ගබ්සා කිරීම යනු මව් කුසේ හටගත් කලලයක් නැති කර දැමීමය. විවිධ හේතු නිසා ස්වභාවිකව (බාහිර පුද්ගලයකුගේ බලපෑමකින් තොරව) මව්කුසේ දී කලල විනාශවන අවස්ථා ඇති අතර බාහිර බලපෑමක් මත කලලය නැතිකර දැමීම ගබ්සා කිරීම ලෙස සරලව හැඳින්වේ.
පසුගිය වකවානුවේ දත්තවලට අනුව දිනකට කරන නීති විරෝධී ගබ්සා ගණන 800ක් පමණ වේ. ඉපදෙන්නට සිටින දරුවා විරූපී, අංගවිකල බව මුල් අවස්ථාවේම වෛද්‍යවරුන් නිගමනය කළහොත් හෝ දරු ප්‍රසූතිය නිසා මව මිය යා හැකි බවට වෛද්‍යවරු නිගමනය කරන්නේ නම් හෝ ඇතැම් රෝහල් වල ගබ්සා කළ අවස්ථා වාර්තා විය. එසේ නැතිනම් සෑම ගබ්සා කිරීමක්ම නීති විරෝධී දඩුවම් ලැබිය හැකි වරදකි.
කෙසේ වෙතත් ලංකාවේ ගබ්සා මධ්‍යස්ථාන ආකාර කිහිපයකට ක්‍රියාත්මක වේ. අඩු ආදායම් ලාභීන්ට අවම මිලකට අඩු පහසුකම් සැපයෙන ගබ්සා මධ්‍යස්ථාන එක් ආකාරයකි. බොහෝ විට රුපියල් 3500 සිට 7500 දක්වා මිල ගණන් යටතේ මෙවැනි ස්ථානයකින් පහසුවෙන් ගබ්සාවක් කර ගත හැකිය. ගණිකාවන්, ඇඟලූම් සේවිකාවන්, අඩු වයසේ පෙම්වතුන් මෙවන් ස්ථාන කරා ඇදෙති.තවත් ආකාරයක් වන්නේ ජංගම ගබ්සා මධ්‍යස්ථානයි. වෑන් රථයක් හෝ ත්‍රී වීල් රථයක් තුළදී ගබ්සාව කරයි. එසේත් නැති නම් නොදන්නා ස්ථානයකට රැගෙන ගොස් ගබ්සාව කරයි. ගබ්සාව කිරීමට පෙර මුදල් ගෙවිය යුතුය. මේ ආකාරයේ ගබ්සාවක් සිදු කිරීම සදහා රුපියල් 5000 සිට 10000 ක් දක්වා මුදලක් අය කරති. ගබ්සාවක් කරගැනීම පිණිස ග්‍රාමීය පෙදෙස්වලින් නගරයට පැමිණෙන කාන්තාවන් ඉලක්ක කොට ගෙන මෙම ජංගම ක්‍රමය ක්‍රියාත්මක වෙයි.
අනිත් ආකාරය වන්නේ සුපිරි පැලැන්තියේ ගබ්සා මධ්‍යස්ථානයි. මේවායෙහි රුපියල් 10000 සිට රුපියල් 30000 දක්වා මුදලක් අය කරයි. සුපිරි පැලැන්තියේ පිරිස් මේවාට ඇදී එති. බොහෝ ගබ්සා මධ්‍යස්ථානවල සී.සී.ටී.වී කැමරා සවිකර ඇත. පිටතින් පැමිණෙන පුද්ගලයන් සහ වාහන පිළිබදව නිරතුරු අවධානයෙන් සිටින බව මෙයින් පෙනී යයි. ඇතැම් ගබ්සා මධ්‍යස්ථානවල ගබ්සාව කරන අයුරු වීඩියෝ ගත කළ අවස්ථාද පසුගිය කාලයේ වාර්තා විය. මෙම විඩියෝ පට නිසා තම ජීවිතය කාලකන්ණි කරගත් යුවතියෝ ද සිටිති. නමුත් මේ පිළිබදව පොලිසියකට පැමිණිලි කිරීමට යාමට ඔවුන්ට නොහැකිව ඇත්තේ ගබ්සාව අප රටෙහි නීති විරෝධී බැවිනි.
ගබ්සා කරන ආකාරය ද එකිනෙකට වෙනස්ය. ලංකාවේ බොහෝ විට කරනුයේ වැකුම් ක්‍රමයයි. ඇතැම් ස්ථානවල පෙති වර්ගයක් හෝ එන්නතක් භාවිත කළ අවස්ථාද ඇත. ලංකාවේ බොහෝ නගරවල ඇති ගබ්සා මධ්‍යස්ථානවල සිටින්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරු නොව නුසුදුස්සෝය. ඇතැම් ස්ථානවල වෛද්‍යවරු සිටිති. නමුත් හිපොක්‍රොටිස් ප්‍රතිපත්තියට අනුව වෛද්‍යවරුනට ගබ්සාව තහනම්ය. ගබ්සා මධ්‍යස්ථාන කරා ඇදෙන වැඩිදෙනා තරුණියෝය. පෙම්වතුන් ලෙස සිටින අවධියේ මෙවැනි ගැබ්ගැනීම් ඇති වූ පසු මාපියන්ට සහ සමාජයට මුහුණ දීමට ඇති නොහැකියාව නිසා ගබ්සා මධ්‍යස්ථානයකට ගොස් ගබ්සාවක් කර ගැනීමට බොහෝ විට ඔවුහු පෙළඹෙති. මෙවැනි මධ්‍යස්ථානවලට යන තරුණියන්ට බොහෝ විට සිදු වන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි වැඩකි.
නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන (සියලූ ගබ්සා මධ්‍යස්ථාන නීති විරෝධීය* වෙත ගොස් ගබ්සාකර ගත් කිහිපදෙනකු සම්බන්ධ කර ගැනීමට ඉරිදා ලංකාදීපයට හැකි විය. කොන්දේසි කිහිපයකට එකඟවීමෙන් පසු ඔවුහු තම අත්දැකීම විස්තර කළහ.
එය ගම්පහ නිට්ටඹුවට ආසන්න ප්‍රදේශයක ගබ්සා මධ්‍යස්ථානයකි. ගබ්සාවක් කිරීම සඳහා රුපියල් 3500 සිට රුපියල් 5000 දක්වා මුදලක් අය කරන බව කියති. දන්ත ශල්‍යාගාරයක නාම පුවරුවක් යටතේ මෙම ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත. දිනකට තරුණ ගැහැනු ළමයින් 25ක් පමණ මෙම ස්ථානයට එන බව කියති. මේ ස්ථානයෙන් තම බිරිඳට ගබ්සාවක් කර ගත් කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙකු අපට හමු විය.
”මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ගැහැනු ළමයි. ඒ නිසා තුන් වැනියත් ගැහැනු ළමයෙක් වෙයි කියා සැකයක් ආවා. ඒ නිසා මේ දරුවො දෙන්නා හොඳටම ඇති කියා අප තීරණය කළා. මටත් ලොකු වැටුපක් ලැබුණේ නැහැ. ඉන්න දරුවෝ දෙන්නත් පුංචියි.
නොසිතපු වෙලාවක මගේ බිරිය ගැබ් ගත්තට පස්සේ අපි දෙන්නම ලොකු පීඩනයකට පත් වුණා. ඉතින් මේ දරු ගැබ ඉවත් කරගන්න පුලූවන් දොස්තර කෙනෙක් හෙව්වා. ඔය අතරේ ගම්පහ නිට්ටඹුව ප්‍රදේශයේ ගබ්සා මධ්‍යස්ථානයක් ඇති බව මගේ මිතුරෙක් කිව්වා. ඔහු දුන් තොරතුරු මත මමයි බිරිඳයි එතන හොයාගෙන ගියා. එතන ගහලා තිබුණේ දන්ත මධ්‍යස්ථානයක් කියලා. අපිට පොඩි චකිතයකුත් තිබුණා මෙතනමද යාළුවා කිව්ව ස්ථානය කියලා.
අප දෙන්නා ඇතුළට ගිහින් ඉඳගත්තා. ටික වේලාවක් යද්දී එතැනට ඇවිත් හිටපු කාන්තාවන් දැක්කම තැන හරි කියලා තේරුණා. මොකද ගොඩක් හිටියේ තරුණ කාන්තාවන්. ගොඩක් අය හිටියේ මනෝ ලෝකවල. අපි වගේම ප්‍රශ්න වැලකින් ඔවුන් පෙළෙමින් සිටින බව ඒ මුහුණු වලින් තේරුණා. අපේ වාරය ආ විට වෛද්‍යවරයාට අපි පැමිණි කාරණය කිව්වා. වෛද්‍යවරයා අපෙන් ඇහුවා ඇයි දරුවා නැති කරන්න හදන්නේ කියා. අපි හේතුව කිව්වා. මෙතන කොහොමද දැනගත්තේ කියා ඇහුවා. අපි විස්තරය කිව්වා. ඉන් පස්සේ අපි ඇහැව්වා අපි ටිකක් දුර ඉඳන් ආවේ මේ වැඬේට කීයක් ගන්නවද කියා. ඔහු කිව්වා 3500 ක් ගන්නවා කියා. මම 3500 ගෙව්වා.
වෛද්‍යවරයා මට කිව්වා ඔයා එළියට වෙලා ඉඳලා පැය 2 කින් වගේ එන්න කියා. මම පැය දෙකකින් විතර ගියාම බිරිඳට ගබ්සාව කරලා තිබුණා. වෛද්‍යවරයා ඇයට බොන්න පෙති වගයක් දීලා තිබුණා. සති දෙකකින් මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කරගන්න කීවා. මගේ බිරි්ඳ කීවා ගබ්සා කරන්න ඉන්න ළමයිව සේරම එක කාමරයකට කූඩු කරලා ටික වෙලාවක් තියලා එක එක්කෙනාව අරගෙන ගබ්සාව කර ඉන්පස්සේ නැවත ඒ කාමරයටම ගෙනත් දාලා ටික වෙලාවකින් එළියට දානවා කියා.” ඒ අඩු ආදායම්ලාභීන් ගේ ගබ්සා මධස්ථානයකි.
සුපිරි පැලැන්තියේ ගබ්සා මධ්‍යස්ථානයක් පානදුරට නුදුරු ප්‍රදේශයක පවත්වාගෙන යන වෛද්‍යවරයකු පිළිබඳවද අපට දැනගන්නට හැකි විය. එම ස්ථානයෙන් ගබ්සාවක් කරගත් කාන්තාවක් ද අපට සොයාගැනීමට හැකි විය. ඇයගේ පෙම්වතා අතින් ඇය ගැබ්ගෙන තිබුණි.
”මගේ පෙම්වතා මා එතනට එක්කගෙන ගියා. එතන විශාල ගොඩනැගිල්ලක් තුළ තිබු වෛද්‍ය මධ්‍යස්ථානයක්. බැලූ බැල්මටම බාහිරින් ආරක්ෂක විදි විධාන යොදා ඇති බව තේරුණා. අපි පැය බාගයක් පමණ බාහිර රෝගීන් අසුන් ගන්නා ස්ථානයේ රැුඳී සිටියා. අපේ වාරය ආ විට වෛද්‍යවරයා අපි ආ කාරණය විමසුවා. පෙම්වතා පළමුව කිව්වා මගේ යාළුවෙක් ඩොක්ටර් දන්නවා, එයා තමයි මෙතනට එන්න කිව්වේ කියා. සිද්ධිය ඔහුට කීවා.
වෛද්‍යවරයා මගේ බඬේ ජෙල් එකක් ගාලා ස්කෑන් පරික්ෂණයක් කළා. ඉන් පස්සේ ඔහු බෙහෙත් පෙති දෙකක් දුන්නා. මේක බීව්වාම මාසික ඔසප්වීම හැදෙයි. බීලා සති දෙකකින් එන්න කිව්වා. රුපියල් පන්දහසක් ගත්තා බේහෙත් පෙති දෙකට.
ඔහු කියූ ලෙස මාසික ඔසප්වීම හැදුණේ නැහැ. අපි නැවතත් සති දෙකකින් ගියා. එතන තව සේවිකාවන් හතර පස් දෙනෙක්ම හිටියා. ඔහු මා ඉහළ මාලයක කාමරයකට කැඳවාගෙන යන ලෙස සේවිකාවන්ට කිව්වා. මා කාමරයකට රැගෙන ගියා. එය හොඳ කාමරයක්. පෞද්ගලික රෝහලක කාමරයක් ලෙස එය සකස් කොට තිබුණා. එහි රූපවාහිනියක් වගේ එකක් බිත්තියේ ඉහළින් ගසා තිබුණා. එය පිටත පාරේ සිටම වෛද්යමධ්යස්ථානයට එනතෙක් සිදුවන දේ පටිගත වී පෙනුණා. මහ පාරේ යන එන වාහන පවා එයින් පෙනුණා.
ගබ්සාව සදහා සියලූ දේ සුදානම් කර සේවිකාවන් වෛද්‍යවරයා කැදෙව්වා. වෛද්‍යවරයා පැමිණ රූපවාහිනී තිරයෙන් පිටත තත්ත්වය හොඳින් නිරීක්ෂණය කළා. මට ගබ්සාව කර අවසාන වන තෙක්ම සේවිකාවන් දෙදෙනකු එම රූපවාහිනී තිරය දෙස බලාගෙන හිටියා. මට වේදනාවක් දැනුණා. ඒ බව මා පැවසුවා. වෛද්‍යවරයා මට තරමක් සැරෙන් කිව්වා කියන විදියට ඉන්න කියා.
පැයක පමණ කාලයක් ගබ්සාව කිරීමට ගත වුණා. ඉන්පසු මා වෙනත් කාමරයකට අරගෙන ගිහින් තවත් පැයක් පමණ රඳවා ගත්තා. ගබ්සාව කරන අයුරු වීඩියෝ කරන බවත් මට හැඟුණා. නමුත් එම අවස්ථාවේ මා අසරණව සිටි නිසා විරෝධතාවක් පළ කිරීමට නොහැකි වුණා. ඉන් පසු පහත මාලයට රැුගෙන ගොස් සතියක් යන තුරු බීමට බෙහෙත් වර්ග දෙකක් ලබා දුන්නා. ස්කෑන් පරික්ෂණයක් සදහා නැවත මාසයකින් පැමිණෙන ලෙස ඔහු කීවා.
ගබ්සාව සදහා රුපියල් 20000 ක මුදලක් පෙම්වතා ගෙවා තිබුණා.
(ගබ්සාවලට දොස්තරලාගේ දායකත්වය මීළඟට)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නුපන් දරුවන් අටසීයක් දිනකට මරණ රටක්
නිෂාද ලක්මල් කුමාර කරුණාසිංහ Tuesday, 26 August 2014 11:01 AM
මේවට නිතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි (නදී)
එඩ්වර්ඩ් Tuesday, 26 August 2014 08:12 PM
දෙවියනේ! මෙහෙමත් අපරාධ වෙනවද මේ රටේ? (නි)
කුමාර Tuesday, 26 August 2014 08:49 PM
මේ හොර දොස්තරලාට නම් හොඳක් වෙන්න එපා (නි)
ඉරන්ත Monday, 01 September 2014 04:08 AM
ඔහොම දෙමාපියන්ට ජාති ජාතිත් ළමයි නැතුව උපදින්න පුලුවන්. එනිසා දෙපාරක් හිතන්න. හැමෝටම ප්‍රශ්න තමයි. (නි)
අමිල සිංග Thursday, 28 August 2014 06:11 AM
සෑම දරුවෙකුටම යහපත් දෙමාපියන් හා වැඩීමට යහපත් පරිසරයක් ලැබියයුතුය. දෙමාපියන්ගේ වරදින් උපදින දරුවන් මුළු ජීවිත ක්ලේම විඳවනවා (ප්‍රායෝගිකව දැක තිබෙනවා). එක්කෝ දෙමාපියන්ට අවශ්‍ය නැති දරුවන් රැකබලාගැනීමට රටේ ක්‍රමයක් තිබිය යුතුය. නැත්නම් ගබ්සාව නීතිගත කල යුතුය. පව් පින් වලින් ඔබ්බට ගිහින් ළමා අයිතිවාසිකම් ගැනත් සිතනවා නම් හොදයි. (අ)
පිටිගල Friday, 05 September 2014 02:28 PM
මේ විනාශ වෙන්නේ අපේ සිංහල ජාතිය නේද? (නදී)
සංජිව Tuesday, 26 August 2014 01:55 PM
මෙච්චර ප්‍රවේසම් වෙන්න ක්‍රම තියෙද්දිත් ඇයි මෙහෙම කරන්නේ ඕව පොඩි වෙලාවක විනොදෙට ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න හොද නෑ නේද ?(දී)
මාලක Wednesday, 27 August 2014 03:34 AM
මෙහෙමත් අපරාධ! (නි)
වීරා Thursday, 28 August 2014 09:11 AM
ජාතිය නැතිවෙන එක විදියක් මේ .. සුළු ජාතීන්ට ඕනෙ තරම් උදවු දෙනවා ළමයි හදා ගන්න. මේ අම්මලාට උදවු ගන්න යන්න තැනක් පන්සල් හරි එකතුවෙලා හදන්න බැරිද ? . (අ)
චාමර Tuesday, 26 August 2014 07:58 AM
ගබ්සාව ප්‍රශ්නයක් !(දී)
ජනක ප්‍රසාද් Tuesday, 26 August 2014 08:07 AM
ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක ඇයි මේවගේ මහා පවුකාර වැඩ කරන්නේ අනික මේ රටේ දරුවන් නොමැති පවුල් කෙතරම් ඇද්ද? ඇයි මෙහෙම කරන අයට බැරි දරුවන් නොමැති පවුල් වලට දෙන්න තමාගේ දරුවා හදා වඩා ගන්න එකත් මහා පිනක් (දී)
ප්‍රසාද් Tuesday, 26 August 2014 08:09 AM
අනේ මන්දන්නේ නැහැ (දී)
ලක්මිණි Monday, 08 September 2014 02:11 PM
මට නම් හිතෙන්නේ මීට වැඩය ලංකාවේ ගැහැණු ළමයින්ට ලිංගිකත්වය ගැන දැනුමක් දෙන්න ඕනා. ගැබ් නොවීමට සුදුසු ක්‍රියා මාර්ග ගැන දැනුවත් වෙන්න ඕනා. බොහෝ වෙලාවට කාන්තාව තමා අවසානේ දුක් විදින්නේ, අපවාද ලබන්නේ. (නදී)