IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නුදුරේම දොරටු ඇරෙන කටුනායක අධිවේගී මග

 

 

" විශේෂයෙන්ම විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත යන මගීන්ටත්, එතෙර සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ජනතාවටත් මේ අධිවේගී මාර්ගය ඔස්සේ විශාල පහසුවක් සැලසෙනු ඇතැයි රජයේ අදහසය "

 

රළ නඟන කළපු දිය නෙතට හසුවන එක් මනරම් දසුනකි. තවත් තැනක මලින් පිරි මල් ගොමුය. මෙවැනි සොඳුරු දසුන් පසුබිමට දිවයන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මේ සටහන ලියැවෙන මොහොතේ ජනතා අයිතියට පත්වී නැතත් ඔක්තෝබරය ගෙවී අවසන් වෙන්නට පෙරාතුව එය ශ්‍රී ලාංකීය ජනතාවගේ තවත් උරුමයක් බවට පත්වන බව නම් නිසැකවම කිව හැක්කකි.

පෑලියගොඩ කැලණි පාලම අසලින් ආරම්භව කටුනායක තෙක් දිවෙන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ අවසානය තෙක් අප ගිය ගමනේ අරමුණ වූයේ ලාංකීය අධිවේගී මාර්ග අතරට එක්වන නව අධිවේගී මාර්ගය ගැන තොරතුරු අවධාරණය කර තැබීමය.

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී ඒ අවට පදිංචි ජනතාවට තම පාරම්පරික නිවෙස්, ඉඩකඩම්, දේපළ අහිමි වූ ඒ ජනතාවට ඇතිවන සමාජීය, මානසික ගැටලූ සහ පාරිසරික ගැටලූ සම්බන්ධව අප ඉකුත් ජුනි මාසයේදී ලිපි පෙළක් ඔස්සේ ගැඹුරින් සාකච්ඡුා කළ හෙයින් ඒ කිසිවක් පිළිබඳව අපි මෙහිදී කතා නොකරමු.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ එම්.පී.කේ.එල්. ගුණරත්න මහතා අප හමුවූයේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පිළිබඳව අප ලියා තබන සටහනට අවැසි තොරතුරු ලබාගැනීමේ අරමුණෙනි.

කිලෝ මීටර් 26 ක දුරකින් යුත් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තවත් අතකින් අපේ රටට පා තබන සංචාරකයන් පිළිගන්නට බලා හිඳින බුමුුතුරුණක් වැන්න. කටුනායක ගුවන් තොටුපොළින් කොළඹ නගරය වෙත පැමිණෙන සංචාරකයන් පළමුව පැමිණෙන මාර්ගය මෙයයි. සුවපහසු ගමනකට සලසන ඉඩහසර මෙන්ම මග දෙපස ඇති සුන්දරත්වය ද එම සංචාරකයන් වෙත ශ්‍රී ලංකාවේ සෞන්දර්යය පිළිබඳව පහන් හැඟීමක් ඇති කරන්නට හේතුවනු නිරනුමාන බව එහි ගමන් කරද්දී අපට ඇතිවූ හැඟීමයි.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වැදගත්ම කරුණු කිහිපයක් ඇසුරින් අපට අවධාරණය කළ හැකිය.

ප‍්‍රධාන වාණිජ නගරය ලෙස සැලකෙන්නේ කොළඹයි. කොළඹට ආසන්නම නගරයක් වන, එමෙන්ම රටේ ප‍්‍රධාන ගුවන් තොටුපොළ පිහිටි නගරය වන කටුනායක නගරයට ඉතාමත් කෙටි කාලයකදී යා හැකි පහසුතම කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඉදිවීම ඔස්සේ ලැබේ. විශේෂයෙන්ම විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත යන මගීන්ටත්, විදෙස් සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ජනතාවටත් මේ අධිවේගී මාර්ගය ඔස්සේ විශාල පහසුවක් සැලසෙනු ඇතැයි රජයේ අදහසය.

 

 

පෑලියගොඩ කැලණි පාලම අසලින් අරඹන කටුනායක ගමනාන්තයෙන් කෙළවර කරන්නට ගතවන කාලය විනාඩි විස්සකි. විවේකාගාර, අවන්හල් වැනි දේ මේ අධිවේගී මාර්ගය පසුබිම්ව ඉදි නොවුණේ විනාඩි විස්සක පමණ වේලාවකින් කිලෝමීටර් 26 ක මෙම දුර ගෙවා නිමකළ හැකි හෙයිනි.

කැලණි පාලමෙන් ආරම්භ වන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේදී හුවමාරු මංසන්ධි 4 ක් හමුවේ. නව අධිවේගී මාර්ගයේ ගමන් ගාස්තු මෙතෙක් තීරණය කර නැත. එම ගාස්තු වාහනයෙන් වාහනයට වෙනස් වේ.

පා පැදි, ට‍්‍රැක්ටර්, ත‍්‍රිරෝද රථ, මෝටර් බයිසිකල්, ගර්හිත එන්ජින් හා දුමාරය වැඩි වාහනවලට අධිවේගී මාර්ගයේ දොරටු වැසෙන අතර තිරිංග හා සුක්කානම් පද්ධතිය හොඳ තත්ත්වයේ පැවතීම, සංඥා හා ලාම්පු හොඳින් ක‍්‍රියා කිරීම, ආසන පටි, පැත් කණ්ණාඩි නියමිත ආකාරයට තිබීම, වේග මීටර් ඇතුළු අදාළ මීටර් සියල්ලක්ම ක‍්‍රියාත්මක වීම, ටයර්වල වායුපීඩනය නියමිත ප‍්‍රමාණයට පැවතීම යන සුදුසුකම් වලින් එහි ධාවනයට සුදුසුකම් ලබන වාහන පරිපූර්ණ විය යුතුය.

ඒ අධිවේගී මාර්ග හා බැඳුණු ප‍්‍රමිති වන අතර විශේෂයෙන්ම මාර්ග අනතුරු වළක්වා ගැනීම පිණිස එකී නිර්නායකයන් වැදගත් වෙයි.
මිනිසුන්ගේ ධාවන කාලය ඉතිරිවීම, ඒ ඉතිරිවන කාලය ඔස්සේ රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියට ජනතාවට වැඩි ශ‍්‍රම දායකත්වයක් ලබාදීමට හැකිවීම, ඉන්ධන ඉතිරිය, අධිවේගී මාර්ග ඉදිකිරීම ඔස්සේ රටකට හිමිවන වාසි සහගත ප‍්‍රතිඵල ලෙස සඳහන් කළ හැකිය.

 

මහා මාර්ගයේදී හමුවන සොඳුරු දසුන්


 



අදහස් (0)

නුදුරේම දොරටු ඇරෙන කටුනායක අධිවේගී මග

වෙදමහත්තයා ප්‍රංශය Saturday, 12 October 2013 01:44 PM

අපේ ජනාදිපති තුමා අවුරුදු 20ක් වත් අපේ රට පාලනය කරොත් . රටේ සංවර්ධනය දියුණුව සිංගප්පුරුව ඉක්මවා යන්නට පුළුවන් . ඔබ තුමාට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය ලැබේවා .(දිල්)

:       0       0

ජ. තිසර Monday, 14 October 2013 03:00 AM

දීර්ඝ කාලයක සිට පැවති අවශ්‍යතාවයකි. රටේ ප්‍රධාන නගරයේ සිට ප්‍රධාන ගුවන් තොටුපලට ඉක්මණින් ළඟාවීමට මේ අධිවේගී මාර්ගය සෑදීමට යෝජනා කළ සහ එයට මුදල් යෙදූ සැමටත් දහසකුත් එකක් දුක්කරදර විඳිමින් එය තැනූ සැමටත් මගේ ගෞරවය සහ ප්‍රශංසාව පිරිනැමේ. (නි)

:       0       0

සුනිල් අබේරත්න Monday, 07 October 2013 10:31 PM

නවසිය හැත්තෑවේ සිරිමාවෝ මැතිනියගේ රජයෙන් පැලියගොඩ කොන්ක්‍රීට් එකක් ගහලා ඕක ආරම්භ කලා නමුත් අවරුදු හතළිහක් කිසිම නායකයෙකුට බැරිඋනා මේ වැඩේ කරන්න .රාජපක්ෂ ජනාධිපති තුමාගේ රජය ඒක කලා අපිට සතුටුයි .කොළබ හෝටල්වල වැඩ කරන අය තමයි වැඩියම සතුටු වෙන්නේ. එන ගෙස්ට්ලා සතුටෙන් හෝටලේට ඇතුල් වෙන නිසා.(නදී)

:       0       0

නිමල් කරුණාරත්න Sunday, 06 October 2013 02:17 PM

මම දෙසෙම්බර් 13 දෝහා , කතාර් සිට ලංකාවට එනවා. මම චුටි පුතාට කිවා අපේ අලුත් මයික්‍රො පැන්ඩා ක්‍රොස් එකෙන් එන්න කියලා මාව ගෙදර එක්ක එන්න. දැන් ඉතින් මග කාලය කා දාන්න ඕනෑ නැහැ. විනාඩි 30 කෙලින්ම ගෙදරට. තව තවත් ශ්‍රී ලංකාවේ මහා මාර්ග දියුණු වේවා!.(නදී)

:       0       0

බෙනට් Tuesday, 08 October 2013 08:46 PM

හයිවේ එකේ මේ තියෙන වංගු පැයට කිලෝ මීටර් 50 ක වේගෙන් හරවන එකත් අනතුරු දායක බවකුයි මට නම් පෙනෙන්නේ .. ඉතාම ළඟ වැඩියි .. වැස්ස දවස් වලට කොහොම වෙයිද දන්නේ නෑ..(අ)

:       0       0

දොඩන්ගොඩ Thursday, 10 October 2013 01:44 PM

සාමාන්‍ය වේගයෙන් ගියත් අධි වේගයක් නොමැතිව ඉක්මනට මේකෙන් යන්න පුළුවන් . මොකද එක පැත්තකට පමණක් වාහන යන්නේ . මොනදේ කලත් අඩුවක් දකින කොටසක් ඉන්නේ . නිකන් ලෙබෙන අස්වයාගේ කටේ දත් බලනවා වාගේ (දිල්)

:       0       0

දර්ශන Monday, 07 October 2013 04:03 PM

මේකේ වංගු ලග වැඩි වගේ .(නදී)

:       0       0

ලාල් ජකර්තා Tuesday, 08 October 2013 09:00 PM

ජනාධිපතිතුමා ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත්වල යටපත් වෙලා තිබුණු අභිමානය අවදිකලා.ඒත් ඇයි මේ පවතින පාදඬ දේශපාලන ක්‍රමය වෙනස් නොකරන්නේ? (අ)

:       0       0

රසිත් කුමාර Sunday, 13 October 2013 07:28 AM

දීර්ඝායුෂ පතමි මහ රජාණෙනි! (නි)

:       0       0

ජයන්ත - ඕස්ට්‍රේලියා Monday, 07 October 2013 04:06 PM

මගේ බලවත් ප්‍රසාදය ,මේ වගේ තවත් මාර්ග තැනීමට ජනපතිට සහ රාජයට හැකි වේවා !! (ස)

:       0       0

දොන් සරත් Monday, 07 October 2013 09:32 AM

රටට නිදහස ලැබුවට පස්සේ මේ තරම් මහා මාර්ග වල දියුණුවක් කිසිදාක තිබුනේ නැහැ. සමහර අපේ අයට මේවා ඇස් වලට කටු අනිනවා වගේ. තමන්ගේ පක්ෂයෙන් කෙරුවනම් තමයි මේවා අගේ කරන්නේ. රනිල් මහත්තය කියනවා මේ ආණ්ඩුව කෝමිස් ගහන්න ලංකාවේ තියන ඔක්කොම පාරවල් හදනවා කියලා. එයා බය වෙලා, මොකද කවද හරි ඒගොල්ලෝ ආවොත් කොමිස් ගහගන්න එක පාරක් වත් ඉතුරු නැති වෙයි කියලා. (නදී)

:       0       0

සෑම් Tuesday, 08 October 2013 05:08 PM

අර ඉන්දියාවේ එක්තරා දෛවඥයෙක් කියල තිබුන මහින්ද රාජපක්ෂ ජනපති තුමා අනුරාධපුර යුගයේ සිටි සද්ධාතිස්ස රජුගේ ආත්මය බව. සත්‍ය වශයෙන්ම එයම වෙන්න ඇති කියලා දැන්නම් මට හිතෙනවා. ජාතියේ පිනට අපේ පිනට පහල වුනු නායකයෙක් මෙතුමා .ලෝකයේ කිසිම රටක් බිහිසුණු යුද්දයකින් පස්සේ මේ තරම් ඉක්මනින් යථාතත්වයට පත් වෙලා නැහැ. යුද්දෙන් පස්සේ තමයි නියම යුද්දය පටන් ගන්නේ .ඉතුරු වෙලා ඉන්නවුන් කාකොටා ගෙන මැරෙනවා කොයි රටෙත් .බලන්න ආශ්චර්යයක තරම . මේකට එකම හේතුව ලෙස මම දකින්නේ බහුතරයක් බෞද්ධ ජනතාව සහ මහසඟ රුවන පිරිත් දේශනා ,නොයෙකුත් පුද පුජා පවත්වමින් ගෙනයන මහා පින්කම් වල බලය හේතුවුනු බවයි. කිසිම ලේ වැගිරීමක් නොවුණු ආකාරය. බුදුදහමේ ශක්තිය ලෝකයටම පෙන්වන අවස්ථාවක් මේක. හැම නගරයකම ගමකම පිරිත් හඬ බන දේශනා හඬ විසිරෙන යුගයක් මේක .අන්න එම ශක්තියම තමයි මේ සියලුම ජයග්‍රහණයන්ට හේතු උනේ කියලයි මට හිතෙන්නේ. ජනපතිගේ උපන් බලයත් අමතක කරන්න බැහැ. ජනපතිදුනි ඔබතුමන්ට තෙරුවන් සරණයි . (නදී)

:       0       0

ශාන Sunday, 13 October 2013 09:42 AM

ප්‍රතිචාර ලියපු සියල්ලම ජනාධිපතිගේ ගුණ ගයන කරන සෙයක් පෙනී යනවා... මෙය තැනුවේ රට උකස් තිය ගත අපේම් මුදල් වලින්(දිල්)

:       0       0

සෑම් Tuesday, 08 October 2013 05:15 PM

කාටත් අමතක වුණ මාර්ගයක් කෝට්ටේ අග නගරයේ බැද්දගාන ප්‍රදේශයේ ඇත. ඒ මැලිබන් ආරාම මාවත පාරයි.තවමත් කාර්පට් අතුරා නැති වලවල් වලින් පිරුණු අගනුවර ඇති එකම පාර මේ පාරයි.මෙහෙම පාරක් අගනගරයේ තිබෙන බව කියන එකත් පුදුමයක් තරමට අනෙකුත් පාරවල් තත්ත්වයෙන් ඉහළය.වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා! (නි)

:       0       0

විජිත පොන්සේකා Sunday, 06 October 2013 04:44 PM

ජනපති,ඔබට අපගේ උත්තමාචාරය!ඔබට දීර්ඝ ආයුෂ පතන්නෙමි. විජිත (ඕස්ට්‍රේලියාව).(නදී)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 08 October 2013 01:46 AM

මේ මාර්ග වල වටිනාකම කියලා නිම කරන්න බැහැ. විරුද්ධවාදීන්ගේ කැපිලි මැද්දෙන් මෙවැනි දියුණුවක් ලැබීම සතුටක්. අපිට ආර්ථික ප්‍රශ්න තියෙන බව දන්නවා. ණය අරගෙන හරි මේ දේවල් කරන්න ඕනෑ. එකපාරට ගෙයක් හදන්න මුදල් නැති නිසා මිනිස්සු ණය අරගෙන තමා ඒක හදන්නේ. මුදල් එකතු කරලා ගේ හදන්න හිටියොත් හදන්න පෙර මැරිලා යනවා. අධෛර්ය කරන්න ගොඩක් අය ඉන්නවා. අද මහපාරේ කොච්චර හදිසි අනතුරු වලින් මැරෙනවද? (නි)

:       0       0

දේශබන්දු Tuesday, 08 October 2013 12:27 PM

මේ මාර්ගය දුටුවහම හරි සතුටුයි. ඒ වගේම ඩෙංගු උවදුරින් මියයන ජීවිත ගැන පේනකොට ඉතාමත් කණගාටුයි. ඊයෙත් මා දන්නා කෙනෙකුගේ තරුණ දියණියක් ඩෙංගු වලින් මියගියා. පාරවල් වලට වගේම මේ භයානක රෝගය නැති කිරීමට මුදල් යොදවා සාර්ථක ව්‍යාපෘතියක් ඇති කිරීමට පාලක උතුමන්ලාට සිත් සතන් පහළ වේවා. (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 10 October 2013 02:30 AM

පැයට කිලෝමීටර් 50 වේගයෙන් ගියත් බොහොම සුළු වෙලාවකින් කටුනායකට ළඟාවෙන්න පුළුවන්. ඉතින් කලබල නොවී සාමාන්‍ය වේගයකින් ගොස් ගමනාන්තයට ළං වෙන්න බලමු. (නි)

:       0       0

කුමාරන Tuesday, 08 October 2013 06:13 PM

මහින්ද රාජපක්ෂ නැමැති නාමය ඉතිහාස ගතවෙලා අවසානයි.කිරි සප්පයා පවා එතුමාට ආදරෙයි. අපේ මේ කේසර සිංහයා සදාකල් අපි රැකගනිමු. (නි)

:       0       0

දයාරත්න Thursday, 10 October 2013 03:16 AM

දුප්පත් අපි යන පාරවල් වල වළවල් ටිකවත් ගොඩ කෙරුනොත් මඳ වේගයෙන්වත් යන්න පුළුවන්. (නි)

:       0       0

රොහාන් Wednesday, 09 October 2013 01:00 AM

සුභ පැතුම්! (නි)

:       0       0

දයාරත්න Thursday, 10 October 2013 03:35 AM

සතුටු වෙන්නේ කොපමණ වූ සංඛ්‍යාවක්ද? (නි)

:       0       0

අතුල_මිලානෝ Sunday, 06 October 2013 06:25 PM

රටේ දියුණුව ගැන හරිම සතුටියි. මෙවන් ජන නායකයකු රටට ලැබුනේ අප කාගේත් වාසනාවට. මෙවන් නායකයකුගේ අගය තවම බහුතරයකට නොතේරීම අපගේ අවාසනාව. ජනපති තුමනි ඔබට දීර්ගායු. .(නදී)

:       0       0

සදුනි Saturday, 12 October 2013 08:43 PM

අතිශයින්ම සාඩම්බරයි (අ)

:       0       0

ප්‍රියන්ත - ඕස්ට්‍රේලියා Monday, 07 October 2013 08:45 PM

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් ෆ්‍රී වේ එක වගේ. හරිම සතුටුයි. මෙවැනි විදිහට සෑම දිසාවකටම මාර්ග පද්දතිය සකස් විය යුතුය..(නදී)

:       0       0

මධුරංග Thursday, 10 October 2013 07:57 AM

මේ හැම දෙයක්ම රටට ආදරය කරන නායකයාගෙන් පමණි ලබාගන්න පුළුවන් වන්නේ (නි)

:       0       0

යොහාන් Tuesday, 08 October 2013 02:50 PM

පෙනුමෙන් නම් වැඩෙ ඉස්තරම්, අපිට හොඳ මර්ග පද්ධතියක් ඕනැ ඉදිරියට. නමුත් ලොකුම ගැටලුව මාර්ග වල කල් පැවත්ත්ම සහ ගුණාත්මක බව පිලිබදව වන ඉදිකිරිමක් නිසා ගුණාත්මක බව සැකයි නමුත් අණ්ඩුවට සුභ පත්නවා (ස)

:       0       0

කෝලිත Thursday, 10 October 2013 12:10 PM

මමත් ලගදීම ලංකාවට එනවා වොෂින්ටන් වල ඉදලා. මම චුටි පුතාට කිව්වේ පරණ බි එම ඩබලිව් එකෙන් එන්න එපා ලගදී ගත්ත ප්‍රාඩෝ එකෙන් එන්න කියලා. හොදයි නේද ..නැත්නම් පාරේ යන අනිත් අයට කරදර වෙන නිසා (නදී)

:       0       0

බණ්ඩා Tuesday, 08 October 2013 07:39 PM

සැමදා ඔබයි අපගේ ජනපති.ඔබට ජය! ඔබ ජනතාවගේ හදවතේ ජිවත් වෙනවා.මෙවන් නිර්මාණ රටට දායාද කිරීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Tuesday, 08 October 2013 09:52 AM

මටත් ලඟදීම ලංකාවට එන්න ඕනේ. අනිවාර්යෙන්ම මම පාරේ යනවා යනවාමයි. (ස)

:       0       0

කුමර දර්ශන Monday, 07 October 2013 01:57 PM

ඔබතුමා තමා අපේ රජතුමා ඔබට දීර්ඝා යුෂ !!!! (ස)

:       0       0

නීල් කොස්තා Sunday, 06 October 2013 08:29 PM

ජනාදිපති තුමනි ඔබට ජයෙන් ජය වේවා. .(නදී)

:       0       0

ක්‍රිස්ටි ප්‍රනාන්දු Tuesday, 08 October 2013 03:50 PM

රට රකින ජනපතිදුනි, ඔබටත්, රටටත් ජය වේවා !!!!! (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 08 October 2013 03:50 PM

මේ මාර්ගය විවෘත කරන්නේ කවදද? (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 08 October 2013 04:01 PM

දැන් පාරවල් හොඳට හදලා තිබෙන නිසා මිනිසුන්ට ගමන් යන්න රථ වාහන ආනයනයේදී අය කරන තීරු බද්ධ අඩු කලා නම් නේද හොඳ, නැත්නම් මිනිස්සු අබලන් වාහන වලින් මේකේ ගිහින් අනතුරු කර ගනීවි. අලුත් වාහන ඉන්ධන පිරිමසන නිසා ඉන්ධන ගෙන්වීමට පිට රටට ඇදී යන මුදල ලංකාවේ ඉතුරු වේවි. (ස)

:       0       0

යු. එස්. ඒ Saturday, 12 October 2013 01:40 PM

කෝලිත අර සෙල්ලම් බඩු සාප්පුවෙන් ගත්ත ප්‍රාඩෝ එක ගෙන නේද ඔය කිව්වේ . ඔයා එනකොට පුතා එක සාකුවේ දාගෙන . රෙන්ට් ( කුලී රියකින් එනවා කිව්වා . ගිය මාසේ කොලිතගේ පුතාගේ ස්කොලේ ගාස්තු ගෙවලත් නැහැ . සල්ලි නැතුව .(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5251 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 737 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1306 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 204 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site