වැවේ. ඉන්දියාව, බුරුමය හා අපි‍්‍රකාව වැනි රටවලද බහුලව හමුවන ගොඩ මහනෙල් ශාකය විසිතුරු පැලයක් ලෙස වගා කැරේ.
පත‍්‍රවල උඩුපැත්ත දීප්තිමත් කොළ පැහැතිය. යටි පැත්ත අඳුරු කොළ පැහැයකින් යුක්ත වන අතර දිගින් සෙන්ටිමීටර 80 ක් පමණ වූ සිහින් පත‍්‍ර හටගනී.
ආයුර්වේද ඖෂධයකි. කනේ ආබාධයනට ප‍්‍රතිකාර කිරීමටද යොදා ගැනේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතකයි පොඩි දරුවෝ මේවගේ අල සෙල්ලම් කරන්න ගන්නවා ලූණු කියලා (ස)
මානෙල් වලට පොඩ්ඩක් ළඟින් යනවා.(ම)