" විශේෂයෙන්ම විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත යන මගීන්ටත්, එතෙර සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ජනතාවටත් මේ අධිවේගී මාර්ගය ඔස්සේ විශාල පහසුවක් සැලසෙනු ඇතැයි රජයේ අදහසය "
|
|
රළ නඟන කළපු දිය නෙතට හසුවන එක් මනරම් දසුනකි. තවත් තැනක මලින් පිරි මල් ගොමුය. මෙවැනි සොඳුරු දසුන් පසුබිමට දිවයන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මේ සටහන ලියැවෙන මොහොතේ ජනතා අයිතියට පත්වී නැතත් ඔක්තෝබරය ගෙවී අවසන් වෙන්නට පෙරාතුව එය ශ්‍රී ලාංකීය ජනතාවගේ තවත් උරුමයක් බවට පත්වන බව නම් නිසැකවම කිව හැක්කකි.
පෑලියගොඩ කැලණි පාලම අසලින් ආරම්භව කටුනායක තෙක් දිවෙන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ අවසානය තෙක් අප ගිය ගමනේ අරමුණ වූයේ ලාංකීය අධිවේගී මාර්ග අතරට එක්වන නව අධිවේගී මාර්ගය ගැන තොරතුරු අවධාරණය කර තැබීමය.
අධිවේගී මාර්ග ඉදිකිරීමේදී ඒ අවට පදිංචි ජනතාවට තම පාරම්පරික නිවෙස්, ඉඩකඩම්, දේපළ අහිමි වූ ඒ ජනතාවට ඇතිවන සමාජීය, මානසික ගැටලූ සහ පාරිසරික ගැටලූ සම්බන්ධව අප ඉකුත් ජුනි මාසයේදී ලිපි පෙළක් ඔස්සේ ගැඹුරින් සාකච්ඡුා කළ හෙයින් ඒ කිසිවක් පිළිබඳව අපි මෙහිදී කතා නොකරමු.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ එම්.පී.කේ.එල්. ගුණරත්න මහතා අප හමුවූයේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පිළිබඳව අප ලියා තබන සටහනට අවැසි තොරතුරු ලබාගැනීමේ අරමුණෙනි.
කිලෝ මීටර් 26 ක දුරකින් යුත් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තවත් අතකින් අපේ රටට පා තබන සංචාරකයන් පිළිගන්නට බලා හිඳින බුමුුතුරුණක් වැන්න. කටුනායක ගුවන් තොටුපොළින් කොළඹ නගරය වෙත පැමිණෙන සංචාරකයන් පළමුව පැමිණෙන මාර්ගය මෙයයි. සුවපහසු ගමනකට සලසන ඉඩහසර මෙන්ම මග දෙපස ඇති සුන්දරත්වය ද එම සංචාරකයන් වෙත ශ්‍රී ලංකාවේ සෞන්දර්යය පිළිබඳව පහන් හැඟීමක් ඇති කරන්නට හේතුවනු නිරනුමාන බව එහි ගමන් කරද්දී අපට ඇතිවූ හැඟීමයි.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වැදගත්ම කරුණු කිහිපයක් ඇසුරින් අපට අවධාරණය කළ හැකිය.
ප‍්‍රධාන වාණිජ නගරය ලෙස සැලකෙන්නේ කොළඹයි. කොළඹට ආසන්නම නගරයක් වන, එමෙන්ම රටේ ප‍්‍රධාන ගුවන් තොටුපොළ පිහිටි නගරය වන කටුනායක නගරයට ඉතාමත් කෙටි කාලයකදී යා හැකි පහසුතම කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඉදිවීම ඔස්සේ ලැබේ. විශේෂයෙන්ම විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත යන මගීන්ටත්, විදෙස් සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ජනතාවටත් මේ අධිවේගී මාර්ගය ඔස්සේ විශාල පහසුවක් සැලසෙනු ඇතැයි රජයේ අදහසය.
පෑලියගොඩ කැලණි පාලම අසලින් අරඹන කටුනායක ගමනාන්තයෙන් කෙළවර කරන්නට ගතවන කාලය විනාඩි විස්සකි. විවේකාගාර, අවන්හල් වැනි දේ මේ අධිවේගී මාර්ගය පසුබිම්ව ඉදි නොවුණේ විනාඩි විස්සක පමණ වේලාවකින් කිලෝමීටර් 26 ක මෙම දුර ගෙවා නිමකළ හැකි හෙයිනි.
කැලණි පාලමෙන් ආරම්භ වන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේදී හුවමාරු මංසන්ධි 4 ක් හමුවේ. නව අධිවේගී මාර්ගයේ ගමන් ගාස්තු මෙතෙක් තීරණය කර නැත. එම ගාස්තු වාහනයෙන් වාහනයට වෙනස් වේ.
පා පැදි, ට‍්‍රැක්ටර්, ත‍්‍රිරෝද රථ, මෝටර් බයිසිකල්, ගර්හිත එන්ජින් හා දුමාරය වැඩි වාහනවලට අධිවේගී මාර්ගයේ දොරටු වැසෙන අතර තිරිංග හා සුක්කානම් පද්ධතිය හොඳ තත්ත්වයේ පැවතීම, සංඥා හා ලාම්පු හොඳින් ක‍්‍රියා කිරීම, ආසන පටි, පැත් කණ්ණාඩි නියමිත ආකාරයට තිබීම, වේග මීටර් ඇතුළු අදාළ මීටර් සියල්ලක්ම ක‍්‍රියාත්මක වීම, ටයර්වල වායුපීඩනය නියමිත ප‍්‍රමාණයට පැවතීම යන සුදුසුකම් වලින් එහි ධාවනයට සුදුසුකම් ලබන වාහන පරිපූර්ණ විය යුතුය.
ඒ අධිවේගී මාර්ග හා බැඳුණු ප‍්‍රමිති වන අතර විශේෂයෙන්ම මාර්ග අනතුරු වළක්වා ගැනීම පිණිස එකී නිර්නායකයන් වැදගත් වෙයි.
මිනිසුන්ගේ ධාවන කාලය ඉතිරිවීම, ඒ ඉතිරිවන කාලය ඔස්සේ රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියට ජනතාවට වැඩි ශ‍්‍රම දායකත්වයක් ලබාදීමට හැකිවීම, ඉන්ධන ඉතිරිය, අධිවේගී මාර්ග ඉදිකිරීම ඔස්සේ රටකට හිමිවන වාසි සහගත ප‍්‍රතිඵල ලෙස සඳහන් කළ හැකිය.
|
|
මහා මාර්ගයේදී හමුවන සොඳුරු දසුන් |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැම දෙයක්ම රටට ආදරය කරන නායකයාගෙන් පමණි ලබාගන්න පුළුවන් වන්නේ (නි)
මහින්ද රාජපක්ෂ නැමැති නාමය ඉතිහාස ගතවෙලා අවසානයි.කිරි සප්පයා පවා එතුමාට ආදරෙයි. අපේ මේ කේසර සිංහයා සදාකල් අපි රැකගනිමු. (නි)
සැමදා ඔබයි අපගේ ජනපති.ඔබට ජය! ඔබ ජනතාවගේ හදවතේ ජිවත් වෙනවා.මෙවන් නිර්මාණ රටට දායාද කිරීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)
හයිවේ එකේ මේ තියෙන වංගු පැයට කිලෝ මීටර් 50 ක වේගෙන් හරවන එකත් අනතුරු දායක බවකුයි මට නම් පෙනෙන්නේ .. ඉතාම ළඟ වැඩියි .. වැස්ස දවස් වලට කොහොම වෙයිද දන්නේ නෑ..(අ)
ජනාධිපතිතුමා ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත්වල යටපත් වෙලා තිබුණු අභිමානය අවදිකලා.ඒත් ඇයි මේ පවතින පාදඬ දේශපාලන ක්‍රමය වෙනස් නොකරන්නේ? (අ)
සුභ පැතුම්! (නි)
පැයට කිලෝමීටර් 50 වේගයෙන් ගියත් බොහොම සුළු වෙලාවකින් කටුනායකට ළඟාවෙන්න පුළුවන්. ඉතින් කලබල නොවී සාමාන්‍ය වේගයකින් ගොස් ගමනාන්තයට ළං වෙන්න බලමු. (නි)
දුප්පත් අපි යන පාරවල් වල වළවල් ටිකවත් ගොඩ කෙරුනොත් මඳ වේගයෙන්වත් යන්න පුළුවන්. (නි)
සතුටු වෙන්නේ කොපමණ වූ සංඛ්‍යාවක්ද? (නි)
කාටත් අමතක වුණ මාර්ගයක් කෝට්ටේ අග නගරයේ බැද්දගාන ප්‍රදේශයේ ඇත. ඒ මැලිබන් ආරාම මාවත පාරයි.තවමත් කාර්පට් අතුරා නැති වලවල් වලින් පිරුණු අගනුවර ඇති එකම පාර මේ පාරයි.මෙහෙම පාරක් අගනගරයේ තිබෙන බව කියන එකත් පුදුමයක් තරමට අනෙකුත් පාරවල් තත්ත්වයෙන් ඉහළය.වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා! (නි)
මමත් ලගදීම ලංකාවට එනවා වොෂින්ටන් වල ඉදලා. මම චුටි පුතාට කිව්වේ පරණ බි එම ඩබලිව් එකෙන් එන්න එපා ලගදී ගත්ත ප්‍රාඩෝ එකෙන් එන්න කියලා. හොදයි නේද ..නැත්නම් පාරේ යන අනිත් අයට කරදර වෙන නිසා (නදී)
සාමාන්‍ය වේගයෙන් ගියත් අධි වේගයක් නොමැතිව ඉක්මනට මේකෙන් යන්න පුළුවන් . මොකද එක පැත්තකට පමණක් වාහන යන්නේ . මොනදේ කලත් අඩුවක් දකින කොටසක් ඉන්නේ . නිකන් ලෙබෙන අස්වයාගේ කටේ දත් බලනවා වාගේ (දිල්)
කෝලිත අර සෙල්ලම් බඩු සාප්පුවෙන් ගත්ත ප්‍රාඩෝ එක ගෙන නේද ඔය කිව්වේ . ඔයා එනකොට පුතා එක සාකුවේ දාගෙන . රෙන්ට් ( කුලී රියකින් එනවා කිව්වා . ගිය මාසේ කොලිතගේ පුතාගේ ස්කොලේ ගාස්තු ගෙවලත් නැහැ . සල්ලි නැතුව .(දිල්)
අපේ ජනාදිපති තුමා අවුරුදු 20ක් වත් අපේ රට පාලනය කරොත් . රටේ සංවර්ධනය දියුණුව සිංගප්පුරුව ඉක්මවා යන්නට පුළුවන් . ඔබ තුමාට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය ලැබේවා .(දිල්)
අතිශයින්ම සාඩම්බරයි (අ)
දීර්ඝායුෂ පතමි මහ රජාණෙනි! (නි)
ප්‍රතිචාර ලියපු සියල්ලම ජනාධිපතිගේ ගුණ ගයන කරන සෙයක් පෙනී යනවා... මෙය තැනුවේ රට උකස් තිය ගත අපේම් මුදල් වලින්(දිල්)
දීර්ඝ කාලයක සිට පැවති අවශ්‍යතාවයකි. රටේ ප්‍රධාන නගරයේ සිට ප්‍රධාන ගුවන් තොටුපලට ඉක්මණින් ළඟාවීමට මේ අධිවේගී මාර්ගය සෑදීමට යෝජනා කළ සහ එයට මුදල් යෙදූ සැමටත් දහසකුත් එකක් දුක්කරදර විඳිමින් එය තැනූ සැමටත් මගේ ගෞරවය සහ ප්‍රශංසාව පිරිනැමේ. (නි)
නවසිය හැත්තෑවේ සිරිමාවෝ මැතිනියගේ රජයෙන් පැලියගොඩ කොන්ක්‍රීට් එකක් ගහලා ඕක ආරම්භ කලා නමුත් අවරුදු හතළිහක් කිසිම නායකයෙකුට බැරිඋනා මේ වැඩේ කරන්න .රාජපක්ෂ ජනාධිපති තුමාගේ රජය ඒක කලා අපිට සතුටුයි .කොළබ හෝටල්වල වැඩ කරන අය තමයි වැඩියම සතුටු වෙන්නේ. එන ගෙස්ට්ලා සතුටෙන් හෝටලේට ඇතුල් වෙන නිසා.(නදී)
ජනපති,ඔබට අපගේ උත්තමාචාරය!ඔබට දීර්ඝ ආයුෂ පතන්නෙමි. විජිත (ඕස්ට්‍රේලියාව).(නදී)
රටේ දියුණුව ගැන හරිම සතුටියි. මෙවන් ජන නායකයකු රටට ලැබුනේ අප කාගේත් වාසනාවට. මෙවන් නායකයකුගේ අගය තවම බහුතරයකට නොතේරීම අපගේ අවාසනාව. ජනපති තුමනි ඔබට දීර්ගායු. .(නදී)
ජනාදිපති තුමනි ඔබට ජයෙන් ජය වේවා. .(නදී)
රටට නිදහස ලැබුවට පස්සේ මේ තරම් මහා මාර්ග වල දියුණුවක් කිසිදාක තිබුනේ නැහැ. සමහර අපේ අයට මේවා ඇස් වලට කටු අනිනවා වගේ. තමන්ගේ පක්ෂයෙන් කෙරුවනම් තමයි මේවා අගේ කරන්නේ. රනිල් මහත්තය කියනවා මේ ආණ්ඩුව කෝමිස් ගහන්න ලංකාවේ තියන ඔක්කොම පාරවල් හදනවා කියලා. එයා බය වෙලා, මොකද කවද හරි ඒගොල්ලෝ ආවොත් කොමිස් ගහගන්න එක පාරක් වත් ඉතුරු නැති වෙයි කියලා. (නදී)
ඔබතුමා තමා අපේ රජතුමා ඔබට දීර්ඝා යුෂ !!!! (ස)
මේකේ වංගු ලග වැඩි වගේ .(නදී)
මගේ බලවත් ප්‍රසාදය ,මේ වගේ තවත් මාර්ග තැනීමට ජනපතිට සහ රාජයට හැකි වේවා !! (ස)
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් ෆ්‍රී වේ එක වගේ. හරිම සතුටුයි. මෙවැනි විදිහට සෑම දිසාවකටම මාර්ග පද්දතිය සකස් විය යුතුය..(නදී)
මම දෙසෙම්බර් 13 දෝහා , කතාර් සිට ලංකාවට එනවා. මම චුටි පුතාට කිවා අපේ අලුත් මයික්‍රො පැන්ඩා ක්‍රොස් එකෙන් එන්න කියලා මාව ගෙදර එක්ක එන්න. දැන් ඉතින් මග කාලය කා දාන්න ඕනෑ නැහැ. විනාඩි 30 කෙලින්ම ගෙදරට. තව තවත් ශ්‍රී ලංකාවේ මහා මාර්ග දියුණු වේවා!.(නදී)
මේ මාර්ග වල වටිනාකම කියලා නිම කරන්න බැහැ. විරුද්ධවාදීන්ගේ කැපිලි මැද්දෙන් මෙවැනි දියුණුවක් ලැබීම සතුටක්. අපිට ආර්ථික ප්‍රශ්න තියෙන බව දන්නවා. ණය අරගෙන හරි මේ දේවල් කරන්න ඕනෑ. එකපාරට ගෙයක් හදන්න මුදල් නැති නිසා මිනිස්සු ණය අරගෙන තමා ඒක හදන්නේ. මුදල් එකතු කරලා ගේ හදන්න හිටියොත් හදන්න පෙර මැරිලා යනවා. අධෛර්ය කරන්න ගොඩක් අය ඉන්නවා. අද මහපාරේ කොච්චර හදිසි අනතුරු වලින් මැරෙනවද? (නි)
මටත් ලඟදීම ලංකාවට එන්න ඕනේ. අනිවාර්යෙන්ම මම පාරේ යනවා යනවාමයි. (ස)
මේ මාර්ගය දුටුවහම හරි සතුටුයි. ඒ වගේම ඩෙංගු උවදුරින් මියයන ජීවිත ගැන පේනකොට ඉතාමත් කණගාටුයි. ඊයෙත් මා දන්නා කෙනෙකුගේ තරුණ දියණියක් ඩෙංගු වලින් මියගියා. පාරවල් වලට වගේම මේ භයානක රෝගය නැති කිරීමට මුදල් යොදවා සාර්ථක ව්‍යාපෘතියක් ඇති කිරීමට පාලක උතුමන්ලාට සිත් සතන් පහළ වේවා. (නි)
පෙනුමෙන් නම් වැඩෙ ඉස්තරම්, අපිට හොඳ මර්ග පද්ධතියක් ඕනැ ඉදිරියට. නමුත් ලොකුම ගැටලුව මාර්ග වල කල් පැවත්ත්ම සහ ගුණාත්මක බව පිලිබදව වන ඉදිකිරිමක් නිසා ගුණාත්මක බව සැකයි නමුත් අණ්ඩුවට සුභ පත්නවා (ස)
රට රකින ජනපතිදුනි, ඔබටත්, රටටත් ජය වේවා !!!!! (ස)
මේ මාර්ගය විවෘත කරන්නේ කවදද? (ස)
දැන් පාරවල් හොඳට හදලා තිබෙන නිසා මිනිසුන්ට ගමන් යන්න රථ වාහන ආනයනයේදී අය කරන තීරු බද්ධ අඩු කලා නම් නේද හොඳ, නැත්නම් මිනිස්සු අබලන් වාහන වලින් මේකේ ගිහින් අනතුරු කර ගනීවි. අලුත් වාහන ඉන්ධන පිරිමසන නිසා ඉන්ධන ගෙන්වීමට පිට රටට ඇදී යන මුදල ලංකාවේ ඉතුරු වේවි. (ස)
අර ඉන්දියාවේ එක්තරා දෛවඥයෙක් කියල තිබුන මහින්ද රාජපක්ෂ ජනපති තුමා අනුරාධපුර යුගයේ සිටි සද්ධාතිස්ස රජුගේ ආත්මය බව. සත්‍ය වශයෙන්ම එයම වෙන්න ඇති කියලා දැන්නම් මට හිතෙනවා. ජාතියේ පිනට අපේ පිනට පහල වුනු නායකයෙක් මෙතුමා .ලෝකයේ කිසිම රටක් බිහිසුණු යුද්දයකින් පස්සේ මේ තරම් ඉක්මනින් යථාතත්වයට පත් වෙලා නැහැ. යුද්දෙන් පස්සේ තමයි නියම යුද්දය පටන් ගන්නේ .ඉතුරු වෙලා ඉන්නවුන් කාකොටා ගෙන මැරෙනවා කොයි රටෙත් .බලන්න ආශ්චර්යයක තරම . මේකට එකම හේතුව ලෙස මම දකින්නේ බහුතරයක් බෞද්ධ ජනතාව සහ මහසඟ රුවන පිරිත් දේශනා ,නොයෙකුත් පුද පුජා පවත්වමින් ගෙනයන මහා පින්කම් වල බලය හේතුවුනු බවයි. කිසිම ලේ වැගිරීමක් නොවුණු ආකාරය. බුදුදහමේ ශක්තිය ලෝකයටම පෙන්වන අවස්ථාවක් මේක. හැම නගරයකම ගමකම පිරිත් හඬ බන දේශනා හඬ විසිරෙන යුගයක් මේක .අන්න එම ශක්තියම තමයි මේ සියලුම ජයග්‍රහණයන්ට හේතු උනේ කියලයි මට හිතෙන්නේ. ජනපතිගේ උපන් බලයත් අමතක කරන්න බැහැ. ජනපතිදුනි ඔබතුමන්ට තෙරුවන් සරණයි . (නදී)