IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නත්තලේ ඉතිහාසය

නත්තල ලොව ඒකාලෝක කරන විශ්වීය මංගල්‍යයකි. නත්තල යන පෘතුගීසි වදනේ අරුත ‘‘උපත’’ යන්නයි. (Natal)  ලෝක මැවුම්කරු වූ පිය දෙවිදුන්ගේ ඒකජාත පුතණුවා දෙවි බව මදකට ඉවතලා, මිනිස් කන්‍යාවකගෙන් මාංශගතවීමට අපි නත්තල කියමු. ජේසු උපත උදුවප් මහේ 25 දින සිදු කළත්. ජේසු උපත කවර දිනක සිදුවී දැයි අපි නොදනිමු. දිනය තබා, වසර හෝ නිවැරදි ලෙස සොයාගෙන නැත. ජේසු කුරුසපත් වූ මහ සිකුරාදා දිනය නිවැරදිව සොයාගෙන තිබීම හේතුවෙන්, ජේසු උපතේ වර්ෂය අනුමාන ලෙස ගණන් බලා තිබේ. ජේසු මැරුණු මහ සිකුරාදා දින මහ දවාලේ සිදුවුණු සූර්යග‍්‍රහණය හේතුවෙන් පළමු මහ සිකුරාදා ක‍්‍රි.ව. 30 අපේ‍්‍රල් මස 07 දිනක විය යුතුයැයි ගණනය කර ඇත. ජේසුගේ මෙලොව ආයු කාලය වසර 33ක් නම්, උන්වහන්සේ කි.පු. 03 හෝ 04 මාංශගත වූ බව සිතිය හැක.
ජේසු උපත වූ නත්තල උළෙලක් ලෙස ළදරු සභාවේ කිතුනු සංඝය පැවැත්වූ බවට සාධක නැත. ඊට හේතු දෙකක් විය. උපත් සැමරීම උත්සවාකාරයෙන් පැවැත්වීම රෝම නීතිය අනුව තහනම් විය. උත්සවශ්‍රීයෙන් පැවත්වු එකම සාදය සේසරුගේ උ’දිනය පමණි. දෙවෙනි හේතුව වුයේ මුල් කිතුනු සංඝය ජේසුගේ මහිමාන්විත දෙවැනි ගමන කොයි මොහොතක හෝ සිදුවේයැයි අපේක්‍ෂාවෙන් ජීවත්වූහ. වඩින්නට සිටින තැනකන්වහන්සේගේ උපත සැමරීමක් ඔවුන්ට ඒ හේතුවෙන් අනවශ්‍යවිය. එසේනම් නත්තල උළෙලක්සේ උත්සවාකාරයෙන් එළඹියේ කවදාද? ක‍්‍රි.ව. 330 දශකයේ එය ආරම්භ වුවායැයි සටහන්වී ඇත. එයට පසුබිම මෙසේය. මේ කාල වකවානුවේදී හිරුට නමස්කාර කිරීමේ උළෙලක් විය. එය සැතනේලියා (Saturínalial) නම්විය. නව දහම් ඇදහූ රෝමානුවෝද මේ අදේවවාදී උළෙල සැමරුවෝය. මෙය නොරිස්සු පාප්තුමා, කිතුනු සංගය අදේවවාද හිරු උළෙල වෙනුවට ධර්මිෂ්ඨකමේ හිරු  (Sun of Justice)  වූ ජේසුගේ උපත සිහිපත් කිරීමේ නව උළෙලක්(Solstice) හිරු උළෙල වෙනුවට ආදේශ කළ සේක. එහෙත් ජේසු උපත සිදු වූ යුගය ඉතිහාසඥයින් විසින් පහත සඳහන් අන්දමට ගණනය කර ඇත.

ලෝකය මැවීමෙන් පසු පැමිණි 5199 වසරේදී ලෙසද, බයිබලයේ සඳහන් ජලගැල්මෙන් හමාරවී වසර 2957 කට පසුවද ආබ‍්‍රහම් උපතින් වසර 2015 කට පසුද, ඊශ‍්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටත්වී වසර 1510 ක් ගත වූ යුගයේද දාවිර රජුගේ අභිෂේකයට වසර 1032 කට පසුද, දානියෙල් දිවැසියාගේ ග‍්‍රන්ථයේ සඳහන් 65 වෙනි සති වර්ෂයේ (Week of Years)  ද ඔලිම්පික් උළෙල 194 වෙනි (Olympiad)  වරට පැවති සමයේද. රෝමය ගොඩනගා වසර 732 ක් ගත වූ සමයේ සහ ඔක්තේවියන් අගුස්තීනු (Octavian Augnstus)  අධිරාජ්‍යයාගේ 42  වෙනි රාජ්‍ය වසරේ මුළු ලොවම සාමයෙන් සිටි යුගයක සාමයේ කුමරුවූ ජේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ මෙලොවට වැඩිය සේක. මේ සමය ලෝක ඉතිහාසයේ 6 වෙනි යුගය (6th Era of World Histoy) ලෙස සඳහන් වේ.

මේ අතර නත්තල දියෝකලීසියානු රෝම අධිරාජයාගේ යුගයේ සිට පැවතෙන්නක් බව සභා ඉතිහාසය සෙවීමේදී පෙනේ. එහි පසුබිම මෙසේ ඉතිහාසගත වී ඇත. නත්තල හෙවත් ජේසු උපත අනුස්මරණය කිරීම සඳහා සුළු ආසියාවේ නිකෝමීදියා (Nicomedia) නුවර කිතුනු සංඝය රැුස් වී ඇත. මෙය දියෝකලීසියානුට සැලවූ විගස, දහස් ගණනක් කිතුනුන් රැස් වූ ශාලාව දොරගුල්ලා වසා එය අවට ගිනි ගොඩවල් ගැසීමට අණ දුණි. දොරවල් අසලවූ මුරකරුවෝ ඇතුළේ සිටි සැදැහැවතුන්ට මෙසේ කීවෝය. ”ජුපීටර් දෙවියාට ගරුසරු දැක්වීමට කැමති අයට, පිටතට පැමිණ, සුවඳ දුම් පුදන්න’’ අඩ හෝරාවකට පසු ගොඩනැගිල්ල වටා ගින්දර ලෑවේය. කිසිවෙක් පිටතට නොආහ. ජේසු උපත වෙනුවෙන් සිය ජීවිත කැපකල සමහරුන් අද නත්තල දඩමීමා කරගෙන ජේසුගේ උපතට නොකරන නිගාවක් නැත.
ජේසු උපත බෙත්ලෙහෙමේ සිදුවෙද්දී, පලස්තීන රාජ්‍යයයේ ආණ්ඩුකාරයාවූයේ රෝමානු අධිරාජයා වූ ඔගස්තස් සේසරුය. ලංකාවේ ඔහුගේ සමකාලීනයා වූයේ භාන්කාභය (භාතිය) රජුය. අධිරාජයා විසින් සංඝණනයක් ගැනීමට කරන ලද අනක් හේතුවෙන් ශුද්ධ වූ පවුල බෙත්ලෙහෙමට ගියේ එය ජුසේ තුමාගේ උපන්ගම නිසයි. මේ වකවානුව ක‍්‍රි.පූ. 4 බව ඉතිහාසය කියයි. ජේසු උපත ලොවට කියාපෑමට අහසේ දිස් වූ අමුතු තාරකාව, වසර 794 කට වරක් පමණක් පායන තරුවක් බව ජ්‍යොතිශයේ දැක්වේ. එයද ඓතිහාසික කරුණකි. මේ තරුව ක‍්‍රි.පු. 3 වැනි වසරේ දිස් වූ බව කියැවේ. එම සිදුවීම ශු.බයිබලයේ ගණන් පුස්තකයේ 24 වැනි පරිච්ඡේදයේ 17 වැනි වගන්තියේ දැක්වෙන්නේ පෙර ප‍්‍රකාශයක් (Praphecy) ලෙසටයි.

ළදරු සභාවේ කිතුනු ප‍්‍රජාව නත්තල නොපැවැත්වූයේ ජේසුගේ දෙවැනි ගමන අපේක්ෂාවෙන් සිටි නිසා බව සිතිය හැක. එසේ නම් දැන් සහශ‍්‍ර දෙකක් අවසන් වී ඇති මේ කාලවකාවානුවේ නුතනයේ අපි උන්වහන්සේගේ මහිමාන්විත නැවත පැමිණීම කොතරම් ආයාසයකින් අපේක්‍ෂා කළ යුතුද? නත්තල මේ යුගයේ එම ජයග‍්‍රාහි ආගමනයේ පෙරහුරුවක් ලෙස අප පැවැත්විය යුතුයි. නත්තලේ අභිරහස්මය පැත්ත ගැන ලියන ජුවාම් සුවිශේෂතවරයා උපතේ අරුත මෙලෙස ප‍්‍රකාශ කරයි. වචනය තෙම මාංශගත වුනේය. අප සමග වාසය කළ සේක. දේව වරප‍්‍රසාදයෙන්ද, සත්‍යයෙන්ද පුර්ණ වූ උන්වහන්සේගේ තේජශ්‍රීය, එනම් පියාණන්වහන්සේගේ එකම පුතණුවන්ගේ මහිමය අපි දුටුවෙමු’’ (1/14) නත්තල හරහා අපි දැකිය යුත්තේ, ලොව සෙසු කිතුනු නොවන ජනතාවට පෙන්විය යුත්තේ එම තේජශ‍්‍රිය හා මහිමතාවයයි.
ළඟ ළඟ එන ජීවමාන ක‍්‍රිස්තුස් වහන්සේගේ මහිමාන්විත තේජශ‍්‍රිය දකින්නට අපට සූදානම් කරන ශුද්ධවත් නත්තලකට අපි සැරසෙමු.

ඔබට ශුද්ධවත් නත්තලක්.

මොරටුවේ ලෙනාද් රංජිත් මහආරච්චි

 



අදහස් (0)

නත්තලේ ඉතිහාසය

මේරි Tuesday, 25 December 2012 12:19 AM

සුභ නත්තලක් වේවා! (නි)

:       0       0

අශෝක් Tuesday, 25 December 2012 12:26 AM

මුලු ලෝ වාසි සැමට සිරි සුභ නත්තලක් වේවා! (නි)

:       1       1

රොජර් රාජලිංගම් Saturday, 29 December 2012 12:10 AM

ඔබගේ ලිවීමේ හැකියාවට මම කැමතියි... ඒක විශිෂ්ඨ ගවේශණයක්. මම ක්‍රිස්තියානි නෙවෙන කෙනෙක්මි.. මට දැණුනා ජේසුතුමාගේ බලය සුභ නත්තලක් ඔබ සැමට..!(නු)

:       0       0

eranga Wednesday, 26 December 2012 01:36 AM

ලෝක වාසී සියලු කතෝලික ජනතාවට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !! ජේසු පිහිටයි (ස)

:       0       0

වියන් සුරංග Tuesday, 25 December 2012 03:54 PM

සියළුම දෙනාට සුභම සුභ නත්තලක් වේවා..!(නු)

:       0       0

නව්ශාඩ් Sunday, 23 December 2012 07:13 PM

ලොව පුරාවට වෙසෙන කිතුනු ප්‍රජාවට මගේ උණුසුම් නත්තල් සුබ පැතුම් , ඔබ සැමට සුබ නත්තලක් වේවා (ස)

:       0       0

නදීක Monday, 24 December 2012 01:27 PM

ලෝක වාසී සියලු කතෝලික ජනතාවට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !! ජේසු පිහිටයි (ස)

:       0       0

කමල් Monday, 24 December 2012 01:39 PM

ඇත්තටම වටිනා කතාවක් (දී)

:       0       0

මුතු Sunday, 30 December 2012 01:50 PM

වටිනා ලිපියක් (දී)

:       0       0

හිල්මි Saturday, 29 December 2012 05:36 PM

දේව බලයකින් යේසුස් වහන්සේ ඉපදුණා යැයි ඔබ විශ්වාස කරන්නේද? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 28 December 2012 08:05 PM

ලස්සන කතාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 172 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 642 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 168 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 157 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 358 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 681 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site